𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄...

By jinshi_0811

62.2K 9.8K 1.7K

යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට ... More

intro 🥀✨
1 🥀✨
2 🥀✨
3 🥀✨
4 🥀✨
Special 🥀✨
6 🥀✨
7 🥀✨
8 🥀✨
9 🥀✨
10 🥀✨
11 ✨🥀
12 🥀✨
13 ✨🥀
14 🥀✨
15 🥀✨
16 ✨🥀
17 ✨️🥀🔞
Final Chapter 🥀✨️
Next Stories ...🏹🧚
ඕතරීගෙන් රීඩස්ලාට ❤️✨️

5 🥀✨

2.7K 507 63
By jinshi_0811

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Jk pov:

මට දැනුන දුක , වේදනාව මෙච්චරක් කියන්න බැරි තරම්.. මම යද්දිත් අර කෙල්ල මින්හොගෙන් ගැලවෙන්න පොර බදිනවා. ඇඟේ නූල් පොටක්වත් නැතුව...
දැනුන කියාගන්න බැරි තරහා නිසා මම දෙපාරක් නොහිතා ලග තිබ්බ වාස් එකකින් මින්හෝගෙ ඔලුවට ගැහුවත් එක්කම ඌ අනිත් පැත්තට සිහිය නැතුව වැටුනා...

ඇයි සූහි මෙහෙම වුනේ.. මම නිසාද. ඇයි එදා මං නිසා එතනට ආවෙ....
කෙල්ල පැත්තකට වෙලා ගුලි වෙද්දි මට දැනුනෙ මගෙ පපුව පුරා පිහි තුඩක් ගෙනියනවා වගෙ..
ඒ තිරිසනා මේ කෙල්ලට මෙහෙමනම් තව කෙල්ලො කීයකට මෙහෙම කරනවා ඇත්ද. මින්හෝ.. උඹට මම වැඩිකල් ඉන්න දෙන්නෑ.උඹව මරන්නෙ මේ අත්දෙකෙන්..

මම කෙල්ල ළගට ගියා.. එයා ටික ටික ඔලුව උස්සලා බැලුවෙ මගෙ දිහා.. පොඩි දරුවෙක් වගෙ. එයා ඉන්නෙ ඇගෙ නූල් පොටක්වත් නැතුව කියලා එයාටවත් මටවත් ගානක් වුනෙ නෑ.
ටික වෙලාවකින් එයා මොනවද කියන්න උත්සාහා කළා . ඒ කියන කිසි දෙයක් මට තේරුනෙ නෑ.. ඒත් එයා කියන්න උත්සාහා කරන්න ඇත්තෙ මින්හො එයාට කරපු දේ. මම කෙල්ලව තුරුල් කරගත්තා. එයත් මුව පැටියෙක් වගෙ මගෙ පපුව අස්සෙ හැංගුනා..

මාව එච්චරටම ඔයාව විශ්වාසද සූහි....

ටික වෙලාවක් ඉදලා යේරි අමාරුවෙන් හරි සූහිට ඇදුමක් අන්දව්වා. ජින් හ්‍යොංගෙ තීරණය වුනේ කෙල්ලො දෙන්නවම අපෙ තැනට ගෙනියන්න. මොකද තව එක දවසක් හරි කෙල්ලො දෙන්නව තනියම තිබ්බොත් මින්හෝ ඇවිත් කෙල්ලො දෙන්නව මරනවා...

🐥: මෙච්චර කල් උඹ සූහි ගගා කියවව්වෙ මගෙ girlfriend ගෙ යාලුවටද යකො.. සූහි මගෙ නංගි වගෙ..

🐯: උඹ කියන්නෙ උඹට girlfriend කෙනෙක් ඉන්නවා කියලද . යකො එහෙනම් ඇයි අපිට නොකිව්වෙ.

🐥: මේ දැන් දෙන්නා එලියට ආවම උඹලා යේරිව දන්නවා වගෙ හැසිරියල්ලා. නැත්තන් දවස් ගානක් මාව මරන් කයි

🦄: චික් මූ..

ටික වෙලාවකින් අපි කෙල්ලො දෙන්නව එක්කගෙන මගෙ ගෙදරට ආවා...

Suhi pov:

මට තේරෙන්නෑ ඇයි මම කුකී ව මෙච්චර විශ්වාස කළේ කියලා. එක අතකින් යේරිගෙ කොට ඔප්පා  කුකිගෙ යාලුවෙක් වුන එක මට සහනයක්..

ඒත්....

College එකේ ඉන්න කුකීට වඩා හාත්පසින්ම වෙනස් කුකී කෙනෙක් අද මාත් එක්ක ඉන්නෙ.දැන් මාත් එක්ක ඉන්න කුකී
අනෙ මන්දා. පලවෙනි වතාවට මං කොල්ලෙක්ව හැන්සම් විදියට දැක්කා. එයා ඒ තරම් ලස්සනයි. ඒත් ඒ බනී ඇස් එහෙම්පිටින්ම කුකිට තිබ්බා. ඒත් එයා ගොඩක් නපුරු පාටයි. ඒ වගේම යේරිගෙ කොට ඔප්පත් වෙනදට වඩා වෙනස්. මටනම් හිතෙන්නෙම මෙතන ලොකු රහසක් තියෙනවා කියලා.

අපි කුකීගෙ ගෙදරට ආවා. මගෙ ගෙදර මාරු කරනකන් මට මෙහෙ ඉන්න පුලුවන්. උසම උස හිනා වෙනකොට මූනෙ ඩිම්පල් පේන ඔප්පානම් කිව්වෙ හැමදාම එයාලා එක්ක ඉන්න කියලා..

කොහොමත්ම බෑ!!!!!!

මම ඉක්මනට මේ ගෙදරින් යනවා. මින්හෝට පේන්නෙ නැති වෙන්න බංකරයක් හරි හොයාගෙන ඒක අස්සෙ ගිහින් මං හැංගෙනවා. මේ කුකියා හරි නපුරු පාටයි. අනික කොල්ලොම හතක්. දෙයියනෙ දෙයියනෙ.. හැබැයි කොට ඔප්පා ඉන්න නිසා බයකුත් නෑ.. අනී... මට බෑ මෙහෙ ඉන්න..

ගෙට ඇතුල් වෙද්දිම මගේ කට ඉබේටම ඇරුනෙ මේ ගෙදර ලස්සන දැකලා.. අනී.. ගෙදරක් නෙවෙ මේක මාලිගාවක්. ඇතුලට එද්දිම දැනුනෙ රෝසමල් වල සුවද.. ගේ ඇතුලෙ හැමතැනම වගෙ රෝස මල් පුරවපු වාස්.. මෙයාලා අපිව වැරදිලාවත් අරගෙන ඇවිත් තියෙන්නෙ මල් වත්තකටද..

නැත්තන් මින්හෝ මට ගහලා මැරුවද 😕 මම මේ ඉන්නෙ දිව්‍යලෝකෙ වෙන්න බැරිද... මෙතන ඉන්න ඔප්පලා ටිකත් දෙයියො තරම් ලස්සනයි. කුකී මොකද මේ මාත් එක්ක දිව්‍යලෝකෙ යන්න ඇවිත් තියෙන්නෙ.. හප්පදබොල යේරිත් ඉන්නවා. මට මේ මොනාද වෙන්නෙ.. මේ කොහෙද ? මං කව්ද???

🐰: යා... ඔය කටවහගන්නවා...

එක පාරම මම මගෙ මනෝලෝකෙන් මිදිලා ගැස්සිලා ගියෙ අර නර හාවගෙ කටහඩ ඇහිලා.. මම ඉන්නෙ දිව්‍යලෝකෙ නෙවෙයිද එතකොට...
මම කල්පනා කර කර ඉද්දිම ලස්සන හිනාවක් තියෙන ඔප්පා මගෙ කරට අතකුත් දාගෙන මාත් එක්කම ඇවිත් සෙටියෙන් ඉද ගත්තා.. ටිකකින් අනිත් අයත් ඇවිත් ඉදගත්තා

Author pov:

ටික වෙලාවක් යනකන් කා අතරවත් කතා බහක් තිබ්බෙ නෑ. හරියට ඉදිකට්ටක් වැටුනත් ඇහෙන තරම් නිහැඩියාවක් තිබ්බා. හැමෝම බලන් හිටියෙ සූහි දිහා. කෙල්ල බිමත් බලාගෙන ඔහේ ඉන්නවා.

මොනා වුනත් ඒ හිතේ බයක් ඇති.. අසරණකමක් දැනෙන්න ඇති.. කවදාවත් හොද කරන්න බැරි තුවාල ගොඩක් හදවතෙ ඇති වෙන්න ඇති.. කෙල්ලෙක් මෙහෙම දෙයක් කොහොමනම් අමතක කරන්නද.

💖: ආ.. ආය එයා මට කරදර කරයිද..

කෙල්ල වචන පටලව පටලව කතා කලා.. කෙල්ලගෙ ඇස්වලින් කදුලු හෝ ගාලා වැටෙනවා..

❤️: අඩන්න එපා සූහියා.. අපි ඉන්නවනෙ ඕනි දේකට ම්ම්..

යේරි ගිහින් කෙල්ලව තදින් බදාගත්තා. යේරිගෙ හිතෙත් තිබ්බෙ ලොකු දුකක්. තමන් එක්ක ඕනි දේකට හිටපු එකට කාපු බීපු යාලුවට මෙහෙම දෙයක් වෙච්ච එක..

🐨: ඔය දෙන්නා දැන් අඩන්න එපා. ආය මින්හෝට ඔයාලට මුකුත් කරන්න බෑ. අපි ඉන්නවනෙ..

💖: තරහා නැතුව කියන්න පුලුවන්ද ඔයාලා කව්ද කියලා. ඇත්තටම මම ආවෙ කොට ඔප්පා නිසා..

🐥: යා සූහියා.. කී සැරයක් කිව්වද ඔය කොට ඔප්පා කියන එක නවත්තගන්ඩ කියලා. තමුසෙ මට වඩා කොටයි හරිද..

💖: යැයි යැයි යැයි තමා..

කෙල්ල ජිමින්ට දිවත් දික් කරලා හිනා වෙන්න පටන් ගත්තා. යේරිත් පුදුම වුනෙ කෙල්ලගෙ හිනාව දැකලා. ඒ තරම් කෙල්ල හරි සද්දෙන් හිනා වුනා. ජංගුක් මෙ හැමදේම දිහා බලන් හිටියෙ කට කොනෙන් ඇදුනු පොඩි හිනාවකුත් එක්ක. කොල්ලා හිතින් සතුටු වුනා කෙල්ලගෙ හිනාව නිසා.

ලෝකෙට හිනා වෙලා ඇතුලතින් තනියම විදවන මිනිස්සු මේ ලෝකෙ කොච්චරනම් ඇතිද....

🐹: මම දන්න විදියට ඔයාගෙ නම සූහි.. ම්ම් මම දැනට ඔයාට අපි ගැන මෙහෙම කියන්නම්කො. අපි යාලුවො. ඒ නිසා අපි එකටමයි ඉන්නෙ. මම වැඩිමලා. එතකොට මේ min yoongi.. මෙයා ඩොක්ට කෙනෙක්. City hospital එකේ director ..

💖: වාහ්... එතකොට මං දතෙ කැක්කුමට බෙහෙත් ගන්න ගිය හොස්පිටල් එකෙ අයිතිකාරයා මෙයාද. ඒයි ඔප්පා හොස්පිටල් එකෙ ඩෙන්ටීස්ව අයින් කරන්න. එයා හරියන්නැ 🙂

🐰: ආයිශ් කටවහන් කියන දේ අහන් ඉන්නවා

කෙල්ල jk ට ඔරවව්වෙ මේ වෙලාවෙ කෑ ගහන්න පුලුවන් තත්වෙක කෙල්ල නොහිටිය නිසා. වෙන වෙලාවකනම් jk කෙල්ලගෙන් හොදටම කාලා..

Suhii pov:
🐹: අහන්නකො.. මෙයා කිම්  නම්ජුන්.. Kim company එකේ ceo..

දෙයියනෙ දෙයියනෙ ඩ්ම්පල් ඔප්පා අර තට්ටු පනහක් විතර තියෙන බිල්ඩින් එකෙ අයිතිකාරයද.. පූස් ඔප්පා එතකොට හොස්පිටල් එකක අයිතිකාරයෙක්. කැන්ටින් එකෙන් සැන්විච් එකක් කන්නත් යේරිගෙන් සල්ලි ඉල්ලන මාව ඇයි මෙතෙන්ට ගෙනාවෙ දෙයියනේ..

🐹: මෙයා jung hoseok.. ම්ම් මෙයා ලෝය කෙනෙක්. කොරියාවෙ හොදම ලෝය. එතකොට park jimin.. මෙයා ගැන කියන්න ඕනි නෑනෙ ඔයාට. ඒත් වෝනින් එකක් දෙන්නම්. මුගෙ ලැප් එකට අතක්වත් තියන්න එපා. ගුටි කෑවොත් අපි නෑ හොදෙ.. Kim taehyung .. මෙයා police officer කෙනෙක්. එතකොට මෙයා ගැන ඔයාට කියන්න ඕනි නෑනෙ..

හැන්සම් ඔප්පා ඇයි කුකී ගැන මට කියන්නැත්තෙ. අනෙ මං දන්නෑ එයා ගැන. අනික ඇයි මෙ පූස් ඔප්පයි කුකියයි ඇරෙන්න අනික් හැම ඔප්පම මගෙ දිහා බලන් කින්ඩියට හිනා වෙන්නෙ. අනික් දෙ හැන්සම් ඔප්පා කව්ද.. එයා එයා ගැන මට කිව්වෙ නෑනෙ.

💖: එතකොට ඔප්පා.. ඔයා කව්ද..

🐹: අහ් මම කිම් සොක්ජින් ..

💖: අහ් දේ..

මොනාද දෙයියනෙ මේ නම්.. ජෝසන් කුනුහරුප වගෙ. මතක හිටින්නෙත් නෑ.. හැන්ඩ්සම් ඔප්පා, ඩිම්පල් ඔප්පා, පූස් ඔප්පා, සන්ශයින් ඔප්පා, කොට ඔප්පා, පොලිස් ඔප්පා අනික් එකා කුකියා..
සූහි එහෙනම් hwaiting...

ඊටපස්සෙ අපි හැමෝම ගියෙ නිදාගන්න. අද දවස ගැන මට තිබ්බෙ ලොකු බයක්. තනියම නිදා ගන්න බය හිතුන නිසා යේරි මගෙ ලගට ආවා.
කුකී මාත් එක්ක ආපු වෙලේ ඉදන් කතා කලේ නැති තරම්. එයා මෙච්චර වෙනස් වෙන්නෙ කොහොමද. මේ විදියට යුනිවසිටි එකට මෙ මිනිහා ආවොත් කෙල්ලො ටික මේ යකාව උස්සන් යයි. එක වෙලාවකට චූටි ලමයෙක් වගෙ හුරතල් වෙන තවත් වෙලාවකට යකෙක් වගෙ හැසිරෙන ඔයා කව්ද කුකී.  ඔයා ඇයි මෙහෙම වෙනස් වෙන්නෙ.

මට දැනෙන්නෙම මේ හැමෝම මට මොනා හරි හංගනවා කියලා. ඒත් ඇයි..

අනික් මිනිහා මින්හෝ. එයාගෙ ගඳ දැනටත් මට දැනෙනවා වගෙ. මම එයාට මොනාද කළේ. වචනෙකට දෙකකට එයා මෙච්චර මට රිද්දන්නෙ ඇයි. එයත් පිටින් පේනවට වඩා වෙනස් කෙනෙක්.
එතකොට කුකි කොහොමද මාව බේරගන්න ඒ වෙලාවෙම ආවෙ. අනික ඔප්පලා ටිකත් එක්ක. හරියටම ඒ වෙලාවට. මොකක්ද මෙතන වෙන්නෙ. මං නොදන්න දේවල් ගොඩක් මෙතන තියෙනවා.
ආයිශ් මගෙ ඔලුව....

Next day morning
Author pov
@ brian 's drom..

" ආයිශ් මගෙ ඔලුව.. "

මින්හෝ නැගිට්ටෙ දරාගන්නවත් බැරි ඔලුවෙ කැක්කුමක් එක්ක..

🤡: උබ ඊයෙ කොහෙද ගියේ කියපං..

මින්හෝ ඉස්සරහින් ඉදගෙන හිටියෙ බ්‍රයන් . මිනිහගෙ මූනෙනම් තිබ්බෙ නොසන්සුන් බවක්..

👿: ඊයෙ...

මින්හොට මතක් වුනා ඊයෙ වෙච්ච හැමදේම..

👿: ඊයෙ... මං කෙල්ලෙක්ගෙන් ආතල් එකක් ගන්න කියලා යුනි එක ගාව තිබ්බ ෆ්ලැට් එකට ගියා.. ඊටපස්සෙ මම ඒකිගෙ ගෙදරට ගියා. මම ... අනෙ හ්‍යොං මට මතක නෑ ඊටපස්සෙ මොකද වුනෙ කියලා..

🤡: උඹට මොකක්ද දන්නවද වුනෙ.. උඹ ඒකි එක්ක ඉද්දි ඒකිගෙ කවුරුහරි උඹෙ ඔලුවට මොකකින් හරි ගහලා උඹ වැටුනට පස්සෙ මගෙ ගෙදර ගේට් එක ගාවින් තෝව දාලා ගිහිල්ලා. ලැජ්ජ කරපං තව මට. යකො කෙල්ලො ඕනිනම් මගෙන් ඉල්ලපං. ගිහින් නාගෙන වරෙං උඹට ඕනිනම් කෙල්ලො එකට දහයක් දෙන්නම් මං..

බ්‍රයන් කිව්ව දේවල්වලින් මින්හෝට ඊයෙ වෙච්ච දේවල් ටික ටික මතක් වුනා.. ඒත් මින්හොට මතක් වුනෙ නෑ ඊයෙ මිනිහට ගැහුවෙ කව්ද කියලා..

👿: සූහි.. උබ ඔය කරගත්තෙ හොද දෙයක්නම් නෙවෙයි... අපි බලාගමු..

මින්හො තමන්ටම ඒ වචන ටික කියාගත්තෙ හිතෙ සූහි ගැන නිම කරන්න බැරි තරහක් හිතෙ දලුලද්දි.
වෛරය කියන චේතනාව මිනිස් හිතකට ගියාම ඒ දේ නැති කරන්න හරි අමාරුයි. තිරිසන් හිත් අස්සෙ වෛර කියන දේ සාමාන්‍යයි. මින්හො තමන්ට වෙන හැමදේකම තරහා පිට කරන්න සූහිව පාවිච්චි කරන්න තීරණය කලා.. කෙල්ලට මොනා වෙයිද ඉස්සරහට..

________

Suhee pov:
@ jk's drom..

වෙනදා වගේ යේරිට මාව ඇහැරවන්න ඕනි වුනෙ නෑ. යේරිටත් කලින් මම ඇහැරුනා. ඊයෙ වෙච්ච හැමදේම හිතින් අයින් කරන්න ඕනි නිසා උදේ පාන්දර වුනත් අයිස් තරම් සීතල වතුරෙන් මම නෑවා. ඇගට පුදුම සනීපයක්. හරියට මගෙ මහන්සිය හේදිලා යනවා වගෙ. මින්හො මගෙ තොල් බෙල්ල හපපු නිසා ඒ තුවාලත් ඇදුම්කන් දෙන්න ගත්තා. ඒ මදිවට බෙල්ල පුරා දම් පාට පැල්ලම්.
මම මේ හැම තුවාලයක්ම කැලලක්ම දිහා බලන් හිටියෙ පුදුමාකාර අප්පිරියාවකින්..

මට ඕනි වුනා මගෙ බෙල්ලෙ දම් පාට සලකුනු දවසක දකින්න. හැබැයි මින්හොගෙන් නෙවෙයි මම කවදාහරි ආදරය කරන කෙනාගෙන්.. මට ඕනි වුනා දවසක පිරිමියෙක් ඉස්සරහා නිරුවත් වෙන්න. හැබැයි ඒ මම ආදරය කරන කෙනා ඉස්සරහා මිසක් මින්හො ඉස්සරහා නෙවෙයි. මට මාවත් දැන් අප්පිරියයි. මට තාමත් ඒ ගද දැනෙනවා වගෙ.

පැයක් විතර නාලා මම පහලට ආවෙ මගෙ ඔලුවෙ ප්‍රශ්න පත්‍රයක් දුවද්දි. මට කුකී එක්ක කතා කරන්න ඕනි.
පඩිපෙලෙන් බහිද්දි මම දැක්කා හැමෝම පහලට වෙලා කෑම කන්න පටන් ගන්නවා. ඊයෙ හිටපු නපුරු පාට ඔප්පලා නෙවෙයි එතන හිටියෙ හරියට පොඩි ලමයි වගෙ හැසිරෙන ඔප්පලා ටිකක්.

යේරි කොට ඔප්පා එක්ක කතා කරකර ඉන්නවා. කොට ඔප්පා නෙවෙයි යේරිගෙ ඇස් දෙකෙන් ඇස් අහකට ගත්තෙ. කුකී ඩිම්පල් ඔප්පයි හැන්සම් ඔප්පයි එක්ක මොනාද කියව කියව හයියෙන් හිනා වෙනවා.

පොලිස් ඔප්පයි සන්ශයින් ඔප්පයි මොකක්දෝ කැඩිච්ච සෙල්ලම් බඩුවක් හරි කලබලෙන් හදනවා. යකො මුන්‍ට සෙල්ලම් බඩුත් තියෙනවද... ඒ අස්සෙ පූස් ඔප්පා පැත්තකට වෙලා නිදී..

"අහ්ම්ම්ම්ම්"

මම ටිකක් උගුර පෑදුවෙ අනික් කට්ටියට මං ආවා කියලා අඟවන්න. හැමෝම එක පාර මගෙ දිහා බැලුවා. ටිකක් ලැජ්ජයිත් වගෙ. හැන්සම් කොල්ලො ටිකක් එක පාර මගෙ දිහා බලන් ඉද්දි දැනෙන ගැම්ම. දෙයියනෙ දෙයියනෙ. කොරියාවෙ බහු විවාහා සම්මත කරලා තිබ්බනම් මම කුකී ,කොට ඔප්පයි ඇරෙන්න අනිත් ඔප්පලා ටික බැඳගෙන ලුනුයි බතුයි කාලා හරි ජීවත් වෙනවා...

🐹: අහ් good morning අපේ චූටි නංගි. එන්න ඉදගන්න අපි කමු.. ජංගුකා ගිහින් මීශාව එක්කන් එනවා..

හැන්සම් ඔප්පා මට කතා කළේ චූටි නංගි කියලා. එයා හරි ලෙංගතුයි. එතකොට කව්ද මීශා. කුකීගෙ ගර්ල්ද...

කුකී හැන්සම් ඔප්පට හා කියලා මගෙ ඇගෙත් වැදීගෙන ආයෙත් උඩ තට්ටුවට ගියා. මං හිතන්නෙ එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව එක්කන් එන්න වෙන්න ඇති.

ටිකකින් මගෙ ඔම්මා තරම් වයස අජුම්මා කෙනෙක් ඇවිත් ටේබල් එකෙන් කෑම තියන්න ගත්තා. මම කොහොමද මට වඩා වැඩිමල් කෙනෙක් වැඩ කරද්දි ඉදගෙන බලන් ඉන්නෙ. මාත් ගිහින් අජුම්මට උදව් කළා.. ඔප්පලා හැමෝම මං දිහා බලන් හිටියෙ හිනා වෙවී. ඒත් පූස් ඔප්පා අහක බලාගෙන හිටියෙ . ආයිශ් පූස් ඔප්පා කුකීගෙ ලේ ඥාතියෙක්ද කොහෙද..

මොකාක්......

මගෙ අතෙ තිබ්බ බෝල් එකත් වැටෙන්න ගියෙ කුකීව දැකලා. එයා පොඩි බබෙක්ව උස්සන් එනවා . අවුරුදු හතරක් විතර ඇති. කොන්ඩෙ කර්ල් ඇස් දුඹුරු පාට චූටි රෝසමලක්.. දුවන් ගිහින් වඩාගන්න තරම් ආස හිතෙන තරමට ඒ චූටි කෙල්ල හරි ලස්සනයි. ඒත් කව්ද මේ..

ටික වෙලාවකින් මමත් ඇවිත් ටේබල් එකෙන් ඉදගත්තා. අජුම්මට කතා කරත් එයා එන්නම බෑ කිව්ව නිසා මම ඇවිත් ඉදගත්තා. අර චූටි කෙල්ල පුටුවෙ ඉදගත්තම ඒ කෙල්ලව පේන්නෙ නෑ. කුකී කොච්චර එයාව ලගට ගන්න හැදුවත් ඒ පණ්ඩිත කෙල්ල බෑ කිව්වා..

🐰:   එන්න මීශා ... දැන් කී සැරයක් කිව්වද. ඔයාට ඔහොම කන්න බෑ ලමයො...

🦋: අනී අප්පා.. මම ඊයෙ සැන්විච් 3ක් කෑවා. ටේ මාමා මට කියලා තිබ්බා සැන්විච් තුනක් කෑවොත් මට ටේබල් එකෙ තනියම ඉදගෙන කන්න පුලුවන් කියලා..

අප්පා???? වෙන්න බෑ.. කුකී මේ චූටි බබාගෙ අප්පද. යකඩො මේ යකා මෙච්චර පොඩි වයසෙන් අප්පෙක් වුනෙ කොහොමද.. ඒත් කෝ පැටියගෙ අම්මා..

ආයිශ් මේ ගෙදර ඉන්නවට වඩා ලේසි යුනි එකෙ දෙන එක්සෑම් ටික...

චූටි රෝසමල මාව තාම දැක්කෙ නෑ. එයා පුටුවෙ ඉදන් හිටපු නිසා අපිටවත් එයාව පේන්නෙ නෑ. කෙල්ලට කන්නත් බෑ..

💖: මැනික.. නැන්දි ළගට එන්නකො.  නැන්දිට තනියම කන්න බෑ වගෙ...

මට කෙල්ල නොකා ඉන්නවා බලන්න බැරිම තැන කතා කරා. එතකොටයි කෙල්ල මගෙ කටහඩ ඇහිලා යාන්තමට ඉස්සුනේ. ඒත් පේන්නෙ කෙල්ලගෙ ඇස්දෙක විතරයි. එයාගෙ ඇස් එයාගෙ ඔම්මගෙ වගෙ වෙන්න ඇති. ඒවා හරියට මැනික් වගෙ දිලිසෙනවා. කෙල්ලට තිබ්බෙ කුකීගෙ බනී ටීත් විතරයි...

කෙල්ල ටික වෙලාවක් මගෙ දිහා බලන් ඉදලා හරි අමාරුවෙන් උසම උස පුටුවෙනුත් බැහැලා මගෙ ලගට ඇවිත් හිටගත්තා...

💖: ම්ම්ම්ම් එන්නකො චූටි දූ මගෙ ලගට..

මම එයාව මගෙ ඔඩොක්කුවෙන් වාඩි කරව ගත්තා.. කෙල්ල මගෙ දිහා ඇහිපිල්ලම්වත් නොගහා බලන් ඉන්නවා.. ඒ දරුවව දැක්කම මගෙ හිත ටික ටික ගැහෙන්න ගත්තා. ඒ තරම් මේ චූටි කෙල්ලව මට දැනුනා..

🐥: ඒ මේ බලනවා... සූහි මීශයි එක වගේ නැද්ද..

🦄: යාහ් ඇත්තටම.. සූහිගෙ කොන්ඩෙම මීශාට.. යකො ඇස් තොල්...

සන්ශයින් ඔප්පා එහෙම කියද්දි අනිත් හැමෝම මගෙ දිහා පුදුමෙන් බැලුවා.. මටත් තේරුනෙ එතකොට මේ චූටි කෙල්ල මම පොඩි කාලෙ වගේමයි. හරියට මේ ලෝකෙ මම වගෙ තව කෙනෙක් ඉන්නවා වගෙ.. මට ඒකද මේ දරුවව මෙච්චර දැනුනේ..

මම නිකමට බැලුවෙ කුකී දිහා. එයා මගෙ දිහා හරි අමුතු විදියට බලන් හිටියා. මට තේරුනෙ මේ දරුවගෙ ඔම්මා නෑ කියලා. එතකොට කුකී තනියමද මේ පොඩි කෙල්ලව බලාගන්නෙ .

🦋: අප්පා.. මම මෙයාට ඔම්මා කියලා කතා කරන්නද

චූටි කෙල්ල එක පාරම කතා කලා. මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ ඇයිද කියන්න මටවත් තේරුනෙ නෑ... මම ආස කලා චූටි කෙල්ල මට ඔම්මා කියනවට.. ඒත් කුකී කැමති වෙයිද

🐰:අහ්...  මීශා... අප්පා විතරක් හිටියම ඇති ඔයාට

කුකී මොකක්ද ඒ පාර කිව්ව කතාව... එයා හිතුවෙ මම මේකට අකමැති කියලද... ආයිශ් පොල් බූරුවෙක් මහ..

💖: පැටියෝ ඔයාට ඕනි විදියට ඔයා මට කතා කරන්න. මේ ඔටු හිපාටුවා කියන ඒවා අහන්න එපා..

මම කිව්වෙ කුකීටත් ඔරවන ගමන්. යේරි මගෙ දිහා බලන් හිටියෙ හරි පුදුමෙන් වගෙ. බැන්ද දවසක ලමයි හදන්නෑ කිය කිය ඉදලා එක පාරම බබෙක්ට ඔම්මා කියලා කතා කරන්න කිව්ව නිසා පුදුම වෙන්න ඇති...
ඔප්පලා ගොඩක් වෙලාවට මගෙ දිහා බලන් හිටියෙ හරියට මං ගැන ආඩම්බරයි වගෙ. ඒත් මම මෙ හැමදේම කලෙ හදවතින්මයි..

🦋: ඔම්මා... කවන්නකො මට..

කෙල්ල මාව ඒ පිම්බිච්ච චූටි අත්වලින් බදාගත්තා.. මගෙ ඇස්වලින් ඇයි මේ කදුලු ගලන්නෙ. ඇයි මම මෙච්චර සතුටු වෙන්නෙ.
කුකී.... එයත් ඇස් අග රැදුනු කදුලු බිංදුවක් කාටවත් නොපෙනෙන්න පිහිදගත්තා. ඒත් මම ඒක දැක්කා. එයා එයාගෙ දරුවට මෙච්චර ආදරේද.

මම එයාට කැව්වා. කෙල්ල කෑම ගොඩාක් කෑවා...

🐯: අපි කෙල්ලට අවුරුදු ගානක් තිස්සෙ උදේ හවස කවන්නෙ. ඒත් මං අද තමා දැක්කෙ මීශා මෙච්චර කනවා...

පොලිස් ඔප්පා කතා කලෙ හරි පුදුමෙන් වගෙ. මං මෙ ගෙදරට අඩිය තියපු වෙලාවෙ ඉදන් මෙ මිනිස්සු නිකන් ඉන්නෙ පුදුමෙන් වගෙ... කුකීයයි අර පූස් ඔප්පයි ඇරෙන්න.. පූස් ඔප්පා මාව ගනන් ගන්නෙම නෑනෙ.. ශික් මහ..

ටික වෙලාවකින් අජුම්මා ඇවිත් දෝනිව අරගෙන ගියා.. Pre school යන්න ලෑස්ති කරවන්න..

🐰: කුමාවෝ සූහි..

කුකී කතා කලේ මගෙ මූනවත් නොබලා. හැන්සම් ඔප්පයි ඩිම්පල් ඔප්පයි ඇගෙ වැදි වැදි හිනා වෙන්න ගත්තා..

🐰: අහ් අනික මං මීශාගෙ අප්පා නෙවෙයි ඔප්පා..

💖: මොකක්... ඒත්....

🐰: ම්ම් එයා ගොඩක් චූටි.. මොකද මට අවුරුදු 19 දි තමා එයා ඉපදුනෙ. මගෙ ඔම්මයි අප්පයි නැති වුනා. මීශා හිතන් ඉන්නෙ එයාගෙ අප්පා මම කියලා... ඔයා මේවා දැනගෙන ඉන්න ඕනි ඒකයි මම කිව්වෙ..

කුකී කිව්ව දේට මගෙ හදවත නතර වුනා වගෙ. මගෙ කෙල්ල දෙමව්පියො නැතුව මෙච්චර ලස්සනට හැදුනෙ කුකී එක්කද. කුකීව තේරුම් ගන්න මට හුඟ කාලයක් යයි.

කුකී හරි වෙනස් මනුස්සයෙක්. එක චරිතෙකට කොටු නොව්න වෙනස්ම මනුස්සයෙක්. එක වෙලාවකට එක විදියක් තවත් වෙලාවකට තව විදියක්.. ඒත් මම ඒ හැම චරිතෙකටම ගොඩක් කැමති. විශේශයෙන්ම අප්පගෙ චරිතෙට.....
කුකී...
ලෝකෙට ඔයාගෙ ඇත්ත මූන හංගලා බය ගුල්ලෙක් වගෙ ඉන්නෙ ඇයි කුකී.. ඔයා කොහොමද මින්හෝව දන්නෙ. ඔයා මින්හෝව දැනගෙන හිටියත් ඔයා මින්හොට වඩා දහස් ගුනයක් හොද පිරිමියෙක්.. ගෑනු දරුවෙක්ව අවුරුදු පහක් තිස්සෙ හදන්න තරම් හයියක් තිබ්බෙ කොහොමද ඔයාට. හැම රහසක්ම මට කියන්න චේබල් . ඔයා කවුරු උනත් මම කුකී කියන මනුස්සයට හරි ආසයි..






_________________

හුම් හුම් ඔන්න දුන්නා 🙂✨
වෝට් කරන්න.. අනිද්දා චැප්ට එකක් දෙන්නම් තව..

jinshi_0811 ✨🥀

Continue Reading

You'll Also Like

20.7K 3.3K 41
• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔවුන්ගේ කතාවයි ••• ...
5.1K 799 14
"ඇයි ඔයාලා මට එහෙම කරේ? එදා රෑ මොකක්ද මට වුණේ? මගේ වැරැද්දක්ද ඒක? මම කවුද? " ____________________________________ " දුවේ..... ඒක මගේ.. මගේ වැරැද්ද...
10K 998 18
මේක ඇත්තටම වෙලාවෙන් වෙලාව වෙනස් වෙන කතාවක්...තත්පරේකට තත්පරේ සිද්ද වෙන්නේ හාත්පසින්ම වෙනස් දේවල්......එක වෙලාවකට හොදයි තවත් වෙලාවකට යක්කු පරාදයි...
307K 6.8K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc