♛ අග්නි ♛

By Bulbz_D

164K 33.9K 28.9K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 64

1.6K 375 243
By Bulbz_D

කුටියෙහි වූ සදුන් ධූම සුගන්ධය කෙමින් කෙමින් අඩුව යනු මිධුනාථට දැනුන ද එය නැවත දැල්වීමට තරම් ඔහුට අවශ්‍යතාවයක් නොවී ය.

ඔහුගේ සිරුරට සාමාන්‍ය ශක්තිමත් භාවයක් ද දැනුණු මුත් සිය උරහිසින් දැනුණු වේදනාව හා ආහාර නොගැනීමෙන් ඇති වූ දුර්වල බව ද එලෙසම වග මිධුනාථ වටහා ගෙන සිටියේ ය. ඔහු තවමත් භෝජන දෙස වරක් හෝ නොබැලුවේ ය. ඔහු පිපාසයට පමණක් ජලය පානය කළේ ය. එහි වූ දෙළුම් බදුන ද මගහැරීමට තරම් ඔහුගේ සිත දැඩි විය . 

ඔහු විටින් විට විවිධ ක්‍රියාවල නියැලුණේ ය. මෙවැනි අවස්ථාවල සිය මිත්‍ර සගයන් වූ හැකරැල්ලන්ගේ අඩුව ඔහුට දැඩිව දැනුණ ද ඔහු එය මගහැරියේ ය. ඔහු සයනයෙහි උඩු වියන්වල කැටයම් දෙස ද මොහොතක් බලා සිටියේ ය. අනතුරුව ඒවායෙහි ජ්‍යාමිතික කෝණයන් සිතින් ගැන්නේ ය.

තමා කුමක් කළ යුතුදැයි මිධුනාථ නොදැන සිටියේ ය. ඔහු තවමත් තීර්ථ මාළිගයේ සිරකරුවෙක් විය . සුග්‍රීව හෝ ථිත කුමක් සිදු කරනු ඇතිදැයි මිධුනාථ නොදැන සිටියේ ය. තමාට සම්පූර්ණයෙන්ම සුවවන දිනයක් ඔහු නොදැන සිටියේ ය. තමා මිය යාමට ඉඩ නොහැර සුලෝධජ මෙලෙස ප්‍රතිකාර කිරීමේ අරමුණ මිධුනාථ අනුමාන කළේ ය.

'' සක්වල මුද්‍රාව හා යතුර මිස තමුන්ගේ  ගත හැකි අන් ප්‍රයෝජනයක් තිබේ ද ? ''

සුලෝධජ රෞද්‍රව විමසූ ආකාරය මිධුනාථට සිහිපත් විය. නිර්මිත පළදනාව ද තමා සතුව වග සුලෝධජ කෙසේ හෝ දැනගන්නට ඇති වග මිධුනාථ අනුමාන කළේ ය. ඔහුගේ සිතිවිලි සිස් විය. සියල්ල නැවතත් පෙර ලෙස තිබෙන දිනයක් පිළිබද ඔහුට සිතිය හෝ නොහැකි විය. ඔහුට කාලය පිටපසට ගැනීමට හැකි වූයේ නම් ඔහු කිසිදු පැකිළීමකින් තොරව එය සිදු කරන වග මිධුනාථ දැන සිටියේ ය. නමුත් අවාසනාවකට ඉකුත් සත් වසර වෙනස් කළ නොහැකි වෙනස්කම් රැසක් නිර්මාණය කර අවසන් විය .

සුලෝධජ සතුවූ රෞද්‍ර භාවය කිසිවෙකුටවත්  සිමා සහිත වූවක් නොවී ය. ඔහු කුඩා දරුවන් ද , කාන්තාවන් ද සමගින් සමස්ත වෛශව අසපුවම දවාලීම මිධුනාථට තවමත් විශ්වාස කළ නොහැකි විය. මහමත ඝූරෂ , ජඨිල හා ගීම ප්‍රධාන ඝාතනයන් පමණක් වුව ද ඔහු අතින් මිය ගිය ගණන විශාල වග මිධුනාථ දැන සිටියේ ය. කුඩා අතපසු වීමටත් තීර්ථය තුළ දඩුවම මරණය පමණක් විය .

