කෝමද කස්ටිය. කතාව මතකත් නැතුව ඇති 🤣 සති දෙකක වගේ ඉතා කුඩා කාලයක් මම නිවාඩුවක් ගත්තා නේ😏 මට හරිම දුක්ඛිත සිද්දියක් වුනා. මම ඒක අන්තිමට කියන්නං🥺🤕🙂 ඉන්න කලින් වෙච්ච දේවල් මතක් කරන්නං......
සැක්.... මට මතකත් නෑ🙂🤣 ඔන්නොහෙ නන්නත්තාර වෙච්ච රීඩර්ස්ලා වගේ කියවපියව්.... ආදරෙයි... උම්මාහ්...
____________________________________
(කාමරය ඇතූලින්)
"....තමුසෙට සහෝදරයෙක් වගේ ආදරේ කරා. තමුං අද ඒක නැති කර ගත්තා කීයලා විතරක් මතක තියා ගන්නවා"
"සහෝදරයෙක්...හහ්... එච්චරයි අඩුවට තිබ්බේ"
"ඇයි මල්ලී....ඇයි... ඇයි එච්චර පහත් තත්වෙකට වැටුනේ... ඇයි"
"හහ්...මම බලෙන් වැටුනේ නෑනෙ...
"අපිද යකෝ වැට්ටුවේ...උබ කරපු පාහර වැඩ කා පිටින්ද යවන්න හදන්නේ???ඈ...කියනවා???"
"ඔයාගෙ මහලොකු සහෝදරකම තිබ්බානං මාව එච්චර පහත් තත්වෙකට වැටෙන්නැනෙ... මමද වැරදි...."
"හරි...හරි...මට කියනවා තමුසේ ඇයි අර පොඩි එකාට එහෙම කරේ... මොකක්ද ඌ උබට කරපු වැරැද්ද"
"මොකද දැං ඒකට අයියාගෙ හිත උණු වෙලා... මම හිතුවා හරි වගේ... ඌ අයියාවත් වෙනස් කරලා. ඌ එන්න කලින් කවදාවත් ඔයා මට අත ඉස්සුවේ නෑ. ඒත් මේ...පේනවනේ... ඇස් ඇරලා බලනවා...මං දිහා... කමක් නෑ ඔය කාටවත් මාව තේරෙන්නෑ...මං ගැන දන්නෑ... මාව ඕනෙ නෑ... මගේ වේදනාව තේරෙන්නෑ... උට උනු දේ තමා ලොකු... එතකොට මං මොකෙක්ද...කියන්න......මම මොකෙක්ද???...
ස්නෝපිගේ කෑ ගැහිල්ල ඉවර වෙන්න මත්තෙන් තීක්ශන අයියාගෙ අත දොරගුල දිහාවට වේගෙන් ගියා. ක්ශනිකයෙන් මමත් තීක්ශන අයියාත් ඒ කාමරේ ඇතුලේ...
බිත්තියට හේත්තු වෙලා හිටි ශොනාල් අයියා අපිව දැකපු ගමන් හීය තිබ්බා වගේ කෙලින් වුන්. ඒත් ස්නෝපි හිස් බැල්මෙන් අපි දිහාව බැලුවා.
"මේ ඇවිත් තියන්නේ... රෑනම එක්කං ඇවිත් තනියෙන් එන්න කිව්වම. ඇයි ඒ තරමට මාව විශ්වාස නැද්ද..හහ්...කුක්කන් ඇවිත් පස්සෙන්ම. අනේ හොදයි... දැන් හැමෝම ඉන්නවා... හරි සන්තෝසයි"
ස්නෝපි සමච්චල් හිනාවක් දැම්මත් ඒ හිනාව ඇතුලින් ඔහුගේ මූණ වේදනාවෙන් ඉතිරුනා. තවමත් එක ලේ පැල්ලමක් ත්, මඩ පැල්ලමක්වත් නොසෝදන් හිටි ඔහු මිනීමරුවෙකුගේ පෙනුමක් ගත්තා.
"මොනවද ශොනාල් මෙතන වෙන්නේ? උබ මොකද මෙතන කරන්නේ? "
"..."
ශොනාල් අයියාගේ මූණේ නිහඩ බවක් වගේම පසුතැවීමක් තිබුනා. ස්නෝපි එතනින් පිට වෙලා යන්න හැදුවත් තීක්ෂන අයියාගෙ ශක්තිමත් අත් වල පිහිටෙන් ඔහුට හිටි තැනම නතර වෙන්න සිද්ධ වුනා
"කියපං... ශොනාල් දැංවත් මට ඇත්ත කියපං"
"මම කවදාවත් උබට බොරු කියලා නෑ...
"ස්නෝපි එන්න කියපු ගමං යන්න... මටත් නොකියා... මටත් හොරෙන්... උබ මට හැමදේම කියනවා කියලයි මං හිතන් හිටියේ... ඇයි උබ මට බොරු කරන්නේ"
"බොරුවක් කරේ නෑ භල්ලෝ... බොරු කරේ නෑ..."
"එහෙ...
"ඒත් ඇත්ත කිව්වේ නෑ...
ශොනාල් අයියා එකපාරටම එහෙම කියද්දි තීක්ශන අයියා විතරක් නෙවෙයි මමත් බය වුනා. ශොනාල් අයියා මොනවද හැංගුවේ. මගේ හිතේ තිබුනු ලොකුම චකිතය තමයී ශොනාල් අයියා තීක්ශන අයියාට මොකක් හරි වරදක් කරාද කියන එක. මොකද මම මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරපු යාලුකම තිබුනේ ඒ දෙන්නාට🥺 ඒක කැඩුනොත්......
"උබට මාව සැකද... උබ මගෙන් මොනවද හංගන්නේ...ඇයි එහෙම කරන්නේ? කියපං"
තීක්ශන අයියාගෙ ඇසිපිය වේගෙන් ගැහුනේ ඔහුගේ ඇස්වල පිරෙන කදුලු අපෙන් වහං කරන්න ඔහු ගන්න වෑයමේ ප්‍රත්නයක් වශයෙන්.
"බෑ"
"ශොනාල් අයියා... ඕක කියලා දාන්න... මටත් ලිහාගන්න ගැටලු ගොඩක් තියනවා. ඒ නිසා කියන්න...හහ්... යාලුවාට නොකියා ඉන්නත් හොදනෑනෙ"
"ස්නෝපි! කටවහගන්නවා.... ශොනාල් මට දැන්වත් කියපං මනුස්සයෝ. Please "
"හරි...කියන්නම්... මම සනූපට කැමතියි...
ඒ කතාව අපි කොහෙත්ම ශොනාල් අයියාගෙ කටින් බලාපොරොත්තුවුනු කතාවක් නෙවෙයි. ශොනාල් අයියාගෙ හිතේ තිබුනු දේවල් දැනගන්න කුතුහලයෙන් හිටපු මට ඒ අහපු කතාව හෙන පහරක් වගේ වැදුනා.
"සනූප... මූ... මේ ස්නෝපි...😳 කොච්චර කල්...ද... මොකක්...
"ස්නෝපි ආව දවසේ ඉදන්. ඔව් මම එයාට ආදරේ කරා. එයත් මුලදි ආදරේ කරා... පලවෙනි දවසේ ඔයාගෙ රූම් එකට එයාව යැව්ව දවසේ එයා මුලින්ම දුවගෙන ආවෙ මං ගාවට. හරියට ඉදුවර මල්ලි වගේ. ඒත් ඉදුවර මල්ලිගෙ .ඉත හදන්න කියලා උඹමනේ කෝල් කරලා මට කිව්වේ. එවෙලේ මම කිව්වා මතකද පයින් එකක් ගහලා එලියට නොදා මොනවටද හිත හදන්නේ කියලා. ඒත් ස්නෝපිගේ පලවෙනි දවසේ මම පැයකට වඩා එලියේ හිටියා. ඔයා එයාව එලියට දානකන්. එදා අඩාගෙන ආව කොල්ලා මාව බදා ගත්තා. මගෙන් ගැලවුනේම නෑ. පස්සෙ දවස් වල සනූප මාත් එක්ක ගොඩක් එකතු වුනා. අපි කතා කරා, හිනා වුනා, ඒ වගේම අනිත් වැඩත් කරා. එයා එක්ක ගත කරපු දවසේ ඉදන් මම වෙනකාවවත් අතුගාන්න ගෙන්න ගත්තේ නෑ කියලා උබට නෝට් වුනේ නැද්ද...ඒත් අපේ යාලුකම උපරිම සතියක් තියෙන්න ඇති. උබ දිගින් දිගටම සනූපව අතුගාන්න ගෙන්න ගත්තා.
**********
(අතීතාවර්ජනයක්👣)
"අනේ බම්...මේ... වැඩ ගොඩයි ඈ... ආපු මුල් කාලෙම මේ එක එක ඒවට පැටලෙද්දි ඔලුවත් රිදෙනවා. කසුන් අයියා මේවා කොහොම කරාද මංදා. ඒ අස්සේ පිනා එන්න කියනවා සැරින් සැරේ. මගුල"
"මේ ටැක්සි... මේම කරමු...හිත නිදහස් වෙන්නත් එක්ක අතුගාමු🤣 මම කොල්ලෙක්ව එවන්නං. හොදට අතුගාන එකෙක්..."
"අනේ ඔව් ... සනූප මල්ලිව එවන්නකෝ. ඌ හරි හොදයි. කටකාර නිසා පාලුවක් නෑ"
"ඒත්... වෙන කවුරුහරි... නෑ මෙහෙමයි... මම කිව්වේ... කොල්ලාට අලුත් නේ..."
"අලුත් උන්ට තමා රැග් එක දෙන්නෝන..."
___________කතෘගෙන් තෑග්ගක්_______
ඔයාලා දැන් කොම්පියුස් උංගා භංඛා වෙලා ඇති නේ... කවුද මේ ස්නෝපි?... එයාගෙ රූපෙ කොයි වගේද🌚 මොකද කොල්ලා කතාවට එන්ටර් උනානේ.... ඉම්න ඉම්න මම ඔයාලගේ වැඩේ පහසු වෙන්න ඔයාලට ස්නෝපිව පෙන්න්නම්😁 ඒත් අමතක කරන්න එපා... රූපෙ බලලා කොල්ලා කරපු නරුම වැඩේ අමතක කරනවා එහෙම නෙවෙයි ඈ
(කෝමතේ.... ඕං කෙල බේරෙනවෝ....)
මේ ඉන්නේ ස්නෝපි
වයස අවු : 18
____________________________________
හායිස් හායිස්😁
ඔන්න මම අලුත් චැප්ටරේ දුන්නා... ආහ් මට වුනු මහා දුක්ඛිත සිද්දිය කියන්න ඕනෙ නේ🥺
මාර කේස් එක මෙච්චර දවසක් updates දුන්නේ නැත්තෙ ඇයි දන්නවද.... අපෙ අම්මා මගේ කාමරේ දොර රෙද්ද ගැලෙව්වනේ හෝදන්න... තාම එල්ලුවේ නෑ😁🤣 ඒක මහා භයානකයි
විශේෂයෙන් පාන්දර තුනට හතරට කතා ලියන මං වගේ එකෙක්ට. ඇයි යකූ පාන්දරට මගේ කාමරෙන් එලියක් එනවා ගෙදර මිනිස්සු දැක්කොත් ඒම මොන දෙයියන්ට කියන්නද (නිබුල්ලා ඇරෙන්න ගෙදර අනික් සේරම මට අල්ලං නෙලයි. ඒම උනොත් බෙදාගන කමු ෂහෝ) 🤕🤣 ගුටිකාලා මැරෙන්න වෙන්නේ. පොතක් ලියනවා කියන්නයෑ. කෝ පොත කියලා ඇහුවොත් මගේ පුස්තක රත්නේ පෙන්න්ටෑ .... අඩේ මතක් වෙද්දිත් වෙව්ලනෝ🤣 වනේ වන සතුරෙකුටවත් වෙන්න එපා එහෙව් දෙයක්
ඒකයි ජීවිතේ පලමු වතාවට මහ දවාලෙ update දෙන්නෙ🤣🤣🤣
හෙටත් දෙන්නං තව චැප්ටරයක්. සතුටුතේ.... තව ටික ටිකයි🤣🤣🤣🤣❤
-bunny🐰.