𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄...

Oleh jinshi_0811

62.3K 9.9K 1.7K

යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට ... Lebih Banyak

intro 🥀✨
1 🥀✨
2 🥀✨
3 🥀✨
4 🥀✨
Special 🥀✨
5 🥀✨
6 🥀✨
7 🥀✨
8 🥀✨
10 🥀✨
11 ✨🥀
12 🥀✨
13 ✨🥀
14 🥀✨
15 🥀✨
16 ✨🥀
17 ✨️🥀🔞
Final Chapter 🥀✨️
Next Stories ...🏹🧚
ඕතරීගෙන් රීඩස්ලාට ❤️✨️

9 🥀✨

2.6K 465 70
Oleh jinshi_0811

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Suuhi pov:

කුකා අද සිංදුවක් කිව්වා.. වාහ්... ගෝරිල්ලා වගෙ හිටියට සිංදු කියද්දි හරි අහිංසකයි. ඒ වගේම සිංදුවත් මාරම ලස්සනයි. ඊටපස්සෙ එයා මට අයිස්ක්‍රීම් අරන් දුන්නා.. මෙයාට අද මොනා වෙලාද මන්දා

🐰: තමුසෙ මොනාද ඔය කල්පනා කර කර ඉන්නෙ. බලනවා වෙලාව .. මම යනවා..

මෙන්න මූ මට ගස්සලා පශ්චාත් බාගෙත් එහෙට මෙහෙට වන වනා යනවා.. ජීවිතේට ඇවිල්ලවත් නැති පලාතක ලස්සන කෙල්ලෙක්ව මෙහෙම තනියම දාලා යන්න මූ කන්නෙ ගල්ද. හැඟීම් දැනීම් නැති මනුස්සයා... මෙ දැන් බෝරා බෝරා ගිලාබහින්න යනවා වගේනෙ මේකා දුවන්නෙ..

මමත් ඉතින් වෙන මොනා කරන්නද.. කුකා පස්සෙන් දුවගෙන ගියා. එයා යනවා යනවා ඉවරයක් නෑ. අපි මෙච්චර ඇවිද්දද දෙයියනෙ..

💖: ඕයි... ඔහොම ඉන්නවා.... මට මහන්සී මනුස්සයෝ..

අනෙ මට තවත්නම් යන්න බෑ. මේ මිනිහා ඔහේ යනවා.. මම කොච්චර කෑ ගැහුවත් නිකන්වත් බැලුවෙ නෑ. දැන්නම් එයා හදන්නෙ මගෙ මුඛයෙන් අසභ්‍ය වචන විසිරුවා ගන්න..

💖: ඕයි කුකා... මුගෙ හැල්මොනීට පිට්ටු තම්බන්න.. ඔහොම ඉන්නවා... අලි මස් කාලද ඉන්නෙ ... ඔච්චර වේගෙන් යන්නෙ මොකද..මාව දාලා ගියොත් මං තමුසෙව මරලා මෙහෙ මිනිස්සුන්ට සී ෆුඩ් කියලා කන්න දෙනවා..

මම කෑ ගැහුවා.. මගෙ උගුර වෙලේනකන් මම කෑ ගැහුවා. ඇයි යකො මම ඇයි සකන්ඩ් වෙන්නෙ.. 🙂

එයා නැවතිලා එක පාරම මගෙ දිහා බැලුවෙ මූව ඩෙවල් දාලා කනවද පුච්චලා කනවද කියලා හිතන ගමන් වගෙ..
ආයිශ්...
මං බය නෑ..
ඒත් 🙂
අනෙ ඇයි මෙයා මෙ මගෙ පැත්තට මාව උස්සලා පොලවෙ ගහන්න වගෙ වේගෙන් එන්නෙ.. හීහී 🙂 මම ලොකු දෙයක් කිව්වෙ නෑනෙ 🙂

🐰: තමුසෙ දැන් මොනා කරනවා කියලද කිව්වෙ..

මොකද මේ මිනිහට මෙ රතු කට්ට පැනලා.. හැමවෙලේම මූලග්ගින්න වගෙ.. අර්‍ර්‍ර්

💖: අහ්..

🐰: සීෆුඩ් කියලා කන්න දෙනවා කිව්වෙ..

හරිනෙ!!! දැන් උස්සලා බෝට්ටුවක මෝටරයක් අස්සෙ හැංගුවත් ඉවසපං සූහියා.. උඹ හැමදාම නාගන්නෙ ඔය කට නිසා...

💖: අහ් අනී..

මම පොඩි හිනාවක් දාලා ශේප් වුනා.. තව කට ගහලා මෙයා මගෙ කට කැඩුවොත් එහෙම කෝ මට කටක් 🙂

Jk pov:

සූහි එක පාරම කටවහගත්ත නිසා ලැබුන අවස්තාවෙන් මං එයාගෙන් අතත් ඇදගෙන කැබින් ළඟට ආවා.. එන ටිකෙත් මොනාදෝ කියව කියව ආවා නැත්තන් මට බනිනවා.. මහ පුදුම කෙල්ලෙක්...

තව දවස් හයකින් සූහි මේ හැමදේම දැනගන්නවා. ජින් හ්‍යොංගෙ තීරණය ඒක.. මේ හැමදෙයක්ම මම ලීඩ් කරත් මගෙ සහෝදරයො හය දෙනා කියන දෙයක් මම අහන්නැතුව ඉන්නැ. එයාලා මට වඩා වැඩිමල් අය.. ඉතින්... සූහි අපෙ වැඩේට කලින් දවසෙ හැමදේම දැනගත්තම අපි හැමෝමව දාලා එයා යන එක ගැන මට තරමක් විශ්වාසයි.. සූහි කියන්නෙ වෙනම විදියෙ කෙල්ලෙක්. කට තිබ්බට හිත හරි අහිංසකයි. එයා කැමති වෙයිද ඉතින් අපි වගෙ මිනීමරුවො එක්ක ඉන්න.. එයා යයි.. ඉතින් මේ ටික දවසෙ මම එයත් එක්ක හොදින් ඉන්න ඕනි. ඒත් හිනා වෙලා ඉන්නවට වඩා මේ මෝඩිව අවුස්සන එක තමා ජොලිම.. මරු කට 😂

💖: කුකී...

මම එයාව එයාගෙ කැබින් එක ලගට එක්කන් ගියා.. මම හිතුවෙ පාඩුවෙ ඇතුලට ගිහින් දොර වහගනී කියලා. මෙන්න මෙ හුචක්කුව අසරණ විදියට මගෙ දිහා බලන් ඉන්නවා...

🐰: ඒ පාර මොකද..

💖: මට ඔයත් එක්ක තරහයි.. ඒ නිසා මට නරක වචනයක් කියන්න ඕනි.. චේබල් 🥺 ඒ වචනෙ උගුරටම ඇවිල්ලා තියෙන්නෙ..

මේ මෝඩි බටු ඇටයක් වගෙ ඉදගෙන කිසි බයක් නැතුව මගෙ ඉස්සරහා කියන දේවල්... මට හිනා වෙන්න ඕනි. ඒත් හිනා වුනොත් හෙට ඉදන් ආය කුකී කුකී ගගා කටගහගෙන එයි. බුරුලක් දෙන්න හොඳ නෑ 😌

🐰: අහ්ම්ම්ම් ( උගුර පෑදුවා).. කියනවකො බලන්න..

💖: ගඳයා..

එයා එක පාරම දුවගෙන ගිහින් දොර වහගත්තා.. අර්ර් කියොප්තා 😩...

අපි හම්බුනෙ අපරාදෙ සූහි.. මගෙ හිත දැන් ඔයාවම හොයනවා , ඔයා ගැනම හිතනවා.. මේ හැඟීම මුලින් මට ආගන්තුක වුනත් දැන් මට ඒ හැඟීම මොකක්ද කියලා හොදටම තේරෙනවා.. මම ඔයාට ආදරෙයි. හුඟක්. .. ජංගුක්ගෙ පලවෙනි ආදරේ ඔයා.. මම හිතුවෙ නෑ කවදාවත් මට ආදරය කරන්න පුලුවන් වෙයි කියලා. ඒත් දෛවය හරි පුදුමයි. මගෙ ඇස් ඉස්සරහට ඔයා ආපු දවසෙ ඉදන් මම හිත ඇතුලෙන් සතුටු වුනා.. එදා මින්හො එක්ක පොර බදින ඔයාව දැක්කම
දන්නවද...
මගෙ හිත කෑලි කෑලිවලට කැඩිලා ගියා වගෙ මට දැනුනා.. එදා ඉදන් අද වෙනකන් ඔයා එදා හිටපු හැටි දකිද්දි මම හිත යටින් අඩනවා සූහියා.. ඔයාගෙ අහිංසකකමට , කටකාරකමට , බොරුවට දාන චන්ඩිපාට් වලට මම හරි ආසයි.. මාත් එක්ක ඉද්දි කටකාර හුරතල් කෙල්ලෙක්, යේරි එක්ක ඉද්දි චන්ඩි කෙල්ලෙක් , හ්‍යොංලා එක්ක ඉද්දි අහිංසක කෙල්ලෙක්, මගෙ මීශා එක්ක ඉද්දි වගකීම් ගොඩක අයිතිකාරියක් වගෙ.. මම ඒ හැම චරිතෙකටම හරි ආදරෙයි...

ඒත්....
මැනික.. මගෙ හිතෙ තියෙන ආදරෙ මට යටපත් කරගන්න වෙනවා. මගෙ ඔම්මා අප්පා තරම් මට කාවවත් වටින්නෑ. ඉතින් මට මගෙ පලියගන්න ඕනි. මගෙ පලිය ඉවරයක් වෙනකන් කාටවත් අයිති වෙන්න එපා... හැමදේම ඉවර වුන දවසක මම ජීවත් වුනොත් මම මගෙ හිතෙ තියෙන දේ ඔයාට කියන්නම්. එදාට අපි ආදරෙ කරමු. එතකන් ඉවසමු. මට බෑ ඔම්මව අප්පව නැති වුනා වගෙ ඔයාවත් නැති කරගන්න..

Author pov:

ජංගුක් තමන්ගෙ හිතෙ මෙච්චරකල් තිබුන හැඟීම ආදරයක් කියලා පිලිගත්තා .. කොල්ලා මේ හැමදේම කල්පනා කලෙ ඇදේ හාන්සි වෙලා අහස දිහා බලාගෙන. කැබින් එකෙ ඇදට උඩින් වහලය සම්පූර්ණයෙන්ම හදලා තිබ්බෙ වීදුරුවලින්. තමන්ට ආදරේ කරන්නවත් උරුම නැති නිසා කොල්ලගෙ ඇස්වල කදුලු පිරුනෙ ඉබේටමයි...

Time passed
5th day in bora bora

බෝරා බෝරා ගමනෙ පස්වෙනි දවස.. මිශන් එකට තව තියෙන්නෙ හරියටම දවස් දෙකයි. අද තමන් සූහි වගේම යේරිත් bangtan ගැන සම්පූර්ණයෙන්ම දැනගන්න දවස.

🐯: වාහ්... අර කව්ද යකො..

ටේ කොල්ලො හැමෝටම ඇහෙන්න කෑ ගැහුවෙ බීච් එක දිහා බලන් ඉන්න කෙල්ලෙක්ව දැකලා. කෙල්ලව පිටිපස්සට දැන්න නිසා කාටවත් ඒ කෙල්ලගෙ මූනක් පෙනුනෙ නෑ...

දකින ඕනි කෙනෙක්ගෙ හිත හොල්ලන්න පුරුවන් විදිහෙ ලස්සනක්. පිටිපස්සෙන් වුනත් කෙල්ලට තිබුනා. ඒ ඇගට ඒ කෙල්ල ඇදගෙන හිටපු short dress එක හුඟක් ගැලපුනා..

🐱: වාහ්... අද එයාව මං දාගන්නවා...

🐥: යේරි මේ ලග පලාතක ඉන්නවද බලපං..
( කොල්ලොනෙ ඉතිම් 😅)

🐰: වරදකුත් නෑ නෙහ්..

🐹: ඔය ඉන්නෙ උබලගෙ අනාගත ලොකු නෑනා..

🦄: අනෙ නිකන් හිටහන් හ්‍යොං.. තෞසෙ දැන් නාකි..

🐹: යකො මට තාම 29යි...

🐨: උඹලා හිටපල්ලා.. මම ගිහින් පොඩ්ඩක් එයාට කතා කරලා එන්නම්..

ජූන් ඇහැක් ගහලා ඉදගෙන හිටපු තැනින් නැගිට්ටෙ ඒ කෙල්ලව සෙට් කර ගන්න කියලා හිතාගෙන.. ජූන් නෙවෙයි අනික් කොල්ලො ටිකත් ඒ කෙල්ල දිහා බලන් හිටියෙ කටත් ඇරගෙන.. රත්තරං පාට අත් කකුල් නිසා හිරු එලියට කෙල්ල දිලිසුනා..

ජූන් අඩිය තියද්දිම එක තැන ගල් ගැහුනෙ ඒ කෙල්ල ලගට දුවගෙන ආපු අනික් කෙල්ලව දැකලා... යේරි?????

නිකන්ම ජිමිනට හිනා ගියෙ යූරිගෙ ලස්සන නිසා.. දන්නැත්ද ඉතින් කොල්ලා වලා 🙂

🐥: උබලා මෙච්චර වෙලා කටත් ඇරන් බලන් හිටියෙ සූහි දිහා.. ඊයෑ...

ජිමින් සුපුරුදු පරිදි පොලව සිපගෙන හිනා වුනා... කොල්ලො ටික හිටියටත් වඩා පුදුම වුනෙ ඒ ඉන්නෙ සූහි කියලා දැනගත්තට පස්සෙ. වැඩියෙන්ම පුදුම වුනෙ ජංගුක්.. ඒ ඉන්නෙ සූහි කියලා දැනගත්තම කොල්ලගෙ හිතට දැනුනෙ සතුටක් වගෙ අමුතු හැඟීමක්. මොන කොල්ලද අකමැති තමන්ගෙ කෙල්ල ලස්සනට ඉන්නවට අනික් හැමෝම කෙල්ලට ලස්සනයි කියනවට...

🐹: යකො මම උබලගෙ ලොකු නෑනා කරගන්න හැදුවෙ මයෙ නංගිවද 😅 ( ජනෙල් පිහිදන හිනාව)

🐥: බලපං යූරි.. ආශ් මයෙ කෙල්ල.. ඒයි යූරියා.....

ජිමින් කෑ ගහගෙන යූරි ළගට ගියා.. ජිමිනුත් කුකී වගෙම හිටියෙ හිතෙ අවුලෙන්. යේරි කියන්නෙ ජිමින්ගෙ පණ ටික. කොල්ලා ඒ තරම් ඒ කෙල්ලට ආදරෙයි. සූහි තරම් කටකාරකමක් චන්ඩිකමක් කෙල්ලට තිබ්බෙ නෑ. බැලු බැල්මට යේරි කියන චරිතය හරි නිහඬයි හරි අහිංසකයි.. ඒ වගේම බොලඳයි..

යේරි බොලඳ වුනේම තමන්ට පොඩි කාලෙ සිද්ද වුන නිසා. කුඩ අම්මගෙන් ඕනිවටත් වඩා වෙනස්කම් විදපු පොඩි කෙල්ල හිත හයිය කරගෙන අමාරුවෙන් ඉගෙන ගෙන තමන්ගෙ අප්පවත් කුඩ අම්මවත් දාලා සෝල්වලට එනවා. පොඩි කාලෙ ඉදන් කෙල්ලව සනසන්න තමන්ගෙ අප්පවත් ඉදිරිපත් නොව්න නිසා කෙල්ල ඉන්නෙ අප්පත් එක්ක තරහෙන්. සෝල්වලට ඇවිත් කොලේජ් එකට ගිය මුල්ම දවසෙම සූහිව හම්බුන නිසා සූහි දිහා බලලා කෙල්ල එන්න එන්න තරමක් හිත හදාගත්තත් ඒ කෙල්ල සමහර දේවල්වලට හරි බයයි. විශේශයෙන්ම නපුරු මිනිස්සුන්ට....

කෙල්ලට ජිමින්ව හම්බවෙන්නෙ අහම්බෙන්. ජිමින් කෙල්ලට ආදරෙ කරන්නෙ දැකපු මුල්ම දවසෙ ඉදන්. ජිමින් කෙල්ලව දැක්කෙ කොෆි ශොප් එකට වෙලා ඉද්දි.. කෙල්ල සූහි එක්ක අතෙනුත් ඒවා මේවා පෙන්න පෙන්න ඇස් කරකව කරකව කතාව. එදා ඉදන් ජිමින් කෙල්ලට ආදරය කලා..

ජිමින්ගෙ ගතිගුනවලට, රැකවරණයට ලෝබ හිතුන නිසා අන්තිමේදි කෙල්ල ජිමින්ට කැමැත්ත දෙනවා. එදා ඉදන් ජිමින්ට තමන්ගෙ පණ වුනෙ යේරිව.. තමන්ගෙ නංගි වුනෙ සූහිව... සමහර දවස්වල බ්‍රයන්ගෙ වැඩ නිසා ජිමින්ට යේරිට දුන්න පොරොන්දු කඩන්න සිද්ද වුනා. හරියට dinner එකට එනවා කිව්ව දේවල් එහෙම. එතකොට කොල්ලා හේතුවක් විදියට කිව්වෙ කොල්ලා හිටියෙ ක්ලබ් එකෙ කියලා.... ඒත් යේරි ජිමින්ට හරි අහිංසක විදියට සමාව දුන්නා... ඉතින්.. අද ජිමින්ගෙ වගේම අනිත් අයගෙත් තත්වය යේරිට කිව්වම යේරි මොනවා කරයිද කියන බය ජිමින්ට දැනුන එක පුදුමයක් නෙවෙයි...

______________________

ජිමින් ගිහින් යේරිව ඉනෙන් අල්ලන් කොහෙදෝ එක්කන් ගිය නිසා සූහිත් කොල්ලො ටික හිටපු පැත්තට ආවා.. ජංගුක්ගෙ ඇස් තිබුනෙ සූහි ළගමයි. එක මොහොතක්වත් සූහිගෙ ලස්සන නොදැක ඉන්න කොල්ලට ඕනි වුනෙ නෑ..

💖: හායි...

සූහි ඇවිත් ජංගුක්ට එහා පැත්තෙන් ඉඳ ගත්තා...

🐯: සූහියා. ඔයා අදනම් ගොඩක් ලස්සනයි.. ඒ වගේම sexy...

ටේ කිව්වෙ තමන්ගෙ පෙට්ටි හිනාව මූණෙ රඳවගෙන..

🐨: ඒකනෙ සූහියා... ඔය ලස්සන ඔය හිනාව හැමදාම අපෙ චූටි නංගි ළග තියාගන්න ඕනි හොදෙද..

නම්ජුන් හරි ආදරෙන් සූහිගෙ ඔලුව අතගෑවෙ හරියට තමන්ගෙම නංගි වගෙ..

🐹: අපේ ලස්සනම ලස්සන ප්‍රින්සස් ... ඔප්පට ප්‍රොමිස් වෙනවද මොන දේ වුනත් ඔප්පලා එක්කවත් කුකී එක්කවත් තරහා වෙන්නෑ කියලා. අපි කවුරු වුනත් අපෙ සූහියාට අපෙ පොඩි නංගි වගේ ආදරෙයි...
අහන්න සූහියා... ඔයා ආපු දවසෙ ඉදන් තමයි අපි සතුටින් හිටියෙ. කුමාවො මගෙ මැනික අපෙ ගෙදරට හිනාව ගෙනාවට. දන්නවද ඔප්පලා හරි සතුටින් ඔයා නිසා. දවසක මැනිකට අපිව එපා වුනොත් යන්න. මම එපා කියන්නෑ. ඒත් හැන්සම් ඔප්පා , ඩිම්පල් ඔප්පා, පූස් ඔප්පා, සන්ශයින් ඔප්පා, කොට ඔප්පා, පොලිස් ඔප්පා ඔයාට හැමදාමත් ආදරෙයි. අපෙ චූටි හැමදාම සතුටින් ඉන්න ඕනි හොදෙද...

ජින් ඇස් අගට ආපු චූටි කදුලු බිංදුවක් දබර ඇගිල්ලෙන් පිහිදගත්තා.. කොල්ලො ටිකට සූහිට හැමදේම කියන එක ගැන ප්‍රශ්නයක් නෑ.. ඒත් තමන්ගෙම නංගිට වගෙ සලකපු කෙල්ල ඈත් වුනොත් කොල්ලො ටිකට ඒක ලොකු දුකක් වෙයි... යුංගි හිටියෙ හැමදාම කටවහගෙන.. ඒත් එදා යුංගිගෙ හිතත් ජින් තරම්ම සූහි වෙනුවෙන් වද වුනා...

සූහිට ජින් කියපු දේ 100%ක් නොතේරුනත් කෙල්ලගෙ ඇස්වලට සතුටු කඳුලු උනන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. කෙල්ල දෙපාරක් නොහිතා ජින්ව බදාගත්තා..ජින් තරම්ම කෙල්ලටත් ජින් ගැන තමන්ගෙ ඔප්පා වගෙ ආදරයක් තිබුනා. ජින් හරියට අප්පා කෙනෙක් වගෙ කෙල්ලව බලාගත්තා, රස කෑම හදලා දුන්නා, දුකින් ඉද්දි හිනැස්සුවා..

🦄: චූටි අඩන්න එපා ඉතින්...

ජින්ගෙ පපුවට වෙලා අත් දෙකෙන්ම ජින්ව බදාගෙන හිටපු කෙල්ලගෙ පිටට තට්ටු කරන ගමන් හොබී කතා කළෙ වෙව්ලන කටහඩකින්. ඒ හිත සූහිටත් වඩා සංවේදී..ං

💖: ම්.. මං ප්‍රොමිස් වෙනවා. මගෙ ඔප්පලවයි කුකියවයි මගෙ මීශවයි දාලා මම කොහෙවත් යන්නෑ . ආදරෙයි මගෙ ඔප්පලා හැමෝටම.. මම පූස් ඔප්පටත් ආදරෙයි...

කෙල්ල චූටි දරුවෙක් වගෙ කෑ ගහලා අඩද්දි විටින් විට කියන මෝඩකතාවලට කොල්ලො ටිකට හිනා ගියා. පූස් ඔප්පට ආදරෙයි කිව්වම යුංගිගෙ මූනෙත් හිනාවක් ඇදුනා... කුකීත් මේ දිහා බලන් හිටියෙ මූනෙ ලස්සන හිනාවක් එක්ක...

සහෝදර ප්‍රේමය කියන්නෙ හරි පුදුම එකක්. තවම පොඩි කාලයක් වුනත් ඒ කොල්ලො හත් දෙනාම මේ කෙල්ලට හරිට බැඳිලා. මේ හැම හිතක්ම හරි ලස්සනයි.. හරි අවංකයි.. කරුනාවන්තයි..

එන්න එන්න හවස් වුනා.. කොල්ලො ටිකයි කෙල්ලො දෙන්නයි ඇති වෙනකන් කෑවා.. වෙනදා වගෙ නෙවෙයි සූහිට කෑම කැව්වෙ කොල්ලො ටික.. නංගිව මැද තියාගෙන ඔප්පලා ටික වෙලාවකට එක එක කතා කියලා සූහිව හිනැස්සුවා.. හැමෝගෙම අද සතුට වුනෙ සූහිගෙ  වගේම යේරිගෙත් හිනාව...

🐰: චූටි...

💖; ඔයා මොකද මට චූටි කියන්නෙ.. ඒක කියන්නෙ ඔප්පලා විතරයි 😌

🐰: මතක නැද්ද අහ්.. හ්‍යොං ලට කලින් මමයි චූටි නෝනා කිව්වෙ..

කුකී කෙල්ලට ආදරෙයි කියලා පිලිගත්ත දවසෙ ඉදන් මෙ වෙනකන් රන්ඩු වුනෙ නෑ .. මේ ටික දවසෙ කතා කළෙ සුහිගෙ ඇග හිරිවට්ටලා යන්න තරම් ආදරෙන්.වෙලාවකට කොල්ලටම හිනා කෙල්ල ගැස්සිලා යද්දි..

💖: කුකී මම කිව්වා ඔයාට ඔහොම කතා කරන්න එපා කියලා..

🐰: ඉතින් මම මෙහෙමනෙ කතා කරන්නෙ. මේක නෝමල් විදිහ..

💖: අනී... නපුරු කුකා කෝ.. එහෙම වෙන්න..

කෙල්ල තමන්ගෙ ඇස් දිහා පූස් පැටියෙක් වගෙ බෝල් ඇස් දෙකත් මොකක්දො කරන් කතා කරන හැටි දැක්කම ජංගුක්ගෙ හිත ගැස්සිලා ගියා...

ඒ හිතෙ කොච්චර වේදනාවක් ඇත්ද.. තමන් ආදරෙ කරන කෙනා එක්ක ආදරෙ කරන්නවත් ලැබීමක් නෑ නේද කියලා කුකීට හිතුන වාර එමටයි. කෙල්ලගෙ ඇස් දකිද්දි හුරතල් කම්මුල් දකිද්දි මුලු මූනෙම තෙත හාදු තියන්න ඕනි වුනත් හැඟීම් යටපත් කරගෙන කුකී කලෙ ඒ මුන දිහා බලන් හිටපු එක විතරයි.. හිත යටින් කෙල්ලව දකින වාරයක් පාසා ජංගුක් හැමවෙලාවකම ඇඩුවත් තමන්ගෙ හිතෙ තියෙන කිසිම හැඟීමක් ගැන කෙල්ලට අඟවන්නවත් ජංගුක්ට ඕනි වුනෙ නෑ..

දෛවය..... ඇයි මෙච්චරනම් නපුරු....

🐯: කුකා.. දැන් කෙල්ලව යවපං.. සූහියා යේරි එක්ක ගිහින් වොශ් දාගෙන ඇදුමක් දාගෙන එන්නකො ජින් හ්‍යොංගෙ කොටේජ් එකට. අද අපිට කියන්න දෙයක් තියෙනවා..

💖: මොකක් ගැනද ඔප්පා...

🐯: ඒක ගැන කියන්න තමා ලමයො වොශ් දාන් එන්න කිව්වෙ.. චූටි... උදෙ ඉදන් ඇදන් ඉන්න ඇදුම පිටින් නේද තාම. කෝ කෝ යන්න .. ගිහින් එන්න ඉක්මනට .. පල්ලී....

කෙල්ල යේරිවත් එක්කන් වොශ් එකක් දාන්න ගියා.. ඒත් සූහිගෙ හිතෙ තිබ්බෙම ටේ කිව්ව වචන ටික..

" එයාලා මොනාද එච්චරටම කියන්න යන්නෙ"

කෙල්ල එහෙම හිතලා බාත් ටබ් එකට බැස්සා..

_________________________________

After 1 hour later:

යේරි වගේම සූහිත් නාගෙන ජින්ගෙ කොටේජ් එකට ගියා. යද්දි කොල්ලො ටික තැන් තැන්වලට වෙලා හිටියෙ සීරියස් මූඩ් එකක. ඒක සූහි හොදටම දැක්කා.. ඒත් ජූන් කෙල්ලො දෙන්නව දැක්ක ගමන් බොරුවට හිනා වුන නිසා අනිත් කොල්ලො ටිකත් හිනා වුනා..

🦄: චූටී යේරියයි හැම ඇදුමටම ලස්සනයිනෙ .

(සූහිගෙ ඇදුම )

හොබී ඒක කිව්වෙ හිතෙ තවත් ලොකු දෙයක් හංගගෙන කියලා දැනගන්න කෙල්ලො දෙන්නට වැඩි වෙලාවක් ගියෙ නෑ.

💖: ඔයාලත් එහෙම තමා..

කෙල්ල යූරිගෙ අතින් අල්ලන් ජින්ගෙ ඇඳේ පැත්තකින් ඉදගත්තා.. කොල්ලො ටිකත් ඇවිත් සූහි ලගින් තැන් තැන්වල ඉදගත්තා..

🐰: සූහී.. මට.. මේ හ්‍යොංලට ඔයාට කියන්න දෙයක් තියෙනවා. හැමදෙයක් ගැනම හොදට අහගෙන ඉන්න. අනික් දෙ කතාව මැද්දෙ දමලා ගහලා යන්න හිතන්නවත් එපා හතරට නවලා කොරල්පරයක් අස්සෙ හංගනවා. දෙන්නටම කියන්නෙ මං..

🐨: ජංගුකා.. කෙල්ලට බනින එක නවත්තපං. අහන්න චූටි ජංගුකා කිව්වා වගෙ හැමදේම අහගන්න. මේක ඩිම්පල් ඔප්පගෙ ඉල්ලීමක්..

💖: ද්.. දේ..ඔප්පා..

කෙල්ලට දැනුනා මේක විහිලුවක් නෙවෙයි කියලා. කොල්ලො හැමෝම හිටියෙ ලොකු කතාවකට මුලපුරන්න වගෙ. හිතට යම්කිසි බයක් දැනුනත් සූහි ඒක පිටට පෙන්වන්න ගියෙ නෑ.

🐹: දන්නවද bangtan ලව..

💖: අහ් දේ bat man ව මං දන්නවා ඔප්පා.. 🙂

🐱: යා මොට්ටයා.. Bangtan ගැන කිව්වෙ..

💖: අහ් අනී... මං දන්නෑ.. මොන්ටිසෝරියක්ද ඒක 😐

🐰: යා .... කියන දේ අහගන්නවා.. අපි bangtan .. මගෙ ඔම්මගෙ අප්පගෙ මරණෙට පලියගන්න ඕනි නිසා, මේ ලෝකෙ මගෙ ඔම්මා අප්පා වගෙ අසාධාරණයව මැරුන.. අසාධාරණ විදියට ජීවිතෙ ඉල්ලන මිනිස්සු නිසා එකට එකතු වුන කණ්ඩායමක්. මෙහෙමයි.. එදා මගෙ ඔම්මවයි අප්පවයි සත්තු දෙන්නෙක් වගෙ අසාධාරණ විදියට උන් මැරුවා. මගෙ ඔම්මා එතකොට මීශාව බඩෙ තියන් හිටියෙ. උන් කියනවා මගෙ ඔම්මයි අප්පයි ඩ්‍රග්ස් අරගෙනලු හිටියෙ..

ජංගුක් පැත්තක තිබ්බ ස්ටූල් එකකට පයින් ගැහුවෙ පැත්තකට විසිවෙලා කැඩිලම යන්න. තාමත් සූහි හිටියෙ කිසිම දෙයක් නොතේරුන ගානට.

🐰: දන්නවද... මම නීතියෙන් සාධාරණයක් ඉල්ලුවා. වැඩක් වුනෙ නෑ .. කාලයත් එක්කම මම සතෙක් වුනා.. මම හොයාගත්තා මගෙඔම්මා අප්පව මැරුවො බ්‍රයන් කියලා. ඒ වගේම උගෙ මල්ලි මින්හො. මම අදටත් දන්නැ මොන හේතුවකට උන් මෙහෙම කරාද කියලා. උගෙ නංගිලු මගෙ ඔම්මගෙ ඇගට ඩ්‍රග්ස් ඉන්ජෙක්ට් කලෙ. ඒත් ඒකි මෙ ලෝකෙට රහසක්. මම දන්නෙ ඒකිගෙ නම ශීරා කියලා විතරයි. බ්‍රයන් කරන්නෙ ඩ්‍රග්ස් ඩීල්, වුමන් ට්‍රැෆිකින් වගෙ දේවල්. මට ඕනි උගෙ වැඩ එකින් එක නවත්තන්න. දැනට මම මිනිස්සු දෙන්නෙක්ව අදුරගන්නවත් බැරි වෙන්න නැති කරෙ මගෙ අතින්මයි. තව හත් දෙනෙක් ඉතුරුයි. මට බ්‍රයන්ගෙයි මින්හොගෙයි කටින්ම දැනගන්න ඕනි මගෙ ඔම්මගෙ අප්පගෙ මිනීමැරුම ගැන මුල ඉදන්.. මම යුනි එන්නෙත් මින්හො නිසා. අවුරුදු 24ට කව්ද යුනි යන්නෙ..

මෙච්චර දවස් සූහි කුකීගෙ වයසක් ගැන හිතුවෙ නැ. හිතන් හිටියෙ එයා එක්කම ඉන්න නිසා එයාලගෙම වයසෙ කියලා..

🐰: ඉතින් මගෙ වැඩෙ කරගන්න මාත් එක්ක ඉන්න මගෙ එව්න් ටික මේ.. Bangtan .. අපි එක කන්ඩායමක් . නම්ජුන් හ්‍යොං ෆයිටින් වලට දක්ශම කෙනා. එයා තරම් දක්ශ කෙනෙක් කොරියාවටම නෑ.. ජින් හ්‍යොං.. ශූටින්වලට දක්ශම කෙනා.. යුංගි හ්‍යොං.. අපෙ කොල්ලොන්ට අපිට මිශන්වලදි තුවාලයක් වුනත් අපි ගැන බලන්නෙ මෙයා. ඒ වගේම මේ ලගදි බ්‍රයන් උස්සපු කෙල්ලො පනස් දෙනෙක්ගෙ ජීවත බේරගත්තෙ යුංගි හ්‍යොං..හේසොක් හ්‍යොං .. මෙ වැඩවලදි අනන්තවත් ඉල්ලීගල් වැඩ කරන්න වෙනවා .. නීතිය පැත්තෙන් හේසොක් හ්‍යොං අපි ගැන බලනවා. ජිමින් හ්‍යොං.. ටීම් එකෙ හැක'.. බ්‍රයන්ගෙ වැඩ වගේම බ්‍රයන් ලගට අපිට යන්න උදව් කරන්නෙ එයා.. ටේ හ්‍යොං  මෙ වැඩවලට පොලිසියෙන් ලැබෙන්න ඕනි උදව් හැමදේම එයාගෙන්. මම jeon jungkook හෙවත් jk... Jeon group එකෙ වර්තමාන CEO....

ජංගුක් ආයෙත් ඉදගත්තා..

🐹: ඕකයි අපෙ කතාව. ඔයා දැනගන්න ඕනි හැමදේම කුකී කිව්වා.. චූටි...

සූහි හිටියෙ ඇස්වල කදුලු පුරවන්. යේරි හොදටම අඩනවා..

💖: ඇයි ඔයාලා මට මේවා නොකිව්වෙ..

හිර කරගෙන හිටපු කඳුලු සූහිගෙ ඇස්වලින් ඔහේ ගලාගෙන ගියා. කොල්ලො ටික බලන් හිටියෙ කරකියාගන්න දෙයක් නැතුව..

🐨: චූටි..

💖: ඇති ඔප්පා.. මේ ඇති.. ඔයාලට මට කියන්න තිබ්බා..

🐰: කියන්න පුලුවන්කමක් තිබ්බනම් මම කියනවා සූහි.. තමුසෙ ගන්න ඕනි දේ විතරක් මෙ කතාවෙන් ගන්නවා..

💖වයස 24යිනම් ඔයාටත් ඔප්පා කියන්න ඕනෙද එතකොට. අනෙ මයෙ ගෞරවෙ.. මෙච්චර දවසක් හිපාටුවා උගුඩුවා කිව්වෙ ඔප්පෙක්ටද 😭😭😭

❤️: ඔප්පා... ඔයා මැරෙන්නත් තිබ්බා... අනෙ මයෙ කොටාරිං..

යේරි ගිහින් ජිමින්ව බදාගත්තා. ඒ අස්සෙ සූහි කුකීට වැඳ වැද අඩනවා. කොල්ලො ටිකට හිනා යන්න ආවත් අමාරුවෙන් හරි හිනාව කාගෙන හිටියෙ හිනා වුනොත් මේ වෙලාවෙ හිනා වුනොත් කෙල්ලො දෙන්නා තවත් අඩන නිසා..

ඒත් සූහි එක පාරම කඳුලු පිහිදගත්තෙ ලොකු කතාවකට මුල පුරන්න වගෙ..

💖: ඔයාලා වැරදි නෑ. ඒත් මම මේවා දැනගෙන ඔයාලව දාලා යයි කියලා හිතුවනම් ඒක වැරදි. ඒ වගේම කොට ඔප්පා. යේරි ඔයාටයි ආදරෙ කරන්නෙ නැතුව ඔයාගෙ වැඩවලට නෙවෙයි. ඔයා කොහොම කෙනෙක් වුනත් ඒ කෙල්ල ඔයාට ආදරෙයි. ඒ වගේම ඔප්පලා.. මම එකඟයි.. මෙතන කුකීට වුනෙ අසාධාරණයක්. එයා මෙහෙම කරන එකෙ වැරැද්දක් නෑ. අනික මීශට අද ඔම්මා අප්පා නැතිව ඉන්නෙ වෙන්න සිද්ද වුනෙ මින්හොලා නිසානම් මමත් අද ඉදන් උන්ගෙ හතුරෙක්. ඔයාලා මගෙ පැත්තෙන් මට වැරදි නෑ. මැරෙන්න ඕනි මිනිස්සු මැරෙන්න ඕනි. ඔයාලා ඒකට උදව් කරනවා විතරනෙ. ලොකුවට උදව් කරන්න බැරි වුනත් වචනෙකින් හරි මම උදව් කරන්නම්. මම ඉල්ලන්නෙ මෙච්චරයි හත් දෙනාම ඔය වැඩෙ කරද්දි එක්කෙනෙක්ටවත් හීරීමක්වත් වෙන්න බෑ. එච්චරයි
..

සූහි කතා කලෙ කවුරුත් බලාපොරොත්තු නොව්නු විදියට. හැමදේම විහිලුවට ගන්න කෙල්ල මෙහෙම කතා කරද්දි කව්ද පුදුම නොවෙන්නෙ...

🐰: සූහි.  අනිද්දා අපෙ ඊලග මිශන් එක..






  ___________________________________

හායි... අද චැපිය ලිව්වෙ ඕනවට එපාවට. දවස් ගානක් නොලිව්ව නිසයි ලිව්වෙ.. පැටව්.. මට දැන් වන්ශොට් දෙයියෙක් වැහිලා. ඊයෙ රෑ වන්ශොට් ස්ටෝරි දෙකක් දැම්මා.. අදත් ලියනවා හිතුනොත්.. ගිහින් කියවලා බලන්න.... THE POET එකට ප්‍රතිචාර හොදයි.. බලමුකො ඉස්සරහට ඒකෙන් අලුත් දෙයක් කරන්න....

මං ගියා.. හෙට endless love දෙන්නම්... හොදට නිදාගන්නෝ.. ඕතරී ආදරෙයි 💜

Jinshi_0811 🥀✨

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

22.8K 5.3K 28
ආදරේ ඇබින්දක් වත් නොලබපු පුංචි රතු රෝස මලක් ලග නැවතුන වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර බඹරෙක්..... "තමුන් නිසයි මගේ පපා මගෙන් ඈත් වුනේ මින් හරා!!!... තමුන්...
20.8K 3.3K 41
• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔවුන්ගේ කතාවයි ••• ...
8.7K 344 14
Here we go again Art is by diggersgigglesva on Tumblr
59.1K 9.4K 31
අපේ ආදර කතාව .....! 2021.08.13 ❤️ #1- sinhala