ඔහු අදත් එතැන සිටියා.
වෙනදා මෙන්ම කඩවසම්ව හා කැපී පෙනෙන අයුරින්.
මිතුරන් වටකරගත් ඔහු සිටියේ සිනහ නඟමින්.
සිනහ සලන විට ඔහු වඩාත් පියකරුව පෙනෙන්නට වුනා.
තරුකා දහස් ගණනාවක් පුරවාගත් ඔහුගේ දෑස් දෙස වරක් බලන්නෙකුට දෙවන වර බැලීමෙන් වැළකිය නොහැකි වුනා.
අන් අය ඔහු ගැන කුමන වර්ණනා සිදුකළද
මගෙ අකීකරු දෑස් සෑම විටම ඒ විශාල හා රවුම් දෑස් වලම රැඳෙන්නට කැමති වුනා.