♛ අග්නි ♛

By Bulbz_D

167K 34K 28.9K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 71

1.6K 369 356
By Bulbz_D

මිධුනාථ දිවගොස් සිය අසිපත හා කැටපෝලය සුරතට ගත්තේ ය. ඔහු කලබලයෙන් සෑම දෙසම දෑස් යොමු කළද එහි සීහශාලිගේ සේයාවක් හෝ නොවී ය. සිය කලබලකාරී බැල්ම හමුවේ සුලෝධජගේ දෑස් ද නොසන්සුන් වනු ද ඔහු එදෙසට කෝපාන්විතව ඇවිද එනු ද මිධුනාථ දුටුවේ ය.

'' කොහි ද ශාලි !!! '' සුලෝධජ රෞද්‍ර ලෙස විමසුවේ ය.

'' තමුන්ට පෙනෙන්නේ නැති ද !! මා ද සොයන්නේ ඇය තමා !! '' මිධුනාථ ද කෝපය හා කම්පනයෙන් සුලෝධජ වෙත කඩා පැන්නේ ය.

'' කොහි ද දැන් ඇය !!!!! '' සුලෝධජ රෞද්‍රව විමසුවේ හස්තයෙන් දැඩිව ග්‍රහණය කරගනිමිනි. මිධුනාථ තවමත් නිහඩ විය . ඔහු කම්පනයෙන් තවමත් සිය අසිපත හා කැටපෝලය දෙස බලා සිටියේ ය.

'' තමුන් ඇයව මෙහි තනිව තබා ආවා ද !!!! බලනවා මේ වනය කෙතරම් අදුරුද කියා !!!!! ඇය සත් හැවිරිදි දැරියක් !!!!!!!! '' සුලෝධජ රෞද්‍රව ගිගිරුවේ කෝපයෙන් මිධුනාථ පසෙකට තල්ලු කරමිනි. සුලෝධජගේ අනපේක්ෂිත තල්ලු කිරීම හමුවේ මිධුනාථ පසෙකට විසිවී බිම ඇද වැටුණේ ය.

'' නැතිනම් තමුන් පවසන්නේ ඇයව ගිනි ගන්නා මාළිගය තුළට රැගෙන එන ලෙස ද !!!!! '' මිධුනාථ ද පෙරළා කෑගැසුවේ ය. ඔහු කෝපයට වඩා කම්පනයෙන් විය .

'' තමුන්ගේ ප්‍රලාපවලින් පලක් නොවේ... ශාලීට කුමක් හෝ සිදුවුවහොත් තමුන්ව මරාදමනවා !!! '' සුලෝධජ රෞද්‍ර ලෙස ගිගිරුවේ ය.

'' නිහඩවනවා ප්‍රථමයෙන් !!!! '' මිධුනාථ ද සුලෝධජ වෙත කෑගැසුවේ ය. ශාලී කොහි යන්නට ඇති දැයි මිධුනාථට සිතාගත නොහැකි විය .

'' නිහඩව සිටියා කියලා ශාලී හමුවනවා ද !!! ''

'' එසේ නම් රිසි සේ කෑගසා ප්‍රහාරයකයන් සියලු දෙනා මෙහි ගෙන්වා ගන්නවා !!! '' මිධුනාථ නැවතත් පෙරළා කෝපයෙන් කෑගැසුවේ ය.

'' ඇති !! ඇති !!! ඇති!!!! .. මට තමුන්ගේ ප්‍රලාප පලක් නැහැ.. සීහශාලීව සොයනවා !!! තමුන් කුමන ආකරයේ පියෙක් ද ඇයව මෙහි දමා ගියේ !!! '' සුලෝධජ රෞද්‍රව ගිගිරුවේ ය.

මිධුනාථ කිසිවක් නොපැවසුවේ ය . ඔහුගේ සිත ද වරදකාරී හැගීමෙන් පිරී තිබූ අතර ඔහුට කිසිවක් පවසා ගත නොහැකි තරමින්ම ඔහු බිදී ගොසින් සිටියේ ය.

මිධුනාථ පවුර අසළ බිමින් අසුන් ගත්තේ සිය වෙව්ලන දෑත් අතර මුහුණ සගවාගනිමිනි . සිය හිසින් විශාල බර ගතියක් මිධුනාථට දැනුණි . එවර සුලෝධජ තරමක් සන්සුන් විය . ඔහු සෑම විටම , සෑම අවස්ථාවකදීම සිදු කළ යුතු සියල්ල නිසි ලෙස දැන සිටිය ද මෙවර ඔහුට කිසිවක් සිතාගත නොහැකි විය .

සුලෝධජ එවර මදක් සන්සුන්ව තමා වෙතට ඇවිද එනු මිධුනාථ දුටුවේ ය.

'' මිධුනාථ ! !!!! '' සුලෝධජ තමා වෙත අමතනු මිධුනාථට නෑසුණ තරම් විය . ඒ තරම් ඔහුගේ සිත ශාලී කොහිදැයි සිතීමට කාර්යය බහුල විය . ඔහු සිය විලුඹ ද පොළොව මතට තද කළේ ය. ඔහුට දරාගැනීමට අපහසු වූ විට ඔහු එය පුරුද්දක් වශයෙන් සිදු කළේ ය.

'' මිධුනාථ !!! හොදයි... ..අප ඇයව සොයාගමු.ඇයට කිසිවක් සිදු වන්නේ නැහැ.. .. '' එවර සුලෝධජ තමාට තරමක් මෘදුව පවසනු මිධුනාථට දැනුණි .

'' ඇය අසිපත දමා ගොසින්.. '' මිධුනාථගේ හඩ තරමක් බිදී ගියේ ය. ඔහු කිසිවක් නොපවසා සිටීමට උත්සහ කළේ ය.

'' ඇය කෙසේ ද එතරම් බැරැති අසිපතක් රැගෙන නැගී සිටින්නේවත්..... '' සුලෝධජ ධනාත්මක පැවසු මුත් ඔහුගේ ස්වරයෙහි වූ පැහැදිලි තැවීම මිධුනාථ වටහා ගත්තේ ය.

'' කැටපෝලය ද දමා ගොසින්.. '' මිධුනාථ නැවතත් කම්පනයෙන් පැවසුවේ ය.

එවර සුලෝධජ කිසිවක් නොපවසා තමාව මෘදු ලෙස වැළදගනු මිධුනාථට දැනුණි . ඔහුගේ පහස මිධුනාථට තරමක සැනසීමක් ගෙන ආ මුත්  ඒ කිසිවකින් සිදුවිය හැකි භයානක කිසිවක් පහව නොගියේ ය. ධූමයෙන් ද වේදනාගෙන දෙමින් තිබූ සිය දෙනෙත් තව කොපමණ වෙලාවක් සියල්ල දරා සිටී දැයි මිධුනාථට පැවසිය නොහැකි විය . ඔහු අවිනිශ්චිත ලෙස කිහිප වරක්ම ඇසි පිය සැලුවේ ය.

'' බිය නොවී සිටින්න.. අප සොයමු.. කෝ.. මිධුනාථ,.. මෙලෙස නොහැකියි.. නැගීසිටින්න ප්‍රථමයෙන්..... '' සුලෝධජ කලබලයෙන් පැවසුවේ තවමත් කිසිදු බලාපොරොත්තුවක් නොමැති අයෙකු මෙන් සිටි මිධුනාථගේ උරහිසට තට්ටු කරමිනි .

'' අඥාන ස්ලෝ-ධජ , පියාණෙනි- ඊඊඊඊ ....
. මේ.. මෙහි.. මෙහි.....මෙහී-ඊඊඊ... '' විසල් වෙරළු ගස මතින් ඇසුණු හුරුපුරුදු ශබ්දයට සුලෝධජ සේම මිධුනාථ ද තිගැස්සී ගියේ ය. තිගැස්සීම සමගින් ඇතිවූ සහනය ද මිධුනාථ වෙළා ගත්තේ ය. ඔහු ඒ හඩ හැදින්නේ ය. වෙරළු ගසෙහි කොළ අතරින් දිස් වූ කහ පැහැති වස්ත්‍ර කොටස මිධුනාථ ඉක්මනින්ම අසීමිත ලෙස සැනසීමට පත් කළේ ය.

'' ඇති ... අවසානයේ.... ඇසුණා..... '' සීහශාලී ගසෙහි විශාල අත්තක් බදාගෙනම සැනසිල්ලෙන් සුසුමක් හෙළමින් පැවසුවා ය. ඇය කෙතරම් හඩ ගෑව ද සුලෝධජ හෝ මිධුනාථ එය නොඇසීම ඇයව නොරිස්සීමට පත් කර තිබුණි . ඇය තවමත් වෙරළු ගසේ ඉහළම අත්තට වී එය බදාගෙන එහි එල්ලී සිටියා ය. අඥාන ස්ලෝධජ හා සිය පියාණන් තවමත් ප්‍රමාද බැවින් අැය මාළිගය තුළ පෙනේදැයි බැලීමට ගස මතට බඩ ගෑ මුත් ඉන් බිමට බැසීමට අාකාරයක් නොමැතිව ගස මතම එල්ලී සිටියා ය.

''රණ්ඩු වී වැළද ගෙන අවසානයි නම්.. ශාලී පාළට ගත හැකි ද ? '' ඇය අහිංසක විමසුවේ සුලෝධජ හා මිධුනාථ දෙදෙනාම දෙස දෙතොල් උල්කරමින් බලමිනි. සුලෝධජ එවර තමාව ද පසෙකට තල්ලු කර ශාලී සිටි ගස වෙතට දිව ගිය අතර ඇය එවන් උස් ගසකට නැග ගත්තේ කෙලෙස ද යනවග මිධුනාථගේ විශාලතම පැනය විය .

'' අඥාන-ස්ලෝ-ධජ ඌවා වීලා ද ? '' ඇය තමාව පහතට සුලෝධජගේ ගෙලෙහිම එල්ලී විමසුවේ ඔහුගේ දිය පට්ටා මතුව තිබූ දෑත් මෘදුව අල්ලාගනිමිනි .

සුලෝධජ අපහසුවෙන් සිනාසී හිස දෙපසට සලා සීහශාලීගේ අවුල්ව ගිය කැරලි හිස කෙස් සකස් කර ඇයගේ කොපුල හා හිස කිහිපවරක්ම සිපගනු මිධුනාථ බලා සිටියේ ය. සුලෝධජ කිහිපවරක් සීහශාලීගේ හිස සිපගත් අතර ඇය නිරුපද්‍රිතදැයි කිහිප වරක්ම පරීක්ෂා කළේ ය.

මිධුනාථ විශාල සැනසුම් සුසුමක් හෙළමින් , ඔහු පෙර යාචකයෙකු මෙන් අසුන්ගෙන සිටි ස්ථානයෙන් නැගී සිටියේ ය. සීහශාලී නිරුපද්‍රිත වීම ඔහු සැහැල්ලුවට පත් කළ අතර සැහැල්ලුව කෝපයට ඉඩ හැරියේ ය.

'' ශාලී !!!!!!!! මා කොහි ද සිටින ලෙස පැවසුවේ !!! ගස් මත නැගීම භයානකයි කියා නුඹ නොදන්නවාද ? !! තමුන් සැබවින්ම උමතුවෙන් ද !!!! මෙහි ප්‍රහාරයක් , මාළිගය ගිනි ගන්නවා.. ඔබ ඒ සියල්ල අතර ගස් නගිනවා ??? !!!!!! එය ද පැවසුවේ මා !!! රජ කුමරියක් ගස් නගිනවා ද !!!!! ආා ? '' මිධුනාථ දෙවරක් නොසිතාම සුලෝධජ ගේ ගෙලෙහි එල්ලී සිටි සීහශාලී වෙත කඩා පැන්නේ ය .

'' හා හා. මිධුනාථ... '' තමා නැවතත් කෝපයෙන් මුව විවර කිරීමට සැරසෙත්ම සුලෝධජ ඔහුව වැළැක්වූයේ ය. ඔහු සීහශාලී හා සුලෝධජ දෙදෙනාටම රැව්වේ ය. ඔහු පත්ව සිටි තත්වය වටහා ගත හැක්කේ ඔහුට පමණක් විය .

'' මා-මාළිගය පෙනෙනූ ද කියා බැලීමට.. ශාලී නැග්ගේ ඉදින්...... '' ඇය දෙතොල් උල් කරමින් පැවසුවා ය. ඇය තීර්ථ මාළිගය සිහිපත් කිරීමත් සුලෝධජ නැවතත් එදෙසට දෙනෙත් යොමු කරනු මිධුනාථ දුටුවේ ය. ඔහුගේ වගකීම් කෙබදු ලෙස සිතට වද දෙනු ඇත්දැයි මිධුනාථට අනුමාන කළ හැකි විය . ඔහු ක්ෂණිකව මාතෘකාව වෙනස් කළේ ය .

'' මෙහි තවත් රැදී සිටීමට නොහැකියි... '' මිධුනාථ දැඩිව පැවසුවේ ය.

'' භාසු... ධීර.... '' සුලෝධජ තරමක් පැකිළෙමින් විමසුවේ ය. මිධුනාථ නිහඩ විය . භාසුර හෝ ධීර දිවි ගළවාගත්තේ දැයි මිධුනාථ නොදැන සිටියේ ය. නමුත් ඔවුන් හුදෙක් සාමාන්‍ය සටන්කරුවන් නොවී ය. ධීර, භාසු දෙදෙනාම වාගිෂ්ඨ මුනිගේ අවසන් ශිෂ්‍යයන් විය . ඔවුන් සුලෝධජ සේම හැකියාවන්ගෙන් යුතු බැවින් දිවි ගළවා ගන්නට ඇති වග ඔහු විශ්වාස කළේ ය.

'' ඔවුන් දිවි ගළවාගන්නට ඇති.. .. '' මිධුනාථ  කිසිවක් පැවසීමට පෙරම සුලෝධජ තමා වෙතම විශ්වාසයෙන් පවසාගත්තේ සීහශාලී ඔසවා ගනිමිනි .

'' පිටත්වමු.. '' සුලෝධජ ස්ථිර ලෙස පැවසුවේ ය . එය ඔහුගේ අවසන් තීරණය වූ වග මිධුනාථ වටහා ගත්තේ ය. ඔහු තවමත් ධූමයෙන් පිරී ගොසින් තිබූ ගිනිදෙන දැවෙන නිහඩ තීර්ථ මාළිගය වෙත අවසන් වරට දීර්ඝ බැල්මක් හෙළනු මිධුනාථ දුටුවේ ය.

සියල්ල ගින්දර ද සමගින් ඔහුගේ දිවියෙන් ඈත්වන ආකාරය කෙබදු හැගීමක් දැයි මිධුනාථට වටහා ගත හැකි විය. ප්‍රථමයෙන් මෑණියන් හා වාගිෂ්ඨ මුනි ද , අනතුරුව මිගාරද , ඉන්පසුව ඛාදී දේවිය හා භීෂ ද සියලා දෙනා ගින් ජාලා වසාගත්තේ ය . මිධුනාථට ඔහුව මෘදුව සිපගෙන සැනසීමට ඇවැසි වුව ද ශාලී සුලෝධජගේ ගෙලෙහි එල්ලී සිටියා ය. ඇය සුලෝධජට ද වඩා කම්පනයෙන් වග දුටු මිධුනාථ සිය අදහස මදකට කල් දැමුවේ ය.

වනය ඔස්සේ නිශ්චිත ගමන් මාර්ගයක් නොවූ අතර මිධුනාථ සිතින් නුරු පුර වෙත දිශාවන් අනුමාන කළේ ය. නුරු පුර මේ මොහොතේ වනය හරහා ආරක්ෂාකාරීවම ළගා විය හැකි එකම නගරය විය . සුග්‍රීව ඇතුළු අන් අය සමීපයට යාමට ඔවුන්ට හැකි වූයේ නම් ඔවුන් වඩාත් ආරක්ෂිත වූ මුත් අනෙක් පස පිහිටි පුලතිශ්‍ය පුර වෙත යාම වඩාත් අවදානම් සහගත විය .

තීර්ථ මාළිගයට පහර දුන්නේ අසුර අසිපත් දරන්නා නම් , ඔහුගේ ප්‍රහාරයට නිසැක හේතුව තමා වග මිධුනාථගේ සිතට වදදුන් කරුණක් විය . නිමක් නොමැතිව ඔවුන් තවමත් සක්වල චක්‍රය පසුපස ලුහුබැදීමට හේතුව මිධුනාථ නොදැන සිටියේ ය. සුලෝධජගේ ද අරමුණ සක්වල චක්‍රය වග මිධුනාථ දැන සිටිය ද , ඔවුන් සක්වල චක්‍රයෙන් මෙතරම් සොයන්නේ කුමක්දැයි මිධුනාථ නොදත්තේ ය.
නිසැකවම බලය දැරිය හැකි නිර්මිත පළදනාව තිබෙන ස්ථානය ද , සක්වල චක්‍රය විවර කිරීමට ද , දැන සිටියේ තමා පමණක් විය .

මුද්‍රාව මෙයට සත් වසරකට පෙර බිදී ගිය බැවින් සක්වල චක්‍රයට ඇති එකම ආරක්ෂාව තමා එය විවර නොකරන තෙක් පමණක් වග මිධුනාථ දැන සිටියේ ය. මුද්‍රාව බිදී යාමේදී තමා සක්වල චක්‍රය විවර නොකළ බැවින් , මෙවර වැරදීමකින් හෝ තමාට චක්‍රය විවර කිරීමට සිදු වුව හොත් සියලු ශක්තීන් හා තමාට පැවරෙන වග මිධුනාථ දැන සිටියේ ය. සක්වල චක්‍රයේ ශක්තිය කෙතරම් දැන් මිධුනාථට අනුමාන කළ හෝ නොහැකි විය . තමා ධාරිතාව ඉක්මවා ගියගොත් සිය මනෝකාය හා සිරුර අතර බන්දනය ද බිදී යනු ඇති වග පමණක් මිධුනාථ දැනුවත් විය .

සක්වල චක්‍රයෙහි පාලනය වැරදි අතකට නතු වුවහොත් සමස්ත රත්නද්වීපයේම අවසානය වග මිධුනාථ දැන සිටියේ ය. සුලෝධජට අවැසි වන්නේ එය සියතට ගනිමින් , එය වැරදි පුද්ගලයෙකු අතට යාම වැළැක්වීම මගින් දේශය ආරක්ෂා කිරීම වග මිධුනාථ දැන සිටියේ ය. නමුත් සක්වල චක්‍රය විවර කිරීමෙන් කුමන ආකාරයේ පසු ප්‍රතිඵල අැති වේදැයි මිධුනාථට අනුමාන කළ හෝ නොහැකි විය . නාග මාණික්‍ය සොයා තුඹසට අත පෙවීමට වඩා තුඹසින් ඈත්ව සිටීමට මිධුනාථ තීරණයේ කළේ එබැවිනි .

ඔවුන් හෝරාවක් පමණ වනය තුළට ගමන් කළ ද මිනිසුන් ගමන් කළ මාර්ගයක් සොයා ගැනීමට මිධුනාථට නොහැකි විය . සුලෝධජ සීහශාලීව මදකට බිමින් තබනු දුටු මිධුනාථ ද
නැවතුණේ ය.

සුලෝධජ සීහශාලීගේ අපිළිවෙල කැරලි කෙස් ඉහළට කර බැද දමා පොළොවෙහි වූ මඩ ද එක් රැස් කරනු මිධුනාථ බලා සිටියේ ය.

'' කෝම්පිට්ටු හදනවා ද  ? '' සීහශාලී උද්යෝගයෙන් විමසුවේ සුලෝධජ දෙස බලමිනි .

සුලෝධජ ඇයගේ මුහුණෙහි හා අතපයෙහි මඩ තවරනු මිධුනාථ නොරිස්සීමෙන් එහෙත් නිහඩවම බලා සිටියේ ය. සුලෝධජගේ අල්ලෙහි වූ පිළිස්සුම් තුවාල හා බාහුවෙහි වූ දිය පට්ටා දෙස ද ඔහුගේ දෑස් නොනවත්වා යොමු වුව ද මේ මොහොතේ කිසිදු ප්‍රතිකාරයක් මිධුනාථ සතුව නොවීම ඔහුව තවත් නොරිස්සීමට පත් කළේ ය.

ඔහු තමා වටා වූ කුඩා පැළෑටි වෙත අවධානය යොමු කළේ ය. ඔහුගේ දෑස් කුමක් හෝ ඖෂධ ලෙස ගැනීමට හැකි පැළෑටියක් සෙවූව ද පයට පෑගි පොඩිව ගිය කහඹිලියා විනා කිසිවක් එහි නොවී ය. ඔහු ප්‍රථමයෙන් කහඹිලියා වුව ද ආලේප කිරීමට සිතුව ද පසුව එහි පසු ප්‍රතිඵල හදිසියේම සිහිපත් වීමෙන් එය අතහැර දැමුවේ ය.

'' ශාලීට පි-පාසයි.. ''සීහශාලී මුමුණනු මිධුනාථට ඇසුණි .

'' මදක් ඉවසන්න ශාලී ?ම්ම් ? '' සුලෝධජ ඇයව මඩින් නහවා අවසානයේ පැවසුවේ ය . එවර ශාලී කිසිවක් නොපවසා හිස සැලුවා ය. සුලෝධජගේ පිළිස්සුම් තුවාල මත ද මඩ තැවරී තිබුණ ද ඔහු ඒ පිළිබදව ද තැකීමක් නොකළ වග දුටු මිධුනාථ එවර කෝපයෙන් ඔහුගේ හස්තයෙන් අල්ලා ඔහුව වැළැක්වූවේ ය.

ඔහු දෙවරක් නොසිතා සිය උඩු සළුව ඉවත් කර දමා එය දෙකඩ කළේ ය. ඔහු තමා දෙස බලා සිටි සුලෝධජ දෙස බලා රවා ඔහුගේ දෑත්ම රෙදි කඩින් වෙළෙන පරිදි තද නොවන සේ ආවරණය කළේ ය. තමා සතුව තිබූ සිය අසිපත හා සුලෝධජගේ අසිපත සුලෝධජ අසල බිමට අතහැර දැමූ මිධුනාථ සීහශාලී ඔසවා ගත්තේ ය. අනතුරුව නැවතත් පහත් වී සිය අසිපත සුරතට ගත්තේ සුලෝධජ වෙත රවමිනි.

'' මට රවන්නේ ???? ! මා කුමක් ද සිදු කළේ ? '' සුලෝධජ දෙතොල් උල් කරමින් විමසුවේ ය. ඔහු අසිපත ද සුරතට ගනිමින් තමා ආ සීහශාලී පසුපස පැමිණෙන වග මිධුනාථ දැන සිටියේ ය.

'' මදක් ඉවසන්න අප නුරු පුර වෙත යනතුරු  '' මිධුනාථ සීහශාලී වෙත පැවසු අතර ඇය ඉක්මනින්ම හිස සැලුවා ය.

'' නූ -රු පුර ජලය තිබෙන ස්ථානයක් ද ? '' සීහශාලී විමසුවා ය. මිධුනාථ එවර ද සුලෝධජ දෙස රවා බැලුවේ ය. සීහශාලී නුරුපුර කොහි ද යනවගවත් නොදැන සිටීම පැහැදිලිව සුලෝධජගේ වරද විය .

'' එය නගරයක්.. '' සිය රැවීම දුටු සුලෝධජ සීහශාලී වෙත පැවසුවේ ය.

'' නගරයක් කිව්වේ ? '' ඇය පෙරට ද වඩා කුතුහලයෙන් විමසුවේ ය. මිධුනාථ එවරද සුලෝධජ වෙත දැඩි බැල්මක් හෙළුවේ ය.

'' නගරයක් යනු කුමක් ද පවසන්නකෝ පියාණෙනි.. '' එවර සුලෝධජ පිළිතුරු නොදී නිහඩවීම නිසා සීහශාලී මිධුනාථගෙන් විමසුවා ය .

'' නගරයක් යනු නගරයක් මිස අන් කුමක් ද? '' මිධුනාථ නොරිස්සීමෙන් නාසය පුම්බමින් විමසුවේ ය. සැබවින්ම නගරයක් නිර්වචනය කිරීමට මිධුනාථ සතුව වදන් නොවී ය.

'' නගරයක් යනු නගරයක්... නමුත් නගරයක් යනු නගරයක් යන්නෙහි අරුත කුමක් ද ? '' සීහශාලි කුතුහලයෙන් විමසුවා ය. තව මද වෙලාවකින් තමා නගරය යන වදන සිය සමස්ත ශබ්ද කෝෂයෙන්ම ඉවත්කර දැමීමට ඉඩ ඇති ඇති බව මිධුනාථ දැනුවත් විය.

'' නගරයක් යනු මිනිසුන් එක්වන තැනක්... අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට , ගනු දෙනු කිරීමට.... '' සුලෝධජ සරලව පැහැදිලි කළේ ය.

'' ජලය තිබේ ද ? '' සීහශාලී සිය වැදගත් ම පැනය ඉදිරිපත් කළා ය. සුලෝධජ සිනාසී හිස සලනු මිධුනාථ දුටුවේ ය. සීහශාලී නැවතත් නිහඩ විය . එවර සුලෝධජ ද නිහඩ වනු මිධුනාථ දුටුවේ ය. ඔවුන් නුරුපුර තෙක්ම පැමිණෙන තුරුම ඔහු හෝ සීහශාලී වදනකුදු නොපැවසීම මිධුනාථ නොරිස්සීමට පත් කළේ ය. නමුත් ඔහු ද නිහඩවම ගමන් කළේ ය.

නුරුපුර සීමාවට ඇතුළු වීමට පෙර මිධුනාථ , සුලෝධජගේ හිස පළදනාව ගලවා දමා ඔහුගේ කෙස් වැටිය අපිළිවෙල ලෙස මුහුණට ඇද දැමුවේ ය. සීහශාලීට අනුව එවිට සුලෝධජ මාර්ගය දිස් නොවීමෙන් ඇද වැටීමට වුව හැකි වුව ද මිධුනාථ එය මදකුදු නොතැකුවේ ය. තමා විසින්ම ඔහුගේ ආභරණ ඉවත් කර සරලව සකසන තෙක් සුලෝධජ කුඩා දරුවෙකු සේ බලා සිටියේ ය. 

සීහශාලී පිපාසයෙන් ජලය පානය කර අවසන් කර ඇයගේ මඩ තැවරූ මුහුණ ද සෝදාගැනීමට ද  ගිය මුත් මිධුනාථ ඇයව වැළැක්වූයේ ය. ඇය දෙතොල් උල් කරමින් නිහඩව කීකරු වූ විය .

සුලෝධජ තවමත් චංචල ජලයෙන් පෙනෙන සිය ප්‍රතිබිම්බය දෙස බලාගෙන දැඩි කල්පනාවක වග මිධුනාථ නිරීක්ෂණය කළේ ය. ඔහු ශිලා බැම්ම මත අසුන්ගෙන සිටියේ ය. ඔහු පමණක් නොව සීහශාලී පවා අසාමාන්‍ය ලෙස නිහඩ වග මිධුනාථ නිරීක්ෂණය කළේ ය . තීර්ථ මාළිගයේ දැවීම ඔවුන් දෙදෙනාටම තරමක කම්පනයක් වග මිධුනාථ අනුමාන කළේ ය.

'' ඔබට කතාවක් පවසන්න ද ? '' මිධුනාථ සීහශාලී දෙස හැරෙමින්  හදිසියේම විමසුවේ ය. සිය පැනය සවන් වැකී සුලෝධජ තමා වෙත විශ්වාස කළ නොහැකි බැල්මක් හෙළුව ද මිධුනාථ එය නොතැකුවේ ය.

'' කතා ? හී,. පවසන්න පියාණෙනී,.. ඌවූ,. '' සීහශාලී උනන්දුවෙන් පැවසුවා ය. මිධුනාථ සීහශාලී ඔසවාගෙන නැගී සිටියේ නැවතත් ගමන් අරඹමිනි . සුලෝධජ ද එනතුරු මදක් නැවතුණු ඔහු නුරුපුර ගුරු පාර ඔස්සේ ඇවිද ගියේ ය. සුලෝධජ ද එවර දෑත් බැදගෙන සිය අසිපත ද සුරතෙහි තබාගෙන මිධුනාථ අසළට ඇවිද ආවේ ය .

'' ඔන්න යම් කලෙක රජෙකු සිටියා. '' මිධුනාථ ආරම්භ කළේ ය. සුලෝධජ ද සිය කතාවට දෙසවන් යොමු කරනු දුටු මිධුනාථ සියලු ධෛර්යය එකතු කර නැවතත් මුව විවර කිරීමට සැරසෙත්ම සීහශාලී ඔහුට බාධා කළා ය.

'' ආහ් මදක් සිටින්න... '' එවර මිධුනාථ සීහශාලී දෙස නොරිස්සුම් සහගත බැල්මක් හෙළුවේ ය.

'' පියාණන් , පැවසීමට යන්නේ උච්චච්ච ඉස්ගෙඩියාගෙයි අඥාන අග්නිගෙයි කතාව නම් ..........පවසන්න එපා.. සීහශාලීට එය කටපාඩම් වී එපා වනතුරුම අසායි තිබෙන්නේ... '' සීහශාලී මුහුණ ද ඇඹුල් කරමින් පැවසුවා ය.

මිධුනාථ ක්ෂණිකව සිය දෑස් සුලෝධජ වෙත යොමු කළ ද ඔහු කිසිවක් නොඇසුණා සේ ඉක්මනින් අනෙක් පස වූ වෙළෙද සලක් වෙත අවධානය යොමු කරනු මිධුනාථ දුටුවේ ය. ඔහු අවිනිශ්චිතව හිස කැසූ ආකාරයෙන් ඔහු ලැජ්ජාවට පත් වූ වග මිධුනාථ වටහා ගත්තේ ය.

'' මා එය දන්නේ නැහැ.. '' මිධුනාථ සිය සිනහව සගවා ගනිමින් සීහශාලී වෙත පැවසුවේ ය .

'' ඔබ දන්නේ නැහැ ??? අම්මූ.. අඥාන ස්ලෝ-ධජ දන්නා එකම කතාව ඒ... සීහශාලී සෑම දිනකම පවසනවා ඔහුට වෙනත් කතාවක් පවසන ලෙස.. අඥාන ස්ලො-ධජ සෑමදාම එය පමණයි.. හුම්හ්. '' සීහශාලී පැමිණිලි කළා ය.

'' ශාලී ! මුසා පවසන්න එපා. !!!! '' එවර පසෙක සිටි සුලෝධජ සීහශාලීට කෑගැසුවේ ය.

'' හෑ හෑ හැ,. අඥාන ස්ලෝ-ධජ.. ශාලී මුසා ද පවසන්නේ ? '' ඇය සුලෝධජ වෙත දිව අදිමින් පැවසුවේ මිධුනාථ සමීපයේ ගුලිවෙමිනි .

'' මා ඔබට එය පවසන්න ද පියාණෙනි ? '' ශාලී ඉදිරිපත් විය . මිධුනාථ ප්‍රථම වතාවට යමකට දැඩි උද්යෝගයෙන් හිස සැලුවේ ය. සීහශාලී පවසන අඥාන අග්නි , සහ උද්ධච්ච ඉස්ගෙඩියා තමා දන්නා දෙදෙනා වග මිධුනාථට නිසැක වුවද ඔහුට එය තහවුරු කරගැනීමට ඇවිසි විය .

'' ශාලී !! '' සුලෝධජ අනතුරු ඇගවූයේ ය. නමුත් එය සීහශාලීට ඇසුණු වගක් හෝ මිධුනාථට නොපෙනුණි .

'' උන්න.. අග්නිඊ කියලා ස්ත්තාල සේවකයෙකු සිටියාලු... '' සීහශාලී ආරම්භ කළා ය.

'' සීහශාලී !!! '' සුලෝධජ නොරිස්සීමෙන් නැවතත් නැවතත් බාධා කළේ ය.

'' ඉදින් ? '' මිධුනාථ උද්යෝගයෙන් විමසුවේ සුලෝධජගේ බාධාව සීහශාලී සේම සම්පූර්ණයෙන්ම මගහරිමිනි .

'' ඉදින් උච්චච්ච ඉස්ගෙඩියෙක් සිටියාලු ඒ කාලේ.. ඒ උච්චච්ච ඉස්ගෙඩියා ඇඹුල් දොඩම් දී අහිංසක අග්නිව රවටා ගැනීමට උත්සහ කළේලු... . '' සීහශාලී කටපාඩමින් පැවසුවා ය. එවර මිධුනාථ සිය එක් ඇහි බැමක් ඉහළ යවා වික්ෂිප්තව නාසය ද රතු කරගෙන බලා සිටි සුලෝධජ දෙස දෑස් සිහින් කර බැල්මක් හෙළුවේ ය.

'' චහ් .. ඉදින් ? '' ඔහු උපහාසය ගැබ්වුන හඩින් සුලෝධජ දෙස නෙත් යොමාගෙනම සීහශාලීගෙන් විමසුවේ ය.

'' මේ කියන අග්නි අඥානලු.. ඉදින් ඔහු ඇඹුල් දොඩම් උගුලට හසුවූවාලු.. '' සීහශාලී රසකරමින් පැවසී ය.

'' සීහශාලී !!! නවත්වනවා එය !!! '' සුලෝධජ නැවතත් නොරිස්සීමෙන් පැවසුවේ ය.

'' බ්ලෑ බ්ලෑ බ්ලෑ,.... මා පෙර පැවසූ විට ඔබ නවත්වා නැහැනේ... හුම්හ්... අඥ්න ස්ලෝ-ධජ අද කිම ද නැවැත්වීමට පවසන්නේ ? හෑ හෑ හෑ.. සීහශාලී දිගටම පවසනවා.. '' ඇය සුලෝධජ වෙත දිව අදිමින් පැවසුවා ය.

'' උච්චච්ච ඉස්ගෙඩියා, දුම් දමන පැතලි වළදක් වගේ මුහුණක් තිබුණ කැතම කැත විරූපි රාක්ෂයෙක්ලු.. '' එවර සීහශාලීගේ වදන්වලට මිධුනාථ කම්පනයට පත් විය . ඔහු සුලෝධජ දෙස රෞද්‍ර ලෙස රවා බැලුවේ ඔහු සිය දෑස් මගහරිමින් අනෙක් පස බලාගනිද්දී යි. සිය කඩවසම් මුහුණට සුලෝධජ එලෙස පැවසීම මිධුනාථගේ මුහුණෙහි තමා පිළිබදවම උපහාසාත්මක සිනහාවක් ඇති කළේ ය.

'' අඥාන අග්නිගේ කඩවසම් මුහුණට මේ උච්චච්ච ඉස්ගෙඩියා ඊර්ෂියා කළේලු... . '' සීහශාලී පැවසුවා ය.

'' සීහශාලී මුසා පවසන්න එපා.. '' එවර ද සුලෝධජ මැදින් පැන්නේ ය.

'' ශාලී මුසා පවසන්නේ නැහැ.. '' ඇය නොරිස්සීමෙන් සුලෝධජ වෙත පැවසුවා ය.

'' ඉදින් , මේ උච්චච්ච ඉස්ගෙඩියා , අඥාන අග්නිගේ කඩවසම් මුහුණෙහි වල ගැහෙන කම්මුල සොරා ගැනීමට සැලසුම් කළේලු....''

'' සීහශාලි.. මෙහේ එනවා.. '' එවර සුලෝධජ සීහශාලී සිය දෑතට ගැනීමට තැත් කරමින් පැවසුවේ ය.

මිධුනාථ සුලෝධජ දෙස උපහාසාත්මක සිනහාවක් හෙළා සීහශාලීව අනෙක් පසට කර ඇයව සිය වම් පස කර මතට ගත්තේ ය . සීහශාලී ද දිව අදිමින් සුලෝධජ තවත් අවුස්සනු ද සුලෝධජ ද කුඩා දරුවෙකු මෙන් සිර ගෙලෙහි එල්ලී සිටී සීහශාලී අල්ලා ගැනීමට වෙර දරනු ද මිධුනාථ බලා සිටියේ ය.

'' ඉන්පසු... උච්චච්ච ඉස්ගෙඩියා එහි සෙවල සහිත කුණූ ගෙල ගා... බලෙන් උදුරාගත්තාලු..'' සීහශාලී පැවසුවේ තමාව සුලෝධජව මගහරිමිනි.

'' ආ...ආ ආ...  ශාලි-ඊඊඊඊඊ '' සුලෝධජ අවසානයේ සිය උත්සහය අතහැර දමා මුහුණ ද ඇඹුල් කරගනිමින් කෑගැසුවේ ය.

'' හොදම කොටස.. '' සීහශාලී ආරම්භ කළේ ය.

'' නැහ්.. නැහ්.. ශාලී.... එපා..!!!!. මෙහේ එනවා. කෝ.. එන්න මා ඔබව ඔසවා ගන්නම්... '' සුලෝධජ පැවසුවේ මිධුනාථගේ හස්තයේ සිටි ශාලීව ඔසවා ගැනීමට තැත් කරමිනි.

මිධුනාථ සීහශාලීව සුලෝධජට අල්ලා ගත නොහැකි පරිදි ඇයව එහා මෙහාට කරමින් සුලෝධජ තවත් ඇවිස්සුවේ ය. ඔහු තමා දෙස බැලීමට හෝ නොහැකි තරම් ලැජ්ජාවෙන් බව මිධුනාථට සිතාගත හැකි විය .

සුලෝධජ ජම්බු ගෙඩියක් සේ නාසය රතු කරගෙන සිටියේ ය. ඔහු පැහැදිලිවම සිය දෑස් මගහැරි වග මිධුනාථ දුටුවේ ය. සීහශාලී සුරතල් ලෙස නැවතත් දිව ඇදි අතර සුලෝධජ ද ඇයට නොදෙවෙනි කුඩා දරුවෙකු ලෙස ඇය අල්ලා ගැනීමට තැත් කරන ආකාරය මිධුනාථ දිලිසෙන දෑසින් බලා සිටියේ ය.

'' හෑ හෑ හෑ.. '' සීහශාලී තවමත් නවත්වා නැත. එවර ද සුලෝධජ වලස් පැටවෙකු සේ සීහශාලී පසු පස පැන්නේ ය. තමා සිටින අවස්ථාවල මෙසේ නම් මේ දෙදෙනා තනිව සිටින අවස්ථාවල කෙතරම් සිගිති ලෙස හැසිරෙනු ඇත්දැයි මිධුනාථට අනුමාන කළ හෝ නොහැකි මට්ටමින් ඔබ්බට විය .

මිධුනාථ නැවතත් සීහශාලී බේරිමට ඇයව පසෙකට කිරීමට ගොස් අසළ තිබූ කූඩයක ද ගැටුණි . එවර ඔහු තරමක් කලබල වූ අතර කූඩය හිමි තරුණිය වෙත ඉක්මනින් සමාව ගනිමින් ආචාර කළේ ය. ඇය කිසිවක් නොපවසා නිහඩව එහි වූ පලා සහ කුඩා අනෙකුත් දේ ඇහිද ගත්තා ය. සුලෝධජ ද  ඉක්මනින් පහත්ව ඇයට එහි වූ සියලු දේ ඇහිදා ගැනීමට උපකාර කළේ ය. මහ මග ක්‍රීඩා කිරීම පැහැදිලිවම ඔවුන්ගේ වරද විය.

'' ස්තූතියි.. '' ඇය සුලෝධජ දෙස නොබලාම පැවසුවා ය. ඇය කූඩය ඇහිදා ගැනීමෙන් පසු නැගී සිටිනු ද ඇයගේ අදුරු පැහැ පටලයක් බැදී ඇති මෙන් පෙනුණු දෙනෙත් තමා දෙසට යොමු වනු ද මිධුනාථ දුටුවේ ය.

'' මිධුනාථ කුමරුනි !!!? ''

.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

A.N _

* ශාලී කොහේ ද කියලා හරියටම ගෙස් කරපු අය ඉදියානේ.. සැක්.. මම හිතුවේ නෑ ඒක තේරේවි කියලා.. හුම්හ්. කමල්ලෑ .. සැක්.. මේක ගෙස් ලෝකයක්.

* කව් ද මේ තරුණිය ?

දල්ලෑ බලමු..

Continue Reading

You'll Also Like

47.8K 5.4K 83
"မှားယွင်းသော လက်ထပ်ခြင်းမှသည်..... ကောင်းမွန်သော အိမ်ထောင်သည်ဘဝဆီသို့...(၂)" MM Translation (Just for fun) Chapter 41 in complete "မွားယြင္းေသာ လက္ထ...
674 75 5
" මගෙ වස්තුව , ආයෙ පාර වරදින එකක් නැහැ... "
9.3K 1.1K 17
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර...
11.7K 1.9K 39
මේ යනු..නුවර වැස්සේ තෙමුණු, කොළඹ පහන් එළි වලින් නැහැවුණු, පොත් සුවඳ අතරින් ගලා හැලෙන ඔවුන්ගේ ආදරයයි.... Started: 11/03/2024 කිසිම පාසලක් හෝ සත්‍ය සිද...