*•.¸♡ The Proposal ♡¸.•* ✓||...

By ParkchimShashi

23.5K 4.2K 1.4K

Description එකක් නෑ.😁 එහෙම එකක් ලියන්න මට කම්මැලියි. More

මගුලක්?
මනාලස්
තනියම? දවසක්?
කිස් එක
යටිතල පහසුකම්
ලව් ලෙටර්
ගමන
ආගමනය
කෙවින් සහ චූටි
සප්‍රයිස්

මගුල්දා

1.6K 351 187
By ParkchimShashi

අපෝ... දැන් හෙන වෙලාවක් තිස්සේ මේක උඩට නැගගෙන ඉන්නවා. ඒ අස්සේ මේ සීයා මොනවදෝ කියවනවා තේරෙන්නෙත් නෑ.

"මේ.... ජං හොක් සෝ...." මෙතන සිද්ධ වෙන මෙලෝ මලදානයක් තේරෙන්නෙ නැතුව පෝරුවෙ යට වැටිලා තිබ්බ හාල් ඇට ගනන් කර කර හිටපු මාගේ තව චුට්ටකින් වෙන්න සැමියාව මං රහසින් ආමන්ත්‍රණය කලේ දැන් ටික වෙලාවක ඉඳන් මගෙ කට කහනවා කහනවා වගේ දැනුන හින්දයි.

අන්න මනාලස් එයාගෙ අර මහසෝනා ගැහුවා වගේ බැල්මට් එක ආයෙ දානවා. මං මොකක් කිව්වටද හත්වලාමෙ දැන් ඔහොම බලන්නෙ.

"මේ.... Birthday එක කවද්ද?"

"ම්ම්...??"

"උපන්දිනේ.... කවද්ද කියලා ඇහුවේ..."

"පෙබරවාරි 18"

"හරි හරි ඕකට ඔච්චර බය වෙන්න ඕනයෑ.... මං ඉපදුන දවස මිසක් මැරෙන දවස නෙවෙයිනෙ ඇහුවෙ..."

අපි දෙන්නගෙ කුටු කුටුව දැකලා මෙච්චර වෙලා අර අශ්ඨක කියන සීයා දිහා බලාගෙන සාරි පොටෙන් හොටු පිහ පිහ අඬ අඬ හිටපු අම්මා මටයි මනාලස්ටයි එකසිය ගානට රැව්වේ ඔන්න ඔය වෙලාවෙ. එයා නම් රවයි. අපි දෙන්නනෙ මේක උඩට නැගලා ප්‍රදර්ශන භාණ්ඩ දෙක වගේ වේලි වේලි ඉන්නෙ.

පැය භාගයක් විතර හිටියට පස්සෙ දෙයියනේ කියලා නැකතට දකුණු කකුල පෙරට තියලා පෝරුවෙන් බැහැලා ඇවිත් මනාලස්ගෙ මාපිය ඩබලටයි අපේ මාපිය ඩබලටයි වැන්දා....

ආ.... මනාලස්ගෙ තාත්තා පෙරේදා තමයි ලංකාවට ආවෙ. කතා කරලා වැඩක් නෑ හරි සිරියාවන්ත මාමණ්ඩි.

"අක්කෙ... එනවකො ෆොටෝ එකක් ගහන්න." එහෙම කියාගෙන මගෙ ලඟට ආවෙ වෙන මොකෙක්වත් නෙවෙයි මලයණ්ඩි. මුගෙ වැඩේම උදේ ඉඳන් ෆෝන් එකත් උස්සගෙන හොටෙල් එකේ තියෙන තණකොළ ගහේ ඉඳන් දකින දකින හැම එකකම ෆොටෝ ගහන එක.

"ඔන්න ඔය බඩකඩිත්තුව අරගෙන යනවකො සුදූ. මෙච්චර වෙලා ගැහුවෙ ෆොටෝ නෙවෙයිද?"

"අනේ අක්කෙ එකක්.... එකක්...."

"මේ මගුල දවසෙ මට කියලා අවමගුලකුත් කරගන්නෙ නැතුව පල....." ආවා මෙතන ෆොටෝ ගහන්න.

ක්‍රීම් ක්‍රැකර් එකට තට්ටු හතයි. අන්න ඒ වගේ සැලෝන් එකේ අක්කත් මගෙ මූනෙ මේකප් තට්ටු තට්ටු ඉලුවා. මට දැන් දැනෙන්නෙ හරියට මං ක්‍රීම් ක්‍රැකර් එකක් වගේ ෆීලිං එකක්. අනික මේ සාරිය.... මං කලිනුත් කිව්වේ... මේක සාරියක්මද කියලා මට තාම සැකයි. ඇයි යකෝ මේකෙ පුදුම බරක්නෙ තියෙන්නේ. මං හිතන්නේ මටත් වැඩිය මේ සරුවාලෙ බර ඇති. වෙඩින් එක ඉවර වෙලා හොඳ ගාණකට විකුණගන්න ඕන. දැන් නම් දකින දකින එකාට හිනාවෙලා කටත් රිදෙනවා. බලාගෙන ගියාම මගුල් ගන්න එකත් ලේසි පාසු වැඩක් නෙවෙයි.

අන්න චූටියා වෙඩින් කේක් එකට වැඩේ දෙනවා නේද? ඇති යන්තම් ඒක උදේම කපලා ඉවර කලේ. කෑල්ලක් කපාගෙන ගිහින් කනවා. ආයෙ එනවා. ආයෙ කෑල්ලක් අරන් ගිහින් කනවා. එහෙම එහෙම යට තට්ටුවම ඒකි කාලා ඉවර කලා. අන්න ඒ පාර ආයෙ කේක් එක ලඟට ඇවිත් කපනවා. යකෝ ඉතුරු ටික ඍජුෆෝම්.... මේකි ඍජුෆෝමුත් කනවද? මෙහෙම ගියොත් මේකි පොල් තෙල් පහනෙ තියෙන තෙල් ටිකත් බීලා දායිනෙ.

මනාලස්වත් ඇදගෙන නෑදෑ පරම්පරාවටම වැඳ වැඳ පාදචාරිකාවෙ යනකොට මම දැක්කා මලයයි මනාලස්ගෙ යාලුවො සෙට් එකයි බාර් එක ලඟට වෙලා බෝතලේකට වග කියනවා.

අපේ මලයා අමධ්‍යපයි. එහෙම කිව්වට ඉතින් එහෙමමත් නෑ. දවසක් දොළහ වසරෙදි යාලුවොත් එක්ක බීලා තාත්තට අහු වෙලා හොඳ භෝජන සංග්‍රහයක් කෑවා. එදායින් පස්සෙ පොර ඕවා දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ. හැබැයි ඉතින් ඔය වෙඩින් එකකට එහෙම ගියාම ඉඳලා හිටලා රබර් ඇහැ දාලා බලනවා. ඒක වෙනම කතාවක්.

හම්මේ..... අර කිලෝ සීයෙ සාරියත් උස්සගෙන එතන හිටපු හැම එකාටම බිම බඩගගා වඳින්න ගිහින් කොන්දෙ පොටත් ගියාද මන්දා. හොටෙල් එකට යන ගමන් මගින් අයඩෙක්ස් එකක් අරන් යන්න ඕනෙ.

කොහොමින් කොහොම හරි වෙඩිමෙ අන්තිම හරියටත් ආවා. ඊට කලින් dessert එකට තිබුන වටලප්පන් කෑලි හතක්ම ආමාශගත කරගන්න පුළුවන් වුන එකට නම් මං සෑහෙන්න අමන්දානන්දයට පත් වෙලා හිටියේ. ඩීජේ එකට කට්ටියම දැන් dancefloor එකට පැනලා නටනවා. අපේ මලයට එච්චර නැති වුනත් මනාලස්ගෙ යාලුවො තුන්දෙනාට නම් හොඳ ගනන් වගේ.

අර lecturer කොල්ලා කොහෙදෝ යන්න ගිහින් අහක තිබුන ටේබල් එකකුත් පෙරලගෙන බිම. ඒක උඩ ලස්සනට දිලිහි දිලිහි තිබුණ වීදුරු මල් පෝච්චිය කුඩු පට්ටම්. අනේ දෙයියනේ වෙඩින් ගත්තා මදිවට දැන් මේවටත් ගෙවපන්කො. එතකොට ජිනපාල අහල පහල ඉන්න උන්වත් පෙරලගෙන පිස්සෙක් වගේ නටනවා. අනිකා අර කිරිසුදු එකා. මෑන්ස් මුල්ලකට වෙලා කාත් එක්කද මන්දා දැන් පැයක් විතර තිස්සේ කෝල් එකක්. ලඟට ගිහින් බලද්දියි දැක්කේ මේකා කනේ ගහගෙන කියවන්නේ ෆෝන් එක නෙවෙයි මෑන්ස්ගෙම සපත්තුවක් කියලා. ඒ අස්සේ චූටියා මල්ලිව ඇදගෙන ගිහින් නයි නටවනවා වගේ ඌව නටවනවා. අපේ එකත් බිම පෙරළි පෙරළි නටනවා.

ඒවා ඒ විදිහට සිද්ධ වෙලා මනමාල ජෝඩුව... ඒ කිව්වේ මායි මගෙ අලුත බැඳපු සැමියයි පිටත් වෙන වෙලාවත් ආවා. අපේ අම්මා නම් රන්ටැඹේ වාන් දැම්මා වගේ හෝ ගාලා අඬනවා. පියානෝ බලාගත්තු අත බලාගෙන ඉන්නෙ හරියට නිකන් මං මැරිලා අද තුන්මාසෙ දානෙ වගේ.

"ලොකූ..... ඉහි...." අම්මා මාව බදාගෙන තව ටිකක් හයියෙන් අඬන්න පටන් ගත්තා. මේකට මොකටද හත්වලාමෙ මෙච්චර අඬන්නේ. මං මැරෙන්නයෑ යන්නෙ. මාව චොප්ප කරගෙන හිටපු අම්මා මාව අතෑරියෙ එයාගෙ සාරි පොටෙන් හොටු ලොට් එකක්ම සූරන ගමන්.

"පරිස්සමින්.... ඉන්න.... හරිද..... ඉහි...."

අම්මගෙන් පස්සෙ තාත්තත් ඇවිත් මාව චොරු වෙන්නම බදාගෙන ඉඳලා අතෑරියා.

ඊට පස්සෙ මං දැක්කෙ රිලව් කාපු වරකා මදුලක් වගේ තියෙන මගෙ ආදරණීය මල්ලිගෙ මූන. හම්මෝ.... ඇති යන්තම්. ආයෙ මේ උනහපුලුවගෙන් කිසි කරදරයක් නැතුව ඉන්න පුළුවන්. ඒ වුණාට... එතකොට ආයෙ මං වද දෙන්නෙ කාටද?

"සු...සුදූ...."

"අ....ක්..කෙ...?" උටත් මට හිතුන දේම හිතිලද කොහෙද

"අනේ.... බුදු මල්ලියේ....."  මූව දාලා මං කොහෙ යන්නද දෙයියනේ.... වලට ගියත් මූව අරන් යන්න ඕනෙ. මං මලයවයි මලයා මාවයි බදාගෙන එතන අපි දෙන්නගෙ ශෝකය ප්‍රකාශ කරගත්තේ හූ තිය තිය අඬලා. ඇයි හත්තිලව්වේ ඇඬෙන්නැද්ද...

"බුදු අක්කේ.... මාව දාලා යන්න එපා.... මාවත් අරං පලයා...ං.... මං කොහොමද ජීවිත් වෙන්නෙ මගෙ අක්කා නැතුව....."

"හා.. හා..  දැන් ඇති ඔය. සුදූ.. අක්කව අතාරින්න. ලොකූ ගිහින් කාර් එකට නගින්න. කිව්වම අහලා අතාරිනවා." ඒ අස්සේ අම්මයි තාත්තයි එකතු වෙලා ශිවන්‍යායි මොකාද එකයි වගේ වෙලිලා හිටපු මායි මලයවයි ගලවන්න හදනවා.

ඈ යකෝ.... කලින් හොටු පෙර පෙර අඬපු අම්මා නේද දැන් මේ කාලි අම්මා වැහිලා වගේ කෑ ගහන්නේ. තාත්තත් නිකන් මාව උයලා කනවද මලවලා කනවද වගේ බැල්මට් එකක් දාගෙන දත් මිටි කනවා.

"බෑ... බෑ.... මට සුදූවත් අරන් යන්න ඕනේ......"

"මටත් අක්කා එක්ක යන්න ඕනේ....."

"මේ මොන කෝලමක්ද....? වහගන්නවා කටවල් දෙන්නම. ලොකූ.... මෙහෙ එනවා යන්න... පුතා... මෙයාව ඇතුලට දාගන්න. අනේ අම්මපා... හැදුවයින් හැදුවේ නෑ මෙහෙමත් ලමයි."

අම්මා මනාලසුත් එක්ක මාව බලෙන්ම කාර් එක ඇතුලට දාන්න ට්‍රයි එක. ඈ.... එතකොට අපේ අම්මට තව ලමයි ඉඳලද... මං දන්නෙ නෑනෙ. මල්ලි දන්නවද දන්නෑ.

කොහොමහරි කට්ටියම එකතු වෙලා මාව කාර් එක ඇතුලට ඔබලා දොර වැහුවා.

"මල්ලී.........."

"මගෙ අක්කේ..........."

"ඔෂී.... Calm down.  අඬන එක නවත්තන්න. මුලින්ම ටිකක් රිලැක්ස් වෙලා ඉන්න."

"රිලැක්ස් වෙන්න...? ඔහේ කියන්නේ මෙච්චර දෙයක් වුනාමත් මට රිලැක්ස් වෙන්න කි......" ඒ මොකක්ද වුණේ.... ඇයි එහෙම වුණේ.

එකපාරටම මගෙ කර වටේ අත දාපු මනාලස් මාව ඇදලා අරන් එයාගෙ පපුවට තද කරගත්තා.

"ෂ්ෂ්ෂ්.... දැන් අඬන්න එපා.... රිලැක්ස්...." හොටෙල් එකට යනකල්ම මේ මනුස්සයා මාව බදාගෙන මගෙ ඔලුව අතගෑවා. මටත් ඉතින් මොකද.... කවුරුහරි ඔලුව අතගානවනම්. හොටෙල් එකට යනකල් මාත් හොඳ නින්දක් දැම්මා.

.

.

.

.

.

.

හී හී... බැන්දා නේද...

නෑ නෑ තාම ඉවර නෑ. තව එක කොටසක් තියෙනවා.

ආ.... මට දෙයක් කියන්න තියෙනවා.

දවසක් අපේ නංගි මට කිව්වා ff එකක් නොවන කතාවක් ලියන්න කියලා. ලියනවනම් ඒකෙ කොල්ලට කෙවින් කියලා නම දාන්න කියලා.

කොහොමහරි the proposal එකේ කලින් චැප්ටර් එක ලියද්දි මගෙ ඔලුවෙ කිසිම අදහසක් තිබුනෙ නෑ මොකක් ගැනද ලියන්නෙ කියලා. අපේ නංගි තමයි එතකොට කිව්වේ කාගෙ හරි පස්සෙන් හරකෙක් පන්නවමු කියලා. පස්සෙ ඉතින් මාත් හා කියලා ලිව්වා. ඊටපස්සේ ආව ප්‍රශ්නෙ තමයි හරකට දාන නම. ඒකත් ඔන්න ඔහෙ අදහස දුන්න එකාගෙන්ම ඇහුවා. නංගි කියපි එහෙනම් කමක් නෑ කෙවින් කියලම දාන්න කියලා. මාත් ඉතින් දැම්මා. අන්තිමට මටත් චැප්ටර් එක ලියාගන්න පුළුවන් වුණා. නංගිටත් කෙවින් කියලා එකෙක් ඉන්න කතාවක් හම්බුනා. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි😅

ඒක නෙවෙයි මෙතන තියෙන ලොකුම දේ. ඕක ලියද්දි මගෙයි නංගිගෙයි තුන් හිතකවත් තිබුනෙ නෑ මේක කියවන අය කෙවිනුයි චූටියි සෙට් කරයි කියලා. හම්මෝ... කතාවට කෙසේ වෙතත් කට්ටියගෙ කමෙන්ට් වලටනම් මං හුස්ම හිර වෙනකල් හිනාවුණා. ඒ තරම් බලාපොරොත්තු තියාගෙන ඉඳලා සමහරු 😂

කෙවින්

එක්කො ඔන්න ඔහෙ කමක් නෑ. මේ වෙඩිමත් ඉවර එකේ කෙවිනුයි චූටියිත් බන්දමුද 😂😂

ආ... තව එකක්. මේ හොබාගෙ නම මාරු කරලම දැන් මටත් කියවෙන්නේ මාරු වුන නම්.😅

Continue Reading

You'll Also Like

13.1K 2K 24
ගෙදරට හොරෙන් කැලේක ඇවිදින්න ගිහින් හදිසියේ ට්‍රැන්සිල්වේනියාවට කඩාපාත්වෙලා එහේ ඉන්න ඩ්‍රැකියුලායි වැම්පයර් කෙනෙකුයි මැරි කරන්න වුනොත්🤐... මොනාවෙයිත...
165K 7.6K 103
In the vast and perilous world of One Piece, where the seas are teeming with pirates, marines, and untold mysteries, a young man is given a second ch...
151K 11K 60
BOOK #2 They say love heals scars, but Seokmin's scars were lessons-bitter reminders that twisted him into a creature of darkness. His life was a ser...
47K 6.6K 28
අම්මල.. ගමේ අය කියන විදියට මං කාලකන්නි කෙල්ලෙක්.. එයාල කියන විදියට.. මම තමයි මේ පව්ලට අවාසනාව අරන් එන්නෙ. ගෙදරට බල්ලෙක් බිරුවත්, වලදක...