𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄...

By jinshi_0811

62.4K 9.9K 1.7K

යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට ... More

intro 🥀✨
1 🥀✨
2 🥀✨
3 🥀✨
4 🥀✨
Special 🥀✨
5 🥀✨
6 🥀✨
7 🥀✨
8 🥀✨
9 🥀✨
10 🥀✨
11 ✨🥀
13 ✨🥀
14 🥀✨
15 🥀✨
16 ✨🥀
17 ✨️🥀🔞
Final Chapter 🥀✨️
Next Stories ...🏹🧚
ඕතරීගෙන් රීඩස්ලාට ❤️✨️

12 🥀✨

2.4K 453 35
By jinshi_0811

Jk pov:

ඇඟේ ලේත් පෙරාගෙන මම උඩ තට්ටුවට කිසිම බයක් සැකක් නැතුව ගියෙ මෙ වෙලාවෙ හැමෝම නිදි නිසා.. ඇඟ අර ගෑනිගෙ ලේවලින් නෑවිලා. මට දැනෙන්නෙ පුදුම පිලිකුලක්..

සූහි..!!!

රූම් එකට ඇතුල්වෙනවත් එක්කම මම දැක්කෙ සූහිව. එයා මීශාව නිදි කරවනවා. කවදාවත් නැතුව ඇයි මගෙ රූම් එකට ආවෙ!!! ඇයි අදම ආවෙ!!!

එයා බය වෙලා වගෙ මගෙ දිහා බලන් ඉන්නවා. මම මොනා කියන්නද .. අරකිව මස් කරලා ආවෙ කියන්නද. කියන්න ඕන්නෑ එයාට ඒක දැක්ක ගමන් තේරෙන්න ඇති. ඒ ඇස්වලින්ම මට පේනවා. එයා හුඟක් බය වෙලා..

🐰: ස්.. සූහි..

මම කතා කළා.. මගෙ වචන ගොත ගැහෙන්නෙ ඇයි කියන්න මම දන්නෑ... එයා එක බාරම බය වෙලා තිබ්බ මූන වෙනස් කරගෙන සාමාන්‍ය විදියට මගෙ දිහා බැලුවා..

💖: යන්න කුකී වොශ් කරගන්න. මීශා නින්දෙන් ඔයාව ඕනි කියලා කෑ ගැහුවා. ඒකයි මම එක්කන් ආවෙ. ඉක්මනට වොශ් එකක් දාගෙන එන්න පුලුවන්ද. මට ටිකක් කතා කරන්න ඕනි..

එයා ඔහේ කියලා දැම්මා. දැන් එයාගෙ කලින් තිබ්බ බය ගෑවිලාවත් නෑ. මම තවත් මොනා කියන්නද. මම හා කියන්න වගෙ ඔලුව වනලා ඇදුමකුත් අරගෙන වොශෲම් එකට ගියා...

___________

සීතල වතුර බිංදු එකින් එක මගෙ ඇඟෙන් පහළට යද්දි මට දැනෙන්නෙ පුදුමාකාර සනීපයක්. මේ සනීපය හිතටත් දැනුනනම්. ලෝරාගෙ විලාපය මගෙ හිත අස්සෙ තවමත් දෝංකාර දෙනවා. ඒ ගෑනිගෙ ලේ මගෙ ඇඟෙන් හේදිලා ගියා හරි ඉක්මනට .. ඒ වගෙ මගෙ හිතෙත් තියෙන දෙගිඩියාව අයින් වෙලා යනවනම්....

බාතෲම් එකේම චේන්ජ් කරගෙන මම ඇවිත් ඇඳෙන් ඉදගත්තා. සූහි තාමත් මීශාව නිදි කරවනවා.

🐰: සූහි ..

💖: අහ් ආවද... කුකී මට කියන්න දෙයක් තියෙනවා..

🐰: ම්වො?

💖: කුකී මට කොලේජ් එකට යන්න ඕනි. දැන් දවස් ගානකින් ගියෙ නෑනෙ.. මම යන්නම්කො..

මම හිතුවෙ මට හොඳටම බනී කියලා නැත්තන් ගහයි කියලා. මීශා ඉද්දි ලේ පෙරාගෙන ආපු එකට. ඒත් එයා ඒ ගැන කිසි දෙයක් කතා කලෙ නෑ. කොලේජ් යන්න ඕනි කියලා පොඩි දරුවෙක් වගෙ කටත් උල් කර කර මගෙ අතින් ඇද ඇද කිව්වා මිසක්..

