"මේ අක්කෙ... දැන් බැන්දට පස්සෙ පැණිහඳ එහෙම කොහොමද ගන්න හිතන් ඉන්නේ...?"
"මොක? පැණි කජු??"
"පැණි කජු නෙවෙයි හලෝ... පැණි හඳ..."
"ඒ මොනවද ඒ...? අලුත් අයිස් ක්‍රීම් ජාතියක්ද?"
"අයිස් ක්‍රීම්? අපෝ මොනවද අක්කෙ තමුසෙ තාම ඉන්නෙ ගල් යුගයෙනෙ. ඔය ඇඳුම පැත්තක දාලා මං කියන්නේ කොල අතු ටිකක් ඇඳගන්න..."
"අනේ මේ... ගල් යුගේ බැයිනම් එඬේර යුගේ... උඹ මෙතන පුරාවිද්‍යාඥයා වෙන්නෙ නැතුව අහපු එකට උත්තරයක් දියංකො."
"හනිමූන් අක්කෙ, හනිමූන්.... උගන්නන්නේ English.. ඒ වුණාට හනිමූන් දන්නෙ නෑ..."
"ඉතින් යකෝ හනිමූන් වලට සිංහලෙන් කියන්නෙ මධුසමය කියලා... මොන රටේද පැණි හඳ කියලා කියන්නේ... අනික මං උගන්නන්නේ English literature. ඒවගෙ ඔය අසභ්‍ය දර්ශන නෑ..."
"අනේ නැති හැටි මමනෙ දන්නෙ. කැම්පස් යද්දි lecturersලටයි සාහිත්‍ය කාරයන්ටයි බැන බැන බලපු ෆිල්ම් තොගේ. ඒවගෙ තිබුනෙ පෙරපාසල් දර්ශන වෙන්න ඇති නේද?"
"කට වහගෙන drive කරපං උලමා..."
...........
ඔන්න අපි අපේ ගමනාන්තයට ආවා. මගෙ ඉස්සරහා දිලිසි දිලිසි තිබුනේ වෙන මොකුත් නෙවෙයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල. දැන් මට තියෙන ප්‍රශ්නෙ මේ රටේ මෙච්චර යන්න තැන් තියෙද්දි මේ ගොන් බාන මෙතනටම ආවෙ මොකටද?
"නියමයි. දැන් දෙන්නත් එක්කලා හදන්නෙ මාව රට පටවන්නද?"
"කට වහගෙන ඉන්නවකො අක්කෙ."
"මං මොකටද කට වහන්නෙ... මට සාධාරණ අයිතියක් තියෙනවා ඇයි මෙතනට ආවේ කියලා දැනගන්න."
"අයියෙ... හොඳටම ෂුවර්ද මෙයාව බඳින්නම ඕන කියලා. මං නම් කියන්නේ මෙයාව බඳින වෙලේ කීයක් හරි දීලා හරකෙක් ගත්තත් පාඩු නෑ."
මලයා එහෙම කියලා මනාලස් දිහා බලද්දි ඒ යකා මහසෝනා දැකලා වගේ බයවෙලා ඔලුව උඩට පාතට වනන්න ගත්තා.
දැන් එතකොට මේකා ඔලුව වනලා ඔව් කිව්වේ බඳින්න ඕන කියලද නැත්නම් හරකෙක් ගන්න ඕන කියලද.....?
"අයියෙ... අර එන්නෙ එයාලද?" මලයා නිකන් ඇමරිකාවෙ ජනාධිපති එනවා වගේ ගැම්මකින් එයාපෝට් එක ඇතුලෙ ඉඳන් එන සෙට් එකක් ඇඟිල්ලෙන් පෙන්නලා මනාලස් දිහාට හැරුණා.
ඒක දැක්කම නම් මනාලස්ගෙ ඔලුවෙ මල් පාත්තියක්ම පිපුනා. නිකන් බොරුවට අහක බලාගෙන ඉන්නෙ මොකටද කියලා මාත් බැලුවා ඒ පැත්ත.
ඈ බොලේ.... සුදු හූනා වගේම චීන කාරයො තුන් දෙනෙක් අපි හිටපු පැත්තට එනවා.....
මොන්ටිසෝරි ඇරිලා ගෙදර එන පොඩි එකෙක් වගේ කෑගහගෙන ගියපු මනාලස් අර චීන්නු තුන්දෙනාගෙ ඇඟට පැන්නෙ නැතෑ. දැන් එතකොට මේ තුන් දෙනත් ආවෙ කසාද බඳින්නද දන්නෑ. ඈ යකෝ දැන් ලංකාව චයිනීස්කරනය වෙන්නද යන්නේ..... එකක් මදිවට දැන් චීන කටුස්සො හතරක්ම ඉන්නවා.
හතර දෙනාගෙ සතුටු සාමීචිය ඉවර වුනාට පස්සේ දෙයියනේ කියලා මනමාල මහත්තයට එයාගෙ වෙන්න ඉන්න නෝනා පොඩ්ඩව මතක් වුනා.
"ඔෂී... මේ ඉන්නෙ මගෙ යාලුවො. මෙයා කිම් සොක් ජින්." එහෙම කියලා මනමාලස් එතන හිටපු කෙනෙක්ව පෙන්නුවා.
මාත් ඉතින් ඩෑල් එකගෙ කකුල් දෙකේ ඉඳන් ඔලුවට යනකල්ම ස්කෑන් කලා. කියන්න තරම් වරදක් නෑ. ලස්සන තොල් දෙකක් නම් තියෙනවා. එතකොට නම මොකක් කියලද කිව්වේ???
"මොන මොක් ජින් කිව්වා?"
"කිම් සොක් ජින්.... ජින් කියලා කියන්නකෝ... එතකොට මෙයා මින් යුන්ගි." ඊලඟට පෙන්නපු එකා නම් මනුස්සයෙක් වෙන්න බෑ. මං හිතන්නේ මෙයාලා කෞතුකාගාරෙක තිබුන පිලිමෙකුත් උස්සන් ඇවිත්. එහෙම නැත්නම් මේ මනුස්සයගෙ ඇඟේ තියෙන්නෙ සුදු රුධිරාණු විතරයි. මෙයා මනාලස්ටත් වැඩිය සුදුයිනෙ බොලේ....
"එතකොට මෙයා කිම් නම් ජුන්."
"මේ.... මං මේ නිකමට වගේ අහන්නේ... මෙයාද චීනෙ ජනාධිපති....?"
"මොකක්?"
"නෑ ඉතින්. මං නිකන් ඇහුවේ. ජනාධිපති ලුක් එකක් මෙයාට තියෙන්නේ. නරකද චන්දෙ ඉල්ලුවොත් මං අහන්නෙ."
මේ මොකද..... කට්ටියම නිකන් වඳවීගෙන යන ජීවියෙක් දිහා බලනවා වගේ මගෙ දිහා බලනනෙ. ඒ අස්සේ මනාලස් ආයෙ යකෙක් දැකලා වගේ බයවෙලා ඔලුව දෙපැත්තට වැනුවා.
.....
කොහොමින් කොහොම හරි ආපහු ගෙදර එන ගමනෙදි මං මනමාලස්ගෙ යාලුවන්ගෙ විස්තර ටිකක් හොයාගත්තා.
එක. අර ජින්ද ජිනපාලද කවුද කියපු එක්කෙනා මනාලස් එක්ක එකට වැඩ කරන Veterinarian කෙනෙක්.
දෙක. යුන්ගිද මොකක්ද මන්දා නමක් කියපු කිරි සුදු කොල්ලෙක් හිටියේ. අන්න එයා music producer කෙනෙක්ලු.
තුන. අර ජනාධිපති ලුක් එක තියෙන කොල්ලා කැම්පස් එකක lecturer කෙනෙක්ලු. සැහ් මටත් ඒ පරම පිවිතුරු ආසාව තියෙනවා. කොහෙද.... අපේ අම්මලට ඕන වුණේ මං ඉස්කෝලෙකම උගන්නන්නනේ....
හතර. Lecturer මහත්තයා මනාලස්ගෙ වයසෙ වන අතර අනිත් දෙන්නා මනාලස්ට වැඩිය වැඩිමල්.
පහ. යාලුවො හතර දෙනාම සෙට් වෙලා තියෙන්නේ ඉස්කෝලෙ ෆුට්බෝල් ටීම් එකෙන්ලු.
හය. මේක නම් ටිකක් වැදගත්. මනමාලස් ඉස්කෝලෙ යන කාලේ dancing කරලා තියෙනවලු. කොල්ලා හරි ආසයිලු dancing වලට.
මාත් ඕලෙවල් වලට නැටුම් කරපු එකේ කොල්ලට වන්නම් දෙක තුනක් කියලා දුන්නනම් හරි.
දැනටනම් මගෙ ඇන්ටනාවට අහුවුණේ ඔය විස්තර ටික විතරයි. හෙමීට හෙමීට තව ඕපෙ ටිකක් හොයාගන්න ඕන.
කොහොමහරි අපේ අම්මා කියපු ඇඳුම් ටිකත් ගන්න ගියා. ඒ ඇන්ටි සාරිය වෙනුවට දුන්නේ සිමෙන්ති කොට්ටයක්ද මන්දා. නැත්නම් සාරියෙ ගල් අල්ලපු එකා සුදු පාට චූටි චූටි ගල් වෙනුවට කලු ගල් අල්ලලා. කොහෙද මං දෙතුන් පාරක්ම ඒ ඇන්ටිට මේක සාරියක් නම් වෙන්න බෑ කිව්වත් එයානම් කිව්වෙම ඒක තමයි සාරිය කියලා. කෝකටත් මං වෑන් එකට ඇවිත් පැකින් කඩලා බැලුවා. කවුද දන්නෙ සාරියත් එක්කම බෝම්බයක් වත් දාලා තියෙනවද කියලා.
නෑ... නෑ... ගැටලුවක් නෑ. සාරිය විතරයි තියෙන්නේ. ඒ වුණාට මට තියෙන ප්‍රශ්නෙ මේ රෙදි කෑල්ල මෙච්චර බර මොකද.
ඇඳුම් ටිකත් ගත්තා. ඊලඟට තියෙන්නේ එපාම කරපු වැඩේ. චූටිව ගන්න එක. ඒ භාරධූර කාර්යයට මං මලයව යැව්වා.
අන්න එනවා. දෙයියෝ සාලෙ... මේකි තව ටිකක් තඩි වෙලාද කොහෙද. මගෙනුයි මලයගෙනුයි සූරන් කනවා මදිවට හොස්ටල් එකේ ලමයින්ගෙනුත් සූරං කනවද කොහෙද. පව් අසරණයො ටික...
ආ.... මේ මොකද මේ... වාහනේට නැග්ග වෙලේ ඉඳන් මනාලස් සහ යාලුවො තුන දිහා බල බල මේකි සෙක්කුව වගේ කැරකෙන්නෙ.
"මේ මල්ලි... පොදු වැසිකිළියක් එහෙම දැක්කොත් ටිකකට නවත්තන්න...."
"ඒ මොකටද ඕයි ඒ...."
"මෙන්න මේකි මුත්‍රා අමාරුව හැදිලද කොහෙද සක බඹරෙ වගේ කැරකෙනවා. මං කියන්නේ ආදරණීය සහෝදරයො විදිහට අපි අපේ චූටි නංගිව බලාගන්න එපැයි."
"අනේ ලොකු අක්කෙ... මට එහෙම මොකුත් නැහ්...." පුහ්.... මේකිගෙ ගැස්සිල්ල බලන්න එපැයි.
"එහෙනම් කොහොම එකකටද ඔය එහෙට මෙහෙට ඇඹරෙන්නෙ."
"මොකුත් නෑ කිව්වනෙ."
මෙහෙම ගියොත් නම් මේකි මගෙ මනාලස්වත් මගෙන් සූරං කයි. ඊට කලින් මං ක්‍රියාත්මක වෙන්න ඕන. කිව්වා වගේම ක්‍රියාත්මක වුන මං චූටිව වෑන් එකේ ඉස්සරහට දාලා එතන හිටපු මනමාලස්ව මගෙ ලඟට ගත්තා. අන්න ඒ සිද්ධියෙන් පස්සෙ කොල්ලගෙ ඔලුවෙ තිබුන මල් පාත්තිය මල් වත්තක්ම වුණා.
.
.
.
ඕක තමයි සප්‍රයිස් එක. හ්‍යුං ලයින් එක ගෙන්නන එක.
හරි හරි. පරක්කුයි තමයි.
මෙන්න මේක අඳින්න ගිහිල්ලයි පරක්කු වුනේ.