(වර්තමානයට)
"ශොනාල් අයියා.... මම පලවෙනි දවසෙන් පස්සේ ආයෙ ඒ රූම් එකට ගීයේ නෑ😳මොනවද ඔයා මේ කියන්නේ...
"ඔයාව මගේ ඇස් ඉස්සරහම ඒ රූම් එකට ගෙන්න ගත්තා... ඇයි නෑ කියන්නේ...ඒ නිසාමයි මම දවසක් ටැක්සි උබෙන් ඇහුවේ උබ සනූපට කැමතිද කියලා. උබ එදා ඔව් කිව්වා. ඒ නිසා මට මගේ හිතේ තිබුනු දේ කියන්න බැරි වුනා. උබ මගේ යාලුවා... උබට අයිති දේවල් උදුර ගන්න තරං තිරිසනෙක් නෙවෙයි මම. අනික ඒ වෙද්දි ස්නෝපිත් මට කැමැත්ත දීලා තිබුනේ නෑ...
"කැමැත්ත දෙන්න ඔයා මගෙන් අහලා තිබුනෙ නෑ" ස්නෝපි මැදින් මැදින් කතාවට බාධා කරා.
"...ස්නෝපි ඒ රූම් එකට ගියේ හරි සතුටින්. ඉතින් එයාගෙ සතුට නැති කරන්න මට ඕනෙ වුනෙත් නෑ. ඒත් එයා එක්ක ගත කරපු ටික කාලෙ තමයි මගේ ජීවිතේ සතුටුම කාලෙ. ඒත් ස්නෝපි ටික ටික වෙනස් වුනා. එයා ටිකෙන් ටික ඔයා දිහාවට ඇදිලා ගියා. ඒකයි මම එයාව මගේ හිතින් අත අරින්න උත්සාහා කරේ. ඒත් තවම මට ඒක කරන්න බෑ. ඇයි දන්නෑ. එයා මෙච්චර නරුම වැඩක් කරලා තියෙද්දිත්... මට තරහක් නෑ. මට තියන්නේ මං ගැනම ලැජ්ජාවක්. මට තිබුනා එයාව හදන්න. අනික මට එයාව තේරෙනවා. ආදරේ කරන කෙනෙක් ටික ටික ඈත් වෙද්දි එන වේදනාව මට හොදට තේරෙනවා. ස්නෝපි උබට කැමතියි. ඒත් උබ කැමති ඉදුවරට. මට උනා වගේම දෙයක් එයාට උනේ...."
ශොනාල් අයීයා කතා කරන වචනයක් වචනයක් පාසා එයාගෙ ඇස් බොදවුනා...කම්මුල් තෙත් වුනා...
"පිස්සුද... මම තීක්ශන අයියාට කැමති නෑ.... අනික මම එයාගෙ රූම් එකට ගියෙත් නෑ ඒ වගේ දේකට... තීක්ශන අයියා... කට වහන් ඉන්නේ ඇයි...කියන්න..."
ඒ හැම සිදුවීමක්ම එක මොහොතක කනට වැටුනු නිසා මම හිටියේ දෙලොවක් අතර තනි වෙලා. තීක්ශන අයියා දිහා බැලුවහමත් මට ඒකම හිතුනා. එයත් තවම පාර හොයනවා. අපි දෙන්නාම පියවි සිහියට ආවේ ස්නෝපිගේ කෑ ගැහිල්ලට.
"ඈහ්...මොකක්ද... ඔව්... සනෝපි එකම එක පාරයි මම ගෙන්න ගත්තේ... ඊලග පාර ඇවිත් ස්නෝපි කිව්වා වෙන සීනියර් කෙනෙක් එයාව අයිති කර ගත්තා බ්ලා බ්ලා බ්ලා කියලා. ඒත් මම හිතුවෙ නෑ ඒ උබ කියලා. අනික මගේ ටේස්ට් එකට ගැලපුනෙත් නැති නිසා මම එක පාරින් යන්න දුන්නා. උබ කියන විදිහට ගෙන්න ගත්තෙ නෑ."
"මම ඉන්න තැනමයි. ගෙන්න ගත්තේ... මමමයි එදා අතුගාන අයිඩියා එක දැම්මේ"
"ඔව් මම ගෙන්න ගත්තා. ඒත් ඒ ඇත්තටම අතුගාන්න. අස්කරන්න... ස්නෝපි හොදට අස්පස් කරන වැඩ කරනවා ඒකයි මම එයාව ගෙන්න ගත්තේ. මම ලියන කියන වල වැඩ වලට හිරවෙලා ඉද්දි ස්නෝපි ඇවිත් ටිකක් අස්පස් කරලා කතා කර කර ඉදලා යනවා. ඒකෙන් මගේ මහන්සියක් නැති වුනා ගොඩක් දා ට. උබ වැරදියි තේරුම් අරං තියන්නේ."
" ... "
"ශොනාල් අයියා... මාව විශ්වාස කරන්න."
"හරි මට අවිශ්වාසයක් නෑ කාවවත්. අනේ බං මගේ ඔලුව පරපුරයි වගේ... මොනවත් හිතා ගන්න බෑ. හරි ඒක මොකක් හරි. ඒත් ස්නෝපි මේ හැමදේම කරේ ඌ උබට කැමති නිසා...
"නෑ...
ශොනාල් අයියාගෙ කතාවට ස්නෝපි ආයෙම බාධාවක් වුනා.
"... මම පලවෙනි දවසේ ඉදන් මේ වෙනකං කවදාවත් තීක්ශන අයියාට කැමති වෙලා නෑ. මම එදා පලවෙනි දවසේ හොදටම බය වුනා. ඒත් මගේ සැනසීමට හිටිය එකම කෙනා ඔයා. ඔයා ලගින් මට ලොකු උනුහුමක් දැනුනා. ආරක්ශාවක්... ඒකයි මම මගේ මුලු ඇගම ඔයාට භාර කලේ... ඒත් ඔයාට මගේ හිතේ තිබුනු කිසි දෙයක් තේරුම් ගන්න බැරි වුනා. ඔයා ඕනෙම වෙලාවක ලෑස්තියි වෙන කෙනෙක්ගෙ සතුටක් වෙනුවෙන් මාව අත අරින්න. ඔයා ඒ තරමටවත් මට අගයක් දුන්නේ නෑ....
"ඒත් ඔයා තීක්ශනට කැමැත්තක් නැත්තං ඇයි ඉදුවර එක්ක තරහා"
"හහ්... ඒකට හේතු ගොඩයි. පලවෙනිම හේතුව තමයි ඉදුවර ආව පලවෙනි දවස. මට කොහෙත්ම එදා ඉදුවර එක්ක තරහක් තිබුනේ නෑ. ඒත් මම එක සිද්ධියක් අහම්බෙන් දකිනකන්. එදා ඔයා හරි කලබලෙන් club room එක දිහාවට දිව්වේ. ඊට පස්සේ මමත් ඔයා පස්සෙන් ගියා. ඔයා ඉදුවරව කොච්චර ආදරෙන් බදාගෙන හිටියද කියනවනං එදා මම මේ ලෝකෙ කාටත් වැඩියෙන් ඉදුවරව අප්‍රසන්න කලා. එක දවසකින් නැවතුනා නම් හිත හදා ගන්නවා. ඒත් එයා club එකේ වැඩ වලට ආවෙ නැති දවසට ඔයා යනවා එයාගෙ පන්තියටම...එයාව හොයාගෙන. මට ඒවා හොයා ගන්න බැරි වෙයි කියලා හිතුවද? ඔයාට ඉදුවරගේ දුක හොදට තේරුනා. ඒත් මාව තේරුම් ගන්න බැරි වුනා. තාමත් බෑ...ඒ නිසයි මම ඔයාගෙන් ඈත් වුනේ... ඔයාට අකමැති නිසා නෙවෙයි. මම ඈත් වෙද්දිත්වත් ඔයාට මගේ වටිනාකමක් දැනෙයි කියලයි හිතුවේ. ඒත් මම මෝඩයි. තීක්ශන අයියාට වගේම ඔයාටත් ඕනෙ ඉදුවරගේ සතුට. මොකද එයා හිතින් දුර්වල පොඩි කොල්ලෙක්නේ... ඔයාලගේ හිත උණු වෙනවනේ... හහ්... මම... හිත ශක්තිමත්.. නපුරු ජරා මිනිහෙක්නේ... ඒක තේරුම් ගන්න ඇති නේ...
ස්නෝපි කියපු කතාවෙන් ශොනාල් අයියාගෙ කතාවේ වැරදි අඩුපාඩු පුරව ගන්න මගේ මොලේට පුලුවන් උනත්. ඒ දෙන්නාගෙ කතාව තවමත් ප්‍රහේලිකාවක්.
"ස්නෝපි උබ කියන්නේ උබ ශොනාල්ට කැමතී කියලනම්... මොකක්ද මගේ මල්ලි එක්ක තමුසෙට තියන ගනුදෙනුව.... ඈ... කියපං..."
"හහ්.... ඒක.... ගනුදෙනුවක් නෑ ඊරිසියාවක් විතරයි... ඔව් ඊරිසියයි. ඇයි හැමෝම ඔහොම බලන්නේ මම ඉදුවරට ඊරිසියයි. මොකද ඌ දුර්වලයි කියලා කියන්න උට ශක්තිය තිබ්බා... ඒත් මට නෑ... මම ඉදුවරටත් වඩා හිතින් වැටිලා ඉන්නේ... ඒත් කාටවත් තේරුනාද... නෑ... ඔයාලට පේන්නේ මගේ පිටත ස්වරූපෙ විතරයි. ඔව් පිටින් මම ශක්තිමත්. ඒ වගේම තිරිසනෙක්... ඒත් මම තිරිසනෙක් වෙන්න හේතුව හොයන්න ඔය කාටවත් ඕනෙ උනාද...නෑ... අඩුම තරමේ ශොනාල් අයියා ඔයාටවත් ඕනෙ වුනේ නෑ... ඉදුවර ආව දා ඉදන් එයාව ආරක්ශා කරන්න ගිහින් ඔයා මාව තවත් ඈත් කරා. ඔයා මගේ ලේ හෙලෙව්වෙ එයා නිසා... ඒ කාලෙ මට සැපක් වුනු ඔයාගෙ අත් වලින්ම ඔයා මට නොසෑහෙන්න ගැහුවා...
"ඔයාගේ වේදනාව කොහොමද මට තේරෙන්නේ... ඔයා මට කියන්නේ නැතිව..."
"කිව්වා... ඔයාට තේරුනේ නෑ... නෑ... ඔයා තේරුම් ගන්න උත්සාහා කලේ නෑ...
**************
(අතීතාවර්ජනය 👣)
Snophy 's POV
"මම තනියම යන්නං"
"පිස්සුද මේ ටිකත් මම ගිහින් දාන්නං"
"අම්මෝ... ඇයි මම එච්චර ආරක්ශා කරන්න තරං කෞතුක වස්තුවක්?"
"මගේ දේවල් මම කොහොමත් ආරක්ශා කරනවා. අරකද ගෙදර"
"ඕ... මේ.මාව මෙතනින් දාලා යන්නකෝ අයියා"
"මාව ගෙට ගෙන්න ගන්නෙ නැත්තෙ ඇයි. හුම්... මම ගෙදරම එන්නං."
"පේන්නැද්ද රෑ වෙලා"
"මට රෑ දවල් ප්‍රශ්නයක් නෑ. තාම හතයි නේ... මොකක්ද අප්පා... හරි හරි මට තේරුනා මම ගෙදර එනවට කැමති නෑනෙ"
"අයියෝ බෑනෙ මේක කරන්න. එහෙම දෙයක් නෙවෙයි අනේ කිව්වේ..."
"හා..හා කමක් නෑ... එහෙමනං කෝම දෙයක්ද කිව්වේ... හේතුව කියන්නකෝ"
"මගේ කාමරේ අස් කරලා නෑ"
"අපි අතුගාමු😉 මුලු කාමරේම. අද දවසම අතුගාමු..."
එයා ඒ කියපු දෙයින් මම හංගන්න හදන දෙයත් මට අමතක වෙලා ගියා. ටික වෙලාවකින් එයා කාර් එකෙන් බැහැලා දොරත් ඇරලා මගෙ අතිනුත් ඇදගෙන ගෙදර දොර ලගට ගියා.
"පණ්ඩිතයා වගේ මාවත් ඇදන් ආවට මොකෝ දොර ගාවදි කොල්ලාගෙ පණ්ඩිතකම බැස්සෙ?"
"මගුලක් කියෝනවා. ඔයාගෙ මාමාට කියන්න බොරුවක් මම මේ හදන්නේ"
"යං යං මොනවා හරි කියමු"
අපි දොර ඇරං ඇතුලට ගියා මම බලාපොරොත්තුවුනු දසුනම ඇතුලේ තිබුනා. වෙනසක් නෑ වෙනදා වගේමයි. තානායම පිරිලා වල් භල්ලොන්ගෙන්. මම හිටියේ උඩ තිබුනු පොඩි කාමරයක. මාමා මාමා කිව්වට මේ මාව කන්න බොන්න දීලා හදා ගන්න කෙනා මිස කිසිම ලේ නෑ කමක් මට මාමා එක්ක නෑ. ඒ මිනිහාට තානායමක් අයිතිව තිබ්බා. ඉතින් හැමතිස්සෙම පහල තට්ටුවේ මිනිස්සු බොනවා... සාද තියනවා... ඒත් මම දැන් ඒකට හුරුයි. මොකද මම මෙහෙට ආවෙ වයස අවුරුදු හතේ පොඩි ගැටයා කාලේ. ඒත් මම පුරුදු නැති... පුරුදු වෙන්න කැමති නැති දෙයක් තිබුනා. ඒ දේත් මම ආ දා ඉදන් සිද්ද වුනා... ඒත් ඒ ගැන කාටවත් කියන්න තරම් හයියක් මට නෑ.
"උහ්... සනූ... කවුද මේ ඉලන්දාරියා?"
"අංකල් මම සනූපගේ යාලුවෙක්. මම ශොනාල්"
"ආහ් මොකෝ මේ පැත්තේ... හරි හරි මොනවා හරි බොනවද?"
"අනේ නෑ අංකල් බොන්න නං බෑ. මේකයි අංකල් අපෙ තාත්තාට අද නයිට් ඩියුටි වැටිලා. අම්මාත් ඩොක්ටර් කෙනෙක් නිසා රෑ හොස්පිටල් එකේ. මම තනියම නිසා මට මෙහෙ එන්න උනේ. අනේ කරදරයක් නං සමා වෙන්න කරන්න දෙයක් නැති නිසා ආවේ"
"අනේ මොන කරදරයක් පුතේ... ඔයාට ඕනෙම කාලයක් ඉන්න. පුතාගේ තාත්තා කොහෙද වැඩ?"
"බැං...
"පොලීසියේ... ඔව් එයාගෙ තාත්තා පොලීසියේ ලොක්කෙක්..." මම ඉස්සර වුනා.... ඒත් ඒ එක වචනේ මට හැමදේකින්ම ගැලවෙන්න මාර්ගයක් ලැබුනු බව මට තේරුනේ මාමා ඇස් වල තිබුනු බයෙන්.
"ආහ් පොලීසියෙන්... හා හා වොෂ් දාගන්නකෝ"
අපිට යන්න ඇරියත් මාමා එකපාරට මගේ අතින් අල්ල ගත්තේ ශොනාල් අයියාගෙ ඇස් වලින් වහං වුනු මොහොතක.
"තෝ අර පොලිස් කුක්කාව ඉක්මනින් යවපං. නැත්තං දන්නවනේ.... මේ මිනිස්සුන්ට ගොඩක් වෙලා බලන් ඉන්න බෑ... මගේ යකා අවුස්ස ගන්නෙපා"
වෙනදට ඒ විධාන ලද සැනින් මම ක්‍රියාත්මක වුනත් අද මට ශොනාල් අයියා ඉන්න නිසා කිසිම බයක් මගේ හිතේ තිබුනේ නෑ. මගේ කටටත් ශක්තියක් වෙනදා නැති ජවයක් ලැබුනා.
"අද බෑ... ශොනාල් යන එකක් නෑ. එයාගෙ තාත්තා මට කිව්වේ අරං යන්න කියලා. මෙයා තනියෙන් ගෙදර ගියොත් හෙට ඉදං අංකල් පන්නයි අපෙ පස්සේ. ඊලගට ඔයා ඉවරයි. මේ හැමදේම_ඉවරයි_"
"කොහෙද මල්ලිගෙ කාමරේ"
"යමුකෝ යමුකෝ"
"නෑ අදට ඔය දෙන්නා ගෙස්ට් රූම් එකකට යන්න. කැමති රූම් එකකට...හාහා...ඒක හොදයි නේ"
මාමාට ශොනාල් අයියාගෙ තාත්තා ගැන කියලා මම වක්‍රව කරපු තර්ජනය හොදටම තේරිලා. දැන් නිකං සිංහයාගෙ කට ලගටම ගිහින් නැවතුනු බය වුනු හිවලෙක් බේරෙන්න පාරක් හොයනවා වගේ එයා එක එක විදි උත්සාහා කරා. ඒත් ශොනාල් අයියාගෙ මුරණ්ඩුකම ඒ හැමදේකටම වඩා ප්‍රබල වුනා.
"නෑ අංකල් වෙන රූම් ඕනෙ නෑ. මම කියලා විශේෂ අමුත්තෙක්යෑ... අංකල්ගෙම පුතෙක් වගේනේ😏 මම සනූපගේ කාමරේම ඉන්නං. වෙනින් මහන්සි වෙන්න ඕනෙ නෑ"
"ඔව් මගෙම පුතෙක් වගේ තමා. ඒත් හරි නෑනෙ පුතා. යමු අලුත් කාමරේකට"
"අනේ කමක් නෑ අංකල් මම ඉන්නං සනූපගෙ කාමරේ"
අවසානේ වචන හරබයේ ජයග්‍රහණයත් පොදි බැදගෙන අපි දෙන්නා උඩට ගියා.
ඇත්තටම මගේ කාමරේ ශොනාල් අයියාට පෙන්නුවේ... එයා හැමදෙයක්ම තේරුම් අරං මාව මේ අපායෙන් ගලවගනී කියලා හිතාගෙන...එයා එහෙම කරයිද... නැත්තන් එයා මාව තනිකරලා යයිද??? වෙන්න යන ඕනෙ දේකට මූණ දෙන්න ලෑස්ති පිට මම මගේ අදුරු ගුබ්බැයමේ දොර ඇරියා.
"සැක්... මේක නං අතුගාන්න කියාපු ස්පොට් එක🤣 මල්ලි මේක නිකං සෙක්සාගාරයක් වගේනේ. සුපිරි"
"ඔව් හරි සුපිරි" අනේ දෙවියනේ please ශොනාල් අයියාට හැමදේම තේරෙන්න.... එයාට හැමදෙයක්ම තේරුම්ගන්න පුලුවන් වෙන්න.
එයා කෙලින්ම මගේ ඇද උඩ වාඩි වුනා. ඉන්පස්සේ හොද විමසිල්ලෙන් කාමරේ පුරාම බැලුවා. එයාගෙ ඇස් වලට හැම පොඩි දෙයක්ම නෝට් වුනා නං මට ඒ ඇති. ඒත්...
"ඕහෝයි... ඔයාගෙ තාත්තා පොලීසියේ ද?? ඒකද අපෙ තාත්තා පොලිසියේ කියලා කිව්වේ. උදේ ඉදං රෑ වෙනකං සල්ලි එක්ක හැප්පෙන අපෙ තාත්තාට නේ ඔයා පොලීසියේ කිව්වේ. මට තව ඩින්ගෙන් හිනා යනවා "
"ඇයි අපෙ තාත්තා පොලිසියෙද ඇහුවේ"
"මේ සුපිරි මාංචු කුට්ටමක් තියන්නේ ඇදේ සෙට් කරලා...අඩේ අනික් පැත්තෙන් එකක්... අම්මටසිරි හතර කොනේම... ඔයාට පොලීසියට යන්න බලාපොරොත්තුවක්හෙම තියනවද??... මම මාංචු දැක්කෙත් අද මුල් වතාවට... film වල ඇරෙන්න ඇත්ත ලෝකෙ දැකලම නෑ"
____________________________________
හායිස් ගායිස්😏
ඔබේ ආදරණීය බනියා ලග ලග අප්ඩේට් ගේන ලදී.... දනීනවද වැඩක්. මම කතාව ලියලා ඉවර කරා (ඉවර කරා කිව්වට ඉවර කරන්න ලං උනා)🥳🥳🥳🥳 දැන් නිදහසේ මැරෙත හැකී. ඊයේ පාන්දර පහයි කාල වෙනකං කොටලා කොටලා කොටලා මගේ ඇගිලි ටික වක් වෙලා යකෝ 🤣🙂 කමක් නෑ දුකක් නෑ ඉතිම්. දැන් තියන්නේ සින් සින් ගාලා කතාව දෙම්න. ඒක නෙවේ... අන්තිමට අතුගාන කෑල්ලක් ඕනෙතෙ? නැත්තං සෑඩ් එන්ඩින් එකක් ඕනෙතෙ?, නැතීතං කොම්පියුස් උංගා භංගා වෙන එකක් ඩෙන්නඩ...කතාවෙ ඉතිරි ටික ඔයාලට හිතා ගන්න😏🤣 කියම්න. ඒ අනුව කතාවෙ අවසානේ වෙනස් වේ🤣
-bunny🐰