♛ අග්නි ♛

By Bulbz_D

165K 33.9K 28.9K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 75

1.7K 372 456
By Bulbz_D

'' තමුන් බලා සිටිනවා... එපමණක් නොව... ''

භාසුර තවත් කිසිවක් පැවසීමට පෙර ඔහුගේ පපුව හරහා අසිපතක් කිදා බසිනු මිධුනාථ දුටුවේ ය. භාසුරගේ මුහුණ වේදනාවෙන් ඇලලී ගිය අතර ඔහු නළල ද රැලි ගන්වමින් එදෙසට දෑස් යොමු කළේ ය. ධීර අනුකම්පා විරහිතව සිය අසිපත භාසුරගේ සිරුරෙන් පිටතට ඇද්දේ ය. භාසුර අඩපණව දණින් වැටෙනු බලා සිටි ධීර ඔහුගේ හස්තයෙහි වූ පළදනාව ද උදුරාගත්තේ ය.

''ධීර !! '' සුලෝධජගේ සතුටට පත් හඩ මිධුනාථට ඇසුණි .

භාසුරගේ මුහුණෙහි , වේදනාව රැවටීම ,  බලාපොරොත්තු බිදීම සියල්ල කැටිවූ බැල්මක් වූ අතර ඔහු උමතුවෙන් මෙන් පළදනාව දෙසට දෑත් යොමු කළේ ය. ඔහුගේ මුවින් ද රැධිරය ගලා ආ අතර ධීර සිය රුධිරය සහිත අසිපත අනුකම්පා විරහිතව ඉවතට ඇද තිබුණේ ය. භාසුර මිනිත්තු කිහිපයකින් සම්පූර්ණව නිහඩව ගොස් තිබුණේ ගුහාවෙහි සිටි සියලු දෙනා වික්ෂිප්ත කරමිනි .

නමුත් මිධුනාථ තවමත් දෑස් සිහින් කරගෙන ධීර දෙස බලා සිටියේ ය. භාසුර ද සුලෝධජගේ විශ්වාසය කඩ කළේ නම් ධීර එසේ නොකළාවි යැයි මිධුනාථට පැවසිය නොහැකි විය . ඇරැත් ධීර , භාසුර ඝාතනය කළ අවස්ථාවේ කිසිදු සෙබළෙකු ධීර වෙත විරුද්ධ නොවීම මිධුනාථ කම්පනයට පත් කළේ ය. සුලෝධජ සතුටින් ධීර දෙස බලා සිටිය ද ධීර සුලෝධජ අසළට ළගාවීම ද මිධුනාථ කලබලයට පත් කළේ ය.

'' ධීර.. මා ලිහා දමන්න ඉක්මනින්. '' සුලෝධජ පැවසුවේ ධීර දෙස බලමිනි . නමුත් ධීර ඉවසීමෙන් සුලෝධජ ඉදියේ දණගසා ගනු මිධුනාථ දුටුවේ ය.

'' දැන් කිම ද මා එලෙස සිදු කළ යුතු ? '' ධීරගේ උපහාසාත්මක හඩ සමස්ත ගුහාව පුරා විසිරී ගියේ ය.

'' ආහ් ? '' සුලෝධජගේ මුහුණෙහි වූ ජයග්‍රාහි සිනහව වියැකී ගියේ ය. දෙවනවරට ද තමා තැබූ විශ්වාසය කඩ වීමෙන් ඔහුගේ මුහුණෙහි ඇති වූ වේදනාත්මක බව මිධුනාථ හොදින්ම හැදින්නේ ය.

'' ධීර.... ඔබ... නැහැ.. ඔබත් ?? ධීර..... '' සුලෝධජ තවත් කිසිවක් පැවසීමට පෙර ධීරගේ අතුල් පහර සුලෝධජගේ කම්මුල් රත් කරමින් විනිවිද ගිය අතර සුලෝධජ එවර කිසිවක් නොපැවසුවේ ය.

'' තමුන් උමතුවෙන් ද !!! '' මිධුනාථ එවර ගිගිරුව ද ධීර ඔහු දෙස හැරී බැලීමට හෝ වෙහෙස නොවී ය.

'' කිම ද සුලෝධජ !.. තමුන් මට හිස නවාගෙන සිටින්නේ අද ?? ආා?? '' ධීර විමසුවේ සුලෝධජගේ කෙස් වැටියෙන් අල්ලා හිස ඉහළට ඔසවමිනි .

'' අවස්ථාවාදීයා.. '' මිධුනාථ ගිගිරුවේ ය. එවර ධීර උමතු සිනහාවක් නගමින් නැගී සිටියේ සුලෝධජගේ හිස දැඩිව ශිලා බිත්තිය මත වද්දමිනි . ඔහුගේ ඒ වන විටත් රුධිරය කැටි ගැසූ තිබූ නළලින් තවත් නැවුම් රුධිරය ගලා යන ආකාරය ද ධීර සිනාසෙමින් බලා සිටියේ ය.

'' හහ්.. තමුන් සිතා සිටින්නේ මෙය භාසුරගේ අවස්ථාව වග ද ??? නැහැ... ඔබට වැරදිලා.. මේක ආරම්භයේ සිටම ධීරගේ අවස්ථාව... '' ධීර පැවසුවේ ස්වඅභිමානයෙන් තමා දෙසටම දෑත් දිගු කරගනිමිනි . භාසුරගේ සෙබළුන් සියල්ලම ධීරට යටත් විය . භාසුර, අසුර අසිපත දරන්නා වුව ද ඔහුව ද රූකඩයක් සේ භාවිත කරන්නට තරම් ධීර සූක්ෂම වී තිබුණි . අවසානයේ තවත් සැගව සිටි අවස්ථාවාදීයෙකු පිටුපස සිට කිණිස්සෙන් ඇණ තිබුණි .

සුලෝධජ තවමත් විශ්වාස කළ නොහැකි ආකාරයෙන් බලා සිටියේ ය. මින් පෙර සිදුවුණු සියල්ල ඔහුට දැඩි කම්පනයක් ද විය . ඔහුගේ කුඩා කළ සිට සමීපතම මිතුරන් දෙදෙනා සේම ඔහුගේ විශ්වාසවන්තයන් දෙදෙනා ඔහුට ද්‍රෝහී වී තිබුණි . තමා හා සම අසපුවේ ශිල්ප හැදැරූ භාසුර , අනුර්ධ අසපුව ගිනි තබා සිය මෑණියන් , ගුරුතුමන් පමණක් නොව මිගාරගේ මරණයට ද වගකිව යුතු ඝාතකයා විය . අවසානයේ ඔහු ද තමාගේ මැදිහත් වීමකින් තොරව අවසන් සුසුම් හෙළා තිබුණී . තමාට වෛරයෙන් පහර දුන් අසුර අසිපත දරන්නා ද , මිගාරව මරා දැමූ දරුණූ ඝාතකයා , තමාට සුලෝධජ යනුවෙන් මෘදුව අමතමින් තමා පිළිබදව වද වූ භාසුර වග සුලෝධජට සිතා ගත නොහැකි විය .  නමුත්.. දැන්.. අවසානයේ තමා සමගින් සියල්ලට මුහුණ දුන් විශ්වාසී සගයා ධීර ද ඔහුට පිටුපෑ වග සුලෝධජට විශ්වාස කල නොහැකි විය .

ඔහු මෙය භයානක සිහිනයක් බවට පවසමින් නිහඩවම කාලය ගෙවී යෑමට ඉඩහළේ ය. කාල ඝාතනය වූ දින ධීරගේ හස්තයෙහි වූ තුවාල කැළැල් , මිධුනාථගේ කුටිය අසළ ඔත්තු බැලූ හුරුපුරුදු ස්වරූපයේ මනෝකාය , අවසන් වටයේ දී තමා කණ්ඩායෙමෙන් ඉවතට රැගෙන ගිය සටන් කරුවා කවුරුන්දැයි යන වග සුලෝධජට පැහැදිලි විය .

'' ධීර.. '' සුලෝධජ අවසිහියෙන් මෙන් මිමිණුවේ ය.

'' නිහඩවනවා තමුන් අධමයා.. '' ධීර පැවසුවේ අනුකම්පා විරහිතව සුලෝධජගේ මුහුණට පා පහරක් එල්ල කරමිනි . සුග්‍රීවගේ හා මිධුනාථගේ කෝපාන්විත හඩ නෑසෙන තරමට එකී ප්‍රහාරය සුලෝධජට දැඩි විය . ඉන් හටගත් කායික වේදනාව පරයා ප්‍රබල ලෙස ඔහුගේ සිත රිදුම් දුන්නේ වෙයි .

අනුර්ධ අසපුවේ තමා කුඩා කළ ධීර හා භාසුර සමගින් ක්‍රීඩා කළ ආකාරය සුලෝධජට මැවී පෙනුණි . ඔවුන් යටි සිත ද උඩු සිත ද එක් කළ කුඩා දරුවන් තිදෙනක් විය . හති වැටෙන තුරු වනයේ සැරිසරමින් මුනි තුමන්ගෙන් බැනුම් අසමින් , ශිල්ප පුහුණු කළ ආදරණීය සමීපතමයන් විය . ඉන්පසු තමා හා ධීර වෙනුරාධ මුනිට හිසරදයක් වන තුරුම ගිරි අසපුවේ හැදී වැඩෙමින් නීති සියල්ල කඩා දැමූ ආකාරය ද තවමත් සුලෝධජගේ මතකයෙහි විය . කව්රුන් විසින් කවුරුන් දුරස් කළේ දැයි සුලෝධජට වටහා ගත නොහැකි විය .

ධීරගේ සිව්වෙනි පහර ද සුලෝධජ වෙත එල්ල වූ අතර සිය මුව රුධිරයෙන් පිරී යනු ඔහුට දැනුණි . ඔහුට මිධුනාථ දෙස බැලීමට ඇවැසි වුව ද ඔහුගේ දර්ශන පථය වරින් වර බොදව ගියේ ය. ඔහු මුවෙහි සිරව තිබූ රුධිරය කාරා පිටතට දැමුවේ ය.

තමා ධීරගේ හස්තයෙන් අල්ලාගෙන ගිනි දැල්වලින් බේරිමට අනුර්ධ අසපුව පුරා එහා මෙහා දිව ගිය ආකාරය ද අවසානයේ ගිනිදැල් කෙළවර ධීරගේ හස්තයෙන් අල්ලාගෙන දෙදෙනාම එක්ව ප්‍රපාතයෙන් පහළට පැනි අකාරය ද සුලෝධජ වෙළා ගත්තේ ය. ඔහුට නැවතත් කුඩා ධීරගේ හස්තයෙන් අල්ලා ගැනීමට ඇවැසි විය . එසේ අල්ලාගෙන නැවතත් ධීර සමගින් ක්‍රීඩා කිරීමට ඔහුට තවමත් ඇවැසි විය . නමුත් එකී හස්තය තමාට අල්ලාගත නොහැකි මට්ටමින් මෙලෙස දුරස් වීමට හේතුව සුලෝධජ නොදැන සිටියේ ය.

ධීරගේ පහරදීම් කෙතරම් දැඩි දැයි යනවග ඔහු තමා සමග කෙතරම් වෛරයෙන් සිටියේ දැයි යනවග සුලෝධජට වටහා දුන්නේ ය. එතරම් වෛරයක් සිතෙහි සගවාගෙන ඔහු තමා සමීපයේ රැදී සිටියේ කෙසේ දැයි සුලෝධජ නොදැන සිටියේ ය. ඔහුට හැඩීමට ඇවැසි නොවූ අතර ඔහු ධීරට පහරදීමට ඉඩ දී ඔහේ බලා සිටියේ ය.

අවසානයේ ධීර , සුලෝධජගේ නිකටින් අල්ලා ඉහළට එසවූවේ ය . ඔහු සිය ඇතුළතින් තුවාල වුණු කොපුල් අල්ලාගනිද්දී සුලෝධජ හැගීම්විරහිතව ධීර දෙස බැලුවේ ය.

'' ඔබට පහරදීමට ද ඇවැසි ධීර ?? තව පහර දෙන්න.. ඔබට අවශ්‍ය තරම්.. '' සුලෝධජ මිමිණුවේ ය. මිධුනාථ කුමක් හෝ පවසමින් කෝපයෙන් කෑගසන ශබ්දය සුලෝධජ වෙත ඇසුණ ද ඔහු එය වටහා ගැනීමට තරම් පියවි සිහියෙන් නොවී ය.

'' නුඹ කුමක් ද සිතුවේ ?? සෑම දිනකම මා තමුන් වැන්නෙකුට යටත්ව සිටී කියා ද ?? තමුන්ට කුමක් ද සිදු කළ හැකි ?? බලනවා.. අසරණයි තමුන්... ගුරුතුමන් සිටියා නම් නුඹට සිනාසේවි....  එවිට නුඹේ මෑණියන්.... ඇය උතුම් කාන්තාවක්.. තමුන් වැනි අධමයෙක් ඇයගේ කුසතුළින් උපත ලැබුවා විය නොහැකියි.. '' ධීර සුලෝධජ වෙත රෞද්‍ර ලෙස පැවසුවේ ය.

'' ධීර !!! '' එවර සුලෝධජ කෝපාන්විත විය. සිය මෑණියන් කුඩා කළ සිටම තමා ධීර දෙදෙනාටම සම සේ සෙනෙහස දැක්වී ය.

'' ඇය මාගේ මෑණියන් වීමටයි තිබුණේ... එසේ වූවා නම්.. මමයි අද නුඹ වෙනුවට රත්නද්වීපය පාලනය කරන්නේ....... පියාණන් අප දෙදෙනාම කුණු ගොඩක් සේ ඉවත දැමුවාට.. '' එවර ධීරගේ වදන් සුලෝධජ කම්පනයට පත් කළේ ය. ඔහු පමණක් නොව සමස්ත ගුහාවෙහි සිටි සියලු දෙනාම නිහඩවනු සුලෝධජට දැනුණි . ඔහු සිය විස්මය පිරි දෙනෙත් ධීර වෙත යොමු කළේ ය.

'' ධීර ඔබ කුමක් ද පවසන්නේ !!! '' සුලෝධජ කම්පනයෙන් ප්‍රශ්න කළේ ය.

'' වෛශ්‍යාවකගේ කුස තුළ නොඉපදෙනවාට වඩා නුඹේ මෑණියන්ගේ කුස තුළයි මා ඉපදීමට තිබුණේ... !!!!!!!!! '' ධීර කෝපාන්විතව කෑගැසුවේ සුලෝධජ වෙත තවත් පහරක් එල්ල කරමිනි . එහි වේදනාව නොදැනෙන තරමට සුලෝධජ කම්පනයෙන් විය .

'' නුඹ සියලු දේ උදුරාගත්තා... '' ධීර නැවතත් සුලෝධජ වෙත පහරක් එල්ල කළේ ය. ඔහුගේ පහරට වඩා සිය සිත ඇදුම් කෑ වග සුලෝධජට නිශ්චිත විය . ධීර සිය සහෝදරයෙකු ද වන වග ඔහු නොදැන සිටියේ ය. නැත . ඔහු එය කෙලෙසකවත් අනුමාන නොකළේ ය. නමුත් සිය මෑණියන් ධීරට ද තමාට සමාන ලෙස සෙනෙහස දැක්වූ වග සුලෝධජ දැන සිටියේ ය. 

නිසැකවම තමා මාස කිහිපයකින් හෝ ධීරට වඩා වැඩිමල් බැවින් ද , තමාගේ උරුමය පෙළපත් දෙකින්ම තහවුරු වූවක් බැවින් ද නිසි රාජ්‍යය උරුමය තමා වග සුලෝධජට හොදින්ම විශ්වාස විය . එලෙස එක් පසින් පමණක් උරුමය හිමි වන්නේ නම් මිධුනාථට ද එය හිමි විය යුතු  විය . වාගිෂ්ඨ මුනි සිය මව් පසින් උරුමකම් කී සේම එකී උරුමය තමාට වඩා වැඩිමහල් මිධුනාථට ද එසේ නම් හිමි විය යුතු විය . නමුත් දෙපසින්ම තහවුරු කළ උරුමය වූයේ තමාට පමණක් විය .

'' ඔබට කිරුළට හිමිකමක් නැහැ.... '' සුලෝධජ ඍජුව පැවසුවේ ය.

'' නිහඩවනවා %^&* !!!!!! .''
ධීර කෝපයෙන් තමා වෙත තවත් පහරක් එල්ල කරනු සුලෝධජට දැනුණි . ඔහු එවර කෝපයට වඩා වේදනාවෙන් විය .

'' නුඹට අවශ්‍ය රාජ්‍යය ද ? !! එබැවින් ද සියල්ල සිදු කරන්නේ ? නුඹ වරක් හෝ පැවසුවා නම් නුඹ සැබවින්ම කව්රුන් ද යනවග තමුන් සිතා සිටියේ මට තර්ජනයක් වේයැයි මා තමුන්ව මරා දමාවි යනවග ද !!!!!  ධීර.. අසනවා තමුන්ගෙන් තමුන් කව් ද !!! අසනවා තමුන්ගෙන් මා කව් ද !!!! මා තමුන්ට කෙදිනක හෝ පහත් සේවකයෙකු ලෙස සලකා තිබේ ද !!! එය එසේදැයි මා විමසුවේ !!!! '' සුලෝධජ එවර ආවේගයෙන් කෑගැසුවේ ය. ඔහුගේ ගෙලෙහි මෙන්ම දෑත්වල ද නහර ඉලිප්පී තිබෙනු මිධුනාථ දුටුවේ ය.

'' රාජ්‍යය ? '' ධීර උපහාසයෙන් සිනාසුණේ ය .

'' රාජ්‍යය ? එය ලබා ගත යුතු නම් මා තමුන්ව පහසුවෙන් මරා දමනවානේ ? නැහැ..... රාජ්‍යයෙන් මට ඇති පලක් නොවේ.. '' ධීර රෞද්‍ර ලෙස පැවසුවේ ය. ඔහු සන්සුන්ව නැගී සිටියේ ය. අනතුරව ඔහු සුලෝධජගේ කෙස් වැටියෙන් අල්ලා ඔසවා ඔහුව දණ ගැස්වූයේ ය. එවර සුලෝධජ සිටි ස්ථානයට මිධුනාථ ඍජුවම දර්ශනය වූ අතර ඔහු කම්පනයට පත් දෑසින් තමා දෙස බලා සිටිනු සුලෝධජ දුටුවේ ය.

'' නුඹ නාථ හදුනා ගත්තා ද ??? ඔහු එකවරම තමුන්ව හදුනා ගනිද්දී තමුන් ඔහුව හදුනාගත්ත ද ? !!! තමුන් ඔහුව ඇසුරු කළත් ඔහුව හදුනා ගත්තේ නැහැ.. මා !! ඔහු දුටු සැනින් හැදින්නා ඔහු නාථ වග !!!!  '' ධීර සුලෝධජ වෙත පැවසුවේ ඔහුගේ කෙස් වැටියෙන් ග්‍රහණය කරගනිමිනි .

'' තමුන් වැනි මෘගයෙක්ට කුමන සුදුසුමක් ද ඔහුගේ වීමට !!!!!!! '' ධීර කෑගැසුවේ ය. එවර මිධුනාථ කෝපගත්ත ද සුලෝධජ තවමත් කම්පනයෙන් විය .

'' කටවහනවා අවස්ථාවාදීයා !!! අවස්ථාව පැමිණෙන තුරු බලා සිට අවස්ථාවාදීව ඉදිරියට පැමිණීම තමුන්ට ආඩම්බරවීමට දෙයක් ද !!! නිර්ලජ්ජිත බියගුල්ලෙක් !!!!!!!!   '' මිධුනාථ ගිගිරුවේ ය.

'' කට වහනවා දුර්වලයා ... !!!! '' ධීර එවර මිධුනාථ වෙත ද රෞද්‍රව ගිගිරුවේ ය.

'' ධීර... ඔබ.... '' තමා තවත් කිසිවක් පැවසීමට පෙර ධීරගේ අසිපත සිය ගෙලට තරවනු සුලෝධජට දැනුණි .

'' සක්වල චක්‍රය විවර කරනවා.. '' ධීර ,  මිධුනාථ වෙත රෞද්‍රව පැවසුවේ ය. සුලෝධජ කෝපයෙන් මිට මොලවා ගත්ත ද කිසිවක් නොපැවසුවේ ය. මුද්‍රාව බිදී ඇති බැවින් මිධුනාථ මෙහි මුග්ධ ලෙස චක්‍රය විවර කළහොත් එය මිධුනාථගේ ද අවසානය වන වග සුලෝධජ දැන සිටියේ ය. ඔහු තවත් කුමක් හෝ පැවසීමට පෙර ධීර සිය අසිපත තවත් ගෙල දෙසට තද කරනු සුලෝධජට දැනුණි .

මිධුනාථ එවර තරමක් කලබලයට පත් වුව ද ඔහු කිසිවක් නොපැවසුවේ ය. කිසිදු විටෙක සක්වල චක්‍රය විවර කිරීමට සුලෝධජ වෙත ඇවැසි නොවූ වග මිධුනාථ දැන සිටියේ ය. එය විවර කිරීමෙන් පසු සිය මනෝකාය සිරුරෙන් පිටතට ඇදී ගිය ද මිධුනාථ එය මදකුදු නොතැකුවේ ය. ඇරැත් සක්වල පළදනාව ධීර සතුව තිබියදී ඔහු කෙලෙසකවත් එය විවර නොකරනු ඇත .

මිධුනාථ මෘදුව සුලෝධජ දෙස බැලුවේ ය. ධීරගේ පහරදීම්වලින් ඔහු හෙම්බත්ව සිටය ද ඔහුගේ විශාල දෑස් තවමත් තමා වෙත යොමුව ඇතිවග මිධුනාථ දුටුවේ ය. ඔහු මිනිත්තු කිහිපයක්ම සුලෝධජ දෙස බලා සිටියේ ය.

'' ඔබ දන්නවා.. මට එය සිදු කළ නොහැකි වග..හ්ම් ?  ?'' මිධුනාථ සුලෝධජ වෙත මෘදුව පැවසුවේ ය. ප්‍රතිඵලය නොදැන සක්වල චක්‍රය විවර කර සමස්ත රටක් අනතුරේ හෙළීමට මිධුනාථට ඇවැසි නොවී ය .

'' මා දන්නවා... '' සුලෝධජ සිනාසී හිස ඉක්මනින් හිස සැලුවේ තමා බලාපොරොත්තු වූ පිළිතුර එය බව මිධුනාථට පසක් කරමිනි . මිධුනාථ ද හිස සලා මිට මොළවා ගත්තේ ය. ධීර කෝපාන්විතව අසිපත සුලෝධජ දෙස යොමු කරනු දුටු මිධුනාථ සිය දෑස් තරයේ තද කර වසා ගත්තේ ය.

සුලෝධජගේ සිරුර ඩොග් හඩක් නගමින් ශිලා පොළොව මත ඇද වැටෙනු මිධුනාථට ඇසුණි . ඔහු සිතාමතාම සිය කටුකම්බි සහිත දම්වැල්වලට සිය දෑත් තර කරගත්තේ වේදනාව මදක් හෝ පහ කරගැනීමේ අදහසිනි . සිය දෑස්වලින් ගලා යාමට සැරසුණු කදුළු ඇසිපියන් ආයාසයෙන් වළක්වාගෙන සිටිය ද මිධුනාථ සිය විලුඹ ශිලා පොළොව මත තද කළේ ය .

නමුත් , සුලෝධජගේ මුවින් නික්මුණු සුසුම් හඩට මිධුනාථ ක්ෂණිකව දෑස් විවර කළේ ය . ධීර ඔහුව ශිලා පොළොව මත අතහැර දමා තිබුණ ද ඔහු තවමත් නිරුපද්‍රිත විය . අමතක වීමෙන්ම සිය දෑස් පියන් රදවාගෙන සිටි කදුළු බිදුවක් ඔහේ ගලා යනු මිධුනාථට දැනුණි . ඔහු සැනසීමෙන් සුසුමක් හෙළුවේ ය. සැහැල්ලු වෙමිනි .

'' බලනවා.. තමුන්ගේ ප්‍රේමවන්තයා... අනුකම්පා කරනවා ඔබට සුලෝධජ.... ..  ආහ්.. ස්වභාවදහමට එරෙහි උන්මන්තක සතුන්.... සමලිංගිකයා !!!!!!   '' ධීර පැවසුවේ බිම ඇද වැටී සිටි සුලෝධජ වෙත පහර දෙමිනි . ඔහුගේ ප්‍රකාශයට මිධුනාථ සේම සුලෝධජ ද එවර කිපුණි . එවර සුග්‍රීව ද කෝපාන්විත වූ අතර කෛශාල ඔහුව සන්සුන් කළේ ය.

'' කුමක් ද තමුන් පැවසුවේ ?? විෂමලිංගිකයා !! කටවහනවා !!!! '' මිධුනාථ ගිගිරුවේ ය. ඔහුගේ වදන් ද ඔහුගේ ස්වරය සේම රෞද්‍ර විය .

'' ඔහු චක්‍රය විවර කරනවා.. '' සුලෝධජ එවර දැඩිව හා කෝපයෙන් පැවසුවේ මිධුනාථ දෙස හැරෙමිනි . මිධුනාථ කම්පනයෙන් සුලෝධජ දෙස බලා සිටියේ ය. සක්වල චක්‍රය විවර කිරීමට ඔහුට කිසිදු අවශ්‍යතාවයක් නොවී ය.

'' ඔහු මා වෙනුවෙන් චක්‍රය විවර කරනවා.. '' සුලෝධජ නැවතත් ස්ථිරව හා දැඩිව පැවසුවේ ය.

'' උතුමාණෙනි.. එය ඔහුට ද අනතුරුදායකයි.... '' එවර සුග්‍රීව බාධා කළේ ය.

'' නැහැ.. ඔහු චක්‍රය විවර කරනවා.. ''  සුලෝධජ රෞද්‍රව හා විශ්වාසයෙන් පැවසුවේ ධීරගේ දෑස් දෙස ඍජුව බලමිනි .

'' සුලෝධජ ??? !! '' එවර මිධුනාථ බාධා කරමින්  විමසුවේ ය.

'' චක්‍රය විවර කරන්න.. මිධුනාථ ... '' සුලෝධජ අනුකම්පාවිරහිතව මිධුනාථ දෙස බලමින් පැවසුවේ ය . මිධුනාථ නිරුත්තර විය . මිධුනාථ කෝපගත්ත ද ඔහු කිසිවක් නොපැවසුවේ ය. ඔහු දෑත් මිට මොලවා ගත්තේ ය.

'' දෑත් ලිහා දමනවා.. මා පද්මාසනය ඉරියව්වට පැමිණිය යුතුයි.. '' මිධුනාථ කෝපයෙන්ම ධීර වෙත ගිගිරුවේ ය. ධීර උපහාසයෙන් සිනාසී අසළ සිටි සෙබළුන් දෙදෙනාට මිධුනාථ ලිහා දමන ලෙස සන් කළේ ය. සිය පාදයෙහි වූ තුවාලය ද , තවමත් ශිලා පොළොව මත වැටී සිටි සුලෝධජ ද සුග්‍රීව හා ථිත ඇතුළු අනෙක් අය ද හේතුකොටගෙන ඔහුට පෙරළා  පහරදීමට නොහැකි විය.

මිධුනාථ කෝපාන්විතවම පද්මාසන ඉරියව්වෙන් අසුන් ගත්තේ ය. ඔහු සිත චංචල වීම සිය සිරුරෙන් මනෝකාය වෙන් කිරීම පහසු කරවන වග දැන සිටිය ද ඔහු ඒ පිළිබදව මදකුදු නොසිතුවේ ය. ඔහු තවත් එක් වරක් සුලෝධජගේ විශ්වාසය හා රෞද්‍ර බව හා වේදනාව පිරි දෑස් දෙස අවසන් වතාවට බැල්මක් හෙලා සන්සුන්ව දෑස් වසා ගත්තේ ය.

ඔහුට පහසුවෙන් හැසිරවිය හැකි පරිදි සක්වල චක්‍රය වටා කේන්ද්‍රගතව ඇති  විශ්ව ශක්තිය ප්‍රබල විය . මිධුනාථ සිය භාවයන් සන්සුන් කරමින් චක්‍රයන් එකින් එක අවධි කළේ ය. සක්වල චක්‍රයේ බලය තමාට අනුගත වනු ද තමාට දරාගත නොහැකි ලෙස ශක්තිය සිය සිරුර හරහා ධීරගේ හස්තයෙහි වූ පළදනාවට උරාගන්නා ආකාරය ද මිධුනාථට දැනුණි . සුලෝධජට සක්වල චක්‍රය විවර කිරීමට අවැසි වීම ආරත්මාර්ථකාමී තීරණයක් වුව ද මිධුනාථට එයට එකග වීමට සිදු විය . නැවතත් සිතෙහි අනවශ්‍ය සිතිවිලී පිරීමෙන් තමා දුර්වලව යන ආකාරය මිධුනාථට දැනුණි .

මිධුනාථ , වටා කහපැහැති රශ්මි තිමිරයක් වෙළා ගනු සුලෝධජ බලා සිටියේ ය. එකී කදම්භාලෝකයෙන් ශිලා බිත්තියෙහි උඩු අත කැටයම් කර තිබූ රේඛා දම් පැහැයෙන් දිලිසවන ආකාරය සුලෝධජ මද වේලාවක් බලා සිටියේ ය. මිධුනාථගේ ඇහි බැමි චලනය යන ආකාරය ද ඔහු අපහසුවෙන් එය දරාගන්නා ආකාරය ද සුලෝධජ බලා සිටියේ ය. ඔහුගේ සිරුර හරහා දෑස් අන්ධ කරවන තරම් රශ්මිය පළිගුව තුළට ගලා එනු සුලෝධජ බලා සිට සුසුමක් හෙළුවේ ය. සක්වල චක්‍රයෙහි සියලු රේඛාවන් දම් පැහැයෙන් දිලිසීමෙන් එහි ශක්තිය විවෘත වූ වග සුලෝධජ වටහා ගත්තේ ය.

තමා සිදු කිරීමට යන දෙය කොතෙක් දුරට නිවැරදි වීමට ඉඩ ඇති දැයි සුලෝධජ නොදැනුවත් විය. නමුත් මින් ගැළවීමට ඇති එකම ක්‍රමය එය බව සුලෝධජ වටහාගෙන සිටියේ ය. ධීරගේ අවධානය මිධුනාථ හා සක්වල පළදනාව කෙරේ වග දුටු සුලෝධජ සිය දෑත් බැද දමා ඇති කටු කම්බිවලින් ඇති වූ වේදනාව නොසලකා සිය අවසන් තුරුම්බුව දියත් කළේ ය. තමා සිදු කරන කිසිවකින් මිධුනාථට කුමක් හෝ සිදුවුවහොත් තමාට , තමාගෙන්ම කිසිදා සමාවක් නොලැබෙන වග සුලෝධජ දැන සිටියේ ය. සක්වල චක්‍රය විවර කරන ඔහුට අණ කර සිටීම වැරදී තීරණයක් යන හැගීම සුලෝධජ වෙලා ගත්තේ ය. සිය දෑත් වෙව්ලනු ද සුලෝධජට දැනුන ද ඔහු දෑත් හා සිත ද  ස්ථායී කර ගැනීමට වෑයම් කළේ ය.

සිය සිරුර හරහා ගලා ගිය ශක්තිය එක්වරම නතර වනු ද තමා ශිලා පොළොව මත ඇද වැටෙනු ද මිධුනාථට දැනුණි . තවදුරටත් ඔහුට සියලුම චක්‍ර බලයන් දැනුණු අතර සක්වල චක්‍රයේ දම්පැහැ එළියන් තවමත් ගුහාව ආලෝකමත් වී තිබෙනු දැකිය හැකි විය . මිධුනාථ කලබලයෙන් සුලෝධජ දෙස දෑස් යොමු කළේ ය.

ඔහුගේ තවමත් යදම් බැද ඇති හස්තයෙහි ඇදුම් පටිය නිදහස් කළ සිය කැටපෝලය වූ අතර එහි පෙර තිබූ ගල නිසි පරිදි සිය ඉලක්කය වූ පළිගු පළදනාව ග්‍රහණය කොටගෙන තිබුණි .  බිම ඇද වැටුනු සිය කැටපෝලය සුලෝධජගේ දෑත්වලට හසුව තිබීම ඔවුන්ගේ වාසනාව විය .  පළිගු පළදනාව බිදී ගොසින් එහි කොටස් ශිලා පොළොව තිබූ අතර සක්වල චක්‍රයෙහි ශක්තිය ඍජුව ධීර හා සම්බන්ධව තිබුණි . සුලෝධජ ඉක්මනින් තමා දෙස බැල්මක් හෙලනු දුටු මිධුනාථ ඉක්මනින් තමා සුවෙන් වග ඇගවූයේ ය.

සක්වල චක්‍රයෙහි බලය කෙලෙසකවත් ධීරට දරාගත හැකි තරම් නොවන වග මිධුනාථ දැන සිටියේ ය. නිසැකවම ඔහුගේ මනෝකාය චක්‍රය තුළට ඇදගන්නා වග ද , චක්‍රය විවෘතවම පවතින වග ද මිධුනාථ දැන සිටියේ ය. සුලෝධජ තමාට එක්වරම චක්‍රය විවර කරන ලෙස පැවසීමට හේතුව ඔහුට පැහැදිලි විය .සක්වල චක්‍රයේ දම්පැහැ ආලෝකය ධීර හා බන්ධනය බිද දැමූ අතර ධීරගේ ප්‍රාණය නිරුද්ධ , විරූපී දේහිය ශිලා පොළොව මත බිම ඇද වැටුණි .

සිදුවන දෙය වටහා ගත නොහැකි වූ ධීරගේ අනුගාමික ප්‍රහාරකයින්  ඔවුන් වෙත පහර දීමට සැරසුණ ද සුග්‍රීව හා ථිත දෙදෙනාම විවරව තිබූ සක්වල චක්‍රයේ බලය ආධාරයෙන් ඔවුන් බිම ඇද දැමුවේ ය. සක්වල චක්‍රයේ බලය ඕනෑම අයෙකුට භාවිත කළ හැකි සේ විවෘත බලයක් විය . ඔවුන් සියලු දෙනා බිම හෙළීමෙන් පසු ථිත කෛශාල හා අනෙක් සිසුන් මුදවා හැරි අතර සුග්‍රීව දිව විත් මිධුනාථ හා සුලෝධජ මුදා හැරියේ ය.

පළදනාව බිදී ගොස් තිබූ අතර යළි සක්වල චක්‍රය විවර කිරීමට කිසිදු ජීවිත හානියක් සිදු නොවනු ඇතැයි ඔවුන්ට විශ්වාසයෙන් පැවසිය හැකි විය . ගුහාවෙහි වූ දම් ආලෝකය අතරින් සුලෝධජ තමා දෙසට දිව එනු මිධුනාථ දුටුවේ ය. ඔහු දෙවරක් නොසිතා , මෙහි සිටි අනෙක් අයට නොතකා මිධුනාථගේ ගෙලෙහි වදුරු පැටවෙකු මෙන් එල්ලී ඔහුව වැළද ගත්තේ ය. ඔහුගේ වම් හස්තයෙහි තවමත් කැටපෝලය තදව තිබෙනු මිධුනාථ දුටුවේ ය. 

'' කමා කරන්න ..... කමා කරන්න... කමා කරන්න.. '' සුලෝධජ විරාමයකින් තොරවම පවසනු මිධුනාථ අසා සිටියේ ය. මිධුනාථ ද එහි වූ කිසිවෙකු නොතකා සුලෝධජගේ හිස මෘදුව සිප කෙස් වැටිය අතරින් දෑගිලි යවමින් ඔහුව සන්සුන් කළේ ය. ඔහුට මේ මොහොතේ කිසිවක් ඇසීමට අවශ්‍ය නොවන වග ද හුදෙක් තමාගේ පහසෙහි තුරුල්ව සිටීමට පමණක් අවශ්‍ය වගද  මිධුනාථ දැන සිටියේ ය. ඔහු නැවත වතාවක් සුලෝධජගේ හිස හා  නළල මෘදුව සිපගත්තේ ය.

සුග්‍රීව තමා දෙස බලා සෞම්‍ය එහෙත් උපහාසය මුසුවූ සිනහාවක් හෙලනු මිධුනාථ දුටුවේ ය. ඔහු නොරිස්සීමෙන් සුග්‍රීව වෙත රැවූ අතර සුග්‍රීව සිනාසෙමින්ම කිසිවක් නොදුටුවාක් සේ නැවතත් සිය දෙනෙත් සක්වල චක්‍රය වෙත යොමු කළේ ය.

'' යම් දෙයක් අයෙකුගේ තනි පාලනයක තිබීම භයානක විය හැකියි. නමුත්.. එය සියල්ලන්ට විවර වූ පසු... එලෙස නොවේ.. '' සුග්‍රීව , ථිත වෙත පවසනු මිධුනාථ අසා සිටියේ ය.

'' උතුමාණෙනි ....'' කෛශාලගේ ආමන්ත්‍රණයට  මිධුනාථ ඔහු දෙස රවා බැලුවේ සුලෝධජ තමාව අතහැර නැගී සිටි නිසාවෙනි . ඔහු තමාගේ හස්තයෙහි වූ කැටපෝලය මිධුනාථගේ හස්තයෙහි ගුලි කර ගාම්භීර ලීලාවෙන් නැගී සිටියේ ය.

'' චක්‍රය විවරව තැබීම වඩාත් වඩාත් යහපත් නොවේ ද ? '' කෛශාල විමසුවේ ය. එවර සුග්‍රීව හා ථිත සේම හේෂරාභ හා අනෙක් අසපු ශිෂ්‍යයන් ද එදෙසට රොක් විය .

'' නිවැරදියි.. වෛශව අසපුව නැවත පිහිටුවීමෙන් පසු , මනස දියුණු කරන්නන් හට චක්‍රය විවෘතයි.. එලෙසම.. අනෙක් චතුර් අසපුවල මනස දියුණු කිරීමට උනන්දු අය වෙත ද වෛශව අසපුව විවර විය යුතුයි.. භාසුර' වැන්නවුන් නැවතත් බිහි නොවිය යුතුයි.. '' සුලෝධජ දැඩිව පැවසුවේ භාසුරගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දෙස බලමිනි . ඔහු දෑත් මිට මොළවා ගත්ත ද භාසුරගේ හස්තයෙහි වූ සිය කිණිස්ස සුරතට ගෙන පසෙකට විය . ඔහු අවසන් වතාවට භාසුර දෙස බැල්මක් හෙළා ඔහුගෙන් පසෙකට විය .

ප්‍රබලයන් දුර්වල අවස්ථාවල පසුපසින් පහර දෙන දුර්වලයන් සුලෝධජ මදකුදු නොරිස්සුවේ ය. ධීර සිය අඩ සොහොයුරා වග ඔහු නොදැන සිටීම ඔහුගෙ වරද නොවී ය. සියල්ලටම වග කිව යුත්තෙකු සිටියේ ය. සෑම කරුණකටම හේතුවක් ඇති මුත් සියලු කරුණු සදහා නිදහසට පිළිතුරු සෙවීමට සුලෝධජ වෑයම් නොකළේ ය.  ඔහු ධීර දෙස වරක් හෝ නොබැලුවේ ධීර ඔහුගේ දිවියෙන් සහමුලින්ම වෙන්ව ගොස් ඇති අයෙකු සේ සලකමිනි .

සුලෝධජ මුවින් කිසිවක් නොපැවසුව ද සිය සමීපතමයන් දෙදෙනා තමාව රැවටීමෙන් ඇති වූ වේදනාව, විශ්වාසය කඩවීම ඔහුගේ සිත තුළ එලෙසම වූ වග මිධුනාථ දැන සිටියේ ය. සිය කලවයෙහි වූ තුවාලයෙන් රුධිර වහනය නතරව තිබුණ ද ඔහුට තවමත් නැගී සිටීමට හැකි දැයි මිධුනාථ කල්පනා නොකළේ ය. ඔහු අපහසුවෙන් සිය වම් පාදයට බර දෙමින් නැගී සිටියේ ය.

සුලෝධජ, මිධුනාථ වෙත පැමිණ කිසිදු පැකිළීමකින් තොරව සිය බද අසළින් අල්ලාගෙන ඔහුට නැගී සිටීමට උපකාර කළේ ය. ඔවුන් ගුහා ද්වාරයෙන් පිටතට පැමිණෙන තුරුම මිධුනාථ කිසිදු පැමිණිල්ලක් නොනැගුවේ ය.

බොහෝ කලකට පසු වෛශව අසපුවේ රත්‍රන් මාතස්‍ය උද්‍යානය මිධුනාථ මදකට නිහඩ කළේ ය. සක්වල චක්‍රයට ගුහා විවරයන් දෙකක් පවතින වග මිධුනාථ ද පෙර දැන සිටි යමක් නොවී ය. රත්‍රන් මාත්ස්‍ය උයන නඩත්තුවෙන් තොරව අතහැර දමා සත් වසරක් ගතව තිබුණ ද තවමත් එහි ඇසළ ගස් හා බිනර කුසුම් ද පිපී තිබෙනු දැකිය හැකි විය . සුවිසල් පළු හා සදුන් වෘක්ෂයන් ද එලෙසම වූ අතර සියල්ල සෞම්‍ය ස්වරූපයක් ගත්තේ ය.

හිරු බැස යමින් තිබූ අතර , අහස පුරා සිතුවමක තීන්ත විසිරුණාක් සේ විවිධ වර්ණයන් ගත්තේ ය. මිධුනාථගේ හස්තය සුලෝධජගේ උරහිසහි ද සුලෝධජගේ හස්තය මිධුනාථගේ බද වටා ද තරයේ එතී තිබුණි .

.
.
.
.
.
.

                   ♣️ __ නිමි __ ♣️

A.N -

* මම එහෙම කිව්වට ඔයාලාට මදි කියලා දන්නවා.. ඒ වගේම තව පොඩි වැදගත් දේවල් කිහිපයක් තියෙනවා.. ඒත් ප්‍රධාන කතාව මෙතැනින් අවසානයි...

* ඉතිරි පහ කිසිදු බාල්දිවලින් තොරයි.. කැමති නම් පමණක් ඒ පහ සමගින් ද රැදී සිටින ලෙස ඉල්ලනු කැමැත්තෙමි.. .

ඒක නිසා.......

~ මතු සම්බන්ධයි ~

* එක කතාවට Ending දෙකක්.. !!!

Continue Reading

You'll Also Like

9.2K 1.1K 17
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර...
540K 98.4K 99
Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.
72.5K 14.2K 52
කලු කුමාරයා වහ වැටුනේ ගෑනු නිරුවතට විතරමද.............🔞
12K 1.4K 43
ආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියන...