REBORN 🚫 (By Sash) [ Comple...

By ___Sash___

35.7K 6.4K 1.3K

ළමා වියේ ප්‍රේමය නිසා පියා අහිමි වූ තරුණයෙක්, වරදවා වටහාගැනීම් හේතුවෙන් පීඩා විඳි තරුණියක්, නොලැබුණු ආදරය වෙන... More

Introduction
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 13 🔞
Chapter 14 🔞
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18 🔞
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
chapter 29
chapter 30
නිහඩ ආදරවන්තයා.

Chapter 12

985 197 53
By ___Sash___

Sara's poov :

Namjoon oppa ගෙ driver මාව ගෙදරින් drop කලාට පස්සෙ මං ගෙදර ඇතුලට ගියේ ගොඩාක් බයෙන්. මම ඇතුලට යනකොට වීදුරු කෑලි හැම තැනම විසිරිලා තිබ්බා. මුලු සාලෙම අනිත් පැත්ත ගහල වගේ. Tae ගෙ phone එකත් කෑලි වලට කුඩු වෙලා බිම වැටිල තියනව මම දැක්කා..මම තව ටිකක් ඉස්සරහට යනකොට ටේ sofa එක ළඟ බිම වැටිලා හිටියා. මම ඉක්මනට එයාගෙ ළඟට දුවලා ගියා.

"ට්.ටේ.... ටේ... නැගිටින්න.. ඔයා හොදින් නේද .. ටේ...."

හිමින් හිමින් ඇස් දෙක ඇරපු ටේ එකපාරටම මාව බදාගත්තා..

"ඔයා.. ආවද .. දන්නවද මම කොච්චර බය උනාද කියලා ආ... කොහෙද හිටියේ "

එයා මාව තදින්ම බදාගත්තා. කොච්චර තදින්ද කියනව නම් මට හුස්ම ගන්නත් අමාරු තරමට. ඒත් එක්කම මට දැනුනා එයා අඩනව කියලා.. එයා තාමත් ඉන්නෙ මත් ගතියෙන් රෑ එළි වෙනකන්ම එයා drinks අරගෙන. සෝජු ඉවර උනාට පස්සෙ එයා ගෙදර තිබ්බ අනිත් drinks වර්ගත් use කරලා..

" ආ.. ට්..ටේ.. මොකද මේ.. ඔයා එළි වෙනකන්ම drinks අරගත්තද. මට හුස්ම ගන්න අමාරුයි ටේ.. අතාරින්න..."

එකපාරටම ටේ මාව අතෑරලා මාව kiss කරන්න ගත්තා.. ඒත් එක්කම මාව ගල් ගැහුනා. මගේ තොල් මාරුවෙන් මාරුවට තෙත් කරන ගමන් එයාගෙ ඇගිලි මගේ පිට දිගේ යනවා මට දැනුනා.. තව තවත් ටේ මාව එයාගෙ ළඟට ඇදල ගන්නකොට මට හුස්ම ගන්න අමාරුයි කියලා මට තේරුනා.. ඒත් එක්කම මම එයාව මගෙන් ඈත් කරන්න හැදුවත් එයා තව ටිකක් මාව ළඟට ගත්තා.. මගේ තොල් අතෑරපු ටේ ඊළඟට එයාගෙ දත් වලින් මගේ බෙල්ල හපන්න ගත්තා... එයාව පාලනයෙන් මිදිනවා කියලා මට තේරුනත් එක්කම මම එයාව මගෙන් ඈත් කලා..

"ටේ... මොකද මේ...."

එයා මට කෑගහවි කියලා හිතුවත් ඒ ඇස් දෙක දැක්කම මට මහ අමුත්තක් දැනුනා.. හරියට නිකං පොඩි ළමයෙක්ගෙ වගේ.. හරිම අහින්සක විදියට ඒ ඇස් වලින් මගේ දිහා බලනකොට මට හිතාගන්න බැරි වුණා මේ ඉන්නෙ මම දන්න ටේ මද කියලා. ඊයෙ මුළු රෑම අඩලා ඒ ඇස් රතු වෙලයි තිබ්බෙ.. කදුලු පිරුනු ඇස් දෙකෙන් ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටපු ටේ ආයෙමත් සැරයක් මාව බදාගෙන අඩන්න ගත්තා...

"ට්..ටේ... ඔයා හොදින් නේද .. ඇයි මේ අඩන්නෙ.."

කිසිම දෙයක් නොකිව්ව ටේ සාරගෙ පපුවට තුරුල් වෙලා ගොඩාක් වෙලා ඇඩුවා... හැමදාම ටේ සාරට එයාගෙ නරකම පැත්ත පෙන්නුවත් අද සාරා එයාගෙ වෙනස්ම පැත්තක් දැක්කා.. ටේ කියන්නෙ හරිම නරක කෙනෙක් කියලා එයාට පෙන්නන්න හැදුවත් එයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා සාරට තේරුනා...

ටිකක් වෙලා යනකොට ටේට සාරගෙ තුරුලෙ ඉදිද්දීම නින්ද ගියා... හිමීට ටේව එයාගෙන් අයින් කරපු සාරා එයාව sofa එකේ හාන්සි කෙරෙව්වා....

ටිකක් වෙලා යනකන් සාරා ටේගෙ මූන දිහා බලාගෙන හිටියා.. ටේගෙ මේ පැත්තට සාරා ආස කලා...

"ඔයාට මෙහෙම උනේ මම නිසයි ටේ... මට සමාවෙන්න .. ඔයාට සිද්ධ උන හැම නරක දේකටම වග කියන්න ඕන මේ මමයි.. අද මේ විදියට ඔයා වැටිලා ඉන්නෙ මම නිසයි ... ඔයාට කැමති විදියකට මට සලකන්න පුළුවන් ටේ.. මම තරහ නැහැ.... ඒත් මම පොරොන්දු වෙනවා මේ හැම දෙයක්ම හරිගස්සනව කියලා "

එහෙම කියලා සාරා බිම තිබ්බ වීදුරු කටු ටිකත් අස් කරලා දාලා මුලු සාලෙම තිබ්බ විදියටම අස් කලා.. ඊට පස්සෙ wash එකකුත් දාගෙන ඇවිල්ලා දවල්ට කන්න කෑම හදන්න ගත්තා...

Time skipped

Sofa එකේ නිදාගෙන හිටපු ටේ අවදි උනේ ලොකු හිසේ කැක්කුමක් එක්ක..

"ආ... මගෙ ඔලුව පැලෙන්න එනවා..."

"ටේ... ඔයා නැගිට්ටද... මට සමාවෙන්න ටේ ඇත්තටම ඊයෙ රෑ මට ලොකු කරදරයක් උනා.. මං බාර් එකට ගිය වෙලාවෙ.."

" නවත්තගන්නව ඕක. මට මුකුත් අහන්න ඕන නැහැ.. ආ... මගෙ ඔලුව...."

" ආ.. හරි ..ඔයා wash එකක් දාගෙන එන්නකො මම කෑම ලෑස්ති කරලා තියෙන්නේ. ඊට පස්සෙ ඔයාට මම ඔලුවෙ කැක්කුමට බොන්න බෙහෙත් දෙන්නම්. හිස් බඩට බෙහෙත් බොන්න හොඳ නෑ නේ "

ටේ මුකුත් නොකියම එතනින් නැගිටලා washroom එකට ගියා ..

ටේ කෑම කෑවට පස්සෙ සාරා එයාට බොන්න බෙහෙත් දුන්නා...

📞📞📞📞📞

" Hello, jimin ආ කියපන්.. කොහෙද .. මේ දැන් .. හරි උඹ ඔතනම ඉදපන්කො.. ඕකට මේ පාර බේරෙන්න වෙන්නෙ නෑ ... මං දැන්ම එනවා.."

ජිමින්ගෙන් ආව call එක නිසා ටේ කලබලෙන් වගේ car එකේ key එකත් අරගෙන එළියට ගියා..

ඒත් එක්කම මට සාශගෙන් call එකක් ආවා...

" යා... සාරා.... මොන ලෝකෙද තමුසෙ හිටියේ ආ.. ඇයි call answer කරන්නෙ නැත්තෙ. අද college ආවෙත් නෑ ..මොකද උනේ.. අර බකමූනා තමුසෙට මොනාහරි කිව්වද .. ගැහුවද.. බැන්නද... මොනාහරි උනා නම් කට ඇරලා කියනව මනුස්සයෝ... "

" අයියෝ.... මුකුත් උනේ නෑ දෙයියනේ .. මෙයා හොඳටම බය වෙලානෙ අයියෝ... මේ අහන්නකෝ මං චුට්ටක් අසනීපෙන් හිටියේ phone එකෙත් battery low වෙලා off වෙලා තිබ්බා ඒකයි. ඔයාට මං හවස් වෙලා call එකක් ගන්න හිටියෙ . කොහෙද මෙයා ඊට කලින් මට ගත්තනෙ.."

පැයකටත් වැඩිය අපි දෙන්නම කතා කලා.. මං call එක cut කලේ හෙට අනිවාර්යයෙන්ම college එනවා කියලා එයාට පොරොන්දු වෙලා..

රෑට කෑමත් හදලා මම බලාගෙන හිටියේ Tae එනකන්...

Time skipped

ටේ එනකන් කෑම කෑවෙත් නැතුව sofa එකට වෙලා මම ටිකක් හාන්සි වෙලයි හිටියෙ. දන්නෙම නැතුව මට නින්ද ගිහින්. මට අවදි උනේ ටේ ගෙ සපත්තු දෙකේ අඩි සද්දෙට..

" ආ.. ටේ.. ඔයා ආවද.. වෙලාව රෑ 1.30ත් පහු වෙලා.. අද office එකේ ගොඩාක් වැඩ තිබුනද.. එන්න අපි කෑම කමු මම ඉක්මනට කෑම ටික රත් කරලා දෙන්නම්.."

ටේ හිටියෙ හරිම තෙහෙට්ටුවෙන්. ඒ නිසා මුකුත් නොකියාම ඉක්මනට wash එකක් දාගෙන ආපු එයා කෑමත් ඔක්කොම කාලා නිදාගන්න ගියා...

Next day :

වෙනදට වඩා වේලාසනින් නැගිටපු මම උදේට කන්න කෑම ලෑස්ති කලේ මට college යන්න කලින් namjoon oppa ගෙ ගෙදර යන්න ඕන උන නිසා... එහෙම තනියම පිරිමි කෙනෙක් ඉන්න ගෙදරකට යන එක එච්චර සුදුසු නොවුනත් මට එයාව බලන්නම ඕන උනා. මොකද එයාට එහෙම දෙයක් උනේ මම නිසා...

යන්න කලින් මම ටේ ගෙ room එකට එබිලා බැලුවා.. එයා හොඳටම නිදාගෙන හිටපු නිසා මම සද්ද නොකරම room එකේ දොරත් වහලා එළියට ආවා...

"මට නම්ජූන් ඔප්පා කිව්ව විදියට මේක තමයි එයාගෙ ගෙදර ... බලමු watchman ගෙන් අහලා..."

" Excuse me ... මේක Mr. Namjoon ගෙ ගෙදර නේද .. මට එයාව meet වෙන්න ඕන.. ඔයා කියන්නකො සාරා කියලා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා "

" ඔව් මිස්. හරි ඉන්න මං කියන්නම්"

" හරි මිස් ඔයාට ඇතුලට යන්න පුළුවන් "

" වා...... මේක හරිම ලොකු තැනක් නේ... "

" ඔයා ආවද..."

මම ගෙදර ඇතුලට ගියත් එක්කම මට නම්ජූන්ගෙ කටහඬ ඇහුනා. දෙයියනේ ... මෙයා top එකට මුකුත් ඇදල නෑ නේද .. එයාගෙ අත bandage කරලා තිබ්බ නිසා එයාට ඇදුම් අදින්න ගියාම කරදර ඇති. එයා දිහා බලාගෙන ඉන්න මට ලැජ්ජ හිතුන නිසා මම එකපාරටම අහක බලාගත්තා...

" ඕහ්... මිස්ටර් නම්ජූන්... ඔයා ඔහොම ඉන්නකොට මම කොහොමද ඔයා එක්ක කතා කරන්නෙ..."

" ඇයි ඒ.. මං ඇදුම් ඇදගෙන නෙ ඉන්නෙ ..."

"එහෙම නෙවෙයි මං කියන්නෙ... ඔ..ඔයාට බැරිද උඩට මොකක්හරි ඇදගන්න.. මට ඔයා ඔහොම ඉන්නකොට ඔයාගෙ දිහා බලන්න ටිකක් විතර අමාරුයි...."

" හරි හරි ඉන්න මං T එකක් දාගෙන එන්නම්"

එහෙම කියලා එයා උඩ තට්ටුවට ගියා..

" අයියෝ... වස ලැජ්ජාව.. ඇයි මම එහෙම කිව්වෙ.. ඒත් ඉතින් එයා හෙන කදයා වගේ මගේ ඉස්සර හිට ගත්තම මම කොහොමද එයා දිහා බලාගෙන කතා කරන්නෙ.."

ටික වෙලාවක් ගියාම එයා T එකක් දාගෙන පහළට ආවා.. මට college යන්නත් තිබ්බ නිසා එයාට බෙහෙත් ටිකත් දීලා රෑට බොන්න තියන බෙහෙත් ටිකත් වෙන් කරලා තිබ්බා...

" දැන් මම යන්න ඕන මිස්ටර් නම්ජූන් .. මතක ඇතුව රෑට බොන්න තියන බෙහෙත් ටික බොන්න හරිද .. මට රෑට එන්න විදියක් නෑ නේ . ඒත් මම call කරලා අහනවා හරිද. එතකොට බීලා තියෙන්න ඕන...."

" yes doctor සාරා..... මම ඔයා කියන විදියටම කරන්නම්කෝ... හැබැයි ඔය මිස්ටර් කෑලි ආපහු කියන්න එපා හරිද. මට ජූනී ඔප්පා කියන්නකො ඒ ඇති..."

" හරි ජුනී... ඔප්පා... මම දැන් යන්න ඕන හොඳටම පරක්කු වෙලා "

මම නම්ජූන් ඔප්පගෙ ගෙදරින් ඇවිල්ලා කෙලින්ම ගියේ college එකට..

මම යනකොට සාශා මගේ දිහා බලාගෙන හිටියෙ කන්න වගේ.. ඒත් මට ඔයාට ඇත්ත කියන්න බෑ සාශා.. මොකද මම ඒ දේවල් ඔයාට කිව්වොත් ඔයා ටේ ව අතාරින එකක් නෑ ....

" ආ... ඔන්න එනවා... මෙහෙ එනවා මං මේ එනකන් තමයි බලාගෙන හිටියෙ අල්ලගන්න...."

" අයියෝ.. හරි හරි මේ එනවා ..."

" ආ... සාරා.. ඔයා ආවද .. කන්න මුකුත් ගෙනවෙ නැද්ද කන්න.. බඩගිනියි අප්පා..."

මම එනකොට කුකී හොඳටම නිදාගෙන හිටියේ .... අනේ මන්දා මේකා කවදා හැදෙයිද කියලා ...

" ආයිශ්.... මේ වල් ඌරට කනබනේ මයි.. යා... මෝඩ හිවලෝ.. ඊයෙ රෑ ඉදල සාරගෙන් කෝල් එකක්වත් ආවෙ නෑ මං මෙහේ හොඳටම බය වෙලා හිටියෙ. තමුසෙට ගානක්වත් නැද්ද ආ.... ආපු ගමන් කන්න ඉල්ලන්නෙ.."

සාශා එහෙම කිව්වෙ කුකීගෙ ඔලුවට ටොක්කකුත් අනින ගමන් .... සිද්ධ උන කිසිම දෙයක් මම ඒ දෙන්නට කිව්වෙ නෑ .

Saasha:

" අනේ මේ.. ඒක නෙවෙයි උඹල දන්නව නේ අර අපේ ගෙවල් එහා පැත්තෙ ඉන්න උස අයියා..."

Jungkook :

"ඔව්...අර පියානෝ play කරන එක්කෙනා නේ..ඌ මහ ගෑනු පෙරේතයෙක් නෙ"

"ඔව් ඔව් බන්.. එයා ඊයෙ රෑ ඉදලා ආ ගිය අතක් නෑ ලු නෙ.. එයාගෙ ඔම්මා අද උදේ අපේ ඔම්මා එක්ක කතාකරනවා මට ඇහුනා.. එයා ගොඩාක් බය වෙලා හිටියේ.. "

"මට ශුවර් ඕකා මොකක්හරි කුපාඩි වැඩක් කරන්න ගිහින් දැන් බයේ හැන්ගිලා ඇති ... හොඳ වැඩේ මං නම් කියන්නෙ.. ඌ කාලයක් උබේ පස්සෙනුත් ආවා මතකයි නේ. මට නම් පේන්න බෑ මහ කුකුලා.."

සාශයි කුකීයි අළුත් කතාවක් පටන් ගත්ත නිසා එයාලට මගෙන් තවත් මුකුත් අහන්න බැරුව ගියා.. ඒ නිසා මාත් ඒක එහෙම්මම අමතක වෙන්න ඇරියා..

Time skipped

College ඉවර වෙලා මම ගෙදර යනකොට ටේ, ජිමින් දෙන්නා බර කතාවක හිටියේ.. මම දැක්කා ජිමින්ගෙ ළඟ කාගෙහරි photo එකක් තියනවා.. ඒත් මම එනවා දැක්කත් එක්කම එයා ඒක හන්ගගෙන කතාවෙත් වෙන පැත්තකට හැරෙව්වා...

" ආ.. ජිමින් ඔප්පා.. ගොඩ කාලෙකින් නේද ..ඉන්න මම බොන්න මොනාහරි ලෑස්ති කරන්නම්..."

" නෑ.. දැන් ඕන නෑ සාරා.. මං දැන් යන්න ඕන.. වැඩ ගොඩ ගැහිලා මට.. මං ආයෙ දවසක එන්නම්කෝ මොනාහරි කාලම යන්න.. "

ජිමින් එහෙම කියලා යන්න ගියා.. මාත් wash එකක් දාගන්න යන්න හදනකොටම...

Taehyung :

"ඔහොම නවතිනවා.. කොහෙද උදෙන්ම ගියේ.. මටත් නොකියම... "

ඔන්න ළමයි අදට මෙච්චරයි 🌝.

අද මගේ කතාවට 1K Reads ආවා 🥺.Thank you so much 🥺 ❤️
කතාව මෙච්චර කියවයි කියලා මං හිතුවෙම නෑ ....😭

මට මේ cover එක හදලා දුන්නේ සසී නන්ගි 🥺. Thank you so much 🥺 ❤️.
ඔයාලා කතාව ආසවෙන් කියවනවා කියලා හිතුනම ඇත්තටම මට ගොඩාක් සතුටුයි 😭❤️.


කතාවට 1k ආව නිසා කතාවෙ ඉස්සරහ ගැන පොඩි video එකක් හැදුවා.. අනිවාර්යයෙන්ම බලන්නකෝ 🌝.

එහෙනම් මම ගියා..😌👋

සාරන්හේ ❤️

Continue Reading

You'll Also Like

96.8K 15.6K 52
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
45.6K 6.4K 27
"යාහ්...ජියෝන් ජන්ග්කුක් මගෙන් ඈත්වෙලා ඉන්නවා...තමුන්ට බෑ මට මෙහෙම කරන්න...මාව අතාරිනවා...මට රිදෙනවා." "මේ තනිකරම මගේ අයිතිය මිසිස් ජියෝන්,තමුසෙ මගෙ...
19.5K 3.9K 21
🏆 The best BxG story 2022 2nd place _____ What kind of person is he. ? Why they have to live without their family for the rest of their lives. To th...
277K 48.4K 60
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)