_ ඇඹුල් දොඩම්_

By Bulbz_D

21.1K 4.5K 1.8K

ඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ.. More

_ ඇඹුල් දොඩමක් කතා කරයි _
නිදිමරන කැටපෝලය
_ මුව පොව්වාට _
_ කුරුම්බැට්ටි ක්‍රීඩා භාණ්ඩ _
_ ඇසළ මල්_
සොයනවා.
ගිනි සිලට
- තමුන් මහ හිස රදයක් -
කව්රුන්ද මම ඔබට
සිතුවම්..
පොත්
නුඹේ සිත හදුනන්නේ සොයුරු පෙම පමණක් ද ?
බොලද පෙම්වත
- Character Intro -
Character - මිධුනාථ
මිධුනාථගේ කුප්ප වැඩ [ තරුණ විය ]
මා ඔබේ ස්ලෝ-ධජ
Character - සුග්‍රීව
පුරසද
_ අග්නි _
භාසුර - Character Intro-
Character - මහීධ
නුඹ නැතුව ගෙවුණු සත් වසරක්..
මිධුනාථ
- සුථිත -
සුග්‍රීව
නාම පත්‍ර
අකීකරු සිතක් - නුඹට පෙම් කළ
උමතු මුනි කුලය
මිධුනාථ නැති සත් වසරේ සුලෝධජගේ කුප්ප & දුක හිතෙන වැඩ 10ක්
_අග්නි _
මගේ පමණි
මිධුනාථගෙන් අග්නිට
- වරද කරු නොවෙයි ඔබ -
මියෙන්නම් මා
ධනුර්මාන
බඹරිදුට අයිති කුසුම
විස
සීහශාලි
කුසුමි
_ වසර 7 පෙර මහීධ බේරුන විදිය_
තනියම යන්නම්..
_ සීහශාලි වන මා විසින්_
සුග්‍රීව#
බිනර සිතුවම..
දිවයුරා.
ඔබට වෙන්වුණි
බඹරිදු
ENGLISH TRANSLATION
Arts 2
දිවයුරු අවසානය
හුම්හ්
පැටලිලි ලිහමු ද ?
තාලිගෙන් මිගාරට _
සොයාදියව් මට සරණක්
~ අග්නි දින ~
භීෂගේ දිනපොතේ පිටුවක්
සුග්‍රීව - ථිත විවාහය
අග්නි
ඔබ දන්නවා ද ?
මිද්දාගේ ජන්ම දිනේ
සුග්‍රීව අය්යණ්ඩිගෙන්
මුව පොව්වෙක්ට සිත ලියවිලා
සුලෝනාථ @2021
මිධුග්නි Art
කවි නොලියන සොයුරු පෙමක්...
සුබ ජන්ම දිනයක් භාසුර
අග්නි - 57 -ඉතිරි කොටස
මිධුනාථ භීෂ සිදුවීම්
බඩු ගොඩක් හම්බුනානේ..
-*_**_*_*-
-සුබ ජන්ම දිනයක්- ( භාසු )
සුබ ජන්ම දිනයක් ) ධනුර්මාන (
_ කුඩා කාළය 1 _
. බිනර කුසුමේ ජන්ම දිනය.
- සුලෝධජ -
සුබ ජන්ම දිනක් ස්වප්නාදි
සුබ ජන්ම දිනයක් මහීධ
වචනයක්...
~ සුබ ජන්මදිනයක් සුලෝ ~
* 2 - ජන්මදිනය *
- 3 ජන්මදිනය -
4 - ජන්මදිනය
හඩන්නේ දුර්වලයෝද ?

පොඩි සුලෝනාථගේ කුප්ප ක්‍රියා 15ක්

228 68 51
By Bulbz_D

Fact 1 - පොඩි කාලේ , සුලෝධජ ඕනවට වඩා වගකීම් ඔළුවට අරගෙන ඉන්නේ , අවුරුදු 7, 8 විතර ඉදන් ලොකු කෙනෙක් වගේ හැසිරෙනවා.. වැරදියි කියන්න බෑනේ රජකුමරුනේ...

Fact 2 - නාථ හරිම හුරතල් පොඩි කාලේ.. කිතා දේවිය නාථව ගොඩක් ගොඩක් හුරතල් කරලා.. කොහොමත් මිධුනාථ සාපේක්ෂව ටිකක් සුදුයි.. පොඩි කාලේ සූකිරි බෝලයක් වගේ.. අඩාගත්ත ගමන්ම ඉන්නේ මූණත් රතු කරගෙන.. [ ඒකට දැන්.. චහ් ] ..

Fact 3 - නාථ මුලින් අනුකිතා දේවිය එක්ක අසපුවට අාපු වෙලාවේ සුලෝධජට නාථව පේන්නම බෑ,. එදා රෑ කොහොමහරි සුලෝධජ අම්මාට හොරෙන් කුටියෙන් එළියට එන වෙලාවක නාථ ගහක් යට වාඩි වෙලා වස්දණ්ඩකට බටයක් සුද්ද කරනවා නළලත් රැලි කරගෙන තොලුත් හපාගෙන.. නිකන් බරවැඩක් කරනවා වගේ..

ඉතින් කොහොමහරි නාථ ඕක සුද්ද කරගන්න ගිහින් බටේ දෙකට මැදින් කපා ගන්නවා... ඊට පස්සේ තනියම අඩනවා.. ඒ වෙලාවේ තමා සුලෝධජ එතනට යන්නේ.. කොහොම හරි අන්තිමට සුලෝධජට සිද්ධ වෙනවා නාථව නලවගන්න අලුත් බට පතුරක් හොයලා දෙන්න.. ඒක හොයන්න දෙන්නා එක්ක යනවා අසපුව එහා පැත්තේ කැලේට.. අන්තිමට එයාලා එනකොට ප්‍රධාන අසපුවේ ඉස්සරහා දොර අගුළු දාලා..

සුලෝධජ නම් දන්නවා තාප්පෙන් පනින්න.. මුලින් එයා නාථට ඕන දෙයක් වෙද්දෙන් කියලා ඇතුළට ගිහින් නිදාගන්න හදලා පස්සේ , ඉතින් නාථ එක්ක දොරට හේත්තු වෙලා ඉන්නවා රෑම... එදා රෑ තමා අර හෙම්බිරිස්සාව හදාගන්නේ දෙන්නා එක්ක..

Fact 4 - කොහොමහරි දෙවෙනි දවසේ සුලෝධජ උපරිම ට්‍රයි කරනවා නාථ මගහරින්න.. කොහේ ද නාකි කකුලුවා සෙල්ලම් කරන්න අඩගහා ගන්නවා.. කොහොමහරි සුලෝධජට යකා නගින පාර මිධුනාථ කැලේ මැද්දට එක්කගෙන ගිහින් හැංගිලා දහයට ගණන් කරන්න කියලා එයා එනවා ආයේ පුහුණුවීම් කරන්න..

Fact 5 - ඉතින් මිධුනාථ හිතනවා සුලෝධජ ඇත්තටම එයි කියලා.. එයා ඇස් දෙකත් වහගෙන දහයට ගණන් කලාට සුලෝධජ නෑ.. පස්සේ එයා සුලෝධජ එයි කියලා බලාගෙන ඉන්නවා , කළුවරට බය නිසා ඇස් දෙකත් පියාගෙන සීතලට ගුලි වෙලා.. කොහොමහරි පුහුණුවීම් ඉවරවෙලාත් සුලෝට මතක් වෙන්නේවත් නෑ නාථව... එයා රෑ වෙනකම්ම කැලේ ඇතුලේ.. කොහොමහරි සුලෝට හම්බුවෙනකොට නාථට අසාධ්‍යයි සෑහෙන්න.. වාගිෂ්ඨ මුනි දක්ෂ නිසා තමා බේරෙන්නේ එයා..

Fact 6 - ඔය සිද්ධියෙන් පස්සේ නම් සුලෝධජ නාථට එච්චර නපුරු වුනේ නැහැ.. එයාව උකුලට අරගෙන කතා කියන්නයි , කන එහෙම හපන්නයි සුලෝධජ පුරුදු වුනා. මිධුනාථගේ කන ලාවට හැපුවාත් ටක් ගාලා රතු වෙනවාලු.. ඒක නිසා සුලෝධජ ආසයිලු හපන්න.. [ මෙව්වට මුකුත් කියලාත් බෑ නොකියත් බෑ ]

Fact 7 - මිධුනාථගේ කදුරු බෝලේ නැති වෙනවා සෙල්ලම් කරන්න ගිහින්... ඉතින් සෙල්ලම් කරන්න මුකුත් නැති නිසා මේ පොඩි එකා සුලෝධජගේ ඇඹුල් දොඩම් ගෙඩියක් උස්සලා , ඒකෙන් සෙල්ලම් කරන්න ගිහින් කන හපාගන්නවා සුලෝධජට කියලා.. ඊට පස්සේ දවසේ සුලෝධජ අලුත් කදුරු බෝලයක් හදලා දෙනවා නාථට..

Fact 8 - කොහොමහරි මිධුනාථගේ ඇඹුල් දොඩම් දෙන පුරුද්ද ඒ කාලේ ඉදන්ම තියන එකක්.. සුලෝධජගේ ඇස් දෙක දිලිසෙනවා බලන්න , ඕන කමට අනුකිතා දේවිය නගරේට යන හැමපාරකම අඩලා අඩලා ඇඹුල් දොඩම් ගෙන්න ගන්නවා සුලෝට දෙන්න..

Fact 9 - කතාවේ තැනකත් තිබ්බා මතක ද මන්දා මිධුනාථ නාලා ඉවර වෙලා කොණ්ඩ ගසන එකක්.. ඒ කතාව මෙහෙමලු.. ඔන්න ඩබලත් එක්ක දවසක් අනුර්ධ අසපුව ගාවින් යන අතුගංගාවේ ගල්තලාවක් උඩට වෙලා හතර දෙනාම නෑවාලු... නාථට පුළුවන් එකම දේ පීනන එක.. ඉතින් අනිත් අයටත් වඩා හොදට එයාට කිමිදිලා වතුර යට ඉන්න පුළුවන්.. අර එකපාරක් මණිමාප එකට වැටිලා සුලෝව බයත් කලේ.. ඒ වගේ... ඉතින් ගොඩට ඇවිත් හැමදාම සුලෝධජගේ ඇගට ඉහෙන විදියට කොණ්ඩේ ගසනවා වතුර ඉහෙන්න.. කියුට් කොල්ලා සෝක්..

Fact 10 - නාථට අසිපත උස්සන්න බැරි නිසා සුලෝධජ හිත හදන්න එයාගේ කිණිස්ස නාථට දෙන්නේ...

Fact 11 - කොහොමහරි අවුරුදු 3ක් විතර යනකොට ඒ දෙන්නා වෙන් කරන්න බැරි තරමට ළං වුනා..සුලෝ පුහුණුවීම් ඉවර කරලා ඉනකම් නාථ කෑම කෑවේවත් නෑ.. දෙළුම් කොච්චර දුර්ලභ වුනත් සුලෝධජ දෙළුම් පැලයක් හිටවනවා.. කවදාහරි පැලේ ලොකු වුනාම නාථට හැමදාම ගෙඩි කන්න.. එයා හිතාගෙන ඉන්නේ නාථ හැමදාම ඉදී කියලානේ.. නාථත් කොයි වෙලෙත් සුලෝගේ පස්සෙන් වැටීගෙනමයි....

Fact 12 - බොරුවට ගැස්සුවට පිප්පුවාට මොකද සුලෝධජ එකෙන්ම මනාපයි නාථ එයාට ස්ලෝ-ධජ කියනවාට... දන්නෑ වගේ ඉදහල්ලා ඔයාලාත්..

Fact 13 - ගොඩක් අය ඇහුවා ඇයි සුලෝධජට අතීතය මතක නැත්තේ කියලා... නාථ අසපුවෙන් ගියාට පස්සේ සුලෝධජ හොදටම ලෙඩ වුනා. කෑමක් ඇල්ලුවේවත් නෑ , අනුකිතා දේවිය කියලා ගියේ නාථව ඉක්මනට ගේනවා කියලානේ... ඒත් මහීධ පිළිසිද ගත්ත නිසා අනුකිතා දේවියට වෛශව අසපුවේ නවතින්න වෙනවා නාථ එක්ක.. ඔහොම සුලෝධජ පළවෙනි සතියේම කිසිම දෙයක් කන්න බොන්නේ නැතුව සැරින් සැරේට සිහියත් නැතිවෙන තරමට එයාට තමා නාථ ගියපු එක දරාගන්න බැරි වෙන්නේ..

ඉතින් මේක නිසා වාගිෂ්ඨ මුනි නාථ ගැන තියන මතකයන් සිතිවිලි මානසික බලෙන් යටපත් කරනවා.. සුලෝධජට ඒ ගැන පැහැදිලි මතකයක් නැති වෙන්න හේතුව ඒකයි..

Fact 14 - සුලෝට මෙහෙම වුනාට මිධුට මීට වඩා අන්තයි.. එයාට හේතු දෙකක් තිබුනා.. ඒ කාලේ තමා එයා පුහුණුවීම් පටන් ගත්තේ.. කොයි වෙලේ බැලුවත් සිහිසුන් වෙනවා.. එතකොට භීෂ අභය විනුධ සෙට් එක එකතු වෙලා මිධුනාථව සෑහෙන්න අඩතේට්ටම්වලට ලක් කරනවානේ... එයාට ගහනවා , ඖෂධ කුටියට දාලා ලොක් කරනවා , සොහොනට එක්කගෙන ගිහින් අතරමං කරලා එනවා.. මේ වගේ ගොඩක්.. එයා එ් කාලේ ගොඩක් බයයි.. ඉතින් කොයි වෙලේත් සුලෝධජව මතක් කරනවා.. එයා කියනවා හද දිහා බලලා , ස්ලෝධජට කියන්න එයාව බේරගෙන යන්න එයාට මෙහේ එන්න බෑ .. මෙහේ අය නුපුරුයි කියලා..

Fact 15 -කොහොමහරි මිධුනාථ ලොකු වේද්දි එයා තනියම මහීධවත් හදාගන්නේ ඛාදීගේ උදව්වේන්.. එයාට ඕන ශක්තිමත් කෙනෙක් වෙන්න සුලෝ වගේ.. ඒක නිසා තමයි සුලෝගේ පොඩි කාලේ ලක්ෂණ ගොඩක් මිධුනාථට තියෙන්නේ.. සුලෝගේ අතින් ගත්තොත් ඒකේ අනිත් පැත්ත.. එයා හැමෝටම රෞද්‍රයි ගොඩක් කෲරයි ඒ වුනාට නාථ කරපු හුරතල් වැඩ එයාගේ අපැහැදිලි සිතිවිලි අතර තිබුනා.. ඒකයි එයා අග්නි විදියට ඒම හැසිරුනේ..

.
.
.
.
.
.
.
.
.

මට හරිම පාළුයි....

Continue Reading

You'll Also Like

2.2M 168K 35
Myanmar×OC အချစ်ဦး၊အချစ်ဆုံး၊လက်တွဲ​ဖော်ဟာ တစ်ထပ်တည်းကျ​သောအခါဝယ် 8.2.2023 ___ 8.4.2023
348K 20.6K 36
ဒေါ်ဒေါ့်ကိုလည်း ချစ်တယ်.... တီချယ့်ကိုလည်း ကြောက်တယ်....
1.3M 52.3K 25
အပျော်သဘောဖြင့် ရေးထားခြင်း ဖြစ်ပါသည်။