මෙච්චර වෙලා මගෙ හිතට දැනුන කලබලකාරිබව කොහෙන් ගියාද දන්නෑ. ඒ ඇස්, ඒ හුරතලෙ මාව පිස්සු වට්ටනවා... ඉතින්.. කොහොමනම් මම එපා කියන්නද. ඒත් මට බයයි.. ගොඩක් බයයි. සූහි කියන්නෙ මගෙ දේ.. මගෙ වටිනාම දේ.. ඉතින් මං කොහොමද මින්හො මගෙ කෙල්ල දිහා බලද්දිවත් ඉවසන්නෙ... හෙට මම ගන්න තීරණෙන් අපෙ ජීවිත ගොඩක් වෙනස් වෙවී. සමහරවිට සූහිට ගොඩක්ම කරදර වේවී... මොන දේ වුනත් මට එයාගෙ අයිතිය , ඉගෙනීම නවත්තන්න බෑ...

මම එයාට හා කියන්න වගේ ඔලුව වැනුවා. කෙල්ල එක පාරම මාව බදාගෙන තෑන්ක් කරන්න ගත්තෙ පොඩි බබෙක් වගෙ. මීශා හොඳයි බලන් යද්දි මේ මෝඩිට වඩා...

💖: කුමාවෝ කුකී.. කුමාවෝ හාද 🥺🥺🥺 අනෙ ඇත්තමයි. ඔයා තමයි මේ ලෝකෙ හොඳම...

🐰: බටර් නොගා ඉන්නවද... මම කොහොමත් හොදයි තමා..

💖: pffff 😒 මං යනවා. නිදි මතයි. හෙට ඉදන් ලේ පෙරාගෙන මගෙ ඉස්සරහට ආවොත් පයින් ගහන්නෙ පයින්...

ඔය පටන් ගත්තෙ... එයා මගෙ මූණට එබිලා මහ ලොකු චන්ඩියා වගෙ මට කෑ ගහලා ඇඳෙන් බහින්න හදද්දිම...

💖: මාව අතාරිනවා මනුස්සයෝ....

මම එයාව ඇදලා අරන් මීශාට එහා පැත්තෙන් හාන්සි වෙලා මගෙ තුරුලට අරන් මම ඇස් පියා ගත්තා. මේ කෙල්ල චූටි පනු පැටියෙක් වගෙ මගෙ තුරුලෙන් ගැලවෙන්න හැදුවත් ඒ හීනි අත්වලට වඩා මගෙ අත් දහගුනයක් හයියයි...
ටික වෙලාවක් දඟලලා එයාම සංසුන් වුනා.. මම ඇස් ඇරලා බලද්දි එයාගෙ බෝල ඇස්වලින් මගෙ දිහා අහිංසක විදියට බලාගෙන ඉන්නවා..

ආශ්.....

මේ කෙල්ල නිසා මම කවදාහරි පිස්සෙක් වෙනවා... 🙂

🐰: මීශා බලයි ඔම්මයි අප්පයි ඇයි වෙනම ඉන්නෙ කියලා. අද ඉදන් මීශයි ඔයයි මගෙ ළඟ.. දැන් ඇස් පියාගන්නවා...






____________________________

Author pov :
Next day morning ...

" boss "

🤡: " මොකද යකෝ.. ඇයි උදේ පාන්දර"

".........."

🤡: කියපං මිනිහො.. ආශ් මුන්නම්..

" බොස්.. Mansion එකෙ දොර ඉස්සරහා ලෝරා මැඩම් එක්ක ගිය කොල්ලගෙ බොඩි එක.. ඌ කියලා හොයාගත්තෙත් හෙන ගේමක් දීලා. මූනටම ශූට් කරලා.. තව එදා වගෙ කාඩ්බෝඩ් පෙට්ටියක් තියෙනවා"

ගාඩ් කෙනෙක් කිව්ව කතාව අහලා නිදි කිර කිරා හිටපු බ්‍රයන් බෙඩ්ශීට් එකත් පැත්තකට විසිකරලා දුවගෙන ගියෙ තමන්ගෙ mansion එකෙ දොර ළගට.. කලින් වගේම ලේයින් පෙඟිච්ච කාඩ් බෝඩ් පෙට්ටියකුත් ලෝරා එක්ක ගිය ගාඩ් බව අදුරගන්න පුලුවන් බොඩි එකකුත් බ්‍රයන්ගෙ ඇස් ඉස්සරහා තිබුනා.

ටික වෙලාවක් ඒ දිහා බලන් ඉදලා බ්‍රයන් ගාඩ් දෙන්නෙක්ට අණ කලේ එදා වගේම කාඩ් බෝඩ් පෙට්ටිය රූම් එක ඇතුලට ගෙනියන්න කියලා. ඒ වගේම බොඩි එක පුච්චලා දාන්න කියලා..

ටික වෙලාවකින් කාටවත් කාඩ්බෝඩ් පෙට්ටියට අතක් තියන්න නොදී බ්‍රයන් තමන්ගෙ අතින්ම කාඩ්බෝඩ් පෙට්ටිය විවෘත කළේ හිත යටින් ඒ ලෝරාදෝ කියන සැකෙ ඇතිව..

