♛ අග්නි ♛

By Bulbz_D

166K 33.9K 28.9K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 56

1.9K 380 498
By Bulbz_D

එ් වනාහී,  සුලෝධජ රාජ්‍ය පාලන සමයේ සත්වන වන පාලන වර්ෂය විය .

'' නුඹ ඉසුරුපුරයේ සිට ද ? '' අවන්හලේ තමාගේ එහා පස ශිලා මේසයේ අසුන්ගෙන සිටි එක් පුද්ගලයෙකු තමාගෙන් විමසනු නිදහසේ ආහාර ගනිමින් සිටි තරුණයා මදකුදු නොතැකුවේ ය. ඔහුගේ රළු දෑස්වල අවධානය හුදෙක් සිය පලගුව වෙත පමණක්ම වූ අතර ඔහු හිස ඔසවා බලා ආගන්තුක පුද්ගලයා දෙසට රෞද්‍ර බැල්මක් හෙළුවේ ය.

'' චහ්.. පුදුම උද්ධච්ඡකමක්.. '' ආගන්තුකයා උපහාසයෙන් පැවසුවේ තමාගේ අනෙක් පස සිටි පුද්ගලයාව කතාවට අල්ලා ගනිමිනි.

තරුණයා පිළිතුරු වශයෙන් කිසිවක් නොපැවසුවේ ය. ඔහුගේ මුහුණ පුරා තරමක ඝන රැවුලක් වූ අතර ඔහුගේ වස්ත්‍රයන් අතිශයන් සාමාන්‍ය, රළු ඒවා විය. ඔහුගේ හිරු එළියට පිළිස්සී ගිය තරමක් පැහැපත් සම ඔහු වෙත දැඩිහැඩි රෞද්‍ර පෙනුමක් එක් කළ ද ඔහුගේ ස්වභාවය තරමක් අපිළිවෙල විය. මුහුදු රළවන් කොණ්ඩය නළලින් අර්ධයක් ද වසාගෙන උරමතට නිදහසේ වැටී තිබූ අතර ඔහුගේ , වස්ත්‍රයන්හි බද පටියෙහි අලංකාර ලෙස කැටයම් යෙදූ කැටපෝලය කැපී පෙනිණ .

හේ වනාහී අන්කවරෙකු හෝ නොව මිධුනාථයන් විය.

ඔහුගේ දෑස් ආහාරය වෙතම යොමුව තිබුණ ද දෙසවන් අසල සිටි පුද්ගලයන් දෙදෙනාගේ කතා බහට යොමුව තිබුණි . එය ඔහුගේ ස්වභාවය නොවූව ද මෙවර තමා අසල සිටි පුද්ගලයන් දෙදෙනාගේ මාතෘකාව එය මදක් වෙනස් කර තිබුණි .

'' ඔහු සැබවින්ම උමතුවෙන් .... '' එක් පුද්ගලයෙකු පවසනු ඔහුට ඇසිණ .

'' එතුමා සෑම දිනකම රෞද්‍ර ලෙස උමතුවෙන් තමා පසු වූයේ.. නැතිනම් එතරම් කෲර ක්‍රියා සිදු කරයි ද ? '' අනෙක් පුද්ගලයා ද පැවසුවේ සිය හඩ බාල කරමිනි. ඔහුගේ හඩෙහි කෝපයක් විය.

'' ෂ්ෂ්.. වදන් ප්‍රවේසමින්... නුඹටත් ඇවැසි තීර්ථ මාළිගයේ බලකොටු පවුරේ මළසිරුරක්ව එල්ලී සිටීමට ද ? '' අනෙක් ආගන්තුක පුද්ගලයා බියජනක ලෙස මිමිණුවේ ය.

'' ඔහු , ගිරි අසපුවේ ශිෂ්‍යයන් දෙදනෙකුට එලෙස සිදු කළ වග මා අසා තිබෙනවා.. ''
අනෙක් පුද්ගලයා ද සිය හඩ බාල කර පැවසී ය.

'' ඒ ඔහු වෙස්වලාගෙන සිටි කාලයේ... හස්තය බිද දැමීමේ වරදටලු... '' එහු තවදුරටත් එක් කළේ ය.

'' නමුත් , මරා දැමීමෙන් පසු , හිස ප්‍රදර්ශනය ? අනෙක එතරම් කුඩා වරදකට මරණ දණ්ඩනය !!!!! ????  ''

'' ඔහුට කෙලෙසවත් සිතක් , හැගීම් නැහැ.. පෙනෙන්නේ නැති ද ... තවමත් අවිවාහකයි.......නමුත් වෛශ්‍යාවන් නම් ඇසුරු කරනවාලු එතුමන් හොදින්ම... ''  ආගන්තුකයා උපහාසයෙන් පැවසුවේ ය . 

එවර මිධුනාථගේ මුවෙහි ද උපහාසාත්මක හා කෝපය කැටිවූ සිනහාවක් මතු විය. මෙවැනි කතා බහ සමස්ත රත්නද්වීපය තුළම සුලබ වූ අතර ඔහු එයට හුරුව සිටියේ ය.  ඔහු සිය පලගුවේ වූ ආහාරය වෙත අවධානය යොමු කළේ ය. ඔහු , පලගුවේ වූ ආහාරයෙන් විශාල කටක්ම සිය මුවෙහි ඔබා ගත්තේ ය. ඔහුගේ අනෙක් හස්තය තරමක් ආවේගයෙන් සිය බදෙහි වූ කැටපෝලය තරකර ගත්තේ ය.

'' සුලෝධජ රජුගේ විනෝදාංශය එය වගයි මා අසා තිබෙන්නේ... ඔහුට සැබෑ උරුමයක් සෑදිමට අදහසක් නැති හැඩයි.. ''

'' එවිට සීහශාලී කුමරිය ? ''

'' ඇයව කව්රුන් ද තකන්නේ ? ඇය රොඩී ස්ත්‍රීයකගේ දුවණියක්නේ... නුඹ එය නොදැනුවත් ද  ? මා හදුනන වෛශව අසපුවේ සේවය කළ අයෙක් ඒ වග පැවසුවේ.. '' ආගන්තුකයා ආඩම්බරයෙන් පැවසුවේ විශාල යමක් සොයාගත් අයෙකු මෙනි .

'' කුමක් ද ? '' වටපිටාවෙහි වූ සියලු දෙනා ද ඒ ආගන්තුකයා අසලට රැස්වනු ද මිධුනාථ දෑසගින් බලා සිටියේ ය.

'' සීහශාලී කුමරියට උපත ලබාදුන් ගැහැනිය.... , වෛශව අසපුවේ ම්‍යාන මුනිගේ විවාහක බිරිදක්ලු... රජු හා ඇය අතර වූ අනියම් සම්බන්ධයකින් තමා ඔය කියන සීහශාලී කුමරිය උපත ලබා තිබෙන්නේ.. '' ආගන්තුක මැදිවියේ පුද්ගලයා හඩ බාලකරමින් පැවසුවේ ය. අනෙක් සියලු දෙනා විස්මයෙන් හඩක් නැගීය .

'' ඔහු එකල වෛශව අසපුව තුළ වෙස්වලාගෙන හැසිරී තිබෙන්නේ සේවයෙකු ලෙස..... ඔය කී ඛාදී දේවිය රූමත් මෙන්ම ලාබාල තරුණියක් බැවින් , සුලෝධජ රජු වැනි කාමභෝගී තරුණයෙකු ඇය හා පැටලීම අරුමයක් නොවෙයි..  '' එක් අයෙකු පවසනු මිධුනාථට ඇසිණ .

මිධුනාථ එවරද උපහාසයෙන් සිනහාවක් නගා තමාගේ පසෙකින් වූ දෙළුම් යුෂ බදුනින් විශාල උගුරක් සිස් කළේ ය. ඔහු සිය රත් පැහැ වූ දෙතොල් ද පිටි අල්ලෙන් වැරෙන් පිස දමා ගත්තේ ය.

'' ඇයට කුමක් ද සිදු වූයේ ? ''

'' ඇය ස්තාලය තුළ පණ පිටින් දැවුණු වගයි මා අසා තිබෙන්නේ... එයට පළිගැනීම වශයෙන් තමා එතුමා සමස්ත වෛශව අසපුවම දවා අළු කරලූයේ ... '' එවර මැදිවියේ පුද්ලයාගේ පුද්ගලයාගේ වදන්වලට මිධුනාථගේ දෑස් බැම රැලි ගැන්විණ . ඔහුගේ දෑත් මිට මෙලවුණු අතර ඔහු පලගුව කෝපාන්විතව ඉවතට තල්ලු කළේ ය. ඔහු කෝපයෙන් වෙව්ලන සිය දෑත අනෙක් හස්තයෙන් අල්ලාගෙන කෝපය පාලනය කර ගත්තේ ය.

'' ඔහු අනුකම්පාවකින් තොරව , සියලුම මුනි දරුවන් ද කුටි තුළට දමා සිර කර වෛශව අසපුව ගිනි තැබූ වග ඔබ අසා තිබෙනවා නොවේ ද ? ''

'' කුමක් ද ? දෙවියනේ... කුඩා දරුවන් !!!! ? එවිට ? සියලු දෙනා මිය ගියා ද ? '' කව්රුන් හෝ විමසුවේ ය.

