My Empress 🖤️✨ ( Sinhala Ff...

By Pacific_Love

6.5K 1.4K 506

අතීතයේ හදවතකට පෙම් බැදි කාලතරණය කළ ගායකයෙක්.... 🌹 මේ Story එක කාලතරණ කතාවක්...අතීත රාජධානියකට ගිය ගායකයෙක්... More

හැදින්වීම 🖤
Chapter : 01 🖤✨
Chapter : 02 🖤✨️
Chapter : 03 🖤✨️
Chapter : 04🖤✨️
Chapter : 06 🖤✨️
Chapter : 07🖤✨️
Chapter : 08 🖤✨️
chapter : 09 🖤✨️
Chapter : 10 🖤✨️
Chapter : 11 🖤✨️
Chapter : 12🖤✨️
Chapter : 13 🖤✨️
Chapter : 14 🖤✨️
අතීත රාජධානියේ චරිත හදුනගමු 🖤✨️
Chapter : 15 🖤✨️
Chapter : 16 🖤✨️
Chapter : 17 🖤✨️
Chapter : 18 🖤✨️
Chapter : 19 🖤✨️
Chapter : 19 🖤✨️ (SP❤🌹)
Chapter : 20 🖤✨️
Chapter : 21🖤✨️
Chapter : 22 🖤✨️
Chapter : 23🖤✨️(SP❤🌹)
Chapter : 24 🖤✨️
Chapter : 25 🖤✨️(PART1)
Chapter : 25 🖤✨️(PART2)
Chapter : 26 🖤✨️(PART1)
Chapter : 26 🖤✨️(PART2 , LAST)
පසුවදන ~ 🖤

Chapter : 05 🖤✨️

265 59 17
By Pacific_Love


My Empress 🖤️✨

Chapter :05 👑

____________________________________________

වැළලී ගිය අතීතයක්......
අලුත් කළ ගායකයෙක්......

දින දෙකකට පසු ~

හීනෙකින්වත් හිතාගන්න බැරි අවුරුදු දහස් ගාණක් පරණ අතීතෙට අහසින් පාත් වෙලා දවස් දෙකක් ගෙවුණෙ හරියට එහෙ බලලා මෙහෙ බලද්දි වගේ......

ගෙවුණ දවස් දෙක පුරාවටම මන් කල්පනා ලෝකෙ තනි වුණ මොහොතක් නැති තරම්. ගේ පුරා දෝoකාර දෙන ඔම්මගෙ කටහඩ , බොරුවට මන් දිහා ඔරවලා බලන අප්පගෙ ඇස් දෙක, ජින් හ්‍යුන්ගේ හිත හැදෙන වචන , නම්ජූනීගේ විහිළු , ජන්ග්කුකීගෙ හිනාව , යූන්ගිගේ කම්මැලිකම , හොබීගෙ තේරෙන්නෙ නැති විකාර කතා , ටේ උයන රස කෑම මට මතක් නොවුණ මොහොතක් නැති තරම්....

එයාලව මතක් වෙන සැරයක් සැරයක් ගානේ මගේ පපුව අලුතෙන් ගැහෙනවා වගේ මට දැනුණා. ඇත්තටම කියාගන්න බැරි ලොකු දුකක් මගෙ පපුව පුරා රිදුම් දුන්නා.......

මන් තනි වෙලා කියලා දැනෙන හැම මොහොතෙම මම කළේ හාජින් දිහා බලාගෙන හිත හදාගත්ත එක. කවුරුත් නොදන්න ජිමින්ගෙ කතාව ඉවර වුණෙත් මින්හෝගෙ මේ අමුතු අතීත කතාව පටන් ගත්තෙත් හාජින්ගෙන්.

එන්න එන්නම ටිකෙන් ටික මේ අලුත් පරිසරයටයි , මගෙ පරණ පෙනුමටයි , මින්හෝ කියන නමටයි හුරුවෙද්දි මට මින්හෝ කියන කෙනා ගැන ඒ කටකාර කෙල්ලගෙන් දැනගන්න ගොඩක් දේවල් තිබුණා. ඒත් දවස් දෙකක් පුරාවට හරිහමන් සිහියක් නැතුව ඇදට වැටිලා ඉන්න ඒ කෙල්ලව දැක්කම මට මන් ගැනම ඇතිවුණේ ලොකු තරහක්......

අතීතෙ වුණත් අනාගතේ වුණත් මිනිස්සු මිනිස්සුමයි කියන එකට හොදම උදාහරණයක් වුණේ හාජින්ගේ තුවාල.
කෙල්ලගෙ කකුල් දෙක පුරාවටම ඉරි ඇදිලා තියන ඒ තුවාල දැක්කම මට ඒ කෙල්ල ගැන දැනුනෙ ලොකු දුකක්......

"ආහ්හ්.......... මින්හෝ..........
ඔයා තාම ගියෙ නැද්ද ?....."

පීච් ගහ යට බoකුවට වෙලා කල්පනා කර කර හිටපු මගෙ කල්පනා ලෝකෙ බිදිලා ගියේ යොන්ග්මුන් නැන්දගෙ කටහඩට......

"අහ් මුන් නැන්දේ ඔයා කොයි වෙලේද ආවේ....."

කියන ගමන් මන් බoකුවෙන් නැගිට්ටා...

"මන් ඇවිත් දැන් ටිකක් වෙලා. මන් හිතුවෙ ඔයා යන්න ඇති කියලා......"

දොර ලග ඉදන් මුන් නැන්දා එහෙම කියද්දි මට දෙන්න උත්තරයක් නැති වුණා.....

"ආහ්හ්......."

" ඔයාට මොකුත් වැඩක් නැත්තම් මට උණු වතුර ටිකක් අරන් එනවද ?........"

"හරි නැන්දේ මන් අරන් එන්නම්......"
කියන ගමන් මන් කුස්සියට තියන පැත්තට හැරුණා.....

"ඒක නෙමේ කොල්ලො........."

"ඔව් නැන්දේ කියන්න........."

කියන ගමන් මන් ආපහු නැද්දා දිහාවට හැරුණෙ හිතේ පුoචි කුතුහලයක් තියාගෙන.....

"මන් ගෙනාපු රොටි වගයකුත් ඇති. අරගෙන කන්න. උදේට මොකුත් කාලත් නැතුව ඇතිනෙ........"

"හරි නැන්දේ මන් කන්නම්
කුමාවෝ........"

කියන ගමන් මන් කුස්සියට ගියා. යොන්ග්මුන් නැන්දා කියන්නෙ එකපාරටම මගෙ ජීවිතේට ආව වෙනස් මිනිස්සුගෙන් තවත් කෙනෙක්..
එදා හාජින් හොදටම තුවාලා වෙලා වැටිලා ඉන්දැද්දි අපිට උදව් කරන්න එකපාරටම කොහෙන්දෝ මේ නැන්දා මතුවුණා. මොනවා වුණත් මුන් නැන්දා ගොඩක් හොද කෙනෙක් කියලායි ගෙවුණ දවස් කීපයට මට හිතුනෙ....

