REBORN 🚫 (By Sash) [ Comple...

By ___Sash___

35.8K 6.4K 1.3K

ළමා වියේ ප්‍රේමය නිසා පියා අහිමි වූ තරුණයෙක්, වරදවා වටහාගැනීම් හේතුවෙන් පීඩා විඳි තරුණියක්, නොලැබුණු ආදරය වෙන... More

Introduction
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
chapter 11
Chapter 12
Chapter 13 🔞
Chapter 14 🔞
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18 🔞
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
chapter 29
chapter 30
නිහඩ ආදරවන්තයා.

Chapter 10

904 193 32
By ___Sash___

"මොකක් .....මගේ අප්පා.. එයා තාම ජීවත් වෙනවද.. ඒත්..එත්... එයා එදා Accident එක දවසෙ නැති උනා නේ...."

Taehyung :

"නෑ එයා තාමත් ජීවත් වෙනවා. Accident එකෙන් හරියටම මාස 7 කට පස්සෙ මම එයාව මගෙ අප්පගෙ සොහොන ගාව ඉන්නවා දැක්කා. මට එයාව අල්ලගන්න ඕන උනත් එයා එතනින් පැන ගත්තා. ඒත් එයා තාමත් ඉන්නෙ මෙහේ... සෝල් වල."

"ඒත් ටේ... ඔයා හිතනවද මේ තරම් කාලයක් ඔයාට හොයා ගන්න බැරි උන කෙනා මෙහෙම මාව marry කලාම හොයාගන්න පුළුවන් වෙයි කියලා . අනික මගේ ඔම්මා මට කියලා තියන විදියට මගේ අප්පා ගොඩාක් හොඳ කෙනෙක් . මට... මට හොඳටම විශ්වාසයි එදා අනිවාර්යයෙන්ම මොකක්හරි වැරැද්දක් වෙලා ඇති .. අනික මං ආ...... ටේ.. අතාරින්න ආ..."

සාරා එහෙම කියනවත් එක්කම එකපාරටම ටේ ආයෙත් එයාගෙ කොන්ඩෙන් ඇල්ලුවා ඒත් එක්කම එයාව ටේ ගේ ළඟට ඇදලා ගත්තා.

" තමුන්ගෙ ඔය විකාර තමුන් ළඟම තියාගන්න තරමට හොඳයි . අනික මේක හොඳට අහගන්නවා.. මට තමුන්ගෙ අප්පට වෛර කරන තරමටම තමුන්ටත් වෛර කරනවා. එදා එතන මගේ අප්පව මරන වෙලාවෙ තමුනුත් එතන හිටියා.. එහෙම නේද. මගේ අප්පට වෙඩි වැදිලා ලේ විලක් මැද වැටිලා ඉද්දී තමුන් එයාව දාලා ගියා. එත්න මගේ අප්පා නැතුව තමුන්ගෙ අප්පා හිටියා නම් තමුන් එහෙම කරනවද ආ... කතා කරනව ඉතින් "

ටේ එහෙම කියලා තවත් ටිකක් හයියෙන් එයාගෙ කොන්ඩෙන් ඇද්දා...

"ආ... ටේ අතාරින්න .... රිදෙනවා. අනේ මට මුකුත් මතක නෑ ටේ.. මේ ඇත්තමයි. ඒත් ... ඒත් මට හොඳටම විශ්වාසයි එදා මොකක්හරි වැරැද්දක් වෙලා තියනවා කියලා ..."

"අපි බලමු ලිලී... ඇත්ත තව කොච්චර කාලයක් හංගන්න පුළුවන් වෙයිද කියලා . අනික මට හොඳටම විශ්වාසයි තමුන්ගෙ අප්පා මේ වෙනකොට තමුන් මාව marry කලා කියලා අනිවාර්යයෙන්ම දැනගෙන ඇති. එයා දන්නවා මම තමුන්ව කවදාවත් සතුටින් තියන්නෙ නෑ නේ . ඒ නිසා එයාට එන්නම වෙනවා.."

එහෙම කියලා ටේ සාරගෙ කොන්ඩෙන් අතෑරලා කාමරෙන් එළියට යන්න ගියා . ටේ හිටියේ හිතේ ලොකු වෛරයක් එක්ක. ඒක නිසාම එයාට එයාගෙ තරහව කොහෙත්ම පාලනය කරගන්න පුළුවන් කමක් තිබ්බෙ නැහැ. එයාට ඕන වෙලා තිබ්බෙ එයාගෙ අප්පට කරපු දේට පලිය ගන්න.

සාරා හිටියේ ගොඩාක් ලොකු වේදනාවකින්. ටේ ගෙ හැසිරීම නිසා එයා ගොඩාක් බය වෙලයි හිටියේ . ටේ එයාගෙ කොන්ඩෙන් අතෑරියත් එක්කම එයා දණහිස් දෙක බිම ගහගෙන අඩන්න ගත්තා..

" අනේ දෙයියනේ මොකක්ද මේ උනේ ... ඇයි මටම මෙහෙම දෙයක් උනේ.. මට හොඳටම විශ්වාසයි එදා එහෙම දෙයක් උනේ නෑ කියලා .... ඒත් මම කොහොමද එදා ඇත්තටම උන දේ හොයාගන්නෙ ..."

ගොඩාක් වෙලා යනකං සාරා ඇඬුවා. කොච්චර ඇඩුවද කියනවා නම් එයාගෙ ඇස් දෙක ඇරගන්න අමාරු වෙන්නම. අඩලා අඩලා එයා හොඳටම හෙම්බත් වෙලා හිටියේ.. ඒත් එක්කම දොර අරින සද්දයක් එයාට ඇහුනා..

"යා... නැගිටිනවා.. තමුන් මුළු රෑම ඔතන වැටිලා අඩන්නද යන්නෙ... මට නිදාගන්න තියනවා.. නැගිටිනවා ඉතින් තමුන්ට ගැළපෙන වෙන ලස්සන තැනක් මම ලෑස්ති කරලයි තියෙන්නේ ..."

අඩලා අඩලා මුළු ඇගම හෙම්බත් වෙලා තිබ්බත්, ටේ ගෙ රළු කටහඬ ඇහුනත් එක්කම සාරා නැගිට්ටා. කදුලුත් පිහිදාගෙන එයාගෙ බඩු ටිකත් අරන් එයා ටේ ගෙ පස්සෙන් ගියා.

ඒක පොඩි කාමරයක්... දූවිලි ගොඩාක් ඒකෙ තිබ්බා . ඒ වගේම හරිම කළුවරයි .
සාරා පොඩි කාලෙ ඉදලාම කළුවරට බයයි.ඒත් දැන් එයාට ඉස්සරහට ඉන්න වෙන්නෙ මේ කළුවර කාමරේ. කරකියා ගන්න දෙයක් නැතුව එයා දණිස් දෙක බදාගෙන බිම වාඩි උනා. අහින්සක සාරා මුළු රැයක්ම ඉකි ගගහා ඇඩුවත් ඒ කිසිම දෙයක් ගානකටවත් ගත්තෙ නැති ටේ අමුතුම සතුටක් එක්ක එදා රෑ හොදින් නිදා ගත්තා...

Tme passed

In the morning

යා... නැගිටිනවා දවසෙම නිදා ගන්නද කල්පනාව.

Sara's poov :

උදේ පාන්දර මාව අවදි උනේ Taehyung ගේ කටහඬට.මුළු රෑම අඩපු නිසා මගේ ඇගට එච්චර පණක් තිබුනෙත් නැහැ. ඒත් මට Taehyung ව තරහ ගස්සන්න ඕන උනේ නැහැ. ඒ නිසාම අමාරුවෙන් හරි මම නැගිට්ටා.

" මට බඩගිනියි ඉක්මනට කන්න මොනාහරි හදලා දෙනවා...."

"හ.. හරි ටේ.. මම හදලා තියන්නම් ...."

මම ඉක්මනට නැගිටලා ඇවිත් උදේට කන්න කෑම හදලා මේසෙ උඩින් තියලා washroom එකට ගිහින් wash එකක් දාගත්තා... මම එනකොට ටේ කෑම කාලා යන්න ගිහින්.

ඊයෙ රෑට කෑවෙත් නැති නිසා මම හිටියේ ගොඩාක් බඩගින්නෙන්. ඒ නිසා මම kitchen එකට ගියේ මට අරන් තියපු කෑම ටික කන්න කියලා හිතාගෙන. ඒත් මගේ plate එක හිස්...

"මේ මොකද මම මෙතන නෙ මගේ කෑම එක තිබ්බෙ....."

මම වටපිට බලනකොට තමයි දැක්කෙ මගේ කෑම එක trash bin එකේ තියනවා.

" දෙයියනේ ... කවුද මෙහෙම දෙයක් කලේ. ටේ.... ඔයා නේද .. දෙයියනේ මට ගොඩාක් බඩගිනියි .... ඇයි මෙහෙම මට කරන්නෙ ටේ ...."

ගෙදර වෙන උයන්න දේවල් තිබුනෙත් නැහැ. මට shop එකකට ගිහින් බඩු ගන්නත් අතේ සල්ලි නැහැ. ආ... දැන් මම මොකක්ද කරන්නෙ .... අද මට college යන්නත් බැහැ. මම හැමෝටම කිව්වෙ දවස් තුනකට පස්සෙ එනව කියලා නෙ...මට දැන්ම සාශට මේ දේවල් කියන්නත් බැහැ. අනේ... මොකක්ද මේ වෙන්නෙ ... ඔම්මා.... මට මුකුත් තේරෙන්නෙ නැහැ....

මම ආයෙත් බිම වාඩි වෙලා අඩන්න ගත්තා..මහන්සිය,බඩගින්න,වේදනාව නිසාම මාව faint උනා...

" සාරා.... නැගිටින්න.."

ජිමින් මගේ මූනට වතුර ඉස්සත් එක්කම මට ආයෙත් සිහිය ආවා..

" ඔයාට මොකක්ද උනේ..මම එනකොට ඔයා බිම කලන්තෙ දාලා වැටිලා හිටියා නේ.."

" ආ..මේ.. මම ඊයෙ රෑට කෑවෙ නෑ නේ ඒක වෙන්න ඇති ...."

" ඔයා මාර ළමයෙක්නෙ. ඉතින් උදේට කෑවෙත් නැද්ද ... පොඩ්ඩක් ඔහොම ඉන්නකො මම ටාර් ගාල ගිහිල්ලා ඔයාට කන්න මොනාහරි අරන් එන්නම්."

ජිමින් ඉක්මනට ගිහින් සාරට කෑම අරගෙන ආවා... වේල් දෙකක්ම කෑම කෑවෙ නැති නිසා සාරා ජිමින් ගෙනාපු කෑම ටික එක හුස්මටම කාලා දැම්මා.

" හිමීට හිමීට ... අම්මෝ තව ටිකක් වෙලා බඩගින්නෙ හිටිය නම් ඔයා මාවත් කයි නේ ... කවුරුවත් ඕවා ගෙනියන්නෙ නෑ හිමීට කන්න ඒ නිසා.... "

" Tha... Thank you so much ජිමින් ඔප්පා .."

සාරා කෑම කන ගමන්ම ජිමින්ට ස්තූති කලා..

" ආ... ඕක මොකක්ද .. අනිත් දවසෙ හොඳට කාලා බීලා ඉන්න හරිද .. මම ආවෙ important file එකක් ගෙනියන්න ඒක නිසා මම දැන් යන්න ඕන. Take care... ආ.. තව දෙයක් ඔයාට උයන්න දේවල් පහළ store room එකේ ඇති. මෙතන kitchen එකේ තිබ්බ ඒවා ඉවරයි මම හිතන්නෙ.... හරි නේ එහෙනම් මම යනවා..."

ජිමින් ගියත් එක්කම සාරා එයාගෙ room එකට ගියා.. ඒකෙ ගොඩාක් දූවිලි බැදිලා තිබ්බ නිසා සාරා මුලින්ම කාමරේ අස් කරන්න කියලා හිතාගත්තා.... හවස් වෙනකොට මුළු කාමරේම හරිම ලස්සට අස් කරලා ඉවර කරන්න එයාට පුළුවන් උනා...

" අම්මෝ.. යාන්නම් ඇති දැන් ඉතින් බය නැතුව මට මෙතන ඉන්න පුළුවන් .... වෙලාව 5.30යි.. ටේ ගෙදර එන්න කලින් රෑට මොනාහරි හදලා තියන්න ඕන. ඒත් ඊට කලින් මම wash එකක් දාගන්න ඕන."

Wash එකක් දාගත්තට පස්සෙ සාරට ලොකු නිදහසක් දැනුනා.. ඒ නිසා එයා පොඩි වෙලාවකට ඇදේ හාන්සි උනා......

"අප්පා.... මොකක්ද මේ වෙන්නේ... අනේ මට බයයි....."
"එපා..මගේ දෝනිව අතාරින්න ...."
"අප්පා...."

එක පාරම මාව ගැස්සිලා ඇහැරුනා...

"ආයෙත් අර හීනෙමයි... දැන් වෙලාව කීයද දන්නෙත් නැතුව මට නින්ද ගිහින්.. දෙයියනේ ... වෙලාව 7.30 යි.. ටේ දැන් ගෙදර එනවත් ඇති ... ඉක්මනට මට උයන්න වෙනවා...."

සාරා උයන්න කියලා හිතාගෙන බඩු ටිකත් ලෑස්ති කරගෙන kitchen එකට යනවත් එක්කම Taehyung ගෙදර ආවා...

"දෙයියනේ ටේ ආවා නේද .. අයියෝ මම මුකුත්ම හැදුවෙ නැහැ...දැන් නම් මම ඉවරයි "

ඉතින් ඔන්න අදට මෙච්චරයි 🌝.

අද වචන 1041යි 🌝

සතුටින් ඉන්න..

සාරන්හේ ❤️

මම ගියා 😌👋

Continue Reading

You'll Also Like

14.4K 1.9K 19
"මට ලොකු වගකීමක් තියෙනවා මිස්ටර් කිම්.... මට අනික් ගැහැණු ලමයි හැසිරෙනව වගෙ හැසිරෙන්න වෙලාවක් නෑ...මට සමාවෙන්න සර්...😔" "එතකොට තමුසෙ ජන්කුක් ඉස්සරහ...
104K 18.1K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
45.7K 6.5K 27
"යාහ්...ජියෝන් ජන්ග්කුක් මගෙන් ඈත්වෙලා ඉන්නවා...තමුන්ට බෑ මට මෙහෙම කරන්න...මාව අතාරිනවා...මට රිදෙනවා." "මේ තනිකරම මගේ අයිතිය මිසිස් ජියෝන්,තමුසෙ මගෙ...
54.3K 7.6K 14
වෛරයේ ගිනි දැල් මතින් ජීවිතය සොයන අහිංසකාවිය🥀 Plot Crdit:-@deshu93