♛ අග්නි ♛

Av Bulbz_D

169K 34.2K 29K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... Mer

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 63

1.9K 364 441
Av Bulbz_D

මිධුනාථ පිටතට පැමිණියේ සිය අසිපත ද හම් පටිය අධාරයෙන් සිය පිටෙහි එල්ලා ගනිමිනි. සුග්‍රීව , ථිත මෙන්ම සියලු දෙනා ඔහු පැමිණෙනතුරු රැදී සිටියේ ය.

සුග්‍රීව , තමා දෙසට තරමක් විස්මය පිරි බැල්මක් හෙළනු මිධුනාථ දුටුවේ ය. නිසැකවම මිධුනාථ කිසිදු විටෙක ප්‍රමාද වී කටයතු කරන අයෙකු නොවී ය. භීෂ ද තමා වෙත උපහාසාත්මක බැල්මක් හෙළනු ද මිධුනාථ දෑසගින් දුටුවේ ය.

'' කිම ද මිධුනාථ... පොකුණට ඇද වැටුණා ද ? '' භීෂ උපහාසයෙන් විමසුවේ මිධුනාථගේ තෙමී ගිය වස්ත්‍ර දෙස ඉහළ සිට පහළට බලමිනි .

' තමුන්ගේ කාර්යයක් කරනවා !! '' මිධුනාථ ගිගිරුවේ ය.

'' ඕ ඕ.. බොළද ප්‍රේමවන්තයා කෝපගෙන.. '' භීෂ නැවතත් මිමිණුවේ මිධුනාථ කෝපගන්වමිනි. ඊළග මොහොතේ මිධුනාථ එල්ල කළ පහරෙන් භීෂ පසෙකට විසිව ගිය අතර ඔහු මිධුනාථ දෙසට කෝපාන්විත බැල්මක් හෙළුවේ ය.

'' ඇසළ කුසුම් නැළවෙන තාලයටම වැනෙන මඩ පැහැ දෑසෙහි පිපුණු තඹර පුෂ්පයක්ව..... '' මිධුනාථ උපහාසයෙන්  පැවසුවේ භීෂ වෙත උපහාසාත්මක සිනහාවක් හෙලමිනි. භීෂගේ ද ඇහිබැම රළුවනු මිධුනාථ දුටුවේ ය.

'' මිධුනාථ තා නීචයා !!!!!!!!!!! තමුන් එය කියවූයේ කෙසේ ද !!!!! !!!!!!!!!!!!!!!! '' භීෂ කෝපයෙන් කෑගැසුවේ ය. ඔහු කෝපයෙන් මිධුනාථට පහරක් ද එල්ල කළේ ය.

'' චහ්.. වටහා ගත නොහැකි හසුන්පත් ලිවීම.... ඇයට මිලදී ගත් ආභරණ , සුවද විලවුන් ලබා දීමට මැලිව කුටියෙහි ගබඩා කරගෙන සිටීම.., ඇසළ මල් කිනිතිවලින් මල්මාලා ගෙතීම.....චහ්.. කව්රුන්ද එවිට බොළද ප්‍රේමවන්තයා ????  '' මිධුනාථ වදනින් වදන පැහැදිලි කර දෙමින් උපහාසයෙන් විමසුවේ ය.

'' භීෂ ??? ඔබ ?  '' සුග්‍රීව ද සෞම්‍ය ලෙස සිනාසී භීෂ වෙත හෙළුවේ ය. ඔහු සෞම්‍ය ස්වරයෙහි වුවද තරමක උපහාසාත්මක බවක් කැටිව තිබුණි .

'' මා නම් සිතුවේ නැහැ.. භීෂ ?? '' අභය ද එවර හවුල් විය.

'' නීචයා !!! තමුන්ගේ අවසානය අද .. !!!! '' භීෂ සෙමින් මිමිණුවේ සුග්‍රීව නිසාවෙන් මෙහි ගැටුම් ඇති කරගැනීමට නොහැකි බැවිනි . අසිපත ද ඇතැතිව පිටතට ආ සුලෝධජ දැකීමෙන් භීෂ නිහඩ විය.

'' අග්නි .. ඔබ ප්‍රමාදයි.. '' සුග්‍රීව එය පැමිණිල්ලක් ලෙස පැවසුව ද ඔහුගේ ස්වරය තවමත් සෞම්‍ය විය. සුලෝධජ සිනාසී හිස කැසුවා විනා අන්කිසිවක් නොපැවසුවේ ය. ඔහු තමා දෙස බැලූ විට මිධුනාථ රවා අනෙක් පස බලාගත්තේ ය. ඔහු මෙලෙස තෙමී සිටීමට සුලෝධජ සම්පූර්ණයෙන්ම වගකිව යුතු විය.

