My Empress 🖤️✨ ( Sinhala Ff...

By Daisy_Dinu

6.2K 1.4K 506

අතීතයේ හදවතකට පෙම් බැදි කාලතරණය කළ ගායකයෙක්.... 🌹 මේ Story එක කාලතරණ කතාවක්...අතීත රාජධානියකට ගිය ගායකයෙක්... More

හැදින්වීම 🖤
Chapter : 01 🖤✨
Chapter : 02 🖤✨️
Chapter : 03 🖤✨️
Chapter : 04🖤✨️
Chapter : 05 🖤✨️
Chapter : 07🖤✨️
Chapter : 08 🖤✨️
chapter : 09 🖤✨️
Chapter : 10 🖤✨️
Chapter : 11 🖤✨️
Chapter : 12🖤✨️
Chapter : 13 🖤✨️
Chapter : 14 🖤✨️
අතීත රාජධානියේ චරිත හදුනගමු 🖤✨️
Chapter : 15 🖤✨️
Chapter : 16 🖤✨️
Chapter : 17 🖤✨️
Chapter : 18 🖤✨️
Chapter : 19 🖤✨️
Chapter : 19 🖤✨️ (SP❤🌹)
Chapter : 20 🖤✨️
Chapter : 21🖤✨️
Chapter : 22 🖤✨️
Chapter : 23🖤✨️(SP❤🌹)
Chapter : 24 🖤✨️
Chapter : 25 🖤✨️(PART1)
Chapter : 25 🖤✨️(PART2)
Chapter : 26 🖤✨️(PART1)
Chapter : 26 🖤✨️(PART2 , LAST)
පසුවදන ~ 🖤

Chapter : 06 🖤✨️

217 49 12
By Daisy_Dinu

Chaapter : 06 👑
____________________________________________

වැළලී ගිය අතීතයක්........
අලුත් කළ ගායකයෙක් .........

___________________________

ජිමින් ( මින්හෝ ) POV :

දිනකට පසු ~

ඊයෙ වුණ සිද්ධියෙන් පස්සෙ හාජින්ට විශ්වාස නොකර ඉන්න බැරි වුණා මම එයා හිතන් ඉන්න මින්හෝ නෙමේ කියලා. ඒත් මන් හිතුව තරම් ලොකුවට කෙල්ල පුදුම වුණේ නෑ. එයා හැමවෙලේම ඉන්නෙ මාව සත පහකට ගනන් ගන්නෙ නෑ වගේ. ඒ හැමවෙලේම මට හිතෙන දෙයක් තමා කෙල්ලට මින්හෝ එක්ක මොකක් හරි ලොකු තරහක් තියනවා කියලා...

උදෙන්ම නැගිටලා සුපුරුදු විදිහට බෑග් එකත් කරේ දාගෙන ලොකු පෙට්ටියක් වගේ දේකුත් අතට අරගෙන එළියට ආව කෙල්ල , මාව දැකලත් නොදැක්කා විදිහට එයාගේ කාමරේ දොර වැහුවෙ හරියට කොහෙ හරි දුර ගමනක් යන්න වගේ.....

කෙල්ල මගේ දිහා ඇස් හරවලා බලපු ගමන් එයාගෙන් ඇස් අහකට අරගෙන ඔඩොක්කුවෙ හිටිය මියෑන්ව හුරතල් කලේ මාත් කෙල්ලව දැක්කෙ නෑ වගේ......

"ගෙදර යන්නෙ නැද්ද දිගටම මෙහෙ ඉන්නද කල්පනා කරන්නෙ........"

කෙල්ල එකපාරටම එහෙම අහපු ගමන් මං හිමීට කෙල්ල දිහාවට හැරුණා ......

"ගෙදර...... මොන ගෙදරද ?....."

මන් ඇස් ලොකු කරලා එහෙම ඇහුවේ මේ ඉන්න මුන් නැන්දගෙ ගෙදර ඇර වෙන ගෙවල් ගැන ඇත්තටම මම දන්නෙ නැති නිසා......

"ආශ් ඔයාට කියලා වැඩක් නෑ......."

කියන ගමන් මූණත් දෙක කරගෙන කෙල්ල ගියේ ගෙදර පුoචි ලී ගේට්ටුව ළගට.....

"මම යනවා.......
ඔයාට කාසි තියනවනම් දිගටම මෙහෙ ඉන්න එකයි ඇත්තෙ......."

කියන ගමන් කෙල්ල ගේට්ටුවෙන් එහා පැත්තට ගියා.....

"ඔයා කොහෙද යන්නෙ.........."

මන් එහෙම ඇහුවේ බoකුවෙන් නැගිටින ගමන්.....

"මo යන්නෙ ගෙදර......"

කියන ගමන් කෙල්ල ගේට්ටුව වැහුවා....

ගෙදර කියන වචනෙ ඇහුනත් ඇති හිතට දැනෙන්නෙ පුදුම සහනයක්. ඒත් ඉතින් මට එහෙ වගේ ගෙදරක් නැති නිසා හාජින් යන තැනකට යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ .....

එතනින් පස්සෙ වචනයක්වත් නොකියා මාත් හාජින් පස්සෙන්ම ගියා. කෙල්ලත් මාත් එක්ක වැඩිය කතා කරේ නෑ. කතා කරනවා තියා එයා මාව ගණන් ගන්නෙවත් නෑ.....

ජීවිතේට කෙල්ලෙක් ඉස්සරහ මන් මෙහෙම ලැජ්ජ වුණාමයි. ..කලින් මම කෙල්ලන්ට කරපු කියපු දේවල් ආපිට පල දෙනවා කියල හාජින් මාව ගණන් ගන්නෙ නැති හැමවෙලේම හිතෙද්දි මට තනි ඇහැට ඇඩෙනවා....

පැය බායකට විතර ගමනකින් පස්සෙ අපි ආවේ ලොකු ගෙයක් ළගට. ඒ ගමන අතරතුර කෙල්ල ආපස්සට හැරිලා මන් දිහා හරියට බැලුවෙවත් නැති තරම්. කකුල්වල තුවාල තියාගෙනත් මෙහෙම වේගෙන් ඇවිදිනවනම් හොද වුණාම කොහොම වේගෙන් ඇවිදියිද කියලා කෙල්ල ඇවිදින වේගෙට මට හැමවෙලේම හිතුනා.....

ටිකක් අදුරු වටපිටාවක් තිබුණ ඒ ගෙදර අනික් ගෙවල් වලට වඩා පරණ පාටක් ගත්තා. ඒ පරණ පාට නිසාමදෝ වටපිටාවේ මිනිස්සු දැක්කම මගෙ හිතට පුoචි බයක් දැනුණා. කිසි බයක් සැකක් ඇතුළට ගිය කෙල්ල මොකක්ද ID එකක් වගේ දෙයක් පෙන්නුවාම දොර ළග හිටපු යෝධ මිනිස්සු දෙන්නා අපිට ඇතුළට යන්න දොර ඇරියා.....

මාත් ඉතින් බයක් පෙන්නන්නෙ නැතුවම ඇතුළට ගියා...මේක හාජින්ගෙම ගෙදරද කියලා මට හිතාගන්න බැරි වුණේ තට්ටු තුනකින් විතර තිබුන තිබුන ඒ ගේ ඇතුලෙ මං වගේ කොල්ලො , හාජින් වගේ කෙල්ලො , වෙළදාම් කරන මිනිස්සු කිහිප දෙනෙක්ම තැනින් තැන හිටපු නිසා .....

පිටින් පේන තරම් ඇතුළ භයානක වුණේ නෑ.. පරණ පොත් පත්, පරණ මූර්ති , කැටයම් වගේ දේවල් වලින් මුලු හැමතැනම පිරිලා තිබුණා. බැලූ බැල්මට වෙළදාම් කරන තැනක් වගේ.....

"ප්‍රධානීතුමා මම හාජින්............."

කෙල්ල ඔලුව නවලා එහෙම කිව්වම වටපිට බල බල හිටපු මාත් කෙල්ල ළගට ගියා....

"ආශ්...........
උඹලා දෙන්නා නිසා මට කීයක් පාඩු වුණාද කියලා දන්නවද ? "

ඇතුළෙන් ගැඹුරු පිරිමි කටහඩක් එළියට එනවත් එක්කම කොහෙන්දෝ මන්දා පොතක් හාජින්ගෙ මූණට උඩින් පාවෙලා ආවා. පාර නම් කෙල්ලට ටිකක් සැරෙන් වැදුනා......

" අපිට සමාවෙන්න ප්‍රධානීතුමා........"

හාජින් ඔලුව නවලා එහෙම කියපු ගමන් උඩ තට්ටුවෙන් අමුතු ඇදුමක් ඇදන් හිටිය කොට, තට්ටෙ තියන මිනිහෙක් මතු වුණා.....
හාජින් ඒ මිනිහට කතා කරපු විදිහට ඒ මිනිහා මෙතන නායකයා කියලයි මට හිතුනේ.....

"හහ් සමාවෙන්න....... "
සමච්චල් හිනාවක් දාන ගමන්...

"සමාව කියන්නෙ දුර්වලයන්ගෙ වචනයක්......
මන් ළග දුර්වලයෝ නෑ කියලා තමුන් දන්නවනේ ...."

කියලා ඒ තට්ට මිනිහා වහලෙ උඩ යන සද්දෙන් කෑගැහුවා. ඒ කෑගැහිල්ලට අපි වගේම වටපිට අයත් උඩ ගියා.....

"අපි සෙබළුන්ට අහු වුණේ හිතුවෙවත් නැති වෙලාවක........
ප්‍රධානීතුමා...."

හාජින්ගෙ වචන වල තිබුනෙ ආයාචනාත්මක පෙනුමක්. මෙහෙ හිටපු ටික දවසට කෙල්ල ඔහොම කතා කරනවා මම දැක්කමයි....

"මට ඒ ගැන ආරoචි වුණා......."

ඒ මිනිහා මොනවදෝ හාජින් එක්ක කියවද්දි මගේ අවධානේ තිබුණේ වටපිටාවේ තියන බඩු ළග.....
අවුරුදු දහස් ගාණක් පරණ බඩු දැක්කම එකපාරටම මගෙ මතකෙට ආවේ නම්ජූනීව. එයා ඒ තරම්ම කෞතුක භාණ්ඩ වල ආස කළා..

"මින්හෝ තමුසෙට ප්‍රශ්නයක් නෑනේද ....."

ලාවට වගේ ඇහුණ නිසා ඇහුණත් නෑහුන ගානට මම හිටියා.....

"මින්හෝ.........ඕයි මින්හෝ......... තමුසෙට මම මේ කතා කරන්නෙ.......
තමුසෙගෙ කන් ඇහෙන්නේ නැද්ද....?
තමුසෙට කරදරයක් නෑ නේද ?...."

ඒ මිනිහා එහෙම කෑගැහුවම වටපිට බල බල හිටපු මම උඩ ගියා.....

"ආහ් නෑ මන් හොදින්......"

මන් කටකොනින් හිනාවක් දාලා එහෙම කිව්වේ මිනිහට වෙනසක් නොපෙන්වා ඉන්න හිතාගෙන...

"ප්‍රධානීතුමා අර පොත් ටික...... ඒ ටිකත් නැති වුණා........"

හාජින් බිම බලාගෙනම කිව්වා....

"මොකක්ද ඕයි....... තමුසෙට දුන්නෙ එක වැඩයි නේද
ඒකවත් හරියට කරගන්න බැරිද ?"


"රැජිණයි සෙබළුයි ඒ වෙලාවෙ පුස්තකාල ශාලාවෙ හිටියා කියලා මම දන්නෙ නෑ.......

අනික සෙබළුන්ට අහු වුණේ මෙයාගෙ වැරැද්දෙන්......."

කියන ගමන් මූණ අමුතු කරලා කෙල්ල මගෙ දිහා බැලුවා......

"තමුසෙ කාටද ඔය කියවන්නෙ කියලා දන්නවනෙ........

"මෙතන කවුරු මොනවා කළත් වැරදිකාරයා වෙන්න ඕනෙ තමුන් ඒකේ දඩුවම විදින්න ඕනෙත් තමුන්........
මේ ටිකට ගිවිසුම අමතක වෙලා වගේ....."

"ඒත් ප්‍රධානීතුමා......."

"කට වහගන්නවා....... "

හාජින්ට එහෙම කියද්දි වටපිට හිටපු හැමෝම කෙල්ලට සමච්චලේට වගේ හිනා වුණා. කෙල්ල ඒ වෙලාවෙ ලොකු අපහසුතායට පත් වුණා......

"මේක හොදට අහගන්නවා තමුසෙලා දෙන්නම එකට මගෙ ළගට ආව එක ඇත්ත.....

ඒත් මින්හෝ හැමදාම තමුසෙට වඩා අඩියක් ඉස්සරහින් ඉන්නවා......."

හාජින් තියන එක අඩියක් මට අඩි දෙකක් වෙච්ච එකේ කොහොම ඉස්සරහින් ඉන්නද කියලා මම හිතින් හිතන ගමන් මටම හිනාවුණේ ඒ තට්ට මිනිහගෙ මූණ දිහා බලාගෙනමයි......

"ආහ් මේක අරගන්නවා......."

කියන ගමන් ඒ මිනිහා පුoචි මල්ලක් වගේ දෙයක් හාජින්ගෙ කකුල් දෙක ළගට විසික් කලේ නිකම් හරියට සතෙකුට කෑම දානවා වගේ......
බිමට විසිකරනවත් එක්ක මල්ලෙ තිබුණ කාසි ටික සේරම වගේ මුළු හැමතැනම විසී වුණා.....

"ඕකත් අරගෙන දැන් යනවා......
හිගන කෙල්ල........"

ඒ මිනිහා එහෙම කිව්වෙ හාජින් දිහා පිළිකුල් විදිහට බලන ගමන්.. මොනවා වුණත් මට ඒ තට්ට මිනිහව එච්චර ඇල්ලුවෙ නෑ. කතා කරන වචනයක් වචනයක් පාසා කතා කලේ හාජින්ගෙ පපුවට පිහියෙන් අනිනවා වගේ වචන.....

විසිරුණ කාසි එකින් එක අහුලන කෙල්ලට බිමට නැවිලා මාත් උදව් වුණා. එකපාරටම කෙල්ලගෙ ඇස් දිහා බලපු මම පුදුම වුණේ හාජින්ගෙ ඇස් රතු වෙලා කදුලු පිරිල තිබුණ නිසා......

අපි කාසි අහුලන අතරතුර තවත් මිනිහෙක් ඇවිල්ලා තට්ට මිනිහගෙ කනට කරල මොනවදෝ මිමිණුවා......

හාජින් ආපහු යන්න හැරෙනවත් එක්ක තට්ට මිනිහා,

" ඔහොම ටිකක් ඉන්නවා......"

තමුසෙලට එතන තිබිලා මොකක් හරි ලියවිල්ලක් හම්බුණාද ?

"ලියවිල්ලක්...... මොකක්ද ?...."

"ඊට කලින් දවසෙ රෑ එතන රතු හමුදාව ඉදලා තියනවා........"

"රතු හමුදාව........ පරණ පුස්තකාල ශාලාවේ....."

හාජින්ගෙ මූණෙන් පෙනුනෙ ප්‍රශ්නාර්ථ පෙනුමක්...

"ඔව් රතු හමුදාව තමා........
විස්තර විදිහට එදා රැජිණි එතනට ගිහින් තියෙන්නෙ අහම්බෙන්...
දැන් වෙනකොට රැජිණත් මේ ගැන දන්නවා ඇති.......
තමුසෙලට එහෙම මොනව හරි දෙයක් හම්බුනාද ?........"

ඒ මිනිහා වචන බර කරලා කතා කරාම මට ලොකු අමුත්තක් දැනුනා.....

"නැහැ........ මන් ඔය කියන කිසි දෙයක් ගැන දන්නෙ නෑ.....
අනික රැජිණි හිටිය නිසා අපිට හුග වෙලාවක් එතනට වෙලා ඉන්න හම්බුනේ නෑ......"

"ඒකත් එහෙමද එහෙනම්......

හාජින් තමුන් මාව රවට්ටන්න තියා හිතන්නවත් එපා....
මාව රවට්ටන්න හැදුවොත් වෙන දේ ගැන තමුන් හොදට දන්නවා ඇතිනෙ......"

ඒ මිනිහා මූණ අමුතු කරල එහෙම කිව්ව්ම කෙල්ලගෙ මූණ වෙනස් වුණා.....

"දැන් යනවා...... කතා කරපු වෙලාවට ආපහු එනවා.....
ආහ් මේකත් හොද.......ට මතක තියාගන්නවා මගෙ ඇස් හැමතැනම තියනවා......

උඹලා කාටවත් මගෙ ඇස් වලින් ගැළවෙන්න බෑ කවදාවත්ම......"

ඒ මිනිහගෙ ඇස් තිබුනෙ නපුරු කමින් වියරු වැටිලා වගේ......

හාජින් ආචාර කරල එතනින් යද්දී මාත් කෙල්ලගෙ පස්සෙන්ම ගියා......

"ඕයි මින්හෝ උඩට එනවා....... "

මම කෙල්ලත් එක්ක යන්න හදද්දි උඩ හිටපු තවත් කොල්ලෙක් මට කතා කතා කළා. මම නෑහුණ ගානට එතනින් එන්න ආවේ කෙල්ල එක්ක ටිකක් කතා කරන්න ඕනෙ නිසා....

"හාජින් ඔහොම ඉන්න....... කියනදේ අහලා ඔහොම නවතින්න......"
කියන ගමන් මන් කෙල්ල පස්සෙන් ගියා.....

"මේ මිනිහට මේ මොනවා වෙලාද මන්දා අර හිගන කෙල්ල පස්සෙ යන්නෙ......"

දොර ලග හිටපු තවත් කොල්ලෙක් එහෙම කිව්වෙ මන් කලබලෙන් කෙල්ල පස්සෙන්ම ගිය නිසා...

පුලුවන් ඉක්මනින් එළියට ආව මම කෙල්ලව නවත්තගන්න වුවමනාවෙන් කෙල්ලගෙ අතින් අල්ලගත්තා

"මන් ඔයාට නවතින්න කියලත් ඇයි ඔයා යන්නෙ........."

"අතාරිනවා මාව අතාරිනවා....."
ඒ ඇස් අනේ කදුලු වලින් පිරිලා.....

"හාජින් මන් කියන දේ පොඩ්ඩක් අහන්න...."

මන් එහෙම කිව්වෙ කෙල්ලගෙ හිත හදන්න හිතාගෙන. කෙනෙක්ව තවත් කෙනෙක් එක්ක සoසන්ධනය කරන එක කොයිතරම් වේදනාවක්ද කියලා මන් හොදට දන්න නිසා මට ඕන වුණේ කෙල්ලගෙ හිත හදන්න....

"තව මොනවද ආහ් අහන්න කියන්නෙ. තව මොන අපහාසද මන් අහන්න ඕනෙ.....
තවත් තමුසෙට මොනවද මගෙන් ඕනෙ...."

ඇත්තටම මම ගොලු වුණා වගේ මට දැනුණා....

"මට ඔයාගෙන්......."

"හැමෝටම තමුන් හොද වෙලා මන් හිගන්නි වුණ එක ගැන සතුටු ඇතිනෙ......
ඇති මින්හෝ......මේක හොදටම ඇති....."

"හාජින් මම ඔයා හිතනවා වගේ කෙනෙක් නෙමේ..........
ඇයි ඔයාට බැරි මාව විශ්වාස කරන්න...."

"ඔය සුරoගනා කතා ගිහින් කියනවා පොඩි ළමයෙක්ට......."

කියන ගමන් එයාගෙ අත මගෙ අතින් ගළවගෙන කෙල්ල යන්න ගියා.....

"හාජින් කියනදේ අහලා ඔහොම නවතින්න...."

මමත් ලැජ්ජාව පැත්තකින් තියලා කෙල්ල පස්සෙන්ම ගියේ මේ ප්‍රශ්නෙ අද කොහොමහරි විසදනවා කියලා හිතාගෙන.......

_____________________________________________

Author Pov :

@ මාළිගාව ~ රාජ සභාව ~

"මහ රැජිණ රාජ සභාවට පැමිණෙනවා......."

දොරටුපාලයා දොර අරින ගමන් එහෙම කිව්වම සභාවේ කසු කුසු ගගා හිටපු අමාත්‍ය වරු සේරම වගේ නිශ්ශබ්ද වුණා..

දම් පාට මිශ්‍ර සුදු සේද ඇදුමින් හැඩ වුණ , තනි කොණ්ඩයක් ගොතලා හිටිය රැජිණ ඇවිත් සිoහාසනයෙන් වාඩි වෙනවත් එක්ක හැම කෙනෙක්ම මුළු එළිය වැටුණා වගේ වුණා.....

"අවසරයි රැජිණියනි........"

කියන ගමන් රතු නිළ ඇදුමක් ඇදගෙන හිටිය අවුරුදු හැටක විතර වයසක පෙනුමක් තිබුණ වයසක මනුස්සයෙක් ආචාර කරන ගමන් සභාවෙ මැද්දට ආවා....

"ඔව් කියන්න මහ ඇමති.......
මොකක්ද ප්‍රශ්නෙ....."

"රැජිණියනි....... කට කතා පැතිරෙනවා ඔබතුමිය මාළිගාවේ සිද්වෙන දේවල් ජනතාවගෙන් හoගනවා කියලා........."

"හ්හ්......කටකතා..... "
කියන ගමන් රැජිණ කට කොනින් හිනාවක් දැම්මා....

"කටකතා ඕනම කෙනෙක්ට හදන්න පුලුවන්....

කටකතාවක් සාක්ෂියක් කරගෙන තමුන් මට චෝදනා කරනවද මහ ඇමති......"

"එහෙනම් ඇයි ඔබතුමිය මාළිගාවේ අභිරහස් මරණ ගැන ජනතාවට හෙළි කරන්නෙ නැත්තෙ......."

ඇමති එහෙම කිව්වම රැජිණගෙ ඇස් කේන්තියෙන් දිළිසුනා. ඒ වෙලාවෙ රැජිණගෙ ඇස් දිහා බලන ඕනම කෙනෙක් පිච්චිලා අලු වෙලා යන තරමටම ඒ ඇස් කේන්තියෙන් පිරිලයි තිබුණෙ.......

"අපි ඒ ගැන කලිනුත් සාකච්ජා කළා.....
රාජකීය විමර්ශන අoශය මේ වෙනකොටත් ඒ ගැන විමර්ශනය කරනවා....."

මහ ඇමති ආචාර කරලා අයින් වෙනවත් එක්ක තවත් ඇමති කෙනෙක් සභාව මැද්දට ආවා.....

"ඔව් කියන්න ආරක්ෂක ඇමති....."

"රැජිණියනි ඔබතුමිය දන්නවා ඇතිනෙ මේ වෙනකොටත් ‍රතු හමුදාව නගරේ සැරි සරනවා කියලා.....

රාජ්‍ය වගේම සිoහාසනයත් තියෙන්නෙ ලොකු අනතුරක ......"

ඇමති එහෙම කියනවත් එක්ක රැජිණගේ මූණ වෙනස් වුණේ එකපාරටම....

"මම ඒ සේරම දේවල් ගැන බලාගන්නම්. ඔබතුමා කරදර වෙන්න එපා....."

රැජිණ එහෙම කිව්වේ ඒ ප්‍රශ්නෙට දෙන්න හරි උත්තරයක් එයා ළග තිබුණෙ නැති නිසා...

"දේශසීමාවලත් මේ වෙනකොට ගොඩක් ගැටලු තියනවා......
කරුණාකරලා ඔබතුමිය විවාහ යෝජනාවට එකග වෙන්න....
එතකොට රාජ්‍ය බලය ස්ථාවර කරගන්න පුළුවන්......."

රැජිණ කවුරුත් කියන කිසි දේකට කන් දෙන්නෙ නැති එක ඇමතිලට වගේම වoශවත් අයටත් මහා හිසරදයක් වුණා. මුළු රාජ සභාවටම වගේ ඕනෙ වුණේ රැජිණගෙ බලය විවාහයකින් සීමා කරන්න....

"ආශ්........විවාහය..... පවුල් ජීවිතය මට අප්පිරියයි........"

"නමුත් රැජිණියනි......."

තවත් ඇමති කෙනෙක් සභාවට එනවත් එක්ක රැජිණ ,

"වෙන මොකුත් ප්‍රශ්න නැත්තම් මන් දැන් යනවා......"
කියලා ඇදුම ගසන ගමන් රැජිණ සිoහාසනයෙන් නැගිට්ටා.....

"කරුණාකරලා නැවත සලකා බලන්න රැජිණියනි.....!!
රැජිණියනි .....!!....."
ඔලුව නවන ගමන් හැමෝම ආයාචනා කළා..

"ආහ් මහ ඇමති බලාගෙන ඔයාගේ කකුල ළග සර්පයෙක් ඉන්නවා....."

රැජිණ බිමට බහින ගමන් එහෙම කියනවත් එක්ක ඔලුව නවාගෙන හිටිය මහ ඇමති උඩ ගියා....

"ස්....ස්.....ස....ර්පයෙක්....... කෝ... කොහෙද....."

කැහහගන ගමන් උඩ පැන්නා.....

"සර්පයෙක් නෑ මහ ඇමති......"

"සර්පයෙක් නෑ....."
මහ ඇමති එහෙම කිව්වෙ ලොකු හුස්මක් අරගෙන පපුවට අත තියාගන්න ගමන්.....

"සර්පයෙක් නැතුවත් මන් කිව්ව නිසා සර්පයෙක් හිටියා කියල තමුන් විශ්වාස කලා වගේ තමා කටකතා කියන්නෙත්......"

මහ ඇමති දිහා බලාගෙන රැජිණ කිව්වෙ අහපාස හිනාවක් කටකොනින් දාන ගමන්.....

"කොයිකටත් පරිස්සම් වෙලා හිටියොත් හොදයි මහ ඇමති.....
ඔය සර්පයා තමුන්ට කොයි වෙලේ දෂ්ට කරයිද දන්නෙ නෑ....."

කියන ගමන් ෂින් එක්ක රැජිණ යන්න ගියා....

"මට කමා කරන්න රැජිණියනි........"

කියන ගමන් මහ ඇමති බිම දණගහගගෙන ඔලුව නවාගත්තා.....

"හරි රැජිණ ගියා නැගිටින්න මහ ඇමති......"

නිල් පාට ඇදුමක් අදන් හිටිය සහය ඇමති කෙනෙක් හිනාවෙන ගමන් එහෙම කිව්වෙ රැජිණ ගිහිල්ලත් මහ ඇමති දිගටම බිම දණගහගෙන හිටපු නිසා...

"ආශ්...... මේ පිස්සු ගෑණී නම්......"
(නැගිටින ගමන් කේන්තියෙන්)

"සර්පයෙක් හාහ්. සර්පයෙක්....... ඔබතුමා උඩපැන්නෙ හරියට කරනම් ගහන්න වගේ......

ඇයි මහ ඇමතිතුමා.... ඔබතුමා සර්පයන්ට ඔච්චර බයයිද....."

කියන ගමන් සහය ඇමති හිනාවුණා... එයාගේ කතාවට වටේ හිටපු හැමෝටමත් හිනා ගියේ ඉබේටමයි.....

"තමුසෙලට විහිලුද ආහ්......
මන් මේ ගෑණීට හොද වැඩක් කරලා තමයි පස්ස බලන්නෙ......"

කියන ගමන් මහ ඇමති ඇදුම ගසලා දාලා මූණ ඇඹුල් කරගෙන කේන්තියෙන් යන්න ගියා.....

"ප්‍රධානීතුමා ඔහොම ටිකක් ඉන්න...... ප්‍රධානීතුමා......"

කියන ගමන් සහය ඇමති කෑගහගෙන මහ ඇමතිගෙ පස්සෙන් ගියා.....

__________________________________

රාජ සභාවෙන් ඉවර වුණාට පස්සෙ රැජිණ ගියේ මාළිගාවේ පුස්තකාලෙට. පොත් වගයක් පෙරළගෙන හිටියත් රැජිණගේ අවධානේ තිබුණෙ වෙන දිහාවක......

"රැජිණියනි......"

ෂින් ඇවිත් කතා කළත් රැජිණගෙ අවධානේ අවධානේ වෙන දිහාවක තිබුණ නිසා රැජිණ කිසි ප්‍රතිචාරයක් දුන්නෙ නෑ.....

"රැජිණියනි.......... රැජිණියනි........"

කල්පනා ලෝකෙක තනිවෙලා හිටපු රැජිනගේ අවධානය බිඳුනේ ෂින්ගේ කටහඬට....

"අහ්හ්.......ඔව් කියන්න ෂින්......."
කියන ගමන් හිනාවෙලා ෂින් දිහා බැලුවා...

"රැජිණියනි මියුන්ජු ඇවිත් ඉන්නවා ඔබතුමිය මුණගැහෙන්න....."

"අහ් ඇතුළට එන්න කියන්න......"

"එහෙමයි රැජිණියනි...... මට පිටවෙන්න අවසර......"

ආචාර කරන ගමන් ෂින් එහෙම කියලා දොර දිහාවට හැරුණා....

"ෂින් මන් ඔයාට කියලා තියනවා නේද කවුරුත් නැති වෙලාවට ගෞරව කරලා කතා කරන්න ඕනෙ නෑ කියලා......."

රැජිණගෙ වචන වල තිබුනෙ හරි ආදරණීය බවක්. රැජිණ කාටත් වඩා ෂින්ට ගොඩක් ආදරේ කළා......

"මට සමාවෙන්න රැජිණියනි....."

රැජිණ දිහා බලාගෙන ෂින් එහෙම කිව්වෙ අහිංසක හිනාවක් දාන ගමන්....

"ඔයාගෙ ගමේ නන්ගිලා අක්කලාට කතා කරන්නෙ කොහොමද අන්න ඒ විදිහට මටත් කතා කරන්න තේරුණාද.......

මම රටේ රැජිණ වෙන්න කලින් ඔයාගේ සහෝදරී....."

"හා......මං උත්සාහ කරන්නම්......"

ෂින් එහෙම කිව්වට පස්සේ රැජින ෂින්ගේ අතින් අල්ලගත්තා....

"මට කියන්න ෂින් , ඔයා මගේ කෙනෙක් නේද ?
මාව කවදාවත් පිට කෙනෙක් වගේ සළකන්න එපා....
මට ඔයා මගේම සහෝදරිය වගේ ෂින්....."

රැජිණ අහින්සක ඇස් වලින් බලාගෙන එහෙම කිව්වම කාට වුණත් ඒ අත ගසලා දාලා යන්න හිතෙන්නෙ නෑ....
රැජිණගෙ ඒ ඇස් වල ෂින් වෙනුවෙන් තිබුණේ කාටවත් නැති මහ පුදුමාකාර ආදරයක්.....

"මම ගිහින් එන්නම්......."

කියන ගමන් හිනාවෙලා ෂින් යන්න ගියා....

"රැජිණියනි මට එන්න අවසර......"

"ඔව් ඇතුළට එන්න මියුන් ජු......"

රැජිණ එහෙම කිව්වම ෂින් වගේම සෙබළ ඇදුමක් ඇදන් හිටිය තවත් කෙල්ලෙක් ඇතුළට ආවා....
කොණ්ඩේ උඩ ඉදන් ගොතලා හිටිය ඒ කෙල්ල බැලූ බැල්මට ෂින්ට වඩා වැඩිමල් පෙනුමක් ගත්තා......

"රැජිණියනි......."

කියන ගමන් රැජිණ ඉස්සරහට ඇවිත් ආචාර කලා...

"මොනවද අලුත් විස්තර.....? "

"රැජිණියනි ,
දේශසීමාවල ජනතාව මේ වෙනකොට ඉන්නෙ ලොකු ප්‍රශ්නෙකට මුහුණ දීලා ....

කෑම හිගයෙන් වගේම යුද්ධ නිසාත් ඔවුන් නිරපරාදේ මියයනවා...."

"ඔව් මම ඒ ගැන හොයලා බැලුවා.....
ඔවුන් නිරපරාදේ මැරිලා යනවා මට බලන්න බැහැ.....
ඒ හැමෝවම ශින්ජු වලට පිටත් කරන්න මම රාජකීය ආරක්ෂක අoශයට නියෝග කරන්නම්....."

"ඒක හොදයි රැජිණියනි...."

"හ්ම්ම් රතු හමුදාව ගැන අලුත් විස්‍තර මොනවද ?
ඔවුන් පරණ පුස්තකාල ශාලාවට ඇවිත් තියෙන්නෙ ඇයි ?......"

"ඔවුන් ආපහු රතු ලියවිල්ලක් ප්‍රචාරය කරලා....."

මියුන්ජු එහෙම කිව්ව ගමන් රැජිණගෙ මූණ වෙනස් වෙලා ගියා.....

"මොකක්ද ? රතු ලියවිල්ලක්...... ආපහු පාරක්...."

"ඔව් රැජිණියනි......
කටකතා විදිහට ලියවිල්ලෙ අලුත් රජෙක් ගැන සදහන් වෙනවා....."

"අලුත් රජ කෙනෙක්....... ඒක මොන විකාර කතාවක්ද ?....."
රැජිණ එහෙම කිව්වෙ කේන්තියෙන්.....

"ඔව් රැජිණියනි.....
විස්තර හැටියට අමාත්‍යවරු හැමෝම වගේ ඒ ගැන හෙවිල්ලෙන් ඉන්නෙ...

අපි හැමෝටම කලින් ඒක හොයා ගත්තෙ නැත්තම් ඔබතුමියට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්......."

"හාහ්...... රටේ රැජිණට අභියෝග කරන්න තරම් හයියක් කාටද තියෙන්නෙ......"

කේන්තියෙන් කියන ගමන් පුටුවෙන් නැගිටලා මේසෙ උඩ තිබුණ මල් පෝච්චිය අරගෙන පොළවෙ ගැහුවා....

"රැජිණියනි සන්සුන් වෙන්න
ඔබතුමිය කලබල වෙන්න එපා...."

" සන්සුන් වෙන්න.....මේවා දැක්කම මං කොහොම සන්සුන් වෙන්නද......"

ලියවිල්ල හරියටම ඇත්තෙ කාලගද කියලා අපි කොහොමද හොයාගන්නෙ....."

"අපි අද රෑට විශේෂ මෙහෙයුමක් කරනවා ඒ ගැන විස්තර හොයා ගන්න.....
මම හිතන විදිහට අර ශින්ජු වලින් ආව කෙල්ල ඒ කෙල්ල ඒ ගැන මොනවහරි දන්නවා කියලා "

"ආහ් අර කෙල්ලද ? එහෙනම් ඒ කෙල්ලව මාළිගාවට ගෙනල්ලා ප්‍රශ්න කරන්න...."

"එහෙම කරන්න බෑ රැජිණියනි !
අමාත්‍යවරු ඒ ගැන දැනගත්තට පස්සේ ඔබතුමියට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්......"

"එහෙනම් මේ ගැන මමම බලාගන්නම්....."

"ඒත් රැජිණියනි......."

"සෙල්ලම පටන් ගත්ත කෙනාමයි මියුන්ජු සෙල්ලම ඉවර කරන්නත් ඕනේ....."

"ඒත් රැජිණියනි.....
තනියම මාළිගාවෙන් පිටවෙන්න තරම් ඔබතුමිය ආරක්ෂිත නැහැ......."

"මම තනියම නෙමේ යන්නෙ ඔය දෙන්නත් මාත් එක්ක එන්න.....
සේනාවක් අරන් යනවට වඩා ඒ ක්‍රමය හොදයි කියලයි මට හිතෙන්නෙ......"

"එසේ කරන්නම් රැජිණියනි......"

මියුන්ජු එහෙම කියලා ආචාර කරනවත් එක්ක මියුන්ජුගෙ ඇස් ගියේ දොර ළගට. දොර ළග කවුදෝ ඉන්නවා වගේ ඡායාවක් මියුන්ජු ඇස් යටින් දැක්කා.....

"කවුද ඔතන ? කවුද කියනවා..... "

මියුන්ජු කෑගහලා කලබලෙන් වගේ ඇහුවා...

"බයක් නැතුව නැතුව රැජිණගෙ ඔත්තු බලන්නෙ කවුද කියනවා....."

කියන ගමන් කඩුව අරගෙන මියුන්ජු දොර ළගට ගියා.....

"ම......ම..... රැජිණියනි......"

කියාගෙන තේ දීසියක් අතේ තියාගෙන දාසියක් දොර ළගින් මතු වුණා.....
කඩුවට බය වුණනිසාමදෝ දාසියගේ අත් දෙකම වෙව්ලුවා....

"නුඹ....නුඹ මොනවද මෙතන කරන්නෙ.......
නුඹ ඔත්තු බැලුවද....."

මියුන්ජු එහෙම ඇහුවේ කඩුව කොපුවට දාගන්න ගමන්....

"නැහැ මම තේ රැගෙන ආවා රැජිණියනි....."

දාසිය ඔලුව නවන ගමන් කිව්වා...

"අහ් ඕක ඔතනින් තියලා යන්න......."

රැජිණ එහෙම කිව්වම දාසිය මේසෙ උඩින් දීසිය තියලා කෝප්ප වලට තේ දැම්මා...

ඒ දාසිය වෙව්ල වෙව්ල තේ දානවත් එක්ක මියුන්ජු ,

"ඉක්මන් කරලා මෙතනින් පිටවෙලා යනවා .......!"

කියලා කිව්වම කටහඩට ගැස්සුන දාසිය ආචාර කරන ගමන් යන්න ගියා. මියුන්ජු යන දාසිය දිහා බලාගෙන හිටියෙ සැකය පිරුණු මූණකින්...

_____________________________________________

වටපිට බල බල පුස්තකාල ශාලාවෙන් එළියට ආපු දාසියගෙන් පෙනුනෙ හොර පෙනුමක්...

ටික වෙලාවකට පස්සෙ ඔලුවෙ ඉඳන් පොරවගෙන කාමරයකින් එළියට ආව ඒ දාසිය මාලිගාවේ දොර ළඟට ගිහින් සෙබළුන්ට හැදුනුම පෙන්නලා මාළිගාවෙන් එළියට ගියා...

ගම පහු කරගෙන , කඩවල් පහු කරගෙන කෑලෑවක් අස්සෙන් රිoගලා අන්තිමට ඒ දාසිය නැවතුනේ මෝයාගෙ අසපුව ළගින්.....

මෝයාගේ කාමරේ දොර ළගට ගිය දාසිය ,

"මැතිණියනි....... මම පැමිණියා ...!"

කියනවත් එක්ක කාමරේ දොර ඇරුණා.....

"නුඹ ඒ ගැන විස්තර හොයා ගත්තද ?...."

දාසියට පිටුපාලා ඇතුලේ මාළිගාවේ චිත්‍රයක් අදින ගමන් හිටිය මෝයා , එහෙම ඇහුවේ දාසිය එනවත් එක්ක....

" ඔව්..... රැජිණ අද රෑට පිටත් වෙනවා....
එතුමිය පිටත් වෙන්නෙ රහසින්....."

"හහ්....රහසින්....

අසරණ සුයෝන් .....
තාම දන්නෑ එයා රහසින් යන හැම ගමනක්ම එයාට රහසක් වුනාට මට රහසක් නෙමෙයි කියලා... "

ඒ කතා කරපු වචන වලින් සුයෝන් ඉස්සරහ ඉන්න මෝයට වඩා හාත්පසින්ම වෙනස් මෝයා කෙනෙක් මැවුණා.....

"අර කෙල්ලව හොයාගෙනද යන්නෙ ?"

මෝයා එහෙම ඇහුවේ පින්සල වතුර එකට දාන ගමන්......

"ඔව් ඒ කෙල්ල ළග ලියවිල්ල තියෙනවා කියලා තමයි රැජිණ සැක කරන්නේ......"

"තව ඒ ගැන විස්තර හොයාගන්න..... අද මේකෙන් දෙකෙන් එකක් විසදගන්නම වෙනවා....."

මෝයා කොච්චර කතා කළත් කොයිමොහොතකවත් දාසියට එයාගේ මූණ පෙන්නුවෙ නෑ....

"එහෙමයි උත්තමාවියණි........"

"ඔයාගෙ තුවාලය වගේම මගේ තුවාලයත් ගොඩා.....ක් ගැඹුරුයි සුයෝන්........
කවදාවත් හොඳ කරන්න බැරි තරමටම ඒවා ගැඹුරුයි..........."

කියන ගමන් මේසේ උඩ තිබුණු රතු පාට තීන්ත එක අරගෙන ඇඳ ඇඳ හිටපු චිත්‍රයට විසික් කළේ කුරිරු හැගීමක් හිතේ තියාගෙන..

සුදු පාට පසු බිමක හැඩ වෙලා තිබුණු මාළිගාවේ ඒ චිත්‍රය එක තප්පරේට රතු පාටින් නෑවීලා වෙලා ගියේ මුළු මාළිගාවම ලේ වලින් තෙත් වෙනවා වගේ......

"මේ චිත්‍රය වගේම අද රාත්‍රිය ලස්සන වෙයි සුයෝන් ඔයාගේ රුධිරයෙන්.....
ඔයාගේ එකම ඥාති සහෝදරිය ඔයා එනකන් මග බලාගෙන ඉන්නවා මගෙ සූ....."

කියන ගමන් මෝයා දාසිය දිහාවට හැරුණා.. මොයාගෙ ඒ තුවාල වෙලා තිබුණ ඇස් දෙක , මූණ දැකපු ගමන් දාසිය එකපාරටම තදින් ඇස් වහගන්න ගමන් අහක බලා ගත්තා.....

වෙනදට වඩා භයානක පාටක් අද මෝයාගේ මූණෙන් පෙනුනා....

___________________________________________

ජිමින් POV :

කොහොමින් කොහොම හරි අන්තිමේදී මම හාජින් එක්ක කතා කරලා සේරම ප්‍රශ්න විසඳ ගත්තා.....
ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක් එක්ක මෙච්චර වෙලා කතා කරාමයි....

හාජින්ගේ අතීතය වගේම මින්හෝ ගේ අතීතයත් පිටින් පේන තරම් සුන්දර එකක් නොවුණ එක වගේම මින්හෝ මම හිතපු තරම් හොඳ කෙනෙකුත් නොවුණ එකට මන් ගොඩක් පුදුම වුණා.....

තමන්ගෙම සහෝදරයා නොවුනත් හාජින්ගෙ අම්මාම තමා මින්හෝව පුංචි කාලේ ඉඳන් හදා ගෙන තියෙන්නේ. ශින්ජු වලින් ෂියෑන් වලට ආවට පස්සෙ මින්හෝ පුදුම විදිහට වෙනස්වෙලා , හාජින්ට හරි දුෂ්ට නපුරු විදිහට තමා සලකලා තියෙන්නේ......

හාජින්ගේ අසනීප අම්මා කෙල්ලටත් වඩා මින්හෝට ආදරය කරපු නිසා හාජින්ට මින්හෝව අතාරින්න පුළුවන් වෙලා නැහැ කොහොමත්ම.....

අමාරුවෙන් හරි අම්මා වෙනුවෙන් කෙල්ල හැම දේම තනියම දරාගෙන මෙච්චර කල් ඉඳලා තියෙනවා.....
කෙල්ලගෙ අතීත කතාව ඇහුවම මම කෙල්ල ගැන මවන් හිටපු ප්‍රතිරූපය හාත්පසින්ම වෙනස් වෙලා ගියා....
ඒ නපුරු හිතුවක්කාර , අහංකාරකම් අස්සේ ලොකු වේදනාවක් හැංගිලා තියෙනවා කියලා මට හිතුනා.....

ප්‍රතික්ෂේප වෙන එක තරම් වේදනාවක් මේ ලෝකෙ නෑ කියලා මම හිතන් හිටියත්
කෙල්ල ගැන හිතුවම මම හිතන් හිටියට වඩා වේදනා මේ ලෝකෙ ඕනෙ තරම් තියෙනවා කියලා මට තේරුණා.....

"එහෙනම් ඒකද සිද්ධ වුණේ.....
මට සමාවෙන්න මම ඒ ගැන දැන හිටියේ නෑ...."

මන් එහෙම කිව්වෙ බිමපඩියෙ මගෙ එහා පැත්තට වෙලා වාඩි වෙලා පේර ගෙඩියක් කන කෙල්ල දිහා බලාගෙන.....

"හහ්.... ඔයා ඉතින් කොහෙ දැන ගන්නද නේ ?"

"ඔව් ඒකත් ඇත්ත...."
අහිංසක හිනාවක් දාන ගමන් මං කිව්වා....

"දන්නවද මින්හෝ.....ඔයාගෙ මතක නැති වෙච්ච එක ගැන ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා...."

කෙල්ල එහෙම කිව්වේ පෙර කෑල්ලක් කටින් කඩන ගමන් මගෙ දිහා බලාගෙන .....

අනාගතයෙන් ආව කියන එක පිස්සු විකාර කතාවක් නිසා මම කෙල්ලෙට කිව්වේ මගේ මතක නැතිවුණා කියලා....

" එහෙමද .....
මින්හෝ ඔයාගෙම සහෝදරයෙක් වගේ වෙලත් ඔයාට එහෙම සලකපු ගැන එක ගැන මම ගොඩක් දුක් වෙනවා...."

"මිනිස්සු එහෙම තමා......
කාලෙන් කාලෙට අවශ්‍යතාවය අනුව මිනිස්සු වෙනස් වෙනවා......"

කෙල්ල එහෙම කිව්වේ ලොකු හුස්මක් ගන්න ගමන් ඉස්සරහ බලාගෙන.....

"ඒත් දැන් ඉන්න මිනිහෝ කලින් කෙනාට වඩා ගොඩාක් වෙනස් කෙනෙක්...."

ඒ නිසා පරණ කේන්ති මගේ පිටින් අරින්න ලෑස්ති වෙන්න එපා හොදද....."

කට කොනින් හිනා වෙන ගමන් මම එහෙම කිව්වේ මං ගැන ලොකු ආත්මවිශ්වාසයක් හිතේ තියාගෙන වගේම කෙල්ලටත් මම ගැන විශ්වාසයක් ඇති කරන්න හිතාගෙන....

"හරි මං එහෙම කරන්නම්කො....."

"මොකක්ද කරන්නෙ......"

"පරණ තරහ ඔයා පිටින් අරින්නම්....."

කියන ගමන් කෙල්ල හිනා උනා... ඒ හිනාවට මටත් හිනා ගියේ ඉබේටමයි....

වම් කම්බුල කොනින් වල ගැහෙන ඒ හිනාව දිහා බලන් ඉද්දි මට ආස හිතුණා..
ඒ හිනාව ඒ තරම්ම ලස්සනයි....

"ආශ්....... මන් කිව්වෙ එපා කියලා......."
මං එහෙම කිවුවේ හිනා වෙන ගමන්.....

"හරි හරි......"

"ඒක නෙමෙයි , මම ඔයාගෙන් හුඟක් දවස් ඉඳන් අහන්න හිටියේ මේ අතේ තියන කැළල ගැන ඒක මොකක්ද ? ...."

මම කෙල්ලගෙන් එහෙම ඇහුවේ මෙහෙට ආවට පස්සෙ පස්සේ මගේ දකුණු අතේ තිබුන අමුතු කැළල ලොකු ප්‍රශ්නයක් වුන නිසා...

අමුතු අකුරු ජාතියකින් කලුවට තිබුණු කැළල හමට තදින් කාවැදිල තිබුණේ...

"ආහ්හ්....ඕක කැලලක් නෙමේ සoකේතයක්....
මේ.....මගෙ අතෙත් තියෙනවා "

කියලා කෙල්ල එයාගේ දකුණු අත මට පෙන්නුවා......

"සංකේතයක්......"
මන් එහෙම ඇහුවේ ඇස් ලොකු කරලා කෙල්ල දිහා බලන ගමන්....

"හ්ම්ම් ඔව්.... ශින්ජුවල ඉඳන් ශියෑන් එන හැමෝටම ඔය සළකුන තියනවා. ඕකෙන් තමා අපි ශින්ජු වල කියලා ලේසියෙන් කියල අඳුන ගන්නේ...."

මෙහේ ඔය සංකේතය තියෙන ගොඩක් අය ඉන්නවා....."

"ඒකත් එහෙමද ?...... "

මං එහෙම කිව්වම කිවුවම කෙල්ල හිනාවක් දාලා මගෙ මූණෙන් ඇස් අහකට අරගෙන ආපහු ඉස්සරහ බලාගෙන තවත් පේර කෑල්ලක් කෑවා....

"මේ රස්සාව හැර වෙන රස්සාවක් කරල කරල අම්මට කන්න දෙන්න බැරි ද...."

විනාඩි කිහිපයක් කට පියාගෙන හිටපු මම එක පාරටම එහෙම ඇහුවේ කෙල්ලගේ කකුල් දෙක දිහා බලන ගමන්......

" මට කරන්න වෙන දෙයක් නැහැ....
අපි වගේ දුප්පත් මිනිස්සුන්ට හොඳ තැන් වලින් රස්සා දෙන්නේ නැහැ ....

ඒවගේම මම ඉන්නේ ගොඩක් ණය වලට හිර වෙලා....
අම්මගෙ බෙහෙත් වලටම ගොඩක් වියදම් වෙනවා......"

කෙල්ල අහිංසක විදියට එහෙම කිව්වම මට කෙල්ල ගැන ගොඩක් දුක හිතුනා....

ආශ්.... මේ ලෝකෙ නම් මහ ජරා තැනක්...

මං මටම එහෙම කියා ගත්තෙ එදා කියලයි දැන් කියලයි කිසි වෙනසක් නැති නිසා. දුප්පත් මිනිසුන්ට මිනිස්සුන්ට හැමදාම උනේ දුක් විදින්න.....

"ඒත් ඉතින් මෙහෙම දුක් විඳින එක ඔයාට වේදනාවක් නෙමෙයිද ...."

"ඉඩෝරයට පුරුදු උනහම වසන්තය ආවත් එකයි නැතත් එකයි....."

එයා ඒ කියන කිසි දෙයක් මට පැහැදිලිව තේරුනේ නැහැ.....

"හහ්......ඔයාව නම් තේරුම් ගන්නම බැහැ... "

කියන ගමන් මම කෙල්ලගෙ මූණ දිහා බැලුවා..

"දැන් ඔයා මාත් එක්ක යාළු වුණ නිසා මට ගොඩක් ලේසිවෙයි අලුතින් ජීවිතය පටන් ගන්න...."

"මාත් එහෙම හිතනවා ...."
මං ඔයාට පුළුවන් විදිහට උදව් කරන්නම්..."

" ඔයා කරදර වෙන්න ඕනෙ නෑ මට පුළුවන් මගේ ගැන බලාගන්න........"

කෙල්ල මට උදව් කරන්නම් කිව්වම මම කෙල්ලට එහෙම කිව්වේ කාටවත් කරදරයක් වදයක් වෙලා වෙලා මම ජීවත් වෙන්න කැමති වුණේ නැති නිසා.........

_____________________________________________

හාජින්ගෙ නිවස ~ රාත්‍රිය ~

මින්හෝගෙ ගෙදරට වෙලා ඉන්න මගේ හිත කොහොමත්ම ඉඩ දුන්නේ නැති නිසා තාවකාලිකව ටික දවසකට හාජින්ගෙ ගෙදරට වෙලා නැවතිලා ඉන්න මම තීරණය කළා........මුන් නැන්දගේ ගෙදරට වඩා ටිකක් පුංචි වුණු ඒ ගෙදර කාමර තුනක් තිබුණ නිසා ඒ ගෙදර නැවතිලා ඉන්න එක මට ප්‍රශ්නයක් වුණේ නැහැ ....

ලෙඩ ඇඳේ අසනීපවෙලා ඉන්න හාජින්ගෙ අම්මව දකින වාරයක් වාරයක් පාසා ඉබේටම මගේ ඇස්වල කඳුළු පිරුණෙ මගෙ අම්මව මට මතක් වෙලා....

අපේ අම්මට අසනීප වන හැම වෙලේම මමත් හාජින් වගේම අම්මා බලා ගන්න විදිහ මට මතක් වුණා.....
පවුලෙ අය වගේම මගේ සහෝදරයෝ හය දෙනාවත් හැම රෑකම වගේම අදත් අඩු නැතුව මට මතක් වුණා.....

කොච්චර ඇගට අමාරු උනත් නින්ද මගේ පැත්ත පළාතකටවත් ආවේ නැතිතරම්...
ගොඩක් රෑ වෙලා කළුවර වැටිලා තිබුනත් කිසිම බයක් නැතුව මම එළියට ගිහින් බoකුවෙන් වාඩි වුණේ මොනවා හරි කල්පනා කරනවා කියලා හිතාගෙන.....

කොච්චර අඳුරු වුණත් හඳ එළියෙන් මුළු මිදුලම එළිය වෙලා තිබුණේ හරි ලස්සනට.බිම තිබුණු සුදු වැලි වැලි හඳ එළියට දිලිසුනා....

වෙනදට නින්ද නොයන හැම වෙලේම මගේ වටේ කැරකි කැරකි හුරතල් වෙවී ඉන්න මියෑන් (මගෙ පූස් තඩියා ) අද නැති නිසාමදෝ මට ලොකු පාලුවක් දැනුණා......

වටපිට බල බල හිටපු මගෙ ඇස් හාජින්ගෙ කාමරය දිහාවට හැරුනේ ඉබේටමයි. මටත් කලින් නිදාගන්න ගිය කෙල්ලගෙ කාමරෙන් හීන් පහන් එළියක් එළියට ආවා.......
හිතේ කුතුහලයක් තියාගෙන ඒ එළිය මොකක්ද කියල බලන්න ගිය මගේ ඇස් උඩ ගියේ කෙල්ලගෙ කාමරෙන් කවුදෝ කළු ඇදගත්ත කෙනෙක් දොර ඇරගෙන එළියට එනවත් එක්ක...

ඒ කවුද කියලා බලන්න මම එතැනට යන්න නැගිටිනවත් එක්ක වහලෙන් ආව සද්දයක් නිසා මගෙ ඇස් වහලේ දිහාවට හැරුනා....
කලින් කෙනා වගේම තවත් කළු ඇඳ ගත්ත කෙනෙක් අපේ වහලෙන් අනික් වහලෙට පැන්නෙ එහෙ බලලා මෙහෙම බලද්දි එක තප්පරේට.....

වෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරි වුණ මම කෙල්ල හොදින්ද කියලා බලන්න කාමරේ ළගට යන්න හදනවත් එක්කම පිටිපස්සෙන් කවුදෝ කෙනෙක් මගෙ බෙල්ලට තියුණු ආයුධයක් තිබ්බා......

හඳ එලියට ඒ ආයුධය හොදට දිලිසුනා. එන්න එන්න මගේ බෙල්ලට ලං වෙන ඒ ආයුධය හිමින් හිමින් බෙල්ල තුවාල කරගෙන පසාරු කරගෙන ඇතුළට යන්න ඔන්න මෙන්න වෙනවත් එක්ක මගේ පපුව වේගෙන් ගැහෙන්න පටන් ගත්තා.......

ගැහි ගැහි තිබුණු මගේ පපුව එක පාරටම නැවතුනා වගේ දැනුණෙ ආයුධය තියන් හිටපු කෙනාගේ අතේ තිබුණු සලකුණ දැකලා....

ඒ සලකුණ දකිනවත් එක්ක මගේ මතකයට එකපාරටම ආවේ හාජින්ව..... මාව මරන්න හදන්නේ හාජින්මද කියල සැකෙන් පිටිපස්සට ඇස් හරවලා බලනවත් එක්ක එකපාරටම මං මගේ ඇස් දෙක තදකරල වහගත්තෙ ඒ මූණ ඒ තරම්ම අමුතු භයානක අප්‍රිය පෙනුමක් ගත්ත නිසා.......

ඉතින් මින්හෝව මරන්න හදන්නෙ කවුද ?..

ඊලග කොටසින් හමුවෙමු !

__________________________________මෙය හුදෙක් මන:කල්පිත කතාවක් පමණි !

මේක අතීත කතාවක් නිසා කියවද්දි කොරියානු පරණ රාජධානියක් මවා ගන්න . ඒක ඔයාලට පහසු වෙයි කියල හිතනවා..... 💜️🌹

කතාව බෝරින්ග් වගේද ? 😶

අඩුපාඩු තියෙන පාඩු තියෙනවනම් කියන් යන්න.....💜️

කියවපු හැමෝටම කුමාවෝ❤️❤️❤️❤️❤️❤️

ඔයාලගෙ අදහස් කියන්න 😊❤️
ඔයාලගෙ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා.....❤️🌹

දිගටම කතාව එක්ක ඉන්න💜️
සරන්හේ💕

#Dinu
By dinu.....

Continue Reading

You'll Also Like

5.2K 86 16
y/n is a18 years old boy lives in soul south korea have part time job hard working cold but hes hiding hes kindness because of hes bad past he suffe...
200K 4.2K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
9.7K 1.3K 15
ටේයි,ජිමිනුයි,ජේකේයි ලන්කාවට ආවොත් මොනා කරයිද 😅💜️ ඒනම් ඉතිම් ඉන්දියාවෙන් හොරෙන් වීසා නැතුව බෝට්ටුවෙන් ලන්කාවට ගොඩ බැස්ස සුප්‍රසිද්ධ bts සංගීත කන්ඩා...
5.1K 851 17
"ඒකි කුරුල්ලෙක් උනොත් මුලින්ම ජරා කරන්නේ මගේ ඇගට කිව්වා බන්" ~Taehyung story where hatred...