කාඩ් බෝඩ් පෙට්ටිය විවෘත කරනවත් එක්කම තිබුනෙ එදා වගේම මස් ගොඩක්.. මස් ගොඩ උඩින් ලේවලින් බෙඟිච්ච කොල කෑල්ලක්. ඒ වගේම id කාඩ් එකක්..
තමන්ගෙ අත ටිකෙන් ටික වෙව්ලද්දි බ්‍රයන් මුලින්ම අතට ගත්තෙ id කාඩ් එක...

තමන්ගෙ ඇස්වල මෙච්චර වෙලා හිර කරන් හිටපු දුක බ්‍රයන් පලවෙනි වතාවට කඳුලුවලට පෙරලුවෙ තමන්ගෙ වටෙ ඉන්න ගාඩ්ලා දෙන්නවත් පුදුම කරවලා. තමන්ගෙ සුරූපී පෙම්වතියගෙ මස් ගොඩ තමන් ඉදිරියෙ බ්‍රයන්ට දකින්න ලැබුනෙ එයාගෙ කළකම් පලදුන්නා වගේ...
බොහෝම අමාරුවෙන් කඳුලු පාලනය කරගෙන බ්‍රයන් ලේවලින් පෙගුන කොල කෑල්ල අතට ගත්තා...

Brian.. දැන් බයක් දැනුනද.. වාහ්.. උඹෙ කෙල්ල ඒකිගෙ ජීවිතේ ඉල්ලලා කෑ ගැහුවෙ උඹේම කරුම නිසා. ඊළඟ කෙනත් ඉක්මනට ඔයා ළඟට එයි. කාඩ්බෝඩ් පෙට්ටියකින්ම..පරිස්සම් වෙයන්. මම මේ පටන්ගත්තා විතරයි. උඹ කරපුවට උඹම විඳවපං...

Someone who hate you than anything 🥀✨

  බ්‍රයන්ගෙ කදුලු පිරුනු ඇස් කෝපය නිසාම රතු පැහැ වෙන්න ගියෙ එක තත්පරයක්. කලින් සැරේ ගනන් ගත්තෙ නැතත් බ්‍රයන්ට දැන් දැනුනෙ ඒ කවුරු වුනත් තමන්ගෙ අතින්ම මරන්න තරම් කෝපයක්...

Few minutes later..

" වේහ්හ්"

🤡: තමුසෙ කොහෙද ඉන්නෙ..

" ගන්ග්නම්වල.. ඇයි මොකද.."

🤡: mansion එකට එනවා..

" මොකද.. අලුත් වැඩක්ද"

🤡: ලෝරව මරලා..

" ඔප්පා... මිච්චස්සෝ.. මොනාහරි බිව්වද"

🤡: එනවා ... මගෙ ලෝරාව මොකෙක් හරි මස් කරලා.. පෙට්ටියක දාලා ඒකිව එව්වෙ... ශීරා... මට මේක කරෙ කව්ද කියලා හොයලා දිපං.. ඉල්ලන ගානක් දෙන්නම්..

" what??? මොන @&#%£ එහෙම කරේ. යාහ් ඔප්පා... ඒ මගෙ හොඳම යාලුවා.. මම උන්ව හොයාගන්නවා. හොයාගෙන නැත්තටම නැති කරනවා.. Just wait and watch"

___________________

සූහි ලෑස්ති වුනෙ කොලේජ් යන්න. යූරිත් එක්කම..ඒ වගේම අද හැමෝගෙම ජීවිතවලට වෙනසක් වෙන්න යන දවසක්. විශේශයෙන් jk ගෙ ජීවීතේට..

මෙච්චර දවස් හැංගිලා බය ගුල්ලෙක් වගෙ හිටපු කොල්ලා අද මුලු ලෝකයක් ඉස්සරහා පෙනී ඉන්නවා.. Jeon company එකේ වර්තමාන CEO හැටියට එයා company එක තමන්ගෙ පාලනයට ගන්නවා...

හැමෝම කන ගමන් හිටියෙ.  ඒත් ජංගුක් එතන හිටියෙ නෑ..කොල්ලො ටිකගෙ තියෙන්නෙ පුදුම ලස්සනක්. මොකද ඒක jk ට වගේම එයාලටත් විශේශ දවසක් නිසා.. කෙල්ලො දෙන්නට company එකට යමු කිව්වත් කෙල්ලො දෙන්නටම ඒක ප්‍රතික්ෂේප කරන්න සිද්ද වුනෙ අද කොලේජ් යන්නම ඕනි නිසා..

( author ; හෙටම යන්න තිබ්බනෙ 🙂 කාලා බීලා එන්න පින නෑ මුන් දෙන්නට 🙂")

🐯: වාහ් කුකා...

හැමෝම බැලුවෙ පඩිපෙලෙන් බැහැගෙන එක කුකී දිහා.. ඒ උස , තනි කලුපාට ෆුල් සූට් එක, බෙල්ල ළඟට වැව්න කොණ්ඩය වගේම නපුරු ඇස් කොල්ලට එකතු කළේ පුදුම කඩසම්බවක්. තමන්ගෙ විශේෂ දවසෙ කොල්ලා ඕනිවටත් වඩා පෙනුමයි..

  සූහි කටත් ඇරන් බලන් හිටියෙ ජංගුක් දිහා.. අනිත් කොල්ලො ටික සූහි දිහා බලන් ඉන්නෙ කියලා කෙල්ල දන්නෑ..

🐱: වහගන්නවා ඔය කට.. මැස්සෙක් රිංගයි..

සුගාගෙ වචන ටික ඇහෙනවත් එක්කම එක පාරම ගැස්සිලා ගිහින් කෑම එකෙ මූණ ඔබාගත්ත හැටි කොල්ලො ටික බලන් හිටියෙ හිනා වෙවී..

🐰: මම ඩ්‍රොප් කරන්නද...

🐥: අනී.. ජංගුකා.. මම කෙල්ලො දෙන්නව කොලේජ් එකට දාන්නම්. උඹ පලයං කම්පැනි එකට. මම ඉක්මනට එන්නම්..

🐰: කුමාවෝ හ්‍යොං..





Time passed..
@ university ...
Suhii pov:

අද දවස ගැන කියනවනම්.. අද උදෙන්ම කුකාව දැක්ක නිසා දවසම සුභයි.. හත්තිලව්වෙ පුදුම ලස්සනක්නෙ තියෙන්නෙ මෙ මනුස්සයගෙ. ඉරිසියාවෙත් බෑ...

ඒ නපුරු ඇස් දකිද්දි මට හිතෙන්නෙම මගෙ ආදරේ ගැන කියන්න . අද එයාගෙ විශේෂ දවසෙ මම ඒ දේ කිව්වොත් එයාට අද දවස හැමදාම මතක තියෙයි. ඒ වගේම මටත්..

ඔව්.. අද මම එයාට කියනවා.. ඒත් එයාට මොනා හරි දෙන්න ඕනි මට.. මොනාද දෙන්නෙ 😒😒😒

ලෙක්ච ඉවර වුනෙ හරි ඉක්මනට .. අද මින්හො කියන මනුස්සයා පේන්නවත් හිටියෙ නැති නිසා පොඩ්ඩක්වත් බය නෑ මම දැන්. අනික කුකී ඉන්නවනෙ මාව බේරගන්න. මින්හොව පුම්බලා උඩ අරියි මයෙ කුකා 😌😌😌

ලෙක්චස් ඉවර වෙලා අපිව එක්කන් යන්න ආවෙ සන් ශයින් ඔප්පා.. පව්.. එයාලා අපි දෙන්නා වෙනුවෙන් හුඟක් මහන්සි වෙනවා. අනික මට ඉවසිල්ලක් නෑ අද වෙච්ච දේවල් අහගන්නකන්...

🦄: හායි.. පැටව් දෙන්නා අද හොදට lectures අහගෙන හිටියා නේද..

💖: දේ.. ඔප්පා.. මොකද වුනෙ කියන්නකො අද...

🦄: කුකීට එයාගෙ අප්පා නිසා ගොඩක් සේවකයො හරි කැමතී චූටි.. මහලොකු දෙයක් වුනෙ නෑ. කුකී හෙට ඉදන් හැමදාම ඔෆිස් යයි. කොල්ලා සතුටින් ඉන්නෙ..

සන් ශයින් ඔප්පා  අන්තිමේට කිව්ව දේ නිසා මගෙ මූණෙ හිනාවක් ඇඳුනෙ ඉබේටමයි.. එයා සතුටින්ලු.. මං අහන්න ආසම වචන ටික තමයි ඒ.. එයා හිනාවෙන එකට තමා මම වැඩියෙන්ම ආස ... ඒ හිනාව හුඟක් හුරතල්....

වාහනෙ මඟින් නතර කරලා කුකීට පොඩි gift එකක් ගත්තා. අද දවසෙ එයාට මොකුත් නොදී ඉන්න බෑනෙ..

ටික වෙලාවකින් අපි ගෙදර ගියා. ඔප්පලා කවුරුත් හිටියෙ නෑ. සන්ශයින් ඔප්පා කිව්වෙ අද එයාලා ඔම්මලගෙ ගෙදර යනවා කියලා ටිකකින් කොට ඔප්පා ඇවිත් මීශවයි යේරිවයි එක්කන් ගියා..

වාහ්... අජුම්මටත් යන්න කිව්වා.. අනෙ කුකීත් ගෙදර නෑ.. මුන්ටික මට ප්‍රෑන්ක් එකක්වත් දෙන්න යනවද.... මට ඩිම්පල් ඔප්පා කෝල් කරලා කිව්වා කුකී එනකන් දොර වහගෙන ඉන්න කියලත්.. ආහ් .. යනතැනක මාවත් එක්කන් යන්න එපැයි...

ටික වෙලාවක් මම ඔහේ එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා. කරන්න වැඩකුත් නෑ....

ඩිං ඩොං...

එක පාරම ගෙදර ඩෝබෙල් එක වැදුනා.. වාහ් කුකා එන්න ඇති.. මම ගිහින් දොර ඇරිද්දිම එතන හිටියෙ කුකී නෙවෙයි.. Delivery කරන කෙනෙක්..

" මිස් සූහි"

💖 දේ..

" මිස් මේක sign කරලා ගන්නවද.. මිස්ගෙ නමට පාර්සල් එක තියෙන්නෙ.."

මම පාර්සල් එකත් අරගෙන ආයෙත් දොරවහලා සෙටියෙන් ඉදගත්තෙ මේ මොකක්ද බලන්න..

බෝම්බයක්ද දන්නෑ...!!!!

ඒත් ඉතින් මම ISIS කාරයෙක් ඇයි මට බෝම්බ එවන්න?

මම පාර්සල් එක අරද්දිම..

" වාහ්හ්හ්හ්හ්හ්හ්හ්!!!!!!'

ලස්සන රතු පාට හීල්ස් දෙකකුයි නෝමල් ඒ වුනත් රස්සන රතු පාර ටයිට් ඩ්‍රෙස් එකක් ඒක ඇතුලෙ තිබුනා.. අහ් තව චිට් එකක්..

මම ඉක්මනට එනවා.. ද්දි ඕක ඇඳගෙන ඉන්න ඕනි..

  කුකා...

එයා තමයි ඒක එවලා තියෙන්නෙ. වෙනදා වගේම අදත් මගෙ හිත සතුටු කරවනවා එයා.. මම මේ කිසිම දෙයක් බලාපොරොත්තු නොව්නත් එයා මං ගැන හොයලා බලද්දි මට හරි සතුටුයි... මගෙ නපුරා...

එයා එන්න කලින් ඇදගෙන ඉන්න කිව්ව නිසා මම ඒක ඉක්මනට ඇඳ ගත්තා... නැත්තන් මාව එල්ලයි... මෙච්චර ලස්සන ඇඳුමකට වැලහින්නි වගෙ ඉන්න බැරි නිසා මම නෝමල් විදියට කොණ්ඩෙ හදාගෙන පොඩි මේකප් එකක් දා ගත්තා.. කවදාවත් නැතුව කුකී ඉස්සරහා ලස්සනට ඉන්න මම ආස කලා... එයත් මම ලස්සනට ඉන්නවා දකින්න කැමති නිසානෙ මට මෙහෙම දේවල් කරන්නෙ..

මම ඇදගෙන පහලට ඇවිත් ආය ඉද ගත්තා..

ඒත්...

එක පාරම කරන්ට් එක නැති වුනෙ මගෙ පපුවෙ වේගය එන්න එන්නම වැඩි කරලා.. මම මේ ලෝකෙ බය එකම එක දේකටයි.. ඒ අඳුර..
ඒත් මම මොනා කරන්නද.. කෑ ගැහුවා කියලා වැඩක්ද.. මම කොහොමහරි ඉවසගෙන හිටියා.. බැරිම තැන මම ඇස් පියාගෙන හිටියා..

ඩිංඩොං...

විනාඩි 10කින් විතර ගෙදර ඩෝ බෙල් එක වදිද්දි ආයෙත් මම ගැස්සිලා ගියෙ හිතෙ තියෙන බය වැඩි කරලා.. මේ පාරත් කුකී නෙවෙයිනම්. මේ අඳුරෙ මම කොහොමද දොර අරින්නෙ..

කවුරු වුනත් දොර අරින්න වෙනවනෙ...

මම කුකී ගැන හොඳටම දන්නවා. එයා එක පාරයි ඩෝ බෙල් එක ගහන්නෙ. ඒත් මේ ඉන්න කෙනා වේගෙන් ඩෝ බෙල් එක ගහනවා..

මේ ඉන්නෙ කුකී නෙවෙයි කියලා හිත කෑ ගහද්දි කොහොමහරි හිතට හයිය අරන් මම දොර ඇරියා.. මගෙ ඉස්සරහින් හිටියෙ උස මනුස්සයෙක් කියලා විතරයි මම දැක්කෙ. ඒ කව්ද තියා ඒ මනුස්සයගෙ මූණවත් මම දැක්කෙ නෑ..

එක පාරම ඒ මනුස්සයා ඇතුලට ඇවිත් දොරවහලා මගෙ ඉන වටෙ අත දාලා මාව එයා ළඟට ගත්තා...

