| Monsters And People |Short...

By Senu_31

5.5K 1.6K 230

මිනිස්සු තමන්ගෙ ආශාවලින් මත් වෙලා රාක්ශයො බවට පත් වෙන කාලයක්... ඒත් ඇත්තටම, රාක්ශයොන්ගෙයි මිනිස්සුන්ගෙයි වෙනස... More

1)දන්නවද?
2)එයාලා කියනවා
3)ඔයා
4)රාක්ශයෙක්ලු!
5)නෑ...
6)එයාලට වැරදිලා!!
7)ඔයා නෙවෙයි,
8)එයාලමයි
10)ඒ අයට වඩා
11)ඔයා හොඳ කෙනෙක්...
12) මන්
13)ඒක දන්නවා...
14)🌹

9)දරුණු රාක්ශයෝ..

316 108 1
By Senu_31

"දැන් ගොඩ කාලෙකට කලින්..හැමදේම සාමාන්‍ය විදිහට තියෙද්දි මට මතකයි මන් ඉස්කෝලෙට ගියා. එදා ඉන්ටර්වල් එක වෙලාවෙ අපේ ඉස්කෝලෙට අලුතින් ආව ළමයා බීම මැශින් එක ඉස්සරහට වෙලා ඉන්නවා මන් දැක්ක නිසා මන් මගෙ කාසි ටික එයාට දික් කරලා එයාටත් ඒකෙන් බීම අරගන්න කිවුවා.ඒත් එයා මන් දිහා බැලුවේ හරිම අමුතු විදිහකට.

ඊළඟ දවසේ ඉස්කෝලෙට ආවට පස්සෙ පන්තියේ පිරිමි ළමයි කට්ටියම මාව වට කරගෙන මාව බිම දාලා මට පොලු වලින් ගහන්න ගත්තා.

ඒ ඇයිද කියලා මටම හිතාගන්න බැරිවෙද්දි මන් දැක්කෙ ඩෙස් එකක් උඩ ඉඳගෙන මන් දිහා හිනාවෙවී බලන් ඉන්න අර අලුත් ළමයව.

ඊට පස්සෙ තමයි මන් දැනගත්තේ ඒ මගෙ තාත්තා වැඩකරන කම්පැනි එකේ බොස්ගෙ පුතා කියලා.

මොනාවුනත් දිගින් දිගටම මට කරදර වුනා.එයාලා දැනන් හිටියා මන් තාත්තගෙ ජොබ් එකත් එක්ක සෙල්ලම් නොකරන බව.

මන් ඉගෙන ගන්න ටිකක් දක්ශ වුනත් රණඩු නොකර පැත්තකට වෙලා ඉන්න කෙනෙක් නිසා මන් ගහගන්න තරම් ඒ දවස්වල ශක්තිමත් වුනේ නෑ. ඉතින් එයාලා මට පුලුවන් හැමවෙලේම ගහන්න , අපහාස කරන්න පටන් ගත්තා.

දවසක් වොශ් රූම් එක ඇතුලෙදි මාව වතුර පිරුනු බිම දාගෙන කකුල් වලින් ගහද්දි මන් කෑගැහුවා.

"ඇයි තමුසෙ මට මෙහෙම කරන්නේ? මන් මොකක්ද තමුසෙට කරපු වැරැද්ද?"

සිගරට් එකක් බිබී හිටපු ඌ බිමට පහත් වෙලා මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා.

"එදා උඹගේ අතින් අර ජරා කාසි ටික දික් කරලා මට අපහාස කරපු වෙලාවේ උඹේ මූණ මට තාම මතක් වෙනවා..අන්න ඒ උඹේ මූණ මතක් වෙන සැරයක් සැරයක් ගානේ උඹ මෙහෙම ගුටි කනවා." එහෙම කියලා හිනා වුන එයා මාව බිමට අතෑරලා යන්න ගියා.

ඊට පහුවෙනිදා එයා පන්තියේ ළමයින්ට එයා නීතියක් දැම්මා.
"අද ඉඳන් තොපිලා එකෙක් හරි මූත් එක්ක කතා කළොත් මන් කතා කරපු ඒකාව මරනවා."

ඒ දවසෙ ඉඳන් ඉස්කෝලේ මගෙ ජීවිතේ අපායක් වුනා. මන් නොකරපු වැරදිත් මටම පැටවුනා. මේ නිසා මාව ඒ ඉස්කෝලෙන් අස් කරගන්න තාත්තට බල කෙරුනා.

ඒත් එයාලා හැමෝම මාව කොන් කලා.මගෙම යාලුවොන්ට පස්සෙ මගෙ අම්මා තාත්තා , මගෙ නන්ගි මේ කවුරුත් මන් කියන දේවල් විශ්වාස කලේ නෑ.

මාව අලුත් ඉස්කෝලෙකට දැම්මත් මන් මුහුණ දුන්න සිදුවීම් නිසා කලින් වගේ ජීවත් වෙන්න මට බැරි වුනා.සතුට,ආදරය,යාලුකම් කියන දේවල් මට ගොඩක් ඈතින් තිබුන දේවල් වුනා.

දවසක් හවස මන් පාරෙ ඇවිදිද්දි මට පරණ ඉස්කෝලේ මට වද දුන්න එක්කෙනාගෙ කටහඬ ඇහුනා.

"කාර් එකක් එද්දි පාරට පනිනවා.එතකොට මන් තමුසෙගෙ අම්මාගෙ ඔපරේශන් එකට සල්ලි දෙන්නම්.."
ඌ යාලුවො එක්ක කලින් එකම පන්තියෙ හිටපු තව අහිංසක කොල්ලෙක්ට වද දෙන ගමන් හිටියා.

මට මොනා හිතුන නිසා මන් ඒක කලාද කියලා මන් දන්නෑ. ඒත් මන් ඌව පාරට තල්ලු කලා.
"තමුසෙම පනිනවා!"මන් එහෙම කියද්දි එයාගෙ ඉස්සරහින් අමාරුවෙන් කාර් එකක් බ්‍රේක් කළා.

මන් ගෙදර එද්දි මගෙ තාත්තව රස්සාවෙන් අස් කරලා තිබ්බා. ඒ වගේම අර ළමයා මාව හොයන් ඇවිත් මට කෑගැහුවා.

"තමුන් නිසයි මගෙ අම්මා මැරුණේ.."කියලා ඒ ළමයා මගෙ කොලර් එකෙන් අල්ලන් කෑගැහුව හැටි අදටත් සමහර වෙලාවට මගෙ කන් වල දෝංකාර දෙනවා.

මේවා දරාගන්න බැරිම තැනයි මන් මැරෙන්න හැදුවේ...ඒත් එයාලා මාව බේරගෙන තිබ්බා.."

එයා අතේ කැපුම දිහා බලන් ලොකු හුස්මක් ගත්තා.

"ඊටපස්සෙ මම ඉස්කෝලේ නොයා කාමරේට වෙලා ගේම් ගහන්න පුරුදු වුනා.මන් සමහරවිට දවස් ගානක් එකදිගට ගේම් ගැහුවා.මේක නිසා අම්මගෙ බලකිරීමට , පවුලෙ අය මාව කොහෙ හරි ට්‍රිප් එකක් යන්න කියලා කාර් එකේ එක්කන් යද්දි තාත්තා මට බනින්න ගත්තා.

තමුන් වගේ නිකමෙක් නිසා මුළු පවුලටම දුක් විඳින්න වෙනවා වගේ දෙයක් එයා කිවුවා.මන් ඒක නිසා එයාලා ඔක්කොම එක්ක රණ්ඩු කළා.මාව එයාලගෙ පවුලට ගැලපෙන්නැත්තන් මට පාඩුවෙ ඉන්න දෙන්න කියලා මන් කෑගැහුවා.

කන්ට්‍රෝල් නැතිවුන ලොකු ට්‍රක් එකක් ඇවිත් අපේ කාර් එක හප්පගෙන යන්න මිනිත්තු කීපෙකට කලින් මන් කියපු එකම දේ "මන් කැමති ඔයාලා ඔක්කොම මැරිල යනවනම් කියලා.."

ඒත් ඊළඟට කෝමා එකක් නිසා මාස තුනකට පස්සෙ මන් හොස්පිටල් එකේ ඇහැරලා බලද්දි ඇත්තටම ඉතුරු වෙලා හිටියේ මන් විතරයි.

එයාලා ඔක්කොම ඒ ඇක්සිඩන්ට් එකෙන් මැරිලා තිබුනා.."

එයාගෙ අත් මිට මෙළවෙන හැටි මට පෙනුන නිසා මන් ආයෙමත් මගෙ අත් වලින් ඒ අත මගෙ ඔඩොක්කුවට අරගෙන ඒ නවාගෙන හිටපු ඇඟිලි දිග ඇරලා මගෙ අත් මැද්දෙ තියාගත්තා.

ඊළඟට ඒ ඇස් වලට එබුන මට, ඒවගෙන් බේරිලා තිබුන කඳුළු පාරවල් දකින්න ලැබුනා.

"ඒක ඔයාගෙ වරදක් නෙවේ..."මන් කියද්දි ඒ කඳුළු පාරවල් අලුත් වුනා.

"ම..මන් ඔයා ඉස්සරහ මෙ..මෙහෙම අඬන්නෙ ඇයි කියලා මන්වත් දන්නෑ..මන් හිතන් හිටියේ ම..මට දැන් ඒ මතක රිද්දන්නෑ කියලයි..ඒත්..ඒත්...මට තාමත් ඒවා රිදෙනවා.."

"ඔයා රාක්ශයෙක් කිවුවට තාමත් ඔයාගෙ කොටසක් මනුස්සයෙක්...ඉතින් වේදනාව දැනෙන එක සාමාන්‍යයි..ඔයාට රිදෙනවනම් අඬන්න..ඒකෙන් පොඩි හරි සැනසීමක් දැනෙයි.."මන් එහෙම කියද්දි එයා එකපාරට මගෙ ළඟට ඇවිත් උරහිසට ඔලුව තියාගෙන අඬන්න ගත්තා.

එයා කෑගගහා අඬද්දි මට කරන්න පුළුවන් වුන එකම දේ වුනේ එයාගේ අකීකරු අවුල්වුන කෙස් ගස් උඩින් ඇඟිලි යවලා එයාගෙ ඔලුව අතගාන අතරේ අනිත් අතින් එයාගේ පිටට තට්ටු කරන එක විතරයි.

පැය ගාණක් කඳුලු වගුරලා අඬන එක ටික ටික නැවතෙද්දි, එයා ආයෙමත් මගෙ උරහිසේ ඔලුව තියාගෙනම කතා කරන්න ගත්තා.

"ඊ..ඊට පස්සෙ මන් මේ බිල්ඩින් එකේ කාමරේකට කුලියට ආවේ මේකෙන් පැනලා හරි මැරෙනවා කියලා හිතලයි..ඒත්.
ඊට කලින් මේ වසංගතේ පැතිරුනා..

මාත් ඒකේ ආසාධිතයෙක් වුනා.

ඒත් මට ඒක පාලනේ කරගන්න පුළුවන් නිසා මට හම්බෙන ගොඩක් අය මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හැදුවා.

මාව එයාලගෙ දඩයම් බල්ලෙක් කරගත්තා..

ඊට පස්සෙ දවසක් හමුදාවෙ අය මාව අල්ලගෙන පරීක්ෂණ කරන්න ගත්තා..එදා ඉඳන් මාව මෙතන හිරකරලා.."

"හිරකරලා නෙවේ..ඔයාට නිදහස් වෙන්න ඕනේ නෑ..
එහෙම නේද?"මන් එහෙම අහද්දි එයා හෙමීට කෙලින් වුනා.

රතුවුනත් ඒ රවුම් ඇස් තාම ලස්සනට පෙනුනා.

"ඇයි එහෙම කිවුවේ?"එයා ඇහුවා.

"ඔයාට මෙතනින් යන්න පුළුවන් කමක් තිබුනත් ඔයාට ඒකට හේතුවක් නෑ.ඒක නිසා නෙවෙයිද ඔයා තාමත් මෙතන ඉන්නේ?"

Continue Reading

You'll Also Like

5K 1.1K 13
Hey there.This is my first ff so there will be mistakes,soo let's fix them & i think you'll will help me🤗 I think you'll like this story. stay tuned...
2.8K 861 37
එකට පැටළුණු සිතුවිලි එකින් එක ලිහමින්.... 1st in #poet Lan_Kimra
84.4K 4.4K 22
အခုခေတ်ရဲ့ B@d@ssက နှောင်းပိုင်းခေတ်ကို ရောက်သွားတဲ့အခါ...