♛ අග්නි ♛

By Bulbz_D

164K 33.9K 28.9K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 78

2.2K 345 294
By Bulbz_D

[ විපරීත මනසක් තිබේ නම් වයස අදාළම නැති බැවින් , වගකීම තම තමන්ගේ හිස මත තබාගෙන කියවන්න . ]

'' මිධුනාථ .. '' සුලෝධජ තමා වෙත ආමන්ත්‍රණය කරන ආකාරය ඇසුණ ද මිධුනාථ පිළිතුරු නුදුන්නේ ය.

'' මිද්දෝ - ඕ..... . නැගී සිටින්න ඉදින්.. දැන් කොපමණ වෙලාවක් සිට ද ? '' තමා තවමත් කුටිය මධ්‍යයෙහි අසුන් ගෙන සිටි නිසාවෙන්  සුලෝධජ පවසනු මිධුනාථ අසා සිටියේ ය. ඔහු කුටියෙහි කුඩා පහන් එකින් එක දල්වා අවසානයේ සිය දම්වැල් සහිත හිස්පළදනාව ද ගලවා පසෙකින් තබා කෙස් වැටිය ලිහා දමනු ද මිධුනාථ බලා සිටියේ ය .

පහන් ආලෝකය අතරින් ආලෝකමත් වී තිබූ කුටියෙහි සුලෝධජගේ පිට හරහා ඉණ තෙක්ම දිගු කෙස් වැටිය මුදා හැරෙනු මිධුනාථ බලා සිටියේ ය.  ලිහිල් වූ කෙස් වැටිය සහිතව සුලෝධජ කෙතරම් සුන්දර වූ මුත් තමා මෙහි අගතියට පත්ව සිටි වග මිධුනාථ තමා වෙතම පවසා ගත්තේ ය. තවමත් කම්පනය තමා හැරගොස් නොමැති වග මිධුනාථ වටහා ගත්තේ ය. 

අවසානයේ සුලෝධජ සුසුමක් හෙළා තමා අසළට පැමිණ බිම දණක් නවා අසුන් ගන්නා තුරුම මිධුනාථ වදනකුදු නොපැවසුවේ ය. ඔහු සුලෝධජ දෙස කුඩා දරුවෙකු සේ සිය කදුළු පිරි දෙනෙත් යොමු කළේ ය.

'' හපූ... කුමන නිර්ලජ්ජිත ක්‍රියාවක් ද හැඩීම ? '' සුලෝධජ එවර විමසුවේ කුඩාදරුවෙකුගේ මෙන් මිධුනාථගේ හිස පිරිමදිමිනි .

මිධුනාථ පිළිතුරු වශයෙන් කිසිවක් නොපවසාම සුලෝධජ තමා දෙසට ඇද ඔහුව ගැඹුරු ලෙස සිපගැනීමකට නතු කරගත්තේ දෙවරක් නොසිතමිනි . සුලෝධජ ද පෙරළා තමාව ගැඹුරු ලෙස සිපගනු මිධුනාථට දැනුණු අතර ප්‍රථම වතාවට ඔහු සුලෝධජ වෙත සිය දෙතොලෙහි සම්පූර්ණ පාලනය පවරා තත්පර කිහිපයකට දෑස් වසා ගත්තේ ය.

සුලෝධජගේ සිපගැනීම් තවත් ගැඹුරු වෙද්දී මිධුනාථ ඔහු තවත් තමා දෙසට ඇද , පෙරළා ඔහුගේ දෙතොල් හා සටන් වැදීම ආරම්භ කලේ ය. තමා විසින් නොදැනීම සුලෝධජ ඔසවා සිය සිරුර මතට ගෙන තිබූ වග ද මිධුනාථ වටහා ගත්තේ ය.

'' ඒ සැබවින්ම මහීධ ??? එසේ ද ?  '' මිධුනාථ නැවතත් අවිශ්වාසයෙන් විමසුවේ සුලෝධජගේ මුහුණෙහි කුඩා සිනහාවක් ඇදී යද්දී යි .

'' නැතිනම් අන් කවරෙක් ද ? දුටුවේ නැති ද  ඔබේ අනුරුවක් සේම සිටියේ.. '' සුලෝධජ එවර මෘදුව පැවසුවේ මිධුනාථගේ මුහුණ මත මෘදුව අත්ල තබමිනි . ඔහුගේ ස්පර්ශය උණුසුම් වූ අතර මිධුනාථ සිය මුහුණ මත වූ සුලෝධජගේ හස්තය මත මෘදුව සිය හස්තය තබා සුලෝධජගේ දෑස් දෙස බැලුවේ ය.

මිධුනාථ සිය එක් හස්තයක් සුලෝධජගේ බද වටා යවා ඔහුව අල්ලාගැනීමට යොදාගත් අතර අනෙක් හස්තයෙන් ඔහුගේ නළල ආවරණය කළ කුඩා කෙස්රොද සකස් කළේ ය. එය වනාහී මිධුනාථගේ පුරුද්දක් සේම විය .

'' කෙසේ ද ? ඔබ මගේ ත්‍යාගයට පුදුම වූවා නොවේ ද මිද්දෝ-ඕ ? '' සුලෝධජ උද්යෝගයෙන් විමසුවේ ය.

'' ත්‍යාගය ? '' මිධුනාථ පෙරළා විමසුවේ නළල රැලි ගන්වමිනි .

'' කිම ද එතරම් විස්මයට පත් වී ??? හෙට දින කුමක්දැයි සිහිපත් නොවේ ද ! '' සුලෝධජ එවර නොරිස්සීමෙන් විමසුවේ ය.

හෙට දින... ???? . හෙට දිනයේ කිසිදු වැදගත්කමක් මිධුනාථට සිහිපත් නොවූ අතර තමා සිතීමට ගන්නා සෑම තත්පරයක් පාසාම සුලෝධජගේ මුහුණ අදුරු වී යනු මිධුනාථ දුටුවේ ය.

අවසානයේ ඔහුට සිහිපත් විය .

'' ජන්ම දිනය !!! '' මිධුනාථගේ මුවින් නික්මුණි . නිසැකවම හෙට දින තමාගේ ජන්ම දිනය විය . නමුත් තමාගේ පිළිතුරින් සුලෝධජ සෑහිමකට පත් නොවූ වග මිධුනාථ දුටුවේ ය.

'' ජන්ම දිනය තමා.....ඉදින්....ඉන්පසු ? '' සුලෝධජ උනන්දුවෙන් විමසුවේ මිධුනාථගේ දෑස් දෙසට එබෙමිනි .

''  ජන්ම දිනය තමා අන් කුමක් ද ? .. '' මිධුනාථ නොරිස්සීමෙන් මෙන් විමසුව ද හෙට දිනයේ  අනෙක් වැදගත්කම ද ඔහුට සියල්ලට ප්‍රථමයෙන් සිහිපත් විය . සිය නොසණ්ඩාල පිළිතුර හමුවේ සුලෝධජ මුහුණ වැස්සට පෙර අහස සේ අදුරුව ගිය අතර ඔහු වැහි වළාකුළු සේ දෑසෙහි කදුළු පුරවාගෙන නෑගි සිටිනු ද මිධුනාථ දුටුවේ ය. ඔහු කිසිවක් නොපවසා කැඩපත වෙත ඇවිද ගිය ආකාරයත් සිය දෙසවන්හි හා හස්තෙහි වූ සියලු ආභරණ කෝපයෙන් ගලවා පසෙකින් තබනු ද මිධුනාථ බලා සිටියේ ය. ඔහු ද සන්සුන්ව නැගී සිටියේ අඥාන සුලෝධජ වෙත සිතින් සිනාසෙමිනි.