සුග්‍රීව හා ථිත සුපුරුදු ලෙසින් ඉදිරියෙන් ගමන් කළ අතර මෙවර මිධුනාථ ද සුලෝධජ මහහැර ඔවුන් සමග ගමන් කළේ ය. සුලෝධජ දෙතොල් උල් කර සිය අසිපත සමග ක්‍රීඩා කරමින් ගමන් කරන අකාරය දෑසගින් බැලීමට ද මිධුනාථ අමතක නොකළේ ය. සුලෝධජ දෙස බැලීමට ගොස් වරක් ඔහු ගලක පැටලී බිම ඇද වැටීමට ගිය ද වාසනාවකට ථිත ඔහුව අල්ලා ගෙන රැව්වේ ය.

'' අග්නි... '' භීෂ කෙදිනකවත් නොමැතිව සුලෝධජ වෙත අමතන ආකාරය ඇසීමෙන් මිධුනාථ නැවතත් ඒ දෙසට සිය විමර්ශනශීලි දෑස් යොමු කළේ ය. සුලෝධජ ද හිස වනනු මිධුනාථ දුටු අතර ඔහු නොරිස්සීමෙන් නැවතත් ඉදිරිපස බලාගත්තේ ය.

'' මා දන්නා අයෙක් සිටිනවා.... '' භීෂ සිය හඩ අවධි කළේ මිධුනාථ දෙස උපහාසාත්මක බැල්මක් හෙලමිනි.

'' ඉදින් ? '' එවර සුලෝධජ විමසනු ඔහු බලා සිටියේ ය .

'' ඉදින් ඔහු සතුව තිබෙනවා කිසිදු සාහිත්‍ය වටිනාකමක් නැති ඔහුව පෙම් හසුන් යැයි පවසා ගන්නා තර්ජනාත්මක හසුන් පත් සියයක් පමණ... ඔහු සම්පූර්ණ තල්පත් සියයක්ම පමණම විනාශ කර දැමුවා පෙම් හසුනක් ලිවීමට... නමුත් තවමත් එකක් හෝ ලබා දී නැහැ... '' භීෂ පැවසුවේ ය.

මිධුනාථ දෑත මිට මොළවා ගත්තේ ය. සිය දෙසවන් අග රත් පැහැ ගැන්වෙන වග ඔහුට විශ්වාස විය. තමා තල් පත් සියයක් එලෙස විනාශ කළ වග භීෂ දැනගත්තේ කෙසේ දැයි ඔහුට විශාල ගැටලුවක් විය.

අනෙක ඔහු ඒවාට සාහිත්‍ය වටිනාකමකින් තොර යැයි ඇමතීම !!! එය ඔහුට කෙලෙසකවත් අනුමත කළ නොහැකි විය. තමා දන්නා සියලු සාහිත්‍ය මිධුනාථ එයට යෙදුවේ ය. සුග්‍රීවගේ සාහිත්‍ය පුස්තක ද ඉල්ලාගෙන වදන් සොයමින් ඔහු එය රචනා කළේ ය. තල්පත් සියයක් විනාස කරමින් රචනා කළ ද තවමත් රචනා කරගත නොහැකි විය.

'' ඉදින් ? ! '' සුලෝධජ උනන්දුවෙන් විමසුවේ ය.

'' ඉදින් ඔහු උදෑසන පුහුණුවීම්වලදීත් කුමක් දෝ ත්‍යාගයක් දෙස බලාගෙන කාලය කා දමනවා.. ඔහු ඇතැම් විට දෑසින් ප්‍රේම කිරීමට ගොසින් ගල් වල හැපී බිම ඇද වැටීමට ද යනවා.. ඇතැම් දිනවල කුටියෙහි එහා මෙහා ගමන් කරමින් තනිව කතා කරමින් මෘදුව පෙම් බස් දෙඩීමට පුහුණුවනවා.. . '' භීෂ තමාගේ රැවීමට ද නොසලකමින් පවසනු මිධුනාථ කෝපයෙන් වෙව්ලමින් බලා සිටියේ ය. තමා මේ මොහොතේ ඔහුට නිහඩවන ලෙස පැවසුව හොත් ඒ තමා වග නිසැකවම හෙළිව යනු ඇති වග ද  මිධුනාථට සිහිපත් විය.

'' ඊවූ, කවුරුන්ද ඒ බොළද පෙම්වතා ? '' සුලෝධජ ද එවර  විමසුවේ උපහාසයෙනි .

භීෂගේ මුහුණෙහි ක්ෂණික ජයග්‍රාහි සිනහාවක් ඇදී යනු මිධුනාථ දුටුවේ ය. සිය මිට මෙළවී ඇති හස්තය කෝපයෙන් වෙව්ලනු ද මිධුනාථට දැනුණි . එවර ඔහුගේ කෝපාන්විත බැල්ම සුලෝධජ වෙත යොමු විය. ‍

'' මිධුනාථ....... කිම ද ඔබ කෝපයෙන් ??? '' භීෂ එවර මිධුනාථ දෙස බලමින් විමසුවේ ය . එවර සුලෝධජ ද තමා දෙස හැරෙනු දුටු මිධුනාථ රවා අනෙක් පස බලාගත්තේ ය. ඔහු නැවතත් කිසිවක් සිදු නොවූ ලෙසින් ගමන් ඇරඹුවේ ය.

'' ආහ්.. විශිෂ්ටම කරුණ... ප්‍රියතම පලතුරකට  උදාහරණයක් ලෙස අප ඇඹුල් දොඩම් ගනිමු....''  භීෂ නැවතත් ඇරඹුවේ ය.

මිධුනාථ අකුණුපහක් ගැසුවෙකු සේ නතර විය . භීෂ එය නම් නොපවසනු ඇතැයි මිධුනාථ අපේක්ෂා කළේ ය.

'' ඇඹුල් දොඩම් ?? වාහ්.. මාගේ ද ප්‍රියතම ආහාරය.. '' සුලෝධජ ද උනන්දුවෙන් පැවසුවේ ය.

'' ආහ්.. සැබවින්ම... එය නම් විස්මයජනක අහම්බයක්..!!  නුඹ දන්නවා ද ඔහු............ ''

'' නිහඩවනවා !!!!!! මෙය වනයක් !!! මෙලෙස කෑ ගැසීමෙන් සතා සිව්පාවුන් එළවා දැමීමට ද තමුන්ලාට ඇවැසි !!!!!!!!!!!!!!!!! '' මිධුනාථ ගිගිරුවේ භීෂ හා සුලෝධජ වෙතට කඩා පනිමිනි.

එවර මිධුනාථගේ ස්වරයට සුග්‍රීව ද තිගැස්සී ගියේ ය. ඔහු එ් තරම්ම ශබ්දයෙන් කෑගැසුවේ ය. භීෂගේ මුහුණෙහි වූ උපහාසාත්මක සිනහාව මිධුනාථ කෝපගැන්වූයේ ය.

'' ඔබේ ශබ්දයට නම් අසල වනයන්හි සත්ත්වයන් ද වනය හැරදා යන්නැති.... '' මෙතරම් වෙලා නිහඩව සිටි ථිත ද පැවසුවේ ය. මිධුනාථ සියලු දෙනාට  රවමින් නැවතත් නොරිස්සීමෙන් ගමන් ඇරඹුවේ ය.

ඔවුන් යොදාගත් මාවත වනය හරහා වැටී තිබූ අතර එය විඩාබර බවින් අඩු වනු ඇතැයි සුග්‍රීව හා අන් සියලු දෙනාම තීරණය කළෝ ය. විශාල වෘක්ෂ අතර වනය සැබවින්ම තරමක් අදුරු විය.

'' මිධුනාථ... මිද්දෝ...... උද්දච්ඡ ඉස්ගෙඩියාේ.. '' සුලෝධජගේ අතොරක් නොමැති නාදය මිධුනාථගේ දෙසවන් හරහා ගියේ ය. ඔහු අන් අයට නොදැනෙන පරිදි සිය ගමන මදක් මන්දගාමි කළේ සුලෝධජ හා සමවන ලෙසිනි .

ඔහු දෑසගින් සුලෝධජ දෙස නෙත් යොමු කළා විනා කිසිවක් නොපැවසුවේ ය. ඔහුට යමක් පැවසීමට අවශ්‍ය නම් තමා අකමැති වුවද ඔහු එය පවසන වග මිධුනාථ දැන සිටියේ ය. නමුත් මෙවර ඔහු නිහඩව පැකිළෙනු මිධුනාථ දුටුවේ ය.

'' කිම ද ? '' අවසානයේ මිධුනාථ විමසුවේ ය.

''මේ... ම්ම්....මෙය ඔබේ ත්‍යාගය.. '' සුලෝධජ වදන් අමුණමින් පැවසුවේ සිය කොපුල පෙන්වමිනි.

'' මා දන්නවා.. '' මිධුනාථ හැගීම් විරහිතව පැවසුවේ ය.

'' අම්.. මේහ්... ඉදින්....ඔබ භාවිත කරන්නේ නැති ද ? '' අවසානයේ සුලෝධජ දෙතොල් උල් කරමින් විමසුවේ ය.

මිධුනාථ එක් ඇහි බැමක් ඉහළ යවා සුලෝධජ දෙස බැලුවේ ය. සුලෝධජගේ ව්‍යංග වටහා ගැනීමෙන්ම ඔහු වයෝවෘද්ධ වනු ඇති බව මිධුනාථට නිසැක විය. ඔහු ඉදිරියෙන් ගමන් කරමින් සිටි සුග්‍රීව දෙසට බැල්මක් හෙළුවේ ය. භීෂ හා අභය ද විශාල කතාවක විය .

මිධුනාථ ඉක්මනින් නැඹුරු වී සුලෝධජගේ කොපුල මෘදුව සිපගත්තේ ය. සුග්‍රීව හෝ අන් කවරෙකු දැකීමට පෙර ඔහු ඉක්මනින් පසෙකට විය .

'' එපමණ ද ? '' සුලෝධජ නැවතත් දෑස් විශාල කර විමසුවේ මිධුනාථ අසරණ කරමිනි. ඔහු සුලෝධජ වෙත රෞද්‍රව රැව්වේ ය.

'' එපමණයි.. '' මිධුනාථ හැගීම් විරහිතව පැවසුවේ නැවතත් ගමන් අරඹමිනි .

'' උද්දච්ඡ ඉස්ගෙඩියා !!! '' සුලෝධජ කෑගසනු මිධුනාථට ඇසුණ ද ඔහු නැවතත් එදෙස නොබැලීමට ප්‍රවේසම් විය .

ඔවුන් වෙතට පැමිණෙන යමක ශබ්දය මිධුනාථගේ අනාභාත චක්‍රය ග්‍රහණය කර ගත් අතර ඉදිරියෙන් ගමන් කළ සුග්‍රීව ද ඉක්මනින් පසු පස හැරෙනු දැකීමෙන් මිධුනාථ එය තහවුරු කර ගත්තේ ය.

ඔහු ඉක්මනින් පිටුපස හැරුනු අතර සුලෝධජගේ ගෙල අසලින් ගමන් කළ භූමරංගය දුටුවේ ය. වාසනාවකට සුලෝධජ ද එය සාර්ථක ලෙස මගහැර තිබුණේ ය. ඔහුගේ දෑස්වල තිබූ දිලිසීම ක්ෂණිකව අතුරුන්ව රෞද්‍ර පෙනුමක් නැගෙනු මිධුනාථ බලා සිටියේ ය.

ඊළග මොහොතේ මුව අවරණය කර ගත් පනහක පමණ පිරිසක් ඔවුන් ඉදිරිපසින් හා පිටුපසන් වට කළේ ය. සුග්‍රීව ක්ෂණිකව සිය ආසන මුද්‍රාවට පැමිණියේ ය . 

මිධුනාථ ඉක්මනින් සුලෝධජ වෙත අඩියට දෙකට ළගාවී ඔහුව සිය පසෙකට ගත්තේ ය. නමුත් ඔහු , මිධුනාථ පසෙකට තල්ලු කර දමා සිය අසිපත වෙතට දෑත් යොමු කළේ ය. තමාට ඔහුව ආරක්ෂා කිරීමට කෙතරම් ඇවැසි වුව ද  නිසැකවම සුලෝධජට තමාගේ ආරක්ෂාව අනවශ්‍ය වග මිධුනාථ වටහා ගෙන සිටියේ ය.

භීෂ ද අසිපත ඇතැතිව ඔවුන් දෙසට ආ අතර ථිත ද ඔහුගේ ආසන මුද්‍රාවෙන් විය. ථිත හා අභය ද සුග්‍රීව සමගින් ඉදිරිපසින් සිටි පිරිස භාරගත් අතර මිධුනාථ , සුලෝධජ හා භීෂ පිටුපස කොටස වෙත දෑස් යොමු කළේ ය.

'' කව්රුන් ද ඔවුන් ? '' භීෂ නොරිස්සීමෙන් විමසුවේ ය.

'' කව්රුන් වුවත් කම් නොවේ '' සුලෝධජ පැවසුවේ සිය අසිපත පිටතට ගෙන ඔවුන්ට පහර දීමට පනිමිනි . ඔහුගේ පියවර හා ක්‍රමයන් අතිශයන් වේගවත් වූ අතර භීෂ තත්පර කිහිපයක් විස්මයෙන් බලා සිටියේ ය. මිධුනාථ ද පහර දීම ආරම්භ කළ අතර සුග්‍රීව හා ථිත චක්‍ර ප්‍රතිඥා වළලු ද ඉවතා පහර දීම ආරම්භ කළ වග දුටු භීෂ ද ඔවුන් අනුගමනය කළේ ය.

මිධුනාථ සිය චක්‍ර ප්‍රතිඥා වළල් ද සුරතෙහි තිබිය දීම පහර දුන්නේ ය. ඔහුට එය කිසිදු දිනෙක අදාළ වූ කරුණක් නොවී ය. ඔහු වටා කහ පැහැති තිමිරයක් ගොඩ නැගී තිබූ අතර නළලින් ද දම් පැහැ කුඩා රශ්මියක් විහිදීමට ද විය . අභය සිය දෑතින්ම ද්විත්ව අසිපත් මෙහෙයවමින් සටන් වැදුණු අතර ඒ වන විට ද ඔහුගේ බාහුව අසළ කැපී රුධිරය ගලමින් තිබෙනු මිධුනාථ අහම්බෙන් දුටුවේ ය.

තමාට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ බද පසාරු කරගෙන යන ආකාරයෙන් මිධුනාථ අනුකම්පා විරහිතව සිය අසිපත  යැව්වේ ය. භීෂ ද ආගන්තුක ප්‍රහාරකයන්ගේ ගෙල අසලින්ම හිස වෙන් කර දමනු මිධුනාථ බලා සිටියේ ය.

ඔහු ඇසිල්ලක් ලද සැණින් සුලෝධජ වෙත දෑස් යොමු කළේ ය. ඔහු අතිශයින් වේගවත් සැඩපහරක් ලෙස සටන් වදිමින් සිටි අතර ඔහුගේ මුහුණ අනුකම්පා විරහිත ලෙස රෞද්‍ර විය . ඔහු පිටුපස පිරිස සමගින් සටන් කරමින් සිටිය ද ඔහුගේ දෑස් වරින් වර ඉදිරිපස පිරිස අතර සිටි රත් පැහැ රෙදිකඩකින් මුහුණ ආවරණය කරගෙන සිටි පුද්ගලයා වෙත යොමුවනු මිධුනාථ දුටුවේ ය. ඔහු ඉක්මනින් එ් දෙසට දෙනෙත් යොමු කළේ ය .

එකී පුද්ගයාගේ බද පටියෙහි වූ ලෝහිත පැහැ කොපුවක් සහිත අසිපත මිධුනාථ සැණින් හදුනා ගත්තේ ය. ඔහු සටන් නොවැදුනු අතර තමා ඇතුළු පිරිස සටන් වදින අකාරය දෙස ඉවසීමෙන් බලා සිටියේ ය.

'' අසුර අසිපත දරන්නා.. '' මිධුනාථ හදුනා ගත්තේ ය. සුලෝධජගේ රෞද්‍ර ස්වභාවයට හේතුව ඔහු ක්ෂණිකව වටහා ගත්තේ ය.

තමා වෙත පහර දුන් පුද්ගලයා වෙත පහරක් එල්ල කර ඔහුව පසෙකට කළ මිධුනාථ භීෂ දෙස බැලුවේ ය. පිටුපස සිටි සෙබළුන් සියලු දෙනා පාහේ ඒ වන විට ඔවුන් අවසන් කර දමා තිබුණි . භීෂට තනිව ඔහුවම ආරක්ෂා කරගත හැකිවග මිධුනාථ දැන සිටියේ ය. ඔහු ඉක්මනින් සුලෝධජ පසුපස ඉදිරිපස කොටසට දිව ගියේ ය.

සුලෝධජ ඍජුව අසුර අසිපත දරන්නා වෙත දිව ගිය අතර ඔහුගේ රුධිරයෙන් නැහැවුණු අසිපතින් දිගටම ඔහු වෙතට ප්‍රහාර එල්ල කළේ ය. එවර අසුර අසිපත දරන්නා ද පෙරළා ප්‍රහාර එල්ල කළ අතර සුලෝධජ හා ඔහුගේ පියවර එක සේ වේගවත් වග මිධුනාථ වටහා ගත්තේ ය.

ඔවුන් අතර සටන සැබවින්ම දරුණු වූ මුත් මිධුනාථට හවුල් වීමට ආකාරයක් නොවී ය. ඔහු තමා වෙතට පහර දුන් සෙබළුන් දෙදෙනාම පසෙකට විසි කර දැමූ අතර තෙවෙනි සෙබළාගේ පපුව හරහාම සිය අසිපත යැව්වේ ය. ඔහු ඒ අැසිල්ලෙන් නැවතත් සුලෝධජ වෙත දෑස් යොමු කළේ ය.

'' තමුන්ව අවසන් කර දමනවා !!!! '' සුලෝධජ රෞද්‍රව ගුගුරනු මිධුනාථ බලා සිටියේ ය. ඔහු තමා වෙතට ආ හී තලය ද සාර්ථක ලෙස මගහරිමින් අනෙක් පසට ගමන් කළේ ය. අභය බිම පතිත වනු ද භීෂ ඔහු දෙසට දිව යනු ද ථිත සුග්‍රීව තමාගේ පසෙකට ගනු ද මිධුනාථ දුටුවේ ය. සටනෙහි සැලකිය යුතු ජයග්‍රහණය ඔවුන් ලබා සිටිය ද සුලෝධජ තවමත් අසුර අසිපත දරන්නා හා සටන අතහැර නොතිබුණේ ය.

'' තමුන්ගෙන් පලක් නොවේ... '' අසුර අසිපත දරන්නා සුලෝධජ වෙත පවසනු මිධුනාථ බලා සිටියේ ය.  ඔහු තමා හා සටන් වදමින් සිටි ආගන්තුකයා මදකට අඩපණ කර අසුර අසිපත දරන්නවා වෙත මානසික ප්‍රහාරයක් එල්ල කළේ ය.

ඔහු ප්‍රහාරය දැඩි කළ ද අසුර අසිපත දරන්නා නිරුපද්‍රිතව සුලෝධජ හා සටනෙහි විය . එවර මිධුනාථ යමක් වටහා ගත්තේ ය. අසුර අසිපත දරන්නා මානසික ශක්තිය ද සැලකිය යුතු දුරකට ප්‍රගුණ කළ අයෙකු විය .

'' එය ලබා දෙන්න... '' අසුර අසිපත දරන්නා මිධුනාථ වෙත උපහාසයෙන් පැවසුවේ සුලෝධජගේ ප්‍රහාරය මග හරිමිනි . ඔහු පවසන්නේ කුමක් පිළිබදව ද යනවග මිධුනාථ දැන සිටිය ද අසුර අසිපත දරන්නා එය දැනසිටීම මිධුනාථ තරමක් කම්පනයට පත් කළේ ය.

'' තමුන්ට ගැටලුව ඇත්තේ මා සමග !!! '' එවර සුලෝධජ ගිගිරුවේ අසුර අසිපත දරන්නාට නොනවත්වා පහර දෙමිනි . ඔහුගේ අනුගාමිකයන් සුලෝධජට පිටුපසින් ද පහර දුන් මුත් ඔහු සාර්ථක ලෙස එකී ප්‍රහාර මග හැරියේ ය. ඔහු අසිපත් සටන්හි හසල නිපුණයෙක් වග පැහැදිලිවම කැපී පෙනුණි . ඔහු සටන් කරන විලාසය හා වේගවත් බව ඒ තරම්ම විශිෂ්ට විය.

මිධුනාථ තමා දෙසට පැමිණි අනුගාමිකයන් දෙදෙනා කෝපයෙන් ඉවතට තල්ලු කර දැමුවේ ය. ඔහු දිගින් දිගටම මානසික ශක්තියෙන් හා කායික ශක්තියෙන් සටන් වැදුනු අතර ඔහුට සුලෝධජ හා අසුර අසිපත දරන්නා අතරට යාමට අවස්ථාවක් නොවී ය.

'' එය මා සතුව නොවෙයි !!! '' මිධුනාථ අවසානයේ කෝපයෙන් ගිගිරුවේ ය.

අසුර අසිපත දරන්නාගේ ඍජු බැල්ම එවර තමා වෙතට එල්ල වනු මිධුනාථ දුටුවේ ය. ඔහු තමා වෙතට මානසික ප්‍රහාරක් එල්ල කිරීමට පෙර මිධුනාථ ඉක්මනින් තමා වටා චක්‍රාධාරක වළල්ලක් ගොඩ නගා ගත්තේ ය. නමුත් තමාගේ ප්‍රබල ප්‍රතිප්‍රහාරය හමුවේ අසුර අසිපත දරන්නා ගුවනින් විසිව ගිය අතර ඔහුගේ සෙබළුන් ඔහුව ආරක්ෂා කරමින් ඔහු වටා රැස් විය .

සුලෝධජ පහර දීම නවත්වා නොදැමූ අතර ඔහු දිගින් දිගටම සෙබළුන් වෙත ද ප්‍රහාර එල්ල කළේ අසුර අසිපත දරන්නා සිය දුඹුරු - ස්වේත අසු පිට නැග ඔවුන් වෙතට සමච්චල් සහගත බැල්මක් හෙළා පිටව යද්දී යි.

ඉතිරිව සිටි අවසන් සෙබළාගේ පපුව හරහා ගිය සිය අසිපත අනුකම්පා විරහිතව යළි පිටතට ගත් සුලෝධජ අසුර අසිපත දරන්නා පිටව ගිය දිශාවට කෝපාග්නිය මුසු වූ රෞද්‍ර බැල්මක් හෙළුවේ ය. ඔහුගේ දෑත් ද කෝපයෙන් වෙව්ලු වග මිධුනාථ දුටුවේ ය.

ඔහුගේ අසිපත් තලය ඔස්සේ රුධිරය ගලා යමින් තිබුණ ද ඔහු එය තැකීමක් නොකළේ ය. මිධුනාථ ඔහු අසළට ගමන් කළ ද කිසිවක් නොපැවසීමට ප්‍රවේසම් විය. ඔහු සුලෝධජගේ වෛරයේ හා කෝපයේ තරම හොදින් දැනුවත් විය.

සෙබළුන්ගේ රුධිරයෙන් නැහැවී ගිය ඔහුගේ සුරතෙහි තරව තිබූ අසිපත දෙසට සුග්‍රීව විස්මයෙන් නෙත් හෙළනු මිධුනාථ දුටුවේ ය. මිධුනාථ සිතා මතාම පියවරක් පසු පසට වූයේ එහි සූර්යය -සිංහ සලකුණත් මධ්‍ය රසදිය නාලයත් අන් අයට දැක ගත නොහැකි වන පරිද්දෙනි . සුග්‍රීව තවමත් කම්පනයෙන් මිධුනාථ දෙසට බැල්මක් යොමු කළ ද මිධුනාථ සුග්‍රීව වෙත නිහඩවන ලෙස හස්ත සංඥාවෙන් පැවසුවේ ය.

සුග්‍රීව දැඩි ප්‍රශ්නාර්ථයෙන් මිධුනාථ දෙස බැලුවේ ය. මිධුනාථ වරක් පමණක් හිස සලා එය තහවුරු කළ අතර සුග්‍රීව ද තරමක් විස්මයෙන් වුවත්  ඔහු පැවසූ දෙය පිළිගනිමින් නිහඩ විය. ඔහු සැනසුම් සුසුමක් හෙළනු ද මිධුනාථ දුටුවේ ය.

සුලෝධජ ඉක්මනින් සිය අසිපත රුධිරය ද සමග කොපුව තුළට බහා ගත්තේ අන් අය දැකීමට පොරොතුවයි. ඔහු අතපසු වීමකින් සිය සැබෑ අසිපත පිටතට ඇද තිබූ අතර එය ඒ පිළිබද සිතීමට කාලයක් නොවී ය. ඔහුගේ දෑස් තවමත් රෞද්‍ර වූ අතර ඔහු කිසිවක් නොපවසා අනෙක් පස හැරුණි.

ථිත , අභයගේ සුළු කැපුම් තුවාලයට ප්‍රථමාධාර යෙදූ අතර සුග්‍රීව මදක් විවේක ගන්නා ලෙස ද සන් කළේ ය . මිධුනාථ සුලෝධජට තනිව සිටීමට ඉඩ හැර ඔහු දෙසට සිය විමර්ශනශීලි දෙනෙත් යොමා සිටියා පමණක් විය .

අසුර අසිපත දරන්නා තමා පසුපස වග මිධුනාථ දැන සිටියේ ය. මුද්‍රාව ක්‍රියාත්මක වී ඇති බැවින් මේ මොහොතෙහි චක්‍රය විවර කිරීමෙන් තමාට කිසිවක් සිදු නොවන වග මිධූනාථ දැන සිටියේ ය. එවිට සක්වල චක්‍රය විවර කිරීමේ සම්පූර්ණ බලය තමාට දැරීමට සිදු නොවනු ඇති අතර භීෂ හෝ සුලෝධජ අතර එකී ශක්තිය බෙදී ගොස් ඔවුන්ගේ මනෝකායන් පවා විනාශවන වග මිධුනාථ දැන සිටියේ ය.

සත් මසක් තුළ චක්‍රය විවර කළ ද නොකළ ද සිදුවීමට නියමිත සියල්ල සිදු වන වග මිධුනාථ දැන සිටියේ ය. නමුත් කිසිවෙකුත් නොදන්නා එක් දෙයක් මිධුනාථ දැන සිටියේ ය.

කව්රුන් සක්වල චක්‍රය විවර කළ ද එකී අදාළ පුද්ගලාට බලය දැරීම සදහා , භීෂ හා සුලෝධජගේ හස්තයෙහි ඇති මුද්‍රාව බදු කුඩා ලෝහවලින් නිර්මිත පළදනාවක් විය . නමුත් එය කෙබදු යමක් දැයි මිධුනාථ හැර කිසිවෙකු නොදැන සිටියේ ය.  එය හුදෙක් සක්වල චක්‍රයෙහි බලය ගබඩා කර තබා ගැනීමට නිර්මාණය වූවක් විය.

මිධුනාථ , මනස පුහුණු කිරීමෙන් සක්වල චක්‍රය විවර කළ හැකි බලයෙන් යුතු විය. අනුර්ධ ආරාමය සතුව තිබූ සක්වල මුද්‍රාව ක්‍රියාත්මක වූයේ මිධුනාථගේ මානසික ශක්තියෙන්ම විය. ඔහු භීෂ වෙත ප්‍රහාර එල්ල කිරීමට ගොසින් එය අත්වැරදීමක් ලෙස සිදු වූවක් වුව ද මුද්‍රාව ක්‍රියාත්මක වූයේ මිධුනාථ අතින් විය. ඒ අනුව , සුලෝධජගේ ජීවිතයට තමා වගකිව යුතු වග මිධුනාථ දැන සිටියේ ය . අත්වැරදීමක් වුව ද එය හැරවිය නොහැකි විශාල වරදක් විය.

එය තමා අතින් සිදුවූ වග සිතීම ද මිධුනාථ කෝපයෙන් හා තමා පිළිබද වෛරයෙන් උමතු කර දමන තරම් විය.

අවසන් , වශයෙන් නිර්මිත පළදනාවෙහි ද හිමිකරු මිධුනාථම විය. එය තිබෙන ස්ථානය සෑම විටම තමාගේ මනසෙහි පමණක් තිබීම ප්‍රමාණවත් ලෙස මිධුනාථ විශ්වාස කළේ ය.

දැනට ද සක්වල මුද්‍රාව ඉවත්ව අවසන් විය . එබැවින් සක්වල චක්‍රය සදහා ඉතිරිව ඇති අවසන් ආරක්ෂක උපක්‍රමය මුද්‍රා ලෙන් ද්වාරය හා මෙකී නිර්මිත පළදනාව පමණක් විය. අසුර අසිපත දරන්නා එය දැනුවත් වීම මගින් , ඔහු තමා සිතනවාට ද වඩා ඉදිරියෙන් වග මිධුනාථ වටහා ගත්තේ ය.

ඒ අනුව අසුර අසිපත දරන්නා , නිසැකවම නිර්මිත පළදනාව තමා සතුවගට දැන සිටින අයෙකු විය. ඔහු සුලෝධජට කෙතරම් සමීප වුව ද , ඔහු විශ්වාස කරන එකම පුද්ගලයා සුලෝධජ වුව ද ඔහු කිසිදු දිනෙක නිර්මිත පළදනාව පිළිබදව හෝ සුලෝධජ වෙත නොපැවසීමට ප්‍රවේසම් විය. නිර්මිත පළදනාවක් තිබෙන වග සුලෝධජ දැන සිටිය ද ඔහු සක්වල චක්‍රය විවර කිරීම ප්‍රමාද කරන්නේ නිර්මිත පළදනාව හමුවන තුරු වග ද මිධුනාථ දැන සිටියේ ය.

මින් පෙර චක්‍රය විවර කිරීමෙහි වූ අනතුරේ දී , සක්වල මුද්‍රාව වාගිෂ්ඨ මුනිගේ පියාණන් වෙතටත් , අනෙක් නිර්මිත පළදනාව වෛශව මුනි කුලය වෙතටත් වෙන් කළ වගට ඇති කටකතා මිධුනාථ දැන සිටියේ ය.

සුලෝධජ වෛශව අසපුවට පැමිණීමට හේතුව නිර්මිත පළදනාව ම්‍යාන මුනි සතුව වූ වගට වූ කටකතා බව මිධුනාථ විශ්වාස කළේ ය. සක්වල චක්‍රය විවර කළ ද එහි බලය දැරීමට මෙකී නිර්මිත පළදනාව අත්‍යාවශ්‍ය විය.

අසුර අසිපත දරන්නා විසින් , නිසැකවම මුද්‍රාව ක්‍රියාත්මක වූ බවත් තමා සක්වල චක්‍රය විවර කිරීමට සමත් වගත් , පමණක් නොව නිර්මිත පළදනාව පිළිබදවත් සොයාගෙන ඇති වග මිධුනාථට වැටහී ගියේ ය.

.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

A/N -

* අහන්න.. ඔක්කොම පැත්තකින් තියලා වැදගත් දෙයක් කියන්න යන්නේ.. අග්නි අප්ඩේට්ස් ඩේලි දෙන්න බැරි වෙයි ද මන්දා...
සමාවෙන්න..

* සතියට දවස් 3ක් රෑ 12 වෙනකම්ම පන්ති.. ඉතිරි දවස් 4න් දෙකක්ම උදේ 5 ඉදන් පන්ති..අනිත් දවස් දෙකේ 6ට.. Extra class එකකට යන එක හීන තමා.....  එතකොට ගොඩක් දවස්වලට හෙළවෙන්නවත් වෙලාවක් නැහැ...පාඩම් කරන එකත් විකාරයක් වගේ වෙලා.. රිපීට් ක්ලාසස් ගොඩ ගැහිලා..  එතකොට ඒ හැම එකක් එක්කම අග්නි ඩේලි දෙන්න ගියාම කතාව අවුල් යාවි.. මම ගොඩක් ආසාවෙන් ලිවේ.. ඒක නිසා අවුල් යනවාට මම කැමති නැහැ.. ...

* අනික මේ කියන විභාගේ මගේ ජීවිතය.. කාගෙන්වත් යැපෙන්න මට ඕන නැහැ... ඒකට කැමතිත් නැහැ..  අග්නි ඇරෙන්න ඔක්කොම දේවල්වලින් ඈත් වෙලා ඉන්නේ.. ලියපු FF  පවා නවත්තලානේ..

* මම හැකි ඉක්මනින් දෙන්න බලන්නම්..

* දැන් අපි යමු වර්තමානෙට ආයේ හොදේ.. සුලෝධජවයි , මිධුනාථවයි බලන්න.. අර දරුණු එකාව.. බුහාහාහ..

* ඒනම් ගියා..

* ඊලග එකේ මොනවා ද වෙන්නේ කියලා අනුමාන තියේ ද ? අනුමාන ?????? බුහාහා.. තාම මිද්දා සුලෝගේ සිරි යහන් ගර්භයේ ...බුහාහා..

Fortsett å les

You'll Also Like

769K 103K 124
ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ්ණියෙකු හා ටොප් ක්ලාස් පැණියෙකු ලෙස ගවී...
28.6K 4.7K 33
"ඒ නූනා...මං කැමතී වන්ග් යීබොට...මට එයා ළඟ ඉන්න තිබුණනම්..."❤️😃 "පිස්සු නැතුව ඉන්නවා ශානයෝ..ජොබ් එකක් හොයාගන්න බලනවා...ඉගෙන ගනත් ජොබ් එකක් කරන්නෙ නෑ...
93.1K 8.2K 66
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း ရွှီမိသားစုရဲ့ တိသမီးက လက်ထပ်ပြီးတော့ ယန်ကျင်းကို ရောက်လာပါတယ်။ သုံးနှစ်ကြာပြီးနောက်မှာ သူ့ယောက်ျားက အောင်မြင်တဲ့ စာသင်သား...
12.8K 1.5K 43
ආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියන...