REBORN 🚫 (By Sash) [ Comple...

By ___Sash___

35.8K 6.4K 1.3K

ළමා වියේ ප්‍රේමය නිසා පියා අහිමි වූ තරුණයෙක්, වරදවා වටහාගැනීම් හේතුවෙන් පීඩා විඳි තරුණියක්, නොලැබුණු ආදරය වෙන... More

Introduction
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13 🔞
Chapter 14 🔞
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18 🔞
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
chapter 29
chapter 30
නිහඩ ආදරවන්තයා.

Chapter 19

1K 190 48
By ___Sash___

ජුනී ඔප්පා එක්ක මම බුසාන් යන්න පිටත් උනේ හිතේ ලොකු බලාපොරොත්තුවත් තියාගෙන... පැය හතරක දීර්ඝ ගමනකින් පස්සෙ අපි බුසාන් වලට ආවා..

" ඔප්පා... දැන් ඔය මනුස්සයා ඉන්න තැනක් හරියටම ඔයා හොයා ගත්තද..."

" මං කිව්වෙ මට මෙහේ ඉන්න යාළුවෙක් කිව්වා කියලා ... මිනිහා මට කිව්ව විදියට නම් මේ ළඟම තමයි තියෙන්නේ ... ඉන්නකො අපි බලමු.."

අපි ගියපු පාරෙ ඇතුලට වාහනෙන් යන්න බැරි නිසා අපිට වාහනෙන් බැහැලා පයින් යන්න උනා... ඒක හරියට පොඩි ගමක් වගේ.. මිනිස්සුත් වැඩිය පේන්න හිටියෙ නෑ...

" මගේ යාළුවා කිව්ව විදියට මේ කොහේහරි තමයි ඉන්නෙ. ඉන්න අපි මේ කාගෙහරි අහල බලමු..."

" අ.. ම්.. මේ.. පොඩ්ඩක් අහන්නකො.. මේ ගමේ ඉන්නවද පාර්ක් මින්ජුන් කියලා කෙනෙක් .. එයා මීට අවුරුදු 7කට කලින් සෝල් වල තමයි ඉදලා තියෙන්නේ ... "

" පාර්ක් මින්ජුන්... ම්ම්... එහෙම කෙනෙක් නම් මෙහේ නෑ... මේ මහත්තයා කවුද ..."

" ඇත්තටම අපි එයාගෙ දුර නෑදෑයො වෙනවා... ඉන්නකො මං ගාව මීට අවුරුදු 7කට කලින් ගත්ත එයාගෙ පින්තූරයක් තියනවා.... ආ.. මේ තියෙන්නේ .... අපි එයාව හොයාගෙන සෝල් වලට එනකොට එයා එහෙන් ගිහිල්ලා... ඉතින් දැන් අපිට එයාව හොයාගන්න විදියක් නෑ ... අපිට ආරන්චි උන විදියට එයා මෙහේ කොහේහරි තමයි ඉන්නෙ... "

" කෝ දෙන්න බලන්න... ම්ම්... මේ.. නම්... හරියට අපේ ඩොක්කු වගේ නෙ... ම්ම්... ඔව් ඔව් ඒ වගේ තමයි ... මීට අවුරුදු 7කට කලින් නම් මේ වගේම වෙන්න ඇති...."

" ඔය.. ඔය ඇත්තමද .... කෝ දැන් එයා.. එයා මෙහේ ඉන්නවද ...."

" ඔය ළමයි කාව හොයනවද කියන්න නම් මං හරියට දන්නෙ නෑ... ඒත් ඔය පින්තූරෙ ඉන්න මනුස්සයත් හරියට අපේ ඩොක්කු වගේමයි... ඩොක්කු නම් අන්න අර පේන ගෙදර තමයි ඉන්නෙ..."

" ආ... කම්සහම්නිදා අජුම්මා... ඇත්තටම ඔයා ලොකු උදව්වක් කලේ...."

" ම්ම්.. ම්ම්.. ඕක මොකක්ද ..."








අජුම්මා අපිට පෙන්නුවෙ ඒ ගමේ කෙලවරම තියෙන පොඩි ගෙයක් ....






" ජුනී ඔප්පා... එයා මෙහේ ඇති නේද ....."

" ඔව් අනිවාර්යයෙන්ම එයා මෙහේ තමයි ඉන්නෙ... ඔයා පොඩ්ඩක් ඔහොම ඉන්නකො මං කතා කරලා බලන්නම්..."




" ගෙදර කවුද ........ "

" ගෙදර කවුද ....... "





ජුනී ඔප්පා දොරට තට්ටු කරනවත් එක්කම දොර ඇරගෙන පිරිමි කෙනෙක් එළියට ආවා... පෙනුමින් නම් එයාට අවුරුදු 40ක් වගේ ඇති....




" මේ මහත්තුරු කවුද ....."

" පාර්ක් මින්ජූන් .... මේ ඔයා නේද ...."

" මොකක්.... කවුද ... අ.. ම්... මං..මං.. එහෙම කෙනෙක්ව දන්නෙ නෑ... ඔය මහත්තුරුන්ට වැරදිලා .... කරුණාකරලා දැන් ගියොත් හොඳයි ....."

" නෑ.. අපිට වැරදිලා නෑ... ඔයා තමයි ඒ.. ඒ ඔයාමයි... මට කියන්න.. ඔයා ටේ ගෙ අප්පව මරන වෙලාවෙ එතන හිටියා නේද ... එතන මොකක්ද උනේ... මට කියන්න කවුද මගේ ටේ ගෙ අප්පව මැරුවෙ... මං දන්නවා ඔයා දන්නවා කියලා ... ඒ නිසා කරුණාකරලා මට කියන්න..."

" සාරා.. සාරා... පොඩ්ඩක් කලබල නැතුව ඉන්න.. මං ඉන්නවනෙ .. ම්.. මං අහන්නම්..."

" අහන්නකො ... අපි දන්නවා මේ ඔයා කියලා .. ඒ නිසා අපිට බොරු කියන්න එපා... අනික මිනීමැරුවා කවුද කියලත් ඔයා දන්නව කියලා අපි දන්නවා... අවුරුදු 7ක් තිස්සෙ මෙහෙම ලෝකෙන් හැන්ගිලා ඔයාගෙ නමත් වෙනස් කරන් ඉන්න හේතුව එයා නේද ... ඔයා බය නැතුව අපිට කියන්න... අපි පොරොන්දු වෙනවා ඔයාට කිසිම කරදරයක් වෙන්න දෙන්නෙ නෑ කියලා ... ඒ නිසා කරුණාකරලා .. ඔයා ඒ සිද්ධිය ගැන දන්න මොනාහරි දෙයක් ... මොනාමහරි තියනවා නම් අපිට කියන්න... "

" ඕවා... ඕවා එළියෙ ඉදලා කතා කරන්න පුළුවන් දේවල් නෙවෙයි ... ඉක්මනට ඔය ළමයි ඇතුලට එන්න.. කෝ.. ඉක්මනට ..."










" ඒ සිද්ධිය උනෙ.. මීට අවුරුදු 7කට 8කට උඩදි... මගේ පනට තිබ්බ බය නිසා මම මේ තරම් කාලයක් ඒක හන්ගගෙන හිටියත් කිම් මහත්තයට වෙච්ච දේ මට තාමත් දරාගන්න බෑ... ඒ මහත්තයගෙ මරනෙටවත් මට සාධාරණයක් කරන්න බැරි උනා... ඒත් දැන් ඇති .. හොඳටම ඇති .. මං ඇත්ත කියන්නම්........

මං වැඩ කලේ අපේ කිම් මහත්තයා ගාව සිකුරිටි ගාඩ් කෙනෙක් විදියට ... කිම් මහත්තයා කියන්නෙ හරිම හොඳ නිවුණු චරිතයක් .... ඒ මහත්තයා කවදාවත් මට වචනෙකිනවත් මුකුත් කියල නෑ... එදා රෑත් මම වෙනදා වගේම මගේ රෑ කෑම එක කාලා මගේ මුර කුටියට ගියා... ඒත් කිම් මහත්තයා එදා රෑ ඒ මහත්තයගෙ යාළුවා එක්ක ලොකු කතාවක හිටියෙ... ටිකක් වෙලා යනකොට මට ලොකු සද්දයක් ඇහුනා .. හරියට කාටහරි වෙඩි තිබ්බා වගේ ... ඒත් එක්කම මම උඩට ගියා මොකද බලන්න.. "

" ඉතින් ... ඉතින් ඔයා.. මොනාද දැක්කෙ... ඔයා මොනාද දැක්කෙ කියන්න... ඉක්මනට කියන්න.. ඔයා මොනාද දැක්කෙ...."

" සාරා... පොඩ්ඩක් කලබල නැතුව ඉන්න... එයා කියන ගමන් නෙ ඉන්නෙ..."

" මං.... මං... දැක්කා.... ආ..........."








Gun shoot.........






" අජශ්ශි ..... පාරක් අජශ්ශි .... නැගිටින්න ... දෙයියනේ මේ මොකක්ද උනේ....."

" ඕ Shit... ඔතනම ඉන්න සාරා නැගිටින්න එපා... "

" අජශ්ශි .... අජශ්ශි ... නැගිටින්න... දෙයියනේ ... අජශ්ශි ....."

" මං හිතන්නෙ එයාලා ගියා ... ඔහොම්මම ඉන්න එළියට එන්න එපා මං බලලා එන්නම්...."





" අජශ්ශි .... අනේ දෙයියනේ නැගිටින්න ... ඔහොම ... ඔහොම ඉන්න මං වතුර ටිකක් අරගෙන එන්න....."

මං වතුර ගේන්න කියලා යන්න හැදුවත් මට යන්න නොදී අජශ්ශි මගේ අතින් අල්ල ගත්තා....

" ඉ... න්න.... මට... ත්.. තව වෙලා නෑ... මේ අහන්න... කාවවත් විස්වාස කරන්න එපා.... ක්..කොළ පාට මුද්ද.... බස්සම අතේ තියන මනුස්සයා... එ..එයගෙ...."

" අ...අජශ්ශි .... අජශ්ශි .... නැගිටින්න .... ඔප්පා.... ඔප්පා... මෙහාට එන්න... දෙයියනේ ... අජශ්ශි .... කවුරුවත් නැද්ද ..... "

" shit... මිනිහා පැන ගත්තා.... "

" ඔප්පා.. ඉක්මනට එන්නකෝ.. මෙයාට සිහිය නැති උනා... අනේ ඉක්මනට බලන්නකෝ.... ඇම්බියුලන්ස් එකකට කතා කරන්න කවුරුහරි ..."

" එයාගෙ පපුවටමයි shoot කරලා තියෙන්නේ ... පොඩ්ඩක් ඉන්නකො මං බලන්න...."

" ඇයි ... ඇයි මොකක්ද උනේ... ඇයි ඔහොම බලන්නෙ...."

" ස්... සාරා... මං හිතන්නෙ එයා.... එයා නැති වෙලා....."

" දෙයියනේ .... අපි මොකක්ද මේ කලේ ඔප්පා... අපි මොකක්ද මේ කලේ... එයා නැති උනා... මං නිසයි එහෙම උනේ.. දෙයියනේ මං මහ පවුකාරියක්..... "

" හරි .. හරි අඩන්න එපා.. කෝ.. මෙහාට එන්න... අපි මුකුත් කලේ නෑ.. අර.. අර මිනීමරුව තමයි ඔක්කොම කරන්නෙ.. ඔයා අඩන්නෙ නැතුව ඉන්නකො දැන... අපි පොලීසියට කතා කරමු.... "

ජුනී ඔප්පා පොලීසියට කතා කලාට පස්සෙ එතනට පොලීසියෙන් ආවා... සිද්ධිය උන දේවල් ඔක්කොම කිව්වට පස්සෙ එයාලට අපෙන් කටඋත්තර ගන්න ඕන කියලා station එකට එන්න කිව්වා...

තවත් මනුස්සයෙක් නැති උනා මගේ ඇස් ඉස්සරහම... මෙච්චර කාලයක් බයේ හැන්ගිලා ඉදලා අවසානේ එයාට මැරෙන්න සිද්ධ උනේ මං නිසයි.... දෙයියනේ මං මොන පවක් කලාටද මේතරම් මට දුක් දෙන්නෙ... ආයෙමත් අපි පටන් ගත්ත තැනටම ආවා... කාවවත් විස්වාස කරන්න එපා... කොළ පාට මුද්ද... බස්සම.... මොනාද මේ දේවල් වල තේරුම...








" සාරා... එන්න.. කෝ නැගිටින්න... අපි දැන් යන්න ඕන.... ගෙදර යන්න කලින් stations එකටත් යන්න තියනවා නේ..."

" මට.. මට ඇත්තටම මේ දේවල් තේරෙන්නෙ නෑ ඔප්පා... අද මේ ගමන එනවා කියලා දන්නෙ ඔයයි ,මායි, ටේයි තව .. ඔයාගෙ අර යාළුවයි විතරයි .... ඒත් කොහොමද මිනීමරුවා දැනගත්තෙ අද අපි මෙහේ එන බව... ඔයා කාටවත් කිව්වද ...."

" නෑ සාරා... මං කාටවත්ම කිව්වෙ නෑ.... මටත් හිතාගන්න බැරි කොහොමද එයා මේක දැනගත්තෙ කියලා ... මට පේන විදියට එයා අපි ගැන ගොඩාක් හොඳට දන්න, අපිව ළඟින් ආශ්‍රිය කරන කෙනෙක් වෙන්න ඕන..."

" ආ.... මගේ ඔළුව විකාර වෙලා තියෙන්නේ .... මං නිසා ඔයාටත් කරදර .. ඔයත් මගෙන් ඈත් වෙලා හිටියොත් හොඳයි ඔප්පා.. මට බයයි.. ඔයාටත් කරදරයක් වෙයි කියලා ..."

" මොනාද මේ කියන්නෙ සාරා... මට කවද්ද ඔයාව කරදරයක් උනේ... එහෙම හිතන්නවත් එපා... හරිද .... දැන් එන්නකො අපි යමු...."








ජුනී ඔප්පා මගේ හිත හැදුවත් ඒ වෙලාවෙ මගේ ඔලුව හොඳටම විකාර වෙලයි තිබ්බෙ.. මං නිසා එයාටත් ආයෙමත් සැරයක් කරදරයක් උනොත්... ඒක මට දරාගන්න බැරි වෙයි....

අපි car එකට නැඟලා පාර දිගේ ටික දුරක් එනකොට එකපාරටම car එකේ ටයර් එකේ පැච් එකක් ගියා...

" ආ..shit.... මං හිතන්නෙ පැච් එකක් ගියා... මේ පාර හරිම සවුත්තුයි... මං හිතන්නෙ මොකක්හරි උලක් ඇනෙන්න ඇති... ඔයා පොඩ්ඩක් ඔහොම ඉන්නකො මං බැහැලා බලන්න...."

"මේ.. මේ.. මොකක්ද ...."

" මොකක්ද උනේ ඔප්පා..."

" අනේ මන්දා සාරා... මේක ටයර් එකේ ඇනිලා තිබ්බා.. ඇල්මීනියම් කටු වලින් හදපු බෝලයක්... ඒත් මේ කැලයකට කොහොමද මෙහෙම එකක් ආවෙ... හිතාගන්න බෑ ..."

" ඔ..ඔප්පා... බැරිවෙලාවත් මේක අර මිනීමැරුවගෙ වැඩක් වෙන්න බැරිද .... "

" අනේ.. මන්දා ... ඔයා කෝකටත් කාර් එක ඇතුලට යන්නකො.. ගිහින් ලොක් කරගන්න.. කාටවත් කෝල් කරන්නවත් මේකෙ සිග්නල් අහුවෙන්නෑ නෙ.. දැන් මොකද කරන්නෙ... හරි ඔයා මුලින්ම ඇතුලට යන්නකො...."

" මට බෑ... ඔයත් එන්න... "

" හරි.. ඔයා ඇතුලට යන්නකො මං ටයර් එක මාරු කරනකන්...."









ඔප්පව තනියම එළියෙ ඉදෙද්දි මම ඇතුලට ගියේ නෑ.. එයා ටයර් එක මාරු කරනකන් මාත් එළියට වෙලා හිටියා... ඒත් එකපාරටම කැලේ පැත්තෙන් කොළ හෙල්ලෙන සද්දයක් මට ඇහුනා...








" ඔ.. ඔප්පා... මං හිතන්නෙ.. මෙතන අපි ඇරෙන්න තව කවුරුහරි ඉන්නවා...."

" ඔයා මෙහාට එන්නකො.. ඉක්මනට .. ඉක්මනට ඇතුලට නගින්න.... ආ........... "









ඔප්පා මාව කාර් එක ඇතුලට තල්ලු කරනවත් එක්කම පිටිපස්සෙන් ආපු කෙනා එයාගෙ තුවාල උන අතට ලොකු පොල්ලකින් ගැහුවා....

" ඔප්පා.... ඔප්පා... නැගිටින්න ...."

" ආ..... මට.. මට අමාරුවක් නෑ.. ඔයා ඉක්මනට ඇතුලට යන්න..."

" ලේ... ලේ.. ඔයාගෙ අතින් ලේ එනවා... දෙයියනේ කවුරුවත් නැද්ද ......"





ජුනී ඔප්පගෙ මැහුම් දාපු අතේ මැහුම් ගැලවිලා එතනින් ලේ එන්න පටන් ගත්තා... වෙන කරන්න දෙයක් නැති නිසාම මම හයියෙන් උදව් ඉල්ලලා කෑ ගහන්න පටන් ගත්තා....



" ඒයි... ඒයි.. කෙල්ලේ කට වහනවා..."

ඇස් දෙක විතරක් පේන්න මුලු මූනම වහගෙන හිටපු ඒ මනුස්සයම තමයි පාර්ක් අජශ්ශිටත් වෙඩි තිබ්බෙ ... එයා මට කෑ ගැහුවෙ gun එකත් මගේ පැත්තට දික් කරන ගමන්... වෙන කරන්න දෙයක් නැති නිසා මම වේදනාවෙන් බිම වැටිලා හිටපු ජුනී ඔප්පව මගේ ළඟට අරගෙන ගොඩාක් තදින් තුරුලු කරගත්තෙ දැන් නම් අපි දෙන්නගෙම අවසානෙ ඇවිල්ලා කියලා හිත ගදාගෙන...

" ඉන්න.. වෙඩි තියන්න එපා.. අපි මේක කතා කරලා විසදගමු.. එයා ඔයාට කීයක් දුන්නද අපිව මරන්න කියලා ... මං ඒ වගේ දෙගුණයක් දෙන්නම්... කියන්න කීයක් ඕනද .... "

හිමින් හිමින් නැගිටපු ජුනී ඔප්පා ඒ මනුස්සයා ගාවට යනවත් එක්කම එයා gun එක පහත් කලා.....

" ඔයා කියන ඕන ගානක් මට දෙන්න පුළුවන් ... කියන්න... කීයටද ඕන....."



ජුනී ඔප්පා හැදුවෙ හිමීට එයාගෙ අතේ තිබ්බ gun එක ගන්න.... ඒත් එකපාරටම එයා ඔප්පගෙ පැත්තට gun එක point කලා... එක තත්ත්පරයක්වත් හිතන්නෙ නැතුව මම gun එක මැද්දට පනිද්දි මගේ පිට පසාරු කරගෙන උණ්ඩයක් මගේ ඇග ඇතුලෙන් යනවා මට දැනුනා....




" සාරා... සාරා... නැගිටින්න ... නැගිටින්න .... සාරා......"










මට වටපිටාවේ කිසිම දෙයක් පැහැදිලිව පෙනුනෙ නැහැ.. මට ඇහුනෙ ජුනී ඔප්පගෙ කටහඬ විතරයි .... ඔප්පා මාව එයාගෙ අත් දෙකට ගන්නවත් එක්කම , මට shoot කරපු කෙනා කැලේ පැත්තට දුවලා යනවා වගේ යාන්තමින් මට පෙනුනා....





අදට මෙච්චරයි 🌝.

එහෙනම් මම ගියා...

සාරන්හේ ❤️.

පරිස්සමෙන් ඉන්න 🌝.

😌👋

Continue Reading

You'll Also Like

6.8K 1.6K 18
ඩිස්කිප්සන් ඉල්ලේ🌝🌝🌝 Start date :-2022- 6- 11 End dtae :-2022-10-06 #1 - sinhala 2022-11-09 🚫 Don't copy my works
286K 49.3K 61
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
105K 18.2K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
6.2K 1.1K 8
ඌලාගේ බබා.... බබාගේ ඌලා.... ඌලායි බබායි ගැන දැනගන්න ඕනද?එහෙනම් කියවන්න 😉❤