seven notes

By boosooky97

2.9K 441 1.2K

๐Ÿค—๐Ÿค—๐Ÿค— short story เท„เถญเถšเทŠ..๐Ÿ™„๐Ÿ™„โค๏ธlove story ๐Ÿ˜…๐Ÿ˜…๐Ÿ˜…๐Ÿ™„๐Ÿ™„sad ending เถ’เท€เถญเทŠ เถญเท’เถบเท™..๐Ÿคช๐Ÿคช๐Ÿคช More

seven notes
The hidden writer's love story
The hidden writer's love story
The hidden writer's love story
The hidden writer's love story
the hidden writer's love story
we haven't enough time
we haven't enough time
we haven't enough time
we haven't enough time.
we haven't enough time
we haven't enough time
gook's diary
gook's diary
the last kiss.โค๏ธ
The last kiss โค๏ธ
the last kissโค๏ธ
the last kissโค๏ธ
The last kissโค๏ธ
The last kissโค๏ธ
My hope๐Ÿต๏ธ

the hidden writer's love story -- part -01

362 32 49
By boosooky97

Part -01

හීනියට වැටුන පොදේකුත් එක්ක ආපු පින්න නිසා යූ ජීගෙ මුලු මූනම නෑවිලා ගියා..කෙල්ල හොද හුස්මකුත් අරන් ඇස් දෙකත් පියාගෙන ඒ නැවුම් හැගීම විදගත්තෙ පුදුම ආසාවකින්....මුලු ඇගේම විදුලියක් වගෙ සීතලක් එක පාරටම ඇදිලා ගියේ මුලු ඇගේම හිරිගඩු පිපිලා...

මුලු සෝල් අහසම වැහි වලාකුලින් බර වෙලා....වෙලාව හවස 3 වත් වෙලාවත් නොතිබුනත් මුලු සෝල්ම තිබ්බෙ හවස 6 ත් පහු වුනා වගෙ අදුරක...වැස්සක පෙර නිමිතිත් එක්කම මුලු නගරෙම අමුතු කරුවලකින් වැහිලා ගිහිල්ලා...

කෙල්ල තවත් බැල්කනියෙ අත් වැටට බර වෙලා ඈත අහස දිහා බලන් හිටියෙ අලුත් නගරෙ අලුත් දවසක සුන්දරත්වය විදින ගමන්...යූ ජී ඉල්සාන් වල ඉදලා කලින් දවසෙ සෝල් වලට ආවෙ පවුලෙ සෝල් වල තිබ්බ business එකකට සම්බන්ද වෙන්න.කෙල්ලගෙ අප්පා කොච්චර අකමැති වුනත් කෙල්ලටත් පොඩි ආසවක් තිබ්බා අප්පගෙ වැඩ වලට උදව් කරන්න.කෙල්ලට පැවරුනෙ සෝල් වල තිබ්බ book publishing company එකේ වැඩ ටික බලාගන්න..යූජී කොහොමත් පොඩි කාලෙ ඉදන්ම පොත් කියවන්න ගොඩක් ආස කරා.කෙල්ලෙ මේ company එකේම වැඩ කරන්න ඉල්ලුවෙ යූ ජීට එයා ආස writer ලා හම්බවෙන්නත් පුලුවන් නිසා..යූ ජී ලගෙ company එක සෝල් වල තිබ්බ හොදම company වලින් එකක් නිසා හුගක් writer ලා පොත් publishe කරගත්තෙ යූ ජීලගෙ company එක හරහා. ..කෙල්ලෙගෙ තාත්තා කෙල්ලව නතර කරේ සෝල් වල තිබ්බ එයාලගෙම ගෙදරක....

යූජී තනියම ගෙදර කිසිම බයක් නැතුව පදිංචි උනේ පුලුවන් හැම වෙලාවකම ඔම්මයි ,අප්පයි බලන්න එන නිසා..අනික company එකෙන් නිතරම ඒ ගෙදර බලාගත්තා..

