♛ අග්නි ♛

By Bulbz_D

165K 33.9K 28.9K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 74

1.6K 356 364
By Bulbz_D

ඔවුහු උමග ඔස්සේ ගමන් කර තරමක් ඉඩකඩ සහිත ස්ථානයක් වෙත පැමිණියෝ ය. භාසුර හා ධීර දෙදෙනාම එහි මදකට ගිමන් හැරීමට නැවතුණු ආකාරය දුටු සුලෝධජ ද මදක් සිය හස්තය නිදහස් කර අසළ වූ කුඩා ගල් කුලක් මත ගමින් අසුන් ගත්තේ ය.

මිධුනාථ ඔවුන් සිටි ස්ථානය ඔස්සේ දෑස් ගෙන ගියේ ය. භූගතව පිහිටිය ද එතැනට එතරම් ශ්වසන වාතය ලැබීමට මෙය කොහි හෝ ස්ථානයකින් පිටතට නිරාවරණය වන වග මිධුනාථ වටහා ගත්තේ ය. ඔහුට එහි කිසියම් හුරුවක් දැනුන ද කුමක් දැයි වටහා ගත නොහැකි විය .

'' භාසුර ඔබ සුවෙන්..  '' සුලෝධජ සතුටින් පවසා භාසුර වැළදාගන්නා ආකාරය මිධුනාථ දෑස් ද සිහින් කර බලා සිටියේ ය. ඔහු එවර භාසුර වෙත රැව්වේ ය. සුලෝධජ තත්පර තිහක් පමණම භාසුර වැළදගැනීම මිධුනාථ නොරිස්සුමට පත් කළේ ය. තවත් තත්පර දහයකින් සුලෝධජ ඉවත් විය යුතුවග ඔහු තමාටම අණ කර ගත්තේ ය.

අවසානයේ සුලෝධජ මදකට ඉවත් විය. සියල්ල අවසානය යැයි මිධුනාථ සිතා සිටිය ද ඔහුගේ බලාපොරොත්තු බිදී ගියේ සුලෝධජ ධීර වෙත ද පැන ඔහුගේ හස්තය අල්ලා උරෙනුර ගැටෙද්දී යි. තමා සුළු මොහොතක් තුල වද වූ සතත්ව විශේෂයක් ගණනට වැටුණු ආකාර මිධුනාථ නොරිස්සුවේ ය.

ඔහු එවර රවමින්ම අනෙක් පස බලාගත්තේ ය. ගුහා බිත්තිවල ඇද තිබූ සිතුවම් මිධුනාථගේ දෑසට හසු විය . ඔහු දෑස් සිහින් කර එදෙසට බැල්මක් හෙළා සිය දෑගිලි එකී කැටයම් ඔස්සේ රැගෙන ගියේ ය. ඒවා අවිවාදයෙන් අලංකෘත වූ අතර මිධුනාථ ඉවසීමෙන් කැටයමින් කැටයම ස්පර්ශ කරමින් සිය දෑගිලි රැගෙන ගියේ ය. එහි ස්වස්ථික සලකුණ සහිත කැටයමක් වූ අතර එවර මිධුනාථ ක්ෂණිකයෙන් අනිච්ඡානුගව දෑස් ගුහාවේ ඉහළ බිත්තිය වෙත යොමු කළේ දැඩි කලබලයෙනි .

ගුහාව ඇතුළත අදුරු වුව ද තමාට සිය විශ්ව ශක්තිය පූර්ණ වශයෙන් දැනීමට හේතුව මිධුනාථ වටහා ගත්තේ ය. අඩි හයක පමණ විෂ්කම්භයකින් යුතු වූ ඒක කේන්ද්‍රික වෘත්ත දෙකකින් සකස් වූ සුපුරුදු ශිලා කැටයම් මෘද්‍රාව මිධුනාථ හැදින්නේ ය. ඇතුළත වෘත්තය හා පිටත වෘත්තය වටා වූ , මත්ස්‍යයින් , හක් බෙල්ලන් , මුහුදු අශ්වයන් , ඉදිබුවන් , කකුළුවන් වැනි සතත්ව කැටයම් ද එය වටා වූ ස්වස්ථික කැටයම් ද එය තමා සිතන ස්ථානයම වග ඔහුට සපථ කළේ ය. මධ්‍යයෙහි වූ එකිනෙකක් තුළ පිහිටි රවුම් සත ද මිධුනාථ හොදින්ම දැන සිටියේ ය.

ඔහු සිය කලබලකාරී දෑස් සුලෝධජ සිටි ස්ථානය වෙත යොමු කළේ ය. ඔහු තවමත් සිනාසෙමින් භාසු හා කතා කරමින් සිටි අතර ධීර ද ඔවුන් හා පිළිසදරෙහි විය .

'' සුලෝධජ ! '' මිධුනාථගේ කලබලකාරී හඩ ගුහාවෙහි දෝංකාර දුන්නේ ය. බොහෝකලකට පසු මිධුනාථ සිය නාමයෙන් ආමන්ත්‍රණය කළ වග වටහා ගත් සුලෝධජ ඉක්මනින්ම හැරී මිධුනාථ දෙස සිය දෑස් යොමු කළේ ය.

'' අප.. අපි.. සිටින්නේ.. ' මිධුනාථ කලබලයෙන් වදන් ඇමිණුවේ ය. ඔහු කලබලයට ඔහුගේ මුවින් වදන් පිට නොවූ තරම් විය .

