𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄...

By jinshi_0811

62.4K 9.9K 1.7K

යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට ... More

intro 🥀✨
1 🥀✨
2 🥀✨
3 🥀✨
4 🥀✨
Special 🥀✨
5 🥀✨
6 🥀✨
8 🥀✨
9 🥀✨
10 🥀✨
11 ✨🥀
12 🥀✨
13 ✨🥀
14 🥀✨
15 🥀✨
16 ✨🥀
17 ✨️🥀🔞
Final Chapter 🥀✨️
Next Stories ...🏹🧚
ඕතරීගෙන් රීඩස්ලාට ❤️✨️

7 🥀✨

2.5K 458 62
By jinshi_0811


🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

After 6 days...

Suhee pov..
🐹: කෝ ලමයි ඔක්කොම එන්න.. දෙයක් කියන්න ඕනි ඔයාලට..

මම හිටියෙ මීශාව නිදි කරවන ගමන්. මම මෙහෙට ඇවිත් හරියටම දවස් හයක් වගෙ. දවස් හයක් ගත වුනත් මම කුකීව නොදැක්ක තරම්. කොලේජ් යද්දි විතරයි එයාව දැක්කෙ. කෑම කනකොටත් වෙනදා වගෙ ඔප්පලා කුකී හැමෝම එකට හිටියෙ නෑ.
රෑ දවල් බලන්නෙ නැතුව.. අඩුම කෑමටවත් ගෙදර එන්නෙ නැතුව මෙයාට මෙච්චර කරන්න තියෙන වැඩ මොනාද.. අනෙ මන්දා..

මට ඇහුනා කාලෙකට පස්සෙ හැන්සම් ඔප්පා කෑ ගහනවා. එයාට මොනාද කියන්න තියෙනවලු. මීශාට බ්ලැන්කට් එකත් පොරවලා මම පහලට ගියා..
වාහ්... අද ඔප්පලා හැමෝම ඉන්නවා.  දවස් පහකට පස්සෙයි අද හැමෝම එකට ඉන්නෙ. කුකීත් ඉන්නවා. මෙයා කොයි වෙලාවෙද ආවෙ..
💖: අම්මෝ ඉතින් කට්ටියව දැක්ක කල්..

මම ගිහින් ඩිම්පල් ඔප්පගෙ එහා පැත්තෙන් ඉදගත්තා. එයා මගෙ කරට අතක් දා ගත්තා. මම නිකමට වගෙ බැලුවෙ පූස් ඔප්පා දිහා. ඇස් දෙකත් හීනි කරන් මගෙ දිහා බලන් ඉන්නවා..
ආයිශ්...

අනිත් ඔප්පලා හැමෝම හිනා වෙලා ඉද්දි ඇයි මෙයාටයි කුකීටයි බැරි මගෙ දිහා බලලා හිනා වෙන්න. දෙකම එකයි.

❤️: ජින් ඔප්පා .. මොකද කවදාවත් නැතුව අපිට කතා කලේ...

යේරි මගෙ හිතෙ තිබ්බ ප්‍රශ්නය හැන්සම් ඔප්පගෙන් ඇහුවා..

🐹: අහ් ඔව් අහගන්නකො. අපි හෙට ට්‍රිප් එකක් යන්...

මොකක්??? ට්‍රිප් එකක් කියලද කිව්වෙ? වාහ්... කාලෙකට පස්සෙ මේ වගෙ සුන්දර වචන ටිකක් අහන්න ලැබුන එක ගැනත් සතුටුයි.

🐯: සූහියා මොකද කියන්නෙ.යමුද....

පොලිස් ඔප්පා කවදාවත් නැතුව මට සූහියා කියලා හරි ආදරෙන් කතා කරා. මොකද මෙ බටර් ගාන්නෙ මෙයාලා..
මම කුකී දිහා බැලුවා..අනිත් ඔප්පලා වගෙ නෑ එයා හිටියෙ අහක බලන්..
ඇයි එයා මෙහෙම හැසිරෙන්නෙ????

💖: ම්ම්ම්ම් යන්...

🐱: ගියාට කමක් නෑ ටකරං කාලා වගෙ කෑ ගැහුවොත් තමුසෙට බෙහෙත් පොවලම මරනවා මං..

🐰: එකඟයි...

ආයිශ්.. මං කොයි වෙලාවෙද ටකරං කාලා වගෙ කෑ ගැහුවෙ. ඇවිලෙන ගින්දරට පිදුරු දානවා වගෙ අර කුකී කාරයත් බලපල්ලකො. උගන්නන්නම් දෙන්නටම මං හොදවයින් මතක හිටින්න පාඩමක්. ඉස්සෙල්ලම යංකො ට්‍රිප් එක..

🦄: අහ්... හා හා ඕක නවත්තගනිල්ලා. සූහි ඔයාට ඕනි විදියකට ඔයා කෑ ගහන්න. මුන් දෙන්නගෙන් එකෙක් හරි මොනාහරි කිව්වොත් මට කියන්නකො.. මං බලාගන්නම්.

සන්ශයින් ඔප්පා එයාගෙ සුපුරුදු හිනාව දාලා හැටට හැටෙ යකා නැගලා ඉන්න මාව ශේප් කරා.

ඒ හිනාව දැක්කම කාටද සංසුන් නොවී ඉන්න පුලුවන්. ඒ හිනාව හරි ලස්සනයි. ඒ වගේම ඒ හදවතත්.. එයා හරි අහිංසකයි..

💖: ම්ම්ම් ඒත් අපි කොහෙද යන්නෙ..

🐥: තමුසෙ ගිහින් ඇදුම් ටික පැක් කරගන්නවකො. අහ් ඒක නෙවෙයි අර දවසක් ඇර දවසක් යුනි අදින  හඩු හූඩි කෑල්ල එහෙම අරගෙන ආවොත් බලාගන්නම්..

මේ කොටා!!!! ඔප්පලා හැමෝම හිනා වුනා මට. කවදාවත් නැතිව පුස් ඔප්පත් හිනා වෙනවා.. මම පිලිගන්නවා මම දවසක් ඇර දවසක් එකම හූඩිය ඇන්දා තමා.. ඒත් ඒ කතාව ඇතුලෙ තියෙන කදුලු කතාව දන්නෙ මමයි යේරියයි විතරයි 🙂දවල් වෙලා ඇහැරෙන නිසා උදේට රෙදි සෝදන්න වෙලාවක් නෑ. හවසට kdrama ටික බලන්න පටන් ගත්තම එතකොටත් වෙලාවක් නැ. ඉතින් මං කොහොම මගෙ රෙදි හෝද ගන්නද 🙂 චුට්ටක් ගඳ වීගෙන එද්දි යේරිගෙ ප'ෆියුම් එකෙන් භාගයක්ම හලන නිසා ඒක අනිත් රෙදිවලටත් වඩා සුවදයි 🙂 මේ කොටා කොහොම දැනගන්නද මේ දුක..
එනිවේ පූස් ඔප්පගෙ හිනාව ලස්සනයි 🙂

💖: ආයිශ් කොටා... හැන්සම් ඔප්පේ. මම ගිහින් මීශාගෙ ඇදුම් ටික පැක් කරලා එන්නම්..

🐱: මං උඹලට කිව්වෙ බොරුද.. ඔලුවක් තිබ්බට මේ ඇට්ටිම්බිට මොලයක් නෑ... අලයක් තරම්වත් නෑ..

අනෙ ආයෙත්!! අද ලෝක චාටර් වීමෙ දවසද..
ඒත් ඇයි මෙයා මෙහෙම කිව්වෙ. මීශා යන්නෙ නැද්ද අපිත් එක්ක..

💖: මීශා යන්නෙ නැද්ද...

🐰: එයාව එක්කන් යන්න බෑ. දේශගුනය වෙනස් වෙද්දි එයාට අසනීප වෙනවා..

💖: එතකොට එයා ඉන්නෙ කොහෙද ?

🐰: ටේගෙ ඔම්මා ලග..

කුකී ඒ ටිකත් කතා කළේ මගෙ මූන දිහාවත් නොබලා. එදා එයාට මගෙ හැමදේම කිව්වෙ එයාව මට මගෙ යාලුවෙක් කියලා මට දැනුන නිසා. මට ඕනි එයත් එක්ක හිනා වෙලා කතා කරන්න. මම ආස නෑ මගෙත් එක්ක ඉන්න අය මගෙ මූනක්වත් නොබලා ඉන්නවට..
ඔයා හරි වෙනස් කුකියෝ..
මම කිසි වැරැද්දක් කරලා නෑ. ඒත් ඇයි එයා මෙහෙම හැසිරෙන්නෙ. වැරදිලාවත් එයයි පූස් ඔප්පයි මම මෙහෙ ඉන්නවට කැමති නැද්ද. එහෙනම් මට තව මෙහෙ ඉන්න බෑ. කාටවත් බාල්දු වෙන්නෙ ඇයි මම. මේ පලාතෙ මින්හොගෙන් හැංගිලා ඉන්න පුලුවන් ඕනි තරම් තැන් ඇතිනෙ. හිඟන්නියක් වගෙ කාගෙවත් අතපල්ලෙ වැටිලා ඉන්නෙ ඇයි මම..
මට තරහයි.. ඊට වඩා ගොඩක් දුකයි...

Jk pov:

💖: යා jeon jungkook ..

එයා එක පාරම කෑ ගැහුවා. ලිවින් රූම් එක පුරාම ඒ හඩ විහිදිලා යන්න තරම් හයියෙන් කෑ ගැහුවා.. වෙනදට කුකී කියන කෙල්ල අද මගෙ නමින් මට කතා කලා. මම නිකමට බැලුවෙ එයාගෙ ඇස් දිහා. එයාගෙ ඇස් රතු වෙලා. අඩන්න ඔන්න මෙන්න ඉන්නෙ..
ටියුබ් ලයිට්ද මෙයා.. විනාඩියකට කලින් හිනා වෙවීනෙ හිටියෙ..

🐰: මොකද..

මම කිසිම ගානක් නැතුව හිටියා. මට ඕනි නෑ එයා දිහා බලලා එයාගෙ තරහා නිවන්න. අනික මොන හේතුවකටද එක පාර තරහා ගියෙ මෙයාට.. මෝඩියෙක් මහ..

💖 : මම දන්නවා මේක ඔයාගෙ ගෙදර.. මේ ඉන්නෙ ඔයාගෙ සහෝදරයො. මේ හැමදේම ඔයාගෙ.. ඔයා ඇයි මෙහෙම මට සලකන්නෙ ජංගුක්.. එදා මින්හො මට කරදර කරද්දි ඔයා ආවෙ කොහොමද .. ඒ දේවල් දැනගත්තෙ කොහොමද කියලවත් මම ඇහුවෙ නෑ ඔයාගෙන්..

එයා එක පාරම කතාව නැවැත්තුවා.. එයා හොදටම අඩනවා..

💖: මම ඔයාව මේ දැන් වෙනකන් දැක්කෙ මගෙ කුකි විදියට. මගෙ හොදම යාලුවා විදියට.. ඒත් මට දැනුයි තේරුනෙ ඔයා කැමති නෑ නේද මම මෙහෙ ඉන්නවට.. ඒ වගේම පූස් ඔප්පා ඔයත් .. මියන්හේ ජංගුක්ශි.. මට තව මෙහෙ ඉන්න ඕනි නෑ. මියන්හෙ පූස් ඔප්පා.. ඔයාට මම වද දුන්නනම් ඒ හැමදේටම සමාව ඉල්ලනවා මම.. අනික ඔප්පලා හැමෝටම කුමාවො මාව බලාගත්තට. මම දැන් යනවා මේ දැන්ම.. මිශා එක්ක ඉන්න ඒ කෙල්ල තනියම ඉන්නෙ..

මම දැනගෙන හිටියා දවසක එයා මං ගැන මෙහෙම හිතනවමයි කියලා. යුංගි හ්‍යොං ගැන එහෙම හිතුවෙ ඇයි කියන්න මම දන්නැ. එයා අඩනවා ... හරි අසරන විදියට.. මට ඕනි එයාව බදාගෙන "එහෙම නෑ ඔයා ඉන්නවටයි මම  ආස" කියලා කියන්න. මට තේරෙන්නෑ මට ඇයි ඒ දේට හයියක් නැත්තෙ කියලා..

ඒ කියන්නෙ එයා යනවද???

🐥: මොනාද මේ කියන්නෙ සූහි..

💖: යේරිව බලාගන්න ඔප්පා.. මට යන්න ඕනි තනියම...

🐯: යේරියා... මින්හො ලේසිපහසු මිනිහෙක් නෙවෙයි.. යා ජංගුකා උඹෙ ලොකුකම තමා මෙ හැමදේටම මුල..

🐹 : අපිට කවද්ද ඔයාව වදයක් වුනෙ ම්ම්ම්ම්.. වෙනදට හිනා හඩක් ඇහෙන්නැති මේ ගෙදරට ඔයයි හිනාව ගෙනාවෙ සූහියා..

Author pov:

හැමෝම සූහිව නවත්තන්න හැදුවා.. ජංගුක්, යුංගි ඇරෙන්න...

කෙල්ලට එහෙම හිතුන එක වැරදි නෑ. තමන් ආසම කෙනෙක් තමන්ව මගාරිද්දි කාටද එහෙම නොහිතෙන්නෙ. යන එනමක් නැතුව මරන බයෙන් ඉන්න ඒ කෙල්ලටත් ලොකු අසරණකමක් දැනෙන්න ඇති..

සූහි කාටවත් උත්තර නොදී ගෙනාපු බඩු ටික ආයෙත් බෑග් එකට දාගත්තෙ කදුලුවලින් තව තවත් කම්මුල් තෙත් වෙද්දි...

මේ අතරතුරෙ කොල්ලො ටික ජංගුක්ටයි යුංගිටයි කෑ ගහන්න ගත්තා..

🐹: ඒ කෙල්ලට මොනා හරි වුනොත් උඹ වගකියපං .. යුංගි උඹටවත් බැරි වුනාද ඒ කෙල්ලට ඉන්න කියන්න..

🐱: මං මොනා කරන්නද. එයා දැනගන්න තිබ්බා මේක මගෙ විදිය කියලා..

🐨: ඒ කෙල්ලට මොනා හරි වුනොත් ජංගුකා වග කියයිනෙ. හැමෝම පලයල්ලා රූම්ස්වලට. අද කලින් නිදා ගමු.

නම්ජුන් ජංගුක් දිහා ඔරවලා බැලුවා. ජංගුක් ඒත් එක්කම අඩිය හප්පලා උඩ තට්ටුවට ගියෙ කාගෙවත් මූනක්වත් බලන්නෙ නැතුව. ඒකෙන් උනෙ අනිත් අයගෙ තරහා වැඩි වෙන එක විතරයි .
යේරිත් සූහිගෙ හිත හදන්න කොච්චර උත්සාහා කරත් අන්තිමේට වුනෙ යේරිටත් තරහා යන එක විතරයි. ඒ නිසා කෙල්ලත් තමන්ගෙ රූම් එකට ගියා....

වෙලාව මධ්‍යම රාත්‍රි 12.15යි..
සූහි යාන්තම් ගෙනාපු බඩු ටික බෑග් එක අස්සට දලා නිදාගෙන හිටපු මීශාගෙ නලලට සිනිදු හාදුවක් දුන්නා. ඒ හුරතල් මූන දිහා බලන් ඉද්දි කෙල්ලගෙ ඇස් තව තවත් උනු කදුලින් බර වුනා..

මවක් නොවී මවක් වෙන්න පුලුවන්ද කෙල්ලෙක්ට මෙච්චර පොඩි වයසකින්. පුලුවන්.. ඒත් එහෙම කෙල්ලො හරි අඩුයි. සූහි වචනයෙ පරිසමාප්ත අර්තයෙන්ම දවස් පහකට හරි මීශාට ඔම්මෙක් වුනා.. ලේ කිරි කරලා පොවන්න බැරි වුනත් ඒ තරුන හිත අස්සෙත් මව් සෙනෙහස ඕනිවටත් වඩා ඉතිරුවා...

බැඳීම් එහෙමයි... ළං වෙනවා , දුරස් වෙනවා.. හිමි වෙනවා අහිමි වෙනවා..

මොනා වුනත් කෙල්ල බලාපොරොත්තු වුනා අන්තිමේට තමන්ගෙ යාලුවා හරි කෙල්ලට සමු දෙන්න එයි කියලා..
ඒත් ඒ ගේ අස්සෙ තිබ්බෙ ලොකු නිහැඩියාවක්. හැමෝම නින්දට ගිහින්..

💖: එක්කෙනෙක්වත් මට කැමැත්තෙන් ඉදලා නෑනෙ..

කදුලු පිරිච්ච ඇස් දෙකෙන් කෙල්ල හෙමීට හිනා වුනා. හිනාවෙන් දුක යටපත් කර ගත්තා..

කෙල්ල දොරත් ඇරගෙන එලියට ගිහින් ආයෙත් හැරිලා බැලුවෙ මාලිගාවක් තරම් ලොකු ගේ දිහා..
ලොකු හුස්මක් අරන් කෙල්ල යන්න ගියා..

" තමුසෙව ඕනිනම් ඩ්‍රොප් කරන්නම් මං"

ගේට් එක අරිනවත් එක්කම කෙල්ල ගැස්සිලා ගියෙ කෙල්ලට පිටිපස්සෙන් ඇහුන කටහඩ නිසා..

"ජංගුක්!!!!!"

කෙල්ලට කියවුනෙ ඉබේටමයි..

🐰: ඔව් ඔව් මං තමා..

කොල්ලා කලිසමෙ පොකට් දෙකට අත් දෙකත් ඔබාගෙන කෙල්ල දිහා බලන් හිටියා..

💖: ඔයා මොකද මෙතන??

🐰: තමුන්ට අමතක වුනාද මේක මගෙ ගෙදර කියලා. ඒක නෙවෙයි දැන් කොහෙද යන්නෙ..

💖: ඔයාට මොකද?

🐰: අහ් ඔව් මට මොකද.. මින්හො ඇවිත් මරලා ගියාම තමුසෙව නිව්ස්වලට පෙන්නයිනෙ. එතකොට මට තමුසෙ හිටපු තැන දැනගන්න පුලුවන්.. දැන් යනවා....

ජංගුක් හිතක් පපුවක් නැති මනුස්සයෙක් වගෙ ඔහේ තමන්ගෙ වචන ටික සූහි ඉස්සරහා කියලා දැම්මා.. කෙල්ලට දැනුනෙ පපුව පුරා පිහි තුඩක් ගෙනියන තරම් වේදනාවක්.. ලැජ්ජාවක්.. කෙල්ල දුක් වුනා ජංගුක් වගෙ යාලුවෙක් කෙල්ලට හිටපු එක ගැන..

කෙල්ල තව මොහොතක්වත් එතන රැදෙන්නෙ නැතුව යන්න ගියෙ ඇස්වල කදුලු තව දුරටත් පාලනයෙන් තොර වෙද්දි.. යන්නෙ කොහෙද.. අද රෑ ගත කරන්නෙ කොහෙද කියලවත් නොදැන එලියට බැස්ස නිසා සූහිට තරමක බයක් නොදැනුනාමත් නෙවේ..

කෙල්ල ඇවිද්දා... හති වැටෙනකන් ඇවිද්දා.. මනුස්සයෙක් තියා සතෙක්වත් නැති මං මාවත් දිගේ ඔහේ ඇවිද්දා. කොහේ කියලනන් යන්නද.. අනික මේ ගල් ගැහෙන තරම් සීතලේ..

පාරට වැරිලා තිබ්බ ලයිට් එලිය නිසා තරමක් පාරට එලියක් වැටිලා තිබුනා. කෙල්ල දැක්කෙ තමන්ට වඩා මීටර් ගානක් ඈතින් තියෙන බස් හෝල්ට් එකක්. කෙල්ලගෙ මූනෙ හිනාවක් ඇදුනෙ ඉබේටමයි.

" උදේ වෙනකන් මෙතන ශේප්"

අඩ අඩා හිටපු කෙල්ලගෙ මූනෙ ලස්සන හිනාවක් ඇදුනෙ එලි වෙනකන් ඉන්න ලොකු මාලිගාවක්වත්, ගෙයක්වත් ලැබුන නිසා නෙවෙයි පාරෙ අයිනට වෙන්න තිබ්බ බස් හෝල්ට් එකක් නිසා..

කෙල්ල දුවගෙන ගිහින් බෑග් එකත් පැත්තක තියලා බස් හෝල්‍ට් එකෙ මුල්ලටම ගිහින් ගුලි වුනෙ දැනෙන සීතල ඉවසන්නන බැරි නිසා. කෙල්ලගෙ තොල් නිල් වෙලා. ඒ තරම් සීතලයි..

නිදා ගන්න කොච්චර උත්සාහා කරත් වැඩක් වුනෙ නෑ. මේ සීතලෙ කොහොමනම් නිදාගන්නද.. කෙල්ල තවත් ටිකක් ගුලි වුනා..

" තමුසෙ තව කොච්චර වෙලාවක් ඔතන ඉන්නද හදන්නෙ.. මට උණ හැදුනොත් තමුසෙව තම්බලා බොනවා මං"

කෙල්ල ගැස්සුනා!! ඒ කටහඩ අදුරගන්න කෙල්ලට ලොකු වෙලාවක් ගියෙ නෑ. ගුලි වෙලා හිටපු සූහි එක පාරටම නැගිට්ටෙ ඉබේටමයි..

🐰: චූටි නෝනා... ඇති නේද මේ.. ඔයාට වටයක් යන්න චාන්ස් එකක් දුන්නනෙ. දැන් යං ගෙදර..

💖: මොනාද කියවන්නෙ..

  🐰: ඇයි එහෙම නෙවෙයිද. මම හිතුවෙ කාලෙකින් එලියට බැස්සෙ නැති නිසා ඇවිදින්න ආවා කියලා..

💖: යා jeon jungkook ..

කෙල්ල හිටපු තැනින් මීටර් ගානක් දුරට ඇහෙන්න තරම් කෑ ගැහුවෙ කවදාවත් නැතිව ජංගුක්ගෙ මූනෙ හිනාවක් මවලා..

කෙල්ල එලියට බැහැපු වෙලාවෙ ඉදන් ජංගුක් කෙල්ලගෙ පස්සෙන් ආවා. කල්පනා කර කර හිටපු කෙල්ලට තමන්ගෙ පස්සෙන් කාර් එකක් එනවා කියලාවත් දැනුනෙ නෑ.
ජංගුක්ට පුලුවන් වුනෙ නෑ සූහිට යන්න දෙන්න. සූහි එලියට බහිද්දි කොල්ලට දැනුනෙ ලොකු දුකක්. හරියට එයාගෙ ජීවිතෙන් සතුට කියන දේ යන්නම යනවා වගෙ..

🐰: ඒයි මෝඩි.. යනවා කිව්වම යනකන් බලන් ඉන්න මෙ ජංගුක් කවුරු කියලා හිතුවද.. මට අයිති දේවල් වලට මම එහෙම ලේසියෙන් යන්න දෙන්නෑ හොදේ..

ජංගුක් සූහිගෙ මූනට ලං වෙලා කිව්වෙ කෙල්ලව තවත් අවුස්සන්න හිතාගෙන.

💖: අනෙ දැන් යන්න ඔයා.. මීශා තනියම ඇත්තෙ..

🐰: එයා නිදි..

💖: යන්න ජංගුක්..

🐰: ඇයි මෙ හෝල්ට් එක තමුසෙගෙද. මම යන්නෑ .. මාත් එක්ක ගෙදර යන්න එනකන් මාත් මෙතන ඉන්නවා..

කොල්ලා ගිහින්හෝල්ට් එකෙන් ඉදගත්තා..

💖: යනවකෝ..

🐰: මෝඩි මේ අහනවා. මම කිව්වනෙ තමුසෙ ඉන්න ඕනි මාත් එක්ක. මම තමුන්ට කොච්චර නපුරු වුනත් තමුන් ඉන්න ඕනි මගෙ තැන. යන්න හිතන්නවත් එපා මම හුගක් නපුරුයි.. අනික යුංගි හ්‍යොංගෙ විදිය ඒකයි. ආදරේ, යාලුකම් එයා කාටවත් පෙන්නන්නැ. ඒත් ඒ හිතෙ ඕනිවටත් වඩා ආදරෙ තියෙනවා. තීරනයක් ගන්න කලින් ටිකක් හිතනවා සූහි..

කෙල්ල ඒ වචන තේරුම් ගත්තා. ඒත් ටිකකට කලින් හැමෝටම සද්දෙ දාපු හැටි මතක් වෙද්දි කෙල්ලට හිතුනෙ පොලව පලාගෙන යන්න.. සූහි හිතුවා හරි.. අද ලෝක චාටර් වීමෙ දිනය..

🐰: දැන් යන් නේද චූටි නෝනා.. මට සීතලයි. අහ් ඒන නෙවෙයි ඔය ජංගුක් කියන එන නවත්තගන්නවා..

💖: ඉතින් ඒක ඔයාගෙ නමනෙ..

🐰: එතකොට කුකී කියන්නෙ ගෙදර අජුම්මටද..

💖: මං ආය කුකී කියන්නැ..

🐰: ඇයි ඒ..

💖: මට බෑ..

🐰: කුකී කියලා කිව්වෙ නැත්තන් මං තමුසෙව කිස් කරනවා හොදේ..

💖: අනෙ එච්චර දෙයක් පුලුවන්නම් මොනා කර....

කෙල්ලට දැනුනෙ තමන්ගෙ හුස්ම හිරවෙනවා වගෙ. ජංගුක්ගෙ තොල් තමන්ගෙ තොල් අතර එහා මෙහා දුවනවා. කොල්ලා ඇස් පියාගෙන ඒ හාදුව හරි හරියට විදිනවා. ඒත් කෙල්ලට තාමත් මුකුත් හිතාගන්න බෑ.. කෙල්ලටත් ඇස් පියවුනෙ ඉබේටමයි. මින්හෝ ඉස්සරහා මින්හොගෙන් අයින් වෙන්න දගලපු කෙල්ල අද ජංගුක් ඉස්සරහා හීලෑ වෙලා...

🐰: මට ඔයිට වඩා දේවල් කරන්න පුලුවන්.. පරිස්සමට ඉන්නවා. මම මින්හොට වඩා දරුනුයි.

ඇස් පියන් හිටපු කෙල්ල ආයෙත් හදිස්සියෙ වගෙ ඇස් ඇරියා. හැගීම් අස්සෙ ගිලිලා හිටපු සූහිට කොල්ලා තමන්ගෙ තොල්වලින් ඈත් වෙනවා කියලාවත් දැනුනෙ නෑ..
දැන්නම් 100% ක් විශ්වාසයි. අද ලෝක චාටර් වීමෙ දිනය..

දැනුන ලැජ්ජාව නිසා බෑග් එකත් අරගෙන කෙල්ල දුවගෙන ගිහින් කාර් එකෙන් ඉදගත්තා..

🐰: මොකක්ද jk උඹ ඒ කරෙ..

කෙල්ල දුවගෙන යන දිහා බලන් හිටපු ජංගුක්ට ඒ වචන ටික කියවුනෙ නොදැනුවත්වමයි.. කොල්ලා තනියම හිනා වුනා..
කෙල්ලො ඕනි තරම් ආශ්‍රය කරත් මීට කලින් කොල්ලට ඒ වගෙ හැගීමක් දැනුනෙ නැති නිසා..


_________________________

ට්‍රිප් එක යන්න කලින් පොඩි ඇඩ් එකක් දැම්මා. අනිද්දට ට්‍රිප් එක යනවා. ශුවර් ඈ..
හෙට දෙන්නම් endless love චැපියක්.. ආ මේ forever and always එකට මං පසුවදනක් ලිව්වා. මේ දවස්වල වට්පැඩ් නොටිෆිකේශන්ස් වැඩි නිසා ඒක කියවපු නැති අය ගිහින් කියවන්න. මොකද අවසානය පසුවදනෙන් වෙනස් කරා.. 🙂

Jinshi_0811 ✨🥀

Continue Reading

You'll Also Like

15.7K 4.1K 30
මට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty
21.4K 4.6K 21
🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන්න වැටුනොත් මොනවා වෙයිද? කිම් තේහයුන්...
15.5K 2.7K 30
"වියරු වැටුනු වෘක කණ්ඩායම නායකයෙක්...⚡ තමන්ගේ අනන්‍යතාවය ගැන හෝ නොදන්න අහිංසක තරුණියක්...⚡ ඔවුන්ගේ ආදරය වෛරයකට පෙරලේද..?? නැත්නම් ආදරය ජයගනීවීද..???⚡...
5.1K 799 14
"ඇයි ඔයාලා මට එහෙම කරේ? එදා රෑ මොකක්ද මට වුණේ? මගේ වැරැද්දක්ද ඒක? මම කවුද? " ____________________________________ " දුවේ..... ඒක මගේ.. මගේ වැරැද්ද...