සුලෝධජ තමාට පෙනෙන ලෙස සිතා මතාම සිය හරිත හා ලෝහිත පැහැය මුසු වූ රාජකීය උඩුකය වස්ත්‍රයන් සිරුරෙන් ඉවත් කළ අතර පහන් ආලෝකයෙන් දිලිසුණු ඔහුගේ කැළැල් සහිත බාහුව හා සියුම් රේඛා සහිත උඩුකය දෙස මිධුනාථ ශ්වසනය අපහසු වූවෙකු ලෙස බලා සිටියේ ය. ඔහුගේ සිරුරෙහි වූ සෑම නැමුමක්ම දාරයක්ම ඔස්සේ මිධුනාථ ඉක්මනින් දෑස් රැගෙන ගියේ ය.  ඔහු සුලෝධජ මෙලෙස දකින ප්‍රථම අවස්ථාව මෙය නොවූව ද සෑම අවස්ථාවකම වූ එකිනෙකට වෙනස් සුන්දරත්වයන් මිධුනාථ සෑම විටම නිරුත්තර කර දැමී ය.

කුටියෙහි වූ පහන් ආලෝකය වැටී , දහදියට දිලිසෙමින් තිබූ ඔහුගේ උඩුකය සුලෝධජ වෙත අතිශයින් සාරාගී පෙනුමක් එක් කළ වග මිධුනාථ තීරණය කළේ ය. ඔහුගේ පිට ආවරණය කරමින් කෙස් වැටිය පිට මැදට නිදහසේ ලිහිල්ව වැටී තිබූ අතර මිධුනාථ තවත් එක් මොහොතකදු ගත නොකර සුලෝධජගේ පිටිපසින්,  බද වටා දැඩිව දෑත් යවා ඔහුව වැළද ගෙන ඔහුගේ උරහිස මතින් සිය හිස ද තමා උරහිස දිගේ ගෙල තෙක්ම මෘදුව සිපගත්තේ ය.

'' කිම ද ? '' සුලෝධජ නොරිස්සීමෙන් විමසුවේ ය. මිධුනාථ නොඉවසිල්ලෙන් මෙන් සුලෝධජගේ දෙවුරින් අල්ලා ඔහුව ශිලා බිත්තියට හේත්තු කළේ ය. ‍අඩ පහන් ආලෝකය සුලෝධජගේ මුහුණෙහි අඩක් අලෝකමත් කළ අතර මිධුනාථ තත්පර කිහිපයක් නිරුත්තරව එදෙස බලා සිටියේ ය.

'' සුලෝධජ.. අසන්න..  '' මිධුනාථ වේගයෙන් ශ්වසනය කරමින් රෞද්‍රව පැවසුවේ ය. සිය වදන් අපරාධකාරෙකුට කරන ආමන්ත්‍රණයක් මෙන් වුව ද තවත් ප්‍රමාද වීමෙන් තමා සති තුනක් මුළුල්ලේ කෲර ලෙස සැලසුම් කළ රාත්‍රිය මගහැර ගැනීමට මිධුනාථට ඇවැසි නොවී ය. එවර සුලෝධජ තමා දෙස සිය විනිවිද යන සුළු දෑස් යොමු කරනු ද මිධුනාථ දුටුවේ ය. තමා කෙතරම් නොසන්සුන් ද යනවග සුලෝධජගේ දෙතොල්වල වැදී පරාවර්තනය වූ තමාගේම වේගවත් සුසුම්වලින් මිධුනාථ වටහා ගත්තේ ය.

'' මා පැවසුවේ.. '' මිධුනාථ එවර හැකි තරම්  මෘදුව ආමන්ත්‍රණය කළේ ය. සුග්‍රීව ථිත වෙත මෘදුව ආමන්ත්‍රණය කරන ආකාරය සිතින් මවා ගැනීමට ඔහු උත්සහ කළේ ය. සුග්‍රීවගෙන් ඉල්ලාගෙන ඔහු කියවූ සාහිත්‍ය  පුස්තකවල ප්‍රේම පුවත්වල තරුණයා පවසන කිසිදු දෙබස් කාණ්ඩයන් තමා කෙතරම් හොදින් පාඩම් කර තිබුණ ද මේ අවස්ථාවේ දී  තමාට කිසිවක් සිහිපත් නොවීම තමාගේ අවසනාව වග මිධුනාථ පවසා ගත්තේ ය. ඔහු තවත් සිතීම අතහැර දමා ඍජුව සුලෝධජගේ දෑස් දෙස බැලුවේ ය. අවසානයේ සුලෝධජගේ විනිවිද යන සුළු බැල්ම මිධුනාථට වදන් සිහිපත් කර දුන්නේ ය.

'' අඥානයා...  තමුන් මහ හිසරදයක්.... '' මිධුනාථ සරල ලෙස එහෙත් රෞද්‍රව පැවසුවේ ය. ඔහුගේ වදන් සුලෝධජගේ මුවට සිනහවක් ගෙන ආ අතර මිධුනාථ ඉන් සෑහීමකට පත් විය . තමාගේ දිව පැටලෙන සුළු දෙබස්වලට වඩා එය අතිශයින් සරල විය . ඇරැත් තමා එවැන්නක් පැවසුවහොත් සුලෝධජහට එය පැහැදිලි කර දීමට ද තවත් හෝරාවක්ම පමණ ගත වනු ඇති වග මිධුනාථ දැන සිටි අතර ඔහුට එතරම් ඉවසීමක් නොවී ය.

සුලෝධජ සෙමින් සිය ගෙල වටා දෑත් යවා තමාට සමීපවෙනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු ද සුලෝධජ තවත් සමීපයට ගෙන ඔහුගේ නළල මත හාදුවක් තවරා ඍජුව ඔහුගේ දෑස් දෙස බැලුවේ සිය කෲර සැලසුම දියත් කිරීම සදහා යි .

'' කිම ද ? පෙර තිබූ කඩි කුලප්පුව නැතිව ගියාද ? '' සුලෝධජ එවර විමසුවේ තවත් මිධුනාථ වෙත තුරුළු වෙමිනි .

මිධුනාථ මුවගින් සිනාසී සුලෝධජ ඔසවා සයනය මතට පෙරළා දමා ඔහුගේ සමස්ත සිරුර දෙසටම විනිවිද යන සුළු බැල්මක් හෙළුවේ ය. සුලෝධජ ද සිය ගෙල වටා වූ ග්‍රහණය අතනොහැරම තමාව ද ඔහුගේ සිරුර මතම පෙරළා ගනු මිධුනාථ විරුද්ධත්වයකින් තොරව අනුමත කළේ ය . මිධුනාථ  සුලෝධජගේ නාසය අග සිපගැනීමට කාර්යය බහුල වෙද්දී සුලෝධජ කිසිදු කලබලයකින් තොරවම මිධුනාථගේ මුහුදු රළ වන් කෙස් වැටිය ලිහා දැමුවේ ය . තමා එලෙසින් වඩාත් කඩවසම් වග සුලෝධජ පෙර ද පවසා තිබෙන වග මිධුනාථ දැනුවත් විය . ඔහුගේ විනිවිද යන සුළු දෑස් මධු විත මෙන් තමාව මත් කර දමන වග මිධුනාථට වැටහුණි . 

උඩු වියන් යොදා , ලෝහිත පැහැ, රත්‍රන් නූලෙන් කැටයම් දමා තිබූ සුවපහසු  ඇතිරිලිවලින් සකස්ව තිබූ රාජකීය සයනයෙහි ඇතිරිලිවලින් හමා ආ ඇට්ටේරියා සුවද කාගේ ක්‍රියාවක්දැයි සුලෝධජගේ මුහුණෙහි වූ දගකාරී සිනහාවෙන් මිධුනාථ වටහාගත්තේ ය. මිධුනාථ ඔහු හා උණුසුම් බැල්මක් හුවමාරු කොටගෙන සුලෝධජගේ දෙතොල් මෘදුව හා ප්‍රවේසමින් සිප ගත්තේ ය.  ඔහු ද දෑස් පියාගනිමින් හා සිය ගෙල වටා වූ ග්‍රහණය තවත් දැඩි කරමින් සිය සිපගැනීමට අවනත වන ආකාරය මිධුනාථට දැනුණි . මිධුනාථට අනුව සුලෝධජගේ සිපගැනීමට අපහසුම ස්ථානය වූයේ ඔහුගේ දෙතොල් විය . සරලවම ඔහුගේ දෙතොල් සුලෝධජට ද වඩා දගකාරී විය .

මිධුනාථ කෙතරම් හික්මවා ගැනීමට තැත් කළ ද සුලෝධජගේ නාහෙට නාහන , කිසිදු හික්මීමක් නැති , අශ්ශීල එහෙත් දෙළුම් යුෂ පරාජය කළ දෙතොල් සන්සුන් කිරීමට මිධුනාථට තවමත් නොහැකි විය . තමා එහි අධිපත්‍ය පැතිර වීමට වූ විට ඔහුගේ අකීකරු දෙතොල් තවත් හිතුවක්කාර ලෙස කැරලි ඇති කළ මුත් එක් පසෙකින් ගත් කළ මිධුනාථ එකී දගකාරී බවද ප්‍රිය කළේ ය.

සුලෝධජ දීර්ඝ සිපගැනීමකට නතු කර ගැනීමෙන් පසුව ඔහු එවර සුලෝධජගේ ගෙල අසළ සිපගැනීමට සැරසුණ ද සුලෝධජ ඔහුට බාධා කළේ මිධුනාථගේ බලාපොරොත්තු බිද දමමිනි. ඔහුගේ දබර ඇගිල්ල සිය දෙතොල් මත නැවතී තිබූ අතර විනිවිද යන සුළු දෑස් මිධුනාථයන්ගේ දෑස් අතර නැවතී තිබුණි .

'' ආරම්භයට පෙර කුඩා ඔට්ටුවක්...'' සුලෝධජ කෙළිලොල් ලෙස පැවසුවේ මිධුනාථ වෙත ඉගිමරමිනි .

'' කුමක් ද එවර ? '' මිධුනාථ විමසුවේ නළල රැලි ගන්වා සුලෝධජ දෙස බලමිනි . ඔහුගේ බැල්මෙහි වූ දගකාරී බව එය කුමනාකාරයේ කරුණක් ද යනවග මිධුනාථට පැහැදිලි කර දුන්න ද ඔහුගේ විශාල දෑස්වලට පිටුපෑමට තමාට කෙලෙසක හෝ නොහැකි වග මිධුනාථ සක්සුදක් සේ දැන සිටියේ ය.

'' මෙවර නුඹයි නිදහස් වන්නේ ප්‍රථමයෙන්.. '' සුලෝධජ අභියෝග කළේ මිධුනාථගේ මුහුණෙහි උපහාසාත්මක සිනහාවක් පැතිර යද්දීයි.

'' චහ් ... සැබවින්ම ? සිහිනෙන් තමා.. '' මිධුනාථ ද  උපහාසයෙන්  පැවසුවේ ය.

'' හොදයි.. කොන්දේසිය අංක එක... ජයග්‍රාහකයාට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගත හැකියි ? '' සුලෝධජ දැඩි  විශ්වාසයෙන් විමසුවේ ය.

'' එකගයි.. '' මිධුනාථ පහව නොගිය හදිසියෙන්ම පැවසුවේ ය.  පෙර සෑම අවස්ථාවකම මෙන් මෙවර ද තමා නිිසැකවම ජයග්‍රහණය කරන වග මිධුනාථට ඕනෑවට ද වඩා විශ්වාස විය . ඔහු සුලෝධජගේ දෙතොල් සිපගනිමින්ම ඔහුගේ රාත්‍රී වස්ත්‍රවල සැහැල්ලු බද පටිය අතරින් සිය දෑත් යැව්වේ ය. ඔහුගේ උණුසුම් කලවා මිධුනාථගේ සීතල දෑත් ද  උණුසුම් කළ වග මිධුනාථ වටහා ගත්තේ ය. 

සුලෝධජගේ නොඉවසිලිමත් දෑත් ඒ වන විට ද සිය බද පටිය අර්ධව ලිහා දමා ඇතිවග මිධුනාථ වටහා ගත්තේ ය. ඔහු බද පටිය කිසිදු කලබලයකින් තොරව ලිහා දමමින්ම දෑස්වලින් සිය උඩුකය හරහා යටිකය තෙක්ම හෙලූ විනිවිද යන සුළු එක් බැල්ම පවා  මිධුනාථගේ හැගීම් සාර්ථක ලෙස අවුස්සා දැමී ය.

'' ඕහෝ.. නාථ. .. තවම මා බද පටිය හෝ ලිහා අවසන් කර නැහැනේ.... බලන්නකෝ .... බද පටියට ඔබ්බෙන් කව්රුන් ද අමුත්තෙක් දැන්ම කලබල වෙලා වගෙයි.....මෙලෙස ගියහොත් නම් ඔබට උඩින්ම පරාජය පිළිගැනීමට සිදු වෙනවා....  '' සුලෝධජ උපහාසාත්මක සිනහාවක් රදවා ගනිමින් සිය දෑස් දෙස බලා පවසනු මිධුනාථ බලා සිටියේ ය.

'' නුඹ සන්සුන් වග ද පවසන්නේ ?  ''  මිධුනාථ පැවසුවේ සුලෝධජ සිරුර පුරාම සිය දෙතොල් රැගෙන යමිනි . ඔහු නැවතත් සුලෝධජගේ බද පටිය අතරින් දෑත් යවමින් ඔහුව සීමිත එහෙත් ප්‍රබල ලෙස අවුස්සා දැමි ය.  එවර සලෝධජ සියුම් කෙදිරීම් නගමින් සිය ඉණ අසළින් දැඩිව අල්ලා ගනු මිධුනාථට දැනුණු අතර ඔහු එකී මිමිණුම්,  සුසුම් හා ස්පර්ශයන් දැඩිව ප්‍රිය කළේ ය. ඔහු සිය පහස හමුවේ ඉක්මනින්ම මත් වන වග මිධුනාථ හොදින්ම දැන සිටියේ ය. ඉදින් ජයග්‍රහණය නිසැකවම තමා සතු විය යුතු විය .

ඉකුත් සති තුනෙහි තමාට සිදුවූ පාඩුව පූර්ණව මග හැරී යනතුරුම මිධුනාථ ඉවසීමෙන් සුලෝධජ සිපගත්තේ ය. ඔහුගේ සිපගැනීම් මෘදු වූ අතර ඒ සමානවම ගැඹුරු විය . අන් කිසිදු කරුණක දී නොමැති සුලෝධජ සිපගැනීම සදහා පමණක්ම මිධුනාථ විසින් ප්‍රගුණ කර සිටි ඉවසීම සුලෝධජ තවත් නොඉවසිල්ලට පත් කළ වග ඔහුගේ වේගවත් සුසුම්වලින් මිධුනාථ වටහා ගත්තේ ය. ඔහු කිහිපවරක්ම අර්ධව ලිහිල්ව ඇති සිය බද පටිය පූර්ණව ඉවත් කිරීමට නොඉවසිල්ලෙන් සිය දෑත් රැගෙන පැමිණිය ද සිය සිපගැනීම හමුවේ නැවතත් කුඩා දරුවෙක් මෙන් සන්සුන්ව දෑස් වසාගනිමින් සෙමින් කෙදිරීම් හඩ නගනු මිධුනාථ අසා සිටියේ ය.

තමා පරාජය කරන වගට වහසි බස් දොඩවා ආලිංගනය ආරම්භ කළ සුලෝධජම සිය සුළු සිපගැනීමට පවා වේගයෙන් සුසුම් හෙළන ආකාරය මිධුනාථට හොදින්ම ඇසුණි . දැනට ද දහදියෙන් නැහැවී ගොස් තිබූ සුලෝධජ පහන් ආලෝකයෙන් දිලිසුණු ආකාරය ඔහුට සාරාගී බවක් එක් කළ අතර එය මිධුනාථ උමතු කරවා දමන තරමින් විය . තමා විසින් සිපගැනීමෙන් ඔහුගේ ගෙල හා නිරාවරණය වූ පපුව මත අලංකාර රටා මැවෙමින් තිබූ අතර ඒවා සුලෝධජ තවත් සරසා දැමූ වග මිධුනාථ සිතුවේ ය . නළල මතට වැටී ඇති සුලෝධජගේ අකීකරු කෙස් රොද , සිය සිපගැනීම්වලින් මත්ව අඩවන් ලෙස පියවී තිබූ සුලෝධජගේ දෑස් පිය , තියුණු පැති දාරයන් සහිත මුහුණ දෙළුම් යුෂවල සියලු ප්‍රණීත භාවය පැරදූ සරාගී දෙතොල් සියල්ලක්ම මිධුනාථගේ සංවේදන හැකියාවන් අඩපණ කර දැමී ය .

සුලෝධජ දෙස හෙලන එක් බැල්මකින් වුව ද  සිය නළල ඔස්සේ දහදිය පවා ගලා යනු මිධුනාථට හොදින්ම දැනුණි. සුලෝධජ සිය රළු දෑත් ආධාරයෙන් සිය කලවා ඔස්සේ ඉහළට පිරිමදිනු මිධුනාථට දැනුණි . ඔහු මදකට දෑස් වසාගෙන අනතුරුව නැවතත් සුලෝධජගේ නිදහස්ව තිබූ දෙතොල්  නැවතත් සිය ග්‍රහණයට ගත්තේ ය.

ඔහු සුලෝධජගේ දෙතොල් අත් නොහැරම සිය දෑත් ඔහුගේ නිරාවරණය වී තිබූ ශක්තිමත් හා පිරිපුන් කලව ඔස්සේ ඉහළට රැගෙන විත් බද පටිය අසළ මදකට නැවැත්වූයේ ය. ඔහු සිය එක් හස්තයකින් සුලෝධජගේ රාත්‍රී සම් බද පටිය ලිහිල් කරමින් සිය දෙතොල් සුලෝධජගේ ගෙල ඔස්සේ සියුම් කැළැල් සහිත පපුව දක්වාම රැගෙන ආවේ ය. ඔහු එක විට සුලෝධජගේ පපුවේ සියුම් ස්ථානයන් තරමක් ගැඹුරුව සිපගනිමින් ඔහුගේ නග්න දෙපා ඔස්සේ කලවා තෙක්ම ස්පර්ශ කරමින් සිය දෑත් රැගෙන ආවේ ය.

'' ම්ම්හ්...... '' එවර සුලෝධජ පැහැදිලි ලෙසම සිය ගෙල ද මදක් ඉහළට ඔසවමින් මුවින් හඩක් නැගූ අතර ඔහුගේ ගෙල අසළ කණ්ඩජාස්ථිය කැපී පෙනීම මිධුනාථ තවත් අවුස්සා දැමුවේ ය.  සුලෝධජ තවමත් වරක් හෝ තමාව නිසි ලෙස ස්පර්ශ නොකළ ද ඔහුගේ කෙදිරීමක් පවා තමාගේ මූලාධාර චක්‍රයන් හා හැගීම් සියල්ල අවධිමත් කරනු මිධුනාථට දැනුණි . මෙලෙස ගිය හොත් ඔහු පැවසූ ආකාරයටම තමා ඉක්මනින්ම පරාජය වන වග මිධුනාථ වටහා ගත්තේ ය. ඊට පෙර ඔහු සුලෝධජ පරාජය කළ යුතු විය .

ඔහු සුලෝධජගේ දෙතොල් මදකට අතහැර ඔහුගේ උදර දාර ඔස්සේ පහළට සිපගනිමින් ඉණ තෙක්ම සිය දෙතොල් රැගෙන ආවේ ය. ඔහුගේ ඔහුගේ ඉණ මේඛලාව වටා රැදී තිබූ රාජකීය සුරය ද සාර්ථකව මගහැර ඉණෙහි මේඛලා දාරයන් ඔස්සේ ඉණ වටාම ඉවසීමෙන් සිපගත් මිධුනාථ අවසානයේ ඔහුගේ යටිකය වස්ත්‍රයන්  ඉවත් කරමින් සුලෝධජ සම්පූර්ණයෙන්ම සිය දෑස් ඉදිරියේ නිරාවරණය කළේ ය. පෙර සෑම දිනකටම වඩා තමාට සුලෝධජගේ සැගව තිබූ සරාගී බව මෙතරම් පෙනෙන්නේ මන්දැයි මිධුනාථ තමාගෙන්ම විමසුවේ ය. ඔහු මද වේලාවක්ම සිය දෑස් අඩවන් කළ සුලෝධජ දෙස බලා සිටියේ ය.

'' ආහ්හ්.. ම්ම්හ්..... ''

සිය සියුම් සිපගැනීම් සුලෝධජ සිය කෙස් වැටිය අතරින් දෑත් යවමින් මුවින් හඩක් නගන අකාරය මිධුනාථට ඇසුණි . ඔහුගේ කෙදිරීම් මිධුනාථ තවත් අවුස්වා දැමූ අතර ඔහු සිය දෙතොලින් සුලෝධජගේ සිරුරෙහි සෑම ස්ථානයකම පාහේ සංචාරය කළේ ය .

මිධුනාථ තවත් කිසිවක් සිදු කිරීමට පෙර සුලෝධජ අවසානයේ ඔවුන් අතර එකම බාධකය වූ තමාගේ වස්ත්‍රයන් ද ඉවත් කර දමනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු කිසිවක් නොපවසා සුලෝධජගේ දෙතොල් සිය ග්‍රහණයට නතු කරගත්තේ ය.

එවර සුලෝධජ සිපගැනීම තමා යටතට ගනිමින් සිය බද වටා ද දෑත් යවමින් තමා ද නැගී සිටුවමින් සිය දෙතොල් මෘදුව සිපගන්නා ආකාරය මිධුනාථට දැනුණි . ඔහුගේ දෑත් තවමත් සිය ගෙල වටා තරයේ එතී තිබූ අතර ඔහු තමාව මෘදුව සිපගනිමින් එක් හස්තයකින් සිය හිස් කෙස් අතරින් මෘදුව දෑගිලි යැවූ වග වටහා ගත් මිධුනාථ මදකට දෑස් ද පියාගනිමින් සන්සුන් විය .

සුලෝධජගේ සිපැගැනීම තමාගේ මෙන් මෘදු නොවූ අතර එහි වූ රළු , ගැඹුරු , හා සෙල්ලක්කාර  බව මිධුනාථ ප්‍රිය කළේ ය. ඔහු සිය කණ්ඩජාස්ථිය අසළ ගැඹුරු ලෙස සිපගැනීම මිධුනාථ නැවතත් අවුස්සා දැමූ අතර සුලෝධජ සිය දෙතොල් පහළට ගෙනවිත් උරහිස් දාරයන් ද සිපගනිමින් සිය පාලනය බිද දමනු මිධුනාථට දැනුණි .සුලෝධජ සිය කලවා මත අසුන්ගෙන සිටිය ද සිය පාලනය සුලෝධජ යටතේ වග මිධුනාථ සැනෙකින් වටහා ගත්තේ ය. ඔහුට නැවතත් සුලෝධජ සිය යටතට ගැනීමට ඇවැසි වුව ද සුලෝධජ තමාට සිපගැනීමට ඉඩ නොදී  රළු හා උද්වේගකර ලෙස සිය සිරුර පුරාම සෑම අගලක්ම සිපගන්නා ආකාරය මිධුනාථට දැනුණි .

ඔහුගේ දෙතොල් තමාගේ සිරුර මත ඔබ මොබ දිව ගියද බද වටා එතී තිබූ හස්තය හැරුනු විට නිදහස් හස්තය සිය යටිකයෙහි සියුම් ස්ථානයන් අසළ දැඩි ලෙස කාර්යය බහුල විය . මිධුනාථ වදනක් පවසා ගත නොහැකි තරම් හැගීම්වලින් මත්ව සිටි අතර සුලෝධජගේ රළු දෑත්වල ස්පර්ශයන් මිස අන් කිසිවක් ඔහුට නොදැනුණු තරම් විය .

'' හ්ම් ආාහ්.. '' අවසානයේ තමා මෙතරම් වෙලා සිරගත කොට සිටි සුසුම් සිය මුවින් අකීකරු ලෙස පිටතට පැනගත්  වග මිධුනාථට වටහා ගත්තේ ය. සුලෝධජ තමා කරමින් සිටි කාර්යය නවතා දමා තමා වෙත විනිවිද යන සුළු ජයග්‍රාහී බැල්මක් හෙලනු මිධුනාථ දුටුවේ ය.

'' කඩි ගුල අවුස්වා අවසන්.. කඩියන් පිටත දැන්.. '' සුලෝධජ උපහාසයෙන් පවසනු මිධුනාථ තරමක් කම්පනයෙන් බලා සිටියේ ය. තමා නිදහස් වූයේ කොයි මොහොතේ දීද යනවග ඔහුට නිශ්චිත නොවූ අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට සුලෝධජ ඔහුව පරාජය කර තිබුණි . සිය දෙසවන් ද රත් පැහැ ගැන්වෙනු මිධුනාථට දැනුණු අතර ඔහු සුලෝධජ දෙස සිය කාලවර්ණ නේත්‍රයන් යොමු කළේ ය.

'' ඇවිස්සුවා සේම කඩියන් ප්‍රහාර එල්ල කරන විට , පැමිණිලි කරන්න සිතන්නවත් එපා.. '' මිධුනාථ එවර දැඩිව තරවටු සුලෝධජ  නැවතත් සයනය මත පෙරළා ගනිමිනි.

'' එකගයි.. නාථ අය්යණ්ඩි... නමුත් මාගේ ත්‍යාගය සිහියේ තබාගන්න... '' සුලෝධජ සිය කන් පෙත්තට මුමුණනු මිධුනාථ අසා සිටියේ ය. ඔහුගේ ස්වරය සිය සිරුර පුරා වජ්‍රයක් සේ පැතිර තමා අඩපණ කර දමනු මිධුනාථට වැටහුණි . ඔහු මදකට එය අමතක කර දමා සුලෝධජ හා තමා අතර තිබූ බාධක සියල්ල බිද දැමුවේ ය.

'' ආාහ්....ම්ම්හ් ....  ''

සුලෝධජ මුවින් හඩක් නැගුව ද මිධුනාථ සුලෝධජව මෘදුව සිපගනිමින් ඔහුගේ දෙතොල් අවහිර කර දැමී ය.

'' පැමිණිලි කිරීම තහනම් ඔබට.. '' මිධුනාථ දෙතොල් සිපගනිමින් පැවසුවේ සුලෝධජ නිහඩ කරමිනි . ඔහු තවමත් තමා දෙස සෙල්ලක්කාර බැල්මක් හෙළා සිටිය ද වරින් වර සිය පහර දීම් හමුවේ ඔහුගේ නළල රැලි ගැන්වෙන ආකාරය මිධුනාථ දුටුවේ ය.

'' ආාහ්...  '' සුලෝධජ නැවතත් තරමක් ශබ්දයෙන් හඩ නැගුවේ ය.

'' කිම ද ? ඇවිස්සූ කඩියන් අනුකම්පා විරහිතව පහර දෙනවා ද ?? චහ්.. . '' මිධුනාථ උපහාසයෙන් විමසුවේ සුලෝධජට හඩනැගීමට ඉඩ නොදී ඔහුගේ දෙතොල් සිපගනිමිනි . ඔහු හඩ නැගීම වෙනුවට එවර සිය දෙතොල් ද සපනු මිධුනාථට දැනුණුමුත් ඔහු ඒ පිළිබද පැමිණිලි නොකළේ ය. ඔහු හුදෙක් සුලෝධජ දෙස උපහාසාත්මක සිනහවක් හෙලුවේ ය.

එවර සුලෝධජගේ දෙපා සිය ඉණ වටා එතී තද වනු මිධුනාථට දැනුණි . සුලෝධජගේ වේගවත් සුසුම් සිය පපුවෙහි වදිනු මිධුනාථට දැනුණි . ඔහුගේ දෑත් මෙන්ම දෙපා ද සිය සිරුර වටා එතී තිබූ අතර මිධුනාථ නැවතත් සුලෝධජගේ දෙතොල් සිය ග්‍රහණයට ගනිමින් මදකට ඔහුගෙන් පසෙකට විය .

ඔහු නැවතත් ආරම්භ කිරීමට පෙර තමා සිතනවාට ද වඩා වේගයෙන් තමා සයනය මත පෙරළී යනු මිධුනාථට දැනුණි . ඔහු සිය දෑත් පිළිබද සිතීමට ද පෙර සුලෝධජ සිය දෑත් සයනය මත තමා තද කරනු මිධුනාථට දැනුණි .

'' සුලෝධජ !!! '' මිධුනාථ විස්මයෙන් හඩක් නැගුවේ ය. සුලෝධජ තමාට සෙලවිය හෝ නොහැකි ලෙස තමාව දැඩිව අල්ලාගෙන සිටිනු මිධුනාථට දැනුණි . ඔහු සිය කලබලකාරී දෑස් සුලෝධජගේ මුහුණ පුරාම රැගෙන ගියේ ය. ඔහුගේ මුහුණෙහි පැහැදිලි ජයග්‍රාහී සිනහාවක් වූ අතර එය මිධුනාථ තවත් නොසන්සුන් කළේ ය. 

'' දැන්ම බිය වූවා ද නාථ ??? ආහ් ??.. '' සුලෝධජ උපහාසයෙන් විමසුවේ ය.

'' උමතුවෙන් ද ? !!!! '' මිධුනාථ නොරිස්සීමෙන් ගිගිරුවේ ය. සුලෝධජ තමාට ඉහළින් , සිටිනු දැකීම මිධුනාථ අපේක්ෂා නොකළක් වූ අතර තමා යටි සිතින් එයට අනුබල දෙන්නේ මන්දැයි ඔහුට වටහා ගත නොහැකි විය .

'' ඔට්ටුවෙහි ජයග්‍රහණය.. '' සුලෝධජ සන්සුන්ව පැවසුවේ මිධුනාථගේ කන අසළ මෘදුව සපමිනි . මිධුනාථගේ සර්වාංගය හරහාම හිරි වැටීමක් දිව යනු ඔහුට දැනුණු අතර ඔහු මදකට දෑස් ද පියා ගත්තේ ය. සුලෝධජ තමාගේ දෑත් සෙලවිය නොහැකි ලෙස දැඩිව අල්ලා ගෙනම සිය සිරුර පුරා රළු ලෙස සිපගනු මිධුනාථ බලා සිටියේ ය.  ඔහුගේ සිපගැනීම්වල වූ රළු ස්වභාවය මිධුනාථ ප්‍රිය කළ වග ඔහුටම වැටහී ගියේ ය. ඔහු සුලෝධජට ඉඩ දෙමින් සන්සුන් වූ වග වටහා ගත් සුලෝධජ මිධුනාථගේ දෑත් ද ලිහිල් කර දැමුවේ ය.

සුලෝධජ ආරම්භයේ සිටම නිහඩතාවයෙන් සිටීමට තරම් ඔහුගේ සිත තුළ ක්‍රියාත්මක වී ඇති සැලසුම කුමක්දැයි මිධුනාථ වටහා ගත්තේ ය. ඔහුගේ සිපගැනීම් මිධුනාථට සියල්ල අමතක කරවා දැමීමට හැකි තරම් ප්‍රබල වූ අතර ඔහු අධි මාත්‍රාවෙන් මත් වූවෙකු සේ සුලෝධජගේ උරහිස හා බද වටා දෑත් යවමින් ඔහුව තවත් තමා අසළට ගත්තේ ඔහුගේ සිපගැනීම්වලට සම්පූර්ණයෙන්ම නතු වෙමිනි . මිධුනාථ මදකට සැහැල්ලු වී තමාට ඉඩ දුන් වග වටහා සුලෝධජ සිනාසී මිධුනාථ දෙස බලා ඔහුව තවත් ගැඹුරු ලෙස සිපගත්තේ ය.

සුලෝධජ තමාට කුමක් සිදු කරනු දැයි මිධුනාථට කිසිදු අවබෝධයක් නොවූ තරමට ඔහු හැගීම්වලින් මත්ව සිටියේ ය. ඔහු සුලෝධජගේ සිරුර අතනොහැරම දෑස් වසාගත්තේ ය. ඔහුට සුලෝධජගේ සෑම සිපගැනීමක්ව වෙන් වෙන්ව විද ගැනීමට ඇවැසි විය . තමා ඔහුව මෙලෙස සිපගන්නා විට ඔහුට ද මෙලෙස දැනෙන්නේ දැයි මිධුනාථ සිතා බැලූ අතර මෙතරම් කල් එය අත්විදීම පිළිබද සුලෝධජ කෙරේ අහේතුක ඊර්ෂියාවක් ද මිධුනාථට හට ගත්තේ ය.

සිය සුසුම් ද සුලෝධජගේ සිපගැනීම් සමගින්ම වේගවත් හා ගැඹුරු වනු මිධුනාථට දැනුණි . පෙර නොවූ විරූ අයුරින් තමා දහදියෙන් නැහැවී යන ආකාරය මිධුනාථ අත් වින්දේ ය. සුලෝධජගේ සැපීම් පවා ඔහුගේ සියලුම සන්වේදනයන් අහිමි කර තිබූ අතර තමාගේ හා ඔහුගේ වේගයෙන් ගැහෙන හදවත්වල රිද්මය මිධුනාථගේ අනාභාත චක්‍රය ග්‍රහණය කරගත්තේ ය.

සුලෝධජ තමාගේ සිරුරෙහි අගලක් නෑර සිපගනු මිධුනාථ නොඉවසීමෙන් බලා සිටියේ ය. සුලෝධජ අවසානයේ සිය විනිවිද යන සුලු බැල්ම තමා වෙත යොමු කරනු මිධුනාථ දුටුවේ ය. ඔහුගේ දෑස්වල වරදකාරී හැගීමක් කැටිව තිබෙනු මිධුනාථ දුටුවේ ය.

'' ම් ම-ට අවශ්‍යයි.. මා -මා  කැමතියි එයට... '' තමා කිසිවක් සිතීමට පෙර සිය ව්‍යාකූල හඩ කලබලයෙන් සිය මුවින් පිට පනිනු මිධුනාථට දැනුණි . සිය ව්‍යාකූල වදන් හේතුවෙන් තමාගේ දෙසවන් අග රත්පැහැ ගැන්වී ඇති ආකාරය සුලෝධජ නොදකීවා යැයි මිධුනාථ පැතුවේ ය.

සුලෝධජගේ මුහුණ ක්ෂණිකව සිනහාවකින් පිරී යන ආකාරයත් ඔහු නැඹුරුව සිය දෙතොල් මෘදුව සිපගන්නා ආකාරයත් මිධුනාථ බලා සිටියේ ය. ඔහු ද සුලෝධජගේ ගැඹුරු සිපගැනීමට ඉක්මනින් ප්‍රතිචාර දැක්වූවේ ය. ඔහු කුඩා කාලයෙන් පසු ප්‍රථම වතාවට සුලෝධජගේ ගෙල වටා දෑත් යවා සුලෝධජ තමාගේ සමීපයට ගත්තේ ය. ඔහු නාථ ලෙස සුලෝධජගේ ගෙලෙහි එල්ලීමට හුරුව සිටි ආකාරය ක්ෂණිකව මිධුනාථගේ සිහියට නැගුණේ ය.

සුලෝධජ සිය දෑස් දෙස ඍජුව බලා සිට නැවතත් සිය උරහිස් දාරයන් හරහා සිපගනිමින් සිය යටිකය තෙක්ම සිපගැනීම ගෙන යනු මිධුනාථ කෙදිරීම් නගමින් බලා සිටියේ ය. රාගික හැගීම් ඔහුව වෙළා ගත් අතර ඔහු තීර්ථ මාළිගේ වළාකුළු පවුර අසළ සිටගෙන සිටිනවාක් වැනි හැගීමකින් සිය සිතම පිරී යනු මිධුනාථට දැනුණි . ඔහුට තවත් අවශ්‍ය වූ අතර ඔහු සුලෝධජ වටා වූ ග්‍රහණය දැඩි කරමින් ඒ බව ඔහුට ඇගවූයේ ය. සුලෝධජගේ එක් සුසුමක් පවා සිය සෑම සියුම් ස්නායුවක් ඔස්සේම ගලා යනු මිධුනාථට දැනුණි .

'' හ්ම්හ්...ආහ්... '' සිය කොදු ඇට පෙළ හරහා එක් වරම ගලා ගිය වේදනාව මිධුනාථ තරමක් නොසන්සුන් කළේ ය .ඔහු තරමක වේදනාවෙන් හා අධික වින්දනයෙන් සිය නිදහස් හස්තයෙන් සයනයෙහි වූ ඇතිරිල්ල දැඩිව සිය හස්තයෙන් අල්ලා ගත්තේ ය . ඔහු සිය දෑස් දැඩිව පියා ගත් අතර තවත් දැඩි කර ඇතිරිල්ල මිරිකුවේ ය. සුලෝධජ සිය හස්තයෙන් මෘදුව අල්ලා ගනිමින් උරහිස අසළ සිපගනු මිධුනාථට දැනී ගිය අතර ඔහු ඉන් තරමක් සන්සුන් විය . ඔහු ද පෙරළා සුලෝධජගේ හස්තයෙහි සිය දෑගිලි පැටලැවී ය. සුලෝධජ තවමත් නිශ්චල වූ අතර ඔහු තමාට මද කාලයක් ලබා දුන් වග මිධුනාථ වටහා ගත්තේ ය. ඔහු සිය හිස ද මෘදුව සිපගත් වග දෑස් විවර නොකරම වටහා ගත් මිධුනාථ එවර මුළුමනින්ම පාහේ නුපුරුදු හැගීම් ඉදිරියේ සන්සුන් විය .

'' නාථ ..... '' සුලෝධජ මෘදුව පවසා ආදරණීය ලෙස සිය දෙසවන් අසළ හා දෙතොල් ද ඉවසීමෙන් සිපගනු ඔහු බලා සිටියේ ය .

'' තමුන් අනුකම්පා කරනවා ද ? '' මිධුනාථ  නොරිස්සීමෙන් විමසුවේ ය. ඔහු දැනට ද ප්‍රමාණවත් ලෙස නින්දාවට පත්ව සිටි අතර සුලෝධජ ද මෙලෙස තමාට අනුකම්පා කිරීම මිධුනාථ නොරිස්සුවේ ය.  එවර සුලෝධජගේ මුවෙහි ද සිනහාවක් ඇදී ගියේ ය.

'' අනුකම්පාවක් නැහැ ඔබට.. '' සුලෝධජ උපහාසයෙන් මෙන් සිනාසෙමින් පැවසුවේ ය. ඔහුගේ ස්වරයෙහි පැහැදිලි  අනතුරු ඇගවීමක් ගැබ්ව තිබූ වග මිධුනාථ වටහා ගත් අතර ඔහු සිය දෑස් වසා ගත්තේ ය.

සිය සිරුර ද  සුලෝධජගේ රිද්මයට කෙමින් අවනත වනු මිධුනාථට දැනුණි . ඔහුගේ රිද්මය තමාට වඩා රළු වූ වග මිධුනාථ සැනකින් වටහා ගත් අතර ඔහු ඇතිරිලි ද අතහැර දමා සුලෝධජගේ බද අසළින් දැඩිව අල්ලා ගත්තේ ය. වේදනාවෙන් ඔහුගේ නළල මදක් රැලිව ගිය ද ඔහු යටි සිතින් එය ප්‍රිය කළේ ය. ඔහු සිය සියලු හැගීම් නිදහස් කර දැමී ය. විශාල සැහැල්ලුවක් මිධුනාථ වෙළා ගත් අතර සුලෝධජ වේගවත් කළ රිද්මයට ද ඔහු ද  අවනත විය .

'' ආහහ්... ස්ලෝ -ධජ ....  '' මිධුනාථ එවර සිය මුවින් පිටවූ කෙදිරියට ඉඩ දුන්නේ ය. තමා නොදැනීම සුලෝධජගේ නාමය වැරද්දූ වග මිධුනාථගේ සිහියෙහි නොවී ය. ඔහුට විසි නොවී සිටීමට සුලෝධජගේ බද අසළින් දැඩිව අල්ලා ගත්තේ ය.

'' ම්ම්හ් ? '' සුලෝධජ විමසුව ද මිධුනාථ පිළිතුරු නොදුන්නේ ය. ඔහු නැවතත් වේදනාවෙන්න් හා වින්දනයෙන් මත්ව මුවින් කෙදිරීම් නැගුවේ ය.  සුලෝධජගේ උණුසුම් සුසුම් හා මුසුවූ සිය මිමිණීම් සංයෝජනය වූ අකාරය අසා සිටීම මිධුනාථ ප්‍රිය කළේ ය. සුලෝධජ පැවසූ ලෙසටම ඔහුගේ ප්‍රහාරයන්හි කිසිදු අනුකම්පාවක් තැවරී හෝ නොතිබුණි . සිය දෑසින් අකීකරු ලෙස කදුළු ද පිට පනිනු මිධුනාථට දැනුණ ද එය සුලෝධජ නොදකිනු ඇතැයි මිධුනාථ ප්‍රාර්ථනා කළේ ය. සුලෝධජ මෙවැනි අවස්ථාවක කිසිදා හඩා නොමැති වග මිධුනාථ දැන සිටි අතර තමා මෙලෙස හැඩීම ඔහුට අඩි කිහිපයක් යට භූගත වීමට තරම් ලැජ්ජවට  කාරණාවක් වග මිධුනාථ දැන සිටියේ ය . ඔහු තවත් දැඩිව සුලෝධජගේ බද අසළින් අල්ලා ගත්තේ ය .

සිය කශේරුව හා ඉණ අසළ දැඩිව වේදනාගෙන දුන්න ද මිධුනාථ පැමිණිලි නොකළේ ය. ඔහුගේ දෙපා ගැලවී ගිය හොත් තමා පුදුම නොවන වග මිධුනාථට තමා වෙතම පවසා ගත්තේ ය. හෙට දින තමාට නිසි ලෙස ඇවිදීමට හෝ නොහැකි වන වග මිධුනාථට දැනටම විශ්වාස විය . එතරම්ම ඔහු අඩපණ විය . සුලෝධජගේ කායික ශක්තිය හා ගැටීම මින් පසු ක්‍රීඩාවට හෝ සිදු නොකළ යුත්තක් වග මිධුනාථ වටහාගෙන හමාර විය .  තමා සති තුනක් තිස්සේ සුලෝධජට මෙලෙස කරන වග සපථ කරමින් සිදු කළ මහා සැලසුම කැරකී තමා වෙතම හැරුණු වග විශ්වාස කිරීම ඔහුට අපහසු විය . නැවතත් කිසිදු දිනෙක සුලෝධජ හා මෙවැනි ඔට්ටු ඇල්ලීමෙන් වැළකිය යුතු වග මිධූනාථ තරයේ සිතා ගත්තේ ය.

අවසානයේ සුලෝධජ සිය සිරුර මතම නිදහස් වනු මිධුනාථට දැනුණු අතර ඔහු කිසිවක් නොපවසා සිය සිරුර මතම වැතිරෙනු මිධුනාථට දැනුණි . ඔහු ද සුලෝධජ වෙත කිසිවක් නොපවසා ගොළුවතින් සිය පපුව මත හිස තබාගෙන සිටි සුලෝධජගේ කෙස් වැටිය අතරින් දෑත් යවමින් ඔහුගේ හිස මෘදුව පිරි මැද්දේ ය. ඔහුගේ නළල මතට වැටී දහදියෙන් ඇලී තිබූ කෙස් රොද මදක් පසෙකට කළ මිධුනාථ ඔහුගේ නළල මෘදු හා දිගු සිපගැනීමකට නතු කරගත්තේ ය. සුලෝධජගේ දහදියෙන් නැහැවී ගොස් තිබූ නග්න සිරුර , සිය සිරුර මතම අැලී තිබූ ආකාරය මිධුනාථ ප්‍රිය කළේ ය. 

සුළු මොහොතකට පෙර තමාට ස්වේච්ඡාවෙන් දෙව්ලොව පෙන්වූ සුලෝධජම එවර සිය පහසට අවනතව කුඩා දරුවෙකු මෙන් තමාට තවත් තුරුළු වනු මිධුනාථ බලා සිටියේ ය.

'' ..පර්ජන්‍යයක් බදුයි..... හුම්හ්.... මාළිගයේ සියලු සයනයන් හා හිස්නයන් ඉවත් කර ඔබව පමණක් තබාගන්නවා.. හුම්හ්....  '' සුලෝධජ දෙතොල් උල් කරමින් පැවසුවේ තවත් මිධුනාථගේ සිරුර මත හරි බැරී ගැසී සුවපහසු ලෙස හිස තබාගනිමිනි .  මිධුනාථ අපහසුවෙන් වුව ද සුලෝධජ දෙස බලා සිනහාවක් නැගුවේ ය. එවර සුලෝධජ තමාව වැළදගනිමින් තවත් තමාගේ පහසට තවත් තුරුළු වනු මිධුනාථට දැනුණි .

'' අතහරින්නේ නැහැ.. '' සුලෝධජ මුමුණනු මිධුනාථට දැනුණි .

'' අතහැරිය නොහැකියි. '' මිධුනාථ ද පෙරළා මිමිණුවේ නැවත වරක් සුලෝධජගේ නළල සිපගනිමිනි .

'' හ්ම්..  '' සුලෝධජ ඉක්මනින් සන්සුන්ව දෑස් පියාගනු මිධුනාථට දැනුණි . ඔහු ශ්වසනය සැහැල්ලු වූ අතර ඔහු ඉක්මනින් සැතපුණු වග ද මිධුනාථට වටහා ගත්තේ ය. ඔහු නැවතත් සුලෝධජ අවදි කිරීමෙන් වැළකී ඔහුගේ නළල හා කොපුල ද නැවත වතාවක් දීඝ සිපගැනීමකට නතු කරගත්තේ ය. සුලෝධජ තවමත් කුඩා දරුවෙකු සේ තමාට තුරුළු වී සිටින ආකාරය මිධුනාථ ප්‍රිය කළේ ය. කෙසේ වුවත් මින් පසු ඔහු අහිංසක දෑසට රැවටීමෙන් වැළකිය යුතු වගත් සුලෝධජට අහිංසක ලෙස පැවසීමෙන් ද වැළකිය යුතු වග මිධුනාථ තීරණය කළේ ය. 

සිය සිරුරෙහි වූ වෙහෙසකර භාවය ඔහුගේ ද දෑස් පියවා දමනු මිධුනාථට දැනුණි . කුටියෙහි වූ පහන් ආලෝකයන් මදින් මද නිවී යන ආකාරය මිධුනාථ දුටු අතර ඔහු සුලෝධජ සිය දෑත් අතරට ගෙන දෑස් පියාගත්තේ ය.

.
.
.
.
.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

A.N -

* සප්රායිස් උන්ගා බුන්ගා.. බුහා හාහා ..

* අදවත් නින්ද යාවි ද කස්ටියට ?

* දැන් ඉතින් ඉවරයි වගේ තමා.. තව 2ක් තියේ.... ආහ්... ඊලග එකේ ඇනිවර්සරි එකයි මිද්දාගේ බර්ත් ඩේ එකයි අල්ලලා පාටියක් දාමු... සුලෝගේ තෑග්ග = බර්ත්ඩේ එක දවසේ මිද්දාට දෝලාවක්වත් දාලා දෙන්න වෙයි ඇවිදින්න ...... බුහාහ හාා

Continue Reading

You'll Also Like

404K 59.1K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
527K 61.7K 181
Divine doctor : Daughter of the first wife [ မြန်မာ ဘာသာပြန် ] Author : 杨十六 (Yang Shi Liu) English Translator : Spring Rain Translations Group Discla...
1.9K 295 16
මේ කතාව ප්‍රසිද්ධ තායි BL couple එකක් වෙන offgun ගේ ff එකක්.මේකට මේ නම දාන්න හේතුව තමයි මේක බලන අයට සමහර වෙලාවට lgbt comunity එකේ ඉන්න එක එයාලා බලන b...
9.1K 1.1K 17
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර...