"ආහ් මල්ලි නිදියන්න වගේ ලෑස්තිය. පුටුව සැප මදී වගේ නම් අපේ ඇදට එන්නත් පුලුවන්... අපි එක්කම නිදියන්න😏"
මොන දේ කිව්වත් කට වහන් ඉන්න එක තමා හොදම විසදුම කියලා මම තීරණය කරා.
"කෝ කෝ කස්ටිය නැගිටපල්ලා... අයියෝ මුන් බුදියන්නද මෙහෙ ආවේ...එලියෙ ඇවිදින්නේ නැද්ද... කෝ කට්ටිය...එන්නෝ..."
හීනෙන් සුපර්මෑනුයි සින්රෙල්ලායි එක්ක තට්ටු දෙකේ බස් එකක නැගලා වෝල්ඩෙමෝඩ් ගේ නහය කපපු එකා හොයාගෙන යන ගමන් හිටිය මම, කනිශ්ක අයියාගෙ කටහඩට බය වෙලා එකපාරට ඇහැරුනා. Mini heart attack එකක් ආවා වගේ ගතියක් ටික වෙලාවක් යනකන්ම තිබුනා. සුපිරි මිෂන් එකක ඉද්දි ඔහොම බය කරන සිරිතක් තියනවද... අනේ මන්දා
" ඉදුවර මල්ලී එන්න පහලට"
"යෝයෝ... ඇයි මේ අයියලා එකපාරටම අපිට පහලට එන්න කියලා කෑ ගහන්නේ. මම බය වුනා"
"දන්නෑ අයියලා පාර්ටියක් දාමු කිව්වේ. ඒකද දන්නෑ නේ... යමු. ඔයාගෙ roommates ලා දෙන්නා නම් කලින්ම ගියා"
"හ්ම්...යමු"
අපි පහලට යද්දි visiting area එකේ අනිත් හැමෝම හිටියා. විසි දෙනෙක් විතර ඉන්නවා. අපිත් පහලට ගිහින් ඒ අයට එකතු වුනා.
"ඇති බං මෙතන ඉන්නේ"
"අඩ්ඩේ යෝයෝ උබ තනි කාමරේකලු නේ. මං මේ මන්බුද්ධියෝ හතර දෙනා එක්ක හිර වුනා"
"අහපු ප්‍රශ්නෙට උත්තර දියංකෝ"
"අපි දන්නෙත් නෑ බං. අදාල නෑ... වෙනදෙයක් වෙන්නැතෑ... බලං ඉමු"
මොකක්ද ඒ 'වෙන දෙයක් වෙන්නැතෑ' කතාව. ඒක ඇහුනම මගේ යටි පතුල් දෙකේ ඉදන් චූටි හිරියක් මොලේ දක්වාම ආවා.
"කරුනාකර සවන් දෙන්න.......🤣
ඔන්න එහෙනං මල්ලිලා.... අප ඔයාලාව පාර්දීසෙට කැන්දන් යන්නයි යන්නේ...... ලෑස්තිද?......."
මේ ඇවිත් ඉන්න පාරාදීසේ මදෑ. තව මොනවද පාරාදීස... ඒත් යාපා අයියා මේ කියන පාරාදීසේ බලන්න මගේ හිත යුහුසුලු වුනා
(ඕතරේ වෙතින් රීඩරේ වෙත: යාපයියා නෙවේ යාපා+අයියා බව මතක තබාගනිමින් චැප්ටරේ කියවන්න. ලේසියට සන්ධි කිරීමෙන් වලකින්න🤣🥴)
"යකෝ කනට ඇහෙන්න 'ලෑස්තියි' කියපල්ලා ලැජ්ජා නොකර..."
"ලෑස්තියි..."
"ජයවේවා..."
"යමූ...."
"අන්න ඒ ගැම්ම තියා ගනිව්"
යාපා අයියා තමයි සීනියර්ස්ලා අතරින් ඉදලා ඉදලා හරි ඔහොම ආතල් එකක් දෙන එක්කනෙක්ට ඉන්නේ. ආයුබොවන් කියන අක්කලා අපි දිහා බලන් හිටියේ හිනාව කාගෙන. එයාලාගෙ රතුවුනු මූණෙන් අපිට ඒක තේරුනා. ඔව් ඉතින් වෙනදට මිනිස්සු එන මේ හෝටලේට පලවෙනි වතාවටනේ හරක් රැලක් ආවේ...
අපි එලියට බැහැලා සුදු වැලි අතුරපු පොඩි අඩි පාර දිගේ ඉස්සරහට ගියේ අයියලා යන පාර අනුගමනය කරමින් මිස අපි යන්නෙ කොහෙද කියලාවත් අපිට දැනුවත් බවක් තිබුනේ නෑ. ඒ වෙද්දි හවස හය විතර වෙලා තිබුනු නිසා පාර දෙපැත්තේම ලස්සනට ලයිට පත්තු කරලා තිබුනා. ඇත්තටම ශොනාල් අයියා කිව්වා වගේ මේකත් සුපිරි ✌අත්දැකීමක් තමා✌.
ඒත් මම උදේ ඉදන් ශොනාල් අයියාව දැක්කේ නෑනෙ... තීක්ශන අයියාවත්. අඩුම ඒ දෙන්නා මෙතනට ආවද කියලාවත් මම දන්නෑ. ඒ දෙන්නා නැත්නං මම මෙතන ඉන්න එකේ තේරුමකුත් නෑ
"හරි එහෙනං තව ටිකකින් ඔයාලාට දැක බලා ගන්න පුලවන්....පපර පපර පා... වැඩ්ඩොන්ගෙ වැඩ"
Wooooow😳😳😳😳😳🥺❤❤❤❤
එතන තිබුනේ පුදුම ලස්සනක්. outdoor party එකක්🥺❤ swimming pool එකට එහා පැත්තෙන් වෙන්න මේස පුටු දාලා ලස්සනට කෑම මේසයක් හදලා තිබුනා. හැම පුටුවක්ම එක සමාන නෑ. සෝෆා... තඩි රවුම් බෝල ගෙඩි... සාමාන්‍ය පුටු... හැම ජාතියකම ඒවා තිබුනා. මේසෙ උඩ මිල අධිකම වර්ගයේ මත්පැන්. උසස් පැලැන්ති වල කට්ටිය කන කෑම වර්ග මේසේ පුරාවට. සමහර දේවල් මම පලවෙනි වතාවට දැක්කෙත් අද.
අදුර නොවැටෙන විදිහට එතන කහ එලි වලින් ආලෝකමත් කරලා තිබුනා. තටාකයේ ඇතුලිනුත් ලයිට් එලියක් විහිදුනා. මේ හැමදේම එකට ගත්තහම හිතට මොකක්දෝ උද්යෝගයක් දැනුනා.
ඒත් එක පාරට මගේ හිතේ තිබුනු උද්යෝගය දෙගුන තෙගුන වුනා
"යාපා... මේ ලමයින්ට නිදහසේ ඉන්න දෙනවා. මම කිව්වනේ කනිෂ්ක, මුට බොන්න දෙන්න එපා කියලා. පිස්සු කෙලිනවා ඊට පස්සේ🤣"
එයාලා කොහෙන් ආවද කියලා හිතා ගන්නවත් මට බැරි වුනා. උදේ ඉදං අතුරුදන් වෙලා හිටපු මගේ අයියලා දෙන්නා.... එක පාරට අපේ පිටිපස්සෙන් මතු වුනා. ශොනාල් අයියා යාපා අයියාගෙ කරට අත දාගෙන ගිහින් සෝෆා එකේ වාඩි වුනා. එයාගෙන් නම් වෙනදා තිබුනු ප්‍රීතිමත් ගතිය අදත් අඩු නැතුව ලැබුනා. එයාගෙ වල ගැහුනු කම්මුල් ඒ ගැන ඔප්පු කරා.
ඒත් තීක්ශන අයියා... එයාගේ මූණෙ කිසිම හිනාවක් තිබුනේ නෑ. මොකක්දෝ වේදනාවක් හිතේ දරාගෙන ඉන්න බව නම් මට හොදටම තේරුනා. ඒ වෙන කවුරුත් නිසා නෙවෙයි මම නිසා කියන එකත් මම හොදාකාරවම දැනන් හිටියා. එයාගෙ මැලවුනු මූණ... රතු වෙලා යටට ගිලුනු ඇස්.... වේලුනු තොල්... එයාගෙ පහුගිය දවස් කීපය ගෙවුනු හැටි ගැන මගේ හිතේ චිත්ත රූප මවන්න තරම්ම ශක්තිමත් වුනා.
"නෑනෑ මූ තාම සෝඩා විතරක් බීලා මේ දොඩවන්නේ....තාම මුගෙ ශෝ එක පටන් ගත්තෙ නෑ... බේබද්දා "
"ටැක්සි... එනවා... එහෙනං පුතෝ පටන් ගමු.... උබට පින්සිද්ද වෙන්න හැම මාසෙම වගේ අපි බඩ කට පිරෙන්න කනවා බොනවා ඈ... යමං"
"ආහ්... හරී. මල්ලිලා වාඩිවෙන්න... බෝතලයක් දියං මට"
මගේ හිතේ තිබුනු හැම පොඩි වේදනාවක්ම සමනය කරන්න සමත් වුනු ඒ කටහඩම අද මගේ හිතට දරාගන්න බැරි තරමේ වේදනාවක් ගෙන දුන්නා. එයාගෙ පොඩි වෙනසක් පවා මට දැනෙනවා. එයා කොච්චර ඒ දේ අනික් අයට නොපෙන්නවා ඉන්න උත්සාහා කලත් එයාගෙ ව්‍යාජ හිනාව අස්සෙන් කිසි කෙනෙකුට කියා ගන්න බැරිව තෙරපෙන වේදනාවක් මට පෙනුනා.
මමද වැරදි කාරයා... එයාද කියන කාරනේ අතර පලවෙනි වතාවට මම ඒ වෙලාවෙ දෝලනය වෙන්න ගත්තා. ඒ මූණ දිහා බලාගෙන එයා එහෙම දෙයක් කරා කියන එක ගැන අංශු මාත්‍රයක සැකයක්වත් ඒ මොහොතේ මට පහල වුනේ නෑ.
මම අනිත් පුටු වලින් ටිකක් ඈතින් තිබුනු ලොකුම ලොකු කුෂන් පුටුවේ වාඩි වුනා. වැවට පැන්නා වගේ ඒකට පැන්නාම ගිලෙන්නේ... මගේ හිතේ බොන්න නම් කිසි අදහසක් තිබුනේ නෑ...මෙච්චර වෙලාවකට... ඒත් බීපුවාම හිතේ දුක නැති වෙනවා කියලත් කතාවක් තියනවනේ...
"පොඩි එකා... ආ... අල්ලගන්න"
සතිශ අයීයා එකපාරට මොකක්ද සීතල දෙයක් මගේ දිහාවට විසි කරා. අපොයි!! රෙඩ්බුල් එකක්...
"අඩේ අපි බ්ලැක් සීල් බොද්දි ඉදුවර මල්ලිට රෙඩ්බුල් දෙන්නෙ ඇයි යකෝ. හිතක් පපුවක් නෑ..."
"පොඩි එකාට බොන්න පුරුදු කරන්න හොදනෑනෙ. මල්ලී ඕවා බොන්න. තව තුන හතරක්ම තියනවා"
කොහොමත් මට බොන්න ඒ හැටි උවමනාවක් තිබුනෙත් නෑ. ඒත් තාත්තා වැඩ මේසේ ලාච්චුව අස්සේ දාගෙන බොන මධ්‍යම පාන්තික ගිණි වතුර බෝතල් වලින් එහා දෙයක් දැකලා නොතිබුනු මට මේ අත්දැකීම ලබා ගන්නත් ආසාවක් නොතිබුනාම නෙවේ...
පදමට වැදීගෙන එද්දි තමා එක එකාගෙ කටවල් ඇරෙන්න පටන් ගත්තේ...
"මං...ආනවා...පස්න.... උත්තර දියං ඈ කට්ටිය..."
"කටවහගෙන කාපං යකෝ"
"බෑ මට පස්න අහන්න ඕනෙමයි... තුෂරයා... කියපං බලන්න උබට ඇයි කෙල්ලෙක් නැත්තේ තාම... ඈ..."
"මගේ හිටපු එකී තෝ හොයකම් කරපු හින්දා පකෝ"
"අඩේහ් මං... නෑ...ඒකිනෙ ආවේ...ඔව් නේ...හරි හරි... ආව එකීව මං ගත්තානේ. මගේ වැරැද්ද...ඒක පැත්...තක දාමු.
උබලට කියන්න මගේ මේ විසි හත් වෙනි කෙල්ල බම්... මට අද උදෙත් ඒකි මට බූට්දෙනවා. තොපිට කියන්න... මේ ගෑනු කොච්චර නරකද කියනවනං... මේකි මට full බූට් එක එකවැර දෙන්නෑ යකෝ... චුට්ට චුට්ට දෙන්නේ... මමත් ඉතින් ටික ටික කනවා...හරි නලකයි බම්. වේදනාහං භික්කවේ කම්මං වදාමි කිව්වලු..."
"උබ බූට කාලා වරෙන් මං ලගට. මම බලා ගන්නං උබව මලක් වගේ"
සදරු අයියා හිතේ තියාගෙන හිටපු දෙයක් ඒ වෙලාවේ එලියට දැම්මාද කියලත් මට හිතුනා... බීපුවාම හිත ඇතුලේ තියන හැමදේම එලියට ඇදලා ගන්න හරි ලේසියි. ඒත් හැමෝම පදම් වෙලා හිටපු නිසා මට ඇරෙන්න වෙන කාටවත් ඒක ලොකුවට දැනුනේ නෑ. අඩුම තරමේ ඒ කතාව කියපු එකාටවත් ඒ ගැන මට තරම්වත් ගානක් ගිහින් තිබුනේනෑ.
"අඩෝ මලක්... ඒ සිරාද... අඩේ මම මලක්...මම මලක්"
"තොපි මොනවද යකෝ ආදරේ ගැන දන්නේ... මම දන්න තරං ඔය කවුරුත් ද්ධෑ. මම නං කියන්නෙ ආදරේ ඈරන්න එපා... ආදරේ හරියට අන්නාසි වගේ. කද්දි නං රහයි... කෑවහං පස්සේ කසනවා..."
එක එක්කෙනා තමංගේ හිතේ තියන දේවල් ඒ විදිහට පිට කරද්දි මගේ ඇස් කෙලින්ම ගියේ තීක්ශන අයියා දිහාවට. මම ඔහුට පිටුපාලා හිටියත් අනික් අයගේ කතා අහන මුවාවෙන් යම්තාක් දුරකට එයා හිටපු දිහාවට මූණ හරවගන්න මට පුලුවන් වුනා. ඒත් අයියා හරිම නිදහසේ... හරිම හික්මීමකින් හෙමින් හෙමින් තමං ලග තිබුනු බොතලය හිස් කරා. ශොනාල් අයියාත් ඒ හැටි පදම් වෙලා හිටියේ නෑ. ඒ දෙන්නා මොනවා හරි දෙයක් ගැන තනියම සාකච්චා කර කර හිටි නිසා මම වැඩි වෙලාවක් ඒ දිහා බලන් හිටියේ නෑ. විශේශයෙන් ශොනාල් අයියා සැරින්සැරේ මං හිටි පැත්ත බලපු නිසා මට තවත් ඒ දෙන්නා දිහාව විපරමින් බලන් ඉන්න තිබුනු අවකාශ හේදිලා ගියා. එයාලා කතා වෙන්නේ මම ගැන කියලමයි මගේ හිත කිව්වේ. ඒත් නෑ.... අනේ මන්දා... මට මොකද... එයා වැරැද්ද කරේ ඒ නිසා එයා කතා කරන්න ඕනෙ මාත් එක්ක.... නෑ මමද වැරැද්ද කරේ.... නෑ එයයි... මමවත්ද.... නෑනෑ....
මම මගේ හිතත් එක්කම ද්වන්ධ සටනක නිරත වෙමින් ඉද්දි එකපාරට මගේ නම කවුරු හරි කතා කරනවා ඇහුනා.
"ඉදුවර මල්ලී... මොකද කියන්නේ ටිකක් බොමුද?"
"එපා අයියා. මං බොන්නෑ"
"නෑනෑ බොන්නම ඕනෙ"
ස්නෝපි බලෙන් මගේ කටට බොතල් කට තද කරලා මත්පැන් වත් කරන්න පටන් ගත්තා. මට හුස්ම ගන්නවත් ඉඩ නොතියා එයා එක දිගටම ඒක මගේ කටේ තද කරන් හිටියා.
"නවත්තනවා. පිස්සුද මනුස්සයෝ.... පැත්තකට යනවා... ඉදුවර මල්ලී... ඔයාට අවුලක් නෑනෙ"
මගේ නහයෙන් කටින්හැම තැනින්ම මත්පැන් වෑහෙන්න ගත්තා. සේරම පිට උගුරේ ගිහින් මම බොහොම අමාරුවෙන් ඉද්දීවත් තීක්ශන අයියා මං ලගටවත් ආවේ නෑ. ශොනාල් අයියා මට වතුර පොවනවා... පිටට තට්ටු කරනවා... පපුව අතගානවා... ඒත් තීක්ශන අයියා....එයා හිටපු තැන හිටපු විදිහටම...හරිම සැනසිල්ලේ ඉදගෙන මේ සිද්දිය දිහා බලාගෙන හිටියේ කිසිම හැගීමක් මූණෙ ඉතිරි නොකරගෙන.
"ටිකක් බිව්වම මැරෙන්නෑනෙ. අයීයලා තමා මූව පොඩි එකෙක් කරන්නේ"
"ස්නෝපි... පැත්තකට වෙන්න"
ශෝනාල් අයියාගෙ එක විධානයෙන් ස්නෝපි පැත්තකින් වාඩි වුනා. තැන්පත් ශොනාල් අයියාගෙ ඒ වෙනස ස්නෝපිට විතරක් නෙවෙයි මටත් කුතුහලයක්.
"ඉදුවර මල්ලී... ඔයානෙ අපේ පොඩි එකා... කියන්නකෝ බලන්න ඔයා කාටද වැඩිපුර කැමති?"
මද නිහැඩියාවකින් පස්සේ තිබුනු නිස්කලංක බව බිදගෙන වනිදු අයියා මගෙන් අමුතු ප්‍රශ්නයක් ඇහුවා. ඇත්ඒටම එයා අදහස් කරන්නෙ මොකක් වෙන්න පුලුවන්ද?
"මොකා"
"වැඩිපුර ආස අයියා කවුද බං"
වෙන අහන්න දේවල් නෑ වගේ පේස්සු විකාර දොඩවනවා...මට මගේ පාඩුවේ නිදහසේ ඉන්න දෙන්නෙ නෑ...
"එහෙම කෙනෙක් නෑ"
"අන්න අන්න මල්ලී අපිට කොකා පෙන්නවා... එක්කෙනෙක තෝරගන්න... ඔයාට හොදටම සලකන්නෙ කවුද...අයියෝ මේ ආස කවුද කියලා කියන්න බෑ නං pool එකට පැනලා නාන්න වෙනවා"
"මට පීන්න්න බෑ.. ඉන්න ඉන්න මම කියන්නම්"
"අන්න කොල්ලෝ... හැබැයි ඇත්තම කියන්න"
"මම වැඩිපුර කැමති ශෝනාල් අයියාට"
__________________________________________________________
හායිස් ❤
ලිය ලිය ඉද්දි නින්දත් ගියා. මුල අග ගැලපීමක් නැති වුනා නම්...මට කරන්න දෙයක් නෑ...හුම්...
ෂුභ ආරංචියක් හෑව්
තව තියෙනවෝ
කාටද ඉතිම් ආඩම්බර... මගේ පොත කියවන සියලු ලෝවැසි රසික රසිකාවියනි.... ඔබට තුති
(රසික රසිකාවියනි කියද්දි එනවා නිහතමානී නැති ආඩම්බරයක්😂✌)
එහෙනං කොල්ලෝ.... අපි ගියා
-bunny🐰