කොච්චර ගැලවෙන්න හැදුවත් ඒ අත්වලින් මට ගැලවෙන්න බෑ...
ටික ටික ඒ මනුස්සයා ළඟට මම ඇදිලා යද්දි ...

සොල්මා....

ඒ සුවඳ.. මට ඒක අඳුරගන්න අමාරු නෑ.. මම ආසම සුවඳ.. මගෙ කුකී.... එයාද එතකොට මේ...

එක පාරම කරන්ට් එක ආවෙ මුලු ගෙදරම එලිය කරලා.. ඔව් .... ඒ හිටියෙ එයා..දිලිසෙන නපුරු ඇස් වලින් ලාවට හිනා වේගෙන මගෙ දිහා හරි ආදරෙන් බලන් හිටියෙ එයා...

මගෙ ආදරේ...

මගෙ සතුට...

මගෙ කුකී...

🐰: ආශ්... අපරාදෙ බය කලේ. නළලෙ දාඩියත් දාලා.. මියාන්..

එයා මගෙ මූණට එබුනා.. මම දන්නෑ ඇයි මගෙ කටින් එක වචනයක්වත් පිට නොව්නෙ කියලා. මම කළෙ එයා දිහා බලන් හිටපු එක විතරයි..

ටිකකින් එයා මගෙ අතට ඩේසි මල් පොකුරක් දික් කලා.. මම ආසම මල්.. මේ මල් දැක්කත් ඇති මට සතුටු වෙන්න. ඒ තරම් මම ඩේසි මල්වලට හරි ආසයි.. කුකී මාව හරියට සතුටු කරවනවා..

💖:ම්.. මටද...

එයා ඔව් කියන්න වගෙ ඔලුව වැනුවා..

🐰: අද හුඟක් ලස්සනයි ඔයා.. මැනික...

එයා මට කතා කලා..මම ඔලුව උස්සලා එයා දිහා බැලුවා.. මේ ඇස්වලින් කවදාවත් මට ඈත් වෙන්න බැරි වෙයි... එයා මගෙ දිහා ආදරෙන් බලන විදිහ... හීනයක් වගෙ.. කුකී මට ආදරෙයි කියන එක තනිකරම හීනයක්...

🐰: සූහී.. මේ විශේෂ දවස මට තවත් විෂේශ කරගන්නයි ඕනි. ඉතින් මැනික.. ආයෙත් කියන්නෙ ... ආදරෙයි.. හුඟක් ආදරෙයි.. මට ජීවත් වෙලා ඉන්න තවත් හේතුවක් ඔයා. මම දන්නෑ.. කවදා කොහොම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තද කියලා... මැනික.. අදම මට උත්තරයක් ඕනි.. මට තව බලන් ඉන්න බෑ.. ගෙවෙන හැම තත්පරේකම අපි ආදරේ කරන්න ඕනි.. තවත් පරක්කු කර කර මට ඔයාගෙන් ඈත් වෙලා ඉන්න බෑ.. තේරුනාද.. ඉතින් මැනික.. මට ආදරෙයි නේද.. ඔයාගෙ කුකීට මගෙ මීශගෙ චූටි ඔම්මා ආදරෙයි නේද....

( සරංහේ කියන එකට වඩා ආදරෙයි කියන එක ලෙංගතුයි බබාලා)

මගෙ ඇස්වලට කඳුලු උනනවා.. ඒක සාදාරණයි.. මම ආදරෙ කරන පිරිමියාගෙන් මෙහෙම ආදරයක් ලබද්දි මගෙ ඇස්වලින් සතුටු කඳුලු නොවැටී තියෙයිද.. මේ උනුහුම හරි හුරුපුරුදුයි මට..මේ දරුණු හිත මගෙ ඉස්සරහා අහිංසක දරුවෙක් වගෙ මෙල්ල වෙන ලස්සන.. හරි පුදුමයි මට.. ඒ ගොරහැඩි කටහඩ මුසුවුන ආදර බර වචන නිසා තව තවත් මගෙ හිත ආදරයට වශී වෙනවා..

🐰: ඇයි රත්තරන් අඩන්නෙ.. කුකීට ආදරේ නැද්ද.. ම්ම්ම්...

💖: අනී.. ආදරෙයි... කුකී...

මම ඉකි ගහන ගමන් කොහොම හරි මගෙ හැඟීම එයාට කිව්වා.. මම දැක්කා එයා සතුටු වෙනවා... එයා හිනා වෙනවා.. මම දකින්න ආසම දේ.. ඒ හිනාව දකිද්දි සතුටු කඳුලු අතරින් මගෙ මූනෙත් හිනාවක් ඇඳුනේ මටත් නොදැනීමයි..

ආදරය කියන හැඟීම පලවෙනි වතාවට විඳපු මට ජංගුක් කියන නපුරු ආදරවන්තයගෙ ආදරෙ මහමෙරක් තරම් දැනෙනවා.. අප්පෙක්ගෙ තරම් ඒ තුරුලෙ උණුහුමක් දැනෙද්දි, හැඟීම් පිරුනු හාදුවක් මගෙ තොල් මත රටා මවද්දි , මම වෙනුවෙන් කරන කැපවීම් මගෙ ඇස් ඉස්සරා මම දකිද්දි .. මේ පිරිමි හිතට මම කොහොමනම් ආදරය නොකර ඉන්නද... මේ ආදරණීය මනුස්සයට මම කොච්චරනම් ආදරය කරන්නද....

එයා එයාගෙ සිනිදු තොල් මගෙ නළලට බර කලෙ හරි හෙමීට.. හරි සියුම් විදියට.. ටිකෙන් ටික මගෙ නහයට කම්මුල් දෙකේ හාදු තවරලා එයා මගෙ තොල්වලට බර වුනෙ මල් පෙත්තක් අල්ලගන්නවා වගෙ... ඒ තරම් ඒ දරදඬු කොල්ලා හරි සෙනෙහෙබරයි..

විනාඩිකීපයක් ආදරණීය හාදුවක රස විඳපු අපි හාදුවෙන් ඈත් වෙලා සෙටියෙන් ඉද ගත්තා.. ටික වෙලාවක් වචනයක්වත් නොකියා මගෙ දිහා බලන් ඉදලා කුකී තමන්ගෙ පොකට් එක අස්සෙන් එලියට ගත්තෙ පොඩි බොක්ස් එකක්..
වෙන්නෙ මොනාද... කරන්නෙ මොනාද කියලාවත් හරිහමන් දෙයක් නොතේරුන නිසා මම බලන් හිටියෙ කුකී දිහා..

එයා බොක්ස් එක අරිද්දි මම දැක්කෙ මුද්දක් එක්කම මාලයක්. පෙන්ඩන්ට් එක වෙනුවට තිබ්බෙ මුද්දක්..

එයා ඒක බොක්ස් එකෙන් අරන් මගෙ බෙල්ලට දැම්මා.. ඒ කියන්නෙ මේක මටද..

🐰: perfect ...

මම එයා දිහා බලලා ස්තූති කරන්න වගෙ හිනා වුනා..

🐰: ඔය necklace එක අපෙ මැරේජ් එක වෙනකන් තියාගන්න.. ඕක තමයි ඔයාගෙ වෙඩින් රින්ග් එක..

එයා මගෙ අතින් අල්ලගෙන මගෙ ඇස් දිහා බලන් කතා කලා.. ඒ කියන්නෙ මේක මගෙ වෙඩින් රිං එකද.. ආයෙත් මගෙ සතුටු කඳුලු අලුත් වුනා..දෙපාරක් නොහිතා ආයෙත් මම එයාව බදාගත්තා..

එතකොටයි මට මතක් වුනේ මම එයාට ගත්තු gift එක.. මහ ලොකු දෙයක් නොව්නත් මම ඒක එයාට ගත්තෙ ආසාවෙන්..

💖: කුකී..

🐰: ම්ම්ම් මැනික..

💖: ආහ්.. අනියා..

🐰: ගුටි ඕනිද.. අද ඉදන් හිතෙ මුකුත් හංගන් ඉන්න බෑ.. කියන්න මට..

💖: ඔ.. ඔයාට මං පොඩි gift එකක් ගත්තා..

මම එහෙම කිව්වා විතරයි මෙන්න මේ කොල්ලා දත් තිස් දෙකත් පෙන්නලා හිනා වෙනවා..

🐰: මට.. ??? කෝ..

💖: රූම් එකෙනෙ තියෙන්නෙ..

🐰: අපි යන්..

එයා කිව්වෙ මගෙ දිහා අමුතු විදියට බලන ගමන්.. ආශ් වල් මිනිහා..

🐰: අර්ර් මෝඩි.. ඒවා ඔයාගෙ අකමැත්තෙන් කරන්නෑ.. මම එච්චර නරක මනුස්සයෙන් නෙවෙයි. කෝ යන්කො අනෙ.. මට මගෙ gift එක බලන්න ඕනි .. පල්ලී...

එයා මගෙ අතකින් ඇදගෙන රූම් එකට ආවා.. පුදුම හදිස්සියක්නෙ  මෙ මනුස්සයට තියෙන්නෙ.. පෙනුම ජංගුක් වුනාට හැසිරීම කුකී වගෙ.. ආශ්.. තේරුම් ගන්නම බෑ..

🐰: කෝ කෝ කෝ..

මම එයාට ඇඳ උඩ තිබුන ගිෆ්ට් එක දුන්නෙ හිතෙ අවුලෙන්.. බැරි වෙලාවත් එයා ඒකට අකමැති වෙයිද.. එයා ඉක්මනට ඒ බොක්ස් එක ඇරලා ටිකක් වෙලා ඒක දිහා බලන් හිටියා..

🐰: මේක මටද??

එයා තාමත් ඒක දිහා අමුතුවට බලාගෙන.. අනිවාර්යයෙන් එයා අකමැති ඇති..

💖: ඕක දෙන්නකො..මම වෙන දෙයක් දෙන්නම්...

🐰:  යාහ්..  මගෙ තෑග්ග අල්ලන්නෙපා..  කුමාවෝ චූටි...

එයා ආදරෙන් මහපට ඇගිල්ලෙන් මගෙ කම්මුල අතගෑවා..

💖: ඒක හොඳයිද.. කුකී ඔයාට ඉක්මනට ඕකට වඩා හොඳ දෙයක් දෙන්නම් මම..

🐰: black...වාහ් මැනික... මගෙ ආසම colour එක.. කුමාවෝ කුමාවෝ...

එයා මගෙ මූනෙ හැම තැනක්ම වේගෙන් ඉම්බේ හරියට පොඩි එකෙක් වගේ

🐰: දන්නවද දෙයක්..

💖: ම්ම්ම්ම්

🐰: ඔම්මයි අප්පයි නැති වුනාට පස්සෙ අද තමයි මට ඉස්සෙල්ලාම ගිෆ්ට් එකක් ලැබුනෙ..

එයා අඩනවා... ඉකිගගහා අඩනවා...










__________________________________

ළමයි.. අද කොටස ඔන්න දුන්න. මම දන්නවා මේ තද අකුරු කොටස කියවන කොටස හරි අඩුයි.. මම මෙ කොටසෙන් කියන්න හැදුවෙ..
ආදරය කියන දේට රාගය අවශ්‍යයි.. අනිවාර්යයෙන්න්ම ඒක ඕනි.. ඒත් රාගය කියන දේ ලිමිට් එකකට තියාගෙන අපිට හරි ලස්සනට ආදරය කරන්න පුලුවන් නේද.. ආදරය කියන දේට මෙහෙමයි කියලා නිර්වචනයක් දෙන්න අමාරුයි.. හිතේ හැටියට දේ ගැන අපිට ලියන්න පුලුවන් නේද..
ඉතිම්..
කෙලින්ම කියනවනම්..

තමන්ගෙ හිතෙ තියන අසහනෙ BTS ලගෙන් පිට නොකර ඉමු නේද.. එයලව දාලා ලියන මේ ff එයාලගෙ ජීවිතේට සම්බන්ද නොව්නත් එයාලට පොඩි හරි ගෞරවයක් දෙමු නේද.. 18+ ඕනිවට දීලා baby ආමිලාගෙ හිතෙ bts ගැන කාමුක සිතිවිලි ඇති නොකර ඉමු නේද.. හැම දේකම ලිමිට් එකක් අපි තියාගමු..

තමන් නොදන්න දෙයක් ලියනවනම් දන්න කෙනෙක්ගෙන් අහගෙන ලියමු 😊 අක්කලා නංගිලා හැමෝම එකිනෙකාට උදව් කරගමු. .

. ලි...
මම මේක ලිව්වෙ දූපත් මානසිකත්වෙන් නෙවෙයි. මාත් එක්ක ඉන්න අය දන්නවා මම එහෙම එකෙක් නෙවෙයි කියලා.. ජොලියෙ උපරිම එකත් විඳින එකෙක් මං.. ඒත් මෙහෙම ලිව්වෙ bts ගැන මගෙ හිතෙ තියෙන ගෞරවය නිසා.. මේක porn story ලියන ඇප් එකක් නොවන බව සිහිබුද්දියෙන් යුතුව දැනුම් දෙමි.. 18+ ලියන්න.. කමක් නෑ.. හැබැයි වයස සම්පූර්ණ වුනාට පස්සෙ..මොකද මම වුනත් 18+ දාලා තියෙන ස්ටෝරි කියවන්නෙ 18 පැනපු අයගෙ විතරයි.. මියාන් 😊❤️

  Jinshi_0811 ✨🥀

Continue Reading

You'll Also Like

3.8K 680 6
"අනේ ජිමින්ශි.." "මොන වදයක්ද ඕයි...තමුසෙ ඇයි මගේ පස්සෙන්ම එන්නෙ ..මට වදනොදී යනවකෝ මෙතනින්.." "මට යන්න තැනක් නෑනෙ..." "ඇයි තමුසෙලට ඉන්න තමා අච්චර ලොකු...
28K 4.9K 35
මගේ පලවෙනි ff එක වැරදි අඩුපාඩු ඇති කමක් නෑ කියවගෙන යමුනේ 😊
20.8K 3.3K 41
• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔවුන්ගේ කතාවයි ••• ...
646K 39.4K 104
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...