My Empress 🖤️✨ ( Sinhala Ff...

By Daisy_Dinu

6.2K 1.4K 506

අතීතයේ හදවතකට පෙම් බැදි කාලතරණය කළ ගායකයෙක්.... 🌹 මේ Story එක කාලතරණ කතාවක්...අතීත රාජධානියකට ගිය ගායකයෙක්... More

හැදින්වීම 🖤
Chapter : 01 🖤✨
Chapter : 02 🖤✨️
Chapter : 03 🖤✨️
Chapter : 04🖤✨️
Chapter : 05 🖤✨️
Chapter : 06 🖤✨️
Chapter : 07🖤✨️
Chapter : 08 🖤✨️
Chapter : 10 🖤✨️
Chapter : 11 🖤✨️
Chapter : 12🖤✨️
Chapter : 13 🖤✨️
Chapter : 14 🖤✨️
අතීත රාජධානියේ චරිත හදුනගමු 🖤✨️
Chapter : 15 🖤✨️
Chapter : 16 🖤✨️
Chapter : 17 🖤✨️
Chapter : 18 🖤✨️
Chapter : 19 🖤✨️
Chapter : 19 🖤✨️ (SP❤🌹)
Chapter : 20 🖤✨️
Chapter : 21🖤✨️
Chapter : 22 🖤✨️
Chapter : 23🖤✨️(SP❤🌹)
Chapter : 24 🖤✨️
Chapter : 25 🖤✨️(PART1)
Chapter : 25 🖤✨️(PART2)
Chapter : 26 🖤✨️(PART1)
Chapter : 26 🖤✨️(PART2 , LAST)
පසුවදන ~ 🖤

chapter : 09 🖤✨️

132 49 16
By Daisy_Dinu

My Empress ️🖤👑
Chapter : 08 ✨️

වැළලී ගිය අතීතයක්......
අලුත් කළ ගායකයෙක්......

_____________________________________________

පෙර කොටසින්
ජිමින් ( මින්හෝ ) POV :

"යූන්ගී...... යූන්ගී හ්‍යුන්ග්....
එයා කොහොමද ....."

හොදටම පුදුම වෙලා හිටපු මගෙ කටින් පිටවුණේ ඉබේටමයි...

මට හිතාගන්න බැරි වුණා එන්න එන්නම සිද්ධ වෙන මේ විකාර දේවල් ගැන...

ඇත්තටම මැරුනේ මමනම්...... යූන්ගී ටේ කොහොමද මාත් එක්ක මෙහෙ ඉන්නෙ.....

මම මගෙන්ම ප්‍රශ්න කළේ පිට්ටනියේ එහාට මෙහාට ඇවිද ඇවිද කෑගහන යූන්ගී දිහා ගල් වෙලා වගේ බලාගෙන ඉන්න ගමන්.......

තවත් මෙතන හිටියොත් ඔලුව විකාර වෙලා මට මාවවත් පාලනය කරගන්න බැරි වෙන නිසා ආපස්සට හැරුනේ පුලුවන් ඉක්මනටම මෙතනින් යනවා කියලා හිතාගෙන.......

කල්පනා කර කර ටික දුරක් යනවත් එක්ක කවුදෝ මන්දා කෙනෙක් මගේ උරහිසට අත තියලා මාව නවත්තගත්ත වගේ දැනුණා......

කවුද කියලා බලන්න පිටිපස්ස හැරුන මගේ ඇස් උඩ ගියේ මගෙ කරට අත තියන් ඉන්න යූන්ගීව දැකලා.......

බැලූ බැල්මට යූන්ගිට තිබුණේ චීන පෙනුමක්.. ඒ වුනාට සුපුරුදු මූණ නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා තිබුණෙ නෑ......
පරණ රාජධානියකට ගැළපෙන ගාම්භීර සටන් මාස්ටර් කෙනෙක්ගෙ පෙනුමක් යූන්ගිට තිබුණා.....

යූන්ගිව දැකපු ගමන් මට සේරම දේවල් අමතක වෙලා ගියා...... කියාගන්න බැරි ලොකු සතුටක් මට දැනුනා.....

"අනේ......ඒ කියන්නෙ ඔයාට මාව මතකයිද...අනේ හ්‍යුන්ග්........"

කියලා පුරුදු විදිහට යූන්ගිගෙ කරට පැන්නෙ එයාට හිතන්නවත් වෙලාවක් නොතියා.......
_____________________________________________

ටික වෙලාවකට පසු ~

ඉල්ලගෙන කෑම කලාවක්නම් මන් ඉතින් එකෙන්ම පිකාසෝ...මේ ඇත්තම යූන්ගී නෙමේ.. එයාට තිබුණේ යූන්ගිගේ පෙනුම විතරයි.. හරියට ටේ වගේ... ඇත්තටම මම දන්න චරිත වලට වඩා මෙයාලා සම්පූර්ණයෙන්ම වෙනස්...

එක අතකින් මේ එයාලම වෙන්න විදිහක් නෑනේ...... මොකද මැරුණේ මම විතරනේ....මම තමා කාලය ආපස්සට ඇවිල්ලා තියෙන්නෙ......

මම එහෙම හිතලා මගේ හිත අමාරුවෙන් හදාගත්තේ කල්පනා කරලා කරලම ඔලුව පුපුරන්න ඔන්න තිබුණ නිසා....

එහෙ මින් යූන්ගී මෙහෙ ලී චිo... නම වගේම එයා චීන කෙනෙක්.. අතීතෙ කියලා නෑ පෙනුම වගේම මිනිහගේ රස්සාවත් වෙනස් වෙලා තිබුණේ නෑ පොඩ්ඩක්වත්.... එහෙ වගේ තමා මිනිස්සුන්ගේ අඩු කඩන එක තමා මෙගෙත් කරන්නෙ......
ගමේ මිනිස්සු අතර ප්‍රසිද්ධ ජග්ගු කියලා..

එතකොට යූන්ගී වගේ ඉන්න මේ චිo චිo තණකොළපෙත්තා තමා මින්හෝගෙ වෙන්න මස්සිනා.... කෙටියෙන්ම කියනවනම් ලී හෙයිගෙ අයියා....
හිතාගන්න පුලුවන්නෙ මට අත්වෙලා තියන ඉරණම ගැන......

මට කිසිම දෙයක් කියන්න නොදී මිනිහා මාවයි හාජින්වයි එයාගේ ගෙදර එක්කගෙන ගියා...
කරකියාගන්නෙ මොනවද කියලවත් දන්නෙ නැතුව අන්ත අසරණ වෙලා හිටපු මම කටපියාගෙන යන්න ගියේ හදිස්සියෙන්වත් මගේ අතක් පයක් කඩයි කියලා මිනිහට තිබුණ බයට...... මොනව වුණත් අතක් පයක් කඩාගන්න කවුරුත් කැමති නෑනේ.....

චිoගේ ගෙදර වගේම එයත් අපිට වඩා වoශවත්... හාජින් කිව්ව විදිහට චිo , යූන්ගී වගේම සටන් ගුරුවරයෙක්.. මෙහෙ ගොඩක් අය සටන් කලාව ඉගෙන ගන්නෙ චිoගෙන්ලු.
අපි එහෙට යනකොටත් මිනිස්සු කීප දෙනෙක් මිදුලෙ කඩු සටන් පුරුදු වෙවී හිටියා.....

කොහොම වුණත් මිනිහා ආගන්තුක සත්කාර වලින්නම් ගොඩක් හොදයි..මාවයි හාජින්වයි ගෙදර එක්කගෙන ගිහින් තේ මේසෙන් ඉන්දුවේ තේ සoග්‍රහ කරන්න.....

තේ මේසේ ගාණට මගේ ඉස්සරහින් වාඩි වෙලා හිටියේ චිo...ලී හෙයි හිටියේ චිoගේ එහාපැත්තෙ.... ඒ දෙන්නම නිකන් අමුතු විදිහට මූණු හදන් හිටියේ මාව ඉන්‍ටර්විව් කරන්න වගේ.......

වාසනාවකට වගේ හාජින් මගේ එහාපැත්තෙ හිටපු එක මට සහනයක් වුණා.....

"අහ්...... මෙන්න ගන්න....... මේවා ගොඩක් හොද තේ වර්ගයක්........
ඇගට ශක්තිය ගන්න එහෙම ගොඩක් හොදයි........"

කියලා චිo පෝච්චියෙන් කෝප්පෙට තේ වක්කරලා මට දුන්නා.....

"අහ්....... බොහොම ස්‍තූතියි......."

මමත් ඉතින් චාටු හිනාවක් දාලා තේ කොප්පෙ ගත්තා....

"නoගී මේ ළමයටත් තේ එකක් දෙන්න....
ඔය ළමයා මින්හෝගේ නෑදෑ කෙනෙක්ලු නේ..."

කියලා චිo හැරුනේ හාජින්ගේ දිහාවට.....

"ඔව්.....ගුරුතුමා.... "

හාජින් කිසි ගාණක් නැතුව උත්තර දුන්නෙ සැහැල්ලුවෙන්... අනික් අය එක්ක බලද්දි මම තමා මෙතන බොරුවට බය වෙලා ඉන්න එකම කෙනා......

"අපේ නoගි බොරුවටනේ කලබල වෙලා තියෙන්නෙ........."

"නෑ අයියේ මින්හෝ මට මෙයා ගැන කලින් කියලා තිබුණේ නෑ..... ඉතින් මන් කොහොමද දන්නෙ......."

ලී හෙයි එහෙම කිව්වම හාජින් මගෙ දිහා බලලා දැම්මෙ පල් හිනාවක්.......

හාජින් තේ එක රස කර කර කිසි ගාණක් නැතුව බිව්වත් , මගෙ හිත දුන්නෙ නෑ තේ බොන්න....චිoගෙ මූණයි තේ එකේ අමුතු පාටයි දැක්කම හිත කිව්වෙම තේ එක එක බොන්න එපා කියලා....

"ඕක බොන්න......."

මම තේ එක නොබී ඒ දිහා බලන් හිටපු නිසාදෝ චිo එකපාරටම මගේ දිහාවට ඇස් හරෝලා කිව්වා...

"හා......හරි මම බොන්නම්......"

බොනවා වගෙ රගපාන්න හිතාගෙන මන් තේ කොප්පෙ අතට අරගෙන කටට ළo කරගත්තත් තේ එකෙන් ආව අමුතු සුවදට මට ඒක කටට ගත්තෙ නෑ.....

මන් තේ එක බොන්නම නෑ කියල තේරුණ චිo ,

" මන් බොන්න නේද කිව්වේ......."

කියලා වහලේ උඩ යන සද්දෙන් කැගැහුවා.. බය වුණ පාරට තව ඩිoගෙන් කෝප්පෙත් බිමට වැටෙනවා.....

" හා.....හරි..... මන් බොන්නම්....."

"ඉතින් බොනවා..... තේ එක දිහා බලන් භාවනා කරන්නෙ නැතුව....."

කරන්න දෙයක් නැති නිසා අන්තිමේදි මම තේ එක බිව්වා. හිතපු තරම් අවුලක් තේ එකේ තිබුණේ නෑ... වoශවත් නිසාදෝ අපි බොන තේ වලට වඩා මේ තේ ගොඩක් රසයි...

ටික වෙලාවක් කටපියාගෙන හිටපු චිo ආයෙමත් කතා කරන්න පටන් ගත්තම හැමෝගෙම අවධානය එයාගේ පැත්තට ගියා...

" ඉතින් මින්හෝ..... ගෙදර අයටත් කියලා ඉක්මනටම දිනයක් දාගත්තනම් අපිට පුලුවන් මේ දේවල් ඉක්මනටම ඉවරයක් කරලා දාන්න......."

"මො....මොකටද දිනයක්......."

"ඔය දෙන්නගේ කසාදෙට ......."

ඒක අහපු ගමන් බිබී හිටපු තේ එකත් ඉස්මෝල්ලෙ ගියා..තව ටිකෙන් චිoගේ මූණේ....

"මො..... මොකක්ද...කසාදෙට.... හහ් හහ්........
මම කිව්වෙ කහින ගමන්...... ඉස්මෝල්ලෙ ගිය පාර කැස්සකුත් ආවා......"

"ඔව්....... අපි කතා වුණ විදිහට ලබන මාසේ ඔය දෙන්නගේ කසාදෙ වෙනවනේ......"

මේ මොන ගිනිගෙඩියක්ද දෙයියනේ ඒ පාර පාත් වෙන්න යන්නෙ..... මෙහෙට ඇවිල්ලා තාම සති දෙකක්වත් නෑ...... කොහොමද මම කසාද බදින්නේ....... අනික අදුරන්නෙවත් නැති චීන කෙල්ලෙක්.... මට නිකන් පිස්සු වගේ වුණා....

"සර්.... ආහ් නෑ.....චිo ගුරුතුමා...පොඩ්ඩක් මන් කියන දේ අහන්නකො......"

මම කිව්වේ මේ පටලැව්ල්ලෙන් කොහොම හරි බේරෙන්න හිතාගෙන.....

"චිo....... මම චිo නෙමේ ලී චිo මනුස්සයෝ...... ලී චිo........"

"හරි ලී චිo ගුරුතුමා මේ අහන්නකො..... ඇත්තටම මට ලී හෙයිව බදින්න බෑ......"

මම එහෙම කිව්වා විතරයි කෙල්ල වැලපෙන්න පටන් ගත්තා.....

"මන් කිව්වේ අයියේ....... මේ මිනිහා ඔහොම කරනවා කියලා........."

"නoගී ඔයා කලබල වෙන්නෙ නැතුව ඉන්නකො.....
තමුසෙ කොහොමද බදින්න බෑ කියලා කියන්නේ අහ්හ්.......

තමුසේ දන්නෙ නෑ මගේ හැටි..... "

කේන්තියෙන් කියලා පුටුවෙන් නැගිටපු චිo පැනපු ගමන් මගේ කමිසෙ බෙල්ලෙන් අල්ලගත්ත්තා...

ඒත් එක්කම මගේ ඇස් හැරුනේ හාජින් දිහාවට... අතින් කට වහන් හිනාවෙවී හිටපු කෙල්ල මාව දැකපු ගමන් හිනාව ගිලගත්තා... කෙල්ලටනම් හ්

මෝඩාච්චි......අනේ ප්ලීස් මොනා හරි කරන්න... මට ඔයා විතරයි ඉන්නෙ....... අනේ....... අනේ....

කියලා මම කෙල්ලට ඇස් වලින් කිව්වේ කටින් කියන්න බැරි කටම.... ඒක තේරිලාදෝ කෙල්ල,

"ගුරුතුමා...... පොඩ්ඩක් අහන්නකෝ....."

කියලා පුටුවෙන් නැගිට්ටා.....

"මට මොකුත් අහන්න ඕනෙ නෑ......මම අද මේ වoචාකාරයව මෙතනම බාවනවා......"

කියලා තවත් තද කරලා මගේ කමිසෙන් ඇල්ලුවා..තව ටිකක් තද කරොත් මගේ බෙල්ල හිරවෙනවා......

"නෑ..... නෑ...... මේ අහන්න......
මින්හෝ ඉන්නේ අසනීපෙන්..... එයාට පරණ කිසි දෙයක් මතක නෑ....."

"මොකක්ද .........මතක නෑ...... "

"ඔව් එයා කජොක් ගගට වැටුණාට පස්සෙ එයාගේ මතකෙ නැති වුණා....."

හාජින් එහෙම කිව්වම හොදටම පුදුම වුණ චිo මගේ කමිසේ අතෑරියා....ඒක අහපු ලී හෙයි මන් දිහා බලන් හිටියේ ප්‍රශ්නාර්ථ මූණකින්....

_____________________________________________

@මාළිගාව.......

AUTHOR POV :

උදේ ඉදන්ම රැජිණ කළේ පිට්ටනියට ගිහින් දුනු විදින්න පුරුදු වුණ එක...සුපුරුදු රාජකීය ඇදුම වෙනුවට රැජිණ ඇදගෙන හිටියේ සෙබළියකට ගැළපෙන සෙබළ ඇදුමක්....

ඒ ඇදුමට පවා රැජිණගේ රාජකීය පෙනුම වගේම තේජසත් හොදට කැපිලා පෙනුණා....

ගාණට ඉලක්කයට ඇස් හරවගෙන හිටපු රැජිණගේ ඇස් වල තිබුණේ ලොකු පිපාසයක් වගේම කේන්තියක්....

ඇස් පුoචි කරලා , ගාණට ඉල්ලකය අරගෙන දුන්න ඇදලා විදපු ඊතලය ලී පුවරුව මැදින් ගියේ පුවරුව පසාරු කරගෙන.....

"ඉල්ලක්කයටම වැදුනා............ ලකුණු පනහයි.."

පුවරුව ළග හිටපු සෙබළා කිව්වම රැජිණගේ මූණ පුoචි හිනාවක් ඇදුනා.....

"තව එක ඉල්ලක්කයක්......."

කියලා රැජිණ තවත් ඊතළයක් අතට ගත්තෙ පුවරුව දිහා බලාගෙනමයි...

"රැජිණියනි.......ඔබතුමිය දැන් විවේක ගන්න
ඕනේ........."

මියුන්ජු කිව්වේ රැජිණි අතට ගත්ත අනික් ඊතළට දුන්නට තියනවත් එක්කම....

"නෑ......මට විවේක ගන්න ඕනෙ නෑ...."

"රැජිණියනි..... හැමදේටම කලින් ඔබතුමිය ගැන හිතලා ඉන්න.......
ඔබතුමිය කොච්චර වෙලා ඉදන්ද මෙතනට වෙලා ඉන්නෙ........"

"ඇහැට පේන හතුරන්ට වඩා නොපෙනන හතුරො ගොඩක් දක්ෂයි මියුන්ජු....
ඒ නිසා අපි හතුරගේ පපුවම ඉලක්ක කරන්න ඕනෙ...."

කියලා රැජිණ ආපහු දුන්න ඇදලා ඉලක්කය ගත්තා......

"නමුත් රැජිණියනි.....බලන්න ඔබතුමියගෙ අත් දෙකත් ගොඩක් තුවාල වෙලා........."

මියුන්ජු කිව්වේ රැජිණිගෙ අත් දෙක දිහා බලන ගමන්... දුන්න ඇදලම රැජිණගේ අතේ අල්ල තිබුණේ ලේවලින් තෙත් වෙලා... තුවාලේ වැහෙන්න රෙදි පටියක් අල්ලේ ඔතාගෙන හිටියත් කැපුමේ ගැඹුර නිසාදෝ රෙදි පටියත් පසාරු කරගෙන ලේ ඇවිට් තිබුණා....

"තුවාලේ හරියටම තියෙන්නෙ කොහෙද කියලා ඔයා හොදටම දන්නවනේ මියුන්ජු ......"

කියලා රැජිණ කිසිගාණක් නැතුව තුවාල අතින්ම ආපහු පුලුවන් තරම් වේගෙන් දුන්න ඇද්දා.....

ඉල්ලක්කයටම ඇස් හරවන් හිටපු රැජිණගේ ඇස් එකපාරටම වෙන ඉල්ලකයෙන් ගිළිහුනේ දාසියන් පිරිවරාගෙන පාලිකාවක් වගේ කෙනෙක් එතනට එනවත් එක්ක......

"රැජිණියනි....... ."

පාලිකාව ඇවිත් රැජිණට ආචාර කළා.... වයස අවු හතලිහක විතර පෙනුමක් තිබුණ ඒ පාලිකාව ඇදලා හිටියේ අනික් අයට සාපේක්ෂව වෙනස් ඇදුමක්...බැලූ බැල්මට එයා උසස් පාලිකාවක්......

"අහ් ජිහියා අම්මා........ ඔයා මොකද මේ වෙලාවේ මෙහෙ........"

රැජිණ ඇහුවේ එයා පාලිකාවව ඒ වෙලාවේ බලාපොරොත්තු නොවුණ නිසා.....

"මම ඔයාව මුණගැහෙන්න මාළිගාවට ගියා.....
පාලිකාවෝ කිව්වා ඔයා මෙතන කියලා...... ඉතින් මම ආවා....."

ජිහියා කියන ඒ පාලිකාව රැජිණට කතා කළේ සාමාන්‍ය කෙනෙක්ට කතා කරනවා වගේ හරි සුහදශීලීව...... ජිහියාගේ වචන හරි සෞම්‍යයි... ඕනම කෙනෙකුට අහන් ඉන්න ආස හිතෙන මෘදු කටහඩක් ජිහියට තිබුණා......

"අහ්...... මොකක්ද වුවමනාව......."

කියන ගමන් රැජිණ හිමීට එයාගේ තුවාල වෙල තියෙන අත හoගගත්තා....

"මොනවාද ඔය හන්ගගත්තේ......."

ජිහියා විමසිල්ලෙන් වගේ ඇහුවේ රැජිණ අත හන්ගන්නවා දැකලා....

"නෑ.........මොකුත් නෑ......."

"මොකුත් නෑ......කෝ බලන්න...... "

කියන ගමන් පිටිපස්සෙ හන්ගන් හිටපු රැජිණගේ අත ජිහියා බලෙන්ම ගත්තා.... රැජිණගේ මූණෙන්නම් පෙනුනෙ ජිහියා එයා අත ගත්තට අකමැති පෙනුමක්....

රැජිණගේ අත දැකපු ගමන් ජිහියා ගොඩක් කලබල වුණා.... එයාගේ ඇස් වල රැජිණ වෙනුවෙන් අනුකම්පාවක් , දුකක් මතු වුණා......

"අනේ දෙයියනේ....... මුලු අත් දෙකම ලේ වලින් තෙත් වෙලානේ......

මියුන්ජු ඔයා මොකද කළේ...... මෙයා තුවාල කරගන්නකන් ඔයා බලන් හිටියද.......?

ජිහියා කිව්වේ රැජිණගේ අතේ තිබුණ රෙදි පටිය පරිස්සමෙන් ගලවන ගමන්.....

"අහ්........කලබල වෙන්න දෙයක් නෑ..... ඒක එච්චර දෙයක් නෙමේ......"

කියලා රැජිණ එයාගේ අත ජිහියාගේ අතින් ගන්න හැදුවත් ජිහියා අත ගන්න දුන්නෙ නෑ...

"මේ බලන්න සූ...මොනවා කළත් කමක් නෑ....... ඔයා ගෑනු ළමයෙක් කියලා අමතක කරන්න එපා....
මෙහෙම තුවාල කරගන්න එපා දරුවො...."

ජිහියා ආදරෙන් එහෙම කිව්වාම රැජිණගේ මූණ එකපාරටම අදුරු වෙලා ගියා......

"ජිහියා අම්මා ඔය ඇති..... "

කියලා එයාගේ අත ජිහියාගේ අතින් ඇදලා ගත්තා...

"මම ඔයාට අම්මා කිව්වා කියලා ඔයාට බෑ මගේ අම්මා වෙන්න....තේරුණාද......?

කරුණාරලා මට ආදරෙයි වගේ බොරුවට රගපාන එක නවත්තන්න......"

මියුන්ජු අපි යමු......."

කියලා අනික් අතේ තිබුණ දුන්න ජිහියහේ කකුල් දෙක ළග බිම පොළොවේ ගහලා රැජිණ යන්න ගියා......

ජිහියාගේ ඇස් වලින් පෙනුනෙ ලොකු වේදනාවක්......ජිහියාට දැනුනෙ එයා ප්‍රතික්ෂේප වුණා වගේ වේදනාකාරි හැගීමක්......

රැජිණ එහෙම කියලා යනවට වඩා පපුවට පිහියෙන් ඇන්නනම් හොදයි කියලා මොහොතකට ජිහියාට හිතෙන්න ....

කිසි ගාණක් නැතුව තමන්ව ප්‍රතික්ෂේප කරල යන රැජිණ දිහා ජිහියා බලන් හිටියේ වේදනාකාරි ඇස් වලින්......

"පාලිකාවනි........ ඔබතුමිය හොදින් නේද....."

තවත් පාලිකාවක් ඇවිත් ජිහියගෙන් ඇහුවම ජිහියා රැජිණගෙන් ඇස් අහකට අරගත්ත....

"ඔව්...... මම හොදින්.......
සුයෝන් එයා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ........ එයා තාමත් මාව දකින්නෙ ඉස්සර විදිහටමයි...."

"රැජිණිය එහෙම තමා...ඔබතුමිය කණගාටු වෙන්න එපා......"

"හ්ම්ම් අපි කොහෙ යන්නද ආවේ.... ඒ ගමන යමු......"

කියලා හිනාවෙලා පාලිකාවෝ එක්ක යන්න ගියා.... මොනවා වුණත් ජිහියා හැමවෙලේම උත්සහ කළේ හිනාවෙලා ඉන්න.......

_____________________________________________

ජිමින් (මින්හෝ ) POV :

චිoට වඩා දහසකින් මගේ නිදිකුම්බර යූන්හී හොදයි..මතකෙ නැති වුණා කියලා අන්තිමේදි මට ඔප්පු කරලම පෙන්නන්න වුණා...
හොද වෙලාවට මම මතක නැති වුණා කියලා කිව්වේ හදිස්සියකින්වත් මම මින්හෝ නෙමේ වෙනමම කෙනෙක් කියලා දැනගත්තනම් මට මොනවගේ ඉරණමක් අත්වෙයිද කියලා හිතාගන්න පුලුවන්නෙ.........

කොහොම වුණත් ලී හෙයි ගැන මට දුක නොහිතුනාම නෙමේ..... ඒ අහින්සක කෙල්ල මින්හෝට ගොඩක් ආදරේ කරලා...ඒත් කලින් මින්හෝනම් කෙල්ලට ඇත්තට ආදරේ කරන්න ඇති කියලා මම හිතන්නෙ නෑ..... මිනිහා ආදරේ කරන්න ඇත්තෙ කෙල්ලගෙ සල්ලිවලට කියලා තමා මගේ හිත කිව්වේ....

අන්තිමේදි චිoගේ කනිනුත් රින්ගලා හවස්වෙලා හාජින් එක්ක ගෙදර ආවා....

ගෙදර ගිහින් ටික වෙලාවක් ගියාට පස්සෙ දැනගත්තා හාජින්ගේ අම්මගේ අසනීපෙ ටිකක් හොද වෙලා එයාට සිහිය ඇවිත් කියලා.... මිසෝ අම්මට සිහිය ආව එකට මම වගේම හාජිනුත් ගොඩක් සතුටු වුණා.....

අපි දෙන්නම කාමරේට ගියේ මිසෝ අම්මව බලන්න... එයා නිදාගෙන හිටියේ බිම අතුරපු පරණ බැලැන්කට්වලිම් හදපු ඇදක් වගේ එකක...