'' සක්වල.. චක්‍රය.. '' මිධුනාථ වේගයෙන් ශ්වසනය කරමින් පැවසුවේ සුලෝධජගේ දෑස් විස්මයෙන් පුළුල් වෙද්දීයි . එය සුලෝධජට විශ්වාස කළ නොහැකි  විය . ඔවුන් අහම්බෙන් සක්වල චක්‍රය තිබෙන ස්ථානයටම පැමිණි ආකාරය සැබවින්ම සුලෝධජ කම්පනයට පත් කළේ ය. මිධුනාථ මෙහි මදකුදු ආරක්ෂිත නොවන වග සුලෝධජ දැන සිටියේ ය. ඇරැත් මිධුනාථට මෙහි මානසික ශක්තිය භාවිත කළ නොහැකි විය .

පෙර දී ඔහු අනුර්ධ අසපුවේ දී සක්වල මුද්‍රාව බලගැන්වූයේ ස්වකැමැත්තෙන් නොවී ය. අවසානයේ සිය මානසික ශක්තීන් සීමාව ඉක්මවා යෑමෙන් සුලෝධජ හා භීෂ දෙදෙනාම මුද්‍රාවෙන් සලකුණු වූ අකාරය මිධුනාථගේ මතකයේ විය . එලෙසම තමා මෙහිදී මදකුදු මානසික ශක්තීන් භාවිත කළහොත් සක්වල චක්‍රය විවර වීමට ඉඩ ඇති වග මිධුනාථ දැන සිටියේ ය. ඔහු තවත් කුමක් හෝ පැවසීමට පෙර හිසින් දැනුණු සියුම් වේදනාව ද සමගින් සියල්ලම අදුරුව යනු මිධුනාථට දැනුණි . ඔහුට අවසානයේ සියල්ල බොදවූ අතර සුලෝධජ කලබලයෙන් තමා වෙතට නැඹුරු වනු ද පෙනුණි . ඔහුගේ හිසට දැනුණු විඩාව හා වේදනාව සමගින් මිධුනාථ දෑස් වසා ගත්තේ ය.

.
.
.
.
.
.
.
.

සිය දෑත් කුමකට හෝ තදින් තරව තිබූ වග ද තමා දැඩි පොළොවක් මත දණ ගසා සිටි වග ද මිධුනාථ වටහාගෙන සිටියේ ය. හෝරා කොපමණක් ගත වී ඇත් දැයි ඔහු නොදැන සිටියේ ය. සිය දෑසට හසුවූ ප්‍රථම දෙය නම් තමා මෙන්ම දෑත් පය ගැටගසා සිටි සුලෝධජ විය . ඔහු තවමත් සිහසුන් විය . සුලෝධජගේ කොට කෙස් ගස් නළලට වැටී කැටි ගැසුණු රුධිරයෙන් ඇලී තිබීම මිධුනාථ කලබලයට පත් කළේ ය.

මිධුනාථ සෙලවීමට තැත් කළ ද ඔහුට මදකුදු සෙලවිය නොහැකි විය . ඔහු සිය ශක්තීන් භාවිත කිරීමට තැත් කළ ද නැවතත් තමා සිටි ස්ථානය සිහිපත් වීමෙන් මොහොතකට නිහඩ විය . ඔහු බැමිවලින් මිදීමට දැඩිව උත්සහ කළේ ය. සක්වල චක්‍රය විවරවීමට ඔහු කිසිදු අවස්ථාවක් නොතැබිය යුතු විය .

'' මිධුනාථ.. සන්සුන් වන්න.. '' ගුහාවේ අනෙක් පසින් ඇසුණු හුරුපුරුදු සෞම්‍ය හඩට මිධුනාථ ක්ෂණිකව එදෙසට දෑස් යොමු කළේ ය.

'' සුග්‍රීව ? '' තමා සේම දෑත් , දෙපා බැද පහර දීද තිබූ සුග්‍රීවගේ විඩාබර මුහුණ පමණක් නොව , ඔහුගේ සිරුරටම කර බැද දමා තිබූ ථිත ද , මදක් ඔබ්බෙන් බැද තිබූ උත්පල පැහැ වස්ත්‍රවලින් සැරසී සිටි හේෂාරාභ ද මිධුනාථගේ දෑසට හසුවි ය. එපමණක් නොව තවමත් සිහිසුන්ව සිටි තඹර පැහැ වස්ත්‍රවලින් සැරසී සිටි සුදුමැලි පැහැයට හුරු අනෙක් පුද්ගලයා කෛශාල වග ද මිධුනාථ හැදින්නේ ය. කෛශාල පමණක් නොව කුවල්‍ය අසපුවේ තවත් බොහෝ ශිෂ්‍යයන් එලෙස යදමින් බැද දමා තිබුණි . ඔවුන් ද නිසැකවම සුලෝධජගේ සහයට පැමිණෙන්නට ඇත . එපමණක් නොව ඔවුන්ව මුරට මුහුණ ආවරණය කරගත් ප්‍රහාරකයන් ද තබා තිබෙනු මිධුනාථ දුටුවේ ය.

'' කුමක් ද සිදු වන්නේ ? '' මිධුනාථ රෞද්‍රව විමසුවේ ය.

'' ආහ්... සක්වල චක්‍රයේ යතුර.. පිළිගන්නවා.. '' අනෙක් පසින් දෝංකාර දුන් හඩට මිධුනාථ සිය කෝපාන්විත රෞද්‍ර දෑස් එදෙසට යොමු කළේ ය. ලෝහිත පැහැ වස්ත්‍ර හා ඉණෙහි වූ අසුර අසිපතෙහි හිමිකරු කව්රුන් දැයි මිධුනාථ හැදින්නේ ය. ඔහු තවත් කෝපාන්විත වූ අතර තවමත් රෙදි කඩකින් ආවරණය වූ පුද්ගලයාගේ මුහුණ දෙස රළු බැල්මක් හෙළුවේ ය.

ධීර හා භාසුර ද සිහිසුන්ව බිම ඇද වැටී තිබූ අතර එකී පුද්ගලයා ඔවුන්ගේ සිරුරු මතින්ම පියවර තබමින් අනුකම්පාවිරහිතව ඇවිද ආවේ ය. ඔහුගේ පසෙකින් මයුර අසපුවේ සීශ මුනි වූ අතර ඔහුගේ වෛරයෙන් පිරි දෑස් තවමත් සිහිසුන් වූ සුලෝධජ වෙත එල්ලව තිබුණි .

'' ඕහ්.. මෙදෙස බලන්න.. රාජකීයනුත් අපේ සක්වල චක්‍රය විවර කිරීමේ මහාේත්සවයට සහභාගී වීමට පැමිණ.. ඔබ ද ඔහුට ඇරයුම් කළේ මුනි තුමනි ? '' අසුර අසිපත දරන්නා සීශ මුනිගෙන් උපහාසයෙන් සුලෝධජ අසළින් දණ ගසාගෙන ඔහුගේ ආප්‍රාණික නිකටින් අල්ලා සොලවමිනි . මිධුනාථ සිය රෞද්‍ර බැල්ම එදෙසට යොමු කළ ද ඔහුට සෙලවීමට හෝ නොහැකි විය .

'' ඔහු අවදිවන තුරු අපට උත්සවය ආරම්භ කළ නොහැකියි.. ආහ්.. කුමක් කරන්න ද ? ප්‍රමාද විය ද නොහැකියි... '' අසුර අසිපත දරන්නා උපහාසයෙන් පැවසුවේ සිය සෙබළුන් දෙදෙනෙකුට සංඥා කරමිනි . ඊළග මොහොතෙහි සුලෝධජ ජලයෙන් නැහැවී ගිය අතර ඔහු ජලය සිර වීමෙන් කහිමින් අපහසුවෙන් දෑස් විවර කරනු මිධුනාථ දෑත් ද මිට මොළවා ගනිමින් කෝපයෙන් බලා සිටියේ ය. සිය දෑත් කෝපයෙන් වෙව්ලන වග ද මිධුනාථට දැනුණි .

සුලෝධජ අපහසුවෙන් සිය ජලයෙන් ඇදුම් කෑ දෑස් ගුහාව පුරා යොමු කළේ ය. සියල්ලට ප්‍රථම ඔහුගේ දෑසට හසුවූයේ අසුර අසිපත දරන්නාගේ අසිපත විය . ඔහු කෝපයෙන් නැගී සිටීමට උත්සහ කළ ද ඔහුගේ දෑත් පිටුපසට කර යදම් ලා තිබුණි . සිය අසිපත තමාගෙන් බොහෝ දුරක වූ වග ද සුලෝධජ වටහා ගත්තේ ය. තවමත් සුලෝධජගේ මුහුණ ඔස්සේ ජලය බේරි ගියේ ය.

'' තමුන්.. නීච මිනීමරුවා... '' සුලාේධජ අසුර අසිපත දරන්නා වෙත ගිගිරුවේ ය.

'' එවිට නුඹ කව්රුන් ද රාජකීය මිනීමරුවෙක් ද ? '' සීශ මුනිගේ වදන් සුලෝධජ මදකට නිහඩ කර දැමී ය. සුලෝධජ ද යුගේන්ද්‍ර ඝාතනය කළ වග මිධුනාථට සිහිපත් විය . යුගේන්ද්‍ර පමණක් නොව ඔහු හේතුවකින් තොරව බොහෝ දෙනා ඝාතනය කළ අයෙක් විය. නමුත් ඔහුගේ ස්වරූපයට වගකිව යුත්තේ අසුර අසිපත දරන්නා විය .

'' ඔබතුමන් මයුර අසපුවේ ප්‍රධාන මුනිතුමන් නොවේ ද ? කුමක් ද මේ නිර්ලජ්ජිත ක්‍රියාව ??  '' එවර සුග්‍රීව ප්‍රශ්න කළේ ය.

'' කටවහනවා.. අවජාතක ලෙය පිත පටලවා ගත් පාපතරයා.. '' එවර සීශ මුනිගේ වදන් සුග්‍රීව නිහඩ කර දැමූ අතර ථීත කෝපාන්විත වි ය. ථිත කෝපාන්විතව දැගලුව සුග්‍රීව ඔහුව සන්සුන් කළේ ය.  මිධුනාථ ද දැඩිව කෝපගත්තේ ය. සුග්‍රීව හා ථිත වෙත එල්ල වූ අපහාසය එවර සුලෝධජ ද කෝපගැන්වූයේ ය.

'' කුමක් ද අවශ්‍ය ??? !!! තමුන් දෙදෙනාම නිර්ලජ්ජිතයන්.. කුඩා කළ මව් කිරි පෙවී නැහැ.. '' සුලෝධජ රෞද්‍රව කෑගැසුවේ සීශ මුනි ජේෂ්ඨ මුනිවරයෙකු ලෙසද නොසලකමිනි . එය ඔහුගේ ස්වභාවය විය .

අසුර අසිපත දරන්නා රෞද්‍ර දෑසින් උපහාසයෙන් සිනාසෙමින් නැගී සිටියේ ය. සුලෝධජගේ බද පටියෙහි වූ දටික කිණිස්ස ඔහු දෑතට ගෙන එදෙසට කුරිරු බැල්මක් හෙළුවේ ය . අනතුරුව සිය මුව ආවරණය කරගෙන සිටි රෙදි කඩ දෙසට ඉවසීමෙන් දෑත් රැගෙන ගියේ ය. ඔහුගේ මුහුණ සෙමින් සෙමින් නිරාවණය වන අයුරු ද එහි වූ කෲර සිනහාව ද මිධුනාථ කම්පනයට පත් කළේ ය. ඔහු කම්පනයෙන් දෙවරක් දෑස් පිය සැලූ අතර , සුලෝධජ කම්පනයෙන් දෑස් තදින් පියාගන්නා ආකාරය මිධුනාථ දුටුවේ ය. සුලෝධජගේ දෙතොල් ද භයානක ලෙස වෙව්ලුවේ ය.  මිධුනාථ පෙර ධීර හා භාසුරගේ සිරුර වැටී තිබූ ස්ථානය වෙත නැවතත් කම්පනයෙන් දෑස් යොමු කළේ ය. සිදුව ඇති දෙය ඔහු වටහා ගත්තේ  ය.

'' තමුන් ?? !!!! '' ථිත පමණක් නොව කෛශාල ද සියලු දෙනා විස්මයෙන් හඩ නගනු මිධුනාථට ඇසුණි . ඔහු කම්පනයෙන් අසුර අසිපත දරන්නා දෙස බැලුවේ ය. ඔහුගේ රැවුල හොදින් වැඩුනු මුහුණ , සෞම්‍ය එහෙත් රෞද්‍ර වෛරය පිරි දෑස් , දේහදාරී ශරීරය මිධුනාථ එක්වරින්ම හැදින්නේ ය. සම්පූර්ණ ගුහාවම දැඩි නිහඩතාවයකින් ගිලී ගියේ ය.

ඔහු තවත් කිසිවක් පැවසීමට පෙර සුලෝධජගේ මුවින් උමතු සිනහාවක් නික්මුණි . ඔහු තමා වෙතම උපහාසයෙන් සිනාසෙනු මිධුනාථට දැනුණි. එහි කැටිවූ දැඩි වේදනාව ද හදුනා ගැනීමට මිධුනාථට අපහසු නොවී ය. සුලෝධජගේ හඩෙහි වූ වේදනාවට සිය දෑසෙහි ද කදුළු පිරී යනු මිධුනාථට දැනුණි . ඒ හඩ එතරම්ම වේදනාකාරී විය .

'' හ්හාහා.. භාසු.. !!!!!!! . නියම විහිළුව එය නම්.. ... '' සුලෝධජ දෑස් වසාගෙනම සිනාසෙමින් පැවසුවේ ය. තමා දෑස් විවර කළහොත් දුර්වල ලෙස සිය දෑසින් කදුළු ගලා යාවියැයි සුලෝධජට නිසැක විය . ඔහුගේ උමතු සිනහව ගුහාව පුරා භයානක ලෙස දෝංකාර දුන්නේ ය. සුලෝධජගේ තත්වය සිතීමට පවා මිධුනාථට ඇවැසි නොවී ය.

භාසුර අසිපත දරන්නා වග ඔහු කිසිදු විටෙක අනුමාන හෝ  නොකළේ ය. පෙර , දීඝ අසපුවේ ඔහුගේ හැසිරීම සැක කළ ද මිධුනාථ මෙතරම් දිගුවට නොසිතුවේ ය. භාසුර වනාහී සිය මුත්තණුවන්ගේ ගෝලයෙකු විය. එසේ වී ඔහුව ඝාතනය කර අනුර්ධ අසපුව ගිනිතැබීමට තරම් හේතුවක් මිධුනාථට සිතාගත නොහැකි විය . සුලෝධජගේ දෑත් දැඩිව මිට මෙළවී තිබූ ආකාරය මිධුනාථ දුටුවේ ය.

'' තමුන් නිවැරදියි.. මෑණියෙක් සිටියේ නැහැ මට.. ''  භාසුර  පැවසුවේ සුලෝධජගේ කෙස් වැටියෙන් දැඩිව අල්ලා කනට මුමුණමිනි .

'' ගන්නවා තමුන්ගේ අත ඉවතට !!! '' මිධුනාථ ගිගිරුවේ ය. එවර භාසුරගේ අවධානය මිධුනාථ වෙත යොමු විය . 

'' ඔහෝ.. නාථ... ගුරුතුමන්ගේ කිසිවක් සිදු කරගත නොහැකි මුණුපුරා.. '' භාසුර උපහාසයෙන් පැවසුවේ මිධුනාථ දෙස හැරෙමිනි .

'' භාසු.. භාසු.. මේ විහිළුව ප්‍රමාණවත්.. දැන් ඇති... ඔබ.. ඔබ කෙසේ ද .... ඔබ කුඩා කළ මටයි ධීර හටයි බැන වැදි භාසු අය්යණ්ඩි... මගේ මිතුරා භාසු.... නුඹ.... නුඹ... කෙසේ ද ...  '' සුලෝධජ තවමත් විශ්වාස නොකරන ආකාරයෙන් දැඩිව පැවසුවේ ය. ඔහුගේ දෑස්වල දැඩි වේදනාවක් තැවරී තිබෙනු මිධුනාථ දුටුවේ ය. සුලෝධජ අසිපත හැරුනු විට විශ්වාස කළේ භාසුර වග මිධුනාථ දැන සිටියේ ය.

'' නුඹට එය විහිළුවක් ද ?? !!!! මා විදි සියල්ල අපහාස , නුඹට විහිළුවක් ද !!!!!!! උසස් කුලයක නොවීම හෙයින් මා විශ්ව ශක්තිය ඉගෙනීමෙන් පිටතට දැමූ ආකාරය තමුන්ට විහිළුවක් ද !!!!!!!  වාගිෂ්ඨ මුනි මා හට ශිල්ප ලබා දීම ප්‍රතික්ෂේප කිරීම විහිළුවක් ද තමුන්ට !!!! ඔහු සක්වල මුද්‍රාව හා පළදනාව මා වෙතට භාර නොදී කිසිදු වැදගැම්මට නොමැති දුර්වලයෙකුට බාර කිරීම තමුන්ට විහිළුවක් ද ? !!!!!!  '' භාසුර සුලෝධජ වෙත කෑගැසුවේ ය.

'' භාසු !!! '' සුලෝධජ කෑගැසුවේ ය.

'' කටවහනවා !! '' භාසුර රෞද්‍රව කෑගැසුවේ ය.

'' ඔබ එසේ කළේ නැහැ ?? නොවේ ද ?? '' සුලෝධජ දෑත් දැඩිව මිට මොළවා ගනිමින් විමසුවේ ය.

'' හා.. තමුන් නිවැරදියි.. මා තමා වාගිෂ්ඨ මුනි ඝාතනය කළේ.. එලෙසම නුඹේ මෑණියනුත්... තමුන්ව ඝාතනය කිරීමට නොහැකි වූවා මට.. '' භාසුර වෛරයෙන් පැවසුවේ සුලෝධජ කම්පනයෙන් නිරුත්තර කර දමමිනි . ඔහුට එය විශ්වාස කිරීමට අපහසු විය. ඔහුගේ උගුර සිරව ඇති සෙයක් සුලෝධජට දැනුණු අතර ඔහු අපහසුවෙන් ශ්වසනය කළේ ය. තමා අසිපතට අමතරව විශ්වාස කළ භාසුර ඔහුට මෙලෙස සිදු කිරීමට ඔහුට දරාගත හැකි සියලු මට්ටම්වලින් ඔබ්බට විය . ඔහුගේ මුවින් නැවතත් තමා වෙතම උපහාසය පිරි සිනහාවක් නික්මුණු අතර කෙතරම් අවැසි නොවූව ද ඔහුගේ හඩ ද බිදී ගියේ ය. සිය සිරුරෙහි එක් ලේ නහරයක් නහරයක් පාසා ලේ සිරව , උගුර සිරව ගොසින් ශ්වසනය ද අපහසු වනු සුලෝධජට දැනුණි .

'' විය නොහැකියි.. .'' සුලෝධජ විශ්වාස නොකරන ආකාරයෙන් පැවසුවේ ය.

'' තමුන් , අන්ධයි.. අප දුටු විගස මිධුනාථ නාථ වග හදුනාගත්තා.. තමුන් ??? .... හාස්‍යජනකයි.. තමුන් රෑකඩයක් මෙන්.. අවසානයේ අප තමුන් ලවා වෛශව අසපුව ද ගිනි තැබුවා... ''' භාසුර මහ හඩින් සිනාසෙමින් පැවසුවේ ය. එවර සුලෝධජ සේම මිධුනාථ ද හිස ඔසවා බැලුවේ ය.

'' නුඹ ද එයට වග කිව යුතු ? '' ථිත කෝපයෙන් විමසුවේ ය.

'' අසන්න ඔබගේ ඔබේ උතුමාණන්ගෙන් , කුඩා දරුවන් මුනි කුටිවලට දමා සිරගත කළ  වග ඔහු දැනුවත් ද වග ?? '' භාසුර උපහාසයෙන් පැවසුවේ ය. මිධුනාථ සිය කම්පනයට පත් දෑස් සුලෝධජ දෙස යොමු කළේ ය. ඔහුගේ දෑත් කෝපයෙන් මිට මෙළවෙනු මිධුනාථ දුටුවේ ය.

'' තමුන් %&*(%*(& !!!!!!!! '' සුලෝධජ වියරුවෙන් කෑගැසුවේ ය.

'' වෛශව අසපුව සක්වල චක්‍රයට හිමිකම් කීම තර්ජනයක් නොවේ ද ? ඉදින්..... දුහුවිලි ගොඩක් සේ ඉවත් කර දැමුවා.. '' භාසුර සරල ලෙස එහෙත් රෞද්‍රව පැවසුවේ ය.

'' එවිට අර කුඩා වදකාර , කච බච නාදයෙන් හඩ නගන සීනුව.. කුමක් ද ඔහුගේ නාමය ? ආ.. මිගාර.. '' ඔහු එදින මාගේ මුහුණ නොදුටුවා නම් අසරණයා තවමත් ජීවතුන් අතර.... '' භාසුර පැවසුවේ , සුලෝධජ සේම සුග්‍රීව ද වියරු වට්ටවමිනි .

'' එවිට , ජඨිල... ගීම... මා ප්‍රිය සහයකයන් දෙදනො.. කණගාටුයි... නමුත් සුලෝධජ උතුමාණන් මා හට සහය වූවානේ.. ස්තූතියි.. ඔබතුමන්ට ...... '' භාසුර පැවසුවේ සුලෝධජ වෙත උපහාසයෙන් ආචාර කරමිනි .

