සදුන්, වීර වෘක්ෂයන් අතර ,
ඇසළ බිනර මල් පෙති පතර ,
තවත් එක් ශිලා ගලක්ව ,
ඇයගේ තුරුණු විය ගෙවා දැමූ
ඈ.....
නොමැකී ගිය මුව මදහස තහනම් ...
මුවින් නොමේරු වදන් ද ඇකැප නම්...
සිසිල් සුළං රැලි විදින්න පින අහිමි නම්..
ලදේ , නුඹ තුරුණු වියෙන් ඇති පල කිම් ?
ඉදහිටක සිනාසුණා ඇය රහසින්..
ඇයට ද සිතක් තිබුනා මිණිමුතු මල් මෙන්..
ඇවැසි වුවත් දුව පනින්ට කෑගසමින්...
ගෙල පලදනාව බැද දැමුවා ඈ යදමින්...
සිනහාව අහිමි වූවද ඈ සිටියා නොසැලී..
අකීකරු කදුළු සිරකර මෘදු දෙනෙතේ..
දාරක සෙනේ ඇත තවමත් හද පතුළේ ..
දවා අළු කළේ ඇයි ඈ ස්තල ඇතුළේ ?
මිහිරි හඩින් නැළවිලි ගී නොනික්මුණි ...
දෙතන එරුන කිරි රුධිරය දවාලිණි...
කිරි කවඩිත් මුතු පබළුත් සිහින වුණි...
අවමන් මැද ගිනිදැල් ඈ වසාගතී,.
# ඛාදී....