♛ අග්නි ♛

By Bulbz_D

173K 34.7K 29.1K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 60

1.8K 389 514
By Bulbz_D

'' ඒ මිද්දෝ-ඕ...... මිධුනාථ.........''

වෑකන්ද අසල ගල් තලාව මත මහීධ වෙත ශිල්ප පුහුණු කරමින් සිටි මිධුනාථ ඉහළ ගල් තලාව දෙස නෙත් යොමු කළේ ය. සුලෝධජ තමාට හස්තය වනනු මිධුනාථ දුටුව ද ඔහු රවා අනෙක් පස බලාගත්තේ මහීධට ද බැන වදිමිනි.

'' මෙදෙස බලන්නේ නැති ද ????? මිධුනාථ........ ඒයි.. මිද්දෝ.. '' සුලෝධජ දිගින් දිගටම බාධා කළේ ය. ඔහු නැවතත් දවා අළු වන සුළු බැල්මක් හෙළුවේ ය .

'' මිධුනාථ මේ........ '' ඔහු නැවතත් කෑගැසුවේ ය.

'' අඥාන අශ්ශීල දාසයා.. තමුන් පිටව යනවාකො මෙතනින්.. '' එවර මහීධ නොරිස්සීමෙන් කෙදිරුවේ ය.

'' තමුන් කුමක් ද එදෙස බලමින් සිදු කරන්නේ ? අශ්ශීලයා... කුමක් ද ඒ සිදු කළේ ???? '' මහීධ මොහොතකින් පැවසුවේ ය. වෑකන්ද දෙසින් ඇසුණු කාන්තාවන්ගේ සිනහා නාදය ද එවර මිධුනාථගේ දෙසවන් හරහා ගියේ ය. එවර මිධුනාථ ද හිස හරවා බැලී ය. රුද්‍ර ද සුලෝධජ හා ඉහළ ගල් තලාව මත අසුන් ගෙන සිටිනු මිධුනාථ දුටුවේ ය .

සැරසිලි පිණිස නෙළුම් නෙළීම සදහා , වෑකන්ද වෙත පැමිණ තිබූ වෛශව අසපුවේ සේවිකාවන් වෙත සුලෝධජ උසුළු විසිළු කරනු මිධුනාථ දෑසගින් බලා සිටියේ ය. තමාට ඔවුන්ව නොපෙනුණු ද සුලෝධජ හා රුද්‍ර සිටි ඉහළ ගල් තලාව වෙත නිසැකවම ඔවුන් හොදින් පෙනෙන්ට ඇති වග මිධුනාථ අනුමාන කළේ ය.

'' අය්යණ්ඩි.. අර.. දුටුවා ද ඔහු සිදු කළ දේ... එහි අරුත කුමක් ද ? කිම ද එලෙස......... ''

'' නිහඩවනවා..'' මිධුනාථ මහීධ වෙත ගිගිරුවේ ය. ඔහු නැවතත් නොරිස්සීමෙන් මහීධට ශිල්ප පුහුණු කරන ලෙස පැවසුවේ ය.

'' නතා.... ස් ස්... නතා.. සොදුරිය.... ස් ස්... මෙහේ.... මෙදෙස සොදුරිය........... '' එවර අග්නි සේවිකාවන් වෙත දෑත් වනමින් පැවසී ය .

'' නිල්වාලි...... සාදා.... මන්දාරා......... දිශාලා..... '' ඔහු දන්නා සියලුම සේවිකාවන්ගේ නාමයන් පවසමින් කෑගැසුවේ ය.

'' වූ....හූ..... ගිනි ගෙන දැවෙන දෑසින් ඈ රවා මා දෙස බැලුවා.... ' සුලෝධජ ආරම්භ කළේ ය.

'' ඒ බැල්මෙන් මා හද සලිතව ගියා... '' රුද්‍ර ද සහය දීම ආරම්භ කළේ ය.

'' මන්දාරා........ සොදුර.... අහෝ කුමක් ද නුඹ මේ මට සිදු කළේ ? ළය පැලී මිය යයි.. රවන්නෙපා සොදුර........ '' සුලේධජ රංගනයෙන් ද දායක වෙමින් පවසනු මිධුනාථ අසා සිටියේ ය. ඔහු වෑකන්ද දෙසට රවමින් සුලෝධජ දෙස සිනාසෙමින් බලා සිටි මහීධට ද බැන වැදුනේ ය.

'' ඕ.. තඹර පෙති වැනි ඇගේ මෘදු දෙතොල්...... '' සුලෝධජ අවසන් කර නැත .

'' වියළි ගිය ගිම් පත් වැනි ඇගේ රළු බැලුම්.... '' රුද්‍රද සිය උපරිම සහයෝගය ලබා දුන්නේ ය.

'' කුසුම් සරින් , විද මා හද රිදවනා තැවුල්.. '' සුලෝධජ ද කාන්තාවන්ට ඇසෙන ලෙස පැවසුවේ ය.

'' අහෝ ළදේ .. කිම ඔය කොපුල්............. තමාගේ රෞද්‍ර බැල්ම හමුවේ රුද්‍ර පැවසීමට ගිය දෙය නතර කරනු මිධුනාථ දුටුවේ ය.

'' රවන්නෙපා .සොදුර......හූ.... හූ.... හූ,..... ''
කන්තාවන් සියලු දෙනා ඉක්මනින් නෙළුම් නෙළා අවසන්ව වෑකන්ද දෙසින් පිටව යනු සුලෝධජ කෑගසනු මිධුනාථ දුටුවේ ය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අශ්ශීල සල්ලාලයෙකු විය .

.
.
.
.
.
.
.

මිධුනාථ.... මිද්දෝ- ඕ..... උද්ධච්ඡ ඉස්ගෙඩියෝ... ඒයි.. පඩුවන් බස්සෝ.. දැන් උරණ වීමට මා කුමක් ද සිදු කළේ ? '' සුලෝධජ විරාමයකින් තොරව විමසනු බලා සිට මිධුනාථ රවා අනෙක් පසට හැරුණේ ය.

'' ඔබ මහා දුෂ්ඨයි.. මා කුමක් ද සිදු කළේ ? ඔබේ දෙළුම් යුෂ බදුන බිම හැලූ නිසා ද ? නැතිනම් , නුඹේ වස්ත්‍රතුළට ගෙබි පැටවෙකු දැමූ නිසා ද ? ඔහු ගැන පවසනවා නම් ඔහු ඉස්ගෙඩියෙකුව සිටි බැවින් මා රැගෙන පැමිණියේ...... ඔහු ගෙඹි පැටවෙක් වේ යැයි අනුමාන කළේ සැබෑමයි පවසන්නේ..... '' සුලෝධජ දෙතොල් උල් කරමින් පවසනු මිධුනාථ බලා සිටියේ ය. උදෑසන තමාගේ වස්ත්‍ර අතරින් ගෙඹි පැටවෙකු මතු වූයේ කෙසේ දැයි ඔහු දැන් නිසැකවම දැනුවත් විය.

'' යනවා.. කතාවක් නැහැ තමුන් සමග.. '' මිධුනාථ රෞද්‍ර ලෙස පැවසුවේ සිය කුටියෙහි ද්වාරය සුලෝධජගේ මුහුණටම වසා දමමිනි .

'' මිධුනාථ... අසාධාරණයි.. මිධුනාථ.. ද්වාරය විවර කරනවා උද්ධච්ඡ ඉස්ගෙඩියා.......... '' සුලෝධජ ද්වාරයට තට්ටු කරමින් කෑගසනු මිධුනාථ නෑසුණා සේ සිටියේ ය. මද වෙලාවන් ශබ්දය නැවතෙනු ඔහු අසා සිටියේ ය. ඔහු තනිව සිනාසෙමින් සිය අසිපත පසෙකින් තැබුවේ ය.

ඔහු තරමක් විඩාබර වූ අතර ඉවසීමෙන් කුටියෙහි පහන් බොහෝ කලකට පසු දැල්වූයේ ය. ඔහු සිය උත්පල පැහැ උඩුකය වස්ත්‍රයන් උනා දමා අපිළිවෙල ලෙස සයනය මතට විසි කර දැමුවේ ය. අපිළිවෙල මිධුනාථගේ ඇතුළාන්තයේ අංගයක් විය. ඔහු පිළිවෙලට සිටින සේ හැසිරුනේ සුලෝධජ සිය කුටිය භාවිත කරන දිනයන්වල පමණක් විය.

අනතුරුව සිය හිසට තද වී තිබූ කොණ්ඩය ද නිදහසේ ලිහා දැමුවේ ය.

දඩාස් යන අනුකරණයෙන් ඇසුණු ශබ්දයට මිධුනාථ ක්ෂණිකයෙන් සිය ආසන මුද්‍රාවට පැමිණියේ ය. ඔහු කුටිය අභ්‍යන්තරය වෙතට බැල්මක් හෙළුවේ ය. ගෙම්බෙකු පොළොවේ ඇද බෑවාක් සේ වැටී සිටි සුලෝධජ දැකීමෙන් ඔහු තිගැස්සී ගියේ ය. අනතුරුව සිය දෑස් ඔහුට ඉහළින් වූ කැටයම් සහිත කවුළුව වෙත යොමු කළේ ය.

'' නුඹ මහා කෲරයි මිධුනාථ , කවුළුව යට වූ ශිලා මේසය ඉවත් කළා ද ? '' සුලෝධජ නොරිස්සීමෙන් විමසුවේ ය. මිධුනාථ සිදුවූ දෙය වටහා ගත්තේ ය. අවසන් වර සුලෝධජ මෙහි සිටින විට කව්ළුවට පහළින් ශිලා මේසයක් වූ අතර ඔහු එය තවමත් එහි ඇතැයි සිතා එය මතට අදුරේම පය තැබීමට ගොස් බිම පතිත වූ වගද ඔහු වටහා ගත්තේ ය. කෙස් වැටිය ද අවුල් කරගෙන බිම පතිත වී සිටි සුලෝධජ දැකීමෙන් සිය මුවින් පිටවීමට ගිය සිනහාව වළක්වාගත් මිධුනාථ රෞද්‍ර පෙනුමක් මුහුණට නගා ගත්තේ ය.

'' තමුන් කෙලෙස ද මෙය තුළට පැමිණියේ ? '' මිධුනාථ රෞද්‍රව විමසුවේ ය.

'' කතා කළා.....එහි අරුත ඔබ උරණ නැහැනේ ??? මිතුරුයි.. මිතුරුයි................. ඕ........ මේක.. ඉන් කැටයම ඉවතට පැන්නුවා'' සුලෝධජ විශාල වීර ක්‍රියාවක් සිදු කළ අයෙකු ලෙස පැවසුවේ දටික කිණිස්ස ඔසවා පෙන්වමිනි .

'' තමුන් . මහ. හිසරදයක් .... '' මිධුනාථ වදනින් වදන කෝපාන්විතව පැවසුවේ ය. ඔහු සිය අවුල් වියවුල්ව ගිය කුටිය වෙතට බැල්මක් හෙළුවේ නොරිස්සීමෙනි . සුලෝධජ මේ මොහොතේ කුටිය වෙත පැමිණෙනු ඇතැයි ඔහු අනුමාන නොකළේ ය. ඔහු සයනය මත විසිකර තමා තිබූ සිය වස්ත්‍රයන් සීරුවෙන් පසෙකට කළේ ය.

'' ආහ්.... ඔබේ කුටිය වෙත මා මින් පෙර පැමිණ තිබෙනවා.... හහ්හා.. කුඩා බිදී ගිය බදුන්වල වීදුරු කැබලි ද කුටිය තුල වූවා... .සයනය පුරා වූ දූවිලි මාස ගණනාවක් පැරණියි.....එහි ඝනකම ශිලා බිත්තිවලට ද වඩා වැඩියි...... වාසනාවකට මා මනෝකායෙන් පැමිණියේ.. නැතිනම් ශ්වසනය කිරීමට නොහැකිව මා මියයනවා.... '' සුලෝධජ විස්තර කළේ ය.

'' කටවහනවා.... '' මිධුනාථ සිය ලැජ්ජාව සගවාගනිමින් ගිගිරුවේ ය.

'' මල් සැරසිලි සියල්ලම මලීනව ගිය ඒවා.. කෙටියෙන් පවසනවා නම් , ඇසළ අංගනයෙහි අශ්ව ගාල බොහො සෙයින් පිළිවෙලයි එයට වඩා.... '' සුලෝධජ සිනාසෙමින් පැවසුවේ ය.

'' නිහඩවනවා... '' තමා එවර කෝපයෙන් දම් පැහැ ගැන්වී ඇති වග මිධුනාථ දැනුවත් විය. ඔහු කෝපයෙන් වෙව්ලූ අතර නොරිස්සීමෙන් සුලෝධජ දෙස බැලුවේ ය.

'' හොදයි... හොදයි සන්සුන් .. සන්සුන්... දැන් මිතුරුයිනේ ?? '' සුලෝධජ අහිංසක ලෙස විමසුවේ ය. එලෙස අහිංසක ලෙස විමසීම මිධුනාථගේ ඇසින් අසාධාරණ විය. ඔහු වදනකදු පැවසීමට පෙර ද විශාල කර දෑස්වලින් හෙලන බැල්මම ඔහුව විශාල , කිසිදු දිනෙක ගැළවිය නොහැකි උගුලක හිර කර දැමී ය.

'' නැහැ.. '' ඔහු දැඩිව පැවසුවේ ය.

'' ආාාාා........ හේතුව පවසා උරණ වන්නකෝ එසේ නම්........ මම ඔබේ සුවද විලවුන් බදුන සැගවූ නිසා ද ? ආා. .. එය අත්වැරදීමකින් බිදී ගියේ.... මා සිතා මතා බිද දැම්මේ නැහැ........ සත්‍යමයි.... අශ්වයන් පල්ලා.. ''

මිධුනාථ සිය වම් ඇහි බිම ඉහළ යැව්වේ ය. තමා මිල දී ගත් මිලාධික සුවද විලවුන් බදුන අතුරුදහන් වූයේ කෙසේ දැයි දැන් ඔහුට හොදින්ම  පැහැදිලි විය. එය අශාලා විසින් තමාට මිලදී ගෙනදුන් වග සිතීමට තරම් සුලෝධජ බොළද වූයේ කෙසේ දැයි ඔහු දැන සිටියේ නැත.

''  ආ....එය නොවේ ද ? එසේ නම්......... ආාාාා......ආා..........සැබවින්ම මා නොවේ ඔබේ උත්පල පැහැ වස්ත්‍රයන් ඉරා දැමුවේ .. මා අහිංසකයි ඒ සම්බන්ධව..... අනික මා කුමකට ද එය පැළදි විට ඔබ කඩවසම් වීම පිළිබද ඉරිසියා කරන්නේ ? මගේ සිත එතරම් කුහක නැහැ... විශ්වාස කරන්න... . '' සුලෝධජ අහිංසක ලෙස පැවසුව ද සති දෙකකට පෙර තමා ප්‍රිය කළ සිය උත්පල පැහැ වස්ත්‍රයන් ඉරී යාමට වගකිව යුත්තේ කව්රුන්ද යනවග  මිධුනාථ නිශ්චිතවම වටහා ගත්තේ ය. ඔහු දෙවන වරට ද ඇහිබැම ඉහළ දැමුවේ ය.

'' එයත් නෙවේ ද ?? එසේ නම් කුමක් ද ? ආහ්.... ආහ්.... ආහ්......... මා අන් වෛශව ශිෂ්‍යයන් හා පැවසුවේ නැහැ ඔබ රෙදි පිළි සේදූ වග... ඔවුන් විමසූ විට පිළිතුරු ලබා දුන්නා පමණයි.. එබැවින් මා නිර්දොෂයි... ''

'' කුමක් ද තමුන් පැවසුවේ ??? '' එවර මිධුනාථ රෞද්‍රව විමසුවේ ය. පසුගිය සතිය පුරාවට වෛශව සිසුන් තමා දෙස බලා සිනාසීමට හේතුව ද මිධුනාථ ක්ෂණිකව වටහා ගත්තේ ය. තමා කෝපයෙන් වෙව්ලනු මිධුනාථට දැනුණි .

'' ආ.. එයද එසේ නම් හේතුව ??? ආාා.. ආා.. මේකයි කරුණ මිධුනාථ... මා සම්පූරණයෙන්ම පැවසුවේ නැහැ.... ඔවුන් විමසූ නිසා පැවසුවේ..... අනෙක මා කිසිවක් පැවසුවේ නැහැ .... ඔබ සිදු කළ ආකාරය රගදක්වා පෙන්වූවා පමණයි....'' සුලෝධජ අහිංසක ලෙස පැවසුවේ ය.

'' කුමක් ද !!! තමුන් නම්.... අද තමුන්ගේ අවසානය... '' මිධුනාථ එවර දත්මිටිකමින් පැවසුවේ සිය හස්තයෙහි වූ ඇතිරිලිවලින් සුලෝධජ දමා ගසමිනි.

''හෝව්...හෝව්.. සන්සුන්..... මිධුනාථ......... සමීපයට එන්න එපා........බලාගෙන..... පෙරළෙයි.. පෙරළෙයි.. සන්සුන්... යක්ෂයෙක් වගේ ඔය ලෙස බලන්න එපා ඉදින්........ මා නිර්දෝෂයි. ..............පහර දෙන්නා එපා.............''  සුලෝධජ ආරක්ෂාවීමට කුටිය වටා කුඩා දරුවෙක් මෙන් දුවමින් පැවසුවේ ය.

' මෙහි පැමිණෙන ලෙසයි පැවසුවේ.. '' මිධුනාථ ගිගිරුවේ ය.

'' දඩුවම් කරනවා ද අහිංසකයාට ? දරුණු දඩුවමක් ද ???? කෙතරම් දරණු ද ? දරුණු දඩුවම්වලට ප්‍රියයි මා... '' සුලෝධජ එවර කෙළිලොල් ලෙස පැවසුවේ ය.

'' අශ්ශීලයා.... '' මිධුනාථ නැවතත් සිය හස්තයට හසුවූ රෙදි පිළිවලින් දමා ගැසුවේ කෝපයෙනි.

.
.
.
.
.
.
.
.

මිධුනාථ අසිරූවෙන් දෑස් විවර සිය දෑස් වෙත එල්ල වූ දැඩි ආලෝකයට ඔහු නැවතත් දෑස් හකුළා ගත්තේ ය. ඔහු සිය හස්තයෙන් මුහුණට වැටුණු හිරු එළිය වැළැක්වීමට උත්සහ කළේ ය.

සිය සුරතෙහි මැණික් කටුව අසල වූ අර්ධ වශයෙන් සුව වූ තුවාලයන් ඔහුගේ නෙත ගැටුණි . ඔහුට නැගී සිටීමට අවැසි වුව ද ඔහු නැගී සිටීම උත්සහ නොකළේ ය. සිය නාසය හරහා සදුන් ධූමය ගලා යනු ද ඔහුට දැනුණි . ඔහු අපහසුවෙන් හිස හරවා බැලී ය.

කුටියෙහි ශිලා බිත්තයම වසාගෙන එල්ලී තිබූ සූර්යය - සිංහ සලකුණ සහිත තීර්ථ ධජය හා සේසත් ඔහුගේ දෑසට හසුවූ ප්‍රථම දෙය විය. කටු කම්බි ඇමිණීමෙන් සිය දෑතෙහි තිබූ තුවාල සුව වීමේ සීඝ්‍රතාව අනුව තමා සිව්දිනක් හෝ ඊට ද වැඩි කාලයක් සිහිසුන්ව සිට ඇතිවග ඔහු වටහා ගත්තේ ය. ඔහුගේ වම් හස්තයෙහි නහරයට බස්වා කුඩා ප්‍රමාණයේ ඖෂධ පැසක් වූ අතර එය තමා විජලනයෙන් වැළැක්වූ වග මිධුනාථ අනුමාන කළේ ය.

ඔහු සිටි කුටිය විශාල වුව ද එහි කිසිවෙකුත් ඔහුට බාධා නොකළේ ය. තරමක් එපිටින් වූ කුටියෙහි විශාල ද්වාරය විවරව පැවතිය ද කිසිවෙකු ඉන් ඇතුළට පය තැබීමට තරම් නිර්භීත නොවී ය. කවුළුවෙන් පිටත පිධුරාජගල කදු වැටිය අලංකාර ලෙස දිස්වූ අතර සිය දෑසට හසුවූ උඩු වියන් යොදා තිබූ සයනයෙන් ඔහු සිටි ස්ථානය මිධුනාථ නිවැරදිව වටහා ගත්තේ ය.

ඔහු එවර අපහසුවෙන් නැගි සීටියේ ය. සයනය අසල වූ කුඩා මේසය මත , සිය කැටපෝලය මෙන්ම ප්‍රණීත භෝජන ද තැන්පත් කර තිබෙනු මිධුනාථ දුටුව ද ඔහු සිය කැටපෝලය සුරතට ගත්තා විනා භෝජන දෙස වරකුදු නොබැලුවේ ය. ඔහු අනිච්ඡානුගවම සිය මුහුණ වෙත හස්තය රැගෙන ගිය අතර සිය මුහුණ වසාගෙන තිබූ ඝන රැවුල සම්පූර්ණයෙන්ම මුඩු කර දමා ඇති වග ඔහු වටහා ගත්තේ ය.

සුග්‍රීව හෝ ථිත පිළිබද ඔහු කිසිවක්ම නොදැන සිටි අතර වෛශව අසපුවේ අන් අය ඔවුන් නොමැතිව කුමක් සිදු කරනවාද යනවග ඔහුට පැටළලි සහගත විය. ඔහු නොරිස්සීමෙන් නැගී සිටීමට උත්සහ කළ ද සිය උරහිස අසලින් දැනුණු වේදනාව ඔහුව මුළුමනින්ම නතර කර දැමී ය. ඔහු නැවතත් සයනයෙන් වැතිරුණි.තමා මෙලෙස දුර්වල වීම මිධුනාථ නොරිස්සුවේ ය.

ඔහු අපහසුවෙන් නළළ රැලි ගන්වමින් සිය උරහිස අසල අල්ලා ගත්තේ ය. මෙවර වේදනාව දැඩි වූ අතර ඔහු අපහසුවෙන් කෙදිරියක් නැගුවේ ය. සිය දෑත් ද ඔහු දැඩිව මිට මොලවා ගත් අතර අසීරුවෙන් වේදනාව ඉවසුවේ ය.

'' ස්-ලෝධජ.. අඥාන ලජතුමනි...... ඔබේ... සූර්ය කුසුම... පැමිණියා... කොහි ද ඔබ අඥාන ස්ලෝධජ.............. ''

මිධුනාථ එවර එම ශබ්දයට හිස ඔසවා බැලුවේ ය. මාළිගය තුළ සුලෝධජ වෙත එලෙස ආමන්ත්‍රණය කිරීමට තරම් අයෙක් සිටීම ද ඔහුට තරමක විස්මයක් විය.

නොනැවතී කුටිය තුළට කෙළිලොල් ලෙස දිව ආ කුඩා  ගැහැනු දරුවා මිධුනාථ දැකීමෙන් මදක් තිගැස්සී ගියා ය. අනතුරුව ආපස්සට පියවර තබා කුටිය පිටතට ගොසින් කුටියේ ද්වාරය දෙස බලා ඒ තමා ඇතුළුවීමට ගිය කුටියම වග තහවුරු කර ගත්තා ය. ඇයගේ සේවිකාවන් ඇයව ලුහු බදිමින් පැමිණ හති දමනු ද මිධුනාථ බලා සිටියේ ය.

'' සීහශාලි කුමරියනි.. '' මැදිවිය ඉක්මවා සිටි සේවිකාව මදක් නොරිස්සීමෙන් පැවසුවා ය.

ඇයගේ වදන්  කුඩා දැරිය කව්රුන්දැයි මිධුනාථ වෙත තහවුරු කළේ ය . කුඩා දැරියට කළු පැහැ ගැඹුරු දෑසක් තිබූ අතර ඉණ තෙක්ම දිගු වූ අලංකාර කෙස් වැටිය භීෂ මෙන්ම කැරලි සහිත විය. ඇයගේ දෑස් හා නාසය ඛාදී දේවිය සේම වූ අතර ඛාදී දේවිය තුළ සැගව තිබූ දගකාරීකම ඇයගේ අලංකාර සිනහවෙහි කැටිව තිබුණි . ඇය හරිත වර්ණය සහා රත්‍රන් පැහැය මිශ්‍ර වූ වස්ත්‍රයන්ගෙන් සැරසී සිටි අතර ඇය අන් සියලු අතින් ඛාදී දේවිය සේම සෞම්‍ය විලාසයක් ගත්තේ ය.

නමුත් ඇයගේ වස්ත්‍රයන් රජකුමරියකට නොගැළපුනු අතර ඇය තරමක් රළු ආකාරයේ වස්ත්‍රවලින් සැරසී සිටියා ය. ඇය පිරිමි දරුවන් සේ බද පටියක් ද පැළ ද සිටි අතර එය අතිශයන්ම ඇයට ගැළපුණේ ය. කෙසේ නමුත් ඇයගේ හැසිරිම් නම් කෙලෙසක වත් සන්සුන් නොවූ වග මිධුනාථ වටහා ගත්තේ ඇය තමා වෙතට හෙළු විනිවිද යන සුළු බැල්ම නිසාවෙනි .

'' කව්රුන් ද ඔහු ? කොහි ද අඥාන ස්ලෝ-ධජ ? '' ඇය සිය සේවකාවගෙන් විමසුවේ ඇයගේ දෙතොල් උල් කරමිනි. සුලෝධජ සතුවූ දෙතොල් උල් කිරීමේ පුරුද්ද ඇය එලෙසම ග්‍රහණය කරගෙන තිබුණේ ය.

'' එතුමන් මාළිගයේ නැහැ '' ඇයගේ සේවිකාව පිළිතුරු ලබා දුන්නා ය.

'' ඉන්න........ ඔබ මගේ පියාණන් ද ? '' ඇය එකවරම සතුටින් විමසුවා ය.

'' ආහ් ????????????  නැහැ.. '' මිධුනාථ රෞද්‍රව පිළිතුරු ලබා දුන්නේ ය.

'' ආ නැති ද.. අඥාන ස්ලෝධජ.. ඔහු මෙවරත් පියාණන්ට මෙහි පැමිණෙන ලෙස පවසා නැහැ.. '' කුඩා දැරිය දෙතොල් උල් කරමින් නොරිස්සීමෙන් පැවසුවා ය.

මිධුනාථ සයනයෙහි වැතර සිටියා විනා කුඩා දැරිය නොතැකුවේ ය.

'' ක්නොක් ක්නොක් ක්නොක්..... සිලා පර්වතයක් බදු යාළු ?? සීහශාලී පැමිණියාට කම් නොවේ ද ? එකගායි ??? එකගයි...'' ඇය මිධුනාථගේ පිළිතුර ලැබෙන තුරුම නොසිට කුටිය තුළට දිව ආවා ය.

මිධුනාථ සිය සුපුරුදු හැගීම් විරහිත මුහුණින් අැය වෙතට බැල්මක් හෙළුවේ ය.

'' සිලා පර්වතයක් බදු යාළු කිම ද අඥාන ස්ලෝ-ධජගේ කුටියේ සිදු කරන්නේ ? '' ඇය කුතුහලයෙන් විමසුවේ අපහසුවෙන් සයනය වෙත බඩගාමිනි. ඇය අවසානයේ සයනට නැග අවසන්ව සැනසීමට පත් බැල්මක් හෙළුවා ය.

'' හී,. සීහශාලී නැග්ගා... පිත්‍රී ඝෝෂා... යේ... '' ඇයම තමා වෙතම පවසා ගනු ද මිධුනාථ බලා සිටියේ ය.

'' ඔබ බස්සෙක් ද ? නැතිනම් අර අර .... මොනවාද.. රවුම් රවුම්... ආ.. මඩු පිට්ටු ගිලලා ද ? '' ඇය නැවතත් විමසුවේ දෙතොල් උල් කරමිනි.

සීහශාලීගේ කතා විලාසය එවර මිධුනාථගේ මුහුණෙහි මද සිනහාවක් නැංවී ය. ඔහු වේදනාව මදකට අමතක කර අසීරුවෙන් ඍජුව හිද ගැනීමට උත්සහ කළේ ය.

''' ඌහ්...මේ උෟය්යා වෙලා ? රුධිරය........... තුවාලය....... දැන් කෙලෙසද ? වේදනායි ද ? '' ඇය එවර විමසුවේ සිය කුඩා දෑතින් මිධුනාථගේ මැණික් කටුව අසල අල්ලාගනිමිනි . ඇය කුඩා දෑතින් එය පිරික්සා බලනු මිධුනාථ බලා සිටියේ ය . ඇය මැණික් කටුව අසල වූ කටු කම්බි තුවාලයට මෘදුව සිය මුවින් පිම්බේ ය. 

'' මා.. සීහශාලී,.....අඥාන ස්ලෝ-ධජගේ සූර්ය පුෂ්පය... '' කුඩා සීහශාලී පවසනු මිධුනාථ බලා සිටියේ ය .

'' හ්ම්.. '' ඔහු පැවසුවේ එපමණක් විය.

''හ්ම් හ්ම් යනුවෙන් හඩ නගන්නේ ? ආාාා.............ඔබ පඩුවන් බස්සෙක් ද  ????? ඌවූ,. . '' ඇය විශාල යමක් සොයාගත් ලෙස පැවසුවා ය. එවර මිධුනාථ ඇය දෙස රවා බැලුවේ ය.

'' රවන කොට යක්ඛයෙක් වගේ... '' කුඩා සීහශාලී නැවතත් දෙතොල් උල්කරමින් පැවසුවා ය.

'' අඥාන ස්ලො-ධජ නැතිව සීහශාලීට පාළුයිලු.. '' ඇය මිධුනාථගේ නිහඩතාවය නොසලකමින් පැවසුවා ය.

'' එය සුලෝධජ !! '' මිධුනාථ රෞද්‍රව නිවැරදි කළේ ය. සුලෝධජ වෙත ස්ලෝධජ ලෙස ඇමතීමට අවසර තිබූණේ සිය කුඩා කළට පමණක් වූ අතර සුලෝධජ එයට අකමැති වග ද මිධුනාථගේ මතකයේ විය.

'' එය තමා පැවසුවේ.. ස්ලෝ-ධජ.. '' කුඩා දැරිය විශ්වාසී ලෙස පැවසුවා ය.

'' සු-ලෝ-ධජ.. !! '' මිධුනාථ නැවතත් දැඩිව පැවසුවේ ය.

'' ස්ලෝ-ධජ.. ස්ලෝ-ධජ...ස්ලෝ-ධජ... '' ඇය හඩනැගුවේ සමස්ත කුටියම දෙදරා යන පරිදි විය . ඇයගේ සේවිකාව සීහශාලී කුමරියගේ මුරණ්ඩු ස්වරූපයට සිනානගනු මිධුනාථ නොරිස්සීමෙන් බලා සිටියේ ය.

'' තමුන් මහ හිස රදයක්. '' මිධුනාථගේ මුවින් පිටවිය. සීහශාලී කුඩා දරුවෙකු වූ බව හෝ ඔහුගේ සිහියෙහි නොවී ය.

'' දුස්ට සිලා පර්වතය....... මා අඥාන ස්ලෝ - ධජට පවසනවා ඔබ පිළිබදව... තරහයි... හෑ හෑ හෑ......'' ඇය නොරිස්සීමෙන් සයනයෙන් බිමට පැන්නා ය. අනතුරුව නැවතී මිධුනාථට දිව ද ඇද්දේ ය.

සීහශාලීගේ පෙනුම , ස්වරූපය කෙසේ වුවද ඇයගේ හැසිරීම් මිධුනාථ හොදින්ම හැදින්නේ ය. ඇයගේ වදන් ද , පවසන ආකාරය ද දෙතොල් උල් කිරීම ද කාගේ ද යනවග මිධුනාථ හොදින්ම දැන සිටියේ ය.

කුටිය ඉදිරිපස තමාට පලා යා නොහැකි ලෙස සෙබළුන් යොදවා තිබෙනු ද මිධුනාථ දුටුවේ ය.ඔහු තරමක් ගැඹුරු සුසුමක් හෙලා නැවතත් සයනයෙහි අනෙක් පසට හැරුණි. ඔහුට අන් කිසිවක් සිදුකිරීමට තරම් තවමත් ශක්තියක් නොවී ය.

.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

'
'
'

A/N -

* මහන්සියි... 60ක්ම ලියලා... වචන 3000කට වැඩි ඒවා.. පුදුමයි.. දිගම පොත මම ලියපු.. තා තියේනේ..

* අද මුකුත් කියන්න නෑ අප්පා වැඩිය.. මිධුනාථ ඉන්නේ කොහේ කියලා ද හිතන්නේ ?

* ශක්තිය ආවාම එයා මොනවා කරයි ද ? හිතනවා ද මහීධ මැරුන එක සමාව දෙයි කියලා ??? බුහාහා

* ඊලග චැපි ටිකෙන් ආයේ අතීතයට යමු.. මුන් දෙන්නා කරපු කුප්ප වැඩ ටිකක් බලාගන්න.. අර ඇට්ටේරියා ගස් යටට වෙලා කරපුවා වගේ වැඩ ගොඩයි..

* ටටා. මිධුනාථට අමාරුයිලු........

Continue Reading

You'll Also Like

1.5M 189K 123
အေဒီ ၇၉ ခုနှစ် .. ပုံပေမြို့.. ရောမအင်ပါယာ ဒဏ္ဏာရီမဟုတ်တဲ့ ရာဇဝင်ထဲက အဖြစ်အပျက်လေးတစ်ခုလား ဒါမှမဟုတ်.. ရာဇဝင်တွင်မကျန်ခဲ့တဲ့ ဒဏ္ဏာရီဇာတ်လမ်းလေးပဲလာ...
887K 117K 126
ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ්ණියෙකු හා ටොප් ක්ලාස් පැණියෙකු ලෙස ගවී...
3.5K 766 18
හැමෝම හිතන් ඉන්නෙ idol කෙනෙක් වෙන එක ගොඩක්ම අමාරු දෙයක් නෙමෙයි කියලා . ඒත් ලොකු කට්ටක් කාලා වුනත් එතනට ගියා කියමුකෝ ඊට පස්සෙ හැමදේම හරියනවා කියලද හි...
105K 9.1K 68
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း ရွှီမိသားစုရဲ့ တိသမီးက လက်ထပ်ပြီးတော့ ယန်ကျင်းကို ရောက်လာပါတယ်။ သုံးနှစ်ကြာပြီးနောက်မှာ သူ့ယောက်ျားက အောင်မြင်တဲ့ စာသင်သား...