මගේ අම්මට වඩා ටිකක් වයස පෙනුමක් තිබුණ මුන් නැන්දා හාජින්ගේ අම්මගේ පරණ යාලුවෙක් වගේම හාජින්වයි, මින්හොවයි ගොඩක් හොදට අදුරන කෙනෙක්.
නිතරම ගෙදර නොහිටියත් අරන් එන දේවල් වලිනුයි කතාකරන දේවලිනුයි තේරුනේ කොහෙ හරි බෙහෙත් හදන තැනක වැඩ කරනවා වගේ. හැමවෙලේම හිනාවෙලා ඉන්න මේ නැන්දාගැනත් මගෙ හිතෙ කුතුහලටයක් නොතිබුණාම නෙමේ......

පැයකට පසු~

"මෙන්න නැන්දේ ඔයා ඉල්ලපු උණු වතුර එක....."

කියන ගමන් උණුවතුර පුරෝපු ලී භාජනේ තනි අතට අරගෙන අනික් අතින් දොර ඇරගෙන මම ඇතුළට ගියා. ඒ දොරවල් අරින හැම වෙලේම මට හිතෙන දෙයක් තමා තාක්ෂණය දියුණු වෙච්ච එක ගොඩක් හොද දෙයක් කියලා. ඒ තරම්ම විකාරයි හැමවේලම හිරවෙන දොරවල් අරින එක......

"හරි බලාගෙන ඇගට හැලෙයි.......ගොඩක් රස්නෙයි ඕක........
පරිස්සමෙන් අරන් එන්න....."

මුන් නැන්දා එහෙම කිව්වෙ මට සම්පුර්ණයෙන් දොර ඇරගන්න ආපහු අමාරු වුණ නිසා......

"අහ් මෙන්න නැන්දේ ......."

කියන ගමන් උණු වතුර භාජනේ නැන්දට දුන්නා. මොනවද බෙහෙත් කොළ වගයක් වතුර එකට දාපු නැන්දා තවත් ලොකු රෙදි කෑල්ලක් වතුරෙ එකට දාලා පොගවලා අරගෙන හිමින් හිමින් හාජින්ගේ කකුල් දෙක තැව්වා. පැත්තකට වෙලා වාඩිවෙලා බලන් ඉන්නවා හැර මට එතන කරන්න විශේෂ වැඩක් තිබුණෙ නෑ.......

"හාජින්ට ඉක්මනට සනීප වෙයි නේද නැන්දේ....."

මන් එහෙම ඇහුවෙ කලින්ට වඩා කකුල් දෙකේ ඉදිමුම බැහැලා තියනවා දැකලා.....

"ආපෝ ඔව්.......
කෙල්ලට ඉතින් මේවා පුරුදුයිනෙ......."

කියන පැත්තට හැරිලා ගමන් රෙදි කෑල්ල මිරිකුවා.....

පුරුදුයි ඒ කියන්නෙ මීට කලිනුත් මේ කෙල්ලට මෙහෙම දේවල් වෙලා තියනවද මන් මගෙන්ම ඇහුවෙ නැන්දගෙන් ඒ ගැන අහන්න පුළුවන් කමක් තිබුණෙ නැති හින්දා......

"මේ සේරටම වග කියන්න ඕනෙ උඹලා.....
මන් කීපාරක් කියලා තියනවද මේ කෙල්ලව මරන් කන්න හදන්න එපා කියලා.......
කෝ මන් කියන එකක් අහනවායැ......."

විනාඩි කීපයක් කට වහගෙන හිටපු නැන්දා එකපාරටම එහෙම කියාගෙන කියාගෙන ගියේ තුවාල වල බෙහෙත් ගාන ගමන්.....

"මොකක්ද ?.....? "

පුදුම වුණ පාරට එකපාරටම මගෙ කටින් කියවුණා.....

"සේරටම හපන් උඹලගේ අර මහ එකා..
ඕකා තමා මේ සෙරටම වග කියන්න ඕනෙ....

උඹලා ඕන වැරැද්දකට මේ කෙල්ලව අහුකරලා දාලා පගාව දීලා බේරෙනවා.......
මොනවා උනත් මේකිත් කෙල්ලෙක්නෙ බන්... කොහොමද මේවා දරාගන්නෙ......
පව් අසරණී......."

නැන්දා කියවන කිසිදෙයක් හරියට පැහැදිලිව නොතේරුනාට ඒ කියපු දෙයින් මට මින්හෝ කියන්නෙ මන් හිතන් හිටපු තරම් හොද කෙනෙක් නෙමෙයි කියලා මොහොතකට මට හිතුණා......

එන්න එන්නම ඒ නමට හුරු වෙලාදෝ මටත් නොදැනීම මට මම ගැන වරදකාරි හැගීමක් දැනෙන්න පටන් ගත්තා. මේ සේරම දේවල් කලින් ඉදන්ම සිද්ද වුණ දේවල් කියලා හිතෙද්දි මින්හෝත් මේවට වග කියන්න ඕනෙ කියලා මට හිතුනා......

"මෙච්චර තුවාල වෙන්න මේ පාර මොන වැරැද්දකට අහු වුණාද මන්දා......
අම්මත් බලන් ඉන්න අසරණ කෙල්ල...
පව්.......

උඹලට මේවාටනන් වන්දි ගෙවන්න වෙයි අඩු නැතුව..........."

නැන්දා එහෙම කිව්වෙ හාජින්ගේ කකුල් දෙක රෙද්දකින් වහන ගමන්. මට කියන්න , අහන්න ගොඩක් දේවල් තිබුණත් වචනයක්වත් නොකියා ගල් ගිලලා වගේ කියන දෙයක් අහන් හිටියේ මම නිසා තියන ප්‍රශ්න තවත් වැඩි වෙයි කියලා බයක් දැනුණ නිසා......

_____________________________________________

පැය කීපයකට පසු~

කරන්න වැඩක් නැතුව පුදුම කම්මැලිකමෙන් උදේ ඉදන් ගේ පුරා එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටපු මම ගෙදර බිම බැම්මෙන් වාඩි වෙනවත් එක්ක මියෑන් ඇවිල්ලා මගේ වටේ කැරකි කැරකි කෑගහන්න පටන් ගත්තා.....

මේ ගෙදරට මම එනවත් එක්කම මගෙ කම්මැලිකම පාලුව නැති කරගන්න මට හම්බවුණ මගෙ පුoචි යාලුවා තමා මියෑන්. නම වගේම එයාත් හරිම හුරුබුහුටි බූල් පිරුණ ලස්සන පූස් පැටියෙක්.......

"ආහ්හ් මියෑන් කෝ එන්න මගේ චූටි කොල්ලා කෝ එන්න......එන්න......
කෝ අයියා ළගට එන්න......"

කියල මම එයාට කතා කරනවත් එක්ක නැට්ට වන වන මගෙ වටේ කැරකි කැරකි හිටිය පූස් තඩියා ඇවිත් මගේ ඔඩොක්කුවට පැන්නා.....

"අම්මේ.......හුරතලේ........ කෝ එන්න චූටි බණ්ඩිය කසලා දෙන්න......"

කිය කියා මම මියෑන්ව හුරතල් කළා. මියෑන් මාත් එක්ක හුරතලෙන් ඉද්දි මට දැනෙන පාලුව නැතිවෙන්නෙ ඉබේටමයි......

"හාහ්.....හ්හ්.......හච්චින්........"

වහලේ උඩ යන සද්දෙන් මගෙ පිටිපස්සෙන් හචිමක් ඇහෙනවත් එක්ක ඔඩොක්කුවෙ දගල දගල හිටිය මියෑන් උඩ ගිහින් බිම වැටුණා.....

එකපාරටම පිටිපස්ස බලමු මට හිනාගියේ හචිමක් හිර කරගෙන මගෙ දිහා කන්න වගේ ඇස් ලොකු කරන් බලන් ඉන්න හාජින්ව දැකලා.....

"ආහ්හ්හ්.......... ඔයා නැගිට්ටද ?......."

කියලා ඇදුම ගසන ගමන් මන් දොර ළගින් නැගිට්ටා......

"හාහ්.......හච්චින්........"

ඒපාරනම් ඒ කෙල්ල හචිම ඇරියේ මගේ මූණටමයි. මගෙන් සමාව ගනියි කියලා හිතුවත් හාජින්ගෙන් සමාව කියන්නෙ හෙළවෙන මනස වගේ දෙයක් කියලා හිත හදාගෙන මූණ පිහින ගමන් ආපහු කෙල්ල දිහාවට හැරුණා.......

"ඔයා මොකද මෙහෙ කරන්නෙ........"

පැනපු ගමන් එකපාරටම මගෙන් එහෙම ඇහුවම මට ආපිට දෙන්න උත්තරයක් නැති වුණා....

"මම...... මම..... මම මේ ඔයාට සනීප වෙනකන් හිටියේ....."
බොහොම අමාරුවෙන් වචන ගැට ගහලා කිව්වා......

"ඔයා....... මට සනීප වෙනකන්.........."

කවදාවත් නොවෙන දෙයක් වුණා වගේ අමුතුවට මූණ හදාගෙන කෙල්ල මගෙන් ඇහුවා....

"ඔව් ඇයි........"

"ඔයා මට විහිළු කරනවද ආහ්.....ඔයා දැන් ගියොත් හොදයි.......

කියන ගමන් කෙල්ල මට ගස්සලා කාමරේ දොර වහලා එළියට එන්න හැදුවා.....

"ඔයාට ඇවිදින්න හොද නෑ....... ඇතුළට යන්න ........"

මම එහෙම කිව්වා නෙමේ මට කියවුණා......

මම කියපු දේ කනකටවත් ගණන් ගත්තෙ නැති ඒ හිතුවක්කාර කෙල්ල නපුරු විදිහට මූණ හදාගෙන මාව එහාට තල්ලු කරලා බැරි බැරි ගාතේ පඩියෙන් බහින්න ගියා ....

වේදනාවක් තිබුණත් කෙල්ල ඒ වේදනාව මට නොපෙන්වා ඉන්න ගොඩක් උත්සහ කරනවා කියලා කෙල්ලගෙ ඇස් දෙකෙන් හොදටම පෙණුනා.....
කෙල්ල බිමට බහින්න අමාරුවෙන් බිමට නැවෙනවත් එක්ක කකුල පැටලිලා වැටෙන්න ගියා. මටත් කළින් ඉස්සර වුණ මගෙ අත කෙල්ලව වැටෙන්න නොදී අල්ලගත්තා....

"ඔය බලාගෙන ළමයො ඔයා වැටෙයි........"

කියන ගමන් අනික් අතිනුත් මන් කෙල්ලව තද කරලා අල්ලගත්තා.....

"ඔයාට මේ මොකද වෙලා තියෙන්නෙ ආහ්.....
මාව අතාරින්න........"
කියන ගමන් මගෙ අත එයාගෙ අතින් අයින් කරා......

"පුරුදු විදිහට මට පුළුවන් මන් ගැන බලාගන්න....
ඔයා කරදර වෙන්න ඕනෙ නෑ....... "

කියන ගමන් කෙල්ල ආපහු බිමට නැවුණා. වාරුවට බිත්තිය අල්ලන් හිටපු අත අතෑරලා අනික් කකුල බිමට තියනවත් එක්ක කෙල්ල ආපහු වැටෙන්න ගියා.....

"ඔච්චරම මුරණ්ඩු වෙන්න එපා.. කියනදේ අහන්න......."

කියන ගමන් මන් කෙල්ලව හරි පරිස්සමෙන් මගෙ අත් දෙකට උස්සලා ගත්තෙ කොච්චර කිව්වත් හාජින් කියන්නෙ කියනදේ අහන කෙනෙක් නෙමේ නිසා.පුoචි දරුවෙක් වගේ මගේ දිහා ඇස් ලොකු කරගෙන බලන් හිටිය මිසක් වචනයක්වත් කිව්වේ නෑ. ඒ ලස්සන ඇස් අස්සෙ මගෙ ඇස් තත්පර කීපයකට අතරමo වුණා වගේ මට දැණුනා......

අත් දෙකෙන් උස්සගෙන කාමරේට අරගෙන ගියේ මගේ ගැන තියන වැරදි වැටහීම සම්පූර්ණයෙන්ම කෙල්ලගෙන් අයින් කරනවා වගේම සේරටම කෙල්ලගෙන් උත්තර දැනගන්නවා කියලා හිතාගෙන........

_____________________________________________

සුයෝන් POV :

ජීවිතේ කියන්නෙ යුද්ධෙක සටන් වැදෙන මුවහත් කඩුවක් වගේ. කඩුවෙ මුවහතෙන් ඇතිවෙන තුවාලේ ගැඹුර තීරණය වෙනවා වගේම කඩුව දරන කෙනාගෙ දක්ෂතාවයෙන් ජීවිතයද මරණයද යන්න තීරණය වෙනවා.....

තුවාලේ ගැඹුරත් එක්ක දැනුණ ඒ වේදනාව කාලෙත් එක්ක අමතක වෙන්න ගියත් ඒ තුවාල කැළල දකින වාරයක් වාරයක් පාසා වේදනාව අලුත් වෙනවා.......

ජීවිතයත් , මරණයත් , වේදනාවත් අතර පළිගැනීම වෙනුවෙන් ජීවත් වෙන අසිපත විශ්වාස කරන කාන්තාවක් මම දවසින් දවස වේදනාවෙන් මැරි මැරි ඉපදෙන.......

කිම් සුයෝන් එහෙමත් නැත්තම් මම කියන්නෙ කොරියානු ඉතිහාසයේ පළවෙනි රැජිණ මුළු රාජ්‍යක්ම අවුරුදු කීපයකින් ගොඩනගපු...

කිම් වැන්ග් රාජ වoශයේ ඉතිරිවෙලා ඉන්න අන්තිම කෙනා වුණ මම මගේ සිoහාසනය , රාජධානිය වගේම ජනතාව වෙනුවෙන් සටන් වදින රැජිණක්. ඇස් වලට පේන නොපෙනෙන හතුරො දහස් ගාණක් මගෙ වටේ ඉන්නවා. කොයි මොහොතේ කාගේ ජීවිතේ වෙනස් වෙයිද කියලා හිතාගන්නවත් බැරි මේ අමුතු මාළිගාවේ මන් විශ්වාස කරන එකම දේ මගේ අසිපත විතරයි......

හැමෝම කියනව වගේ මම දරුණු රැජිණක් පළිගැනීම වෙනුවෙන් ජීවත් වෙන. අවුරුදු පහළවේදි කඩුව අතට ගත්ත මම මේ වෙන තුරාවට සිය ගාණක් ජීවිත වල අවසානය මගෙ අතින්ම ලියලා තියනවා........

"රැජිණියනි........ අපි සූදානම්..........."

ජනේලෙන් එළිය බලාගෙන කල්පනා ලෝකෙක තනිවෙලා හිටපු මගෙ කල්පනාව බිදුනෙ ෂින්ගෙ කටහඩට....

"ෂින් ඔයා ආවද ?........"

කියන ගමන් මන් සේද රෙදි අතරින් එළියට ආවා.......

"ඔව් රැජිණියනි....... අපි දැන් පිටත් වෙන්න ඕනෙ......"

කියලා ෂින් ආචාර කරනවත් එක්ක මන් ෂින් එක්ක එළියට ආවා......

හැයොo ෂින් එහෙම නැත්තම් ෂින් කියන්නෙ මගේ ප්‍රධාන පාලිකාව වගේම රාජධානියේ ප්‍රධාන සේනාධිපතිනියක්. මිශ්‍ර ජාතියයෙක් වුණ ෂින් චීන කාන්තාවකගෙ සහ කොරියානු පිරිමියෙකුගෙ දියණියක්. මට වඩා අවුරුදු කීපයකින් බාල වුණ ෂින් මට මගේම නoගී වගේ. මේ ලෝකෙ මට පස්සෙ මන් වැඩියෙන්ව විශ්වාස කරන්නෙ ෂින්ව. පොඩි කාලේ ඉදන් ෂින් මගේ හැමදේකටම මට හෙවනැල්ල වගේ උදව් කරනවා........

"ෂින් ඔයා මියුන්ජුගෙන් අර විස්තර දැනගත්තද ?......."

මන් ඇහුවේ එළියට යන ගමන්.....

"ඔව් රැජිණියනි....... "

මගේ එහාපැත්තෙ හිටපු ෂින් තත්පරයක්වත් ගන්නෙ නැතුව මට උත්තර දුන්නා. ෂින් ඒතරම්ම කඩිසරයි.....

"එදා කවුද පුස්තකාල ශාලාවෙ ඉදලා තියෙන්නෙ........"

"රැජිණියනි කටකතා විදිහටනම් ඒ රතු හමුදාව......"

"රතු හමුදාව.......
එයාල කොහොමද ?....."

ඇවිදින ගමන් හිටපු මම එකපාරටම නැවතුනේ ඒ නම ඇහෙනවත් එක්ක.
ඒ කතාව අහපු ගමන් මගෙ ඇස් උඩ ගියා. සිද්ධ වෙන්න හොද නෑ කියලා හිතපු දේම මගෙ ඇස් ඉස්සරහ වෙන්න යනවා වගේ මට දැණුනා....

"ඔව් රැජිණියනි....... එදා රෑ මුලු නගරේ පුරාම ඔවුන් අමුතු ලියවිලි වගයක් අලවලා ගිහින් තිබුණා......"

"ඉක්මනටම ඒ ගැන විස්තර හොයාගන්න. එයාලගෙන් එක්කෙනෙක් හරි මට පණ පිටින් ඕනෙමයි......."
මම එහෙම කිව්වෙ ලොකු තරහක් හිතේ තියාගෙන......

"එහෙමයි රැජිණියනි....... අපි සෙබළු යොදවලා තියෙන්නෙ......."

" ඒක හොදයි. පුළුවන් තරම් ඉක්මනටම මියුන්ජුට මාව හම්බවෙන්න කියන්න......"

කියලා මම ගියෙ මගෙ ජියාව මුණගැහෙන්න....

"ජියා....... ඔයා හොදින් නේද ?......මේ ප්‍රශ්න එක්ක මට ඔයාව ගොඩක් මගහැරුනා....."

පිටට පුoචි තට්ටුවක් දාන ගමන් මම එහෙම ඇහුවම ලොකු බාල්දියට කට දාගෙන තණකොළ කකා හිටපු මගෙ සුදු වෙළඹ ඔලුව උස්සලා මන් දිහා බැලුවෙ හරියට මම කියපු දේ තේරුණා වගේ.....

"රැජිණියනි අපි සූදානම්......."

දාසියක් එහෙම කියනවත් එක්ක මම ජියාගෙ පිට උඩට නැග්ගා. කාලෙකින් දැක්කත් ජියාගේ කිසිම දෙයක් වෙනස් වෙලා තිබුණෙ නෑ....

"රැජිණියනි ආරක්ශක පටිය......."

"නැහැ ඒක ඕන වෙන එකක් නැහැ........
ජියා ඉන්න ඕනෙ නිදහසේ......"

කියලා ජියාගේ පිටට පුoචි තට්ටුවක් දැම්මා. මාව පිටේ තියාගෙනම කකුල් දෙක උස්සලා කෑගැහුවේ හරියට මම කියන හැමදේම එයාට තේරෙනවා වගේ......

"හරි ඔබතුමියගේ කැමැත්තක්........"

කියන ගමන් මගෙන් එහාට යනවත් එක්ක ඒ දාසියගෙ අතේ තිබුණ ලොකු බාල්දිය මගෙ කකුල වැදුණා....

"මට සමාවෙන්න රැජිණියනි.....
මට සමාවෙන්න......."

හොදටම කලබල වුණ ඒ දාසිය ඔලුව නවලා මගෙන් සමාව ඉල්ලුවා.....

"නුඹ කෙසේද රැජිණට මෙහෙම නොසැලකිලිවත් වෙන්නෙ ......."

ෂින් එහෙම අහලා කඩුව කොපුවෙන් එළියට ගන්නවත් එක්ක මම ,

"ෂින් කලබල වෙන්න එපා......
ඇයව මාළිගාවෙන් පන්නලා දාන්න......"

"කුමක්ද ...... අනේ රැජිණියනි එසේ කරන්න එපා........
කරුණාකරලා රැජිණියනි.......
අනේ රැජිණියනි.....
මට කමා කරන්න රැජිණියනි...... "
කියන ගමන් බිම දණගහලා අඩන ගමන් මගෙන් ආයාචනා කළා....

"ෂින් අපි යමු......."

මම එහෙම කියලා ජියා එක්ක හිමින් හිමින් කඩුල්ල ලගට ගියේ කෑගහන දාසිය දිහා හැරිලවත් බලන්නෙ නැතුව.....

"හාහ්.........හාහ්......."

කියලා මම ජියා එක්ක කඩුල්ලෙන් පැන්නා. ජියා එක්ක හුළo කපාගෙන වේගෙන් යද්දි මම අමුතුම ලෝකෙක තනිවෙන්නෙ මටත් නොදැනිමයි......

_____________________________________________

ජිමින් POV :

මම හැමදේම හාජින්ට පැහැදිලි කරත් ඒ හිතුවක්කාරි මම කියන කිසි දෙයක් පිළිගත්තෙ නැහැ. මම එයාගෙන් බලාපොරොත්තු වුණ ප්‍රතිචාරෙට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයක් මට මේ කෙල්ලගෙන් ලැබුණෙ...

මම කියන දේ කනකනටවත් ගත්තෙ නැති මේ කෙල්ල අසනීපෙ පැත්තකට දාලා බෑග් එකකුත් එල්ලගෙන ගෙදරින් එළියට ගියාම මට පස්සෙන් යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ......

"මන් කිව්වනේ මගේ පස්සෙන් එන්න එපා කියලා....."

හාජින් එහෙම කිව්වෙ මන් එයාගෙ පස්සෙන් යනවත් එක්ක. කොච්චර වේගෙන් ගියත් ඒ කෙල්ලව අල්ලන්න මගෙ කකුල් වලට පුළුවන් වුණේ නෑ.....
හුළo කපාගෙන ඈතට යන ඊතලයක් වගේ එහෙ මෙහෙ යන සෙනග මැද්දෙන් මේ කෙල්ල ඇවිදන් ගියේ පුදුම වේගෙන්....

"හාජින්.......... ඔහොම පොඩ්ඩක් නවතින්න....."

කියලා මන් කෙල්ල ළගට චුට්ටක් ළo වුණා. මන් ළo වෙන්න ළo වෙන්න ඒ කෙල්ල තව තව මගෙන් ඈතට ගියේ හරියට මගෙන් පළි ගන්න වගේ.........

"හාජින් මන් කියනදේ පොඩ්ඩක් අහන්න. මන් කියන්නෙ ඇත්ත.......
ඕනෙනම් මම දිවුරන්නම්........
කරුනාකරලා මට උදව් කරන්න........"

මම සෙනග අතරින් කෑගහලා කිව්වා. අලුත් වටපිටාව පොඩ්ඩක් බලන්න ආස වුණත් මුළින් මේ කෙල්ලව අල්ලගන්නවා කියලා හිතලා හරියට පුරුදු කෙනෙක් වගේ කෙල්ලගෙ පස්සෙන්ම ගියා......

"මට තවත් ඔයාගේ විකාර කතා අහන්න ඕනෙ නෑ......
අනික මට ඔයාගෙ කතාවලින් වැඩකුත් නෑ...."

පිටිපස්ස හිටපු මගෙ දිහා හැරිලවත් බලන්නෙවත් නැතුව යන ගමන්ම ඒ කෙල්ල එහෙම කිව්වෙ හරියට ඔලුව පිටිපස්සටත් ඇස් තියනවා වගේ.....

"ඇයි ඔයාට මන් කියන දේ විශ්වාස කරන්න බැරි......"

"මට මොකුත් ඇහෙන්නෙ නෑ......... ඔයා මොනවා හරි කිව්වද ?......"

ඇගිලි දෙක කන් දෙකේ ගහගෙන මගෙ දිහා බලලා එහෙම කියපු කෙල්ල හිනාවෙන ගමන් ආයේ ඉස්සරහ හැරිලා සෙනග අතරින් දුවගෙන ඉස්සරහට ගියා......

"හාජින්......... හාජින්............ ආශ්...... ඇත්තමයි මේ හිතුවක්කාර කෙල්ලනම්.........."

කියලා මම මගෙ දණිස් දෙකට අත් දෙක තියාගෙන බිමට නැවුණෙ මගෙ කකුල් වලට තවත් ඇවිදින්න පණක් තිබුනෙ නැති නිසා...

මට ඒ කෙල්ල එක්ක ආවෙ පුදුම කේන්තියක්. ඇත්තටම මට එපා වෙලා තිබුණෙ. කෙල්ලෙක් ඉස්සරහ මන් මෙච්චර ලැජ්ජ වුණාමයි. මට මන් ගැනම දැනුණෙ ලොකු ලැජ්ජාවක්.....

මහන්සි ඇරලා දණිස් දෙකෙන් අත් දෙක අරගෙන ඔළුව උස්සසලා ඉස්සරහ බලනවත් එක්ක මගෙ ඇස් උඩ ගියේ ඒ තත්පරේට හාජින් අතුරුදහන් වෙලා හිටිය නිසා....

එහෙට මෙහෙට බඩු අරන් යන සෙනග අතරෙ හරියට මේ ගමේම කෙනෙක් වගේ මාත් හාජින්ව හොයන්න ඉස්සරහට ගියා. අනිවාර්යයෙන්ම මේ කෙල්ල මගෙන් පළි ගන්න තමා මෙහෙම කරන්නෙ කියලා හිතපු මම වටපිට බලන ගමන් හිමින් හිමින් ඉස්සරහට ගියා.......

පරණ ඇදුම් , පරණ දේවල් , පරණ අදහස් එක්ක පරණ මිනිස්සු දැක්කම මගෙ ඇගට වගේම හිතටත් දැනුනෙ හරි අමුතු හැගීමක්.
ලෝකෙ අර විදිහට දියුණු වෙලා තියෙන්නෙ මේවගේ තැනකින් පටන් අරගෙන කියලා හිතෙද්දිම මට ලොකු පුදුමයක් දැනුනා.....

පුoචි ගෙවල් ළග සෙල්ලම් කරන පුoචි බට්ටො, කෑගහලා බඩු විකුණන කඩකාරයෝ , පාරෙ පොර බදින යෝධ මිනිස්සු , එහෙ මෙහෙ උකුලු මුකුලු කර කර හිනාවෙවි දිලිසෙන ඇදුම් ඇදන් යන ලස්සන කෙල්ලො දැක්කම මට ආස හිතුනා. ඒ කෙල්ලො මන් දිහා බලලා හිනාවෙනවත් එක්ක මාත් ඉතින් කටකොනින් හිනාවක් දැම්මා.......

"මාර්ගය ඉඩ දෙන්න........ මාර්ගය ඉඩ දෙන්න......."

කියාගෙන කළු අශ්වයෙක් පිටේ අමුතු කොඩියකුත් අතේ තියාගෙන හිටිය ඒ මනුස්සයා වටේ හිටපු මිනිස්සු පාරෙන් අයින් කරගෙන ඉස්සරහට ගියේ හුළo කපගෙන පුදුමාකාර වේගෙකින්.......

වටපිට බල බල හිටපු මගෙ ඇස් ගිහින් නැවතුනේ පාර අයිනේ තිබුණ කණ්නාඩි පේළියක් ළග. ඉර එළිය වැටිලා එතන තිබුණ සේරම කණ්නාඩි හරි ලස්සනට දිලිසුණා. මෙහාට ආවට පස්සෙ වතුරෙන් මගේ මූණ කොච්චර දැකලා තිබුණත් කණ්නාඩි ටික දැක්කම මට එතනට ගිහින් බලන්නම හිතුනා. හිමින් හිමින් සෙනග අතරින් එතනට ගිය මම මගේ රූපේ ඉස්සරහම ගොලු වුණා. කොණ්ඩෙ ඇර මම හිතුව තරම් මගෙ කිසි දෙයක් වෙනස් නොවිලා තිබුණ එක මට ලොකු පුදුයක් වුණා.

පියාඹගෙන එන ලස්සන හoසයෙක් බිමට බහිනවා වගේ සුදු අශ්වයෙක් පිට ලස්සන සේද ඇදුමින් හැඩවුණ දිග කොණඩයක් තියන ලස්සන කෙල්ලෙක් හුළo කපාගෙන ඉස්සරහට ඇදිලා එනවා මම කණ්නාඩියෙන් දැක්කා. මට එකපාරටම මතක් වුණේ මගෙ වයිට් ස්වෑන් සින්දුව ඒ සින්දුවෙ ඉන්න හoසයා මගෙ ඇස් ඉස්සරහ මැවිලා පේනවදෝ කියලා හිතුනා....

එක ඉරක් පායද්දි තරු දාහක් පැනලා දුවනවා වගේ ඒ කෙල්ල එද්දි වටේ හිටපු හැම කෙනෙක්ම එහාට වුණා.....

මන් මේ දකින්නෙ ඇත්තක්මද කියලා බලන්න පිටිපස්ස හැරෙනවත් එක්කම වේගෙන් ආව ඒ කෙල්ල මගේ ඉස්සරහ අශ්වයාව නැවැත්තුවා. වේගෙන් කඩාගෙන ආව ඒ අශ්වයා කකුල් උස්සලා නවතිනවත් එක්ක පිට උඩ හිටිය ඒ කෙල්ල එකපාරටම ඇවිල්ලා මගේ ඇග උඩට වැටුණා......

ඒ ලස්සන දුඹුරු ඇස් වල මගෙ ඇස් අතරමo වෙලා....
කඩා වැටෙන ඒ දිග කොණ්ඩෙ හුළගත් එක්ක මගෙ කම්මුල් වල සෙල්ලම් කරනවා....

ඒ රෝස කම්මුල් , ඒ ලස්සන තොල් , දිග ඇහිබැමි එයා තමා මගේ ජීවිතේ මන් දැකපු ලස්සනම කෙල්ල....
මට එවෙලෙ දැනුණ ඒ හැගීම වචනෙන් කියන්න බැරි තරම් පුදුමාකාරයි. අනේ මන්දා මට ඒ මොහොතට ඒ කෙල්ලව හරි හුරු බවක් දැනුනා....
ඒ ලස්සන ඇස් අස්සෙ අතරමo වුණ මට මොහොතකට හිතුණා ඒ ඇස් මගෙම වුණානම් කියලා..........

"ඔබතුමියට කෙසේද ........ ඔබතුමිය හොදින්ද ? ......."

සාම්ප්‍රදායික භාෂාවෙන් තව කෙල්ලෙක් ඇවිත් එහෙම කියනවත් එක්ක මගේ ඇග උඩ හිටිය කෙල්ල මගෙන් අහකට වුණා......

"ඔව් මන් හොදින්.......මට ප්‍රශ්නයක් නැහැ......."

කියන ගමන් වටපිට බැලුව ඒ කෙල්ල කලබලෙන් රෙදි පටියකින් දකුණු අතේ මුල හරිය වහගත්තෙ හරියට මොනවා හරි දෙයක් හoගන්න වගේ.....

කළු පාටට තිබුණ ඒ සළකුණ මම ලාවට වගේ දැක්කත් හරියටම මොකක්ද කියලා කිසි අදහසක් තිබුණෙ නැති නිසා මම ඒක එතනින් අමතක කරලා දැම්මා....

"ඇහුණද...... වහාම දෝලාව අරන් එන්න......."

ඒ කතාකරපු වචන වලින් මට තේරුනෙ එ කෙල්ල අපි වගෙ සමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලා......

"එසේ කරන්නම් සෙනෙවිතුමියනි......."

කියලා සෙබළු වගයක් එතනින් දුවලා ගියා....

මන් බිමින් නැගිටිනවත් එක්ක බැලුවෙ අර කෙල්ල දිහා. මුලින් දැකපු ඒ ලස්සන ඇස් වෙනස් වෙලා තිබුණෙ එකපාරටම. කෙල්ලගෙ ඇස් වල තිබුණෙ කැළඹුන පෙනුමක්.....

තවත් ප්‍රශ්න එපා කියලා හිතලා ඇගේ දූවිලි පිහිදගෙන මන් හැදුවෙ එතනින් අයින් වෙලා යන්න.....

"නුඹ නුඹ කොහොමද කියනවා මෙහෙම පාර හරස් කරන්නෙ........."

එකපාරටම මන් යන්න හදද්දි තව කෙල්ලෙක් මගෙ ඉස්සරහට පනින ගමන් ඇහුවා. ඇදන් ඉන්න ඇදුම් එක්ක එයා එතන නායිකාව කියලයි මට හිතුනෙ.....

"මොකක්ද ?......."

මම එහෙම ඇහුවෙ ඒ කෙල්ල කියපු දේ මට පැහැදිලිව ඇහුණෙ නැති නිසා.....

"මොන හයියක් අරගෙනද කියනවා තමුන් මෙහෙම පාර හරස් කරේ.....
ඇයට මොනවා හරි කරදරයක් වුණානම් අද මම තමුන්ව තියන්නෙ නෑ......."

කවුරු වුණත් සම්පූර්ණ වැරැද්ද මගේ ඇගපිට පටවලා මම වැරදිකාරයා වගේ කතාකරම මට මගෙ කට වහන් ඉන්න බැරි වුණා.....

"මොනවද ආහ් කියවන්නෙ............
මේ කෙල්ලයි පිස්සු හැදිලා වගේ වේගෙන් ඇවිත් මගෙ ඇගට කඩන් වැටුණෙ........"

පාර යනවනම් අනිත් මිනිස්සු ගැනත් ටිකක් හිතන්න පුරුදු වෙනවා......"

කියන ගමන් මම එතනින් යන්න හැදුවා....

"කාටද තමුන් ඔය කියවන්නෙ කියලා දන්නවද ?......"

මන් එතනින් යන්න හදන හැමවෙලේම මට කරදර කරන මේ කෙල්ල එක්ක ආවේ මට පුදුම කේන්තියක්. වැටුණ කෙනාටත් වඩා අමාරුවක් තිබ්බෙ මේ කෙල්ලට.....

"කවුරු වුණත් මට වැඩක් නැහැ........
මගෙ පාරෙන් එහාට යනවා.....

කියලා මම ඒ කෙල්ලව තල්ලු කරලා එහාට ගියා. මම තල්ලු කරපු පාරට ඒ කෙල්ල කකුල පැටලිලා බිම වැටුණා. ඒ කෙල්ල බිම වැටෙනවත් එක්ක අශ්වයා පිට ආව කෙල්ල එකපාරටම එයාගෙ කඩුව අරගෙන මගෙ මූණට දික් කළා. වටේ හිටපු හැම මනුස්සයෙක්ම ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියෙ මන් දිහා.......

"සමාවෙන්න රැජිණියනි......... මෙය නොදැනුවත්කම නිසා වුණ වැරදීමක්.......
කරුණාකරලා අපිව සමාවෙන්න රැජිණියනි....."

කියාගෙන එකපාරටම එතනට ආව හාජින් මගෙ අතත් අල්ලගෙන බිම දණගහත්තා. එතකොටයි මට තේරුනේ මන් මෙච්චර වෙලා කට කියවලා තියෙන්නෙ රටේ රැජිණටයි කියලා......

"නුඹලා කවුද ?......."

කියන ගමන් රැජිණ කඩුව අපේ පැත්තට දික් කළා......

"අපි ශින්ජුවලින් පැමිණි අය රැජිණියනි......"

කියලා හාජින් ඔලුව නැව්වා. මාත් මොකුත් නොකියා කට වහගෙන ඔහේ බලාගෙන හිටියේ මේ වෙන්න යන දේවල් ගැන මට කිසි තේරුමක් තිබුණෙ නැති නිසා.......

_____________________________________________

සුයෝන් POV :

ජීවිතේට කවදාවත් ජියාගෙ අතින් හීරීමක්වත් නොවුණ මට අද සිද්ද වුණෙ මොකක්ද කියලා හිතාගන්නවත් බැරි වුණා. අවුරුදු විසි පහක් පුරාවට දැනුණෙ නැති හරි අමුතු හැගීමක් මට එවෙලෙ දැනුණා. මොනවා වුණත් සිද්ධ වුණ දෙයින් මගෙ තත්වෙට හානි වුණ නිසා මට මම ගැනම ඇති වුණේ ලොකු තරහක්.....

මොනවා වුණත් වුණ හැමදේම මොහොතකට අමතක කරලා දාලා හිත හදාගෙන ගියේ මෝයාව බලන්න........

යන්ග් මෝයා එහෙම නැත්තම් මගෙ මෝයා, මට මගෙම කියලා ඉන්න එකම ඥාති සහෝදරි. එයාගේ පවුලෙ අය රාජ්ද්‍රෝහින් වුණ නිසා ඒ සේරම මට පිටුවහල් කරන්න සිද්ද වුණා. මගෙන් පස්සෙ රජකම උරුම මෝයාට වුණත් අවාසනාවට ඇස් දෙකම පේන්නෙ නැති නිසා යුව රැජිණ තනතුරවත් මාළිගාවේ වෙන කිසිම තනතුරක්වත් මට මෝයාට දෙන්න පුළුවන් කමක් තිබුණෙ නෑ.....

එකපාරටම මෝයගෙ මූණ දකින ඕනම කෙනෙකුට හිතේ පුoචි චකිතකයක් ඇති වෙන්නෙ ඉබේටමයි.....
මීට අවුරුදු කීපයකට කලින් හදිසි අනතුරක් නිසා මෝයගේ ඇස් දෙකම එයාට නැති වුණා. ශියෑන්වල ඉන්න හොදම ගායිකාව වගේම සoගීතයට ගොඩක් ආදරේ කරන කෙනෙක් තමා මෝයා. සoගීතයට මම කොච්චර වෛර කළත් ඒ වෛරය මෝයාට නොදැනෙන්න මම හැමවෙලේම හුගක් පරිස්සම් වුණා.....

මෝයාගෙ අසපුවට ගිය මම ටිකක් එළියෙ නැවතිලා බලන් හිටියෙ හිටියෙ එයාගේ ලස්සන බටනළා වාදනයට බාධා කරන්න හිත දුන්නෙ නැති නිසා.....

"සුයෝන් ඔයා මොකද ඔතන කරන්නෙ......
එන්න......"

පිටුපාල හිටියත් මෝයට මාව අදුරගන්න තියෙන්නෙ පුදුම හැකියාවක්.....

"මම මේ මන් දන්න හොදම ගායිකාවගෙ ලස්සන සින්දුවක් අහන් හිටියා ......."

කියන ගමන් ඇතුළට ආවා.....

"සින්දුවනම් මගෙ තමා ඒත් හොදම ගායිකයා මම නෙමේ......."

මෝයා හිනාවෙන ගමන් එහෙම කිව්වෙ මන් එයා ළගින් වාඩි වෙනවත් එක්ක.....

"ඔයා නෙමේ........."

"ඔව්. මම නෙමේ.........
තව කෙනෙක් ඉන්නවා......"

තව සoගීත ශිල්පියො ශියෑන්වල ඉන්නවා කියන කතාව මට විශ්වාස කරන්න පුලුවන් වුනේ නැහැ කොහොමත්ම.....

"තව කෙනෙක්....... ශියෑන්වල......
එහෙම වෙන්නෙ කොහොමද ?......."

"ඔව් ඉතින් හැමෝමව නගරෙන් එලෙව්වට පස්සෙ තව කෙනෙක් ඉන්නවා කියන එක විශ්වාස කරන්න ටිකක් අමාරුයි තමා....."

"හ්ම්ම් ඔව් විශ්වාස කරන්නනම් කොහොමත් බෑ......."

"බලාගෙන ඉන්නකො. මේ සේරම දේවල් ඉක්මනට වෙනස් වෙයි..."

"මෝයා....
හැමදේම වෙනස් වෙයි ඒත් මේ සුයෝන් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ........"

මන් එහෙම් කිව්වෙ මන් ගැන ලොකු විශ්වාසෙක් හිතේ තියාගෙන...

"ඔයාට ඒක සහතික වෙන්න පුළුවන්නම් මන් විශ්වාස කරන්නම්......"

"ඔව් සහතික වෙන්නම්........."
කියන ගමන් මෝයාගෙ අතට මගෙ අතින් තේ එක දුන්නා....

මන් මෝයාගෙ අතින් අත ගන්න හද්දිම මෝයා මගෙ අත තදින් අල්ලගත්‍තා....

"ඔයා ආයෙත් සටන් පුරුදු වුණා නේද ? රැජිණකගෙ අතේ තුවාල තියෙන එක ඒතරම් හොද නැහැ සූ......."

මෝයා මන් ගැන අනුකම්පාවෙන් එහෙම කිව්වම මම හිමීට මගෙ අත මෝයාගෙ අතින් ගත්තා......

"තුවාලෙ හරියටම තියෙන්නෙ කොහෙද කියලා ඔයා හොදටම දන්නවානෙ......."

"සූ ඔයා ඕක නවත්තන්නෙම නැද්ද ? ඕකෙන් වෙන්නෙ පරණ තුවාල ආපහු පෑරෙන එක විතරයි...."

"තුවාලෙ ගැඹුරු වෙන තරමට වේදනාව නැති වෙන්න හුගක් කල් යනවා......"

"ඒත් ඒ තුවාලේ දැන් හොදයිනෙ. කැළලක් විතරයිනෙ තියෙන්නෙ........."

"ඒත් ඒ කැළල දකින හැම මොහොතෙම ඒ තුවාලේ වේදනාව මට ආයේ ආයේ දැනෙනවා......"

"මට ඔයාගේ කැලල් පෙන්නෙ නැති එක ඇත්ත. ඒත් ඔයාම ඔයාගෙ පරණ තුවාල පාරගෙන වේදනා විදින එක දැන්වත් නවත්තන්න සූ......"

මෝයාගෙ මූණෙන් පෙනුනෙ ලොකු දුකක්. එයාට හැමවෙලෙම ඕනෙ වුණත් මට උදව් කරන්න එයා ඉන්න තත්වෙත් එක්ක එයා හැමවෙලේම ගොඩක් අසරණ වෙනවා ......

"හැමදේම ඉවර වෙන්න ඕනෙ මේ හැමදේම පටන් ගත්ත තැනින්......."

මන් එහෙම කිව්වෙ මෝයාගෙ වේදනවා මටත් දැනෙනවා කියලා පෙන්නන්න.

"මෙච්චර මිනිස්සු ඉන්න ලෝකෙ ඇයි ඔයා ආයුධයක් විශ්වාස කරලා මේ හැමදේම කරන්න හදන්නෙ......."

මෝයාගෙ ඒ කතාවට මට කට කොනින් හිනාවක් ගියා. අපි දෙන්නට කවමදාවත් තර්ක කරලා දිනන්න බෑ. මොකද මෝයාට තියෙන්නෙ ගොඩක් සoවේදි හදවතක් වගේම සoවේදි අදහස් නිසා. හැමදෙයක්ම කොච්චර හොදට ගැළපුණත් අපි දෙන්නගෙ අදහස් හැමදාම අරගත්තෙ විරුද්ධ පැත්ත......

ටික වෙලාවක් අසපුවට වෙලා හිටපු මම මෝයව අද මාළිගාවට එක්කගෙන යනවා කියලා හිතාගෙන කෙල්ලවත් එක්කගෙන අසපුවෙන් එලියට ආවා....

හරි පරිස්සමෙන් මෝයගෙ කකුලට සපත්තුව දානවත් එක්ක සපත්තුවල තිබුණ රොන්මඩ දැකපු ගමන් මගේ ඇස් උඩ ගියා......

මොහොතකට මම ගොළු වුණා වගේ මට දැනුණා. කවමදාවත් අසපුවෙන් පිට යන්නෙ නැති මෝයාගෙ සපත්තුවල රොන් මඩ තියෙන එක මට විශ්වාස කරන්න බැරි වුණා. ඊට වඩා අදහගන්න බැරි වුණේ මේ ග්‍රීෂ්ම කාලේ මේ රොන්මඩ මාළිගාවේ පොකුණ වටේට විතරක් විශේෂ වුණ නිසා......

"ෂින් කියපු දේ ඇත්තක්ද ? මෝයා මාව රවට්ට්නවද ? දාසියන්ගෙ අභිරහස් මරණවලට මෝයා සම්බන්ධයිද ? කොහොමද මෙහෙම වෙන්නෙ...?........"

මන් මගෙන්ම ප්‍රශ්න පේළියක් අහන් ගියේ මේ වුණ දේ හිතාගන්න බැරි වුණ නිසා.....

_____________________________________________

ඉතින් මෝයා සුයෝන් රැජිණියව රවට්ටනවාද ?.........

ඊළග කොටසින් හමුවෙමු ! ❤️🌹

මෙය හුදෙක් මනඃකල්පිත කතාවක් පමණි !

____________________________________________

හායි මගේ රීඩර් කුමාරියෝ ඔයාලා හැමෝම හොදින් ඉන්නවා නේද ? 🤗

මුලින් ඔයාලගෙන් සමාව ඉල්ලන්න ඕනෙ. කතාව පරක්කු වෙන නිසා 🥺

මාවවත් කතාවවත් අමතක කරන්න එපා හොදද❤️🤗

මට මේ දවස් වල ටිකක් වැඩ වැඩී. ඉතින් ඒ නිසා මම හිතුවා සතියට දවස් දෙකක් කතාව දෙන්න. බදාදා , ඉරිදා මම කතාව දෙන්නම් 😊
තරහ වෙන්න එපා හොදද 😁🤗

දිගටම කතාව එක්ක ඉන්න😊

නව කොටසින් ඉරිදා හමුවෙමු !

______________________

කතාවෙ අඩුපාඩු තියනවනම් කියන්න💜😊

කියවපු හැමෝටම කුමාවෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කතාව ඔයාලට විකාරයි , බෝරින්ග් වගේද ?

අදහස් කියන් යන්න😉❤️
ඔයාලගෙ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා😊

සරන්හේ💕
#dinu

Continue Reading

You'll Also Like

3.2K 520 7
" මට බෑ. ඇයි මන් ඔයත් එක්ක යන්නේ යුන්ගිශී. ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. දැන් ඔයා යන්න. ආයෙමත් මෙහෙ එන්න එපා." "ඔයා මේ විදියට ඉන්න හේතුව මන් දන්නව...
41.7K 3.5K 19
STEPFATHER OR STEPBROTHER [S-1] WITH YOU [S-2]
357K 12.3K 74
𝐛𝐨𝐨𝐤 𝐨𝐧𝐞. gilmore girls universe. 𐙚 | B L U E ˖⁺‧₊˚♡˚₊‧⁺˖ ─── blue eyes like the sea on a cold, rainy day ❝ 𝘉𝘓𝘜𝘌 𝘌𝘠𝘌𝘋 𝘉𝘌𝘈𝘜𝘛�...
29.5K 5K 35
මගේ පලවෙනි ff එක වැරදි අඩුපාඩු ඇති කමක් නෑ කියවගෙන යමුනේ 😊