♛ අග්නි ♛

By Bulbz_D

170K 34.3K 29K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 80 - [ අවසානය ]

අග්නි 79

2K 353 356
By Bulbz_D

'' මිධුනාථ , නාථ...මිද්දෝ-ඕ... නැගී සිටින්න ඉදින්.. කෝ..... ''  සුලෝධජ උනන්දුවෙන් පවසන ආකාරය ඇසුණ ද මිධුනාථට තවත් මදක් සැතපීමට ඇවැසි විය . ඔහු සුලෝධජගේ රළු හස්තයෙන් මෘදුව අල්ලාගෙනම නැවතත් දෑස් මදකට පියවා ගත්තේ සුව දිගු නින්දක් අපේක්ෂාවෙනි .

'' ඒයි.. ඉස්ගෙඩියෝ.. නැගී සිටින්න ඉදින්... ඔබේ ජන්ම දිනය අද ..... වයසට ගොසින් ද ඔබ නැගී සිටින්න ඉදින්.... '' සුලෝධජ තවමත් පහව නොගිය උනන්දුවෙන් පවසනු මිධුනාථ අසා සිටිය ද ඔහු අපහසුවෙන් දෑස් විවර කර සුලෝධජ වෙත රවා නැවතත් දෑස් වසා ගත්තේ ය. තමා සිටින තත්වය පිළිබද , මෙකී අඥානයාට කිසිදු වැටහීමක් නොවූයේ මන්දැයි මිධුනාථ සිතින් සිතා බැලුවේ ය. ඔහු මෙහි නැගී සිටීමට ගිය හොත් ඔහුගේ අභිමානයට ද  දැරිය නොහැකි හානියක් සිදු වන වග ද මිධුනාථ දැන සිටියේ ය. ඔහුගේ මුහුණෙහි පෙනුම සමාන්‍ය වුව ද තවමත් තමාට නැගිට ගත නොහැකි තරමින් වූ විඩාව දැනුවත් වූයේ මිධුනාථ පමණක් විය .

'' මිද්දෝ-ඕ... '' සුලෝධජ නැවතත් හඩගානු ඇසුණු මිධුනාථ එවර අපහසුවක් නොපවන්වා සුලෝධජ වෙත රවමින් සයනයෙහි ඍජුව අසුන් ගත්තේ ය. සිය කොදු ඇට පෙළ හරහා ඉහළට පැතිර හා වේදනාව මිධුනාථ නොසලකා හැරියේ ය. ඔහු තවත් කුමක් හෝ පැවසීමට පෙර සුලොධජ තමාට සමීප වෙමින් ඔහුව මෘදුව සිපගනු මිධුනාථට දැනුණි . ඔහු ද සුලෝධජ පෙරළා සිපගත්තේ ය.

'' නුඹ අපහසුවෙන් ද ? '' සුලෝධජ විමසුවේ ය. කෙදිනකවත් නොවූ ලෙස තමා සුලෝධජ රළු ලෙස සිපගත් වග  මිධුනාථ හට වැටහී ගියේ ය.

'' තමුන් උමතුවෙන් ද ? මා සුවෙන්.. '' මිධුනාථ උස් හඩින් පැවසුවේ සුලෝධජගේ මුහුණෙහි මතුවූ උපහාසාත්මක සිනහාව වෙත රවමිනි . ඔහු සුලෝධජගේ බද වටා හස්තය යවා ඔහු සිර කරගත්තේ ඔහුගේ දෙතොල් නැවතත් ජයග්‍රාහී ලෙස සිය යටතට ගනිමිනි . ඔහු දීර්ඝ හා උණුසුම් සිපගැනීම් වාර කිහිපයකින්ම පසුව සුලෝධජගෙන් මදකට ඈත් විය .

'' වත් හිමි ආස්ථානය අද දින රැස්වනවා... වැදගත් තීරණ කිහිපයක් තිබේ... මා පිටව යා යුතුයි.. ඔබ විවේක ගන්න.. අවසන් වූ සැනින් මා මෙහි.. '' සුලෝධජ මෘදුව පැවසුවේ ලොහිත පැහැ ඇතිරිලි ඔහුගේ සිරුර වටා ඔතා ගනිමිනි .

'' මට අවැසි විවේකයක් නැහැ... '' මිධුනාථ රෞද්‍රව ගිගිරුවේ ය. සුලෝධජ පිටව යාමට පෙර ඔහුට සිදු කළ යුතු කාර්යයක් වූ මුත් මෙහි සුලෝධජ සිටින විට නැගී සිටීමට උත්සහ කිරීමෙන් විසින් අගතියට පත් නොවිය යුතු වග මිධුනාථ තමා වෙතම දැඩිව පවසා ගත්තේ ය. ඔහු වරක් හෝ උත්සහ කර නොබැලුවද උත්සහයකින් තොරවම තමාට මේ මොහොතෙහි නම් සයනයෙන් බැසීමට හෝ නොහැකි වග මිධුනාථගේ යටි සිත හොදින්ම දැන සිටියේ ය. නමුත් එය සුලෝධජ දැන ගැනීම ද මිධුනාථ මදකුදු නොරිස්සුවේ ය.

සුලෝධජ ස්නානයට ගොසින් පැමිණෙන තුරුම මිධුනාථ ඔහේ සයනය මතට වී කල්පනාවෙහි විය . සුලෝධජ දැන්ම නොපැමිණෙන වග හොදින්ම දැනුවත් බැවින් මිධුනාථ සිය සිරුර වටා පොරෝනය ඔතා ගනිමින් සයනයෙන් බැසීමට තැත් කළේ ය. අවාසනාවකට ඔහු සයනයෙන් පෙරළී ගියේ ය.  ඔහුගේ කලවයෙහි තුවාල වූ සමයෙහි හෝ මෙලෙස සිදු නොවූ වග සිහිපත් වීමෙන් මිධුනාථ තවත් නොරිස්සුම් ස්වභාවයට පත් විය . අවසානයේ ඔහු නැගී සිටිමේ සැලසුම අත හැර දැමූ අතර හිස සිට පදාන්තය දක්වාම පොරෝනය පොරවා ගෙන සයනය අසළම බිම අසුන් ගෙන නාසයට පුම්බමින් නොරිස්සීමෙන් බලා සිටියේ ය.

ස්නානය කර , පාර්ශ්වික කුටියේ සිට රාජකීය වස්ත්‍රවලින් සැරසී පැමිණි සුලෝධජ සයනය අසළ බිම අසුන්ගෙන සිටි තමාගේ හිස සිට පාදාන්තය තෙක්ම හෙලූ උපහාසාත්මක බැල්ම මිධුනාථ තවත් නොරිස්සුමට පත් කළේ ය. ඔහු සුලෝධජ වෙත රවා තබා සයනය අසළ කුමක් හෝ සොයන ආකාරයෙන් හැසිරුණේ ය.

සුලෝධජ විසින්ම සිය තේජවන්ත ආභරණ එකින් එක සිරුර මත පළදිනු මිධුනාථ නොඉවසීමෙන් බලා සිටියේ ය. අවසානයේ ඔහු උගුර පෑදුවේ සුලෝධජගේ අවධානය තමා වෙතට ලබා ගනිමිනි .

'' අහ්ම්........ මාගේ අසිපත... මදකට ලබා දෙනවා !!!!! '' මිධුනාථ පැකිළෙමින් ආරම්භ කළ ද වාක්‍යය අවසානයේ සුපුරුදු ලෙස ගිගිරුවේ ය. සුලෝධජ සිය සිනහව මදකට තර කර ගනු ද කුටිය මධ්‍යයේ බිම,  තමා විසින් අතහැර දමා තිබූ සිය කැටයම් සහිත අසිපත ඔසවා ගනු මිධුනාථ බලා සිටියේ ය. සුලෝධජගේ පියවරවල ද කුඩා අවධිමත්භාවයක් මිධුනාථට නිරීක්ෂණය වුව ද ඔහු එය සගවා ගනිමින් තේජවන්ත ලෙස ඇවිදින්නේ කෙසේ දැයි ඔහුගෙන් ඇසීමට මිධුනාථ මැලි විය .

සුලෝධජ , සිය අසිපත තමාගේ හස්තයෙන් තමා තමා වෙත ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලනු මිධුනාථ දුටුවේ ය. ඔහු සුලෝධජ වෙත නැවතත් සයනය මත අසුන් ගන්නා ලෙස සන් කළ අතර ඔහු ද නිහඩවම පෙර සිටි ස්ථානයේ සිටම සුලෝධජ වෙත හැරෙමින් අසිපත සුරතට ගත්තේ ය.

'' දෑස් වසාගන්න.. '' මිධුනාථ මෘදුව පැවසුවේ සුලෝධජ දෙස හිස ඔසවා බලමිනි.

'' දෑස්? ? නොහැකියි... නුඹ මා මරා දැමීමටම යන්නේ අසිපතින් ??. ''  සුලෝධජ දොතොල් උල් කරමින් මුරණ්ඩු ලෙස විමසුවේ ය.

'' දෑස් වසාගන්නවා !!!!! '' මිධුනාථ එවර රෞද්‍ර ලෙස පැවසූ අතර සුලෝධජ කීකරුව දෑස් වසා ගත්තේ මිධුනාථ දෙසට හැරෙමිනි .

මිධුනාථ සිය අසිපත් මිටෙහි කෙළවර වූ කුඩා ලෝහ පියන්පත ඉවත් කළේ අලංකාර කැටයම් සහිත අසිපත් කොපුවෙහි වූ අගලක පමණ වූ කුඩා රහස් කුටීරය විවර කරමිනි . සත් වසරක් මුළුල්ලේ ඔහු එහි සගවා තිබූ කුඩා පා සලඹ සිය අත්ල මතට ගත්තේ ය. එය වනාහී හුදෙක් ලෝහ පා සළඹක් නොවූ අතර එය අතිශයින් දුර්ලභ ඝනයේ ඇත් දත්, දටික කැටයම් සහිත කුඩා ලියවැලක් සිටන ලෙස සකස් කළ සියුම් පබළු මෙන් කුඩා කොටස් අමුණා සකස් කර තිබූ අලංකාර වළලුකර පලදනාවක් විය . මිධුනාථ එදෙස තත්පර කිහිපයක් බලා සිට සිය කාලවර්ණ නේත්‍රයන් තවමත් දෑස් වසාගෙන විශාල කල්පනාවක නිරත වූ සුලෝධජ වෙත යොමු කළේ ය.

ඔහු සුලෝධජගේ හිස්ව තිබූ වළලුකර වෙත දෑස් යොමු කළ අතර ඔහුගේ විලුඹ අසළින් මෘදුව අල්ලා ගත්තේ එදෙසට දෑස් අඩවන් කර බැල්මක් හෙලමිනි . සුලෝධජගේ දෑස් දෙස නොබැලුව ද ඔහු සිය ප්‍රථම ස්පර්ශයෙන්ම දෑස් විවර කළ වග ද ඔහු මේ මොහොතේ තමා දෙස බලා සිටින වග ද මිධුනාථ හොදින්ම දැනුවත් විය . ඔහු ඉවසීමෙන් වළලුකර පළදනාව සුලෝධජගේ වළලුකර වටා ගැට ගැසුවේ ය. එහි සෑම කුටා දටික පබළු ඒකකයකම සියුම් ඕලු මල් ගෙත්තම් කර තිබූ අතර එය සැබවින්ම දුර්ලභ විය . සුලෝධජගේ අකීකරු දාංගලය පා සළඹ අස්ථාන ගත වීමට හේතුවක් වග හොදින්ම දැන සිටි මිධුනාථ දෙවන වරටද එය හොදින් ගැට ගැසී ඇත් දැයි පිරික්සුවේ ය.

ඔහු හිස ඔසවා සුලෝධජ දෙස බැලූ අතර ඔහු තමා බැලූ වග දැක ඉක්මනින් දෑස් පියා ගනු ද මිධුනාථ පැහැදිලිව දුටුවේ ය.

'' ආහ්.. ආහ්.. මිධුනාථ.. ඔබ කුමක් ද සිදු කරන්නේ ? දැන් හෝ මට දෑස් විවර කළ නොහැකි ද ? ''' සුලෝධජ අඥානයෙකු සේ දෑස් වසාගෙන මුසා පැවසූ අතර මිධුනාථ සිය එක් ඇහි බැමක් ඉහළ දැමුවේ ය.

'' මා පෙර දුටුවා නුඹ දෑස් විවර කරගෙන සිටිනවා.. අඥානයා. '' මිධුනාථ එවර මදක් සිනාසෙමින් පැවසුවේ ය . ඔහුගේ සිනහාවට කලාතුරකින් දීප්තිමත් වන දෑස් හා මුතු වැනි දසන් පෙළ හැඩ කළ නල දතද අලංකාරව කැපී පෙනුණි .

'' ආහ්.. නුඹ දුටුවා ද ? '' සුලෝධජ දෙතොල් උල් කරමින් විමසුවේ සිය ලැජ්ජාව සගවාගනිමිනි . ඔහු මදක් සිනාසී දිලිසෙන දෑසින් මිධුනාථ දෙස බැලූ අතර මිධුනාථ සිය මහපටගිල්ලෙන් ඔහුගේ කොපුල අසළ මෘදුව ස්පර්ශ කළේ ය.

'' අතහැරිය නොහැකියි.. '' මිධුනාථ මෘදු සිනහාවක් මුහුණෙහි රදවාගෙන පැවසුවේ ය. සුලෝධජ තරමක් තිගැස්සී ගිය ද ඔහු අනතුරුව නැවතත් කොපුල ද වල ගැසෙන අයුරින් සිනහාවක් නගනු මිධුනාථ දුටුවේ ය.

'' අතහැරියොත් සිරගත කර මරා දමනවා.. '' සුලෝධජ සිනාසී තර්ජනය කර නැගී සිටියේ මිධුනාථගේ බලාපොරොත්තු බිද දමමිනි. ඔහු සුලෝධජ සිපගැනීමට සූදානම්ව සිටිය ද ඔහුගේ අනපේක්ෂිත නැගී සිටීම මිධුනාථ බලාපොරොත්තු කඩවුණු තත්වයට පත් කළේ ය.

'' ප්‍රමාද වෙනවා.. පසුව.. '' සුලෝධජ කලබලයෙන් පැවසුවේ ඔහුගේ අසිපත හා භූමරංගය ද දෑතට ගනිමිනි . මිධුනාථ සයනය අසළ බිම අසුන්ගෙන සුලෝධජට රිසි සේ රැව්වද ඔහු එදෙස බැලීමට හෝ වෙහෙස නොවී ය .

'' අන් සෑම විටම කාලයට තිතට ක්‍රියා කරනාවනේ....  චහ්.. '' මිධුනාථ තමාටම පවසා ගනිමින් කුටියෙන් පිටව ගිය සුලෝධජ වෙත සිතින් බැන වැදුණේ ය.

.
.
.
.
.
.
.
.
.
.
.

ගින්නෙන් පසු ප්‍රතිසංස්කරණය වී තිබූ වත්හිමි ආස්ථානයම දැඩිව නිහඩව ගියේ සුලෝධජ ශාලාව අභ්‍යන්තයරයට පා තැබීමත් සමගිනි . අන් දිනවල තමාගේ වම් හා දකුණු පසින් රැදී සිටින භාසුර හා ධීර වෙනුව ද මෙවර මහීධ පමණක් ඔහුගේ දකුණු පසින් විය . වියපත් හණමිටි අදහස් දරන මුනිවරුන් ද නොමැති වූ සිය නව රාජ සභාවේ ව්‍යුහය සුලෝධජ වඩාත් සැහැල්ලුවට පත් කළ ද ඔහුගේ රෞද්‍ර පෙනුම මුහුණින් මදකුදු ඉවත්ව නොගියේ ය.

තවමත් සිය පාලනය තුළ නොවූයේ හුදෙක් මයුර අසපුව පමණක්ම වග සුලෝධජ දැන සිටියේ ය. මයුර අසපුව හික්වමීම කෙතරම් අපහසුවුව ද සිය උත්සහය හා තීරණයන් වෙනස් නොකරීමට සුලෝධජ තරයේ ඉටාගෙන සිටියේ ය. සිය සම්ප්‍රාප්තියත් සමගින් සියලු දෙනා ශිලා අසුන් මතින් නැගී සිටින ආකාරයත් තමා වෙත ආචාර කරන ආකාරයත් සුලෝධජ සිය සුපුරුදු රෞද්‍ර දෑසින් බලා සිටියේ ය.

පැරණි වත්හිමි ආස්ථානය තුළ දී කිසිදු සාමජිකයෙකු හට ආසන පැනවීමක් නොවූයේ වෙයි. නමුත් මෙවර පැහැදිලි වෙනසක් දක්නට වූ අතර සියලු දෙනාට , හා දීඝ අසපුවේ පාලනය හෙබ වූ ස්වප්නාදී දේවියට පවා අන් ප්‍රධාන මුනිවරුන් හා සම අසුනක් පනවා තිබෙනු දැකිය හැකි විය .

සුලෝධජ නිහඩවම මණ්ඩපයේ ඉදිරි අසුන අසළට ගාම්භීර ලීලාවෙන් ඇවිද ගියේ ය . බොහෝ කලකින් සියල්ල සාමකාමී වග ඔහුට හැගුණු අතර මයුර අසපුවෙහි තාවකාලික පාලනය මෙහෙය වූ සීශ මුනිගේ බාල පුත්‍රයෙකු වූ '' ධාවාර '' ද කිසිදු කලබලයකින් තොරව තමාට ආචාර කිරීම සුලෝධජ තවත් සන්සුන් කළේ ය. ධාවාර සිය පියාණන් හා අඩ සොහොයුරා මෙන් නොව තරමක් වටහා ගත හැකි පෞර්ශයකින් යුතු තරුණයෙකු විය .

දීඝ අසපුවේ හරිත පැහැ සළු පිලි වෙනුවට තවමත් සුදුපැහැ සළු පිළිවලින් පමණක් සැරසී වළලුකර තෙක් දිගුවූ අලංකාර කෙස් වැටිය කිසිදු ආභරණයකින් තොරව හිස මුදුනතට කර බැද දමා තිබූ දීඝ මුනි අසපුව මෙහෙය වූ ස්වප්නාදී දේවිය දැකීමෙන් සුලෝධජ මදකට සලිත වුව ද ඔහුගේ මුහුණින් කිසිදු හැගීමක් පිටටත දිස් නොවී ය. භාසුර තමාට ද්‍රෝහි වුව ද ඔහුගේ බිරිද ස්වප්නාදී එලෙස නොවන වග සුලෝධජ දැන සිටියේ ය. ඇයගේ ස්වේත වස්ත්‍රයන් ඔහුට නැවතත් භාසුර සිහිපත් කළ අතර ඔහුගේ දෑස් බැමි නැවතත් රෞද්‍ර විය .

'' නමෝ මහ: ආස්ථාන වත්හිමි ''

රාජසභවෙහි කටයුතු ආරම්භ කළ අතර සුලෝධජ අසුන් නොගෙනම සිය තීක්ෂණ දෙනෙත් සෑම අතකම විසිරුවේ ය.

'' විශේෂ වත්හිමි ආස්ථානය හදිසියේ කැදවීමට හේතුව.. '' සුලෝධජ සිය තේජවන්ත හඩින් ආරම්භ කළේ ය. සියලු දෙනා දැඩි නිහඩතාවයක ගිලී සිටියෝ ය.

'' අසපුවල ක්‍රියාත්මක කුල ක්‍රමය ඉවත් කරනවා.. '' සුලෝධජ ස්ථිර හඩින් පැවසුවේ ය. වත්හිමි ආස්ථානයම නිහඩව ගිය අතර කෙදිරිම් නාදයන් පැතිරීමට වැඩි කල් ගත නොවී ය.

'' පවසන දෙයක් කෙදරීමෙන් තොරව.. ඍජුව පවසනු.. '' සුලෝධජ ගිගිරුවේ නැවතත් සියලු දෙනා නිහඩ කරමිනි .

'' විරුද්ධ අයවලුන් සිටී ද ? '' සුලෝධජ ස්ථිරව විමසුවේ ය. කිසිවෙකු සුළු හෝ හඩක් නොනැගූ අතර එවර සුලෝධජ මදක් සැහැල්ලු විය .

'' පංච අසපුවල එකගතාවය ? '' ඔහු සෑම අසපුවකම ප්‍රධාන මුනිවරුන් දෙස බලමින් විමසුවේ ය.

'' මා එකගයි.. '' ස්වප්නාදී සියල්ලටම ප්‍රථමයෙන් නැගී සිටිමින් පැවසුවා ය. සියලු දෙනා ඇය වෙත චොදනාමුඛ බැල්මක් හෙලුවද සුලෝධජ සිය සුපුරුදු විශ්වාසී දෙනෙත් ඇය වෙත යොමු කළේ ය.

'' අසපුවල කුල ක්‍රමය.. සෑම විටම යහපත් හදවතක් හිමි මිනිසුන් පවා වැරදි මාර්ගයට ඇද දමනවා.. දීඝ අසපුව බැදී ඇත්තේ , මිනිසුන්ගේ හදවත සුවපත් කිරීමට... මා මෙයට එකගයි.. '' ඇය ඍජුව සුලෝධජ වෙත පැවසුවා ය. සුලෝධජ අැය වෙත හිස සැලුවේ ඇයගේ නිර්භීත ස්වභාවය අගය කරමිනි .

'' වෛශව අසපුව එකගයි.. '' සුග්‍රීව සෞම්‍යව පැවසු අතර ඔහුගේ ස්වරය ද  ස්ථිර විය .

'' විශ්ව ශක්තිය හා චක්‍රයන් පිළිබද දක්ෂතා සහ උනන්දුව ඇති ඕනෑම අයෙකුට සක්වල චක්‍රය හා වෛශව අසපුවෙහි සදුන් ද්වාරයන් විවෘතයි... '' සුග්‍රීව සෞම්‍යව පැවසුවේ ය .

'' කුවල්‍ය අසපුව දැනටද එයට එකග වී බොහෝ කල් ගත වී අවසන්.. '' කෛශාල පැවසුවේ සුලෝධජගේ එහා පස සිටි මහීධ වෙත නෙත් හෙලමිනි . සුලෝධජ සන්සුන්ව කෛශාල වෙත හිස සැලුවේ ය.

'' දක්ෂතාවය තිබේනම් අවශ්‍ය ඕනෑම අයෙකුට තමාගේ දක්ෂතාවයට ගැළපෙන අසපුව තෝරාගැනීමට ඉඩ ලැබිය යුතුයි.. '' කෛශාල තවදුරටත් ස්ථිරව පැවසුවේ ය.

'' මයුර අසපුව ? '' අවසානයේ සුලෝධජ ධාවාර දෙස හැරුණු අතර ඔහු මදක් නිහඩ විය . ගිරි අසපුව දැනට ද තමා යටතේ වූ බැවින් ධාවාර එකග කර ගත් විට සිය තීරණයට කිසිදු බාධාවක් නොවන වග සුලෝධජ දැන සිටියේ ය.

'' උතුමාණෙනි.. '' ධාවාර බැරෑරුම් ලෙස සිය හඩ අවධි කළේ ය.

'' මයුර අසපුව , නඩත්තුව පිණිස වැය ඉහළයි.. සේම , තවත් ශිෂ්‍යයන් බදවා ගැනීමෙන් තත්වය නරක අතට හැරිය හැකියි.. මේ සම්බන්ධව ඔබතුමන් සතුව විසදුමක් තිබේ නම් , කුලය නොසලකා දක්ෂයන් බදවා ගැනීමට අප ද එකගයි.. '' මයුර අසපුවේ වැඩිමහල් මුනිවරුන්ගේ ද විරෝධය නොතකා ධාවාර පැවසුවේ ස්ථිර හඩිනි . ඔහුගේ තර්කය සාධාරණ විය .

'' ඉටුවේවි. පංච අසපුවම රාජ්‍ය අනුග්‍රහය යටතට ගන්නවා.. එසේම , මින් පසු දුර්වලයා ඉවත් කිරීමේ පරීක්ෂණ මගින් කිසිවෙකුත් මිය නොයා යුතුයි.. එසේ වුවහොත් අදාළ අසපුවේ ප්‍රධාන මුනිවරුන් , ජීවිතයෙන් වන්දි ගෙවීමට සූදානම් සිටින්න.. '' සුලෝධජ රෞද්‍රව පැවසුවේ ය.

'' තවත් කරුණක් උතුමාණෙනි.. '' ස්වප්නාදී බාධා කළේ ය. සුලෝධජ මදකට නිහඩවූයේ ස්වප්නාදී වෙත ඉඩ ලබා දෙමිනි .

'' මා දීඝ අසපුව වෙත තරුණියන් ද බදවාගන්නවා.. ඔබතුමන්ගේ විරුධත්වයක් නොවේ නේද උතුමාණෙනි ? '' ඇය ආචාරශීලිව විමසුවා ය.

'' නිසැකවම.. '' සුලෝධජ ඉක්මනින්ම පැවසූ අතර ඔහුගේ ස්වරයෙහි වූ රෞද්‍ර බව මුළුමනින්ම අතුරුදන්ව ඇති වග ඔහුට වැටහී ගියේ ය. තමාට එය පිළිබද පෙර කල්පනා නොවීම පිළිබද ඔහු තමා වෙතම දොස් පවරා ගත්තේ ය. අන් අසපු මේ සදහා පහසුවෙන් එකග නොවන වග සුලෝධජ දැන සිටියේ ය .

මුනිවරුන් තනිව තීරණය කළේ නම් , සුග්‍රීව , කෛශාල , ධාවාර තිදෙනාම තමන්ට පක්ෂපාතී වනු ඇති වග ඔහු දැන සිටිය ද අන් මුනිවරුන් ඔවුන්ට බලපෑම් කරන වග ද සුලෝධජ දැන සිටියේ ය. අද දිනට කුලය ඉවත් කරලීම ප්‍රමාණවත් වග ඔහු තීරණය කළ අතර උපක්‍රමශීලිව අනෙක් කරුණු සදහා ද ඔවුන් එකගකරවා ගත යුතු වග ඔහු තරයේ සිතාගත්තේ වරුවක අවෑමෙන් රාජ සභාව විසුරවා හරිමිනි . බොහෝ දිනකට පසුව කිසිවෙකු ඝාතනය නොවී අවසන් වූ ප්‍රථම රාජසභාව එය වග සුලෝධජ විස්මයෙන් සිතුවේ ය.

ඔහු මහීධද පිළිසදරෙහි සමගින් මාළිගයේ අදුරු බරාද ඔස්සේ ඇවිද ආවේ ය. ඔහුගේ පියවර සැහැල්ලු වූ අතර මුනිවරුන්ගෙන් ගැලවී ඉක්මනින් මිධුනාථ වෙත යන ආකාරයක් පිළිබද ඔහු සිතා බැලුවේ ය. නමුත් ඔහුගේ කල්පනාව බිද දැමුවේ මහීධගේ විස්මයට පත් හඩයි.

'' ඈහ් ? ඈහ් ? ඈහ්... අශ්ශීලයා..... මෙය කොහින් ද ඔබට ?? '' මහීධ අහේතුකවම මාළිගයේ ශිලා පොළොව මත අසුන් ගත්තේ සුලෝධජගේ වළලුකර වෙත නැඹුරු වෙමිනි . ඔහුගේ වළලුකර තෙක් උස් වූ පාවහන් අතරින් මදක් පිටතට පැන තිබූ පා පළදනාව මහීධගේ නෙත ගැටී තිබිණ. සුලෝධජ මහීධ වෙත දෙතොල් උල් කරමින් සිය පාදය ඉවතට ගත්තේ නොරිස්සීමේනි .

'' කිම ද කිම ද ? ඇල්ලීමට සිතන්නත් එපා එය නම්.. '' සුලෝධජ පැවසුවේ එය කිසිවෙකුට නොපෙනෙන පරිදි නැවතත් සිය පාවහන් ආධාරයෙන් ආවරණය කරගනිමිනි. නමුත් මහීධ මුරණ්ඩු ලෙස පා සළඹ නැවතත් පිටතට ඇද්දේ ය.

'' ආහ් ආහ්... ආහ්... මේ එය තමා..... එයම තමා..... නමුත් ඔබට කොහින් ද මෙය ... අනෙක නුඹ විවාහක කාන්තාවක් ද පා සලඹක් පලදින්න... ඊවූ... '' මහීධ කුතුහලයෙන් විමසුවේ ය.

'' අසනවා .. ශීල ස්වාමියාගේ අනුරුව.. එය මගේ.. මගේ... මගේ.. එපමණයි.. '' සුලෝධජ ද මුරණ්ඩු ලෙස පිළිතුරු ලබා දුන්නේ ය.

'' අශ්ශීලයා.. එය නුඹේ නොවේ.. ආහ්.. එය මෑණියන්ගේ පා සලඹ... හුම්හ්.. අය්යණ්ඩි සතුවයි තිබුණේ... . නුඹ ... අහෑ.... කුමක් ?? !!! එය එසේ ද ? .... එවිට එවිට... අය්යණ්ඩි ද මෙය නුඹේ පාදයේ පැළදුවේ ????? '' එවර මහීධ දෑස් ද විශාල කර තමා දෙස බලනු සුලෝධජ නොරිස්සීමෙන් බලා සිටියේ ය. ඔහු මහීධ වෙත හිස සලා ආඩම්බරයෙන් සිය දෑස් බැමිද ඉහළ යැව්වේ ඔහු නිවැරදි වග තහවුරු කරමිනි .

'' ආහ්.. දුෂ්ඨ මායාකාර අය්යණ්ඩි.. ඔහු ඔබව මගෙන් උදුරාගත්තා... ආාහාාා.. අශ්ශීලයා ඔබ කුමකට ඔහු වැනි ගල් පර්වතයක් විවාහා කර ගත්තේ ?  ? '' මහීධ මහ හඩින් කෑගැසුවේ මාළිගයේ සිටි දාසියන්ගේ අවධානය ද ඔවුන් වෙත යොමු කරමිනි . '' විවාහකයි '' යන වදන සියලු දෙනාගේ අවධානය සැනින් එදෙසට යොමු කිරීමට සමත් විය .

'' ශ්.. ශ්.. අනුරුව... නිහඩවනවා. '' සුලෝධජ තරවටු කළේ ය. තමා සත්වසරකට පෙරම මෙය සිදු කළ වග පැවසුවහොත් මහීධ කුමක් සිදු කරනු ඇත්දැයි සුලෝධජ සිතා බැලුවේ ය. එවිට නිසැකවම ඔහු තමා වෙත සිය අය්යණ්ඩි සොරාගත් මායාකාරයා යනුවෙන් බැන වදිනු අැති වග සුලෝධජ දැන සිටියේ ය. නමුත් දැන් මහීධ මිධුනාථට ද වඩා තමාට සමීප වග සුලෝධජ දැන සිටියේ ය. 

'' ඔබ විවාහකයි.. !!!!!!!!! සැබවින්ම ... ආාාාා..... විවාහකයි ????????? අද දින ද එවිට මංගල රාත්‍රිය ?? '' මහීධ කෑගසමින්ම විමසුවේ මාළිගයේ සියලු දාසියන්ගේ අවධානය ලබා ගනිමිනි . මංගල රාත්‍රිය.. එය පසුවී කෙතරම් කල් දැයි සුලෝධජ නොදැන සිටි අතර ඔහු අහිංසක මහීධ වෙත එය පැවසීමෙන් ද වැළකී සිටියේ ඔහුව නිශ්ශබ්ද කරමිනි .

'' අඥාන ස්ලෝ-ධජ විභාග-කයි ?? ඈහෑ ?? ''

'' එපමණයි අඩුව.. '' සුලෝධජ තමා වෙතටම මුමුණා ගත්තේ එදෙසට දිව ආ සීහශාලී දෙස බලමිනි .

'' ඔහු විභාග- කයි ද ? කිම ද ඒ ?  අඥාන ස්ලෝ-ධජ පාඩම් කර හෝ පුහුණු වීම් කර නැති ද ? '' සීහශාලී කිසිදු අදාළත්වයක් නොමැති කරුණක් විමසුවේ දැඩි කුතුහලයෙනි .

'' නැහැ සූර්යය පුෂ්පය.. මා ඔබට පැහිදිලි කරන්නම්.. '' මහීධ ඉදිරිපත් විය .

'' මහීධ.. දමනවා තමුන්ව කෘෘර මිදි ගෙඩියා සමගින් සිරකුටියට.. '' අවසානයේ සුලෝධජ ගිගිරුවේ මහීධ නිහඩ කරමිනි .

'' ඒත්... ක්ලූර මිදි ගෙඩියා දොයි. පව්.. '' සීහශාලී පැවසුවා ය.

'' මෙහි පැමිණෙනවා පණ්ඩිත කෙල්ල. '' මහීධ පැවසුවේ සීහශාලී ඔසවා ගනිමිනි .

'' පසුව මුණ ගැසෙන්නෙම්... '' සහෝරදයා..''  ආහ්. නොවේ...  මස්සිනා.. .. '' මහීධ පිටව යාමට පෙර සිය හඩ බර කොට කීවේ උපහාසය මුසු වූ හඩකිනි .

'' කිම ද ස්ලෝ-ධජ විභාගක ? විභාගක යනු කුමක් ද ? ශාලීට විභාගක විය නොහැකි ද ? '' සීහශාලීගේ දහසකුත් පැනයන් මහීධ වෙත එල්ල වනු  සුලෝධජට ඇසුණු අතර ඔහු සිනාසී ඉක්මනින් සිය කුටිය වෙත ගමන් කළේ ය. මිධුනාථ තවත් නැගී සිටීමට නොහැකිව එලෙසව සිටීදැයි සුලෝධජ කල්පනා කර බැලුවේ ය . කෙසේ වුවත් ඔහු සුවෙන් නම් අද රාත්‍රියේ එහි ප්‍රතිවිපාක තමාට අත්විදීමට සිදුවන වග සිහපත් වීමෙන් ඔහුගේ මුහුණෙහි වූ සිනහව මදකට අතුරුදන්ව ගියේ ය.

'' තමුන්ට නාථ දෙවි ම සරණයි සුලෝධජ...  '' ඔහු තමා වෙතම පවසා ගත්තේ සිතින් තමාට සිදුවන දේ පිළිබද සිතමිනි .

.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

* සමාවෙන්න, මේ චැපිය පිළිබදව නම් මට සෑහිමකට පත් විය නොහැක. ඔව් ඉතින් උදේ පාන්දර ඔළුව කෑවාට පස්සේ තා මොනවා ලියන්න ද මම -_-

* අන්තිම එක.. දිගට දෙන්න බලන්නම්.. හෙටින් අග්නි ඉවරයි.. දන්නවා ද විශේෂත්වය ජුනි 3 තමා අග්නි පටන් ගත්තේ.. මුලින් පබ්ලිෂ් කලේ 5.. ඒත් හෙටට මාස 3ක් ඉවරයි. හී,.

Continue Reading

You'll Also Like

18.7K 5.4K 31
අඩ වශයෙන් පියවුණු දෑසින් යුතු නග්න නිරූපණ ශිල්පියෙකුගේ සහ ඔහුගේ සිත්තමක් කිරීමට පැමිණි සිතුවම් ශිල්පියාගේ වෙළුණු දෑඟිලි වල කතාව. Nudity Is An Art පර...
3.5K 632 24
"මම මටවත් ආදරේ නැතුව ඔයාට ආදරෙයි කියන්නේ කොහොමද සහීන්? මට ඔයාගේ ආදරේ ඕන. ඒත් මම ඔයාට ආදරෙයිද නැද්ද කියලා මම දන්නේ නෑ." - නිහාරා. "මම හිතන්නේ මම එයා ග...
428K 85K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
1.5M 187K 123
အေဒီ ၇၉ ခုနှစ် .. ပုံပေမြို့.. ရောမအင်ပါယာ ဒဏ္ဏာရီမဟုတ်တဲ့ ရာဇဝင်ထဲက အဖြစ်အပျက်လေးတစ်ခုလား ဒါမှမဟုတ်.. ရာဇဝင်တွင်မကျန်ခဲ့တဲ့ ဒဏ္ဏာရီဇာတ်လမ်းလေးပဲလာ...