seven notes

By boosooky97

2.9K 441 1.2K

πŸ€—πŸ€—πŸ€— short story ΰ·„ΰΆ­ΰΆšΰ·Š..πŸ™„πŸ™„β€οΈlove story πŸ˜…πŸ˜…πŸ˜…πŸ™„πŸ™„sad ending ΰΆ’ΰ·€ΰΆ­ΰ·Š ΰΆ­ΰ·’ΰΆΊΰ·™..πŸ€ͺπŸ€ͺπŸ€ͺ More

seven notes
the hidden writer's love story -- part -01
The hidden writer's love story
The hidden writer's love story
The hidden writer's love story
The hidden writer's love story
the hidden writer's love story
we haven't enough time
we haven't enough time
we haven't enough time
we haven't enough time.
we haven't enough time
we haven't enough time
gook's diary
the last kiss.❀️
The last kiss ❀️
the last kiss❀️
the last kiss❀️
The last kiss❀️
The last kiss❀️
My hope🏡️

gook's diary

103 15 38
By boosooky97

Part -02

ගුක්ගේ දිනපොත..

ඇනා කියපු කතාවෙන් මගෙ මුලු හිතම කඩා වැටුනා..මේ වෙනකන් ඇනාගෙන් ප්‍රශ්නෙ මොකක්ද කියලවත් අහන්න මට හයියක් තිබ්බා...දැන් ඒ ටිකත් දිය වෙලා ගියා වගෙ.ඇනා රෝස මලක් වගෙ..ටේවත් අතකින්වත් අල්ලන්නෙ නැති තරම්.ඒ තරම් සියුමැලි..කොහොම දරාගන්න ඇත්ද ඒ වේදනාව..මට ඇතුලෙන් පිච්චෙන්න වගේ..ටේ මේ ගැන නොදන්නවාවත්ද?මට මේ ගැන ටේ එක්ක කතා කරලා මොනවමහරිම කරන්න වෙනවා..ඇනාව කොහොමවත් ඒ මිනිහා ගාවට යවන්නෑ මම...

"" බයවෙන්න එපා ඇනා..මුකුත් වෙන්නෑ ..ඔයා බය වෙන්න එපා..මන් ඔයාව බලාගන්නම්.මන් මේ ගැන බලාගන්නම්.මාව විශ්වාස කරන්න..ඔයා අද ඉදලා බයවෙන්න එපා ඇනා..මන් ඔයා ගාව ඉන්නවා"" මන් ඇනාව තුරුල් කරගත්තා..ඒ කදුලු වලට මගෙ මුලු පපුවම තෙත් වෙලා..මන් අඩන්න එපා කියන්නෑ ඇනා..කොහොමද ඔයා මෙච්චර කල් දරාගෙන හිටියෙ මේ දේවල් තනියම..අන්තිමට අපි දෙන්නම එක වගෙ..මන් කාත් කාවුරුවත් නැති අනාතයෙක්.ඔයා නමට පවුලක් හිටිය තනි වුන කෙනෙක්..මිස්ට කිම්,මිසිස් කිම් කවදාවත් මේ වගේ බල තන්හාව ,කීර්තිය නිසා තමන්ගෙම දුවව පාවලා දෙයි කියලා මන් හීනෙකින්වත් හිතුවෙ නෑ.....මගෙ පුංචි ඇනා..

අද කියපු දේවල් කන් වල තවත් දෝංකාර දෙනවා වගෙ..ඇනා සංසුන් වුනාට පස්සෙ මන් මගේ කාමරේට ආපහු ආවා..මිස්ට කිම් අපි එකට දැක්කොත් ආපහු ඇනාට නැති ප්‍රශ්න.මන් හිතාගත්තෙ ටේ එක්ක කතා කරන්න..එයා මොනවා උනත් ඇනාට පන වගෙ.එයාත් ඒ කාලෙ පොඩි නිසා මේ ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව ඇති.ඇනා සමාජෙන් පවුලෙන් අයින් වෙලා ඉන්න හේතුව මේකයි.එයා මිනිස්සුන්ට බයවෙන එක අහන්නත් දෙයක්ද.කවදාවත් ඇනා රෝහලකටවත් අරන් නොයා හිර කරපු හේතුව මේකයි .මටත් දරාගන්න බෑ මේවා ගුක්..😥

2015.05.11..

මන් ආවෙ ගෙදර එන්න කාර් එකට නගින්න..ඒත් කාර් එක ලගට යනකොටම ඩ්‍රයිවර් කෑ ගැහුවෙ ඇනා තාම ස්කෝලෙ ඉදන් ආවෙ නෑ කියලා..මාව ගැස්සුනා..කරදරයක්වත්ද?නෑ තාම ස්කෝලෙ ඇතුලෙද දන්නෙ නෑනේ..""තාම ස්කෝලෙ ඇතුලෙද දන්නෑනේ අනකල්.මන් ගිහින් බලලා එන්නම්.අන්කල් ඔහොම ඉන්න"" මන් බෑග් එකත් එල්ලගෙන ආපස්සට හැරිලා දිවුවෙ අපේ පංති කාමරේට .ඇනා හිටියෙ නෑ..ලැබ් එක පැත්තෙත් නෑ..දැන් නම් මට බයයි..මන් දුව දුව ගර්ල් washroom පවා බැලුවා..පිට්ටනිය පැත්තෙවත්ද? මන් පිට්ටනිය පැත්තට දිවුවා..එයා පිට්ටනිය පලාතෙ යන්නෑ..ඒත් බැරිමවෙලාවත් හිටියොත්..ඇනා හිටියා..අපේ පංති තිබුනු හෝල් එක පිටිපස්සෙ තිබ්බ චෙරි ගහ යට ..බෑග් එකත් එල්ලගෙ චෙරි ගහට හේත්තු වෙලා කල්පනා කරනවා..

"" ඇනා.."" මන් ආපු වේගෙටම ඇනා ලගට දුවලා ඉස්සරහින් හිට ගත්තා..එයා මගෙ දිහා බලලා ආපහු අහක බලාගත්තා..
"" මන් බය වුනා..ගෙදර යන්න බැරිද?""

"" එහෙ නැතුව මන් වෙන කොහේ යන්නද ගුක්..😔අපාය උනත් මට යන්න තියන එකම තැන ඒක""

  මන් අසරනයි.මොනවා කියන්නද මන් මේ කෙල්ලට..""" මන් ඉන්නවනෙ ඇනා.මන් පොරොන්දු වුනානෙ ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ කියලා..ඒක නිසා මාව විශ්වාස කරන්න"" ඇනා තත්පර දෙකක් තුනක් මා දිහා බලන් හිටියා..එක පාරටම ඉස්සිලා මගෙ තොල් වලට පුංචි හාදුවක් දුන්නා..දෙයියනෙ මගෙ frist kiss එක..ඒකත් මගෙ frist love එකෙන්ම හම්බුනා...එතන වෙන්නෙ මොකක්ද කියලා සිහි නැතිවුන මගෙ මූනේ ඇදුනෙ ලොකු හිනාවක්..හිනා වෙනකොට මගෙ දත් 32ම එලියෙ..ඒක දැකපු ඇනාගෙත් තොල් වල හීන් හිනාවක් ඇදෙනවා මම දැක්කා..ඒ හිනාව මන් දැක්කමයි..

"" යන්"" මන් දිගටම විරිත්තගෙම ඉන්න අස්සෙ ඇනා මගෙ අතිනුත් අල්ලගෙන හෙමින් හෙමින් ගියා..පලවෙනි වතාවට couple  එකක් වගේ..අපේ අත් වල ඇගිලි එකට පැටලිලා..යන ගමන් එයා හෙමිට අත් පැද්දුවා..එයා සතුටින්වත්ද? කාර් එක පේන මානෙ එනකොට එයා මගෙ අත ඇතෑරලා දැම්මා...ටේට ඉක්මට කතා කරන්න ඕනි..

2015.05.13.

මන් ටේට හැමදේම කිවුවා..ඒත් එයා ඒ ගැන දැනගෙන ඉදලා..දෙයියනේ..ටේ එකට කැමැත්ත දීලද එතකොට..ඒකයි ඇනා මගෙන් උදව් ඉල්ලුවෙ..තිරිසනා ..මට ඌට ගහන්න හිතුනා..ඒත් මන් අත ඉස්සුවෙ නෑ..මට අයිතියක් නෑ..මට වෙන කරන්න දෙයක් නෑ..අපිට උදව් කරන්න වෙන කවුරුවත් නෑ..ඇනාට ඉන්නෙ මන් විතරයි.මන් එයාව අරගෙන මෙහෙන් යන්න යනවා..හොරෙන්ම..හොයාගන්න බැරි දිහාවකට..මට පුලුවන් මේ ඉගෙනීම ඇතෑරලා දාලා රස්සාවක් හොයාගන්න..ඒක තමයි එකම විසදුම .මගෙ ඇනාව බේරගන්න..

2015.05.15.

සොන් තිරිසනා අද ආපහු අපේ ගෙදර ආවා..මට ටේව මරන්න ඕනී..ඌ කොහෙමද උගෙම නංගිට මෙහෙම පිටුපාන්නෙ...මන් පොඩි කාලෙ දැනන් හිටපු ටේ නෙවෙයි මේ..මිනිස්සු කොයි තරම් වෙනස් වෙනවද.එලියට පෙන්නගෙන හිටපු හොද මූනු කා ලගවත් නෑ.පහල ප්‍රශ්න එයාලටම විසදගන්න දීලා මන් මගෙ කාමරේට වෙලා හිටියා..ඇනා එයාගෙ කාමරේ හිටියා..පහල ප්‍රශ්නයක්  නෑ..ඔක්කොම හොදට කදේ දාගෙන හිනාවෙවී සවුදිය පුරන්නෙ..මිස්ට කිම්ගෙ දේශපාලන වැඩ වල සේරම යටිකූට්ටු වැඩ වලට උදව් කරලා තියෙන්නෙ ඒ ජරා මිනිහ..ඒකයි මෙච්චර ආදරයක්.ශික්..මන් එලියට ගියානම් ඒ මිනිහව කීතු කීතු කරනවා..මන් එලියටවත් බැස්සෙ නැත්තෙ ඒකයි..ශිට්...

  ඇනා බයෙන් ඇත්තෙ. මට එයා  ගාවට යන්න තිබුනා නම්..මන් එහෙම කල්පනා කරනකොටම මට ඇහුනා හැමෝම මගෙ කාමරේ ඉස්සරහින් ඇනාගෙ කාමරේ පැත්තට යනවා..මන් දොරත් ඇරගෙන ඇනාගෙ කාමරෙ දොර ගාවට දුවද්දි ඔක්කොම හිටියෙ ඇනාගෙ කාමරේ ඇතුලෙ..සොන් තිරිසනා හිටියෙ පහල..

"" ඇනා...ඊලග මාසෙ කසාදේ..ඔයාට කොහොමත් මේ 20 ට දහ අටක් වෙනවනෙ..ඒක නිස ප්‍රශ්නයක් නෑ..""

"" මට බෑ.."" ඇනා කෑ ගැහුවා.."" අනේ ටේ මට මෙහෙම කරන්න එපා""

ටේ හෙමීට ඇනා ගාවට යන්න හැදුවත් ඇනා කෑ ගැහුවා ටේට ලගට එන්න එපා කියලා...

""ඩෑඩ්..එයා තාම පොඩි නිසා..ටික කාලයක් එයාට මෙහෙම ඉන්න අරිමු .ප්ලීස් ඩෑඩ්.."" ටේ මිස්ට කිම් පැත්තට හැරිලා ඇහුවා..

  "" බෑ...ටේ..මන් වචනයක් දුන්නා..ඒක ස්තීරයි""

"" ඒත් ඩෑඩ්..""

"" ඔය ගැන කතා කරලා කිසිම තේරුමක් නෑ ටේ..""

බල්ලා..නංගිව අරන් කොහෙට හරි යන්නවත් තිබුනා මූට..මේ නංගි කියන හැගීමවත් තිබ්බා නම් මූට.. මන් කාමරේ ඇතුලට යැවුනෙ ඉබේටමයි.මට බෑ ඇනා තනි වෙනවා බලන් ඉන්න...මාව දැක්ක ගමන් ඇනා ඇවිත් මගේ පිටිපස්සෙ හැංගුනා...මගේ ටි ශර්ට් එකෙ කොනක් තද කරලා අල්ල ගන්නවා මට දැනුනා...මන් එක අතකින් ඇනාව පස්සට කරලා හිටගත්තා.ඒත් මට මුකුත් කතා කරගන්න බෑ..වචන එන්නෑ..අදින්න ඇදුමක්වත් නැතුව අනාතයෙක් වගෙ හිටපු මාව කන්න වේලක් හරි දීලා අද වෙනකන් බලාගත්තෙ මේ ඉස්සරහ ඉන්න මිනිස්සු.....

මන් දැක්ක ගමන් මිස්ට කිම් එලියට යන්න ගියෙ කිසි හැගීමක් නැතුව..මිසිස් කිම් ඇවිත් මගෙ ඉස්සරහින් හිට ගත්තා.."" මේක ඔයාගෙම හොදට ඇනා..ඔයාට වුන දේවල් වල හැටියට ඔයාට වෙන කෙනෙක් බදින්නත් බෑ..මේ දේවල් දැනගත්තම ඔයාට වෙන පිරිමියෙක් කැමති වෙන්නෙත් නෑ..ඉතින් සොන් ඔයාට ඒ කාලෙම යෝජනා කලෙ ඒකයි..මේවා අපි ඔක්කොටම හොදයි..කුකී ඔයාත් එලියට එන්න"" මටත් එහෙම කියාගෙන මිසිස් කිම් එලියට ගියා...අම්මා කෙනෙක්ද දෙවියනේ..මට හිතාගන්න බෑ..මිසිස් කිම් මට තිබ්බ කරුනාවවත් ඇනාට පෙන්නුවෙ නැත්තෙ ඇයි කියලා මට හිතාගන්න බැරි වුනා..

ටේ අන්තිම එලියට ගියේ වැනි වැනී..මිනිහා හොදටම බීලා..මන් මුනවත් බැලුවෙ නෑ..මට ඒ තරන් වෙන කා ගැනවත් තරහක් නෑ..ඌ පාවලා දුන්නෙ උගෙ රොස මල..ඇනා විශ්වාස කරේ පොඩි කාලෙ ඉදන්ම ඌව විතරයි.ටේ එලියට ගියෙ දොරත් වහගෙනමයි...

 

මන් ඇනාව තුරුල් කරගත්තා..හීන් ඉකියකුත් එක්ක ඒ හුස්ම මගේ බෙල්ලට වැදුනා..""ඇනා..හෙට අපි දෙන්නා මෙහෙ ඇතෑරලා ඈතකට යමු.. හෙට උදේ ස්කෝලෙ යන්න ලැස්ති වෙන්න..පුලුවන් නම් බෑග් එකට පාට ඇදුමක් දා ගන්න.වෙන මුකුත් ගන්න එපා.මන් ඔයාව මිස්ට කිම්ට හොයන්න තියා හිතන්නවත් බැරි දිහාවකට එක්ක යන්නම්.මට ආපහු ස්කෝලෙ යන්න ඕනි නෑ..මන් ජොබ් එකක් හොයාගෙන ඔයාව බලාගන්නම්..අපි යමු ..හොදද..දැන් අඩන්න එපා..මන් ඉන්නවා කිවුවනෙ ඔයාට.ඉක්මනට අපි දෙන්නටම 18 වෙනවා..අපි එතකොට මැරි කරමු.හරිද""

""" ඔයාට මාව පිලිකුල් නැද්ද ගුක්.මන් වගෙ කෙනෙක්ට ආදරේ කරන්න""

"" මොනවද කියවන්නෙ ඇනා..ඔයා ගැන මට දැනෙන්නෙ මන් ඒ කාලෙ ඉදන් දැකපු රෝස මල වගේමයි..මොන දේ වුනත් ඒක වෙනස් වෙන්නෑ ඇනා..මොන දේ වුනත් ඔයා මගෙ හිටපු ඇනාමයි..මගේ ඇනා..ඔයා නිකන්ම ඇනාමයි ඉස්සර හිටපු.ටිකක් සුදුමැලි , අඩුවෙන් කතා කරපු, රෝස තොල් තිබ්බ ,දිග කලු කොන්ඩයක් තිබ්බ, මන් එදා ඉදන් පරිස්සන් කරපු මගෙ පුංචි ඇනා""

  මන් ඇනාගෙ කදුලු පිහිදාලා ඇනාගෙ නලලටත් හාදුවක් තියලා වෙව්ලන තොල් වලටත් හාදුවක් තියලා එලියට ආවෙ හෙට එයාව එක්ක යන්න පොරොන්දු වෙලා..

මන් කාමරේට ඇවිල්ලා මගෙ බෑග් එකටත් පාට ඇදුමක් ඔබාගෙන මන් ගාව තිබ්බ පොකට් මනී එකතු කරපු සල්ලි ටිකත් බෑග් එකේ සාක්කුව ඔබාගත්තා..මට හම්බුන සතයක්වත් මන් උවමනාවකට ඇරෙන්න වියදම් කලේ නෑ. ඉතින් මට පොඩි ගානක් එකතු කරගන්න පුලුවන් වෙලා තිබ්බා...

2016.01.05.

මගෙ ඇනා...මාව දාලා ගිහින් දැන් මාස 06කට ලගයි ..ඔව් ඇනා මාව දාලා ගියා..මගේ පුංචි ඇනා..එයාගෙ ගුක්ව දාලා ගියා..

Flash back..

2015.05.16.

මන් ඔලුවත් බදාගෙනම නැගිට්ටෙ එලියෙන් ඇහුනු කෑගැහිල්ල නිසා..නින්දෙන්ම කෑ ගැහිල්ලක් ඇහුන නිසා ඔලුවට මොකක්ද වුනා..ඒත් මොකක්ද සද්දෙ...මන් කාමරෙ දොරත් ඇරගෙන එලියට දිවුවා..ඇනාගෙ කාමරේ දොර ගාව ගෙදර වැඩ කරන අය සේරම වට වෙලා..ඇනා..මන් මිනිස්සු ටිකත් තල්ලු කරගෙන කාමරේ ඇතුලට පැන්නා..

  දෙයියනෙ..මගෙ ඇනා.....ඇනා හිටියේ එයාගෙ ඇද උඩ...එයාගෙ ඇදට දාලා තිබුන රෝස පාට ඇතිරිල්ල තද රතු පාටයි..එයා රෑ ඇදන් හිටපු ලා නිල් ගවුම ලේ වලින් පෙගිලා ගිහිල්ලා..එයාගෙ මැනික් කටුව ලග තිබුනු ලොකු කැපුම් තුවාලෙකින් තවමතේ ලේ බිංදුව බිංදුව ගලාගෙන ගියා..මිසිස් කිම් පැත්තක වැටිලා සිහි නැතුව..ටේ ඔලුව බදාගෙන ඇනා දිහා බලන් හිටියා..මිස්ට කිම් එයත් බයවෙලා...

එයාව රෝහලකට ගිනියන්න ඕනි..මන් ඈතට දැක්කෙ ඇනාගෙ හුස්ම වැටෙනවා වගෙ..එයා මාව දාලා යන්නෑ..එයාට මාව දාලා යන්න බෑ..මන් ඇනා ගාවට දිවුවා..ඇද ලගම තිබිලා මගෙ කකුලට පෑගුනෙ බිදුනු වීදුරු කටු කෑලි ටිකක්..මට දැනුන්නෑ..මන් ඇනා ගාවින් දන ගහ ගත්තා...."" ඇනා .. කතා කරන්න..ගුක් ..ගුක් ආවා"" මන් ලග තිබුන විදුරුවකින් වතුර ටිකක් අරගෙන ඇනාගෙ මූනට ඉහලා මූනට තට්ටු කරා..එයා සීතලයි..මන් අතිනුත් අල්ලලා බැලුවා එයා සීතලයි.. "" නෑ ..නෑ..ඇනා..එහෙම වෙන්න විදිහක් නෑ"" මන් ඇනාගේ පපුවට අත තියලා බැලුවා...හුස්ම වැටෙන්නෑ... "" ඔයා කොහොමද මට ..ගුක්ට මෙහෙම කරේ"" වටේම කරුවල වෙද්දි මගෙ මූන ඇනාගෙ මූන උඩටම ඇදගෙන වැටුනා..

  මට සිහි නැතිවෙලා..සිහිය ඇවිත් ඇස් ඇරලා බලනකොට මන් හිටියේ රෝහලක ඇදක් උඩ..මට ඇනාව බලන්න ඕනි..ඒත් එයා තවදුරටත් මා ගාව නැහැ.

සතියක් යනකන්ම ඇනාගෙ අවසන් කටයුතු  තියන්නවත් එයාගෙ බොඩි එක ගන්න බැරි වුනා..පරීක්ශන නිසා..මට තවත් ඒ ගෙදර ඉන්න ඕනි උනේ නැහැ..ඒත් අපි ඔක්කොම ඇනාගෙ මරනෙට සැකකාරයො උනා..අපෙන් සාක්ශි ගන්නකන් අපිට ගෙදරින් කොහෙවත් යන්න තහනම් උනා...සතියකට පස්සෙ ඇනාගෙ අවමංගල්‍ය උත්සවෙ තිබ්බා.. මන් හිටියෙ පිස්සෙක් වගෙ..මට දරාගන්න බෑ..අනිත් අය කොහොමද බලන්න මට සිහියක් තිබුන්නෑ..ඒ වෙනකොටත් මිස්ට කිම් හිටියෙ හිරේ..

සතියකට පස්සේ සාක්ශි ගන්න පටන් ගත්තා..මගේ ඉදන් ගෙදර වැඩ කරපු මනුස්සයා,ඩොක්ටර් ලී ඉදන් ඔක්කොගෙන්ම සාක්ශි ගත්තා..මන් හැම දේම කිවුවා..සිද්ද වුන හැම දෙයක්ම...

හරියටම ඇනාගෙ මරනෙන් මාසෙකට පස්සෙ නඩුව පටන් ගත්තා..උසාවියේදී ඇනා ගැන ලෝයර් කියපු දේවල් වලට මට පිස්සු හැදුනා...

ඇනාව පුංචි කාලෙදිම රේප් කරලා තිබුනෙ හුගක් දරුනු විදිහටලු..ඒක නිසා එයාගෙ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලටත් හුගක් හානි වෙලා තිබුනලු..ඒකට හරි හැටි ප්‍රතිකාරයක් නොකර තිබ්බ නිස කාලෙත් එක්ක ඒක පිලිකාවකටත් වර්ධනය වෙලා..එදා ස්කෝලෙදි ඇනා ලෙඩ වෙන්නෙත් ඇත්තෙ මේ නිසා වෙන්නැති.මොන තරම් වේදනාවක් ඉවසන්නද..එයාට මානසික අවපීඩනය දරුනුවටම තිබිලා.ඒකයි එයා සමාජෙන් අයින් වෙලාම ඉදලා තියෙන්නෙ..ඒක දරාගන්න බැරිම තැන තමයි එයා suicide  කරගෙන තියෙන්නෙ.. 

  මන් හැමදේම අහගෙන හිටියා..ඇස් වලින් කදුලු ඔහේ බේරෙද්දි මන් ඔහේ අහගෙන හිටියා..මට මගේ ඇනාව පරිස්සම් කරගන්න  බැරිවුනා..මාව සැකකාරයන්ගෙ ලැයිස්තුවෙන් නිදහස් කරා..ඒත් මන් නඩුවෙ සාක්ශිකාරයෙක්..

ගෙදර ආපු ගමන් මන් ගියේ මගෙ කාමරේට..මට තවත් මෙහෙ ඉන්න බෑ..මට අරන් යන්න දේකුත් නෑ..මේ හැමදේම එයාලා දුන්නු ඒවා...මට ඒවගෙන් නූල් පොටක්වත් ඕන්නෑ...මන් හැරිලා ආපහු ගියේ ඇනාගෙ කාමරේට..කාමරේ ඇනාගෙ ඇද අස් කරලා තිබුනා...

  ඒදා වගේම සුවදයි තාම..මන් පපුව පිරෙන්න හුස්මක් ගත්තා...ඇනාගෙ සුවද තාම කාමරේ පුරා...මන් දැක්කෙ ඇනාගෙ මේසේ උඩ හුලගට පිටු පෙරනු පොත...මන් ලගට ගිහින් පොත බැලුවා..පොතේ පිටුවක් ගානේ තිබ්බෙ මගේ චිත්‍ර...එයාගෙ ඒ මුලු පොත පුරාම මගෙ රෑප...මගෙ කම්මුල දිගේ බේරිලා  පොතට වැටුන කදුලක් නිසා බෝල්පොයින්ට් පෑනෙන් ඇදලා තිබුන මගෙ රූපෙ කොනක් බොද වෙලා ගියා...

මන් ඒ පොත අරන් තුරුල් කරගෙන මගෙ කාමරෙට ගිහින් ගුක්වත් අරගෙන පහලට.එච්චරයි මට මේ ගෙදර ගන්න තියෙන්නෙ..මන් පහලට බහිනකොට ටේ, මිසිස් කිම් එක්ක වාඩී වෙලා හිටියා..ටේ හිටියෙ කකුල් දෙක උඩ ඔලුව තියාගෙන..මිසිස් කිම් ඔහේ බලාගත්තු අත බලාගෙන හිටියා..

"" මන් යනවා"" මොනව වුනත්  මන් ජීවත් උන ගෙදර..ටේටයි මිසිස් කිම් ටයි ඒ වචන දෙක නොකියා එලියට බහින්න මට හිත දුන්නෑ..

""මාව දාලා යන්න එපා"" ටේ මගෙ දිහා බැලුවා..මන් එදා ගෙදරින් එලියට බැහැලා යන්න ආවා...

නඩුව විසදුනා..සොන්ටයි මිස්ට කිම්ටයි මරන දඩුවම හම්බුනා..එයාලා කරපු දේශපාලන හොර වංචාත් එක්කම හැම දේම එලි වුනා..මිසිස් කිම්ටත් මේ හැමදේම හංගපු වරදටයි , තමන්ගෙ දරුවට අනිසි බලපෑම් කිරිමටයි අවුරුදු තුනක හිර දඩුවම් හම්බුනා...ටේ ...ටේට දඩුවම් දෙන්න තිබුන්නෑ...ටේට පිස්සු හැදුනා..ටේ මුලු ජීවිත කාලෙම මානසික රොහලක ජීවත් වෙයි..

Flash back end..

මේ අතරෙ එයාලට වගේම දඩුවම් හම්බෙන්න ඕනි තව කෙනෙක් ඉන්නවා..ඔයා දන්නවද ඒ කවුද කියලා ..වෙන කවුරුත් නෙවෙ මේ මම..මේ මම.. ඇනාට එයාව බලාගන්නවා කියලා පොරොන්දු වෙලා,මාව විශ්වාස කරන්න කියලා එයාව ආරක්ශා කරගන්න බැරි වුන මමත් වැරදිකාරයෙක්...එදා මට මිස්ට කිම් ඉස්සරහා ටේ ඉස්සරහා කෙලින් කතා කරන්න තිබ්බා..මන් බයගුල්ලෙක් වගෙ මට  එහෙ වැටිලා ඉන්න දුන්න ප්‍රතිඋපකාරයට යටවෙලා කට වහන් හිටියා..ඔයාගෙ හිතේ මන් ගැන තියෙන විශ්වාසෙ නැතිවෙන්න ඇති...ඔයා හිතන්න ඇති ඒ නිසා මට මිස්ට කිම්ගෙන් ඔයාව පරිස්සම් කරගන්න හයියක් නෑ කියලා...ඔයා වැරදි නෑ ඇනා..මන් බයගුල්ලෙක්..මන් මටම වෛර කරගන්නවා ඇනා..ඔයා ඉන්නෙ හිත් වේදනාවෙන් බව දැන දැන මන් එදා ඔයාව දාලා ගියා..මට ඔයා ගාව ඉන්න තිබ්බා...

  මට කවදාවත් සමාව දෙන්න එපා ඇනා..මන් මට කවදාවත් සමාද දෙන්නෑ..මන් බයගුල්ලෙක් ඇනා.. ඔයා මාව මොහොතකට විශ්වාස කරපු නිසා වෙන්නැති ඔයාගෙ ජීවිතෙ එච්චර නපුරු මතකයක් මට කිවුවෙ...මට ආදරේ කරේ..

  කවුරුවත් ඔයා නැතිවෙනකොට මගේ තුරුලෙ හැංගුනෙ ඔයා හිතන්න ඇති මම ඔයාව බේරගනි කියලා...ඔයා මාව විශ්වාස කරලා ඔයා ජීවිතෙ මට දුන්නා..ඒත් ..මට ..මට බැරිවුනා ඔයාගෙ විශ්වාසෙ බිදින්නෙ නැතුව ඉන්න..මන් මහ බූරුවෙක්..මන් මටම දඩුවම් දීගන්නවා ඇනා..මේ වේදනාව කවදාවත් නැති වෙන එකක් නැහැ..ටේ ඔයාට ආදරේ කරන්න ඇති..එයාට ඔයාව නැතිවුනාම දරාගන්න බැරිවුනා ඇනා..එයා ඊලග චන්දෙට ඉල්ලන්න හිටපු නිසා එයා මිස්ට කිම්ට උඩින් යන්න හදන්නෙ නැතුව ඇති..ඔයා හිටියා නම් ඔයාගෙ ඔප්පට සමාව දෙයි නේද...ඔයා ඒ සේරම අමතක කරලා ටේව බදාගනී..මන් එයාවත් තනියම දාලා ආවා ඇනා...මන් ඒ තරම් ගුනමකුවෙක් වුනා..එයා ඉන්න කියලා මගෙන් ඉල්ලද්දිත් මන් එයාව දාලා ආවා..

මන් මේ ගුක්ගෙ ලියන අන්තිම වචන ටික.. ගුක් මගෙ ගාව තිබ්බට ඒක ඔයාගෙ..ඇනා නැති තැන ගුක්ගෙනුත් කිසිම වැඩක් නෑ..ආපහු මගේ ජීවිතෙ ගුක්ගෙ ලියන්න කිසිම දෙයක් නෑ.. මන් මටම වෛර කරනවා ඇනා..මන් මටම වෛර කරනවා..මන් ආදරෙයි ඇනා..හැමදාටම ආදරෙයි.....

~~~~~~~~~~~~~~~~~~~

හන් ගගේ පාලම උඩ වාඩි හිටපු කොල්ලෙක් එයාගෙ අතේ තිබ්බ පොත හන් ගගට විසි කරලා දැම්මා..එකෙන් ගැලවිලා විසිරිලා ගිය පිටු හුලගට හෙමින් හෙමින් පැද්දි පැද්දි පහලට ගිහින්  වතුරට වැටුනා...පාලම උඩින් බැහැපු කොල්ලා මුන වැහෙන්න හූඩියෙන් ඔලුව වහගෙන සාක්කු දෙකට අත් දෙක ඔබාගෙන අවසාන වතාවට ගග පහට පෙගීගෙන ගහගෙන ගිය කොල දිහා බැලුවා.එයාගෙ මූනේ තාමත් වේලුනේ නැති කදුලු පේලී තිබුනා.ජන්ග්කුක්..කොල්ලගෙ නම උනේ ඒක...සාක්කුව ඇතුලෙ තිබිලා ඇදලා ගත්තු සිගරට් එක පත්තු කරන් කටේ ගහගත්තු  කොල්ලා හෙමින් හෙමින් අදුරු වැටුන පාරෙ හෙවනැලි අස්සෙන් ඈතින් ඈතට ගිහින් නොපෙනී ගියා...

~~නිමි~~~

කුකීගෙ දෙනවා කියපු කතාව නෙවෙ අන්තිමට දුන්නෙ..ඒත් දෙන්න හිටපු කතාවට වඩා මේක හොදයි කියලා හිතුනා.....
Sorry වෙන්න ඕනි පරක්කු උනාට.

Continue Reading

You'll Also Like

293K 7.2K 53
what will happen to ayasha (🐢) after their marriage contract with mikael (🦊) ended? Knowing that she's pregnant with the billionaire? This story a...
93.9K 1.9K 35
πŸ”žπŸ”žπŸ”ž You R@ped me you are a sinner i will expose you in front of this world MR JEON JUNGKOOK.... .................................... He is taking...
811K 32.4K 38
On that fateful Halloween night, Lily and James survived while Voldemort apparently 'marked' Harry Potter as his equal. Aria Potter, twin sister of...
1.4M 31.9K 60
In which Daniel Ricciardo accidentally adds a stranger into his F1 group chat instead of Carlos Sainz.