'' සියල්ල නුඹේ සැලසුම් !!! නුඹ තරගාවලියට ඇතුළුව මුද්‍රාව සොයාගෙන , සුලෝධජ මුද්‍රාව ලෙස මුද්‍රා තැබීම නුඹේ සැලසුමක් ද ? !!!!! පවසනවා භාසුර !!!! '' එවර මිධුනාථ කෝපයෙන් කෑගැසුවේ ය .

''ආහ්.. දුර්වලයා එතරම් දෙඩවීමෙන් ඇති පලය කුමක් ද ? පවසනවා දැන්... කොහි ද පළදනාව !!! '' භාසුර විමසුවේ මිධුනාථ දෙස හැරෙමිනි .

'' ඔහු සතුව එය නැහැ.. '' සුලෝධජ උපහාසයෙන් පැවසුවේ භාසුර වෙත සිනාසෙමිනි . නමුත් භාසුර කිසිවක් නොතකමින් මිධුනාථ දෙසට ඇවිද ගියේ ය.

'' තමුන්ට කිසිවක් සිදු කළ නොහැකියි.. '' සුලෝධජ උපහාසයෙන් සිනාසෙමින්ම පැවසුවේ ය. නමුත් මිධුනාථ නිහඩ විය .

'' සැබවින්ම !! ඕහ්.. සිත් ඇදගන්නා සුළුයි... '' භාසුර පැවසුවේ මිධුනාථ ඉදිරියෙන් දණගසා ගනිමිනි .

'' ඉවත් වෙනවා !!! '' මිධුනාථ සුපුරුදු පරිදි සිය ශක්තීන් අවධි කිරීමට සැරසුණ ද ඔහු සිටියේ කොහිදැයි සිහිපත් වීමෙන් මදකට නිහඩ විය .

'' නුඹ සතුව සැබවින්ම එය නැති ද නාථ මලයණ්ඩි ? '' භාසුර උපහාසයෙන් විමසුවේ කිණිස්ස කොපුවෙන් නිදහස් කරමිනි . එවර සුලෝධජගේ දෑස් කලබලයෙන් තමා දෙස යොමු වෙනු මිධුනාථ දුටුවේ ය.

'' ඔහුව අතහරිනවා!!!! . '' එවර සුග්‍රීව කෑගැසුවේ ය. නමුත් භාසුර ඔහු දෙසට එක්වරක් හෝ අවධානය යොමු නොකළේ ය. සුලෝධජ තවමත් සිදුවන කිසිවක්වක් වටහා ගත නොහැකිව කම්පනයෙන් බලා සිටියේ ය.

'' තමුන්ට ගැටලුව ඇත්තේ මා සමග භාසුර !!! '' සුලෝධජ කෑගැසුවේ ය.

'' කිම ද නාථ ? නුඹ සුලෝධජට කිසිවක් පවසා නැති ද ? '' භාසුර උපහාසයෙන් විමසුවේ මිධුනාථ දෙස ය.

'' තමුන්ට එය මිධුනාථ !!! '' මිධුනාථ කෝපයෙන් ගිගිරුව ද ඔහුගේ ස්වභාවය අවිශ්වාසී විය .භාසුරගේ හඩෙහි වූ විශ්වාසය මිධුනාථ කම්පනයට පත් කළේ ය. සක්වල පළදනාව තිබෙන ස්ථානය දැන සිටියේ තමා පමණක් වග ඔහු සිතා සිටියේ ය.

'' ඔහු සතුව එය නැහැ.. '' සුලෝධජ ඊට ද නොදෙවෙනි විශ්වාසයකින් පැවසුවේ ය. මිධුනාථගේ නිහඩතාව සුලෝධජ කම්පනයට පත් කළ අතර ඔහු සිය බැමි ලිහා ගැනීමට තැත් කළේ ය.

'' ඔහුව අල්ලාගන්න.. '' භාසුර සෙබළුන් වෙත අණ කළේ ය . සිය දෑත් සෙලවිය නොහැකි අයුරින් සිරව යනු මිධුනාථට දැනුණි . ඔහු දඩු අඩුවකට හිරවූවාක් සේ විය .

'' කුමක් ද සිදු කරන්නේ ?? නවත්වනවා. මා සතුව එය නැහැ.. '' මිධුනාථ දගලමින් ගිගිරුව ද සෙබළුන් ඔහුව දැඩිව අල්ලාගත්තේ ය. මිධුනාථගේ දෙපා ද සෙලවිය නොහැකි ලෙස ඔවුන් අල්ලාගත්තේ ය. මිධුනාථ කෝපාන්විත වූ අතර ඔහුගේ මුවින් වදන් ද පිට නොවී ය.
භාසුර උපහාසාත්මක සිනහාවක් හෙළා තවමත් කම්පනය සහිත දෑසින් බලා සිටි සුලෝධජ දෙස බැලුවේ ය.

'' උතුමාණන් දෑස් වසා ගත්තොත් වඩාත් යහපත්..... අවසරයි මට.. '' භාසුර කිණිස්ස ඔසවා මුවගින් පැවසුවේ මිධුනාථ කලබලයට පත් කරමිනි .

'' නවත්වනවා !!! භාසුර !!!! තමුන් !!!! '' සුලෝධජ කෑගසන හඩ මිධුනාථට ඇසුණි .

භාසුර සිනාසී සිය දකුණ කලවයෙහි ඉහළ කොටස නිරාවරණය වන පරිදි කිණිස්ස ආධාරයෙන් වස්ත්‍ර ඉරා දමනු මිධුනාථට දැනුණි . මිධුනාථගේ තිරිවානා පැහැ කලව පිටතට නිරාවරණය වී තිබූ අතර භාසුර දටික කිණිස්ස ඒ ඔස්සේ ඉහළට රැගෙන ආවේ ය. ඔහු සිතාමතා මිධුනාථ ස්පර්ශ කිරීමෙන් සුලෝධජ කෝපගන්වමින් විනෝද විය .

'' භාසුර !!!! මා තමුන්ව මරා දමනවා !!!!! '' සුලෝධජ වියරුවෙන් මෙන් රෞද්‍රව කෑගැසුවේ සිය බැමි ලිහා ගැනීමට තැත් කරමිනි . භාසුර සිතාමතාම මිධුනාථගේ කලව ස්පර්ශ කිරීම සුලෝධජ වියරුවට පත් කිරීමට සමත් වීය .

සියල්ලටම වඩා මිධුනාථ කම්පනයෙන් විය . ඔහු තමා අල්ලාගෙන සිටි සෙබළුන්ගෙන් බේරිමට දැඩිව වෑයම් කළේ ය. ඔහුට සිය ජීවිතය පිළිබද හෝ තුවාල වීම පිළිබද හෝ භාසුර තමා ස්පර්ශ කිරීම පිළිබදව හෝ මේ මොහොතෙහි කිසිදු ගැටලුවක් නොවී ය. ඔහුට එයට ද වඩා වැදගත් වගකීමක් විය .

'' අතහරිනවා %^&* අවජාතකයා  !!!!! තමුන්ව මරාදමනවා !!! '' සුලෝධජ වියරුවෙන් දත්මිටි කමින් කෑගැසුවේ ය. ඔහු දැගලීමේ දී කටුකම්බි සහිත යදම්වලින් ඔහුගේ දෑත් ද කැපී තිබුණ ද ඔහු එය මදකුදු  නොතැකුවේ ය.

සිය කලවය දෙසින් දැනුනු දැඩි වේදනාව මිධුනාථ හැගීම් විරහිත මුහුණින් දරා ගැනීමට තැත් කළ ද ඔහු වේදනාවෙන් දැඩිව මිට මොලවා ගත්තේ ය. සිය දකුණු කලවය පසාරු කරගෙන කිණිස්ස කිදා බසිනු මිධුනාථට දැනුණු අතර ඔහු වේදනාවෙන් නැගූ කුඩා කෙදිරිය සමස්ත ගුහාව පුරාම සුලෝධජගේ කෑගැසීම ද සමගින් දෝංකාර දුන්නේ ය. භා

සුර උපහාසයෙන් සිනාසී මිධුනාථගේ දකුණු කලවය තුළ වූ කුඩා පළිගු පළදනාව පිටතට ගත්තේ සියලු දෙනාම මීයට පිම්බාක් මෙන් නිහඩ කරමිනි . මිධුනාථ දහදියෙන් නැහැවී ගොසින් තිබුණි . සිය වස්ත්‍රයන් සියල්ලම රුධිරයෙන් තෙත්ව යනු ඔහු දුටුවේ ය.

මුත්තණුවන් විසින් ඔහු හත් හැවිරිදි වියේ සිය දකුණු කලවය පලා සැගවූ කුඩා පළිගු පළදනාව විසි වසරකට පසු ඔහුගේ සිරුරෙන් පිටත තිබෙනු දැකීම මිධුනාථ කම්පනයට පත් කළේ ය. එය කිසිදු දිනෙක සිය සිරුරෙන් පිටතට පැමිණීමට නියමිතව තිබූ යමක් නොවී ය. සිය කලවය මත වූ කැපුම් තුවාලයෙහි වේදනාව ඔහු අඩපණ කර දැමුව ද ඔහු තවදුරටත් එයට සංවේදී නොවී ය . ඔහු වරදකාරී ලෙස සුලෝධජ දෙස දෑස් යොමු කළේ ය. ඔහු කිසිවක් විශ්වාස කරගත නොහැකිව යළිත් භාසුරගේ හස්තයෙහි වූ පළිගු පළදනාව දෙස බලාගෙන සිටියේ ය. ඔහුගේ කොපුල් ඔස්සේ නැවතීමක්  නොමැතිව කදුළු ගලා යනු ද , සුග්‍රීව පවා සිය හැඩීම වළක්වා ගැනීමට මුව වසාගනු මිධුනාථ දුටුවේ ය. ඔහු බලාපොරොත්තු විරහිතව පළදනාව දෙස බලා සිටියේ ය.

භාසුර ස්වකීයම පුහුණු කළ අභ්‍යාස සක්වල චක්‍රය විවර කිරීමට ප්‍රමාණවත් වේදැයි මිධුනාථ නොදැන සිටියේ ය. සක්වල චක්‍රයට වූ අවසන් ආරක්ෂාව වූ පළදනාව ද දැන් භාසුර සතුව විය .

'' ඔබ සක්වල චක්‍රය විවර නොකරන වග නොවේ ද පැවසුවේ ? '' එවර සීශ මුනි බාධා කරමින් විමසූ අතර භාසුර දෙවරක් නොසිතාම සිය අසිපතින් සීශ මුනිගේ ගෙල සිද දැමුවේ සියලු දෙනා දැඩි කම්පනයට පත් කරමිනි .

සුලෝධජ කිසිදු විටෙක තමා දෙසට නෙත් යොමු නොකළ වග මිධුනාථ දුටුවේ ය. ඔහු තවමත් දැඩි කම්පනයෙන් බිම බලාගෙන සිටියේ ය. ඔහුගේ දෑත් කැපී රුධිරය වහනය වන ආකාරය ද මිධුනාථ කම්පනයට පත් කළේ ය. 

මිධුනාථ සතුව පළදනාව නැති වග සුලෝධජ දැඩිව විශ්වාස කළේ ය. අවම වශයෙන් ඔහු මින් පෙර එක්වරක් හෝ තමාට එය පවසා නොතිබුණේ ය. විසි වසරක් පළදනාව සිරුර තුළ රදවාගෙන ජීවත් වීම කෙතරම් වේදනාකාරීදැයි සුලෝධජ මින් පෙර නොසිතුවේ ය. ඔහු දකුණු පාදයෙන් උස් යමක් මතට නැගීමෙදී වේදනාවෙන් මුහුණ හකුලා ගන්නා ආකාරය ද සුලෝධජට සිහිපත් විය . නිසැකවම තමා හා ක්‍රීඩා කරමින් සිටි කුඩා කළ මිධුනාථ ගසෙන ඇද වැටී පාදය බිදී ගිය දිනට පසුව දවස් කිහිපයක්ම ඔහුගේ වස්ත්‍රවල කලවය අසළ තුවාලය පෑරිමෙන් වූ රුධිරය පැල්ලම් වූ වග සුලෝධජට සිහිපත් විය . මේ කිසිවක් මින් පෙර නොසිතීම පිළිබද ඔහු තමා වෙතම දොස් පවරා ගත්තේ ය.

භාසුර ලෝහමය පළදනාව රෙදිකඩකින් පිසදමා සුරතට ගෙන අලංකාරය නැරඹුවේ ය.

'' හහ්.. උමතු මහල්ලා... තමුන්ට පෙනෙනවා ද තමුන් මට ලබාදීම ප්‍රතික්ෂේප කළ ශිල්පය.... විශ්ව ශක්තිය... සියල්ල අද පටන් මාගේ.. '' භාසුර ඉහළ බලමින් පැවසුවේ සුලෝධජ කෝප ගන්වමිනි . නමුත් ඔහු කිසිවක් පැවසීමට තරම් පියවි සිහියෙන් නොවී ය. සියල්ලෙහිම අවසානය මෙය වග ඔහුට විශ්වාස කිරීමට අපහසු විය . භාසුරගේ උමතු සිනහව ගුහාව පුරා පැතිරී ගියේ ය.

'' කිම ද නුඹ මෙතරම් විස්මයට පත් වීලා. ? ආහ්. ඔබ දැන සිටියේ නැති ද පළදනාව නාථ සතුවග... ඔහ්. ඔහු තමුන්ව විශ්වාස කර නැහැ වගේ.. '' භාසුර උපහාසයෙන් පැවසුවේ සුලෝධජ දෙස හැරෙමිනි.

'' කටවහනවා !!!! '' එවර මිධුනාථ රෞද්‍රව ගිගිරුවේ ය .

'' ඕහ්.. වැරදීමක්... කව්රුන් ද තමුන්ව විශ්වාස කරන්නේ ? කව්රුන් ද තමුන්ට විශ්වාස කිරීමට ශේෂ ? '' භාසුර උපහාසයෙන් විමසුවේ සුලෝධජ තවත් බිදවමිනි . තමා වැඩියෙන්ම විශ්වාස කළ සිය කුඩා කළ සිට සගයා භාසුර ඔහුට මෙවැන්නක් සිදු කළ වග සුලෝධජ සියල්ලටම වඩා කම්පනයට පත් කළේ ය. කෙතරම් සමීප වුව ද සක්වල පළදනාව තමා සතුවග මිධුනාථ වරක් හෝ නොපැවසීම සුලෝධජ තවත් වේදනාවට පත් කළේ ය. නමුත් එය මිධුනාථගේ වරද නොවී ය.

'' නුඹලා සියලු දෙනා හොදින් බලාගන්නවා... විශ්ව ශක්තිය ඉගැන්වීම ප්‍රතික්ෂේප කළ එක් කුඩා දරුවෙකු අද සමස්ත රත්නද්වීපයේම විශ්ව ශක්තිය පාලනය කරන ආකාරය.. '' භාසුර උපහාසයෙන් පැවසුවේ ය.

සියල්ල අවිනිශ්චිත වූ අතර , සමස්ත ගුහාවම දැඩි නිහඩතාවයෙන් ගිලී ගියේ ය.

.
.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

* A/N -

* ටිෂූ පෙට්ටියක් ඕන වෙයි වගේ.. මම කිව්වේ ඊලග එකේ... Sad ending ද ? Happy ending ද ? හිත කියන්නේම S අකුරට මුල් තැන දෙන්න කියලා... මිධුව මැරුවොත් පොඩි කලාත්මක ගතියක් එනවා වගේ.. මොනවා උනත්..

* අසුර අසිපතා කව් ද කියලා හෙළි වුනානේ.. සිතපු අයවලුනි සිටී ද ? ඉදියාලු.. භාසුර = අසුර.. බුාහා.

Continue Reading

You'll Also Like

405K 59.3K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
78.8K 10.6K 57
මලකට දෙතොල් පටලන් කදුළු බොන්නට අවසරයක් කුමට !
29.5K 6.6K 70
"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගට...
14.4K 2.8K 11
සත්‍ය සිදුවීමක් ඇසුරිනි ( requested) හිමි නැති නම් කිම නුඹගේ උණුහුම දැනුනේ .... 💔 boyXboy Started date - 26 June 2022 Completed - 03 Aug 2022