𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥 (...

Por MissKimTaenu

18.3K 3.4K 1.9K

Time Has Changed Me A Lot දගකාර කෙල්ලෙක් කාලය ආපස්සට ගියොත් මොනවගේ දේවල් වෙයිද ? ඒක ඇත්තටම කාලය හරහා යෑමක් ව... Mais

Chapter 1
Chapter 2
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 ( Last Chapter )
NEW STORY
Jin And Jinnie At The End
Travel to past 2

Chapter 3

1K 184 164
Por MissKimTaenu

මං මෙහෙට ඇවිල්ලා සතියක් දැනටමත්. මං ටේට හොරාට මගේ අර කාලය හරහා ආව වොච් එක හෙව්වත් ඒක හොයාගන්න බැරි උනා.

මින් සනා කියන විදියට එයාලා මේ සතියෙ බදින්න ඉදලා තියෙන්නේ. මං ආව නිසා තමයි වෙඩින් එක නතර වෙලා තියෙන්නේ.

සනා ඇත්තටම ටේට ආදරෙයි. ඒත් ඉතින් මේ ගොබ්බයට පින නෑ ඒ වගේ කුමාරිකාවක් බදින්න.

මෝඩයා හිකනලා. පව් ඒ කෙල්ලා. හ්ම්ම්ම්ම්ම්ම්. මොන මගුලකට මාව මේකට ඇදලා ගත්තද මන්දා .

මව්බිසවයි , යුන්ගි ඔප්පායි , සනායි ඔය හැමතිස්සෙම වටේ කැරකෙන සේවිකාවොයි ඉස්සරහා ටේගේ ආදරවන්තිය වගේ රගපාන එක මට එපා වෙලා. මං මේ විදියට මගේ කාලේ රගපෑවා නම් ඔක්කොම නලු නිලියෝ පරාදයි. ඔස්කා සම්මානෙත් මගේ .

යුන්ගි ඔප්පා හිතුව තරම් නරක නෑ. එයා ටිකක් නපුරුයි තමා . ඒත් හොදයි.

එතකොට පිටසක්වල කුමාරයාගේ ඇත්ත නම් ටේහ්‍යුන්ග්. නම වගෙමයි මූනත් පිටසක්වලයි. මං ඉතින් ඔය දිවටැපලෙන නම් කියන්න බැරි නිසා ටේ කියලා කියනවා.

ඒක ලේසියි පහසුයි.

අද රෑට අපි දෙන්න හොර ගමනක් යන්න හදන්නේ. මායි ටේයි. අද රාජධානියේ කානිවල් එකක් තියෙනවාලු. අපේ කාලේ කානිවල් වලට ගිහිල්ලා තිබ්බට මට මේ කාලේ එකකට යන්න බැරි උනා නේ.

මං මගේ බොරු කදුලු වලින් පොඩි උත්සාහයක් ගත්තා විතරයි ටේ කැමති උනා .

  අදුරගන්න බැරි විදියේ සාමාන්‍ය හන්බොක් එකක් ඇදන් මං ඇද උඩ වාඩි වෙලා කකුල් දෙක පද්ද පද්ද හිටියේ ටේයියා එනකන්.

මේ මනුස්සයා පැයකට වැඩී ඕක ඇතුලේ ගිහිල්ලා. රෙදි අදිනවද රෙදි හදනවද මන්දා ?

මං හිතින් බැන බැන ඉන්නකොට කවුරු හරි මගේ ඇස් දෙක වැහුවා.

මං හොද සුද්ද කොරියන් වලින් බනින්න කට හදනකොට කවුරු හරි කාමරේට ආවා.

" ඔහ් සමාවෙන්න කුමරුනු මං පස්සේ එන්නම් "

ආයිශ් සනා , දැන් මොන හිතුවද මං දන්නේ නෑ. එතකොට මේ බූරුවද මේ ඇස් වහලා තියෙන්නේ.

මං ටේගේ අත් දෙක අයින් කරලා රවලා බැලුවා.

" මොකද රවන්නේ "

මං තව ටිකක් රැව්වා.

" රවනකොට හුරතල් "

රෙම්ද තමා.

" දැන් මොනාද සනා හිතන්න ඇත්තේ බූරු කොටියෝ "

මං අත් දෙකත් බැඳගෙන අහනකොට ටේ හින උනා.

මේ මනුස්සයා හිනා වෙයි මං එපැයි ලැජ්ජාවට පත් වෙන්න.

" මොනා හිතන්නද ? ඕන දෙයක් හිතාගන්න කියනවා. 😏 "

මේ පොල් බූරුවා නම්. මාත් බලාගන්නම්කෝ. මටත් වෙලාවක් එයි නේ.

" මොකද දැන් ඔය මූන එල්ලන් "

මෙච්චර වෙල හිනා වෙවි හිටිය මනුස්සයා මූන එල්ල ගත්ත නිසා මං ඇහුවම මෙන්න ආයේ මට රවනවා. මොන් මගුලක්ද ? මමයි රවන්න ඕන.

" මොකද ?? 🙄🙄🙄🙄🙄 "

" මොකක්ද ඔය ඇදන් ඉන්නේ "

" ඇදුමක් 🙄 "

" මං අහන්නේ මන් ඔයාට කිව්වේ කලු පාට අදින්න කියලා. "

ටේ එයගේ ඇදුම පෙන්නන ගමන් කිව්වා.

" ඉතිම් 🙄 "

" ඉතිම් කිතුල් ඕක ගලවලා කලු එකක් ඇදන් එන්න නැත්තන් මං ගලවලා අන්දනවා 😏 "

" අන්දයි කියල තමා බය "

මං එහෙම කියාගෙන ඇද වටේ දුවන්න ගත්තේ මේ මනුස්සයා පස්සෙන් එයි කියලා හිතාගෙන. නෑ මං දිහ හිනා වෙවී බලන් ඉන්නේ . නිකන් කිච උන වගේ හැගීමක් දැනුනා.

" මොකද මං පස්සෙන් එයි කියලද හිතුවේ ඕක ගලවන්න 😏 "

" පිස්සුද මකුලුවෙක් ඔතනින් ගියා ඒකයි මං දිව්වේ "

මං එහෙම කිව්වම ටේ අඩියට දෙකට මං ගාවට වේගෙන් ආවා.

ඒක අවාසියි.එයා එයාගෙ  බලේ පාවිච්චි කරනවා. මට එහෙම එකක් නෑනේ. 😒

මාව බිත්තියට තද කරපු ටේ මං බිමට හරවන් හිටිය මූන උඩට ඉස්සුවා.

" මොකද දැන් මූන එල්ලන් "

ටේ අහනකොට මං අහක බලගත්‍තා.

" මං මොනා හරි ඇහුව ඇහුනද ආහ් "

මං ඒත් ඇහෙන්නේ නෑ වගේ ඉන්නකොට ටේ බලෙන්ම මගේ මූන එයගේ මූන පැත්තට හරව ගත්තා.

" ඇයි ? 🤨🤨🤨 "

" ඒක හොරයි "

" මොකක්ද ? "

" ඔයා ඔයාගේ බලේ පාවිච්චි කරා එතන ඉදන් මෙතනට එන්න 😒😒😒😒😒 "

මං රවාගෙන කියනකොට ටේ හිනා උනා.

" මොකද හිනා වෙන්නේ 😒 "

" ඉරිසියාව ඔයාට බලයක් නැති නිසා "

" ඔව් ඇයි දෙන්නද ? "

" දෙන්න නම් පුලුවන් හැබැයි බලයක් නෙමේ "

ටේ එහෙම කියලා මට ඉක්මනට පෙක් එකක් දීලා කුටියෙන් එලියට ගියා.

යාහ් පෙරේත ගස් ගෙම්බා. යාලුවෝ කිස් කරන්නේ නෑ. කවදා හරි එයාට දෙන්න තිබ්බ පලවෙනි කිස් එකයි දෙවෙනි එකයි දෙකම මේ හෝතම්බුව ගත්ත හැටි.

අම්මපා කුමාරයා පට්ටම බල්ලට දාලා ගහන්න හිතෙනවා සෙරෙප්පුවෙන්.

පෙරේතයා.

මට කානිවල් එක බලන්න ඕන නිසා මං මුකුත් කියන්නේ නැතුව එලියට වෙලා ඉන්න ගෙම්බා ලගට ගියා. හිවලා 😒

" විනාඩි පහක්ම ඒක ගැන හිතුවද "

මං ටේට රවලා ඉවර වෙලා ඉස්සරහට ගියා.

" ඔය පැත්තට නෙමේ මේ පැත්තට . ටේ එහෙම කියලා මගේ අතත් ඇදන් අනිත් පැත්තට ගියා.

ටේට ලාවට හරි මොලේ තියෙනවා කියලා තෙරුනේ කුටිය ඉස්සරහා දාලා තිබ්බ සෙබළු ටික යවල කියලා දැක්කට පස්සේ.

" මට මොලේ තියෙනවා තමා "

ටේ එහෙම කිව්වම මම ටේ දිහා බැලුවේ මේ මනුස්සට මං හිතන එක ඇහෙන විදියේ බලේකුත් තියෙනවද කියලා අහන්න වගේ.

" නෑ නෑ එහෙම බලයක් නෑ. මං නිකන් හිතලා කිව්වේ "

" හ්ම්ම්ම්ම් 😒 "

මං කලි විදියටම රවාගෙන ටේ ඇදගෙන යන පැත්තකට දිව්වා. ටේ එකපාර මාව බිත්තියට තද කරලා එහා පැත්ත බලන් හිටියා.

එයා ලස්සනයි. ඇත්තටම. ඒත් මෝඩයි. මොලේ නෑ. ගොබ්බයි.

" මොකද කන්න වගේ බලන් ඉන්නේ 😏. යන් ඉක්මනට නැත්තන් අහුවෙයි "

ටේ එහෙම කියලා ආයෙත් මාව ඇදන් දුවන්න ගත්තා.

අන්තිමේදී කොහොම හරි මාලිගාවේ පහළම තාප්පේ තියෙන තැනට අපි දෙන්නට එන්න පුලුවන් උන.

ටේ එහෙම දුවන ගමන්ම උඩට පැන්නත් මේ මනුස්සයට මොලයක් තිබ්බේ නෑ මට ඒ වගේ පනින්න බලයක් නැ කියලා

මොනා උනත් ලස්සනට පියාබනවා.

" එන්නේ නැද්ද "

තාප්පේ උඩ හිට ගෙන ටේ අහනකොට මං අත් දෙකත් බැඳගෙන රැව්වා.

පස්සේ මොකද කියලා තේරුනා වගේ ටේ මාව බ්‍රයිඩල් ස්ටයිල් එකට වඩාගෙන තාප්පේ උඩට නැගලා එහා පැත්තට පැන්නා.

මං නම් හිටියේ මේ මනුස්සය කොයි වෙලේ මාව බිමට දායිද කියල බයෙන් බෙල්ල බදාගෙන.

" හරි අපි ආවා බහින්න බිමට "

මං ඇහුනේ නෑ වගෙ ඉන්න්කොට ටේ මාව බිම දැම්ම පාර මගේ පශ්චාත්බාගෙත් නැති උනාද කොහෙද ?

හිනා වෙවි මට ටේ නැගිටින්න දුන්න අතත් මං ගසලා දාලා නැගිට්ටා.

ඒත් මාලිගාවෙන් එලිය දැක්ක ගමන් ටේයියා එක්ක තිබ්බ මගේ තරහා සුනු විසුණු වෙලා ගියා අප්පා.

වාව් මුලු නගරෙම ලැටර්න්ස් වලින් ආලෝකමත් වෙලා.

මං ටේගේ අතින් අල්ලන් ඒ පැත්තට දිව්වා.


හැමතැනම මිනිස්සු හරි ලස්සන හන්බොක් වලින් සැරසිලා හිටියා. හැම කඩයක්ම වෙනදට වඩා ලස්සනට ආලෝකම්ත් වෙලා තිබ්බා.

කපල් අත් අල්ලන් ලැටර්න්ස් පා කරනවා.

එක එක කෑම ජාතී දෙපැත්තේ පිරිලා.

මං ටේගේ අතින් අල්ලන් මං ඒවා මැදින් ගියා.

වාව් ලැටර්න්ස් වලින් මුලු නගරෙම පිරිලා. අහස එක එක පාටයි.

වාව්. ඒවා හරිම ලස්සනයි. මං ටේගේ අත හයියෙන් අල්ලගත්තේ ඒවයි ලස්සන දරාගන්න බැරුව.

" මොකද යෝදියේ අත කඩන්නද යන්නේ ආහ් "

මන් ටේට හිනා වෙලා බැලුවෙ තිබ්බ ලැටර්න්ස් වගයක් දිහා.

" එකක් යවමුද ? "

ටේ අහනකොට මං ඔලුව කැඩිලා යන්න තරම් හයියෙන් වැනුවා.

ටේ ඒ ලැටර්න්ස් ගන්න කඩේ ලගට ගිහිල්ලා ලැටර් එකක් අරන් ආවා.

" ඇයි එකක් ?? දෙකක් ඕන නේ "

මං අහනකොට ටේ හිනා උනා.

" දෙකක් ගන්න සල්ලි නෑ මං ගාව ඕන නම් දෙන්නම එකක් යවමු. "

පෙරේතයා කුනු ලෝබයා .

අපි දෙන්නම එකතු වෙලා ලැටර්න් එකක් උඩට යවන්නයි හැදුවේ. එතකොටම ටේ මාව නැවැත්තුවා.

" ප්‍රාර්තනාවක් කරන්න "

ටේ එහෙම කිව්වම මං ඔලුව වනලා මගේ ප්‍රාර්තනව කරා. ටේත් ප්‍රර්තනාව කරලා ඉවර උනාට පස්සේ අපි ඒක අතෑරියා. අනිත් ලැටර්න්ස් අතරේ ඒක හොයාගන්න බැරි වෙනකන්ම මං ඒක දිහා බලන් හිටියා.

" ඔය මොනාද ප්‍රාර්තන කලේ "

"මං ප්‍රාර්තනා කලේ ඉක්මනට ගෙදර යන්න ලැබෙන්න කියලා "

මං ටේට එහෙම කියනකොට ටේ ඔලුව වැනුවා.

" එතකොට ඔයා. "

මං ටේගෙන් එහෙම අහනකොට එය හැමතිස්සෙම දාන පෙට්ටි හිනාව දැම්මා.

" ඒක රහසක් "

මෝඩයා. මං මුකුත් කියන්නේ නැතුව ආයේ ලැටර්ස් දිහ බලන් ඉන්නකොට ටේ මාව එක්කන් ගියේ ගොඩක් මිනිස්සු පිරිලා හිටිය තැනකට.

" කොහෙද මේ කියන්නකෝ "

" බලන් ඉන්න මෙතන තම හොදම තැන "

ටේ එහෙම කියලා මාව ඒ ස්ටේජ් එකක් ඉස්සරහා තියෙන මේසෙකට එක්කන් ගියා.

මං බලන් හිටියේ ලස්සනට සරසලා තියෙන ස්ටේජ් එක දිහා.

ටේ මොනවද ගේන්න කිව්වා අපි ලගට ආව කෙනාට.

ටිකකින් වේදිකාවේ තිරේ ඇරුනා එතනින් ආවේ පාත්තයා.😳😳😳😳

මං පාත්තයා දිහා බලන් හිටියේ මේ පාත්තයද වගේ ලුක් එකකින්.

මේ ඉන්නේ පාත්තය නම් අනිවාරෙන් එයා දන්නවා ඇති ඉක්මනට ගෙදර යන්න.

ඒ අතරේ ටේ මොනවද බොන ගමන් මටත් ඒවා දුන්නා.

ඈයියා තිත්තයිනේ අප්පා. නිකන් සෝජු වලටත් වඩා අන්තයි .

" යාහ් මේ මොනාද ? බොන්න නම් ලෑස්ති වෙන්න එපා. මට බෑ තාප්ප බඩගාන්න. "

" යාහ් මේවා බිව්වට මුකුත් වෙන්නේ නෑ "

" මොනා හරි උනොත් මං ඔයාව දාල යනවා 😒 "

" හා "

ටේ එහෙම කියලා ආයේ බොන්න ගන්නකොට මං පාත්තයා අර නැටුම ඉවර වෙනකන් බලන් හිටියා.

ඒ නැටුම මාර ලස්සනයි.වාව්. එත් මං බලන් හිටියේ නැටුම දිහා නෙමේ. කීයට හරි පොලොවට පතබෑවෙන වෙලාව දිහා. හිකිස්. එදා දවසටම තුන් පාරක් පොලොව සිපගත්තා මට මතකයි.

ඒත් පුදුමෙකට වගේ නැටුම ඉවර කරනකන්ම පාත්තයා වැටුනේ නෑ.හැබැයි මගේ වාසනාවකට , පාත්තයාගේ අවාසනාවකට වගේ නැටුම ඉවර කරලා තිරේ වහනකොටම වගේ තිරේ අයියෙන් මං දැක්කා පාත්තයා බූමී නමස්කාර කරනවා.

දැන් තමා පාත්තයා හම්බෙන්න වෙලාව කියලා හිතුනු මම ටේට කතා කරන්න හැරෙනකොට දැක්කේ..................


















........................................................................

මොනාද දකින්න ඇත්තේ 🤷

ඒනම් පාත්තයා සමගින් ඊලග එපියෙන් හමු වෙමු.

බායි බායි

@MissKimTaenu

Stay safe 🌟
Love u ❤️
Borahae 💜️

Continuar a ler

Também vai Gostar

657K 40.1K 104
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
882K 40.9K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
3.8K 658 7
JJK SHORT STORY [Don't copy this book]
249K 6.1K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...