ඔහු කෙතරම් රළු වුව ද සීහශාලී සතුව ඔහුගේ යටපත්ව ගිය ස්වරූපය සැගව තිබීම ද මිධුනාථට පැටළලි සහගත විය . සුලෝධජට සීහශාලී වෙත ඇත්තේ ශක්තිමත් බැදීමක් වග ඔහු සීහශාලී දැකීමෙන්ම පමණක් අනුමාන කළේ ය. ඇය එතරම්ම තමා දැන සිටි සුලෝධජ මෙන්ම විය . සුලෝධජගේ සියලු ලක්ෂණ සීහශාලී සොරාගැනීම ඔහු රෞද්‍ර වීමට හේතුව වග පවසමින් මිධුනාථ සීහශාලී වෙත බොළද ලෙස චෝදනා කළේ ය.

කුටිය පිටතින් ඇසුණු බරැති පියවර ශබ්දය මිධුනාථගේ සිතිවිලි බිද දැමුවේ ය. දාසයන් නිහඩ වූ ආකාරයෙන් ඒ කව්රුන්දැයි මිධුනාථ එක්වරම හදුනා ගත්තේ ය. ඔහුට එදෙස බැලීමට කිසිදු අවශ්‍යතාවයක් නොවී ය. තමාට නැගී සිටීමට හැකි තත්වයක් තිබුණි නම් ඔහු මොහොතකදු මෙකී අපායෙහි රැදී නොසිට තීර්ථ මාළිගයෙන් ඈතකට පලා යන වග මිධුනාථට විශ්වාස විය .

සුලෝධජගේ පියවර කුටියෙහි ද්වරය අසළදී තරමක් මන්දගාමීවනු මිධුනාථට ඇසුණු අතර ඒ සමගින් ඇසුණු පා සළඹෙහි කිංකිණි නාදයට ඔහු තරමක් වික්ෂිප්ත ස්වභාවයට පත් විය . ඔහුට එදෙසට නෙත් නොහෙළා සිටීමට ඇවැසි වූව ද සිය අකීකරු දෙනෙත් අනිච්ඡානුගවම එදෙසට හැරවෙනු මිධුනාථ විරුද්ධත්වයකින් තොරව අනුමත කළේ ය.

සුලෝධජ අදුරු හරිත පැහැය සහ ස්වේත පැහැ වස්ත්‍රවලින් සැරසී සිටි අතර ඔහුගේ බාහුව රූමත් තරුණියකගේ බද වටා දැඩිව වෙළී තිබෙනු දැකිමට මිධුනාථ අපෙක්ෂා නොකළේ ය. තමාට අැසුණු පා සලඹ නාදය කාගේදැයි මිධුනාථ වටහා ගත්තේ ය. ඔවුන් තමාට පිටුපා සිටිය ද ඔවුන් සිප ගනිමින් සිටින වග පැවසීමට මිධුනාථට දෙවරක් සිතීම අවශ්‍ය නොවී ය . තරුණියගේ දෑත් සුලෝධජගේ ගෙල වටා දැඩිව එතෙනුද මිධුනාථ බලා සිටියේ ය.

මිධුනාථගේ දෑත් නොදැනුවත්වම කැටපෝලය වෙතට යොමු වූ අතර ඔහු ඉක්මනින් සයනයෙහි අනෙක් පස හැරුණේ ය. සිය උරහිසින් දැනුණු වේදනාව පවා ඔහුට නොදැනෙන තරම් විය . ඔහු සිය දෑස් තරයේ වසා ගත් අතර කිසිවක් නොදුටු සේ සිය මනස සන්සුන් කරගැනීමට උත්සහ කළේ ය. සුලෝධජ හුදෙක් ආගන්තුකයෙකු වග මිධුනාථ සිය සිතට බලකොට පැවසී ය . නැත . සුලෝධජ සිය මලණුවන්ගේ ඝාතකයා වග මිධුනාථ දැඩිව තමා වෙතට පවසා ගත්තේ ය .

ඔහු කෙතරම් මනස සන්සුන් කිරීමට උත්සහ කළ ද සුලෝධජ වේගයෙන් හුස්මගන්නා හඩ මිධුනාථගේ දෙසවන් හරහා පැමිණ ඔහුගේ මනස ව්‍යාකූල කරවී ය. සිය උරහිසෙහි අබාධය නොතිබී තමා සුවෙන් සිටියේ නම් ඔහු මෙම ස්ථානයෙහි තවත් එක් මොහොතකදු රැදී නොසිටින වග මිධුනාථ දැන සිටියේ ය. සුලෝධජහට මෙම ස්ථානයෙන් පිටව යන ලෙස කෑගැසීමට මිධුනාථට අවැසි වුව ද මෙය අවසානයේ ඔහුගේ රාජකීය යහන් ගර්භය විය .

තරුණිය නගන කිංකිණි සිනහා මිධුනාථට නියගලා අල සිහිපත් කරවී ය. ඔහු කෝපයෙන් හස්තය මිට මොලවා ගත් අතර කෝපය පරයමින් නැගෙන වේදනාවට ඔහු නැගී සිටීම ඉඩ නුදුන්නේ ය.

ඔහු වේගවත් සිප ගැනීම් ශබ්දය නෑසුනා සේ දෑස් ද තදින් වසාගෙන සයනයෙහි ගුලි විය . ඔහුගේ හස්තයෙහි දැඩිව කැටපෝලය ගුලිවී තිබුණි . සුලෝධජ මින් පෙර අශාලා සිප ගනු මිධුනාථ බලා සිටිය ද ඒ ඔහු දැන සිටි සුලෝධජ විය . ඔහු අශාලා සිපගැනීමේ දී වුව ද ඔහුගේ දෑස්වල ගැඹුරු බැල්ම තමා දෙසට එල්ල වී තිබූ අකාරය මිධුනාථ පැහැදිලිව දුටු මුත් මෙවර සුලෝධජ තමා දෙස බැලීමට හෝ වෙහෙස නොවූ තරම් කාර්යබහුල විය .

'' අදට ප්‍රමාණවත් සොදුරිය... '' සුලෝධජ සිප ගැනීම වළක්වමින් පවසනු මිධුනාථට ඇසුණි .

'' උතුමාණෙනි..... '' තරුණිය නොරිස්සුම් සහගත ලෙස කෙදිරිලි නගනු ද මිධුනාථගේ කෝපය හා වේදනාව දෙකම යළිත් අවුස්සා දැමී ය. නමුත් ඔහු වදනකුදු නොපවසා කිසිත් නොවුණා සේ සිටියේ ය. ඔහු දෑස් ද තදින් වසා ගත්තේ ය.

'' පසුව... දැන් පිටවන්න..... '' සුලෝධජ එවර තරමක් දැඩිව අණ කර සිටියේ ය. ඔහුගේ අණ දෙවරක් ප්‍රශ්න කිරීමට තරම් තීර්ථ මාළිගයෙහි කිසිවෙකු නිර්භීත නොවී ය.  තරුණිය සුලෝධජ වෙත ආචාර කර පිටව ගිය පසු සුලෝධජ ශිලා ද්වාරය තනිවම වසා දමනුද මිධුනාථ අසා සිටියේ ය. ඔහු කුටියෙහි පහන් ද දැල්වූ වග එය තරමක් ආලෝකමත් වීමෙන් මිධුනාථ වටහා ගත්තේ ය. ඔහු දෑස් වසාගෙන නින්දේ පසු වූවාක් සේ සිටියේ ය.

'' මධුවිත ?? '' සුලෝධජ රළු ස්වරයෙන් විමසුවේ කැටයම් සහිත ලෝහ බදුන දෑතට ගනිමිනි . නිසැකවම තමා අවධියෙන් සිටි වග සුලෝධජ දකින්නට ඇති වග මිධුනාථ වටහා ගත්තේ ය

මිධුනාථ හැරී බැලීමට හෝ වෙහෙස නොවී ය. ඔහු සුලෝධජ සම්පූර්ණයෙන්ම නොතැකුවේ ය.  සුලෝධජ නැවතත් ලෝහ බදුන භාවිතයකින් තොරවම දඩාස් හඩින් පසෙකින් තබනු මිධුනාථට ඇසුණි . ඔහු කෝපගත් වග වටහා ගැනීම මිධුනාථ අපහසු නොවුණි .

සුලෝධජගේ තීව්‍ර පියවර හඩ කුටියෙහි අනෙක් පස තෙක් දෝංකාර දෙමින් දිව යනු මිධුනාථ අසා සිටියේ ය. ඔහු සෙමින් දෑස් විවර කළේ ය. ඔහුගේ නාහෙට නාහන අකීකරු කාලවර්ණ දෙනෙත් නැවතත් සුලෝධජ වෙතට යොමු විය . ඔහු සන්සුන්ව සිය ආභරණ සියල්ල ගළවා පසෙකින් තබනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු ඒ වන විට ද ධවල  පැහැ රාත්‍රී වස්ත්‍රවලින් සැරසී සිටිය වග මිධුනාථ දුටුවේ ය.

ඉකුත් සත්වසර සුලෝධජ තුළ සිදු කර තිබූ වෙනස මිධුනාථ නිරීක්ෂණය කළේ ය. ඔහුගේ පෙර වූ අපිළිවෙල ගතිය මදකදු ගෑවි හෝ නොතිබූ අතර ඔහු සියල්ලම උවමනාවටත් වඩා පිළිවෙලට සිදු කළේ ය. ඔහුගේ කෙස් වැටිය පෙර සේම තරමක් දිගින් යුතු වූ අතර පිළිවෙලකට පීරා තිබුණි . ඔහුගේ පෙර වූ හැඩපළු ගෙතුණු කෙස් වැටිය හා සැලකීමේ දී එය පැහැදිලි වෙනසක් විය . 

සිය උරහිස අසළින් දැනෙන වේදනාව දැඩි වූ බැවින් මිධුනාථ නැවතත් පහසු ඉරියව්වකට පැමිණියේ ය. ඔහු සිය උරහිස මදක් අල්ලා ද බැලූ අතර එහි වේදනාව හැගීම් විරහිත මුහුණින් ඉවසුවේ ය. එය හෙට දින වන විට සුව වන වග මිධුනාථට විශ්වාස විය .

'' කුමක් ද තමුන්ට අවශ්‍ය ? '' මිධුනාථ වදනින් වදන විමසුවේ ය. ඔහුගේ හඩ රෞද්‍ර හා දැඩි විය . සුලෝධජ තමාට පිළිතුරු දීමට මදකුදු වෙහෙස නොවීම මිධුනාථ තවත් කෝප ගැන්වූවේ ය. කෝපය වනාහී  ඔහුගේ නිත්‍ය ලක්ෂණයක් විය .

සුලෝධජ සිය අසිපත සුරතට ගෙන නිහඩවම නැවතත් කුටියෙහි ද්වාරය දෙස ඇවිද යනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු ද්වාරය ද විවෘතව තිබියදීම පිටව යනු මිධුනාථ බලා සිටියේ ය. මිධුනාථ කෝපයෙන් හස්තය මිට මොළවා ගෙන සිටියා විනා කිසිවක් නොපැවසුවේ ය.

තමා හෙට දිනම මින් පලා යන වග මිධුනාථ තමා වෙතම සපථ කර ගත්තේ ය. ඔහුට සුලෝධජ දැකීමට හෝ ඇවැසි නොවී ය. සියල්ලෙන් ඈතකට ගොස් දුරස්ව සිටීම යහපත් යැයි මිධුනාථ උපකල්පනය කළේ ය.

'' ස් ස්... '' කව්රුන් හෝ ද්වාරය අසළ සිට හඩගානු මිධුනාථට ශ්‍රවණය විය. ඔහු හිස පමණක් හරවා එදෙසට බැල්මක් හෙළුවේ ය.
සීහශාලී ද්වාරයෙන් හිස පමණක් කුටිය තුළට දමා එබීගෙන සිටියේ ය. ඇයගේ අකීකරු කැරළි කොණ්ඩය අපිළිවෙල ලෙස ගොතා දමා උරහිස හරහා ඉදිරියට දමා තිබුණි .

'' ස්..ස්....සිලා පර්වතයක් බදු යාළු.. '' ඇය නැවතත් හඩ ගෑවා ය.

මිධුනාථ සිය උරහිස ද අපහසුවෙන් අල්ලාගෙන නැගී සිට තරමක් ඍජුව අසුන් ගත්තේ ය. ඔහු සීහශාලී වෙත ඇතුළට පැමිණෙන ලෙස හිසින් සන් කළේ ය. ඇයගේ මුහුණේ දීප්තිමත් සිනහාවක් ඇදී ගිය අතර ඇය ඉක්මනින් කුටිය තුළට දිව ආවා ය.

කුඩා දැරිය තමා අසළට පැමිණ නැවතත් දසන් දක්වා සිනාසෙනු මිධුනාථ බලා සිටියේ ය. ඇයගේ ඉදිරිපස කිරි දත් දෙකම හැලී ගොසින් දසන් පෙළ මධ්‍යයෙහි හිදැසක් නිර්මාණය කර තිබූ අතර එය ඇය වෙත වඩාත් සුරතල් පෙනුමක් ඇති කළේ ය.  ඇය සිය දෑතම සයනය මත තමා අසීරුවෙන් සයනය මතට බඩගානු දුටු මිධුනාථ සිය නිදහස් හස්තයෙන් ඇය ඔසවා සයනය මතින් අසුන් ගැන්වූයේ ය.

'' හී.. ඔබ හොදයි.. යාළු... '' ඇය නැවතත් සිනාසෙමින් පැවසුවා ය. මිධුනාථ පිළිතුරු වශයෙන් කිසිවක් නොපැවසුවේ ය.

'' ඔබේ ඌවා.. සුවයි ද දැන් ? '' ඇය එක්වරම විමසුවේ යමක් සිහිපත් වූ පරිද්දෙනි . මිධුනාථ වරක් පමණක් හිස සැලුවේ ය.

'' අඥාන ස්ලෝ-ධජ අද නැති ද ? සීහශාලීට අලසයි...පාළුයි... රහසක් පවසන්න ද ? සීහශාලී සැතපෙන වෙලාව පසුවී දැන්.. හී හී
. නමුත් සීහශාලීට නින්ද නොගිය නිසා , සීහශාලී කුටියෙන් පැන සිලා පර්වතයක් බදු යාළුව බැලීමට පැමිණියා.... සීහශාලී දක්ෂයි නොවේ ද ? '' ඇය සිනාසෙමින් විමසුවේ ඇයගේ කාල වර්ණ සුරතල් දෙනෙත් මිධුනාථ වෙත යොමු කරමිනි . මිධුනාථ ද සිය සුපුරුදු හැගීම්විරහිත බැල්මකින් බලා සිටියා විනා කිසිවක් නොපැවසුවේ ය.

'' අපූ,. මේම ඉලිසියාකාරයෙක්... දක්ෂතා ඇගයූවා කියා කුමක්වත් සිදුවන්නේ නැහැනේ.. හුම්... '' සීහශාලී දෙතොල් උල් කර කණපිට පෙරළමින් පැවසුවා ය.

'' සීහශාලීට අසිපතෙන් කැපිය හැකියි..  නමුත් අඥාන ස්ලෝ-ධජගේ අසිපත නම් එසවිය හෝ නොහැකියි...'' ඇය දිගටම පැවසුවේ මිධුනාථගේ නිහඩතාව මුළුමනින්ම නොසලකා හරිමිනි . 

'' අඥාන ස්ලෝ-ධජ සීහශාලීට උගන්වනවා අසිපතින් කපන අකාරය.. සීහශාලී පළු ගස් කැපීමට උත්සහ කළා.. නමුත් අසිපත ගසෙහි සිර වූවා.. දුෂ්ඨ ගස..... මා අසිපත නැවත දෙන ලෙස ඉල්ලුවා.. අසිපතත් පළු ගසටම වී සිටියා.. අවසානයේ අඥාන ස්ලෝ-ධජ පැවසුවාම තමා අසිපත ආවේ.. මා කියනා දේ නාසන කෲර අසිපත....... '' ඇය දෙතොල් උල් කරමින් පැවසුවා ය.

ඇයගේ සියලු හැසිරීම් පහසුවෙන්ම සුලෝධජ සිහිපත් කරවන වග මිධුනාථට සපථ විය .

'' පියාණෙනි..... '' ඇයගේ ආමන්ත්‍රණයෙන් මිධුනාථ තිගැස්සී ගියේ ය.

'' සීහශාලී ඒම පැවසුවාට කම් නැති ද සිලා පර්වතයක් බදු යාළු ? '' ඇය මද වෙලාවකින් නැවතත් මිධුනාථ දෙස බලා විමසුවා ය.

'' තමුන් උමතුවෙන් ද ? ඔබේ පියාණන් මිය ගොසින්..  '' මිධුනාථ රෞද්‍රව පැවසුවේ ය. ඔහු කුඩා දරුවෙකුට කතා කරන වග ඔහුගේ සිහියෙහි නොවී ය. තමා පැවසූ දෙය කෙතරම් දරුණු දැයි ඔහුට වැටහී ගියේ සීහශාලීගේ දෙනෙත් කදුළින් පිරී මුහුණ ඇඹුල්ව යද්දියි.

'' හඩන්නෑ, හඩන්නෑ,.ම්හි.. .. හඩන්නේ දුර්වලයෝ...ම්හි...අනෙක ඔබ මුසා පවසන්නේ... මගේ පියාණන් මෑණියන් ඇසළ මල් නැරඹීටම ගොසින්.. අඥාන ස්ලෝ-ධජ පැවසුවේ.........  '' ඇය තමාටම පවසා ගත්තේ හඩමිනි .

'' සීහශාලී හඩන්නේ නැහැ.. ම්හි... ම්හි... හඩන්නේ නැහැ.... ....ම්හි.. '' ඇය දිගටම හඩමින්ම පැවසුවේ මිධුනාථ අසරණ කරමිනි.

'' මෙහි නොහඩන්න... '' මිධුනාථ ද අවසානයේ රෞද්‍රව පැවසුවේ ය . ඔහුගේ රෞද්‍ර ස්වරයට සීහශාලී තවත් හඩනවා විනා කිසිවක් සිදු නොකළා ය.

'' ශාලි හඩන්නේ නෑ. ම්හි.... මා හඩන්නෑ,.. ම්හ්... ම්-ට පියෙක් එපා....... මට අඥාන ස්ලෝ-ධජ ඉන්නවා.. මා ඔහුගේ සූරිය කුසුම..... පියත් එපා.... ඔබත් එපා.. දුෂ්ඨ කෲර සිලා පර්වතය.... අඥාන ස්ලෝ-ධජ පමණයි හොද..... ''  ඇය පැවසුවේ කුඩා හස්තයෙන් මිධුනාථ පසෙකට තල්ලු කරමිනි .
ඇයට මිධුනාථ සෙලවීමටවත් නොහැකි විය .

මිධුනාථ ඉවසීමෙන් සීහශාලී ඔසවා සිය දෙපා මතින් අසුන් ගැන්වූයේ ය.

'' නාමය ? සීහශාලී .. නොවේ ද ? '' මිධුනාථ එවර තරමක් මෘදුව විමසීමට උත්සහ කළේ ය. නමුත් සීහශාලී හිස දෙපසට සැලුවේ එසේ නොවන වග පැවසීමටයි.

'' සීහශාලී , අඥාන ස්ලෝ-ධජගේ සූර්යය කුසුම.. එය තමා සම්පූර්ණ නාමය. '' ඇය බරැති නාසය ද ඉහළට අදිමින් පැවසුවා ය. ඇය ඒ වන විට හැඩීම නවත්වා දමා තිබුණි .
සීහශාලී වෙත එතරම් හුරු ගතියක් දැනීමට හේතුව මිධුනාථ දැන සිටියේ ය. ඇය තමා දැන සිටි සුලෝධජගේ හැසිරීම්වල අනුරුවක්ම විය .

'' හ්ම්. '' මිධුනාථ පැවසුවේ සීහශාලීගේ කැරලි හිස කෙස් සහිත හිස මෘදුව පිරිමදිමිනි . ඔහු මහීධට හෝ එලෙස සිදු කර නොතිබූ අතර ඔහුගේ හස්තය නුහුරු විය . මහීධ සිහිපත් වීමෙන් මිධුනාථ නැවතත් ඇවිළී ගිය අතර ඔහු හස්තය මිට මොළවා ගත්තේ ය.

'' සිලා පර්වතයක් බදු යාළු හරියට අ.. ''

'' ශාලී,......... '' සුලෝධජගේ කලබලයට පත් හඩ ද්වාරය දෙසින් ඇසුණු අතර ඔහු සීහශාලී දෙස බලා සැනසුම් සුසුමක් හෙළුවේ ය. ඔහු කලබලයෙන් සිටි මුත් සීහශාලී දැකීමෙන් පසු තරමක් සන්සුන්වනු ද මිධුනාථ බලා සිටියේ ය.

'' අඥාන ස්ලෝ-ධජ .... ඌවූ,..... ඔබ පැමිණියා ද ?  ''  සීහශාලීගේ මුහුණ පිපුණු කුසුමක් සේ ප්‍රාණවත් වූ අතර ඇය දෙවරක් නොසිතාම සයනයෙන් බිමට පැන සුලෝධජ වෙත දිව ගියාය . අැය සුලෝධජගේ බද පටියෙහි එල්ලුණේ ඇයව වඩා ගන්නා ලෙස සුලෝධජ වෙත බලකරමින් වග මිධුනාථ දුටුවේ ය.

'' රාත්‍රියේ කව්රුන්ද පැවසුවේ කුටියෙන් පිටතට පැමිණෙන ලෙස !!! '' සුලෝධජ නොරිස්සීමෙන් එහෙත් කෝපයෙන් තොරව විමසනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු ඒ හඩ හැදින්නේ ය. එ් වනාහී රෞද්‍ර සුලෝධජගේ හඩ නොවී ය. 

'' අඥාන ස්ලෝ-ධජ... අර සිලා පර්වතයක් බදු යාළු..... මා පෙර පැවසුවේ.. මේ ඔහු.... '' සිහශාලී සිනාසෙමින් තමා වෙතට හස්තය දිගු කරමින් පවසනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු සුලෝධජ මගහරිමින් අනෙක් පස බලාගත්තේ ය.

'' ආහ්.. උච්චච්ච ප්‍රාණියෙක්.. '' සීහශාලී නැවතත් පවසනු මිධුනාථට ඇසුණි .

'' ඔහු පැවසුවා මගේ පියාණන් මිය ගොසින් කියා... ඔහු මුසා පර්වතයක්.. නොවේ ද අඥාන ස්ලෝධජ ?  මගේ පියාණන් මිය ගොසින් නැහැනේ ? '' ඇය දැඩි බලාපොරොත්තුවෙන් විමසුවා ය .

'' සීහශාලි...... මා පවසා තිබෙනවා ඔබට... '' සුලෝධජ එවර දැඩිව පැවසුවේ ය. ඔහුගේ ස්වරය රෞද්‍ර විය .

'' හැගීම් දැනීම් නොමැති , දුර්වලයන්  සමගින් කතාවට නොයන ලෙස.. '' සුලෝධජ තමා දෙස වරක් හෝ බැලීමට වෙහෙස නොවූව ද ඔහුගේ රෞද්‍ර වදන් තමා වෙතට එල්ල වූ වග මිධුනාථට හොදින්ම වටහා ගත්තේ ය.

ඔහු නැවතත් සයනයෙහි අනෙක් පස හැරී හස්තය කැටපෝලය වෙත යොමු කළේ ය. ඔහුගේ මුහුණෙහි උපහාසාත්මක බවක් විය. මින් පිටව යාමට නොහැකි වීම පිළිබද ඔහු තමා සමගම කෝපයෙන් විය .

'' නිර්ලජ්ජිත මෘගයන් සමගින් කතා කරන ලෙසයි ඔහු පවසන්නේ.. '' මිධුනාථ උපහාසයේ පැවසුවේ සුලෝධජගේ මුහුණ දෙස බැලීමට හෝ වෙහෙස නොවෙමිනි .

'' නිහඩවනවා !!!! '' සුලෝධජ රෞද්‍රව ගුගුරනු මිධුනාථට ඇසුණි . ඔහුගේ දෑතෙහි නහර ඉලිප්පී පෙනෙන ලෙස ඔහු කෑගැසුවේ ය. සීහශාලී ද බියපත් වනු මිධුනාථ දුටුවේ ය. අැය සුලෝධජගේ උරහිස වටා සිය සිගිති අත් යවමින් ඔහුට තුරුළුවනු ද මිධුනාථ දුටුවේ ය. 

'' නිහඩවන්න !! තමුන්ගේ අණට මා යටත් විය යුතු ද !!!!! තමුන් කව්රුන් ද !!!   '' මිධුනාථ ද පෙරළා ගිගිරුවේ කුටියම දෙවනත්ව යන පරිදියි . ඔහුගේ පුපුරු ගසමින් තිබූ කෝපය පිට පැන තිබුණි . තමා සුලෝධජගේ අණට යටත් වීමට හේතුවක් මිධුනාථ නුදුටුවේ ය. වාගිෂ්ඨ මුනිගේ පසින් ඔහු ද කිරුළ සදහා හිමිකම් කී අතර , ඔහු සුලෝධජට වඩා වයසින් ද වැඩිමහල් විය. සුලෝධජ සූර්යය-සිංහ වංශික වූවාට කිම ? !!!! ඔහුට එය අදාළ කරුණක් නොවී ය. කෝපය තමා තුළ පුපුරු ගසනු මිධුනාථට දැනුණි. දැන් ඔහුගේ පාලනය කෝපය සතුවග මිධුනාථ ද දැන සිටියේ ය .

'' තමුන් සමග කතාවක් නැහැ !!! '' සුලෝධජ ද කෑගැසුවේ ය.

'' කව්රුන් ද තමුන් වැනි නිර්ලජ්ජිත මෘගයෙකු සමග කතා කරන්නේ !!! '' මිධුනාථ කෝපාන්විතව විමසුවේ ය.

'' නිහඩවනවා , දුර්වලයා !!!!! තමුන් දුර්වලයෙක් !!!! '' සුලෝධජ රෞද්‍රව පැවසුවේ මිධුනාථ දෙස ඍජුව බලමිනි.

'' දුර්වලයා ?? චහ්..  තමුන් සිතා සිටින්නේ තමුන් ශේෂ්ඨ පාලකයෙකු කියා ද !!!! හිත් පිත් නොමැති ඝාතකයා !!!! නිර්ලජ්ජිත මෘගයා... !!!! තමුන්ට රාජ්‍ය , මෙහි වැසියන් සියල්ලම  ක්‍රීඩා භාණ්ඩ !!! මුත්තණුවන් තමුන්ව දැකීමට ජීවත්ව නොසිටීම වාසනාවක් !!! තමුන්ගේ මෑණියන් දැන් තමුන් දුටුවහොත් ඇයම සියදිවි නසාගනිවී තමුන් කෲර ඝාතකයෙකුට උපත ලබා දුන්නට !!!! '' මිධුනාථ ද කෝපයෙන් වියරුව කෑගැසුවේ ය. ඔහු දැඩි කෝපයෙන් විය . මහීධ සිහිපත් වීමෙන් ඔහුගේ කෝපය තවත් දැඩි විය . නමුත් ඔහු බලාපොරොත්තු නොවූ පරිදි කුටියම නිහඩතාවයෙන් ගිලී ගියේ ය. සිය සිත කෙතරම් බල කර පැවසුව ද මිධුනාථ සුලෝධජ  දෙස නොබැලුවේ ය.

'' අ-ඥාන ස්ලෝධජ..... කි-කිම ද මේ ....   '' සීහශාලී බිදී ගිය හඩින් විමසනු මිධුනාථට ඇසුණි .

'' කිසිවක් නොවේ... සැතපෙන වෙලාවත් පසුව ගොසින් නොවේ ද සූර්ය කුසුම ??? ම්ම් ? යමු ඔබේ කුටියට  ? '' සුලෝධජ සන්සුන්ව විමසනු මිධුනාථ අසා සිටියේ ය. ඔහු සුලෝධජ දෙස වරක් හෝ නොබැලූ අතර ඔහු සීහශාලීව සිය උරමතට ගෙන තුරුළු කරගත් වග මිධුනාථ වටහා ගත්තේ ය.

'' මේ... ඇහුණ ද දුෂ්ඨ සිලා පර්වතය .!!!!.. මගේ අඥාන ස්ලෝ-ධජට කිසිවක් පවස-න්න එපා... මා තමුන්ව කපා දමනවා අසි-පතින් කෑලි - කෑලි..වලට... උය-ා එයාට රිද්දුවා.....නපුරාාා........... නපුරා.............  '' ඇය සුලෝධජගේ උරහිස මතම සිට තමා දෙසට හඩමින් කෑගසනු මිධුනාථ නිහඩවම අසා සිටියේ ය. සුලෝධජගේ තරවටුව හමුවේ ඇය නිහඩවනු ද මිධුනාථ අසා සිටියේ ය. ඔවුන්ගේ ශබ්දය දුරකට යනු ද මිධුනාථ අසා සිටියේ ය.

ඔහු අනෙක් පසම හැරී වැතිරී සිටියා විනා කිසිවක් නොපැවසුවේ ය. සුලෝධජ ද්වාරය ද වසා දමමින් පිටතට යන තුරුම  මිධුනාථ වරක් හෝ එදෙස නොබැලුවේ ය. අනතුරුව ඔහු දැඩිව අල්ලාගෙන සිටි කැටපෝලය ඔහු නිදහස් කළේ ය. තමා කෙතරම් රෞද්‍ර ලෙස බැනවදුන ද සුලෝධජ එය නොතකා සිටීම මිධුනාථ තවත් කෝපගැන්වූයේ ය.

.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

Continue Reading

You'll Also Like

960 163 13
ආදරේකට භයානක බලවේග වලින් බේරගන්න පුළුවන් ද? කට කතාවල එන හැම අවතාරයක්ම හොල්මනක් ම ඇත්තටම කරදර කළත් ඒකත් සමාජෙකින් ගරහන ආදරයක් වුණොත් ඒ දෙන්නගෙ ආදරේ...
78.1K 10.5K 56
මලකට දෙතොල් පටලන් කදුළු බොන්නට අවසරයක් කුමට !
1.9K 295 16
මේ කතාව ප්‍රසිද්ධ තායි BL couple එකක් වෙන offgun ගේ ff එකක්.මේකට මේ නම දාන්න හේතුව තමයි මේක බලන අයට සමහර වෙලාවට lgbt comunity එකේ ඉන්න එක එයාලා බලන b...
9.3K 1.6K 35
මේ යනු..නුවර වැස්සේ තෙමුණු, කොළඹ පහන් එළි වලින් නැහැවුණු, පොත් සුවඳ අතරින් ගලා හැලෙන ඔවුන්ගේ ආදරයයි.... Started: 11/03/2024 කිසිම පාසලක් හෝ සත්‍ය සිද...