ගේ ඉස්සරහින්ම ගලාගෙන ගියෙ පොඩි දිය පාරක්..යූ ජීගෙ ගෙදරත් එක්කම එහා පැත්තෙ තිබුනෙ පුංචිම පුංචි පාර්ක් එකක්..එතන හුගක් පාලුවට ගිහින් කවුරුවත්ම එන්නෙ නැති ගානයි...ඒත් එතන පුදුම ලස්සනයි...

යූ ජී හෙමිහිට කුඩේකුත් අරන් පොදේම පාර්ක් පැත්තට ගියේ වැස්ස පටන් ගන්නකොට වැස්ස දිහ බලන් ඉන්න හොදම තැන එතන කියලා හිතුන නිසා..කෙල්ල පොඩි කාලෙ ඉදන්ම වැස්සට ඒ තරම්ම ආදරේ කලා..

පාලුවටම ගියා කිවුවට පාර්ක් එකට අද නම් පාලු නැතුව ඇති..යූ ජීට හිතුනෙ ඈතින් බෙන්ච් එකක් උඩ පිටුපාලා වාඩි වෙලා ඉදන් ඇල දිහා බලන් හිටපු කෙනා දැකලා..යූ ජී ඒ දිහාවට නොගිහින් ටිකක් එහායින් වෙන්න ගිහින් හිටගෙන ඈත බලන් හිටියෙ වැස්ස පටන් ගන්නක්...

වාඩි වෙලා හිටපු කෙනාට නම් යූ ජී ආවා කියලා ගානක් වත් තිබුන්නෑ කියලා යූ ජීට දැනුනා..බලාගත්තු අත ඔහේ බලාගෙන එයා හිටියෙ එයාගෙම කල්පනා ලෝකෙක..වැස්ස හිරි පොදෙන් පටන් අරන් ටික ටික සැර වෙන්න ගත්තා..වැස්ස බලන්න කියලා ආවත් කෙල්ලගෙ ඔලුවෙ වැඩ කරේ එහායින් වාඩි වෙලා හිටපු කෙනා...

වැස්ස කොච්චර සැර උනත් එයාට නම් ගානක් තිබ්බෙ නෑ..අඩුතරමෙ වහිනවද කියලවත් එයා දන්නෙ නැති ගානයි වගෙ.එයා ගාව තිබ්බ නිවිච්ච පාට කෝෆී කෝප්ප දෙකයි buckwheat මල් මිටියයි ඔහේ වැස්සට තෙමෙන්න ගත්තා ..වැහි බින්දු වල සැරට buckwheat මල් වල තිබ්බ චූටි මල් පෙති ගැලවිලා හේදීලා ගියේ යූ ජීගේ හිතේ අමුතු හැගීමක් ඇති කරන ගමන්මයි..

Buckwheat flowers..❤️

එයා මොන වගේද කියලා බලාගන්න යූ ජීට උවමනාවක් තිබ්බත් එයා හිටියේ මූන බිමට හරවගෙනමයි..වැහි බින්දු ඒ කොන්ඩෙ දිගේ බේරිලා පහලට වැටුනා..අඩුතරමෙ එයා හුස්ම ගන්නවද නැද්ද කියලවත් යූ ජීට පෙනුනෙ නෑ..වැස්සත් ටිකෙන් ටික සැර වෙන්න ගත්තා..

කෙල්ල හෙමින් හෙමින් ඒ මනුස්සයා දිහාවට අඩිය තියන්න පටන් ගත්තා... එයා ගාවට යන්න හිතුනු හේතුවක් යූ ජීටවත් තේරුනෙ නෑ...ඒ කුතුහලේද?????? මේ මනුස්සයට මොනා වෙලාද කියලා තිබ්බ බයද???

"" අජුස්සි ඔයා තෙමෙනවා..ඔහොම තෙමුනොත් ලෙඩ වෙයි"" කෙල්ල ඒ මනුස්සයාටත් එක්ක කුඩේ ඉහිලුවෙ එයාගෙ පැත්තකින් හිට ගෙනමයි...තත්පරයක් දෙකක් කිසිම ප්‍රතිචාරයක් තිබ්බෙ නෑ... "" අජුස්සි"" යූ ජී ආපහු කතා කලේ සැකෙන්....

එයා කොන්ඩෙ අතින් පිටිපස්සට කරලා මුනේ බේරුන වතුරත් අතින් පිහිදාන ගමන් යූ ජී දිහා එක පාරට හැරිලා බැලුවා..කෙල්ල අඩි දෙකක් පස්සට යැවුනේ ඉබේමයි..ඒ ඇස් රතුම රතු පාටයි...ඒ රතු ඇස් වලින් යූ ජී දිහා බැලුවෙ පුදුම තරහකින්..කෙල්ල ඒ බැල්මට ගැස්සිලා ගියා..එයාගෙ මුලු මූනම රතු වෙලා..අඩලවත්ද?

ඒ ඉක්මනින්ම එතන තිබ්බ කොෆී කෝප්ප දෙකයි buckwheat මල් මිටියයි අතට ගත්තු එයා වැස්සෙම තෙමි තෙමි යන්න ගියේ coffe කෝප්ප දෙකයි මල් මිටියයි එතන තිබ්බ කුනු කූඩෙට විසි කරන ගමන්මයි..

යූ ජීට හොද පාඩම..අම්මයි අප්පයි කිවුවෙ නොදන්න කිසිම කෙනෙක් එක්ක කතාවට යන්න එපා කියලා අවුරුදු 23 කට කෙල්ල අම්මා අප්පා නැතුව තැනක ඉන්නවාමයි..නොදන්න මනුස්සයෙක්ට කතා කරාමයි...අමුත්තා යූජීගෙ ඇස් පෙනෙන මානෙන් දුරකට ගිහින් ඉවරයි..ඒත් යූ ජී තාම ඒ දිහා බලාගෙන මතක් කරේ ඒ ඇස්.. ඒ ඇස් වල තිබ්බෙ පුදුම තරහක්..."" මන් තරහ ගන්න දෙයක් කිවුවයෑ..🙄 තෙමෙන හින්දනෙ කුඩේ ඉහිලුවෙ..හොදක් කරන්න ගියත් බාල්දි..😑"" ඒ ඇස් මතක් වෙන්න වෙන්න කෙල්ලෙට දැනුනෙ අමුතු බයක් .. "" ඇස් රතු ..🙄 ...හොම්මනක්වත්ද?..

""පලවෙනි වැහි සීරාව වහින කාලෙට තමයි දිය හොල්මන් එලියට එන්නෙ "" ඉස්සර යූ ජී වැස්සෙ නටනකොට බේරන්නම බැරිවෙනකොට කෙල්ලගෙ හැලමොනි ඔය කතාව කියලා කෙල්ල බය කරා කියලා කෙල්ලට කරුමෙට මතක් වුනා. බැරිවෙලාවත් .ඒක ඇත්තක්වත්ද? 🙄

"" හැලමොනිට හාල් ගරන්න """ කෙල්ල කුඩෙත් විසි කරලා දාලා ඇදන් හිටපු දිග සිලික් ගවුම අත් දෙකෙන්ම උස්සගෙන ගේ දිහාවට දුවන්න පටන් ගත්තෙ මඩ නාගෙනමයි..හානේ..අහිංසකී..ඇදන් හිටපු වහන්තරේත් කරුමෙට දිගයි ..කෙල්ල වැට ලගටම ඇවිල්ලා පොලව බදාගත්තෙ වහන්තරේ පෑගිලාමයි..🤣 ඔලුවෙ ඉදන් මඩ නාගෙන සෙරෙප්පුවකුත් ගලෝගෙන කෙල්ල ගෙටම දුවල දොරත් වහලමයි නතර වුනේ...මග වැටුනු සෙරෙප්පුව ගන්නවත් කෙල්ල නෙවෙ නතර වුනේ..😑

කෙල්ලට රෑ හරියට නින්ද ගියේ නැති ගානයි..ඇස් පියවීගෙන එනකොටම ඒ ඇස් මතක් වෙනවා...යූජී මුලු ගෙදර පුරාම ලයිවත් off කරේ නැත්තෙ බයටමයි..

උදේ පාන්දරම driver ආවෙ යූ ජීව company එකට එක්කන් යන්න..කෙල්ල park එක පැත්තට යන්න බය නිසා මග දාලා ආපු සෙරෙප්පුවයි කුඩෙයි ගෙන්න ගත්තෙ driver ට කියලා..🤣 යන්තන් ඒ මනුස්සයා ඒ ටික හොයලා දුන්නෙ ""ඇයි මැඩම්"" කියලවත් නාහා ..කෙල්ලගෙ වාසනාවට .. නැත්තන් ඕවට උත්තර බදින්න ගිහින් එහෙන් මෙහෙන් ඕවා අප්පගෙ කනට ගියොත් මෙහෙ ඉන්න ticket එකත් කැපෙනවා...

සති ගානක් කලබලයක් නැතුව දවස් ගෙවිලා ගියා...යූ ජීට රතු ඇසුත් ටික ටික අමතක වෙලා යන්න වගෙ ගියා...ඒත් සති දෙකකට විතර පස්සෙ සිකුරාදා දවසකම යූ ජී දැක්කෙ ඒ මනුස්සයා ආපහු park එක පැත්තට යනවා...කෙල්ල වරුවෙන් office එකේ වැඩ ඇරිලා ගෙදරට ඇවිල්ලා බැස්සා විතරයි...

යූජී හෙමීට driver ට ඇන්නෙ """ අ...ර... අරෙහෙ කවුරුහරි යනවා වගේ පේනවද?"" කියලා අහන ගමන්මයි..

""" ආහ්.. ඔව් මැඩම්.. කවුරුහරි පිරිමි කෙනෙක්..ඔතන park එකට ඉදලා හිටලා කට්ටිය ඇවිල්ලා යනවා..මිනිස්සු ඇතෑරලා වගෙ දාලා තිබ්බට එතන හරිම ලස්සනයි""

කෙල්ල මූන දිගේ බේරුන දාඩිය ටික පිහිදැම්මෙ හිරවෙලා වගෙ තිබ්බ හුස්ම ටික යන්තන් පහලට දාන ගමන්මයි..ආපහු ඒ මනුස්සයා දැක්කා විතරයි කෙල්ලට දාඩියත් දැම්මා...driver ටත් පේනවා නම් කෝමද හොම්මනක් වෙන්නෙ..අනික මේ මහ දවල්.... එදයින් පස්සෙ කෙල්ලට සුවර් හොම්මනක් නෙවෙ ඒ මනුස්සයෙක් කියලා...

අමුත්තා park එකට ආවෙ සති දෙක තුනකට සැරයක්..ඒකත් සිකුරාදා දවසට විතරයි.ඒ එන හැම වෙලාවකම එයාගෙ අතේ coffe කෝප්ප දෙකකුයි buckwheat මල් මිටියකුයි තිබ්බා...ගෙදර ඉදන් කෙල්ල ඔත්තු බලලා විස්තරේ හොයාගත්තෙ අමුත්තා නැති වෙලාවට park එක පැත්තට යන්න.. යූ ජී අමුත්තව මගෑරල ඉන්න තීරනෙ කරේ ආපහු කරදර ඕනි නෑ කියලා හිතාගෙන....

දවසක් කෙල්ල පොතකුත් අරන් park එක පැත්තට ගියේ නිදහසේ කියවන්න කියලා හිතාගෙන..ඒත් යූජී ඈත තියාම දැක්කෙ අමුත්තා එදා වගෙම වාඩි වෙලා ඈත බලන් ඉන්න හැටි..යූජී ආ පයින්ම අනිත් පැත්තට හැරුනෙ අමුත්තා දකින්න කලින් එතනින මාරුවෙන්න.... "" අද එයාගෙ දවසත් නෙවෙ..😒😒""" කෙල්ල පිටිපස්ස හැරි හැරි ගියේ තනියම කියවන ගමන්මයි...

තවත් දවසක හවස යූ ජී පොතකුත් අරගෙන park එකට ගියේ අමුත්තා අද park එකේ නෑ කියලා සුවර් කරගත්තට පස්සෙ... "" අම්මො...නිදහස.."" කෙල්ල පපුව පිරෙන්න හුස්මකුත් අරන් පොත කියවන්න ගත්තා...

ඒත් එක්කම කෙල්ලට ඇහුනෙ park එක පැත්තට කවුරුහරි ඇවිදගෙන අඩි සද්දෙ... මේ මාස ගානට මේ park එකට ආවෙ එකම එක්කෙනයි ...🙄🙄🙄ඒ... "" අමුත්තා"""

කෙල්ලෙගෙ ඇස් උඩ ගියා..යූ ජී පිටිපස්සවත් හැරිලා බැලුවෙ නැත්තෙ බයටමයි...ඒ ඇස් දැනටමත් තරහින් රතු වෙලා ඇති...

ඒත් අමුත්තා ඇවිල්ලා යූ ජීට බංකු දෙකක් එහායින් වාඩි වුනේ කිසි කලබලයක් නැතුවමයි...යූ ජී අමුත්තට අවදානෙ නොදුන්න ගානට පොතට මූන ඔබාගෙන පොත කියවනවා වගෙ රගපාන්න අමාරු උත්සහයක් ගත්තා.. එක පාරට නැගිටලා දුවන්න කියලයෑ...එහෙම ගියොත් ඒ මනුස්සයා වෙන මොනවහරි හිතයි...කෙල්ල පොතටම තව තවත් මූන පාත් කරගත්තා...

ඒත් යූ ජීට පොත කියවන්න තියා පොත දිහා බලන් ඉන්නවත් බෑ වගෙ..කෙල්ලට දැනුනෙ අමුත්තක්..... අමුත්තා .... එයා කෙල්ල දිහා බලන් ඉන්නවා වගේ...හෙල්මනක් නොවුන මිනිස් අමුත්තට කෙල්ලෙ මෙච්චර බය ඇයි කියලා කෙල්ලවත් දන්නෑ...කෙල්ල හෙමීට ඔලුව උස්සලා අමුත්තා දිහා බැලුවෙ ඉබෙමයි..ඔව්ව්ව්....එයා හිටියෙ යූ ජී දිහා බලාගෙන.....

------------

Shor ff නෙහ්..🤗🤗 පොඩි පොඩි කොටස් තියෙන්නෙ...

Continue Reading

You'll Also Like

1.1M 35.8K 62
๐’๐“๐€๐‘๐†๐ˆ๐‘๐‹ โ”€โ”€โ”€โ”€ โi just wanna see you shine, 'cause i know you are a stargirl!โž ๐ˆ๐ ๐–๐‡๐ˆ๐‚๐‡ jude bellingham finally manages to shoot...
130K 4.6K 39
โ if I knew that i'd end up with you then I would've been pretended we were together. โž She stares at me, all the air in my lungs stuck in my throat...
381K 14.4K 44
แ€ค Fic แ€žแ€Šแ€บ แ€กแ€›แ€™แ€บแ€ธแ€›แ€ญแ€ฏแ€„แ€บแ€ธแ€…แ€ญแ€ฏแ€„แ€บแ€ธแ€žแ€ฑแ€ฌ แ€กแ€žแ€ฏแ€ถแ€ธแ€กแ€”แ€พแ€ฏแ€”แ€บแ€ธแ€แ€ฝแ€ฑแ€€แ€ญแ€ฏแ€žแ€ฌแ€žแ€ฏแ€ถแ€ธแ€‘แ€ฌแ€ธแ€žแ€ฑแ€ฌ Big Warning ๐Ÿšจ18+ Fic แ€แ€•แ€ฏแ€’แ€บแ€–แ€ผแ€…แ€บแ€žแ€Šแ€บ แ‹
1.3M 55.6K 103
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC