♛ අග්නි ♛

By Bulbz_D

170K 34.3K 29K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 66

1.8K 372 447
By Bulbz_D

දින කිහිපයක් ගත වනතුරුම සුලෝධජ සිය කුටියට නොපැමිණි මුත් මිධුනාථ තවමත් ඔහුගේ කුටියෙහි විය . තීර්ථ මාළිගයෙන් පිටව යාමට ඔහුට කිසිදු වාරණයක් නොවූව ද ඔහු කුටියෙන් හෝ පිටතට නොගියේ ය. ඔහු ජලය පානය කළා විනා තීර්ථ මාළිගයෙහි කිසිදු භෝජනයක් ද අනුභව නොකළේ ය. සුග්‍රීව හෝ ථිත පිළිබද ඔහු කිසිදු තොරතුරක් නොදැන සිටි අතර ඒ පිළිබදව සොයා ගැනීමට ද ඔහු සතුව ක්‍රමයක් නොවී ය. ඔහු තීර්ථ මාළිගය තුළ කිසිදු සැලස්මක් නොදැන සිටියේ ය.

'' ඔබ කුහුඹුවා ද ප්‍රථමයෙන් උපන්නේ , නැතිනම් කුහුඹු බිත්තරය ද යනවග සිතනවා නොවේ ද ? '' සීහශාලීගේ හඩින් මිධුනාථ තිගැස්සී ගියේ ය. ඔහු තමා කරමින් සිටි සියලු කාර්යයන් පසෙකලා සිය උද්යෝගය සගවා ගනිමින් සිහශාලී දෙස බැලුවේ ය. ඔහු සීහශාලී වෙත කුටිය තුළට පැමිණෙන ලෙස හස්තයෙන් සංඥා කළේ ය.

ඇය මෙවර තඹර පැහැ වස්ත්‍රවලින් සැරසී සිටි අතර ඇයගේ තරමක් වෙනස් සම්බද පටිය එලෙසම වූ මුත් අසිපත වෙනුවට අලංකාර මිටක් සහිත කුඩා කිණිස්සක් විය . ඇය සිනාසෙමින් මිධුනාථ වෙත දිව ආවා ය. ඇය සිනාසී දිලිසෙන දෑසින් තමා දෙස බලනු මිධුනාථ බලා සිටියේ ය.

මිධුනාථ නිහඩවම ඇයව ඔසවා තම දෙපා මත අසුන් ගැන් වූවේ ය. අනතුරුව ඇය බිම ඇද නොවැටෙන පරිදි ඇයව ප්‍රවේසමින් අල්ලා ගත්තේ ය.

'' අඥාන ස්ලෝ -ධජ කොහි හෝ ගිහින්.... සීහශාලී තනිව අද... '' ඇය දෙතොල් උල් කරමින් පැවසුවා ය.

'' හ්ම්.. '' මිධුනාථ පැවසුවේ එපමණකි .

'' සිලා පර්වතයක් බදු යාළු... '' සීහශාලී පැකිළෙමින් විමසුවා ය .

'' පියාණෙනි.. '' මිධුනාථ නිවැරදි කළේ ය.

'' ඇහ් ? '' ඇය දෑස් විශාල කර මිධුනාථ වෙත බැල්මක් හෙළුවා ය. මිධුනාථ එවර නොරිස්සුම් සහගත දෙස නාසය පිම්බුවේ ය .

'' තමුන්ට අවශ්‍ය නැති නම් .......''

'' න්නෑ න්නෑ,.. න්නෑ,. සිහශාලී කැමතියි.. කැමතියි... පියාණෙනි... '' සීහශාලී සිනාසෙමින් පැවසුවේ මිධුනාථගේ ඇකයෙහි තවත් සුවපහසු ලෙස හිද ගනිමිනි .

කුඩා සිහශාලී වනාහී මිධුනාථට සහනයක් විය . ඇය පවසන සුළු දෙයක් වුවද මිධුනාථට සහනයක් විය . ඇයගේ සුළු හැසිරීමක් වුව ද ඔහුට විශාල සහනයක් විය .

'' පියාණෙනි....'' සීහශාලී එවර නැවතත් සතුටින් පැවසුවා ය .

'' කිම ද ? ! '' මිධුනාථ සිය සුපුරුදු ස්වරයෙහි වූ රෞද්‍ර භාවය හැකිතාක් අඩු කරමින් විමසුවේ ය. ඇය සිනාසී හිස දෙපසට සැලුවා ය.

'' පියාණෙනි.. පියාණෙනි.. පියාණෙනි...... '' සීහශාලී දිගටම සතුටින් කෑගැසුවා ය. ඇය තමාගේ ගෙලෙහි ද එල්ලෙනු ඇතැයි මිධුනාථ අපේක්ෂා නොකළේ ය.

'' ඔතරම් කෑගැසීමට දෙයක් මෙහි තිබේ ද !!! '' මිධුනාථ එවර නොරිස්සීමෙන් විමසුවේ ය.
සිය ඉක්මන් කෝපය මිධුනාථට පාලනය කළ හැකි යමක් නොවී ය.

'' සීහශාලී , පළමු වතාවට ඒ වදනින් ආමන්ත්‍රණය කරන්නේ ... ඉදින් කෑගසා පවසනවා.... හී .... පියාණෙනි පියාණෙනි......පි-යා -ණෙ -නිඊඊඊඊඊඊ  '' ඇයගේ වදන් මිධුනාථ නිහඩ කර දැම්මේ ය.

ඇයගේ දෙනෙත් හා නාසය ඛාදී දේවියගේ මෙන් වගත් තමා හා භීෂ දෙදෙනාම සතු වූ  ඝන ඇහිබැම ද භීෂගේ කැරලි සහිත කොණ්ඩය ද ඇය එලෙසම දායා ද කරගෙන තිබුණ වග මිධුනාථ මින් පෙර ද නිරීක්ෂණය කර තිබුණේ ය. ඔහු කුඩා සීහශාලී තවත් සිය සමීපයට ගත්තේ ය.

