වටපිටාවෙ කලුවර ටික ටික වැඩිවෙන වෙලාවේ මන් ගරා වැටුන බිල්ඩින් එක පැත්තට අඩිය තියද්දි මට එයාලගේ හිනා සද්දෙ ටික ටික ඇහෙන්නැතුව ගියා.
මට ඇහුන එකම දේ මගේ හදවත වේගෙන් ගැහෙන සද්දෙයි, මගේ පරණ වෙලා ගියපු සපත්තු අඩියෙ සද්දෙයි විතරයි..
එක අතකින් ඒකත් ලොකු සැනසීමක් කියලා මට හිතුනේ ඇයිද කියලා මට තේරුන් ගන්න බැරි වුනා.
'ජීවත් වෙන්න ඕනේ..මගේ යාලුවා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ..'
ඒකයි මගෙ ඔලුවෙ වැඩකරපු එකම මන්තරේ..
එයාව බේරගන්නනම් මන් ආයෙ උන් ළඟට පණ පිටින් යන්න ඕනේ..
මට කරන්න තියෙන්නෙ සද්ද නොකර කොහෙට හරි වෙලා හැංඟිලා ඉන්න..
ඔව් එතකොට හැමදේම හරි..මට මුකුත්ම වෙන එකක් නෑ..
එහෙම හිතාගෙන මන් බිල්ඩින් එකේ දැක්ක පළවෙනිම කොරිඩෝව දිගේ ගියේ ඒක තනිකරම අඳුරු වුනත් කොහෙ හරි මුල්ලකට වෙලා හැන්ගෙන්න.
ඒත් එක පාරටම කොරිඩෝ එකේ පැත්තෙන් දොරක් වේගෙන් ඇරිලා ඇතුලෙන් එන මලානික එලියෙන් කාගෙ හරි හෙවනැල්ලක් කොරිඩෝවට වැටුනා.
මන් හිටියේ ඒ දොරට අඩි දෙක තුනක් මෙහායින්.
බය වුනත් සද්ද නොකරන්න ඕනේ නිසා කට අතින් වහගත්ත මගේ, කකුල් පොළොවටම ඇලුනා. ඒ වගේම මගෙ හදවත ගැහෙන සද්දෙ එන්න එන්නම වැඩි වුණා.
පිරිමි ළමයි තුන් දෙනෙක්ගෙන්ම හොඳටම ගුටි කාලා හිටපු මට තව දුවන්න පණ නොතිබ්බ නිසා එතනම බිමට වැටුන මන් කොරිඩෝවේ බිත්තියට හේත්තු වෙලා ගුලි වුනා.
අඩිසද්දෙ ළඟ ළඟම ඇහෙද්දි දණහිස අස්සෙ මූණ ඔබාගෙන ඇස් තද කරලා පියාගත්ත මන් මුමුණන්න ගත්තා.
"මාව මරන්න එපා.කරුණාකරලා මාව මරන්න එපා.."
ටිකකින් අඩි සද්දෙ නැවතුනා..