♛ අග්නි ♛

By Bulbz_D

165K 33.9K 28.9K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 73

1.7K 371 248
By Bulbz_D

මිධුනාථ සෙමින් සිය දෑස් විවර කළේ ය. එය ඔහු ධ්‍යාන වැඩීමේ දී සිදු කරනවාක් මෙන් පහසු නොවූ අතර සිය දෑස්පියන් බරව ඇති සෙයක් ද අලසකම තමා වෙලාගෙන ඇති සෙයක් ද මිධුනාථට දැනුණි . ඔහුගේ හිස සුවපහසු යමක් මත වූ වග ද මිධුනාථ වටහා ගත්තේ ය. 

ඔහුගේ දෑසට හසුවූ ප්‍රථම දෙය නම් තමා දෙසට තවමත් එල්ල වී අැති සුලෝධජගේ විශාල දෑස් විය . ඔහුගේ රළු අත්ලෙහි දෑගිලි මගින් ඔහු සිය හිස කෙස් අතරින් දෑගිලි යවා හිස මෘදුව පිරිමදිනු මිධුනාථට දැනුණි . යළිත් අලසකම ඔහුව වෙළාගත් අතර ඔහුට දෑස් පියාගෙන නිදහසේ සැතපීමට ඇවැසි විය .

'' සැතපීමට !! '' මිධුනාථ එවර වටහා ගත්තේ ය.  තමා සැතපුණු වග මිධුනාථට විශ්වාස කිරීමට අපහසු විය . ඔහු එවර සුලෝධජ වෙත ඍජු බැල්මක් හෙළුවේ ය. ඔහු දෙවරක් තරමක කම්පනයෙන් දෑස් පිය ද සැලුවේ ය.

'' අවදි වූවා ද අලස ඉස්ගෙඩියා ? .'' සුලෝධජ මෘදුව විමසුවේ ය.

'' මා සැතපුණා ද ? '' මිධුනාථ පහව නොගිය විස්මයෙන් විමසුවේ ය.

'' නැතිනම් දැන් කුමක් ද ඔබ සිදු කරන්නේ මගේ උකුල මත ??? '' සුලෝධජ උපහාසයෙන් විමසුවේ ය. මිධුනාථ නැගී සිටියේ නැත. ඔහුට සුලෝධජගේ උකුල මතින් නැගී සිටිමට කිසිදු අවශ්‍යතාවයක් නොවී ය. ඔහුට එහි සුවපහසුවම නින්ද ළගා කරන්නට ඇති වග මිධුනාථ දැන සිටියේ ය.

ඔහු මෙලෙසම කුඩා කළ සුලෝධජගේ උකුල මත හිස තබා සැතපුණු ආකාරය මිධුනාථගේ සිහියෙහි විය . මිධුනාථ මදක් සන්සුන්ව තමා කුඩා කළ සිටි අාකාරයෙන්ම සිය දෙපා ද වකුටු කර සුලෝධජ වැළදගෙන දෑස් ද නැවතත් පියා ගත්තේ ය. ඔහුට තත්පර කිහිපයකට හෝ යළි කුඩා නාථ වීමට අවශ්‍ය බොළද සිතිවිල්ලක් පහළ විය .

මිධුනාථ සුලෝධජගේ ඉණවටා දෑත් ද යවා කුඩා දරුවෙක් සේ ඔහුව වැළදගෙන නිදහසේ දෑස් ද තදින් පියාගත්තේ දිගු නින්දක් අපේක්ෂාවෙනි. නමුත් සුලෝධජ ඔහුගේ පසුපස ප්‍රදේශයට දැඩිව අත්ලෙන් පහරක් එල්ල කළේ මිධුනාථගේ සිහින සියල්ල බිද දමමිනි.

'' නැගී සිටිනවා.. පුදුම අලසයෙක්.. කිසි දිනෙක සැතපී නැහැ වගේ.. '' සුලෝධජ නොරිස්සීමෙන් පැවසුවේ ය. මිධුනාථ එවර සුලෝධජ වෙත රවමින් නැගී සිටියේ ය. තමා මනස පුහුණු කිරීම ආරම්භ කළ පසු නිදා නොගත් වග පැවසුව අඥාන සුලෝධජ එය කිසිදු විටෙක විශ්වාස නොකරන වග දැනුවත් බැවින් මිධුනාථ කිසිවක් නොපැවසුවේ ය.

''ශාලී නැගී සිටීමට පෙර අප පිටවෙමු මිධුනාථ.. ?? '' සුලෝධජ එවර තරමක් බැරෑරුම් ලෙස පැවසුවේ ය. මිධුනාථ නිහඩව හිස සැලුවේ ය. සුලෝධජ නැවතත් සීහශාලී දුටුවහොත් ඔහුට පිටවයාමට සිත එකග කර ගත නොහැකි වන වග මිධුනාථ දැන සිටියේ ය. තමාට ද එය එලෙසම වූ වග ද ඔහුගේ යටිසිත පැවසී ය.

'' තාලී ? '' මිධුනාථ එවර විමසුවේ ය.

'' ඇය දන්නවා කළ යුතු දේ.. '' සුලෝධජ පැවසුවේ නැගී සිටිමිනි . මිධුනාථ නිහඩව හිස සලා සුලෝධජ සිපගැනීමට සැරසුණ ද ඔහු සිය දෙතොල් මත දබරගිල්ල තබා තමාව වැළැක්වූයේ ය.

'' ගාන්න එපා කුණු ඛේටය ඔබේ !!! '' සුලෝධජ මෘදුව සිනාසෙමින් තරවටු කළේ ය . එවර මිධුනාථ සුලෝධජ වෙත රවමින් නැගී සිටියේ ය.සුලෝධජ නැවතත් කෙතරම් දෑස් විශාල කරමින් ඉල්ලා සිටිය ද තමා ඔහුව සිප නොගන්නා වග මිධුනාථ දැඩිව අධිෂ්ඨාන කරගෙන හමාර විය . දඩුවමින් තොර හික්මීමක් ද නැති වග මිධුනාථ තනිවම තීර්ණය කළේ ය.

'' ආ හා.. ලුණු -ඇඹුල් -මිරිස.... කෝපගත්තා ද.. හරි හරි..කෝ. පැමිණෙන්න.. සිපගන්න..ඌම්... '' සුලෝධජ දෑත් ද දිගු කරමින් පැවසුව ද මිධුනාථ වරක් හෝ ඔහු දෙස බැලීමට ද වෙහෙස විය . තමා දුරදිග නොසිතා සිදු කළ ද අවසානයේ තමාට උදෑසන සිපගැනීම අහිමි වූ වග වටහා ගත් සුලෝධජ අඥානයෙකු සේ හිස ද කසමින් දෙතොල් උල්කළේ ය.

මිධුනාථ කුඩා උණ බට පීල්ලෙන් සිය මුහුණ සෝදාගත්තේ ය. අනතුරුව රවා සුලෝධජ සිටි ස්ථානයට ගොස් සිය අසිපත ද රැගෙන නාසය ද පුම්බමින් නැගී සිටියේ ය. ඔහු ගෙපැල දෙසට එක් වරක් බැල්මක් හෙළුවේ ය. සුලෝධජ ද එදෙසට ගැඹුරු බැල්මක් හෙලනු මිධුනාථ දෑසගින් දුටුවේ ය.

ඔවුන් නැවතත් නොපැමිණියහොත් , සීහශාලී තබා යාමට විශ්වාසී එකම ස්ථානය තාලී සමීපයේ විය. නමුත් ඔවුන්ට නැවත පැමිණීමට නොහැකි වුවහොත් සීහශාලී දැකීමට වන අවසන් අවස්ථාව ද එය බව සුලෝධජ හා මිධුනාථ දෙදෙනාම තරමක් කම්පනයට පත් කළේ ය. සීහශාලී අවදි වීමට පෙරම යාම මිධුනාථට තරමක් අපහසු වුවද ඔහු කිසිවක් නොපවසා කඩුල්ලෙන් ද පැන්නේ සුලෝධජව ද නොතකමිනි . තවත් මෙහි රැදුනහොත් පිටව යාමට සිත එකග කරගත නොහැකි වග මිධුනාථ දැන සිටියේ ය.

'' ඒයි.. මිධුනාථ.. මිද්දෝ-ඕ.. '' සුලෝධජ තමා පසුපසින් දිව එනු ඇසුණ ද ඔහු සුලෝධජ දෙස වරක් හෝ නොබැලුවේ ය. ඔහු ඍජුව ඉදිරිය බලාගෙනම ගමන් කළේ ය.

'' මිධුනාථ... නාථ... ආ-ආ -ආ මිද්දෝ-ඕ... '' සුලෝධජ එවර තමාට වැලමිටින් අනිමින් පැවසුව ද මිධුනාථ ඔහුව නොතැකුවේ ය. ඔහු සුලෝධජ දෙස රවා බැලූ අතර සුලෝධජ එවර දෙතොල් ද නොපිටට පෙරළමින් අනෙක් පස බලාගත්තේ ය. '' එලෙස සිදු වෙලා මදි තමුන්ට.. '' මිධුනාථ සිතින් පැවසුවේ උදෑසන සිය සිපගැනීම ප්‍රතික්ශේෂ කිරීම පිළිබද පහව නොවූ කෝපයෙනි .

වෛශව අසපුවට නැවත යාමට ආසන්නම මාර්ගය වනගත මාර්ගය වූ අතර මිධුනාථ ගල්වලට ද පයින් ගසමින් ඉක්මනින් ගමන් කළේ ය. මිධුනාථ කෝපයෙන් අසළ පහල වූ ගල් මුල්වලින් ද පළිගන්නා ආකාරය දුටු සුලෝධජ දෙතොල් උල් කරමින් නිහඩවම ගමන් කළේ ය.

'' මිධුනාථ.. '' අවසානයේ නිහඩතාව දරාගත නොහී සුලෝධජ මෘදුව ඇමතුවේ ය. නමුත් මිධුනාථ නොවෙයි ඔහුගේ ඇමතුමට මදකදු අවධානය යොමු කිරීමට වෙහෙස වූයේ .

'' මිධුනාථ.... '' සුලෝධජ නැවතත් ඇමතුවේ ය.

'' මිද්දෝ-ඕ ඕ... .. '' සුලෝධජ තව මොහොතකින් නහයෙන් හඩමින් අඩි ද පොළෙවේ හප්පමින් පැවසුවේ ය.

''....... ''

'' ලුණු-ඇඹුල් -මිරිසෝ... ''

'' ........... '' සුලෝධජ කුමක් පැවසුව ද තමා අද දින ඔහු හා වදනකුදු  කතා නොකරන වග මිධුනාථ තමාටම දිවුරාගෙන සිටියේ ය.

'' ශිලා පර්වතය..... ''

'' ඒයි.. දුම් දමන පැතලි වළද.. '' තමා නිශ්ශබ්ද වූ බැවින් සුලෝධජ එවර ද වනය දෙවනත්ව යන පරිදි නොරිස්සීමෙන් කෑගැසුවේ ය.  මිධුනාථ එවර ද සුලෝධජ දෙස රවා බැලුවේ ය.

'' ආ ආ.. ආා... අමුක්කරා කරලක් සේ පිපිරෙන්න එපා ඉදින්.. ''

මිධුනාථ දෑස් කණිකා ඉහළ යවා නැවතත් ගමන් ඇරඹුවේ කිසිවක් සිදු නොවූ ලෙසිනි .

'' උද්ධච්ච ඉස්ගෙඩියෝ - ඕ... '' සුලෝධජ තවමත් සිය උත්සහය අතහැර නැත .

'' නාථ..... ''  සුලෝධජ තමා දන්නා උපරිමයෙන් මෘදුව ඇමතුවේ ය. එවර මිධුනාථ මදක් මෙළෙක් වුව ද ඔහු නැවතත් ඉක්මනින් සුලෝධජ දෙස රළුව බැලුවේ ය.

'' නාථ අය්යණ්ඩි ?? ම්ම් ?? '' සුලෝධජ දෑස් ද විශාල කර සිය මුහුණට එබෙමින් විමසනු මිධුනාථ බලා සිටියේ ය. ඔහුගේ දෑස් එදෙසට යොමු වූ අතර උඩු සිත ඔහුට දෑස් ඉවතට ගන්න ලෙසත් යටිසිත එදෙසට ඇදී යන ලෙසත් පවසමින් මිධුනාථ තවත් අසරණ බවට පත් කළේ ය.

අවසානයේ මිධුනාථ උඩු සිතට එකග වී සුලෝධජ පසෙකට තල්ලු කර දමා කිසිවක් සිදු නොවුනාක් සේ ගමන් ඇරඹුවේ ය. නමුත් ඔහු පියවර දෙකක් ගමන් කිරීමට මත්තෙන් සුලෝධජ ඔහුගේ මග අවහිර කළ අතර එවර මිධුනාථගේ කෝපය පුපුරා ගියේ ය.

'' කුමන හිස රදයක් ද තමුන් !!! සෑම විටම බාධාවක් වීම ද තමුන්ගේ ස්වභාවය... !!! පාඩුවේ පසෙකට වී සිටිනවා..  !!! කිසිවෙක් තමුන්ව ප්‍රිය නොකිරීම අරුමයක් නොවේ.. '' මිධුනාථ රෞද්‍රව කෑගැසුවේ ය. 

'' ඒ ? ඒ ? '' සුලෝධජ එවර දෑත් ද පසෙකට ගනිමින් කම්පනයෙන් මෙන් විමසුවේ කිසිවක් තමාට නිසිලෙස නොඇසුණු පරිද්දෙනි . ඔහුගේ දෑස් පිය ක්ෂණිකව බිමට බර වනු ද ඔහු දෙතොල් ද උල් කරමින් පසෙකට වනු ද මිධුනාථ බලා සිටියේ ය. නමුත් මිධුනාථගේ කෝපය ද තවමත් සන්සිදී නොතිබුණේ ය.

ඔවුන් මද දුරක් පැමිණෙන තුරුම සුලෝධජ නිහඩ වූ අතර මිධුනාථ ද කිසිවක් නොපැවසුවේ ය. ඔහු සිය කෝපය සන්සිදෙන තෙක් ම මාර්ගයේ වූ ගල් හා මුල් කැබලිවලින් සිය කෝපය පිට කළේ ය. හෝරා දෙකක් පමණ ගත වුව ද  සුලෝධජ තවමත් නිහඩ වීම මිධුනාථ ඉක්මනින්ම සන්සුන් කළ අතර ඔහු දෑසගින් එදෙසට බැල්මක් හෙළුවේ ය. සුලෝධජ සිය අසිපත ද ඉහළ දමමින් බර කල්පනාවක විය . ඔහු අසිපත බිම දැමූ ඇසිල්ලේ එය වරක් බිම පතිත වනු ද මිධුනාථ දුටුවේ ය.

'' ඔබත් මට කැමති නැති ද කොහේ.. '' සුලෝධජ මුමුණමින් අසිපත නැවතත් ඔසවාගත්තේ ය. මිධුනාථ එවර සුලෝධජ දෙස නෙත් යොමු කළේ ය. සුලෝධජගේ නාසය රත් පැහැ ගැන්වී තිබූ අතර දෑස් පියන් ද බරව තිබීමට හේතුව මිධුනාථට වටහා ගත නොහැකි විය. තමා කුමක් හෝ වැරදි යමක් පැවසුවේ දැයි ඔහු කල්පනා කළේ ය. තමා හෝරා දෙකකට පමණ පෙර සුලෝධජ වෙත කෝපයෙන් කෑගැසූ වග මිධුනාථගේ මතකයෙහි වුව ද තමා කුමක් පැවසුවේ දැයි ඔහුට නිසිලෙස සිහිපත් නොවී ය. 

මිධුනාථ ගමන නවත්වා සුලෝධජ දෙසම බලා සිටි අතර සුලෝධජ ද එවර තමා වෙත දෑස් යොමු කළේ ය. ඔහුගේ දෑස්වල කදුළු පිරී තිබීම මිධුනාථ වික්ෂිප්ත බවට පත් කළේ ය.

'' මිධුනාථ.. ඔබට මා සැබවින්ම හිස රදයක් ද ? .. '' සුලෝධජ අවසානයේ හඩ ද බාලකරමින් විමසුවේ ය. මිධුනාථ නිරුත්තර විය . ඔහු කිසිවක් වටහා ගත නොහැකිව නළල ද රැලි කරමින් සුලෝධජ දෙස රවා බැලුවේ ය.

'' මා.. මා... දෙහෝරාවක් පමණ සිතා බැලුවා.. ඔබ නිවැරදියි......  සැබවින්ම මා හිස රදයක් ... . නමුත්...  මා නැවත හි-ස රදයක් ලෙස නොවීමට උත්ස-හ කරන්නම්.. එබැවින්.... එබැවින්... '' සුලෝධජ සිය යන්තමින් බිදුනු හඩින් වදන් අමුණා නාසය ද ඉහළට ඇද්දේ ය.

'' එබැවින් අත-හරින්න එපා.. '' සුලෝධජ , සිය දෑස් දෙස ඍජුව බලා පවසනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු නොහැඩුව ද දෑස්වල වේදනාව වූ වග මිධුනාථ හදුනාගත්තේ ය. තමා පෙර පැවසූ වදන් පිළිබද මිධුනාථට පැවසීමට කිසිවක් නොවී ය. ඔහු කෝපාන්විතව සිටින අවස්ථාවල පවසන වදන් ඔහුගේ පාලනයෙහි වූවක් නොවී ය.

මිධුනාථ කිසිවක් නොපවසා සුලෝධජ අසළට ගොස් ඔහුගේ නිකටින් අල්ලා මෘදුව ඉහළට ඔසවා,  නාසය අග සිට දෙතොල් තෙක්ම මෘදුව සිපගත්තේ ය . පළු වෘක්ෂයින්ගෙන් ආවර්ණය වූ වනය මැද තමාට කිසිදු බාධාවක් නොවූ වග මිධුනාථ දැනුවත් විය. ඔහු උදෑසන වූ මහගු පාඩුව ද මග හැරී යන ලෙස ගැඹුරුව සිපගත්තේ ය. සුලෝධජගේ උණුසුම් වේගවත් සුසුම් සිය නාසය අග වැදී කෙමෙන් කෙමෙන් සන්සුන්වනු මිධුනාථට දැනුණි . අවසානයේ ඔහුගේ සුසුම් සෞම්‍ය ලෙස රිද්මයානුකූලවන තුරුම මිධුනාථ සුලෝධජ සිපගත්තේ ය. ඔහුගේ මෘදු දෙතොල්වල උණුසුම මදකට හෝ අත් නොහරින තරමට මිධුනාථ එකී පහසට ලොල් විය . සුලෝධජ සන්සුන් වූ වග වටහා ගත් මිධුනාථ මදකට ඔහුගෙන් පසෙකට විය .

'' අතහරින්නේ නැහැ.. අඥානයා. ''

මිධුනාථ රළු හඩින් පවසා සුලෝධජගේ හස්තයෙන් මෘදුව අල්ලාගත්තේ ය. ඔහුගේ පිළිස්සුම් තුවාල තරමක් සුවවී තිබීම මිධුනාථ සැනසීමට පත් කළේ ය. ඔහු සුලෝධජගේ හස්තයෙහි දෑගිලි සිය දෑගිලි හා පටලවා තත්පර කිහිපයක් එහි අලංකාරය නැරඹුවේ ය. සුලෝධජගේ රළු දෑගිලි මෘදුව සිය දෑගිලි හා පැටලී තිබූ අකාරය මිධුනාථ සෑහිමකට පත් කළේ ය.

ථිත , නිරතුරුවම සුග්‍රීවගේ හස්තයෙන් මෙලෙස අල්ලාගෙන ගමන් කරනු මිධුනාථ පෙර අවැසි තරම් දැක තිබුණේ ය. ඔහුට ද සුලෝධජගේ හස්තයෙන් අල්ලාගෙන ගමන් කිරීමට උවමනා වුව ද මින් පෙර එවැනි කිසිදු අවස්ථාවක් ඔහුට උදා නොවී ය . ඔහු මෙවර සුලෝධජගේ හස්තය මෘදුව අල්ලා ගත්තේ යළිත් ගමන් අරඹමිනි . සුලෝධජ ද සිනාසී සිය හස්තයෙන් ද තදින්  අල්ලාගනු මිධුනාථට දැනුණි . ඔහු නැවත වරක් සිය කාලවර්ණ ගැඹුරු නේත්‍රයන් සුලෝධජ දෙසට යොමු කර ඔහුව සිය සමීපයට ගෙන නළල් තලය ද මෘදුව සිපගත්තේ ය.

වනය , තුළ වූ ගහ කොළ , ගල් මුල් ද ඔවුන් විනිශ්චය නොකළෝ ය. මිධුනාථ එකී නිදහස ප්‍රිය කළේ ය. ඔවුන් හා සම වූ මනුශ්‍යයන්ටම ඔවුන් විනිශ්චිය කිරීමට ඇත්තේ කුමන අයිතියක් දැයි මිධුනාථට ගැටලුවක් විය.

'' මිධුනාථ... අපට නැවත පැමිණීමට හැකි ද ? '' සුලෝධජ අවිශ්වාසයෙන් විමසුවේ ය.

'' කිම ද ? තමුන් වෛශව අසපුවෙහි නවතින්න ද ? එය දැවී අවසන්.. '' මිධුනාථ නැවතත් උපහාසයෙන් පැවසුවේ සුලෝධජ නිහඩ කරමිනි. ඔහු කුමක් පැවසුවද ඔවුන්ට සැබවින්ම නැවත පැමිණීමට හැකි දැයි මිධුනාථ ද නොදැන සිටියේ ය. සීහශාලීගේ සුරතල් වදන් හා සිනහවෙන් පිරි මුහුණ ඔහුට මැවී ගියේ ය.

'' කමාකරන්න.... එලෙස නොකර සිටීමටයි තිබුණේ... '' සුලෝධජ පසුතැවීමෙන් පැවසුවේ ය. ඔහුගේ පසුතැවීමට නැවතත් මහීධව ලබා දිය නොහැකි වග දන්නා බැවින් මිධුනාථ නිහඩ විය . ඒ පසුතැවීමම සුලෝධජගේ දඩුවම වන වග මිධුනාථ විශ්වාස කළේ ය.

'' විශ්වාස කරන්න මිධුනාථ.... දින දෙකක් යනතුරු මා හට වැටහුණේ නැහැ මා අසපුව ගිනි තැබූ වග හෝ.... ඒ තරමින්.. සිහි මුලාවූවෙකු ලෙසයි සිටියේ.... ඔබ විශ්වාස කරන එකක් නැහැ...ගින්දර මා විනාශ කළා... නමුත් ජලය ද මා ප්‍රතික්ෂේප කළා... '' සුලෝධජ ගණනකට නොගෙන පැවසුව ද එවර මිධුනාථ යළිත් සුලෝධජ දෙස රවා බැලුවේ ය. ඔහු සිත කලබල වූ අවස්ථාවල හෝ තමාගේ අතින් කිසිවෙකුට රිදුනු අවස්ථාවල දිය යට කිමිදෙමින් හුස්ම හිර කරගන්නා වග මිධුනාථ හොදින්ම දැන සිටියේ ය.

ඔවුන් තරගාවලියට සහභාගී වූ කාලයේ සුලෝධජ පොකුණෙහි කිමිදී එලෙස හුස්ම හිර කරගනු මිධුනාථ දෑසින්ම දැක තිබූ අතර ඔහු එදෙසට දිව යාමට තැත් කළ ද ඊට පෙරම සුලෝධජ දිය මතු පිටට පැමිණි වග මිධුනාථගේ සිහියෙහි විය .

සුලෝධජ සියලු වස්ත්‍ර උනා දමා සිටි අතර ඔහුගේ ඉණ වටා පමණක් කෙටි සාළුවක් පමණක් වූ වග මිධුනාථගේ මතකයෙහි විය . එය තත්පර කිහිපයකට සීමා වූ දසුනක් වුව ද මිධුනාථට තවමත් එය හොදින්ම මතකයේ විය . සද එළිය වැටී සුලෝධජගේ අඩ නග්න සාරාගී සිරුර දිලිසුණු ආකාරය ද , එහි උස් පහත් වීම් හරහා නොනැවතී ජලය ගලා ගිය ආකාරය ද , දිගු කෙස් වැටිය ඉණ අසළටම ඇලී තිබූ ආකාරය ද , බාහුවෙහි හා පිටෙහි වූ අසිපත් කැපුම පවා තත්පර කිහිපයකින් වුව ද මිධුනාථගේ මනසෙහි ප්‍රබල ලෙස සිත්තම් වී තිබුණි .

සුලෝධජ අඩනිරුවතින් සිටිනු දැකීම එවකට මිධුනාථගේ අපේක්ෂාව නොවූ අතර ඔහු හුදෙක් තමා ඊට පෙර පැවසූ මෙවැනිම කෝපාන්විත වදන් සදහා සමාව අයැදීමට සුලෝධජ සොයා ගියා පමණක් විය . ඔහු අකුණු පහරක් ගැසූවෙකු සේ නැවතත් ස්තාලය අසළට දිව ආවේ ය.
ඔහු අඩ හෝරාවක් පමණ යනතුරුම වේගයෙන් ශ්වසනය කළ අතර , අනතුරුව පොළොවෙහි සිටි හැකරැල්ලෙක් දැකීමෙන් මදක් සන්සුන්ව එතැනින් දණ ගසා ගත්තේ ය. තමා තත්පර කිහිපයකට පමණක් දුටු දසුන පවසා අවසන් කරන තුරුම ඔහු හැකරැල්ලා ඉන් පීඩාවට පත් කළේ ය. තත්පර දහයේ දසුන ඔහු පූර්ණ හෝරාවක් පමණ දණ ගසාගෙන හැකරැල්ලා වෙත විස්තර කළේ ය.
අවසානයේ ඔහුට සිය වස්ත්‍රයන් මාරු කිරීමට පවා සිදු විය . තමාගේ කුඩා කළ මිතුරා පිළිබද එවැනි කුඩා දර්ශනයකින් තමා එතරම් දුරදිග යාවි යැයි මිධුනාථ කිසිදු විටෙක අනුමාන නොකළේ ය.

ඔහු කිසිදු දිනෙක තරුණියක් දෙස හෝ එලෙස බලා නොතිබුණි . වෛශව අසපුවට ඉදහිට පැමිණෙන කුල තරුණියන් හා සරාගී කාන්තාවන් පවා ඔහුට නීරස කාඩි ඇඹුලක් මෙන් විය . ඔහු කිසිදු විටෙක කාන්තාවකගේ පයෙහි පාසළඹ තිබේ දැයි හෝ අවම වශයෙන් වෛශව අසපුවේ සේවිකාවන්නේ උකුලෙහි වූ කළයන් දෙස හෝ නොබැලුවේ ය. නමුත් සුලෝධජ සම්බන්ධව තත්පර කිහිපයක දසුනක් තමා එලෙස කලබලයට පත් කරනු ඇතැයි මිධුනාථ නොසිතුවේ ය .ඔහු නැවත ස්තාලය අසළට පැමිණෙන විට ද සුලෝධජ තවමත් ස්නානය කර නැවත පැමිණ නොතිබීම මිධුනාථ සහනයට පත් කළේ ය.

තමා සිදු කළ ක්‍රියාව සිදුවී මිධුනාථගේ මුවග සිනහාවක් ඇදුණු අතර ඔහු සුලෝධජගේ දෑත අතනොහැරම ඔහුව සිය සිරුරට තද කරගෙන ඔහුව නැවතත් මෘදුව සිපගත්තේ ය. ඔහු සුලෝධජගේ වස්ත්‍රයන් හරහා ද සිය දෑත් යැවීමට තැත් කළ ද සුලෝධජ එවර ක්ෂණිකයෙන් මිධුනාථ පසෙකට තල්ලු කර දැමුවේ මිධුනාථ වික්ෂිප්ත කරමිනි .

සුලෝධජ ඉක්මනින් තමාව සිය පසුපසට තල්ලු කර දැමූ අතර ඔහු තමාගේ හස්තය ද අතහැර දැමූ වග මිධුනාථට දැනුණි . එලෙස හස්තය අතහැරී යාම මිධුනාථ වෙත ප්‍රථම වතාවට තරමක් මූසල හැගීමක් ඇති කළේ ය. සුළු මොහොතකට පසුව සුලෝධජගේ දෑගිලි අතර රැදී තිබූ කුඩා කටුව මිධුනාථගේ දෑස් ගැටුණි.

මිධුනාථ තවත් කිසිවක් සිතීමට පෙර සුලෝධජ රෞද්‍රව සිය අසිපත සුරතට ගත්තේ තමාව ඔහුගේ පසුපසට ගනිමිනි . මිධුනාථ ද ඉක්මනින් සිය අසිපත පිටතට ගත්තේ තමා වටා චක්‍රාධාරක වළල්ලක් ද ගොඩ නගා ගනිමිනි. සුලෝධජ වටා ද රත් පැහැ චක්‍රාධාරක තිමිරයක් මිධුනාථ නිරීක්ෂණය කළේ ය.

'' පිටතට පැමිණ පහර දෙනවා !! '' සුලෝධජ ගිගිරුවේ ය. සුලෝධජ තවත් යමක් පැවසීමට පෙරම සිව් දෙසින් සියයක පමණ පිරිස ඔවුන් සිටි ස්ථානයට පහර දීමට කඩා පැන්නේ ඔවුන් තිගැස්සීමට පත් කරමිනි . සුලෝධජගේ මුහුණෙහි කිසිදු බියක් නොවූ අතර ඔහු කිසිදු ගණනක් නොමැතිව සටන ආරම්භ කළේ ය. මිධුනාථ ද අනෙක් පසින් පහර දීම ආරම්භ කළ ද සුලෝධජ නැවතත් තමාව පසුපසට ගනිමින් එදෙසට පහර දීම තනිව දියත් කරනු මිධුනාථ නොරිස්සුවේ ය. තමා කිසිවක් සිදු කරගත නොහැකි අයෙකු නොවී ය.!! ... මිධුනාථ සුලෝධජ වෙත රවමින් සිය චක්‍රා ප්‍රතිඥා වළල්ල ගලවා බිම අතහැර දැමුවේ ය.

ඔහු සුලෝධජගේ විරෝධය ද නොසලකා හැර වෛශව අසපුවට ආවේණික ආසන මෘද්‍රාවට පැමිණියේ සිය සිත සැනෙකින් දැහැන් ගත කරමිනි . මිධුනාථ වටා ක්ෂණිකව කහ පැහැති තිමිරයක් ගොඩ නැගී ගිය අතර ඔහු පොළොවෙන් අඩි කිහිපයක් ඉහළ පද්මාසනයෙන් ආසන ගත වූයේ ය. ඔහුගේ දෙපාවලට පහළින් එකිනෙකක් තුළ පිහිටි රවුම් සතකින් යුතු චක්‍ර සත පිළිවෙලට කැරකැවුණු අතර අවසානයේ ඉහළින්ම තඹ පැහැ ස්වථික සංඥා සහිත තිමිරයක් ද ඔහුගේ සිරුර වටා කැරකැවුණි . ඔහුගේ පරාමිතික ලොව තමා හා මුහුණට මුහුණ බලා සිටින්නක් සේ මිධුනාථට දිස් වුවද සටන් බිමෙහි සිදුවන සියලු දේම මිධුනාථට හොදින් දැනුණි .

මිධුනාථ වටකරගත් තිමිරය ඔහු, තාරකාවක් සේ දිලිස වීය .මිධුනාථගේ නළල අසලින් ද දම් පැහැ තීව්‍ර ආලෝකයක් නික්මුණු අතර සුලෝධජ පමණක් නොව සටනෙහි නිරත වෙමින් සිටි බොහෝ දෙනා ද තරමක විස්මයෙන් එදෙස බලනු මිධුනාථ දෑස් විවර නොකරම පැවසිය හැකි විය . එහි සිදුවන දේ පැවසීමට ඔහුට දෑස් විවර කිරීමට ඇවැසි නොවී ය. බාහිර පුද්ගලයෙකු ඉදිරි පිට ඔහු සිය චක්‍ර බලගැන්වූ ප්‍රථම අවස්ථාව එය වූ අතර මීළගට ඔහු සෙමින් දෑස් විවර කළ සිය මානසික බලයෙන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ය. ඔහු සම්පූර්ණ පිරිසම මිනිත්තු කිහිපයකට අඩපණ කළ අතර පලායන පුද්ගලයන් වෙත පහර දීම මිධුනාථ අතහැර දැමුවේ ය.

පිරිස සුලෝධජට පාලනය කරගත හැකි තරමට අඩුවූ වග වටහා ගත් මිධුනාථ සන්සුන්ව සාමාන්‍ය ස්වරූපයට පැමිණ පොළොව මතින් දෙපා තැබුවේ සිය සිරුරෙහි සැහැල්ලු කොටගෙන සිටි බර නිදහස් කරමිනි . සුලාේධජ අවසන් ප්‍රහාරකයන් දෙදෙනා ද අඩපණ කර බිම හෙළා මිධුනාථ දෙස හැරී බැලුවේ ය. මිධුනාථ ඉවසීමෙන් සුලෝධජ තමාට විශිෂ්ටයි යනුවෙන් පවසන තුරු බලා සිටිය ද සුලෝධජ කිසිවක් නොපැවසුවේ මිධුනාථගේ බලාපොරොත්තු කඩ කරමිනි.  ඔහු දහදියෙන් නැහැවී ගොස් සිටියේ ය.

ඔවුන් තවත් කිසිවක් සිදු කිරීමට පෙර තවත් ප්‍රහාරකයන් කණ්ඩායමක් එදෙසට දිව ආ අතර මිධුනාථ සුලෝධජ අසළට යාමට පෙර ඉදිරියෙන් පැමිණි අසිපතක් සුලෝධජ ආරක්ෂා කරනු මිධුනාථ දුටුවේ ය. සුලෝධජ සේම අදුරු හරිත පැහැ වස්ත්‍රයන් ද මුහුණ පුරා වැඩී තිබූ ඝන රැවුල ද රිදී දම්වැල් සහිත පලදනා ද දුටු විගස ඔහු භාසුර වග මිධුනාථ හැදින්නේ ය. තමාට සහය වෙමින් ධීර ද අනෙක් පසින් ප්‍රහාර එල්ල කළේ ඔවුන් මදක් සැහැල්ලුවට පත් කරමිනි .

සුලෝධජ භාසුර දෙස , උණුසුම් බැල්මක් හෙළා දෙදෙනාම එක්ව එදෙසට ප්‍රහාරය දියත් කරනු මිධුනාථ දුටු අතර ඔහුද නැවතත් ධීර හා එක්ව අනෙක් පසින් ප්‍රහාරකයන් මැඩලූවේ ය. නමුත් තව තවත් ප්‍රහාරයකන් වැඩි වෙනු හැර ඔවුන්ට වාසි සහගත කිසිවක් සිදු නොවී ය.

'' භාසු.. ධීර !!!! ඔබලා සුවෙන්.. '' සුලෝධජගේ සැනසීමට පත් හඩ සටනතුරදීම මිධුනාථ වෙත ශ්‍රවණය වූ අතර ඔහු ද සැනසුම් සුසුමක් හෙළුවේ ය. අවම වශයෙන් ගින්දර සුලෝධජගේ දිවියේ එකී වටිනා පුද්ගලයන් දෙදෙනා උදුරා නොගැනීම පිළිබද මිධුනාථ සැනසීමට පත් විය .

'' මෙහි රැදී සිටිය නොහැකියි භාසු.. '' ධීර පැවසුවේ ඔහු සටන් කරමින් සිටි ප්‍රහාරකයා අපහසුවෙන් මැඩලමිනි . ධීර පැවසූ කරුණට මිධුනාථ ද එකග විය .

'' සුලෝධජ.. මෙදෙසින්.. '' භාසුර පැවසුවේ දක්ෂිණ දිසාවට මග පාදාගනිමිනි . සුලෝධජ ඉක්මනින් තමා දෙස බලනු මිධුනාථ දුටු අතර ඔහු ද හිස සලා එදෙසට දිව ගියේ ධීර සේම ප්‍රහාරයන් ද මග හරිමිනි . ඔවුන් වනය අතරින් දක්ෂිණ දිශාවට දිව ගියේ ය. ප්‍රාහාරකයන් දිගින් දිගටම ලුහු බැදි මුත් භාසුර  විශාල ගල් පර්තවතයක් අසළට ඔවුන් කැදවාගෙන පැමිණීයේ ය.

'' සුලෝධජ. මෙහි.. '' භාසුර වද වූ හඩින් පැවසුවේ එහි යටට වූ භූගත විවරය පෙන්වමිනි . භාසුර හා ධීර ප්‍රථමයෙන් ඇතුළු වූ අතර සුලෝධජ තමාව ද එය තුළට තල්ලු කරමින් තමාගේ පසුපසින් ගුහාව වෙත ඇතුළු වනු මිධුනාථ බලා සිටියේ ය.

අදුරු තෙතගතියෙන් හා වවුල් ගදින් යුතු උමං මාර්ගය කොතැනට යොමු වන්නේ දැයි මිධුනාථ නොදැන සිටි අතර භාසුර හා ධීර එහි සිටි බැවින් කලබල වීමට කිසිදු කරුණක් නොවූ වග මිධුනාථට විශ්වාස විය . සුලෝධජ අදුරේම සිය හස්තයෙන්න් අල්ලාගනු මිධුනාථට දැනුණි . ඔහු ද සුලෝධජගේ හස්තයෙන් තර කර අල්ලා ගත්තේ ය. භාසුරගේ පළිගුවෙහි ආලෝකය ඔවුන්ට මග පෙන්වූවේ ය.

කුමක් හෝ කරුණකට මිධුනාථ ගුහාව තුළ රැදී සිටීම ප්‍රිය නොකළේ ය.

.
.
.
.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

A/N -
* හෝලා.. හෝලා. කාලෙකින්...මට ටෙස්ට් එකක් තියේ 27.. ඒකයි මේ පරක්කු වෙල්ලේ.. ආයේ ඒකෙන් පස්සේ තමා.. බොහෝවිට.. එතකොට එක දිගට දීගෙන යනවා.. 05 වෙනිදා අයින් වෙනවා.. ඊට කලින් මේකයි දිවයුරු වෙරයි දෙකම ඉවර කරනවා කියලා තමා හිතාගෙන ඉන්නේ..

* මොනවා හරි කොටාගෙන යන්න.. පව්නේ මම..

* ආයේ ඒ දෙන්නට සීහශාලීව බලන්න පුළුවන් වෙයි ද ?

_ කෲර ඕතර් _

Continue Reading

You'll Also Like

49.9K 8.1K 31
❤️‍🔥වෛරයේ ගින්නෙන් දැවුනු, අහිංසක ආදර අන්දරය....❤️‍🔥
9.1K 1.1K 17
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර...
645 74 5
" මගෙ වස්තුව , ආයෙ පාර වරදින එකක් නැහැ... "
3.8K 1K 23
කියවලම බලන්න *සමහර දේවල් ඉදිරියේ මිනිස්සු ගොඩක් අසරණයි . *ජීවිතය ආදරය ගැන කියන්න වෙන්වෙච්ච තැනක් #උපුටාගැනීම්