REBORN 🚫 (By Sash) [ Comple...

Bởi ___Sash___

35.7K 6.4K 1.3K

ළමා වියේ ප්‍රේමය නිසා පියා අහිමි වූ තරුණයෙක්, වරදවා වටහාගැනීම් හේතුවෙන් පීඩා විඳි තරුණියක්, නොලැබුණු ආදරය වෙන... Xem Thêm

Introduction
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13 🔞
Chapter 14 🔞
Chapter 15
Chapter 16
Chapter 18 🔞
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
chapter 29
chapter 30
නිහඩ ආදරවන්තයා.

Chapter 17

1K 206 36
Bởi ___Sash___

"Hi miss Sara... Nice to meet you "

"Nice to meet you too sir..."

" නම්ජූන් කෝල් කරපු වෙලාවෙ මට විස්තරේ කිව්වා. ඉතින් මාත් ඒ ගැන ටිකක් හොයල බැලුවා.. සිද්ධිය මීට අවුරුදු 7කට කලින් වෙච්ච දෙයක් නිසා අපිට දේවල් හොයාගන්න එක නම් එච්චර ලේසි වෙන එකක් නෑ.. ඒත් අපි උත්සාහ කරලා බලමුකෝ. මගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් ඔක්කොම මම කරලා දෙන්නම්..."

Sara's poov :

නම්ජූන් ඔප්පගෙ උදව්වෙන් කිම් අජශ්ශිගෙ murder කේස් එක reopen කලත් ඇත්ත හොයාගන්නෙ කොහොමද කියලා බයකුත් මගේ හිතේ තිබ්බා...

ඒ වගේම competition එක වෙලාවෙ මම දැක්ක දේත් මගේ හිතට ගොඩාක් වද දුන්නා... මම මේක ගැන නම්ජූන් ඔප්පට කියන්න ඕන...

" ජුනී ඔප්පා.... මට ඔයාට කියන්න දෙයක් තියනවා..."

"ඔව් කියන්න සාරා..."

" එදා competition එක වෙලාවෙ මම දෙයක් දැක්කා... කිම් අජශ්ශිට වෙඩි තිබ්බ කෙනා මං දැක්කා... ඒත්.. ඒත් මට ඒ කෙනාව පැහැදිලිව පෙනුනෙ නැති නිසා ඒ කවුද කියලා හරියටම කියන්න බෑ... හැබැයි මම එක දෙයක් පැහැදිලිව දැක්කා... ඒ gun එක තිබ්බ කෙනාගෙ අතේ ලොකු කොළ පාට මුද්දක් තිබ්බා..."

" ඔය ඇත්තමද .... ඒක හොඳ හෝඩුවාවක් සාරා..... ඔන්න බලන්නකෝ අපිට ඉක්මනට මේ දේවල් වල ඇත්ත හොයාගන්න පුළුවන් වෙයි. එතකොට ඔයාට පුළුවන් ටේ ගෙන් නිදහස් වෙන්න ..."

"  ආ.... ඔව් ...අම්... ඔව් අපි බලමුකෝ..."

මට ටේ ගෙන් නම් වෙන් වෙන්න ඕන නැහැ.. ඒත් මට ඉක්මනට මේ දේවල් වල ඇත්ත නැත්ත හොයාගන්න ඕන...

නම්ජූන් ඔප්පගෙ උදව්වෙන් කොහොමහරි file එකත් reopen කරලා මම ගෙදර ඇවිල්ලා සෝෆා එකේ වාඩි උනේ ඇගට දැනුන තෙහෙට්ටුව නිසාමයි...
කම්මැලිකමටත් එක්ක wash එකක් දාගන්න කලින් මම TV එක on කරනවත් එක්කම....

" මෙලෙස ඝාතනය කර ඇත්තේ 21ක් හැවිරිදි තරුණයෙකි.. ඔහු මීට පෙර අමානුෂික ලෙස ඝාතනය කරනු ජීවු නම් තරුණයාගේ සමීපතමයෙක් බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.. මෙහෙදී තවත් විදේශ කාරණාවක් වන්නේ මෙම තරුනයාද ඝාතනය කර ඇත්තේ ඔහුගේ ශිශ්ණය කපා දැමීමෙන් අනතුරුව සිදු කල දරුනු වධ හිංසා වලිනි... මෙම මාස කීපය තුළ මෙලෙස අමානුෂික ලෙස පුද්ගලයන් ඝාතනය කල තෙවන අවස්තාව මෙයයි... මෙලෙස පුද්ගලයන් ඝාතනය කිරීමට හේතුව කුමක්ද ... මෙයත් සාජ් අපරාධ කල්ලියේම ක්‍රියාවක්ද.. පොලීසියෙන් නියම අපරාධකරුවන් සොයා ගන්නා තුරු අපි අවධානයෙන් ..."

තවත් එක්කෙනෙක් .... එයාලා ඔක්කොම මරල තියෙන්නේ එකම විදියට ... සමහරවිට මෙහෙම වෙන්නත් පුළුවන් .... එයාලා එකතු වෙලා....... ආ... නෑ... එක්කො ඕන්නෑ... මටත් වෙන වැඩ නැතුවට අනුන්ගෙ ප්‍රශ්නත් මගේ කරගන්නවනෙ......

Time skipped

මම wash එකකුත් දාගෙන දවල්ට කෑම ලෑස්ති කරන්න ගත්තා... එතකොටම වගේ ටේ ගෙදර ආවා....

" ආ.. ටේ.. ඔයා ගෙදර ආවද ... ඔයාට ගොඩාක් මහන්සි පාටයි.. ඔයා ඉක්මනට ගිහින් wash එකක් දාගෙන එන්නකො.. මං ඉක්මනට කෑම ටික ලෑස්ති කරන්නම්.."

" ම්ම්ම්... හොඳයි ..."

මම ඉක්මනට කෑම ටික ලෑස්ති කරනකොට මට ටේ කාමරේ ඉදලා කතා කරනවා ඇහුනා...

" ලිලී.... ඉක්මනට මෙහාට එන්න..."

" ඇයි මොකද උනේ ටේ... ඔයාට මොනාහරි ඕනද ...."

" ආ... ඔව් අර මේසෙ උඩ තියන wine glass එක අරන් දෙන්නකො..."

" මොකක්ද ... මේ මෙතන තියන එක ..."

" ඔව්..."

" අනේ... මොකක්ද ටේ... ඔයාට චුට්ටක් නැගිටින්න බැරිද ... බලන්නකෝ ඔයා අත දිගෑරියත් ඒක ගන්න පුළුවන් ... ඕකටද මට මේ පඩිත් නැගගෙන එක්ක කිව්වෙ..."

" හරි ඉතින් ආව එකේ ඔක මට දීලා යන්න..."

ඇත්තමයි මෙයා නම් මහ වදකාරයෙක්.. ඇත්තමයි මට මෙයාව දෙකට කඩන්න හිතෙනවා...

" ආ... මෙන්න... ඔය .. ඔය .. බලාගෙන... අයියෝ.. මොකක්ද ඒ කලේ.... මං wash එකක් දැම්මා විතරයි ... බලන්න wine ටික ඔක්කොම මගේ ඇගේ නේ... මේවා හේදුවට යන්නෙත් නෑ... ඇත්තමයි.. ඔයාගෙ අත පණ නැද්ද ටේ....."

" අයියෝ... සමාවෙන්න මගේ වැරැද්ද...... ඉතින් ඔය කොහෙද යන්නේ...."

" වෙන කොහේද wash එකක් දාගන්න යන්නෙ.. මට නම් මේවා අප්පිරියයි ..."

" ඉතින් ඒකට පහළට යන්න ඕන නෑ නෙ.. මේ... මෙතනම එකක් තියෙන්නෙ.."

" මේ... මේක... මං කොහොමද ඒකට යන්නෙ. මගේ ඇදුම් පහළ නෙ තියෙන්නේ ... මං පහළට යන්නම්.."

" නෑ.. ඉන්න... මගේ අතින් නෙ wine හැලුනෙ.. ඔයා මේකට යන්න මං ඇදුම් ගෙනල්ලා දෙන්නම්..."

" හොඳයි එහෙනම් ...."

" ආ... ඇතුලට ගියාම මට ඔය ඇදුම දෙන්න මං හෝදන්න දාන්නම්..."

"මොකක්... නෑ.. නෑ.. එහෙම ඕන නෑ.. මට පුළුවන් මේක හෝදගන්න.. ඒකට වැඩි වෙලාවක් යන්නෙ නෑ නෙ.."

" ලිලී.... ඔයා දන්නවා මං එක පාරයි කියන්නෙ කියලා ...."

මට ටේ කියන දේට අකමැති වෙන්නත් බෑ... ඒත් මේ පාර එයා මොනාද කරන්න යන්නෙ... අනේ මන්දා මගේ මොළෙත් රිදෙනවා මේවා නිසා....

" ට්..ටේ... ඔයා ඉන්නවද ... මං wash එකක් දාගත්තා .. දැන් මට මගේ ඇදුම් ගෙනල්ලා දෙනවද ...."

" අයියෝ... මගේ හිත වෙනස් උනා.. මට දැන් පහළට යන්න කම්මැලියි ...."

"මොකක්...යා... කිම් ටේහ්‍යුන් ... මට දවසෙම මේක ඇතුළේ ඉන්න කියලද කියන්නෙ... මොකක්ද වෙලා තියෙන්නේ ..."

" කවුද එහෙම කිව්වෙ.. ඇතුලෙ ඇති මගේ shirt එකක් .. ඒක ඇදගෙන එළියට එන්න..."


මේ මනුස්සයාට මොනා වෙලාද මන්දා ..මේක .. මේක අදින්නෙ කොහොමද මම... මේකේ අත් දෙකත් ලොකුයි... අනික... අනික මේක මගේ දණිස් ගාවටවත් දිග නෑ... කොහොමද මම මේක අදින්නෙ...

" අ..ම්... ටේ... මේක ගොඩාක් කොටයි නේ..."

" ඉතින් ..."

" ආ.. මුකුත් නෑ ..."

මෙයා එන්නෙ මොකාටද කියලා මට තේරෙනවා.. ඇත්තමයි මෙයා නම් මහ දුශ්ටයෙක් .. මට ආදරේ කරනවා කියලා කියන්න මෙයාට මෙච්චර අමාරුද... වෙන මොකක්ද ඉතින් ලොකුකම නෙ.. වෙන මොකක්ද ...

යන්තම් කලවා වැහෙන්න දිග ටේ ගෙ කමිසයත් ඇදගෙන මම එළියට ආවා... මම මීට කලින් එයාගෙ කමිසයක් ඇදල තිබ්බත් ඒ වෙලාවෙ ටේ මාව දැක්කෙ නෑ.. ඒත් දැන් ... එයා මගේ ඉස්සරහට වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා... ලැජ්ජාවෙන් කමිසය දිග අදිනවත් එක්කම මම හිමීට පහළට යන්න හදනවත් එක්කම.. ටේ ඇදෙන් නැගිටලා මගේ ළඟට එනවා මං දැක්කා...

ආයෙමත් සැරයක් මගේ හදගැස්ම වැඩි වෙන්න ගත්තා...

අපේ නහයවල් එකිනෙක ගෑවෙන තරමටම එයා මගේ ළඟට ආවම එයාගෙ උණුසුම් හුස්ම මට දැනෙන්න ගත්තා... ටේ ගෙ ස්ට්‍රෝබෙරි සුවඳ perfume එකේ සුවඳ මට දැනෙන්න ගන්නවත් එක්කම මම මගේ ඇස් පියාගෙන ඒ සුවඳ තවත් ආඝ්‍රහණය කලා.... මං එයාගෙ සුවදටත් ගොඩාක් ආදරෙයි ...

" අද කොහෙද ගියේ..."

" ආ... මමද... අ..ම්.. මං කිව්වෙ.. අර file එක reopen කරන්න යනවා කියලා ..."

හිමින් හිමින් මගේ ඉන වටේට අත් දෙක යවපු ටේ මගේ ඉන තදින්ම මිරිකුවා..

" තනියමද ගියේ..."

" නෑ... මං න..ම්..ජූන් ඔප්පා එක්ක ගියේ.."

මං එහෙම කිව්වත් එක්කම මාව ඇද උඩට තල්ලු කරපු ටේ මගේ උඩට ආවා...

" කියන දේ අහන්නෙම නෑ නේ... නම්ජූන්ව හම්බවෙන එක ගැන මම මොකක්ද කිව්වෙ... මට පේන්නෙ මං කියපු දේවල් අමතක වෙලා වගේ... මොකද කියන්නෙ ආයෙමත් මතක් කරන්නද මම.."

බෙල්ල ළඟටම දාලා තිබ්බ බොත්තම් එකින් එක ටේ ගලවන්න ගත්තම මම මගේ ඇස් දෙක තදින්ම පියා ගත්තා...

" ඔයාගෙ අකමැත්තෙන් මං ආයෙමත් ඔයාව අල්ලන්නෙ නෑ... නැගිටින්න..."

ඇස් දෙක තදින්ම වහගෙන හිටපු මම ආයෙමත් ඇස් දෙක අරිනකොට ටේ ඇදෙන් නැගිටලා මට අත දික් කලා...

" නෑ.. ටේ.. එහෙම අකමැත්තක් නෙවෙයි .. මං මේ...."

" දේවල් සිද්ධ උනා ඉක්මන් වැඩී ලිලී... මං ඔයාට සළකපු විදිය ගැන ඇත්තටම මට කනගාටුයි... සිද්ධ වෙච්ච කිසිම දේකට ඔයා වගකියන්න ඕන නැහැ... අනික ඔයා මං එක්ක ඉන්නෙ අකැමැත්තෙන් නම්.. කිසිම ප්‍රශ්නයක් නෑ .. අද උනත් ඔයාට ගෙදර යන්න පුළුවන් ... මං හෝසොක් හ්‍යුන්ට මේ දේවල් තෙරුම් කරලා දෙන්නම්...."

" ඇයි මේ හදිස්සියේම ඔහොම දේවල් කියන්නෙ... මං ඔයාට කැමති නැත්නම් කවදාවත් ඔයාට මේ විදියට මාත් එක්ක හැසිරෙන්න මම ඉඩ තියන්නෙ නෑ.... දන්නවද ... ඔව් ඇත්ත.. මං ඔයාව මැරි කලේ මගේ කිසිම කැමැත්තකින් නෙවෙයි .. ඒ වගේම ඔයා මට නරක විදියට සලකනකොට මට මගේ ජීවිතේම එපා උනා... ඇත්ත මං ඔයාට වෛර කලා.... ඒත් ඒ හැම දේම.. ඔයාගෙ ඇත්තම විදිය මම දැනගන්නකන් විතරයි ... ඔයා කොච්චර නරක කෙනෙක් කියලා පෙන්නන්න හැදුවත් ඔයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා... දන්නවද මීට මාස කීපයකට කලින් එක දවසක් මම කොලේජ් ඇරිලා ගෙදර එනකොට ඔයා පාරෙ වැටිලා හිටපු කුරුලු පැටියෙක් බේරගන්නවා මම දැක්කා... ඔයා ඒ වෙලාවෙ පාරට පැන්නෙ වාහන ගොඩාක් යන වෙලාවක... තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව පුංචිම පුන්චි කුරුලු පැටියෙක් බේරගත්ත ඔයා කොහොමද ටේ මට කරදර කරන්නෙ... ඒ වෙලාවෙම මට ඔයා ගැන තිබ්බ නරක අදහස් ඔක්කොම මගේ හිතින් අයින් වෙලා ගියා... මගේ ඉස්සරහා නරක මනුස්සයෙක් වගේ රගපාන එක නවත්තන්න ටේ... ප්ලීස්.... සිද්ධ වෙච්ච කිසිම දේකට ඔයාවත් මමවත් වග කියන්න ඕන නැහැ.."

මම ටේ ගෙ ඇස් දෙක දිහා බලනකොට එයාගෙ ඇස් කදුලු වලින් පිරෙනවා මම දැක්කා.. ඒත් එක්කම මම එයාව මගේ තුරුලට ගත්තත් එක්කම මාව තදින්ම බදාගත්ත ටේ, මම ඇදගෙන හිටපු සුදු පාට කමිසය මගේ පපුවට ඇලෙනකන්ම කදුලු වලින් තෙත් කලා... එයා හිටියේ ලොකු වේදනාවකින්.. පිටට නරක කෙනෙක් කියලා පෙන්නන්න හැදුවත්, එයා එහෙම කෙනෙක් නෙවෙයි ... එයා මේ විදියට වෙනස් වුන එකට මාත් වැරදිකාරයෙක්....

" මට සමාවෙන්න ලිලී...මට සමාවෙන්න ... මං... මං ඔයාට ගොඩාක් රිද්දුවා... ඒ හැම දේකටම මට සමාවෙන්න ... මට තේරෙන්නෑ.. මොනව කරන්නද කියලා .. අප්පා නැති උනාම මම ගොඩාක් තනි උනා ලිලී.. ඔයත් මාව දාලා ගියා... කියන්න ඔයා මගේ තැන හිටියා නම් මෙහෙම නෙවෙයිද කරන්නෙ...."

ටේ ගෙ කදුලු වලින් පෙගුනු කම්මුල් මගේ අත් දෙකෙන් පිරිමදින ගමන් මං එයාගෙ තත්පරයකට එයාගෙ තොල් සිපගත්තා...

" ඔයා හිටපු තැන මම හිටියා නම් මම ඔයාටත් වඩා දරුනු වෙන්න තිබ්බා... මම දන්නවා ඔයා කරපු කිසිම දෙයක් කලේ කැමැත්තෙන් නෙවෙයි කියලා ... ඒත් දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි ... අපි ඒවා අමතක කරමු හරිද... ඔයා මං නම්ජූන් ඔප්පා එක්ක ඉන්නවට අකමැති නම්.. හරි .. මං ආයෙ එයාව හම්බ වෙන්නෙ නෑ.. හැබැයි ටේ ... ඔයා හිතනවා වගේ කිසිම දෙයක් අපි අතර නෑ.. එයා හොඳ යාළුවෙක් .. අනික එයා මට ගොඩාක් උදව් කරලා තියනවා.. අනිත් දේ ඔයාලා දෙන්නා සහෝදරයෝ නේද .. කොහොමද එකිනෙකාට මෙච්චර වෛර කරන්නෙ.. දන්නවද ඔයා වගේම එයත් ඉන්නෙ ගොඩාක් තනි වෙලා... අඩුම ගානෙ එයාට යාළුවෙක්වත් නෑ... ඔයා අකමැති නම් මම එයාව ආයෙ හම්බ වෙන්නෙ නෑ.... ඒත් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි ටේ... "

" එතකොට ඔයා මං එක්ක තරහ නැද්ද .."

" නෑ.. ටේ.. මට ඔයා එක්ක තරහ වෙන්න බෑ..."

" එතකොට නම්ජූන් ... එයා ගැන ආදරයක් නැද්ද ඔයාට..."

" අයියෝ .. කී පාරක් නම් කියන්නද මම.. නෑ වදේ... එයා යාළුවෙක් ... ඔයා මගේ... මහත්තයා .... මගේ ජීවිතේ මං ඔයාට වෙන් කරලා තියන තැන කාටවත් ගන්න බෑ හරිද...."

මම එහෙම කියලා ආයෙමත් සැරයක් එයාගෙ තොල් සිප ගත්තා...

" මහත්තයා විතරද ... වෙන මුකුත් නෑ ..."

" නෑ...."

මගේ උත්තරේ නිසා ටේ ගෙ මූන මැලවිලා ගියා.. අයියෝ මෙයා නම් පොඩි එකෙක් වගේ.... විහිළුවක් වත් තේරෙන්නෑ 😂....

" අයියෝ... මෙහෙට එන්න මගේ මෝඩ මහත්තයා ... මෙයා බලන්නකෝ .. විනාඩියට මූනත් බෙරි කරගෙන ... ඔයාට නැත්නම් මං වෙන කාට ආදරේ කරන්නද .."

මගේ කම්මුල් ටේ ගෙ අත් දෙකෙන් ආදරෙන් හරි පරිස්සමට පිරිමදින ගමන් ටේ හිමීට මගේ තොල් සිපගත්තා... ඒ හාදුව තත්පර කීපයකට සීමා උනත් ඒකෙ ආදරේ පිරිලා තිබ්බා...

ඔන්න අදට මෙච්චරයි 🌝.

ඊයෙ දෙන්න බැරි උන නිසා අද ඩබල් අප්ඩේට් දෙනවා 🌝. අනිත් එක රෑට 🌝.

එහෙනම් මම ගියා .

පරිස්සමෙන් ඉන්න ❤️.

සාරන්හේ ❤️..

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

566K 49.3K 29
Taekook Fanfiction Jeon Kim Own creation
82.5K 10.9K 40
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
54.2K 7.6K 14
වෛරයේ ගිනි දැල් මතින් ජීවිතය සොයන අහිංසකාවිය🥀 Plot Crdit:-@deshu93
25.1K 4K 29
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...