𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄...

Oleh jinshi_0811

62.4K 9.9K 1.7K

යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට ... Lebih Banyak

intro 🥀✨
2 🥀✨
3 🥀✨
4 🥀✨
Special 🥀✨
5 🥀✨
6 🥀✨
7 🥀✨
8 🥀✨
9 🥀✨
10 🥀✨
11 ✨🥀
12 🥀✨
13 ✨🥀
14 🥀✨
15 🥀✨
16 ✨🥀
17 ✨️🥀🔞
Final Chapter 🥀✨️
Next Stories ...🏹🧚
ඕතරීගෙන් රීඩස්ලාට ❤️✨️

1 🥀✨

4.6K 589 125
Oleh jinshi_0811

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Club එක දෙදරන තරම් ඇහෙන ඩිස්කො සංගීතය, ක්ලබ් එක පිරෙන්න තරම් මිනිස්සු. හැමෝම සතුටින්.  Jkඒ දිහා බලන් හිටියෙ උගුරෙන් විස්කි ශොට් එකින් එක පහලට යද්දි. Jeon jungkook .. වයස අවුරුදු 24ක තරුණ කොල්ලෙක්
ලෝකෙට අහිංසකයෙක්, හැමෝගෙන්ම ගුටි කන, වෙනස්කම්වලට ලක් වෙන පොඩි එකෙක්. මේ හැමදේම හිතෙද්දි jk ගෙ හිත ආයෙත් දුවන්නෙ jk ගේ අතීතයට.


2016 මැයි 30. සතුටින් හිටපු මනුස්සයෙක්. අම්මගෙ ආදරෙ ලබපු හොදින් හැදුන , අප්පගෙ හීනෙ වෙනුවෙන් කැපවුන හොද කොල්ලෙක්.

ඒත් ඒ කාලකන්නි දවස jk ට මිනිස්සු සංහතිය එපා කරවන එකක් වුනා.
එදයින් පස්සෙ jk තමන්ගෙ ලගින් ඉන්න අයට පවා වෛර කළා. කොටින්ම කියනවනම් ඔහු ඔහුටත් වෛර කරනවා. 7 දෙනෙක්ට ඇරෙන්න.....

එදා jk වෙනදා වගෙ එලියට ගියේ යාලුවො එක්ක ඇවිදලා එන්න. මාස 8ක ගැබිනියක් වුන ඔම්මාගෙන් නංගි කෙනෙක් බලාපොරොත්තු කුකී කොල්ලා හිටියෙ ඇගිලි ගැන ගැන.

වෙනදාට 6න් පස්සෙ එලියට බහින්නෙ නැති කොල්ලා ගෙදරින් එලියට ගියේ ඇයිද කියන්න හරියට එයාවත් දන්නෑ . අවුරුදු 19ක් වුනත් ජන්ගුක්ට තිබ්බෙ හරි ලාමක හිතක්. වෙන කොල්ලො වගෙ බොන්නවත් කෙල්ලො එක්ක රව්ම් ගහන්නවත් කොල්ලට ඕනි වුනේ නෑ. කොල්ලා එලියට බහිනවනම් ඒ ගියෙ ස්කෝලෙට නැත්තන් තමන්ගෙ හොදම යාලුවාගෙ ගෙදරට..

වෙනදා වගේම යාලුවාගෙ ගෙදර ගිහින් පැයක් දෙකක් ගතවෙද්දි එන අප්පගෙ කෝල් එක කොල්ලට ආවෙ නෑ. ඒ නිසා ජන්ගුක් හිටියේ තරමක් දෙගිඩියාවෙන්. මොකද මේ අවුරුදු 19ට කොල්ලා ගෙදරින් එලියට ගියත් පැයක් යද්දි අප්පගෙන් කෝල් එකක් අනිවාර්යයෙන්ම එනවා. රෑ 10 පහු වෙද්දිවත් අප්පගෙන් කෝල් එකක් නැති නිසාත් වෙනදට එන වෙහිකල් එක නැති නිසාත් කොල්ලා පාර දිගේ ගෙදර යන්න ආවෙ හිතේ දෙගිඩියාවෙන්.

සෝල් ටව්න් එක මැද්දෙම ලොකු accident එකක් වෙලා පාරෙ මිනිස්සු හැමෝම ඒක වට කරන් හිටියෙ නොයෙක් නොයෙක් කතා jk ගෙ කන් දෙකට ඇහෙද්දි..

" පව් ඒ ලේඩි ප්‍රෙග්නන්ට්ලු"

" පණ ඇද ඇද ඉද්දි ලේඩිව හොස්පිටල් එකට ගෙනිච්චෙ"

" එයාගෙ හස්බන්ඩ්නම් කාර් එකෙන් එලියට ගද්දිත් මැරිලා හිටියෙ..."

කොල්ලට නොයෙක් නොයෙක් කතා ඇහුනත් accident එක වුන පැත්ත පලාතකවත් යන්න කොල්ලට හිත දුන්නෑ. ඒත් මොකක්දෝ දෙයක් හිතට දැනෙනවා...

" ඒ jeon group එකේ ceo .. අනික් කෙනා එයාගෙ වයිෆ්"

Jk ට ඒක ඇහුනෙ ඇක්සිඩන් එක දිහා බලාගෙන හිටපු පිරිමියෙක්ගෙන්.

කොල්ලගෙ කකුල් දෙක ටිකෙන් ටික පන නැති වෙද්දි කාර් එකක් කියලා අදුරගන්නවත් බැරි විදියට තැලිලා පොඩි වෙලා තිබ්බ කාර් එක පැත්තට දුවගෙන ගියෙ ඇස් දෙකෙන් ඔහේ ගලන කදුලු පිහදාන ගමන්....

මිනිස්සු වටවෙලා ඇම්බියුලසන්ස් සද්දෙ නිසා කොල්ලගෙ හිත තව තවත් ගින්දර ගනිද්දි ඇම්බියුලන්ස් එකට ගෙනියන සුදු රෙද්දකින් වහපු මළසිරුර කාගෙද කියලා කොල්ලට අඳුරගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ...
වයස අවුරුදු 6දී පොඩි වූල් එකින් එක ගැටගහලා අප්පගෙ උපන්දිනේට දුන්න පොඩි බ්‍රේස්ලට් එක අවුරුදු 13ක් තිස්සෙ අප්පගෙ අතෙ තිබ්බෙ තමන්ගෙ ලොකු පුතාට තමන්ගෙ හිතෙ තියන ආදරේ නිසා.
මල සිරුරෙන් එලියට වැටිලා තිබ්බ වම් අතේ ඒ බ්‍රේස්ටල් එක හොදින්ම දැක්ක පොඩි ජංගුක්ට උන් හිටි තැන් අමතක වුනා....

අපි හැමෝටම අම්මා තාත්තා තරම් වටින කෙනෙක් මේ ලෝකෙ නෑ. ඉන්න විදියකුත් නෑ. නිකමට හිතන්න.. අම්මා තාත්තා නැතිව අපිට තනියම ඉන්න වුනොත්.. මේ ලෝකෙ කාත් කවුරුවත් නැතිව .
තමන්ගෙම තාත්තා තමන් ඉස්සරහා ලේ පෙරාගෙන ඉන්නකොට, වටේම ඉන්න මිනිස්සු අම්මා මැරිලා ඇත්තෙ කියලා කතාවෙනකොට.. මොන දරුවටද ඉවසන්න පුලුවන්..

අප්පව ඇම්බියුලසන්ස් එක ඇතුලට දාගෙන යද්දිම කොල්ලත් අනික් පැත්තට ටැක්සියක් අරන් හොස්පිටල් එකට ගියේ අඩුමගානෙ තමන්ගෙ ඔම්මවත් නංගිවත් බලාපොරොත්තුවෙන්.
ඒ හිතට මොනවා දැනෙන්න ඇත්ද .. අවුරුදු 19ක් වුනත් මලක් වගෙ හැදුන කොල්ලා කාත් කවුරුවත් නැතිව අසරණ වෙද්දි..

හොස්පිටල් එක ඇතුලට ගියත් කොල්ලට ඔම්මා ඉන්න තැන හොයා ගන්න පුලුවන් උනේ නෑ. හොස්පිටල් එකේ එහා මෙහා අඩ අඩා දුවන හැම කෙනාම කොල්ලා දිහා බලන් හිටියෙ පුදුමෙන්...

අඩ අඩා කෑ ගහන කොල්ලව එක පාරම ඇවිත් නැවැත්තුවෙ mr min.. Mr jeon ගෙ විශ්වාසවන්තම සේවකයා. Jungkook ගෙ අප්පට විතරක් දෙවෙනි වුන jungkook ට අප්පා තරන්ම වටින jungkook ගෙ දෙවෙනි අප්පා.

( dialogue :. 🐰: jk
💜: mr min )

💜: පුතේ අඩන්න එපා දැන්. ඔම්මා ඉන්න තැනක් අපි හොයන් යන්.....

🐰: අංකල්.. අංකල් මගෙ අප්පා මැරිලා. එයාගෙ ඇගෙන් ලේ ගොඩක් ගැලුවා අංකල්. මොනාද වුනේ මගෙ අප්පට.. එතකොට කෝ මගෙ ඔම්මා. එයා කෝ අංකල්... නංගි කෝ මගෙ...

💜: දැන් අඩන එක නවත්තන්න. එන්න අපි ඔම්මා ඉන්න තැනට යන්...

Mr min ජන්ගුක්ව
එක්කන් ගියේ jk ගෙ ඔම්මා ජීවිතයත් මරණයත් අතර පොර බඳින operation theater එක ලගට. කොල්ලගෙ ඇස්වලින් පාලනයකින් තොරව කදුලු ගලනවා. Mr min කොච්චර උත්සාහා කරත් කොල්ලව පාලයන කරන්න. ඒක නිශ්පල එකක් වුනා.

පැයකට පස්සෙ කුකී කොල්ලට theater එක ඇතුලෙ ඉදන් ආපු ඩොක්ට කිව්වෙ කොල්ලගෙ ඔම්මා නැති වුනා කියලා. කොල්ලගෙ හිතෙ අන්තිම බලාපොරොත්තුවත් නැති වුනේ කොල්ලගෙ මානසික මට්ටම අන්තෙටම යද්දි. ඒත් ඔම්මා jk ව තනි නොකර jk ට ලොකු වස්තුවක් දීලා ගිහින් . Jk මාස ගානක් ඇගිලි ගැන ගැන ලගට එනකන් බලන් හිටපු චූටි නංගිව විතරක් ඉතිරි කරලා කොල්ලගෙ ඔම්මයි අප්පයි කොල්ලව දාලා ගිහින්.

2 days before :
💜: අහන්න පොඩි මහත්තයා. දැන් අඩන්න  එපා. නංගිව බලාගමු. නීතියෙන් නංගිව පොඩි මහත්තයට දෙයි මහත්තයා අවුරුදු 19ක් නිසා.

Jk මේ දවස් දෙක ඇතුලත රූම් එක අස්සට වෙලා අඩ අඩා හිටියෙ නිරාහාරව. විටින් විට මින්ගෙ බලකිරීමට මොනාම හරි කෑවත් වෙලාවකට රාක්ශයෙක් වගෙ මින් ගෙ ඇගටත් කඩා පනින්න තරම් කොල්ලා දරුනු වුනා. මින් මේ හැමදේම ඉවසන් හිටියෙ තමන්ටත් මේ වගෙ දරුවො ඉන්න නිසා. අම්මෙක් අප්පෙක් නැති දුක මේ අහිංසකයා කොහොමනම් දරා ගන්නද

Back to present

Jk pov:

ඒ අතීතයට අදටත් මම වෛර කරනවා. මගෙ ඔම්මගෙ අප්පගෙ මරණෙට නීතියෙන් පිහිට පැතුවත් එයාලා කිව්වෙ මගෙ ඔම්මගෙයි අප්පගෙයි ඇගෙ ඩ්‍රග්ස් තිබ්බා කියලා. ඩ්‍රග්ස් අරගෙන තිබ්බ නිසා අප්පාගෙ වැරැද්දෙන් ඇක්සිඩන්ට් වුනාලු.

මගෙ අප්පා සෝජු උගුරක්වත් කටේ දාගන්නවා මම දැකලා නෑ. එදා හිටපු පොඩි කුකී මේ වගේ රාක්ශයෙක් වෙන්න ලොකුම හේතුව මගෙ අප්පගෙ මිනීමරුවො. කාටවත් කරදර නොකර පාඩුවෙ හිටපු මාව අමනුස්සයෙක් කලේ උන්....

අදටත් මුලු ලෝකයක් ඉදිරියෙ මම අහිංසකයෙක්. පාඩුවෙ ඉන්න එකෙක්. තාමත් කොලේජ් යන කොලේජ් එකේ මගෙම හතුරොන්ගෙන් ගුටි කන කොන්දක් පණක් නැති එකෙක්. ලෝකයා මට හිනා වෙනවා. Mr min ට පිං සිද්ද වෙන්න මගෙ අප්පගෙ හැම බිස්නස් එකකම වැඩ එයා බලාගන්නවා කියලයි ලෝකයා දකින්නෙ. ඒත් ඒක එහෙම නෙවෙයි....

එදා කෙල්ලොන්ව ගනන් නොගෙන හිටපු මට අද හැම කෙල්ලම සෙල්ලමක්. කෙල්ලො කියන්නෙ මටනම් ආතල් එකක්. මම කෙල්ලොන්ට වෛර කළේ එකම එක අසික්කිත ගෑනියක් නිසා.

මමත් අපරාධකාරයෙක්. මගෙ ඔම්මගෙයි අප්පගෙයි ඇගෙන් වැගිරෙච්ච ලේ වෙනුවෙන් පලි ගන්න..

මම තාම පටන් ගත්තා විතරයි. මගෙ හතුරො එකින් එක පන පිටින් මරන එකයි මගෙ බලාපොරොත්තුව.

මගෙ ප්‍රදාන හතුරා අදටත් ජීවතුන් අතර නෑ. මට ඕනි උනේ ඌව මගෙ අතින් ඉවරයක් කරන්න. ඒත් මගෙ අප්පගෙයි ඔම්මගෙයි ඇගට කොකේන් ඉන්ජෙක්ට් කරපු උගෙ පුත්තු දෙන්නා අදටත් ජීවතුන් අතර....

___________

මම අදටත් උන්ව නොමරා බලන් හිටියෙ මගෙ පණ ටිකක් ලොකු වෙනකන්. මේ අවුරුදු 5ට මම ඒ කෙල්ලව බලාගත්තෙ මගේ දරුවෙක් වගෙ. කොහොමත් අවුරුදු 19දි මගෙ ඔම්මා මගෙ නංගිව මේ ලෝකෙට බිහි කළේ.. එයා හරියට මගෙ දරුවෙක් වගේ තමයි....

මගෙ හතුරොන්ව මරනවා කියන්නෙ ලේසි දෙයක් නෙවෙයි සමහරවිට මගෙ ජීවිතේ වුනත් නැති වෙන්න පුලුවන්. මගෙ රෝස මලට මම මැරුනම මාව අමතක වුනොත්?? ඒකයි මම හැමදේම අමාරුවෙන් හරි දරාගෙන අවුරුදු 5ක් තිස්සෙ හිටියේ..

මගෙ නංගිව අම්මෙක් තාත්තෙක් නැති අනාත කෙල්ලෙක් කළේ ඒ පො&($&  දෙන්නයි උගෙ නංගි...  චෝයි බ්‍රයන් අනිකා චෝයි මින්හෝ..
ඩ්‍රග්ස්, ගනිකානිවාස වගෙ illegal වැඩවල මහ මොලකරුවෝ..
අනික් ගෑනි.. උන්ගෙ නංගි. තවමත් ඒකි මේ ලෝකෙට අභිරහසක්. උන් එක්ක වැඩ කරන් උන් පවා දැනගෙන හිටියෙ චෝයි සහෝදරයොන්ට නංගි කෙනෙක් ඉන්නවා වගේම හැම ජරා වැඩක්ම ප්ලෑන් කරන්නෙ ඒකී කියලා..
එහෙනම් අපි බලාගමු........

මම මගෙ අතීතයට තාවකාලිකව සමුදීලා ආයෙත් පියවි සිහියට ආවෙ තව විස්කි ශොට් එකක් වීදුරුවට දාගන්න ගමන්. මේවා අස්සෙ ඉන්න කෙල්ලොන්ව දැකලා මට කෙල්ලොන්ව අප්‍රසන්නයි.

කෙල්ලොන්ගෙන් ආතල් ගත්තත් මං උන්ව යූස් කළේ උන් ගැන හොදට හොයලා බලලා. ඇයි යකො ඒඩ්ස්, ගොනෝරියා තව මොන මොනා ඇතිද මේකෙ ලගින ගෑනුන්ට.. නිකන් මොකටද මගෙ රංඩිංග මං අසනීප කරවගන්නෙ 🙂

මේ හැම දෙයක් ගැනම හිත හිතා ඉද්දි එක පාරම මම ගැස්සිලා ගියේ හ්‍යුන්ගෙන් කෝල් එකක් ආපු නිසා...අර කෙල්ල හ්‍යුන්ලාව බාගෙට මරලා ඇති...

📞📞
🐰: කියන්න හ්‍යුන්...

🐯: අනෙ මේ බම්බුගහන්නැතුව ගෙදර වරෙන් jk. මේ කෙල්ල මාවයි අනිත් අයවයි බාගෙට මරලා තියෙන්නෙ. උබ ක්ලබ් ගානෙ රව්ම් ගහන්නයි අපි මේ කෙල්ලව බලාගන්නයි ඇයි යකො උඹ දන්නවද මේ කෙල්ලට කවා ගන්න මම දිව්ව තරමක්. අන්න  ජිමිනා අඩනවා උදේ ඉදන් කෙල්ලගෙන් ගුටි කාලා. උඹ දැන්ම ආවෙ නැත්තන් මම උඹවයි උඹෙ නල්ලමලෙ පොඩි ආච්චිවයි උස්සලා දානවා කූඩුවට. උදේ ඉදන් ගුටි කනවා යකො මං.

🐰: ඉතින් හ්‍යුන් ඇයි ඔය අඩන්නෙ 😂😂

මගෙ වසවර්ති සහෝදරිය.. මීශා 😂 මේ අවුරුදු ගානට මගෙ හ්‍යුන්ලා පොඩි එකීගෙන් ගුටි කාලා ඇති දහස්වතාවකට වැඩිය.. පව් ඉතින් 😂 ඒත් මට වඩා ඒ හය දෙනා මීශාට ආදරෙයි. ඕනි වෙලාවක මම මීශාව එයාලා ලග තියලා එන්නෙ ඒ තරම් උන් ටික මට විශ්වාස නිසා...

Bangtan.. මාත් ඇතුලුව කොල්ලො හත් දෙනෙක්ගෙන් හැදිච්ච ටීම් එකක්. මගෙ අම්මා අප්පා නැති පාලුව නැති කරලා දාන මගෙ සහෝදරයො ටික. හතුරොන්ට කොච්චර දරුනු උනත් මම තමයි මගෙ සහෝදරයොන්ගෙ පොඩිම එකා.. ඒ හය දෙනා මට තාමත් සලකන්නෙ පොඩි දරුවෙක්ට වගෙ. මම ජීවත් වෙන්නෙ ඒ හය දෙනාට පිං සිද්ද වෙන්න....
අපේ ටීම් එකේ ප්‍රදාන අරමුන මගෙ පලිගැනීම වගේම සෝල් ඇතුලු කොරියාවෙ විශාල ජාවාරම් නවත්තන එකත් අපෙ ටීම් එකේ එක කොටසක්. මොකද ඒ දේවල් නැවැත්තුවොත් ඉබේටම මගෙ ඉලක්කෙට යන්න පුලුවන්..... මගෙ ඔම්මට අප්පට වුන දේ තව කෙනෙක්ට නොවෙන්න පුලුවන්...

_____________________
Next day morning ..
Author pov:

( 💖 - suuhi
❤️- yaeri )

❤️ : ඕයි.. නවතිනවා ... මැරෙන්නද හදන්නෙ .. දුවන්නෙ කොහෙද මෝඩියේ ඉන්නවකෝ...

💖: අනෙ යනවා. ගිහින් තමුසෙගෙ අර ඔප්පා කියන හිපාටුවා එක්කම ඉන්නවා. බූට් කාලා අඩාගෙන එහෙම එන්න එපා. පයින් ගහන්නෙ...

❤️: ඔප්පා ආය මට වැරැද්දක් කරන එකක් නෑ සූහියා. තිරිසනෙක් වගේනෙ උඹ...

💖: තිරිසනෙක් නොවී පුලුවන්ද අහ්. උඹ මේ හිපාටු හාමිට කීවෙනි වතාවටද සමාව දුන්නෙ අහ්. උගෙ වැඩේම ක්ලබ් අස්සෙ රිංගන එක. අම්මපා මං ලෝය කෙනෙක් වුන දවසක දානවා ඕකට නඩුවක්...

❤️: ජිමින් ඔප්පා ආය එහෙම කරන එකක් නැ 🙂

පාක් සූහි. බූසාන්වල ඉන්න ඔම්මගෙනුයි අප්පගෙනුයි ඈත් වෙලා කෙල්ල සෝල්වලට ආවෙ කෙල්ලගෙ හීනෙ හැබෑ කරගන්න. ලෝය කෙනෙක්..
අනිකා කිම් යේරි. කොයි වෙලෙත් අඩාගත්ත ගමන්. ඔප්පට සමාව දෙන එක තමා කෙල්ලගෙ විනෝදාංශෙ 😂 දවසට දෙතුන් වතාවක් එයාගෙ ජිමින් ඔප්පා ඒ කෙල්ලගෙන් සමාව ගන්නවා.

කොලේජ් එකේ ලෝ ෆැකල්ටි එකෙ වීරවරියො තමයි සූහි යේරි කියන්නෙ. අසාදාරනය කොහෙද කෙල්ලො එතන. හැබැයි යේරි එතනත් අඩනවා. සමහර කොල්ලොන්ට ගහන ගමනුත් කෙල්ල අඩනවා 😂

වෙනදා වගේම රණ්ඩුවකින් කොලේජ් එකේ දවස ආරම්භ කරපු කෙල්ලො දෙන්නා කොලේජ් එකේ ග්‍රව්න්ඩ් එකට ගියේ කැන්ටින් එකෙන් සැන්විච් දෙකකුත් අරගෙන.

" අනේ මට ගහන්න එපා ප්ලීස්"
" අනේ මට රිදෙනවා"

👿: මොන පො$)$( ක්ද බං මූ.. උඹ මොකද අද මට ඉස්සර වෙලා හෝල් එක අස්සට යන්න හැදුවෙ. යකො මමයි මේකෙ රන් කරන්නෙ .

ඒ මින්හෝ චෝයි බ්‍රයන්ගෙ සහෝදරයා..
කෙල්ලො දෙන්නට මේක ඇහුනෙ ග්‍රව්න්ඩ් එක ලග තිබ්බ චේන්ජින් රූම් එක ලගින්.. යේරි මින්හෝගෙ කටහඩ ඇහුන නිසා සූහිව නවත්තන්න හැදුවත් සූහි යේරිගෙ අත අතෑරලා චේන්ජින් රූම් එකට දිව්වා...

💖: යාහ් මින්හෝ.. ඕක නවත්තනවා... තමුසෙ මොකෙක් කියලද හිතන් ඉන්නෙ..

👿: මෙයා මොකද මේ.... අහ් මේ ඉන්නෙ ලෝ ෆැකල්ටි එකේ සූහි මිස් නේද 😂😂 ඕයි නාටු කෙල්ල යනවා මෙතනින්..

💖: මේ යකා.. ඕයි පොලොස්කොට්ටෝරුවා.. මම මේ දැන්ම ප්‍රින්සිපල්ට කියන්නද..

👿;: හහ්.. මොනා කියන්නද තමුසෙ 😂😂

සූහි එක පාරම යේරිගෙ ෆෝන් එක අරන් මින්හෝට පෙන්නුවෙ මින්හෝ මේ ලමයට වද දෙන ෆොටො එකක්. සූහි මින්හෝව කතාවට අල්ලගද්දි යේරි ෆොටෝ එක ගහගෙන..

👿: තමුන් අද බේරුනා කියලා හිතාගන්නවා..

💖: හා හිතාගන්නම්කො.. හැටි විතරක් තලපු මදුරුවෙක් වගෙ. කලිසම ගලවලා ඔලුවෙ ඔතන්න හිතෙනවා.

මින්හෝ කෙල්ලටත් ගස්සලා මින්හෝ එක්ක හිටපු අනිත් කොල්ලො ටිකත් එක්ක එතනින් යන්න ගියා. කෙල්ල හිතන් හිටියෙ මින්හො කියන්නෙ අතින් පයින් තමන්ගෙ හයිය පෙන්නන එකෙක් කියලා. මින්හෝගෙ ඇත්ත තත්වෙ කිසිම කෙනෙක් නොදන්න නිසා සූහි කොහොමනම් දැනගන්නද. ඉස්සරහට සේහිට වෙන්න තියෙන දේවල් ගැන සේහි දැනගෙන හිටියනම් අද කෙල්ල මින්හෝට මෙහෙම කතා නොකරන්න තිබ්බා.

💖: පිස්සුද ගුටි කන්න අහ්. ඔයා මින්හෝටත් වඩා අවුරුද්දක් වැඩිමල්නෙ . මම ඔයාව දැකලා තියෙනවා. ඒක නෙවෙයි මොකක්ද ඔයාගෙ නම..

🐰:jeo... Jeon jungkook ..

💖: අහ් දේ ජන්ගුක්ශි.. ආය ඕවගෙ එව්න්ගෙන් ගුටි කන්න එපා මං වගෙ මෙහෙම මෙහෙම ගහන්න..

සූහි ෆයිට් කරන හැටි පෙන්නන්න උඩ පැන පැන දඟලනවා. ඒත් කෙල්ල දන්නෑ jungkook එකක් දුන්නම කෙල්ල කොලේජ් එකේ ගේට් එක ලගට විතර විසි වෙනවා කියලා 🙂😂

💖: තේරුනාද.. වැඩිය දැගලුවොත් ටොයින් ටොයින් එකට එකක් දෙන්න..

🐰: ටොයින් ටොයින්?

💖: අද homework කරනවා වෙනුවට ගෙදර ගිහින් ටොයින් ටොයින් කියන්නෙ මොකක්ද කියලා හොයලා හෙට මට කියන්න ඕනි හොදේ. එහෙනම් අපි ගියා .. අහ් ඔය කන්නාඩි දෙක ගලවලා පොඩි දෙකක් දාගන්නවා. මුලු මූනම වැහිලා බෝතල් අඩි දෙකක් වගේ...

කෙල්ල කියව කියව යන්න ගියා. ජන්ගුක්ට එක අතකින් ලොකු ප්‍රශ්නයක් වුනේ ටොයින් ටොයින් කියන්නෙ මොකක්ද කියලා. සෝල්වල ලොකුම මාෆියා ටීම් එකෙ ලේඩර් වුනත් මෙහෙම සටන් ක්‍රමයක් ගැන කොල්ලා දැනගෙන හිටියෙ නෑ මිත්‍රවරුනි 🙂😂



______________

දුන්නා. අනෙ අඩුපාඩු ඇති. ඊලග එකේ ඉදන් දෙන්නම් සුප්පෙටම. මට 1st එකෙන්ම jk ගෙ කතාව කියන්න හිතුනා. හෙට ඉදන් වැඩ පටන් ගමු. කම්මැලීනම් කියන්න හොදේ... අනෙ මන්දා..

🖊jinshi_0811

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

3.8K 680 6
"අනේ ජිමින්ශි.." "මොන වදයක්ද ඕයි...තමුසෙ ඇයි මගේ පස්සෙන්ම එන්නෙ ..මට වදනොදී යනවකෝ මෙතනින්.." "මට යන්න තැනක් නෑනෙ..." "ඇයි තමුසෙලට ඉන්න තමා අච්චර ලොකු...
8.7K 344 14
Here we go again Art is by diggersgigglesva on Tumblr
875K 40.6K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
15.5K 2.7K 30
"වියරු වැටුනු වෘක කණ්ඩායම නායකයෙක්...⚡ තමන්ගේ අනන්‍යතාවය ගැන හෝ නොදන්න අහිංසක තරුණියක්...⚡ ඔවුන්ගේ ආදරය වෛරයකට පෙරලේද..?? නැත්නම් ආදරය ජයගනීවීද..???⚡...