𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄...

By jinshi_0811

62.3K 9.9K 1.7K

යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට ... More

intro 🥀✨
1 🥀✨
2 🥀✨
3 🥀✨
4 🥀✨
Special 🥀✨
5 🥀✨
6 🥀✨
7 🥀✨
8 🥀✨
9 🥀✨
10 🥀✨
11 ✨🥀
12 🥀✨
14 🥀✨
15 🥀✨
16 ✨🥀
17 ✨️🥀🔞
Final Chapter 🥀✨️
Next Stories ...🏹🧚
ඕතරීගෙන් රීඩස්ලාට ❤️✨️

13 ✨🥀

2.3K 434 137
By jinshi_0811

දින සති මාස ගනන් ගෙවිලා ගියෙ හරි ඉක්මනට . මාස හයක්ම ගිහින්. ඒත් කිසි දෙයක් වෙනස් වුනෙ නෑ. අදටත් බ්‍රයන්ගෙ නංගි මේ ලෝකෙට අභිරහසක්.. බ්‍රයන් එක පාරම තමන්ගෙ ඔක්කොම වැඩ ඉවර කරපු එක ගැන bangtan හිටියෙ ගොඩක් පුදුමෙන්.. ඒ වගේම ජංගුක් තමන්ගෙ jeon group එක කොරියාවෙ හොඳම ව්‍යාපාර සමූහයන් අතර පලවෙනි තැනට ගේන්න සමත් වුනා...

මීශා තමන්ගෙ ඔම්මා ඒ කියන්නෙ සූහිට මේ මාස 6 ඇතුලත ගොඩක් ළං වුනෙ හරි පුදුම විදියට. ඒ වගේම සූහිකුක් ආදරය හරි ලස්සනට ගලාගෙන ගියෙ කුනාටුවකට කලින් මුහුද හරි සන්සුන් කියනවා වගෙ...

අද හැමෝටම විශේශ දවසක් වැඩියෙන්ම සූහිට.. සූහිගෙ උපන්දිනය අද.. ඒ නිසා හවස් වරුවෙ ඉදන් හැමෝම හිටියෙ සූහිගෙ උපන්දින පාටිය ලෑස්ති කරන ගමන්. ඒත් එතන එක්කෙනෙක් අඩුයි.. නම්ජූන්. .. වෙනදට හැම වැඩකම පෙරමුණ අරන් ඉන්න කෙනා අද නැති එක හැමෝගෙම හිත්වලට වද දුන්නා...

වෙලාව ගියෙ හරි ඉක්මනට ... තමන්ගෙ 22වෙනි උපන්දිනය එනකන් සූහි හිටියෙ ඇඟිලි ගැන ගැන.. කෙල්ල හිතින් හුඟක් සතුටු වුනා. ජංගුක් වගේම මීශා එයාගෙ ජීවිතේට ආපු එක ගැන.. ඒත් කෙල්ලගෙ හිත සමහර වෙලාවට රිදුනෙ තමන්ගෙ දෙමව්පියො ගැන මතක් වෙලා. කෙල්ලට දැනුනෙ මේ මාස 6 ඇතුලත එයා තමන්ගෙ දෙමව්පියොන්ගෙන් ගොඩක් ඈත් වුනා කියලා..










After 1 hour..

සූහි යේරි දුන්න ගව්මක් ඇදගෙන පහලට ආවෙ තමන්ගෙ උපන්දිනය තමන්ට ලැබුන අලුත් පවුල එක්ක සතුටින් සමරන්න. වෙනදා වගේම රෝස මලක් වගෙ පිරිපුන්ව තියෙන කෙල්ලගෙ මූණ අදත් එහෙම්මමයි. ජංගුක්ගෙ ආදරෙ දවසින් දවස වැඩි වුනෙ කෙල්ලගෙ මූණෙ හැමවෙලේම තියෙන සන්සුන් හිනාව නිසා. ඒ හිනාව කොයිම වෙලාවකවත් අඩු වුනෙ නෑ.. සූහි හැම වෙලේම සතුටු වුනා.. කෙල්ලට දුක් වෙන්න කොහෙන්ද ඉතින් හේතුවක්...

💖: කෝ ඩිම්පල් ඔප්පා..

කෙල්ල පහලට ඇවිත් හැම තැනකම ඇස් යැව්වෙ නම්ජුන්ව හොයලා. කොල්ලා හිටියෙ නැති එක ගැන අනිත් කොල්ලො ටිකට වගේම කෙල්ලටත් තිබුනෙ හිතෙ හිස් බවක්. ඕනිම කෙනා නෑ වගෙ හරියට..

🐹: ඕකා වැඩ ඇති චූටි.. කෝ එන්න.. අපි කේක් කපමු...

ජින් කෙල්ලට පෙන්නුවෙ ඩෙකරේට් කරලා තියෙන වීදුරු ටේබල් එක උඩ තියෙන unicorn cake එකක්..

💝: වාහ්හ්හ්...

කෙල්ලගෙ ඇස් සතුටෙන් දිලිසෙන හැටි කොල්ලො ටික බලන් හිටියෙ හිනා වෙවී.. සූහිගෙ හිනාවට පුලුවන් වුනා ඒ දඩබ්බර දරුනු හිත් එක මොහොතක් හරි උණු කරවන්න.. ඒ හිත්වලට සහනයක් දෙන්න... හරි පුදුමයි නේද..

මාස හයක් ඇතුලත මෙච්චර බැඳීමක්..

දෛවය නිසා හමුවන සමහර බැඳීම් හරි පුදුමයි.. ලස්සනයි.. ඒ බැඳීම් සංසාරිකයි.. ඉතින් ආදරයක් හෝ වේවා සහෝදර බැඳීමක් හෝ වේවා සූහිට කොල්ලො හත් දෙනෙක්ගෙන් ලැබුන අසීමිත සෙනෙහසට කෙල්ල මහමෙරක් තරම් ආදරය කලා.. ඒ ආදරයට හරි ගෞරවය දුන්නා.

කොල්ලො හත් දෙනාටත් මීශාටත් එහෙමයි.. වෛරයෙන් ගිනි අරන් තිබුන ඒ පිරිමි හිත් හතට සූහි කියන්නෙ ඒ හිත් අස්සෙ හමාගෙන යන සීතල හුළඟක් වගෙ.. ඒ තරම් සූහි කියන කෙල්ලගෙ හිනාවෙන් කතාවෙන් කරන කැපවීම්වලින් හැමෝගෙම හිත්වලට සන්සුන්කමක් දැනුනා.. මීශා.. තමන්ගෙ ඔම්මා අප්පා තමන් ඉපදුන දව්සෙම හරි අවාසනාවන්ත විදියට දාලා යද්දි කෙල්ල හිතන් හිටියෙ තමන්ට ඉන්නෙ අප්පා විතරක්ම බව.. ඒ ජංගුක්.. කාලයක් යද්දි තවත් එක්තරා සංසාරික බැඳීමක් මේ ආත්මේත් ආයෙ හමුවෙද්දි මීශා කියන හයක් හතරක් නොදන්න පුංචි කෙල්ල සූහි කියන තරුන කෙල්ලට ඔම්මා කියලා කතා කරන්න පටන් ගන්නවා..
ඒ හිතටත් මොකක්දෝ අමුත්තක් දැනෙන්න ඇති.. මෙහෙමයි කියලා කියන්න බැරි වුනත්..

ඔව්...

හරි පුදුමයි..

ඊටත් වඩා ඒ බැඳීම් හරි ලස්සනයි...

🐰:මම ගන්න ගියෙ ලා නිල්පාට කේක් එකක්.. ජින් හ්‍යොං එපා කියලා මේක ගත්තා .. ඒක ලස්සනයිද..

කේක් එක දිහා පොඩි දරුවෙක් වගෙ බලන් හිටපු සේහාගෙ ඇස් මදකට කුකී දිහා බැලුවෙ කුකීගෙ කටහඬ ඇහුනු නිසා..

💝: ම්ම්ම්.. මේක ලස්සනයි කුකි. මගෙ පලවෙනි birthday cake එක...

🐹: චූටී ... මේ අහන්න.. දන්නවද. ඔයත් unicorn කෙනෙක් වගෙ. Unicorn කියන්නෙ පිරිසිදු බවෙත් කරුණාවන්ත බවෙත් සංකේතය.. ඔයත් එහෙමයි නේද.. ඔයාගෙ කරුණාවන්ත බව නිසා නේද මීශාගෙ ජීවිතෙ ලොකු හිස් තැනක් පුරවන්න ඔයා දෙපාරක් නොහිතා ඉදිරිපත් වුනෙ.. ඒ වගේම unicorn ගෙ අඟක් තුවාලයක් මත තිබ්බොත් ඒක ඒ වෙලාවෙම හොඳ වෙනවලු.. හිතින් කඩන් වැටිලා හිනාවක්වත් මූණෙ නොතිබුන අපෙ පොඩි මල්ලිගෙ මූණට හිනාවක් දුන්න ඔයා ගැන මට හරි පුදුමයි චූටි.. කුමාවෝ ඉස්සර කුකීව ආයෙත් අපිට ගෙනත් දුන්නට. අහ් තව දෙයක් unicorn කියන්නෙ වාසනාවෙ සංකේතයක්. එයාව දැක්කම ඒ කෙනාගෙ ජීවිතේට වාසනාව ගේනවලු.. අඳුරෙ ගිලිලා තිබුන , කලාතුරකින් හිනාවක් ඇහුන.. නිශ්ශබ්දකම පිරිලා තිබුන මේ ගෙදර ඔයා ආපු ගමන් වාසනාවෙන්, සතුටෙන් පුරවව්වා නේද.. ඔයා unicorn කෙනෙක්.. ඔයාගෙ කුකීව , මීශාව, යේරිව, ඔප්පලගෙ සතුට වෙනුවෙන් දෙවියො මේ ලෝකෙට එවපු පුංචි unicorn කෙනෙක් ඔයා.. ඉතින්... පාක් සූහි... කුමාවෝ ඉපදුනාට.. අවුරුදු 22ක් දැන් අපෙ පොඩි කෙල්ලට.. ආයෙත් කියන්නෙ අපි හරි ආදරෙයි ඔයාට. ඔය මූණෙ හිනාව පොඩ්ඩක්වත් අඩු කරගන්න බෑ.. අරස්සෝ.. 

කඳුලු පටලයක් ජින්ගෙ ඇස්වල ලාවට ඇඳිද්දි ඇස් වල සතුටු කඳුලු පුරවගෙන හිනා වෙලා ඉන්න සූහිගෙ නහයට තට්ටුවක් දාලා ජින් අහක බලාගත්තෙ ඇස්වල කඳුලු හංග ගන්න වගෙ.. ඒ හිත්වල ඒ තරම් සතුටක් ඇති ඒ හිත් හැම වෙලේම ස්තූති වන්ත වෙනවා ඇති... සූහිට.. මොකද පරණ කුකී ආයෙමත් ඇවිල්ලා.. හිනා වෙවී කෑ ගහපු කොල්ලා අවුරුදු හයකට පස්සෙ ආයෙත් ඇවිල්ලා.. ඉතින්න්... දරුවෙක්ට වගෙ ඒ කොල්ලට ආදරෙ කරපු ලොකු අයියලා හය දෙනාට තවත් සතුටක් කොහින්ද.. ඒ මිනිස්සු ඒ සතුට දුන්න පොඩි කෙල්ලට ස්තූති නොකර ඉන්නෙ කොහොමද ..

🐱: යාහ්... අඩන්නද යන්නෙ උබලා.. ඕයි බටු කෙල්ල. මෙහෙ එනවා කේක් කපන්න. ..

🦋: මතත් තේත් තපන්න ඕදි...

පැත්තක කුකිගෙ අතෙ එල්ලිලා හිටපු මීශාගෙ කතාව නිසා හැමෝගෙම මූනට හිනාවක් ගෙනාවා..

💖: ම්ම්ම් එන්නකො මගෙ සුදු දෝනි.. ඔම්මා එක්ක කේක් කපමු..

මිශාව වඩාගෙන කෙල්ල කුකී එක්ක ගියෙ ටේබල් එක ලගට...

🐨: යාහ්හ්හ්හ්හ්හ්හ්...

කේක් එක කපන්න පිහිය අතට ගන්නවත් එක්කම හැමෝම ගැස්සිලා ගියෙ නම්ජූන්ගෙ කෑ ගැහිල්ල ඇහිලා.. ඒ වගේම පුදුම වුනෙ නම්ජුන්ගෙ අතෙ එල්ලිලා ඉන්න කෙල්ලව දැකලා..

දිග ගව්මක් වගේම නෝමල් මේකප් එකක් දාගෙන හිටපු ඒ කෙල්ල ඇත්තටම හරි ලස්සනයි.. ඒ ඇස් ලා කොල පාටට හුරු නිසා හැමෝම ඒ ඇස් දිහා බලන් හිටියෙ හරි පුදුමෙන්..

🐨: බය වෙන්න එපා එන්න යමු මාත් එක්ක..

කොල්ලගෙ අතෙ බයෙන් හිටපු කෙල්ලට නම්ජුන් එක්කන් ආවෙ ගේ ඇතුලට..

🐥: හ්‍යොං ...

🐨: දැන් උඹ අහන්න යන්නෙ මෙ කව්ද කියලනෙ.. මේ ඉන්නෙ..

🐥: girlfriend ...

🐨: yeahhh 😌😌

🐯: යාහ්.. හ්‍යොං.. නිකමටවත් කිව්වෙ නෑ අපිට...

🦄:. නවත්තගනිල්ලා.. මේ කෙල්ල කේක් එක කපන්න ඉන්නෙ කොයි වෙලෙ ඉදන්ද.. කපලා ඕක ගැන කතා කරමු..

හෝසොක් කෑ ගැහුවෙ නම්ජුන්ගෙ අතෙ එල්ලිලා ඉන්න කෙල්ල දිහා බලලා ඔරවන ගමන්. කොල්ලට දෑනුනෙ ඒ කෙල්ල ඕනිවටත් වඩා අහිංසකකමක් පෙන්නනවා කියලා..

ටික වෙලාවකින් කේක් කපලා හැමෝම සතුටු වුනා . හැමෝම කෙල්ලට එක එක gift දෙද්දි කුකී මොකුත් නොදුන්න එක ගැන කෙල්ල හිටියෙ සැකෙන්..මොකද කුකී කියන්නෙ.. සප්‍රයිස්වලට අධිපති දෙවියො 😂

💖: කෝ මගෙ ගිෆ්ට් එක😒( රහසින්)

🐰:............

💖: ඩම්ප්ලිං ගිලලද ඉන්නෙ කතා කරනවකො ( රහසින්)

🐰: ඒක රෑට....

  ❤️: දෙයියනෙ දෙයියනෙ මයෙ මොට්ට යාලුවා 😗 බලපල්ලකො කැත.. උඹට අදවත් ලස්සනට ඉන්න බෑද.. ඔටුවෙක්ගෙ මොල්ලියක් වගෙ උඩට කොන්ඩෙත් බැදලා.. එනිවෙ එනිවෙ උඹට තෑග්ග දෙන්ඩ ආවෙ... සෙංඉල් චුක්කාහේ ...

කුකී සූහි ළගට ඇවිත් යේරි මරලතෝනි දුන්නා.. ඒක ඉතින් දැන් කාටවත් පුදුමයක් නෙවෙයි. යේරිගෙ කට කොහොමත් වැඩියි..

💖: මොනාද දෙයියනෙ මට ගෙනාවෙ.. දෙයියනෙ දෙයියනෙ මයෙ සල්ලිකාර චිංගු..

කෙල්ල යේරිගෙ අතෙ තිබුන බොක්ස් එක අරන් දෙපාරක් නොහිතා ඒක කුකී ඉස්සරහම ඇරියෙ යේරි එපා කියලා කෑ ගහද්දිමයි..

❤️: අන්ද්වේඒඒඒඒඒඒඒඒඑ...

💖: බලමු බලමු මයෙ මොට්ටයා මට මොනාද දුන්නෙ කියලා..

💖: හැහ්...

කෙල්ල පෙට්ටිය තිබ්බ දේ දැකක ගමන් මූණත් ලෑජ්ජවට රතු කරන් බැලුවෙ කුකී දිහා.. කුකී හිටියෙ බය වෙලා වගෙ ඇස් දෙකත් ලොකු කරන් පෙට්ටිය දිහා බලාගෙන..

( A/N  ප්ලීස් හිනාව නවත්තගන්ඩ ඕතර් 🙂😂)

💖: යහ්.. කුකී... අහක බලාගන්නවා...

🐰: අහ්ම්ම්ම්ම් ( උගුර පාදලා..) මං අර පැත්තට ගිහින් එන්නම්. ඔය දෙන්නත් එන්ඩ.. නම්ජුන් හ්‍යොං අරන් ආපු කෙල්ල ගැන අහන්න ඕනි...

මුකුත් නොව්න විදියට ජංගුක් ගිහින් අනිත් අය ලගින් ඉදගෙන එක උගුරට වතුර වීදුවක් බොන හැටි කෙල්ලො දෙන්නම බලන් හිටියෙ මූණත් ලැජ්ජාව නිසා මොකක්දෝ කරගෙන..

💖: ආයිශ් මොට්ටයා.. මොකද යකො underwear ගොඩකුයි napkin පැකට් එකකුයි මෙ පෙට්ටිය අස්සට දැම්මෙ.. බලපං මං කොහොමද දැන් මූණ දිහා බලන්නෙ.. ආආආහ්හ් මයෙ නම්බුව ලෙප්ට් 😫😫😫😫

❤️:මියාන් 🙂 යාලුකම නිසානෙ.. දැන් යමන් මට අර උඩැක්කියව වැඩිය අල්ලන්නෑ...











After few minutes ...

හැමෝම ගිහින් සෙටියෙන් ඉදගත්තෙ ගෙදරට අලුතින් ආපු අමුත්තිය ගැන දැනගන්න ඕනි නිසා. මොකද මෙච්චර කාලෙකට ගෙදරට අලුතින් ආවෙ සූහිත් යේරිත් විතරයි. ජංගුක් අඩුමගානෙ තමන්ගෙ කම්පැනියෙ සේවකයෙක්ටවත් තමන්ගෙ ගෙදරට එන්න නොදුන්නෙ මෙ ගෙදර රහස් ගොඩකින් පිරිලා තියෙන නිසා. නම්ජුන් කිසිම වගකීමක් නැතිව කෙල්ලෙක්ව ගෙදරට එක්කන් ආපු එක ගැන කොල්ලො ටික හිටියෙ නම්ජුන්ට හිතින් දොස් කියන ගමන්...

🐹: නම්ජුනා.. දැන් කියපං..

ජින් ලොකු කතාවක් අහන්න ඕනි වගෙ සෝෆා එකට හේත්තු වෙලා ලොකු හුස්මක් පිට කලා..

🐨: baby.. ඔයාම කියන්න..

" ම්.. මම..."

කෙල්ල කියන්න ගිය කතාව මඟින් නැවැත්තුවෙ ජංගුක්..

🐰: ඔයා බය වෙන්න ඕන්නෑ . මෙතන කවුරුත් ඔයාව මරන් කන්නැ. බය නැතුව කතා කරන්න..

ජංගුක් ඒක කිව්වෙ තරහෙන් . ඒක එතන හිටපු හැමෝටම තේරුනා. සූහි කලෙ ජංගුක්ගෙ අත අල්ලගත්ත එක විතරයි.

" මම චෝයි ශීශා ( A/N මියානෙ ලමයි.  වෙන නමක් තිබ්බෙ නෑ මට 😪) වයස 22 යි..."

🦄: ඔම්මා අප්පා ? සහෝදරයො? ඉගෙන ගන්නෙ කොහෙද? ඉන්නෙ කොහෙද?

🐨: හෝසොකා... උබට මොකක්ද වුනෙ..

නම්ජුන් තමන්ගෙ ගොරහැඬි කටහඩෙන් මුලු ගේ පුරාම හඩ විහිදිලා යන්න තරම් හයියෙන් කෑ ගැහුවා. Bangtan කියන කණ්ඩායම ඇතුලෙ namjoon hoseok කියන්නෙ මාස ගානකින් බාල වැඩිමල් වුනු සමවයසෙ කොල්ලො දෙන්නෙක්..ඊටත් වඩා හොඳම යාලුවෙක්.. හෝසොක් කියන කොල්ලට තිබ්බෙ සංවේදි හිතක්. ඒ හිත වැඩිපුරම රිදෙන්නෙ තමන්ගෙ කෙනෙක් තමන්ට නරක විදියට සලකනකොට.. වෙනදට ඒ සංවේදි හිත නිසාම හෝසොක්ට හරි ලෙංගතුව කතා කරපු නම්ජූන්ම අද තමන්ට කෑ ගහද්දි කොල්ලගෙ හිතට දැනුනෙ ලොකු දුකක්..

🐯: වේ හ්‍යොං... හොබී හ්‍යොංට කෑ ගහන්න එපා. එයා මුකුත් කලෙ නෑනෙ..

" ඔව් baby.. Oppa ට කෑ ගහන්න එපා.. Calm down.. මගෙ ඔම්මා අප්පා නෑ.. ම්ම්ම් මට ඔප්පලා දෙන්නෙක් ඉන්නවා කියලා මට හැල්මොනි ඉස්සර කියලා තියෙනවා .. ඒත් ඒ කව්ද කියන්න මම දන්නැ .. ඉගෙන ගන්න තරම් වත්කමක් මට නොතිබුන නිසා මම හයිස්කූල් ගිහින් ගෙදර හිටියා. හැල්මොනී නැති වුනාට පස්සෙ ගෙදර ඉඩම රජයට ලියාගත්තු නිසා මම සෝල්වලට ඇවිත් ජොබ් එකක් කලා.. Hospital එකක cleaning වැඩ.. "

කෙල්ල වචන කදුලු අතරින් ගලපගන්න හැටි ජංගුක් බලන් හිටියෙ හරි විමසිල්ලෙන්...

🐹: නම්ජුනාව හම්බුනෙ කොහොමද...?

" අහ්.. මම වැඩ ඉවර වෙලා ගෙදර යද්දි එයාගෙ car එකට accident වෙන්න ගියා.. ඊටපස්සෙ..."

🐰: ඇති...

කෙල්ල කියන්න ගිය ටික මගින් නතර කළෙ ජංගුක්.. කෙල්ලගෙ ඇස් දකින වාරයක් පාසා ජංගුක්ට දැනුනෙ ඒ ඇස් මීට කලින් දැකලා තියෙනවා වගෙ හැගීමක්.. ඒත් කවදද කොහෙදිද කියන්න ජංගුක්ට මතක තිබුනෙ නෑ.. කොච්චර මතක් කරත් ඒ ලා කොල පාට ඇස් දෙක දැකපු විදිය කොල්ලට මතක් වුනේම නෑ...

🐨: මෙච්චරයි මට කියන්න තියෙන්නෙ. අද ඉදන් මෙයා ඉන්නෙ මෙහෙ.. Arguments එපා..

🐱: නම්ජුනා අපිට බෑ එහෙම ....

🐨: ඇති යුංගි හ්‍යොං.. යන එනමක් නැති අයට මෙ ගෙදර ඉන්න දුන්න පලවෙනි වතාව නෙවෙයිනෙ මේක..

නම්ජුන් ඒක කිව්වෙ යූරි දිහාත් සූහි දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන්.. කෙල්ලො දෙන්නගෙ හිත දුකෙන් පිරිලා යද්දි අඩන්න බැරිකමට කෙල්ලො දෙන්නා කලෙ බිම බලාගන්න එක විතරයි..

🐰: හ්‍යොං.. සූහිට මුකුත් කියන්න එපා.. එයා මෙ දේවල් වලට පලි නෑ..

🐱: උඹ හිටපං ජංගුක්.. සූහිට යන එනමක් නැතුව හිටියෙ නෑ. මේ කෙල්ලගෙ ආරක්ශාවටයි අපි ඒ කෙල්ලවයි යේරිවයි මෙහෙට එක්කන් ආවෙ. මෙයා මෙයාගෙ වැඩකරගෙන පාඩුවෙ ඉන්නවනෙ නේද. අනික මෙයාට ආරක්ශාව අතින් අඩුවක් නෑනෙ. ඉතින් අපිට මෙයාව මෙහෙ තියාගන්න බැ. Thats enough ...

යුංගි පලවෙනි වතාවට සූහි ගැන කතා කලෙ හැමෝමව පුදුම කරවලා.. ඒ තමයි යුංගි කියන චරිතය. හැම වෙලේම ආදරෙ නොපෙන්නුවත් අවශ්‍ය වෙලාවෙ ඒ හිත උනු වෙනවා.. අනික් හිත් වෙනුවෙන් නැගිටිනවා...

ඒ අස්සෙ ජිමින් වගෙම ටේ බලන් හිටියෙ ඒ කෙල්ල දිහා..

" අනෙ baby මම යන්නම්. ඔයාලා රන්ඩු වෙන්නෙපා ම්ම්ම්.. මට දුක් විදලා පුරුදුයි නම්ජුන් ඔප්පා.. මම ඉස්සරහටත් මෙහෙම දුක් විඳින්නම්..."

කෙල්ල නම්ජුන්ගෙ අතෙ එල්ලි එල්ලි කරන්නෙ නම්ජුන්ව තවත් අන්දන එක බව හැමෝටම තේරුනත් ආදරේ කියන ගැලවෙන්න බැරි බැඳීම අස්සෙ ගිලිලා හිටපු නම්ජුන්ට ඒ වෙනස නොදැනුනෙ අවාසනාවකට වෙන්න ඇති..

අහිංසකාවියක් වගෙ මෙ ගෙදරට ආවෙ තමන්ගෙම ජීවිතෙ හතරෙන් තුනක් විනාශ කරන්න ආපු කෙල්ලක් බව නම්ජුන් දැනගෙන හිටියනම් අනාගතෙ වෙන්න තියෙන හැමදේම වෙනස් වෙන්න තිබුනා..

ඒත්.. දෛවය කියන දේ එහෙමයි... වෙන්න තියෙන දේ වලක්වන්න අමාරුයි.

🐨: අනී.. ශීශා පොඩ්ඩක් ඉන්න.. මීශගෙ ඔම්මා නිසා ජංගුක්ගෙ කෙල්ල නිසා මෙයාට ඔයාලා සලකන්නෙ හරියට.. නෑ එක්කො ඕන්නෑ.. එනිවෙ.. මමත් උඹලගෙ පවුලෙ එකෙක්. ඇයි යකො මගෙ කෙල්ලට මෙහෙම කරන්නෙ අහ්...

🦄: නම්ජුන්...

🐹: හෝසොකා ඇති.. නම්ජුනා කෙල්ලට රූම් එකක් දීලා බඩු ටික අස් කරගන්න උදව් කරපං.. හැමෝම දැන් කන්න.. කාලා රූම්ස් වලට යන්න.. මියන්හේ සූහියා ලබන අවුරුද්දෙ බර්ත්ඩෙ එක හොඳට ගමු. ඔප්පා ප්‍රොමිස් වෙනවා..

ජින් එහෙම කියාගෙන ගිහින් කෑම ලෑස්ති කරලා තිබුන ටේබල් එකෙ ඉදගත්ත ගමන් අනිත් අයත් ඇවිල්ලා ඉදගත්තා. වෙනදා කෑම කන වෙලාවෙ හිනා හඬ පිරිච්ච ඒ බිත්ති හතර ඇතුලෙ අද තියෙන්නෙ ඉදිකට්ටක් වැටුනත් ඇහෙන තරමෙ නිශ්ශබ්දතාවයක්..

ටික වෙලාවකින් හැමෝම කෑම කාලා තමන්ගෙ රූම්ස්වලට ගියෙ නම්ජුන් දිහාවත් ශීශා දිහාවත් නොබලමයි.. ටිකෙන් ටික තරහා නිවිලා යද්දි නම්ජුන්ගෙ හිතෙත් ඇති වුනෙ වරදකාරි හැඟීමක්...

කුකී සූහි රූම් එකට එද්දි මීශාට හොදටම නින්ද ගිහින්..

💖: කුකී...

🐰: ම්ම්ම් මැනික...

💖: මීශගෙ birth certificate එක..??

🐰: මම තාම ඒක හැදුවෙ නෑ සූහි. කොහොම දාන්නද ඔම්මා අප්පා නෑ කියලා...

💖: ඉතින් අපි දෙන්නා ඉන්නෙ ..

🐰: අපි දෙන්නා marry කරලා නෑනෙ මැනික..

💖: මෙයා ස්කූල් යන්න කලින් අපි මැරි කරමු..

🐰: අහ්...

රූම් එක පුරාම ඇවිද ඇවිද හිටපු ජංගුක් එක තැන ගල් වුනෙ සූහිගෙ වචන ටික අහලා.. හිත යටින් නම්ජුන්ගෙ ප්‍රශ්නෙ ගැන හිතද්දි ඒ හැමදේම විනාඩි ගානකට අමතක කරලා ජංගුක්ගෙ හිත සතුටින් පුරවන්න සූහිට පුලුවන් වුනා..

🐰: සූහි ඔයා හැමදේම බරක්පතලක් නැතුව කියනවනෙ ළමයො..

💖: අනී.. මම ඇත්තමයි කිව්වෙ. මීශා කියන්නෙ මගෙ දුව කුකී.. ඒ කෙල්ලට කිසිම අඩුවක් වෙන්න බෑ...

ජංගුක් දෙපාරක් නොහිතා ඇඳෙ පැත්තක ඉදගෙන මීශා දිහා බලාගෙන හිටපු සූහිව කොල්ලගෙ පපුවට ඇදලා අරගෙන තුරුල් කරගත්තෙ හිතෙ උතුරුන ආදරේකින්.. පුදුම සෙනෙහසකින්.. කෙල්ලත් ඒ දරදඩු පපුව අස්සට ගුලි වුනෙ පුංචි හා පැටියෙක් වගෙ. ඒ පපුව හරි උණුසුම්.. ඒ වගේම හරි ආදරබරයි.

🐰: මැනික...

💖: ම්ම්ම්ම්ම්..

🐰: මට නම්ජුන් හ්යොං ගැන බයයි. අර කෙල්ල ගැන මට හරි සැකයි. එයාගෙ ඇස් මං කලින් දැකලා තියෙනවා වගෙ.. මට මතක නෑ කොහෙදිද කියලා .

💖: මටත් කුකී.. ඒ ඇස් කලින් දැකලා තියෙනවා වගේ.. ඒත් කොහෙදිද කියලා මතක නෑ..

🐰: අහ් චින්චා?????

💖: දේ... හැමදේම හොඳින් වෙයි හරිද.. ඩිම්පල් ඔප්පා මෝඩ නෑනෙ.. අහ් කො මගෙ තෑග්ග..

කෙල්ල කෑ ගැහුවෙ කොල්ලගෙ තුරුලෙන් ඈතට වෙන යමන්.

🐰: අහ් කියන්න බැරි වුනානෙ.. යන් හෙට ඩේට් එකක්..

💖: අහ්හ්හ්හ්හ්... උම්මා උම්මා.. කුකී ඔයා තමයි හොඳම..

🐰: යේරිගෙ gift එක තරම්නම් හොද නෑ හැබැයි 😌

💖: ආශ්.. පෙන්නන්නම් අද මං ගිෆ්ට්.. යා කොහෙද දුවන්නෙ. මෙහෙ එනවා.. අද මම බොන්නෙ ජංගුක් ජූස්.. මම ඔයාව අඹරනවා.. ජොන් ජංගුක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්!!!!!!!!!!






___________________________

අනෙ දෙයියනේ මොකත මේ වුනෙ.. මොව්ල්ලා 🙂🙂🙂
ලොකු දෙයක් කියන්න නෑ ඉතින්.. ඔබ පුන පුනා බලාසිටි බාල්දිය මෙතැන් සිට ආරම්භ වේ..

කතාව ඉවර වෙන්න ළගයි...

ඒක නෙවෙයි ලමයි...


ජංගුක් ජූස් බොමුත 🙂🙂🙂
නෑ නෑ උඹලට නෑ සූහිට විතරයි 👍





Jinshi_0811 ✨🥀

Continue Reading

You'll Also Like

22.8K 5.3K 28
ආදරේ ඇබින්දක් වත් නොලබපු පුංචි රතු රෝස මලක් ලග නැවතුන වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර බඹරෙක්..... "තමුන් නිසයි මගේ පපා මගෙන් ඈත් වුනේ මින් හරා!!!... තමුන්...
5.1K 799 14
"ඇයි ඔයාලා මට එහෙම කරේ? එදා රෑ මොකක්ද මට වුණේ? මගේ වැරැද්දක්ද ඒක? මම කවුද? " ____________________________________ " දුවේ..... ඒක මගේ.. මගේ වැරැද්ද...
862K 40K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
618K 37.6K 102
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...