මිසෝ අම්මට තිබුණේ වයසට වඩා වැඩි පෙනුමක්..ඕනම කෙනෙක් සoවේදි කරවන අහින්සක මූණක් මිසෝ අම්මට තිබුණා......
ඒ මූණ හැමවෙලේම මට මගේ අම්මව මතක් කළා....

අනේ මගේ අම්මා මොනවා කරනවා ඇත්ද......... ඉන්න තැනක හොදින් ඉන්න අම්මේ.... ඔයාගේ ජිමිනා හොදින් ඉන්නවා....

හිතපු මම මිසෝ අම්මා දිහා බලාගෙන මගේ අම්මා වෙනුවෙන් ප්‍රාර්ථනා කළා.....

"අම්මා......... අම්මා......... ඔයාට දැන් කොහොමද ?..."

හාජින් ඇහුවේ හිමීට ඇස් ඇරලා අපි දිහා බලපු මිසෝ අම්මා ලගට ගිහින්... හාජින් අම්මා ලග හිටියත් එයාගේ ඇස් හැරුනේ කොනේ වාඩි වෙලා හිටපු මගේ දිහාවට.....

"මි.....න්......හෝ...... මින්හෝ අනේ මගේ දරුවා.....ඔයා එහෙනම් අන්තිමේදි ආවා අම්මව බලලා යන්න......."

අමාරුවෙන් වචන ගැටගහලා කිව්වම මම ගොඩක් පුදුම වුණේ තමන්ගේම දුව ළග ඉද්දි මින්හෝ කියලා මට කතා කරපු නිසා......

"අම්මේ...... මම හාජින්...... ඔයාගේ දුව.......හාජින් අම්මා මම...."

හාජින් එහෙම කිව්වත් මිසෝ අම්මා මම දිහාම බලාගෙන හිටියේ හාජින්ව දැක්කෙ නෑ වගේ....

"මින්හෝ....... මෙහාට එන්න දරුවො..... මo ළගට එන්න......"

මිසෝ අම්මා මගේ දිහාට අත දික්කරලා මට කතා කළා.... මොනව කරන්නද කියලා හිතාගන්න බැරි වුණ මම මිසෝ අම්ම ලගින් ගිහින් වාඩි වුණේ එයා ආදරෙන් කතා කරාම නොයා ඉන්න හිත දුන්නෙ නැති නිසා......

"ඔව්....... අම්මා......"

මම මිසෝ අම්මගෙ අත අල්ලගත්තා.....

"ඔයා හොදින් නේද මගේ දරුවෝ...... කරදරයක් නෑනේද......."

"නෑ..... අම්මෙ මම ගොඩක් හොදින් ඉන්නවා...."

"අහ්...... මට ගොඩක් සතුටුයි......."

"කරදර වෙන්න එපා අම්මේ....ඔයාට ඉක්මනටම සනීප වෙයි......"

කියලා මම ආදරයෙන් මිසෝ අම්මගෙ ඔලුව අතගෑවා......

"මේ බලන්න හාජින්...... මින්හෝ මට අම්මා කියලා කිව්වා.... අවුරුදු ගාණකට පස්සෙ එයා මට අම්මා කිව්වා......
මේකම ඇති මට.........."

හාජින්ගේ අම්මගෙ කතාවෙන් මට තේරුණේ මින්හෝ හාජින්ගේ අම්මා එක්ක හොද සම්බන්ධතාවක් තියන් ඉදලා නෑ කියලා.. තමන්ගෙම දරුවටත් වඩා හාජින්ගේ අම්මා වද වෙලා තියෙන්නෙ හදාගත්ත මින්හෝ ගැන..

"අම්මා ඔයාට මාව පේන්නෙ නැද්ද..... හැමදාම වගේ මම කොච්චර දේවල් කරත් ඔයාට අගයක් නෑනේ......."

හාජින් වේදනාවෙන් වගේ කිව්වේ එයාගේ අම්මා එයාව ගනන් ගත්තෙ නැති නිසා..ම් මොනව වුණත් ඉතින් කෙල්ල දුක් විදින්නෙ අම්ම වෙනුවෙන් නිසා අම්මා එයාට වඩා මින්හොව අගය කරද්දි කෙල්ලට වුණත් දුක හිතෙනවනේ.......

" හා....ජි න්...... හහ්......හාහ්.......අහ්......"

කියලා එකපාරටම අම්මා නොනවත්වාම එකදිහට කහින්න පටන් ගත්තා....

"ඇයි......අම්මේ ඔයා හොදින්ද..... ප්‍රශ්නයක් නෑනේද......"

"ඔහොම ඉන්න මන් ඉක්මනටම බෙහෙත් ටික අරන් එන්නම්....."

කියලා හොදටම කලබල වුණ කෙල්ල අම්මා ලගින් නැගිට්ටා.....

"නෑ.... ඔයා ඉන්න..... මේ වෙලාවේ ඔයා අම්මා එක්ක ඉන්න ඕනෙ....
කොහෙද තියෙන්නෙ මන් අරන් එන්නම්......."

කියලා මම කෙල්ලව නවත්තගත්තෙ මේ වෙලාවේ මිසෝ අම්මට කෙල්ලව ඕනෙ වෙන නිසා.......

"හා....හරි.... කාමරේ බිත්තියෙ එල්ලලා තියන මල්ලෙ තියනවා.....
ඉක්මනටම අරන් එන්න......."

"හරි..... ඔහොම ඉන්න......."

කියලා මම කාමරෙන් එළියට ආවා......

කෙල්ලගෙ කාමරේ දොර ඇරගෙන පරිස්සමෙන් ඇතුළට ගිය මම වටපිට බැලුවේ එල්ලලා තියන කෙල්ලගේ බෑග් එක හොයාගන්න.. කොහොම කොහොම හරි අන්තිමට කෙල්ලගෙ බෑග් එක හොයාගෙන ඒක අතට අරගෙන බෑග් එකට අත දාලා බෙහෙත් ටික එළියට ගත්තා....

බෙහෙත් ටික අතට ගත්ත මගේ හිතට පුoචි කුතුහලයක් ආවේ ඒත් එක්කම රතු පාට ලියුමක් වගේ පැටලිලා ආව නිසා..

පරිස්සමට බෙහෙත් ටික සාක්කුවට දාගෙන ලියුම අතට අරගෙන හොදට බැලුවා... රතු පාට කවරයක දාලා තිබුණ ලියුම ඇතුළට අත දාලා ලියුම එලියට අරගෙන දිග ඇරපු මගේ ඇස් උඩ ගියේ ලියුමේ ලියලා තියන දේවල් දැකපුවාම..... මට හිතාගන්න බැරි වුණා.. මම හීනෙකින්වත් හිතුවේ නෑ හාජින් මෙහෙම කෙනෙක් කියලා......

ඉතින් රතු ලියවිල්ල තියෙන්නෙ හාජින් ළගද..?
ඇත්තටම හාජින් කියන්නෙ කවුද ?

ඊළග කොටසින් හමුවෙමු 🌹

මෙය හුදෙක් මන:කල්පිත කතාවක් පමණි !

_____________________________________________

මේ කතාව කොරියානු පරණ රාජධානියක් මවා ගෙන කියවන්න.... ඒක ඔයාලට ගොඩක් පහසු වෙයි කියලා හිතනවා.....😊

_____________

කතාව බෝරින්ග් වගේද.....? 😶

අඩුපාඩු තියනවනම් කියන්න....💜️💐
ලයික් කරන කමෙන්ට් කරන හැමෝටම කුමාවෝ😍🌹❤️

දිගටම කතාව එක්ක ඉන්න.....💜️

ඔයාලගෙ අදහස් කියන්න.......

සරන්හේ......💜️

❤️ලී චිo - යූන්ගීගේ අතීත රූපේ..

❤️යුන් ජිහියා - මාළිගාවේ ප්‍රධාන පාලිකාව, සුයෝන් රැජිණගේ මිතුරියකි...

❤️ මියුන්ජු - රැජිණගේ ප්‍රධාන දෙවෙනි සහායිකාව......

Continue Reading

You'll Also Like

756 89 8
Naruto was neglected by his family for all his life, When the time came for his final mission, naruto Accept it.
3.1K 604 10
💥තම රාජකාරියට හදවතින්ම ගෞරව කරමින් මෙහෙයුමක නියැලී සිටින එක කෙල්ලෙක්😌 💥එක කුස උපන් සහෝදර සහෝදරියන් මෙන් හැම දේකටම එකටම සිටින යහළුවන් කීපදෙනෙක්❤ 💥...
1.1M 37.3K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
1.6K 273 16
මාලිගාවක් නේද?🏰 ඒකනේ මං කිව්වේ බොරුද?එයා මායාකාරියක්..🧙 අර වයසක ගෑනි මගෙ ඕඩිව ගෙම්බෙක් කරලා සුප් හදලද දන්නෑ..🦴 මේ වුන දේවල් නිකන් ෆිල්ම්ස් වල තියෙ...