'' පියාණෙනි..... පියාණෙනි.. සිලා පර්වතය බදු යාළු.. ..මගේ පියාණන්............. '' සීහශාලී තාලයට පැවසුවා ය. සුලෝධජ මෙන්ම සීහශාලී ද භයානක ඝනයේ කිසි දිනෙක මිදිය නොහැකි හිස රදයන් වග මිධුනාථ ඒ ඇසිල්ලේ තීරණය කර හමාර විය .

'' ආාා... පියාණෙනි... ඔබට මගේ ක්ලූර මිදි ගෙඩිය පෙන්වීමට තිබෙනවා...
පැමිණෙන්නකෝ... ''' ඇය එකවරම පැවසුවේ මිධුනාථගේ ඇකයෙන් බසිමිනි. සීහශාලී සිය සුළැගිල්ලෙන් අදිනු මිධුනාථ වික්ෂිප්තව බලා සිටියේ ය. ඔහු සීහශාලී පසුපසින් කුටියෙන් පිටතට පැමිණියේ ය. ඇයගේ අතවැසි දාසිය ද ඔවුන් පසුපසින් දිව එනු මිධුනාථ දුටුවේ ය.

ඇය හුරු ලෙසින් මාළිගයේ අභ්‍යන්තර අන්තර් පටු ශිලා අල්තාරයන් පසුකරමින් මිධුනාථ ද ඇදගෙන දිව ගොස් අවසානයේ කුටියක් අසළ නතර විය . එකී කුටිය සීහශාලිගේ වග මිධුනාථ අනුමාන කළේ ය. එහි සියලුම පුෂ්ප සැරසිලා සූරිය පුෂ්පයෙන් සරසා තිබූ වග මිධුනාථ නිරීක්ෂණය කළේ ය . තීර්ථය මාළිගය අනෙක් කුටි තරම් අදුරු නොවූ කුටිය දෙස මිධුනාථ ඉවසීමෙන් බලා සිටියේ ය. කුඩා සීහශාලී කුටිය තුළට දිවගිය අතර ප්‍රථමයෙන් එහි සයනය යටට එබුණේ ය.

'' ක්ලූර මිදි ගෙඩියා... නුඹ කොහි ද ? ''  සයනය යට එබීමෙන් පසු  බලපොරොත්තු කඩවීමෙන් , ඇය දෙතොල් උල් කර කුටියෙහි අනෙක් පසට දිව යනු මිධුනාථ බලා සිටියේ ය .

'' ආ.. මේ සිටින්නේ...... '' ඇයම පවසාගන්නා ආකාරය මිධුනාථට ශ්‍රවණය විය .

'' සිලා පර්වත........ආ නැහ්.. පියාණෙනි.. මෙහි පැමිණෙන්න... මේ කෲර මිදිගෙඩියා අලස රජෙක්... '' සීහශාලී කුටියේ අනෙක් පස සිට කෑගසනු මිධුනාථට ඇසුණි. ඔහු ප්‍රථමයෙන් අතවැසි දාසිය වෙත බැල්මක් හෙලූ අතර ඇය අනුමත කරමින් හිස සැලූ බැවින් කුටිය තුළට පිවිසියේ ය.

සීහශාලී , කුඩා කළු දිවියෙකු අසළ අසුන් ගෙන සිටියා ය. තද කාල වර්ණ දම් පැහැයකට හිමිකම් කී කළු දිවියා තේජවන්ත ආකාරයෙන් නින්දෙහි පසුවූ අතර මිධුනාථ තරමක් කම්පනයට ද පත් විය . ඔහු වයස අවුරුදු එකහාමාරක් පමණ වන සත්ත්වයෙකු වග මිධුනාථ නිර්ණය කළ අතර කළු දිවියන් කෙලෙසකවත් සුරතල් සතුන් නොවී ය. නමුත් සීහශාලී ඒ වන විටත් අදුන් දිවියාගේ ඇග මත ද සරල ලෙස සිය පාදයක් ද දමා සිටියා ය. 

'' බිය නොවන්න.... ක්ලූර මිදි ගෙඩිය කීකරුයි.. '' ඇය පැවසුවේ මිධුනාථට අසළට පැමිණෙන ලෙස සන් කරමිනි . සීහශාලී කාල  දිවියා වැළද ගෙන සිටිය ද සතුන් සුරතල් කිරීම කෙරේ මිධුනාථට කිසිදු උද්යෝගයක් නොවී ය. ඔහු අදුන් දිවියා දෙසත් ඔහුගේ කහ පැහැති දෑස් දෙසත් සීතල බැල්මකින් නෙත් යොමු කළා විනා කිසිවක් සිදු නොකළේ ය.

'' කෲර මිදි ගෙඩිය ?? එය ද නාමය ?  '' මිධුනාථ එක් ඇහි බැමක් ඉහළ යවමින් විමසුවේ සීහශාලී වෙත හැරෙමිනි .

'' ඕ.. ක්ලූර මිදි ගෙඩිය..  ශාලීට ගැටලුවක් මිදි ගෙඩියක් කෙසේ ද කෲර වන්නේ කියා ? අඥාන ස්ලෝ-ධජ තමා එහි අරුත දන්නේ...  '' ඇය හිස දෙපසට සලමින් දෙතොල් ද උල් කරමින් පැවසුවා ය.

මිධුනාථ දෙවන වරට ද එක් ඇහි බැමක් ඉහළ දැමුවේ ය. ඔහු කාල දිවියා වෙතට නොරිස්සුම් සහගත බැල්මක් හෙළුවේ ය. ඔහු තමාගේ කෲර මිදි ගෙඩිය නාමය සොරා ගැනීම මිධුනාථ නොරිස්සුවේ ය. ඔහු සිය නාමය සොරා ගත්තා මදිවට දැන් සන්සුන් ලෙස සැතපෙමින් ද සිටී. මිධුනාථ කාල දිවියා වෙත රැව්වේ ය.

'' බඩ තඩියා... දවස පුරා සැතපෙනවා.. හුම්..  '' සීහශාලී දෙතොල් උල් කරමින් පැවසුවේ නිදහසේ ලැග සිටි කුඩා කාල වර්ණ දිවි පැටවාගේ හිස අතගා නැගී සිටිමිනි .

'' ආ.. පියාණෙනි.. තවත් යමක් බලමු... කෝ.. යමු ....... යමු... '' සීහශාලී නැවතත් කලබලයෙන් පැවසුවේ මිධුනාථගේ සුලැගිල්ලෙහි එල්ලෙමිනි . මිධුනාථ පැමිණිල්ලකින් තොරවම ඇය පිටුපසින් ඇදී ගියේ ය. ඇයට මිධුනාථට සියල්ල පෙන්වීමට විශාල කලබලයක් විය . ඇය මාළිගයේ සෑම අස්සක් මුල්ලක් නෑරම මිධුනාථට පෙන්වී ය. ඒ අනුව ඇය සුලෝධජට ද වඩා හිස රදයක් විය .

'' සීහශාලි කුමරිය ? කොහි ද මේ දිව යන්නේ ? ''  එවර භාසුරගේ හඩින් සීහශාලී නැවතුණා ය.

'' ආා... භාසු යාළු.... '' සීහශාලී එවර මිධුනාථ අතහැර දමා භාසු වෙත දිව ගියා ය. භාසු සිනාසෙමින් ඇයව ඔසවා ගෙන වටයක් ද කරකවනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු එලෙස සීහශාලී ඔසවා ගනිද්දී ඇය විනොදයෙන් සිනාසෙන ආකාරය මිධුනාථ නිරීක්ෂණය කළේ ය. 

'' හහී,.. අතහරින්න.... හුවෑ,... කිති... කිති... ශාලීට කිති.... '' අැය සිනාසෙමින් පැවසුවේ භාසුගේ කිති කැවීමෙන් බේරිමට දගලමිනි .
එවර භාසු සිනාසෙමින් සීහශාලී බිමින් තබනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු මීළග වර සීහශාලී වඩා ගත් විට ඇයව වටයක් කැරකැවීමටත් දැඩිව ඉටා ගත්තේ ය. ඔහු සීහශාලීගේ හස්තයෙන් ඇද ඇයව තමා අසළට ගත්තේ භාසු වෙත සිය දවා අළු කරන සුළු බැල්ම හෙළමිනි .

'' නාථ... '' භාසු සැහැල්ලුවෙන් මිධුනාථ වෙත ආමන්ත්‍රණය කළේ ය.

'' තමුන්ට එය මිධුනාථ.. '' මිධුනාථ රෞද්‍රව පිළිතුරු ලබා දුන්නේ ය. එය ඔහුගේ ස්වභාවය විය .

'' නුඹ අර කුඩා නාථ...  සෑම විටම සුලෝධජ වඩා දැවටෙමින් හඩමින් සිටියේ ?? නුඹට සැබවින්ම මා සිහිපත් නොවේ ද ? '' භාසු සිනාසෙමින් විමසුවේ ය.

''චහ්.. නුඹ භාසුර අය්යණ්ඩි .. මා දැනුවත්.. ඒ පිළිබද කතා කිරීමට ඇවැසි නොවේ... '' මිධුනාථ ඍජුව පැවසුවේ ය.

'' හෑ ??? සිලා ප- . පියාණන් අඥාන ස්ලෝ-ධජව පෙර හදුනනවා ද ?? '' එවර සීහශාලීගේ විශාල වූ දෑස් හා  පැනය මිධුනාථ වෙත යොමු විය .

'' නැහැ.. '' මිධුනාථ කෙටියෙන් පිළිතුරු ලබා දුන්නේ සීහශාලී ඔසවා ගනිමිනි . ඔහු භාසුර මග හැර සීහශාලී ද රැගෙන අනෙක් පසට ගමන් කළේ ය. භාසුර සමගින් සීහශාලී සිටියහොත් ඇය තමාට පියාණන් යනුවෙන් ඇමතීම අවලංගු කර දමා භාසුර වෙත එලෙස ඇමතීමට ඉඩ ඇති වග මිධුනාථගේ සිත අනතුරු ඇගවූයේ ය.

'' එසේ නම් අඥාන ස්ලෝ-ධජ වටා දැවෙටිමින් හැඩුවා යැයි පැවසුවේ ??? හෑ ? පියාණන් හැඩුවා ද ???? ඔබ කෙලෙස ද හඩන්නේ ? ශාලිටත් පෙන්වන්නකෝ... කෝ.... ඔබ හැඩු විට අඥාන ස්ලෝ-ධජ කුමක් ද පැවසුවේ ??? ආහ්... '' හඩන්නේ දුර්වලයෝ.'' ඔහු සීහශාලිට පවසන්නේ එය... නමුත් අඥාන ස්ලෝ-ධජ හැඩීමට ගිය විට සියල්ල පරාදයි.... '' සීහශාලි විරාමයකින් තොරව පැවසුවා ය. ඇය පැවසූ දෙයට මිධුනාථ එකග විය . ජඨිල හස්තය බිද දැමූ අවස්ථාවේ දී හා පසුව ඔහු හැඩූ අකාරය මිධුනාථගේ මතකයේ හොදින්ම විය .

'' නිහඩවනවා..!!!!!  නැතිනම් අතහැර දමනවා පොකුණට... '' මිධුනාථ පැවසුවේ ශිලා පොකුණ අසළ මදකට නැවතෙමිනි .

''ෂ්.. ෂ්... ෂූ... '' ශාලි ඇය වෙතම පවසා ගත්තා ය. නමුත් මිනිත්තු කිහිපයක් ගතවීමට මත්තෙන් ඇය නැවතත් සිය හඩ අවධි කළා ය.

'' කිම ද ඔබ රවාගෙන සිටින්නේ? ඔබේ දසන් ගැළවී යන පරිදි කව්රුන් හෝ ඔබට පහර එල්ල කළා ද ? සීහශාලීට පවසන්න ..ඇය කාටවත් පවසන්නේ නැහැ..ෂ් ෂ්..රහසක්...... '' ඇය මිධුනාථගෙන් විමසුවේ සිය හඩ බාලකරමිනි . ඔහු අඥානයාගේම සීහශාලී වග පැවසීමට මිධුනාථට දෙවරක් සිතීමට අවැසි නොවී ය.

'' සිනාසෙන්නකෝ... මේම.. '' ඇය නැවතත් පැවසුවේ මිධුනාථගේ මුව දෙපසින් අල්ලා සිනාවක් සිටින සේ සකස් කරමිනි . නමුත් ඇය සිය කුඩා දෑගිලි ඉවතට ගත් විට එය තවමත් මිධුනාථගේ රවා සිටින මුහුණම විය .

එහි සංවාදයක් නොවී ය. කතා කළේ සීහශාලී පමණක් විය .

'' ක්‍රීඩාවක් සිදු කරමු ??  '' සීහශාලී නැවතත් මද නිහඩතාවයකින් අනතුරුව විමසුවා ය. මිධුනාථ නිහඩවම හිස සලා ඇයව සුවිසල් නාගස යට සෙවණෙහි බිමින් තැබුවේ ය.

'' ඔබත් පැමිණෙන්නකෝ ඉදින්.. '' සීහශාලී පැවසුවේ ඇයගේ එහා පස මිධුනාථ වෙත පෙන්වමිනි . මිධුනාථ නොරිස්සීමෙන් නාසය පුම්බා ඇයගේ එහා පස වැලි පොළව මත එරමිණියා ගොතා අසුන් ගත්තේ ය. ඔහු ඉවසීමෙන් සීහශාලී වෙතට නෙත් යොමු කළේ ය.

'' කුමක් ද සිදු කළ යුතු ? ' මිධුනාථ විමසුවේ ය.

'' වැලි බත් ?? '' සීහශාලී විමසුවා ය . ඇය මිධුනාථගේ පිළිතුරු ලැබෙන තුරු නොඉද තමා වටා වූ මඩ සහිත පස් සියල්ල දෑතින් එකතු කළා ය. ඇයගේ පිරිසිදු කුඩා දෑත් මඩින් පිරී යනු මිධුනාථ බලා සිටියේ ය.

'' බලා සිටින්නේ නැතිව උපකාර කරන්නකෝ පියාණෙනි... '' ඇය මිධුනාථ වෙත පැවසුවේ දෙතොල් උල් කරමිනි . ඇයගේ මුහුණෙහි ඇය විසින් මඩ තවරාගෙන තිබුණි .  මිධුනාථ මඩ සහිත පස් දෙස සිය දෑස් යොමු කළේ ය. අනතුරුව සිය අසිපත පසෙකින් තබා දෑගිලි තුඩුවලින් පස් එකතු කළේ ය.

''න්හැ න්හැ... ඔය ලෙස නොවේ...... ඔබ බිංකුණ්ඩෙකු වගේ.... මෙලෙස.... දෑතින්ම සිදු කරන්න.. '' සීහශාලී පැවසුවේ දෑතින්ම පස් හූරාගනිමිනි . මිධුනාථ ඇය පැවසූ ලෙස සිදු කළේ ය. සිය දෑත් ද මඩින් අපවිත්‍ර වීම ඔහු මදකට අමතක කර දැමුවේ ය. ඔහු මෙලෙස පස් හාරන්නේ බොහෝකලකට පසු විය . පාංශු ජීවින් හා මිධුනාථ අතර ආත්මිය බැදීමක් විය .

'' හොව්....හෝව්....හොව්... '' සීහශාලී එක් වරම පැවසුවේ මිධුනාථගේ පස් ගොඩ දෙස බලමිනි .

'' කිම ද ? '' මිධුනාථ නොරිස්සීමෙන් විමසුවේ සිය මඩ සහිත දෑත් ඉවතට ගනිමිනි .  ඇය  මිධුනාථගේ පස් ගොඩ දෙසට හස්තය  දිගු කර  පස් ගොඩ අසළ ගුලිව සිටි හැකරැල්ලා සිය අල්ල මතට ගත්තා ය.

වැරදීමකින් හෝ සීහශාලී හැකරැල්ලා නොදුටුවේ නම් තමා තවත් සුළු මොහොතකින් සිය ප්‍රාණ සම මිත්‍රයෙකු භූමිදානය කරන වග සිතීම ද මිධුනාථ කම්පනයට පත් කළේ ය. එවිට සමස්ත රත්නද්වීපයේ සියලු හැකරැල්ලන් තමා හා උරණ වනු ඇති වග සිතීමත් භයානක විය . මිධුනාථ මඩ සහිත දෑත් සිය වස්ත්‍රවලින් පිස දමා ගත්තේ ය.

'' රහසක් පවසන්න ද සිලා පර්වතයක් බදු යාළු ??  ඔවුන් බුද්ධිමත් සතුන් විශේෂයක්.. ඔවුන් සීහශාලී කියනා දේ අසාගෙන සිටින්නේ... ඔබත් කතා කර බලන්නකෝ..... '' ඇය පැවසුවේ සිය අල්ල මත සිට දිගහැරුනු හැකරැල්ලා වෙත මෘදුව තට්ටුවක් දමමිනි . ඇය දිලිසෙන දෑසින් හැකරැල්ලා දිග හැරෙන තුරු ඉවසීමෙන් බලා සිටියා ය.

අවසානයේ මිධුනාථට ඔහු සෙවූ තැනැත්තිය හමුවි ය. තමා මෙන්ම හැකරැල්ලන් පිළිබද විශ්වාස කරන අයෙකු හමුවි ය. ඔහු සීහශාලී දෙස ආඩම්බරයෙන් බැල්මක් හෙළුවේ ය. ඇය පැවසූ දෙයට ඔහු මුළුමනින්ම එකගව හිස සැලුවේ ය. හැකරැල්ලන් බුද්ධිමත් සතුන් කාණ්ඩයක් විය .

'' ඔවුන් අප පවසන දෙය අසා සිටිනවා. '' මිධුනාථ ද විශ්වාසයෙන් පැවසුවේ ය.

'' ඒකනේ.. ශාලිත් පවසන්නේ... අඥානයන්ට වැටහෙන්නේ නැහැ.. '' ඇය නැවතත් පැවසුවේ එ් වන විට සොයාගෙන සිටි හැකරැල්ලන් සිව් දෙනා ප්‍රවේසමින් පසෙකින් තබමිනි.

'' අඥානයන්ට වැටහෙන්නේ නැහැ.. '' මිධුනාථ එයට ද හිස් මුදුනින්ම එකග විය . සීහශාලී නාමයේ අරුත මෙන්ම වග මිධුනාථ සිතුවේ ය.

'' කුඩා දරුවන් වැලිබත් පිසින්නේ පසුව , වැඩිහිටි වූ පසු සියල්ලන්ට ආහාර ලබා දීමටලු... '' සීහශාලී පැවසුවේ සිය දෑතින්ම මඩ  එක් කර විශාල කෝම්පිට්ටුවක් සකස් කරමිනි .

සීහශාලී සුරතල් සේම බුද්ධිමත් දැරියක් වග මිධුනාථ වටහා ගත්තේ ය. ඇය සෑම විටම සිදු කරන සියලු ක්‍රියාවකම අරුත හොදින් දැන සිටියා ය. ඇයගේ තඹරු පැහැ සළු පිලි ඒ වන විට දුඹුරු පැහැ විය . ඇයගේ පිරිසිදු නියපොතු අතර මඩ පිරී තිබුණි . මිධුනාථගේ ද සළුවල තැනින් තැන මඩ සහිත පැල්ලම් ඇති වග ඔහු නොතැකුවේ ය.

ඔහු සීහශාලීට වඩා විශාල කෝම්පිට්ටුවක් සකස් කළේ කුඩා දරුවෙකු පරිද්දෙනි . ඔහුගේ පාදය ද පස්වලින් වැසී තිබුණි . මිධුනාථ ප්‍රවේසමින් කෝම්පිට්ටුවේ හැඩය සකස් කළේ ය. අනතුරුව කුඩා කෝටු කැබැල්ලක් ගෙන එහි මුදුනත සැරසුවේ ය. ඔහුගේ මුහුණේ පවා මඩ තැවරී තිබෙනු ඔහු නොතැකුවේ ය. ඔහු කාලයක් මගහැරී ගිය ක්‍රීඩාවක නිරත වන කුඩා දරුවෙකු මෙන් විශාල කෝම්පිට්ටුවක් සකස් කළේ ය.

'' මෙය විශාලයි.. '' මිධුනාථ පැවසුවේ සීහශාලී වෙත සිය කෝම්පිට්ටුව පෙන්වමිනි . සීහශාලී ඒ දෙස බලා දෙතොල් උල් කරනු මිධුනාථ බලා සිටියේ ය.

'' ඔබේ දෑත් විශාලයි.. සීහශාලිගේ දෑත් කුඩායි.. හුම්.. '' ඇය නැවතත් දෙතොල් නොපිට පෙරළමින් පැවසුවා ය. ඇයගේ කෝම්පිට්ටුවේ ද තමා මෙන්ම කෝටු කැබැල්ලක් රදවා තිබෙනු මිධුනාථ දුටුවේ ය.

ඇය එක්වරම නැගී සිටිනු මිධුනාථ බලා සිටියේ ය. ඇය නාගසෙහි පහළ අත්තක වූ සුදු පැහැති සුවදැති නාමලක් වෙත උඩ පනිනු මිධුනාථ දුටුවේ ය. ඇය කෙතරම් උඩ පැන්න ද සීහශාලිහට නා මල් වෙත ළගා වීමට නොහැකි විය . ඇය බලාපොරොත්තු කඩවීමෙන් දෙතොල් උල් කරමින් නැවතත් බිමින් අසුන් ගනු මිධුනාථ බලා සිටියේ ය.

ඔහු සිය සිරුරෙහි වූ මඩ ගසා දමා නැගිට නාමල් කිහිපයක් නෙලා ඇය වෙත ලබා දුන්නේ ය. තමා සම්පූර්ණයෙන්ම මඩින් නෑවි ගොසින් ඇතිවග මිධුනාථට වැටහී ගියේ සිය මුව අසළින් ද මඩ රසක් දැනුණු බැවිනි .

'' ඌවූ... ඔබ හොදාාාායි පියාණෙනි... '' අැය දිලිසෙන දෑසින් යුතුව පැවසුවේ මඩ සහිත පස් ගොඩෙහිම නැවතත් අසුන් ගත් මිධුනාථගේ කරට පනිමිනි . ඇය සිය කොපුල ද මෘදුව සිපගනු මිධුනාථ බලා සිටියේ ය.

අනතුරුව අැය සිය හස්තයෙහි වූ නාමල තමාගේ කන අසළ රදවනු මිධුනාථට දැනුණි . ඔහු මල් පැලදීම ප්‍රතික්ෂේප කළ ද , සීහශාලී වෙත විරුද්ධත්වයක් නොදැක්වූයේ ය. ඇය කෙස් වැටිය නාමලින් සරසන වග මිධුනාථ දැන සිටිය ද ඔහු කිසිදු විරුද්ධත්වයක් නොපෙන්වා බලා සිටියේ ය. අවසානයේ ඇය විශාල කාර්යයක් නිම කළ අයෙකු මෙන් දෑත්ද ගසමින් මිධුනාථ දෙස බැලුවා ය.

'' පියාණෙනි.. '' සීහශාලී එවර මිධුනාථගේ ඇකය මත අසුන් ගත්තේ ය.

'' හ්ම් ? ''

'' පියාණෙනි... '' අැය නැවතත් එයම පැවසුවා ය.

'' පවසන්න.. '' මිධුනාථ සන්සුන්ව පිළිතුරු ලබා දුන්නේ ය.

'' කිසිවක් නොවේ... පි-යා-ණෙ-නි.. ඒ වදන සුන්දරයි... හී හී,. ශාලි කැමතියි එයට... පි-යා-ණෙ-නි.. '' ඇය නැවතත් පැවසුවේ මිධුනාථට තුරුළු වෙමිනි .

'' පියාණෙනි.. ''

'' ?? ''

'' පියාණෙනි.... පියාණෙනි... පියාණෙනි.... ශාලිට මෙතරම් කල් පැවසිය නොහැකි වූ නිසා පවසනවා.. හේ හේ......පියාණෙනි - පියාණෙනි - පියාණෙනි -..සිලා පර්වතයක් බදු පියාණෙනි..... '' ඇය දිගටම සිනාසෙමින් පැවසුවා ය. ඇයගේ වදන් සරල වූ මුත් එහි ගැඹුරු අරුත මිධුනාථ වටහා ගත්තේ ය.

ඔහු මෘදුව සීහශාලීගේ හිස අතගෑවේ ය. ඇයගේ කෙස් වැටියේ දී ඇති පමණ මඩ සහිත පස් විය .

'' අඥාන ස්ලෝ-ධජට ඉරිසියා හිතේවි... '' ඇය මද වෙලාවකින් පැවසුවේ සිනාසී මිධුනාථ වෙත තවත් ගුලි වෙමිනි .

'' ආහ් ? '' මිධුනාථ දෙවුර හැකිළුවේ ය.

'' ඔහුට පියාණන් ලෙස පවසන ලෙස ඔහු ශාලීට පවසනවා.. නමුත් ඉතින් ඔහු සීහශාලිගේ අඥාන ස්ලෝ-ධජනේ... අඥාන ස්ලෝ-ධජ.. අඥාන ස්ලෝ-ධජ...... අඥාන ස්ලෝ-ධජම පමණයි... හේ...'' ඇය පැවසුවේ විශාල වීර ක්‍රියාවක නිරතවූ අයෙකු මෙනි .

එවර මිධුනාථගේ මුවින් කුඩා සිනහාවක් නික්මිණ . ඔහු එයට ද සීහශාලී හා එකග විය . රෞද්‍ර ලෙස සිටිය  ද, රැව්ව ද පහර දුන්න ද  අඥානයා , වනාහී අඥානයා පමණක් විය .

'' ශාලී !!!!!!!!! '' එ් හඩ කාගේදැයි මිධුනාථ හොදින්ම හැදින්නේ ය.

ඔහුගේ මුහුණෙහි වූ සිනහව ක්ෂණිකව අතුරුදන්ව ගිය අතර සීහශාලී නැගිට සුලෝධජ වෙත දිව ගියා ය. ඔහුගේ දාසයන් ද ඔහු පිරිවරාගෙන සිටි අතර ඒ වන විට ගොම්මන ඔවුන්ව වෙළාගනිමින් සිටි වග මිධුනාථ වටහා ගත්තේ එවිට විය . මිධුනාථ ද සිය සිරුරෙහි වූ වැලි ගසා දමමින් නැගී සිටියේ ය.

'' ඌවූ.. අඥාන ස්ලෝ-ධජ ඔබ පැමිණියා ද ? '' සීහශාලී විමසුවේ සුලෝධජ වෙත දිව ගොස් ඔහුගේ බද පටියෙහි එල්ලෙමිනි .

'' කුමක් ද නුඹ මාළිගයෙන් පිටත සිදු කරන්නේ ?? ආ ?? මා පවසා තිබෙනවා නොවේ ද !!!! මා මාළිගයට පැමිණි විට නුඹ නැහැ මාළිගයෙහි.... කුමක් හෝ සිදුවූවා නම් !!!! '' සුලෝධජ නොනවත්වාම පවසාගෙන ගියේ ශාලීව එහා මෙහා හරවා ඇයගේ සිරුර පුරා වූ මඩ ද ගසා දමමිනි . ඔහුට ගසා දැමිය නොහැකි තරම් එහි මඩ වූ වග මිධුනාථ පිළිගත්තේ ය.

'' කිම ද මේ... ඌරු කොටුවක ලැග්ගා ද !! මෙතරම් මඩ !!! හිසෙත් මඩ.... කෙස් වැටියෙත් පස්... !!! ඔබ කෝම්පිට්ටු සෑදුවා ද ? ඔබෙන් කෝම්පිට්ටු සෑදිය හැකියි දැන්නම්.... සූර්ය පුෂ්පය නොවේ මඩ පුෂ්පයක්...... අනික තනිව කුමක් ද මෙතනට වී සිදු කරන්නේ ??? ආ ??? දැන් ඇදිරි වැටීමටත් ආසන්නයි !!! '' සුලෝධජ සීහශාලී වැළදගනිමින් පවසනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු තවමත් තමා නොදකින්නට ඇති වග ඔහුගේ වදන්වලින් මිධුනාථ වටහා ගත්තේ ය.

'' හේ හේ.. සීහශාලී , මඩ පුෂ්පය හොදින්... තනිව නොවේ අඥාන ස්ලෝ-ධජ.. හී.. '' එවර ඇයගේ වදන්වලට සුලෝධජ හිස ඔසවා බැලුවේ ය. ඔහු තමා දැකීමෙන් තරමක් තිගැස්සුණු වග ද අනතුරුව තිගැස්සීම පරයමින් මුහුණෙහි මතුවූ ක්ෂණික උපහාසාත්මක සිනහව පාලනය කිරීමට ද වෙහෙස වන ආකාරය මිධුනාථට පෙනුණි . ඔහු පමණක් නොව සියලුම දාසයන් ද බිම බලා සිනාසෙනු දැකීම මිධුනාථ නොරිස්සුවේ ය.

තමා සිටින ආකාරය ඔහුට සිහිපත් වූයේ එවිට විය . සිය වස්ත්‍රයන් සියල්ලක්ම පාහේ මඩින් නැහැවී ගොසින් විය . සීහශාලී සිය කෙස් වැටිය මත නාමල් ගවසමින් කුමක් සිදු කළේ දැයි මිධුනාථ නොදැන සිටියේ ය. දාසයන් බිම බලා සිනා නැගූ අකාරයට එය සරල යමක් නොවූ වග මිධුනාථ වටහා ගත්තේ ය. ඔහුගේ දෙසවන් අග රත්පැහැ ගැන්වෙනු මිධුනාථට දැනුණි . 

'' හී... සුන්දරයි නොවේ ද ?? සීහශාලී තමා සැරසුවේ.... '' ඇය මිධුනාථ අසලට දිව එමින් පැවසුවේ අභිමානයෙනි. ඇයගේ ප්‍රකාශයෙන් සුලෝධජගේ සිනහව මදක් පිටපනිනු ද මිධුනාථ යන්තමින් දුටුවේ ය. ඒ බොහෝ කලකින් විය . ඔහුගේ වම්පස කොපුල යන්තමින් වල ගැසී ක්ෂණිකව අතුරුදන්ව යන අකාරය මිධුනාථ නිරීක්ෂණය කළේ ය.

'' පියාණන් සුන්දරයි නොවේ ද ? '' සීහශාලී නැවතත් විමසුවා ය.

'' කව්රුන් ?? !!! '' එවර සුලෝධජ නැගී සිටියේ සිය සුපුරුදු රෞද්‍ර විලාසයෙනි .

'' පියාණන්... . '' සීහශාලී පැහැදිලිව පැවසුවේ මිධුනාථගේ සුලැගිල්ලෙහි එල්ලෙමිනි . ඇය සිනාසී මිධුනාථ දෙස බැලුවා ය.

'' ශාලි ! මමයි නුඹේ පියාණන්.. '' සුලෝධජ දැඩිව පැවසුවේ ය.

'' න්හැ.... නැහ්... ඔහුයි මගේ පියාණන්. ඔබ අඥාන ස්ලෝ-ධජ... එසේ නොවේ ද පියාණෙනි ? '' ශාලී තමා වෙත දෑස් යොමු කරමින් විමසනු මිධුනාථ බලා සිටියේ ය. සුලෝධජගේ මිට මෙලවෙනු මිධුනාථ දුටුවේ ය.

'' මොහු නුඹේ මාමණ්ඩි.. පියාණන් නොවේ.. ''  ඔහුගේ බැල්මෙහි රෞද්‍ර බවක් ලියවී තිබෙනු මිධුනාථ දුටුවේ ය.

'' නැහ්... ඔබ ශාලීගේ පියාණන් නේද ?? නේද ??? එසේ යැයි පවසන්න.. නේද ? '' ඇය විමසුවේ මිධුනාථ වෙත හැරෙමිනි . මිධුනාථ එසේ යැයි ඇය වෙත හිස සලා ඇයව ඔසවා ගත්තේ ය.

'' තමුන් උමතුවෙන් ද !!! ඇයව බිමින් තබනවා !!! දැන්ම !!!! '' සුලෝධජ ගිගිරුවේ සමස්ත දාසියන් ද කම්පනයට පත් කරමිනි .

'' පියාණන් වුවත් මාමණ්ඩිය වුවත් ඇයගේ භාරකාරිත්වය හිමි මා හට.. නැති නම් සුග්‍රීව හෝ වෛශව අසපුවේ කව්රුන් හෝ හට මිස තමුන්ට නොවේ !!!  ''  එවර හදිසි කෝපයෙන් මිධුනාථ ද කෑගැසුවේ ය.

සීහශාලී සම්බන්ධව ඔහු පහසුවෙන් දුර්වලව වියරු වැටෙන වග මිධුනාථ ක්ෂණිකව වටහා ගත්තේ ය. සීහශාලී ද තිගැස්සී යනු මිධුනාථ දුටුව ද ඔහු ඇයව මෘදුව සැනසුවේ ය.

'' තමුන් කුමකට ද සැරසෙන්නේ !!!!! ඇයව බිමින් තබනවා දැන්ම !!!! ශාලී,. මෙහි පැමිණෙනවා !!! '' සුලෝධජ කෝපයෙන් කෑගැසුවේ ය. සුලෝධජගේ රෞද්‍ර ස්වභාවයට සීහශාලී තිගැස්සී ගොස් තමාට තවත් තුරුළු වනු මිධුනාථට දැනුණි .

'' කිම ද ? වෛශව අසපුවේ කුඩා දරුවන්ට තමුන් සිදු කළ දෙය අමතක ද !!!!!!! එය එතරම් පහසුවෙන් අමතක කර දැමුවාද තමුන් !!!  තමුන් වැනි නිර්ලජ්ජිත මෘගයෙකු සමීපයේ ඇය වැනි කුඩා දරුවන් තැබිය නොහැකියි ! '' මිධුනාථ ද එවර කෝපයෙන් කෑගැසුවේ ය.

සුලෝධජ කම්පනයෙන් පියවර පසුපසට තබා කෝපයෙන් සිය අසිපත පිටතට අදිනු මිධුනාථ දුටුවේ ය. ඔහු ඉක්මනින් සීහශාලීව පසෙකට ගත්තේ ය.

'' අඥාන ස්ලෝ-ධජ කෝපගෙන ද ?.. ඔහුට රිද්දන්න එපා....ඔහු හොදයි... ශාලීට ඔහු අවශ්‍යයි '' ඇය තමාට තුරුළු වෙමින් මුමුණනු මිධුනාථට ඇසුණි . ඇය සුලෝධජ වෙත කෙතරම් ලෙන්ගතු දැයි මිධුනාථ පෙරදීත් වටහා ගෙන සිටියේ ය. සීහශාලී සමීපයේ තබාගෙන සුලෝධජ වෙත පහරදීමට ආකාරයක් ද නොවී ය .

'' ඇයව තබනවා බිමින් !!! දැන්ම !!! '' සුලෝධජ අසිපත තමා වෙත එල්ල කරමින් පවසනු මිධුනාථ බලා සිටියේ ය. ඔහුගේ දෑස් අතිශයින්ම රෞද්‍ර විය .

'' උතුමාණෙනි !!! '' මිධුනාථ සහනයට පත් කරමින් පිටත අංගනයේ සිට දිව ආ ධීර මැදිහත් වූ අතර භාසුර සුලෝධජව අල්ලා පසෙකට කළේ ය.

'' සුලෝධජ !!!! '' භාසුර තරමක් දැඩි හඩින් ආමන්ත්‍රණය කළේ ය. ඔහුගේ හඩට සුලෝධජ තරමක් මෙල්ල විය . ධීර සීහශාලී වෙත දිව විත් ඇයව සිය සමීපයට ගත්තේ ඇයව සනසමිනි . එවර සුලෝධජ මදක් සන්සුන් විය .

ශාලී, ධීර මගහැර සුලෝධජ දෙසට දිව යනු මිධුනාථ දුටුවේ ය. ඇය සිය හැඩීම වළක්වා ගනිමින් සුලෝධජගේ බදපටියෙහි එල්ලෙනු මිධුනාථ දුටුවේ ය. ඔහු සිය අසිපත නැවතත් කොපුව තුලට බහාගෙන එම ස්ථානයෙන් පිටව ගියේ ය . තමා තීර්ථ මාළිගය තුළ කොහි යන්නේ දැයි මිධුනාථ නොදැන සිටියේ ය. සුග්‍රීව හෝ ථිත පිළිබද කිසිවක් නොදැන ඔහුට පිටව යාමට ආකාරයක් ද නොවී ය.

ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව නැවත වතාවක් සුලෝධජ දරුණු ලෙස වේදනාවට පත් කළ වග මිධුනාථ වටහා ගත්තේ ය. මහීධ සිහිපත් වීම මිධුනාථ කෝපයට හා වේදනාවට පත් කළේ ය.

සමස්ත තීර්ථ මාළිගය තුළ කිසිවෙකු ඔහුට බාධා නොකළ අතර රාත්‍රියේම ඔහු උද්‍යානය වෙත අැවිද ගියේ ය. ඔහු නිසොල්මනේ හෝරාවක් පමණ ඔබ මොබ ඇවිද්දේ ය.

ඔහු නිදහසේ අසුන් ගැනීමටත් පෙරම ඇසුණු ශබ්දයට ඔහු ඉක්මනින් තමා වඩා චක්‍රාධාරක වළල්ලක් ගොඩ නගා ගනිමින් සිය අසිපත ද සුරතට ගත්තේ ය. ඔහු අදුරේම වෘක්ෂ ලතාවන් වෙතට නෙත් යොමු කළේ ය.

එහි ඍජු ලීලාවෙන් සිටගෙන සිටි සුලෝධජ දැකීමෙන් ඔහු තරමක් සැහැල්ලුවට පත් වුව ද ඔහුගේ දෑස්වල වූ රෞද්‍ර භාවයෙහි නම් අඩුවක් නොවී ය. ඔහුගේ අසිපත නිදහස්ව ඔහුගේ සුරතෙහි රැදී තිබුණි .

.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

A/N -

* එක පාර ආදරය කරන්නයි වෛර කරන්නයි පුළුවන් ද? ඔය දෙකේ තියෙන්නේ පොඩි වෙනසයි.... වෙනස පෙරළ ගත්ත දවසකට බලාගන්න පුළුවන්.. * ළගදීම *

* සුලෝධජටවත් මිධුනාථටවත් තියෙන්නේ වෛරය නෙවේ , වේදනාව.. සමහර විට වෛරයට වඩා දරුණු විදියට වේදනාව පිට වෙන්න පුළුවන්.. කව් ද දන්නේ.. [ අහිංසක ඕතර්ම තමා ]

* බුහාහහාා... මල් වැනි ඕතර් සේවයට වාර්තා කරනවා...

* 😉

[ ශාලීගේ ක්ලූර මිදි ගෙඩිය..මෙයා ශාලිත් එක්කම ලොකු වෙනකොට..ලස්සනයිනේ...හී හී  ... ]

Continue Reading

You'll Also Like

36 Letters By OLIVE

General Fiction

1.2K 225 19
"තමුසෙට කතා කරන විදිහ කවුරුත් උගන්වලා නෑ වගේ." "තමුසේ ඔය හන්ගගත්ත එකාගෙන් අහපන්! අවුරුදු හතකට කලිනුත් ඔහොම හැංගුනේ නැත්තම් මට කතා කරන විදිහ උගන්වන්න...
28.8K 4.7K 33
"ඒ නූනා...මං කැමතී වන්ග් යීබොට...මට එයා ළඟ ඉන්න තිබුණනම්..."❤️😃 "පිස්සු නැතුව ඉන්නවා ශානයෝ..ජොබ් එකක් හොයාගන්න බලනවා...ඉගෙන ගනත් ජොබ් එකක් කරන්නෙ නෑ...
552K 64.4K 184
Divine doctor : Daughter of the first wife [ မြန်မာ ဘာသာပြန် ] Author : 杨十六 (Yang Shi Liu) English Translator : Spring Rain Translations Group Discla...
3.5K 766 18
හැමෝම හිතන් ඉන්නෙ idol කෙනෙක් වෙන එක ගොඩක්ම අමාරු දෙයක් නෙමෙයි කියලා . ඒත් ලොකු කට්ටක් කාලා වුනත් එතනට ගියා කියමුකෝ ඊට පස්සෙ හැමදේම හරියනවා කියලද හි...