''  වැඩිහිටි අතළොස්සක් දිවි ගලවාගත්තා.. සමහරුන් දරුණු පිළිස්සුම් තුවාල සහිතව... සුග්‍රීව මුනිතුමන් බොහෝ දෙනෙකුන් ගලවාගෙන තිබෙනවා.. ඔහු ද බරපතළ තුවාල ලැබූ වගටයි ආරංචි පැතර යන්නේ.... '' 

'' සුග්‍රීව මුනිතුමන් පිළිබද ආරංචියක් නොවේ ද ? ''

'' නැහැ.. ඔහු පිළිබදවත් ඉසුරුපුරයේ කිසිදු මුනි පුත්‍රයෙකු පිළිබද හෝ සත් වසරකින් කිසිදු ආරංචියක් නොවේ... දක්ෂතම මුනි පුත්‍රයන් දිවි ගළවා ගත් වග පැවසුවත් , ප්‍රධාන දේවියගේ නිථිලා දේවියගේ පුත් භීෂ මිය ගොසින්.. ''

'' එවිට භීෂ කුමරුන් මිය ගොසින් ද ? ''

'' ඔහු සැබවින්ම කෲරයි.. ''

'' ෂ් ෂ්.. වදන් ප්‍රවේසමින්.. නුඹට දිව අහිමි කරගැනීමට අවශ්‍ය නැති නම්.. ''

'' ඔහු කෲර ක්‍රියා එතැනින් අවසන් වූයේ නැති වග සියල්ලන්ම දැනුවත්නේ ... ඔහු වෛශව අසපුව තවමත් අතහැර නැහැ.. ඔබ දැනුවත් නොවේ ද වෛශව අසපුව සම්බන්ධ ඕනෑම පිළිබද ආරංචියක් ලබා දෙන්නෙකුට කහවණු පනස් දහසක ත්‍යාග මුදල් වග.. එලෙස අසත්‍ය ආරංචි ලබාදුන් කී දෙනෙකුගේ හිස ගසා දමා ප්‍රදර්ශනය කළා ද  ? '' ඔහු බියජනක ලෙසින් පැවසුවේ හඩ බාලකරමිනි.

'' සුග්‍රීව මුනි , ඇතුළු දිවි ගලවාගත් වැඩිමහල් ශිෂ්‍ය කණ්ඩායම හසු වුවහොත් ඔවුන්ට නිසැකවම මරණ දඩුවම එසේනම් ?  ''

'' නැහැ.. ඔහු එලෙස පහසුවෙන් කිසිවකෙු මරා දමන්නේ නැහැ.. කෲර ලෙස වද හිංසා පැමිණ වීමෙන් පසුවයි මරා දමන්නේ... ඔහුගේ භූගත , දරුණු සිර කුටි පිළිබදව අසා තිබෙනවා නොවේ ද ?  ''  ඔහු භයානක ලෙස පැවසී ය.

'' දිනයකට , එක් මනුෂ්‍යයෙකු හෝ ඔහු අතින් මිය යනවාලු... ''

'' අනෙක් අසපු ද සියල්ලම ඔහු යටතේ ,  හැගීම් දැනීම් නොමැති රාක්ෂයෙක්... නැතිනම් ඔහු එතරම් කෲර ක්‍රියාවන් සිදු කරයි ද ? අත්වැරදීමකින් වුව ද සිය සිරුරෙහි මදක් හෝ ස්පර්ශවන සේවකයෙකු වුව ද ඔහු දෙවරක් නොසිතා මරා දමනවාලු.. ''

'' නුඹ අසා තිබෙනවා ද එතුමා මහමත ඝූරෂ මරා දැමූ ආකාරය ? '' එක් අයෙකු විමසුවේ ය.

''නැහැ.. නැහැ.. '' අවන්හල තුළ සිටි කිහිප දෙනෙකු හඩ නැගුවේ ය.

'' හොදයි අසාගන්න එසේ නම්... සුලෝධජ රජු මහමත ඝූරෂ වෙත ප්‍රිය සම්භාෂණයක් සදහා තීර්ථය වෙත ආරාධනා කළේලු.... ''

'' ඉදින්.. '' කව්රුන් හෝ නොඉවසිල්ලෙන් විමසුවේ ය.

'' ඔහු එහිදී මහමත ඝූරෂගේ සුරාබදුනට උග්‍ර විස එක් කර ඔහුට පානය කිරීමට සල්ස්වලා.. එය කෲරයි නොවේ ද ? ''

'' රජතුමන් සුරා පානය කරන්නේ නැහැ නොවේ ද ? ''

'' ඔහුට මත් වීමට රහමෙර කුමකට ද එතරම් වෛශ්‍යාවන් පිරිසක් පිරිවරාගෙන සිටිද්දී... '' අයෙකු උපහාසයෙන් පැවසුවේ ය.

තවදුරටත් සිය කෝපය තමාට පාලනය කරගත නොහැකි මට්ටමේ වග වටහා ගත් මිධුනාථ නැගී සිටියේ ය . ඔහු නොනැවතීම අවන්හලෙන් පිටතට පැමිණියේ ය. ඔහුගේ පිටෙහි වලස් හමින් කළ හම්බෑගයක් වූ අතර ඔහු වීදිය ඔස්සේ නෙත් යොමු කළේ සිය මිට මෙලවී තිබූ හස්තය ද නිදහස් කරමිනි. සිය බද පටියෙහි වූ කැටපෝලය සුරතට ගත් ඔහු එය දැඩිව ඇද ඉලක්කය වෙත මුදා හැරියේ ය. සිය හිත මදක් සැහැල්ලුව යනු ඔහුට දැනුණි .

ඔහු තවත් වතාවක් කැටපෝලය වැරෙන් ඇද අසල තිබූ ගසක් වෙත සිය ඉලක්කය මුදා හැරියේ ය. ඔහු සිය කෝපය මදින් මද පාලනය කරගනිමින් සන්සුන් විය.

අවන්හල තුළ සිදුවූ කතා බහෙන් සියල්ලම සම්පූර්ණ සත්‍ය නොවූව ද එහි සැලකිය යුතු තරමක් සත්‍ය විය . ඛාදී දේවියගේ වියෝවෙන් දින දෙකක අවෑමෙන් ඔහු සමස්ත වෛශව අසපුවම ගිනි තැබුවේ ය. ඔහු එතරම් හැගීම් විරහිත වීම මිධුනාථ තේරුම් ගත්තේ ය. ඔහුට මුහුණ දීමට සිදුවූ සියල්ල ඔහුව එලෙස දැඩි කරන්නට ඇතිවග ද මිධුනාථ ඉවසීමෙන් වටහා ගත්තේ ය.

නමුත් , ඔහුගේ කෝපාග්නියට මහීධ පවා බිලී ගැනීමට තරම් ඔහු කෲර වූයේ කෙසේ දැයි මිධුනාථට නොවැටහිණ . ඔහු වෛශව අසපුවෙහි , ඇසළ අංගනය  දවා අළු කරද්දී , මහීධ ද ඒ තුළ සිටි වග ඔහුට අමතකව ගියේ කෙසේ දැයි මිධුනාථ තමන්ගෙන්ම විමසුවේ ය. මිධුනාථ නැවත අසපුව වෙත පැමිණෙන විට දැවී අළුව ගිය මහීධ ඇතුළු අනෙක් අයගේ භස්මාවශේෂ විනා අන් කිසිවක් වෛශව අසපුව තුළ නොවී ය. බොහෝ සේවකයන් ජීවිතාන්තය තෙක්ම පිළිස්සුම් තුවාල සමගින් ජීවත් විය. කිසිවෙකුට පලා යා නොහැකි ලෙස කුටි තුළ මුනි දරුවන් සිර කර ගිනි තැබීමට තරම් ඔහු රෞද්‍ර වූයේ කෙසේ දැයි මිධුනාථට වටහා ගත නොහැකි විය. 

සුග්‍රීව හා ථිත ඇතුළු කිහිප දෙනෙකු දිවි ගලවාගත් වග මිධුනාථ දැන සිටිය ද ඉකුත් සත්වසර පුරාවටම ඔවුන්ගේ සේයාවකුදු සොයා ගැනීමට ඔහුට නොහැකි විය. ඔහු නැවතත් කෝපාන්විතව දෑත මිට මොලවා ගත්තේ ය.

මහීධගේ මරණයෙන් සත් වසරක්ම ඉක්ම ගොසින් තිබුණ ද මිධුනාථ සිය දෑසට නැගි කදුළු සාර්ථක ලෙස වළක්වා ගත්තේ ය. මෙතෙක් කාලයකට ඔහු මහීධ වෙනුවෙන් හෝ නොහැඩූ අතර ඔහු නොහඩන වග ද ඔහු තමා වෙතම දිව්රාගෙන හමාර විය. ඔහු එතරම්ම දැඩි විය.

ඔහු මහීධට කිසි දිනෙක යහපත් සහෝදරයෙකු වීමට නොහැකි වීම පිළිබදව පසුතැවීමෙන් දැඩිව වේදනා වින්දේ ය. මහීධට සමුදීමට තමාට කෙදිනක වූ සිදුවන වග ඔහු දැන සිටිය ද මහීධගේ මෙතරම් වේදනාත්මක, පලක් රහිත සමුගැනීමක් මිධුනාථ කෙලෙසකවත් අපේක්ෂා නොකළේ ය. ඔහුගේ දෑස නැවතත් බොදව යනු මිධුනාථට දැනුණ ද ඔහු දැඩි ලෙස සිය හැගීම් පාලනය කර ගත්තේ ය. හැගීම් පාලනය මිධුනාථට නව අත්දැකීමක් නොවී ය. එය ඔහු සෑම දිනකම සිදු කළ නිත්‍ය කර්තව්‍ය විය.

ඔහු සිය හස්තයෙහි වූ කැටපෝලය දෙස බැලුවේ ය. මෙතරම් කල් ගතව ගිය ද ඔහු එය ඉවත නොදැමීම පිළිබද ඔහුට තමා වෙතම දෝෂාරෝපණ එල්ල කළේ ය.  වරක් ඔහු එය වනය වෙත විසි කර දැමුව ද අඩ හෝරාවක් ගත වීමට මත්තෙන් වනයම පීරා උමතුවෙන් මෙන් එය සෙව්වේ ය. ඔහු තවත් එක් වරක් එය ගින්නට විසි කිරීමට උත්සහ කළ ද ඔහු ගිනිගොඩ නිවී යන තුරුම කැටපෝලය දෙස දෑස් අඩවන් කර ඇසි පිය නොහෙලා බලා සිටියා විනා අන් කිසිවක්ම සිදු නොකළේ ය.

ඔහු කෙතරම් උත්සහ කළ ද කෙලෙසකවත් සුලෝධජ සිතින් මකා දැමීම සිදු කළ නොහැක්කක් වග ගත වූ සත්වසර අවසානයේ මිධුනාථ වටහා ගත්තේ ය. සුලෝධජ සම්බන්ධව තමා උවමනාවටත් වඩා දේවල් වටහා ගැනීම මිධුනාථට හිස රදයක් විය. ඔහු පිළිබද එතරම් වටහා නොගත්තේ නම් ඔහුට පහසුවෙන් වෛර කළ හැකිව තිබූ බව මිධුනාථට විශ්වාස විය . ඔහු නොරිස්සීමෙන් කැටපෝලය නැවතත් සිය බද පටිය තුළ රදවා ගත්තේ ය. එය විසි කිරීමට අවශ්‍ය එහෙත් විසි කිරීමට නොහැකි ද්‍රව්‍යයක් විය.

මිධුනාථට , සුලෝධජ කෙදිනකවත් '' අග්නි '' නොවී ය. ඔහු කුඩා කළ දැන සිටියේ ද  , මේ මොහොතේ දැන සිටින්නේ ද සුලෝධජ පමණක් විය . ඔහු අග්නි වුවත් , රජ කුමරුන් වුවත් කෲර පාලකයෙකු වුවත් මිධුනාථගේ ඇසින් ඔහු සෑමදිනකම සුලෝධජ පමණක්ම විය.

නිසැකවම භීෂ , සිය මනෝකාය කැපකරන්නට ඇති වග මිධුනාථ අනුමාන කළේ ය.    ඔහු එය කෙලෙසකවත් අපේක්ෂා නොකළ යමක් වූ අතර සිය ධ්‍යාන බිදී යද්දී ඔහු කුමක් හෝ ගැටලුවක් ඇති වග ක්ෂණිකයෙන් වටහා ගත්තේ ය. මුද්‍රාව බිදී ගිය වග ඔහුට වැටහී ගියේ ය. නමුත් තමා ද නිරුපද්‍රිව මුද්‍රාව බිදී යාමෙහි අරුත , සුලෝධජ හෝ භීෂ දෙදෙනා මුද්‍රාව බිද දැමීම වග ඔහු තේරුම් ගත්තේ ය .

සුලෝධජ පිළිබද ඔහු බෙහෙවින් කලබල වූ අතර ඔහු ඉක්මනින්ම අනුර්ධ අසපුවනේ පිටව වෛශව අසපුව වෙත පැමිණියේ අනතුරක සේයාවක් වැටහී ගිය නිසාවෙනි. නමුත් ඔහු පැමිණෙන විට ඔහු ප්‍රමාද විය. ඔහු කෙලෙසවකවත් නැවත අසපුව වෙත පැමිණියේ මහීධගේ දැවී අළුව ගිය කුටිය දෙස බලා කම්පනයට පත් වීමට නොවී ය. 

වෛශව අසපුව තවදුරටත් එහි නොවී ය. එහි ශේෂව පැවතියේ භස්ම හා අවශේෂයන් පමණක් විය .

ඉකුත් සත් වසර පුරාවට ඔහු සාමාන්‍ය තරුණයෙකු ලෙස හැසිරුණේ ය. ඔහු සත්වසරක් තිස්සේ කිසිදු අරමුණකින් තොරව රත්නද්වීපය පුරා ඔබ මොබ සංචාරය කළේ ය. ඔහුගේ මුහුණ පුරා වැවී ඇති ඝන රැවුලත් , ලිහා දමා ඇති කෙස් වැටියත් ඔහුට ආරක්ෂාව සැපයුවේ ය. සිය පිටෙහි වූ වලස් සම් බෑගය තුළ ඔහුගේ අසිපත පෙර පරිදිම විය.

රාත්‍රී අදුර වැටීයමින් ඇති වග වැටහුණු මිධුනාථ තමා දැනට සති කිහිපයක් ජීවත් වූ අතහැර දැමූ පිදුරු සෙවිලි කළ දුගී පැල්පත වෙත පැමිණියේ ය. ඔහු එහි හතරැස් මිදුලෙහි වූ දිරාගිය ලී අට්ටාලය මත වැතිරුණේ ය. ඔහු බොහෝ දිනයන්හි රාත්‍රීයේ එම ස්ථානයට වී කාලය ගත කළේ ය. ඔහුගේ හැකිලෙන මිත්‍රයන් නොහොත් හැකරැල්ලන් එකී අට්ටාලය අසල පදිංචිව සිටි අතර ඔවුන් හා පිළිසදරෙහි යෙදීමට මිධුනාථ සිය රාත්‍රී කාලයම කැප කළේ ය.

ඔහු තමා එදිනෙදා සිදු කළ සියලු දේ හැකරැල්ලන් වෙත පැවසුවේ ය. හැකරැල්ලන් තමා පවසන දේ අසාගෙන සිටින වග ඔහු දැඩිව විශ්වස කළ අතර කව්රුන් හෝ එසේ නොවන බව පැවසුව හොත් එකී පුද්ගලයා වෙත මානසික ප්‍රහාරයක් එල්ල කිරීමට ද මිධුනාථ පසුබට නොවී ය. ඔහු ඒ තරම්ම හැකරැල්ලන් සිය සුරතල් මිතුරන් සේ තැකුවේ ය. ඔහුට දිවයින වටාම හැකරැලි මිතුරන් සිටීම සම්බන්ධව ඔහු ස්වයං අභිමානයට පත් විය.

මිධුනාථ , කිසිදු දිනෙක සැතපුණේ නැත. ඔහු මෙතුවක් කාලයකට කිසිදු දිනෙක රාත්‍රී කාලයේ සැතපුණේ නැත . ඔහුගේ මනස ශක්තිමත් හා නිරවුල් වූ අතර ඔහුට කිසිදු දිනෙක නින්දක අවශ්‍යතාවයක් නොවී ය. ඔහු පෙරදී රාත්‍රී කාලයේ ද ධ්‍යාන වැඩුවේ ය. ඇතැම් දිනවල සිය ප්‍රබල මනෝකායෙන් විවිධ ස්ථානයන්හි තනිව සැරිසැරුවේ ය. නැතිනම් මේ ආකාරයෙන් හැකරැල්ලන් වෙත විවිධ දේ පැවසුවේ ය.

ඔහු සුලෝධජ හා ගත කළ දිනයන්හි සම්පූරණ රාත්‍රීයම ඔහුව අධ්‍යනය පිණිස යෙදවූ ආකාරය සිහිපත් වීමෙන් ඔහුගේ මුවෙහි කුඩා සිනහාවක් ඇදී ගියේ ය. එය සීමා සහිත කුඩා සිනහාවක් පමණක් මුත් මිධුනාථගේ උපරිම සිනහව එය විය. ඔහු සුලෝධජ සතුව වූ සැතපෙන ඉරියව් සියල්ලක්ම පාහේ හොදින්ම අධ්‍යනය කර තිබුණේ ය. එය ඔහුට පුස්තකයක අඩංගු කරුණුවලටත් වඩා කටපාඩමේ විය.

සුලෝධජ නින්දට ගොසින් අඩ හෝරාවක්ම ගතවන තුරු කිසිදු චලනයක් නොපෙන්වයි . අඩ හෝරාවෙන් පසු ඔහු ප්‍රථමයෙන් තමාගේ ඉණ වටා දෑත් යවා නින්දෙන්ම තමාට තුරුළු වෙයි. ඉදින් මිධුනාථ ඔහු නින්දට ගොසින් අඩ හෝරාවක් ගතවනු සෑම දිනකම තරමක නොඉවසිල්ලෙන් ගැන්නේ ය.

සුලෝධජ ගැඹූරු ලෙස හුස්ම ගන්නේ ඔහු සැතපී හෝරාවක් ගතවූ පසුව විය. ඔහු ශ්වසනය කරන විට , ඔහුගේ දිගු දෑස් පිය ද ඒ හා තාලයට චලනය වනු මිධුනාථ නිරීක්ෂණය කර තිබුණි . ඔහු ඇතැම් විට නින්දෙන් ද දෙතොල් උල් කරයි . ඔහු සුලෝධජගේ තියුණු දාරවලින් හෙබි කඩවසම් මුහුණ ද නින්දෙහි දී හොදින් අධ්‍යනය කර තිබුණි .

සුලෝධජගේ අපිළිවෙල කෙස් වැටිය මිධුනාථ නිතර කෝපයට පත් කළේ ය. මිධුනාථ නිදහසේ ඔහුගේ මුහුණ දෙස බලා සිටින විට කෙස් රොද නළලට වැටී මුහුණ වසා ගැනීම එයට හේතුව විය. ඔහු එවැනි අවස්ථාවල නොරිස්සීමෙන් කෙස් රොද පසෙකට කර නැවතත් සුලෝධජගේ මුහුණ පෙනෙන පරිදි සකස් කළේ ය. අනතුරුව ඔහුගේ පියවී ඇතී දෑස් දෙස බලා සිටියි . ඔහුගේ දෑස්පිහාටුවල වක්‍රතාවය වුව ද මිධුනාථට ක්ෂණිකව සිහියට නගා ගත හැකි විය.

ඔහු ඇතැම් විට , සුලෝධජගේ දැලි රැවුල ද ස්පර්ශ කර බලා තිබුණේ ය. එය වැඩෙන වේගය පවා මිධුනාථට පැවසිය හැකි විය. ඔහු මහපටගිල්ලෙන් දෙතොල් ද ස්පර්ශ කර ඇති මුත් කිසිදු දිනෙක අනවසරයෙන් සිප නොගත්තේ ය. සිපගැනීමට සිතෙන අවස්ථාවල ඔහු සිය දැස් දෙතොල්වලින් ඉවත් කර නාසය වෙත රැගෙන ආවේ ය.

තමා ධ්‍යාන වඩන විට හෝ යමක් වෙත එතරම් අවධානය ලබා දෙනවා ද යන වග මිධුනාථට විශාල ගැටලුවක් විය. ඇතැම් විට සුලෝධජ සිය මහපටගිල්ල මුව තුළ දමාගෙන උරනු ද මිධුනාථ දැක තිබුණේ ය. ප්‍රථම දිනවල ඔහුගේ ඛේටය ගෑම ජුගුප්සාජනක ලෙස මග හැරීමට මිධුනාථ තැත් කළ ද පසුව ඔහු එය අත හැර දැමුවේ ය.

ප්‍රථමයෙන් නුරුපුර ස්තාලයෙහි පිදුරු ගොඩෙහි සැතපුණු දින සුලෝධජ සම්පූර්ණ රාත්‍රියම සිය හස්තය මත සුවසේ සැතපුණු අයුරු ඔහුගේ සිහියේ විය . සිය හස්තය හිරි වැටී සොලවා ගත නොහැකි මට්ටමටම වේදනා දුන්න ද මිධුනාථ ඒ පිළිබද පැමිණිලි නොකළේ ය. ඇතැම් විට ඔහු සිහිනෙන් නාථ, නාථ යනුවෙන් මුහුණනු ද මිධුනාථ හොදින්ම අසා තිබුණේ ය. ඔහු සන්සුන් ලෙස කැටපෝළය දෙස බැලුවේ ය.

'' අඥානයා ... තවමත් සිහිපත් කරගෙන නැතිව ඇති... '' මිධුනාථ කැටපෝළය වෙත මිමිණුවේ ය.

ඔහු එක්වරම නැගී සිට සිය හස්තයෙන්ම තමාගේම කම්මුල වෙත වැරෙන් අතුල් පහරක් එල්ල කර ගත්තේ ය. ඔහු නැවතත් සුලෝධජ පිළිබද සිතුවේ කෙලෙස දැයි ඔහු කෝපාන්විතව සිතුවේ ය.

ඔහුට නැවතත් මහීධ සිහිපත් විය. ඔහු මහීධට එතරම් අසාධාරණය සිදු කරන්නේ කෙසේ දැයි ඔහු තමා වෙතම කෝපයෙන් සිතුවේ ය. මහීධගේ මරණය තමාට විහිළුවෙක් වූයේ කෙසේ දැයි ඔහු කෝපයෙන් මෙන්ම වෛරයෙන් සිතුවේ ය. ඔහුට මහීධ තමා අසල නොමැති වග තවමත් සිහිනයක් මෙන් විය. ඔහු මහීධට පහර දුන්නේ ඔහුව ජීවතුන් අතර තබාගැනීමට විය. මිධුනාථ සෙනෙහස දක්වන ආකාරය නොදැන සිටිය ද ඔහු මහීධට දැඩිව සෙනෙහස දැක්වී ය. මහීධ සිය එකම බාල සොහොයුරා සේම , මෑණියන් තමා වෙත තබා ගිය අවසන් වස්තුව ද විය.

ඔහු ප්‍රථමයෙන් මහීධ දෑතට වඩා ගත් දිනය මිධුනාථගේ සිහියට නැගුණි . එවිට ඔහු එකළොස් හැවිරිදි වූ අතර , මහීධ දිලිසෙන දෑසින් තමා දෙස බලා සිනාසෙනු ද මිධුනාථගේ මතකයේ විය. ඔහු මහීධගේ වල ගැසෙන දෙකොපුල් සදහා ඊර්ෂියා කළ මුත් ඔහුට ඒ පිළිබද කිසිදු දිනෙක නොපැවසුවේ ය. අවම වශයෙන් ඔහු කෙදිනකවත් මහීධට මලයණ්ඩිය යනුවෙන් ආමන්ත්‍රණය කර ද නොමැති වග සිහිපත් වීමෙන් ඔහුගේ හදවත වේදනාවෙන් බර විය.

ඔහුට කෑ ගසා හැඩීමට අවැසි වුව ද ඔහු එකදු දිනක් හෝ කදුළදු නොහෙළුවේ ය. මහීධ , අය්යණ්ඩි අය්යණ්ඩි යනුවෙන් හඩනගමින් තමා වටා දැවටෙනු මිධුනාථට තවමත් දැනුණි .

ඔහු නැවතත් අහස දෙස දෑස් යොමු කළේ ය. ඔහු චන්ද්‍රයා වෙත නොරිස්සීමෙන් රැව්වේ ය.

'' මා නොමැතිව, මහීධ සමගින් සතුටින් සිටිනවා නොවේ ද මෑණියනි ? '' මිධුනාථගේ දෑස් දිලිසුණ මුත් ඔහු තරමක් නොරිස්සීමෙන් එය පැවසුවේ ය.

ඔහු බිමට නැඹුරු වී සිය හැකිලෙන සගයෙකු සෙව්වේ ය. ඔහු ගුලිවී සිටි එක් හැකරැල්ලෙකු අත්ලට ගෙන අට්ටාලයේ ලීය මත තබා එරමිණියා ගොතා ගෙන අසුන් ගත්තේ ය. ඔහු හැකරැල්ලා නැවතත් දිග හැරෙන තුරු ඉවසීමෙන් බලා සිටියේ ය. අනතුරුව සත්වයා වෙත තවත් තට්ටුවක් දමා හැකරැල්ලා නැවතත් ගුලිවන තුරු බලා සිටියේ ය. අනතුරුව ඔහු නැවතත් දිග හැරෙන තුරු ,  ගුලි වී සිටි හැකරැල්ලා වෙත කතන්දරයක් ද පැවසී ය.

මේ වන විට තමාගේ කතන්දර පැවසීමේ හැකියාව තරමක් ප්‍රශස්ත මට්ටමක මග මිධුනාථට විශ්වාස විය . ඔහු විවිධ කතා පැවසීම ප්‍රගුණ කර සිටියේ ය. අගමුල නොමැති කතා , ප්‍රේම පුවත්, සටන් කතා ආදී සියලු ආකාරයේ කතා ඔහු දැනුවත් විය.

ඔහු අට්ටාලය මත වැතිරී දෑස් සන්සුන්ව පියාගත් මුත් නින්ද ඔහු අසලක නොවී ය. ඔහුගේ නළළ හරහා දෑසට වැටී තිබූ හිස කෙස් ඔහු දබරගිල්ල ආධාරයෙන් ඉවත් කළේ එය ඔහුගේ දර්ශන පථයට බාධා කළ නිසාවෙනි . ඔහු තමා වටා වූ කණාමැරිදියන් දෙසත් , ඉපල් පදුරු දෙසත් බලා සිටියේ ය. කණාමැදියන් හා රාත්‍රී සුළගට වැනෙන ඉපල් පදුරු ඔහුට බොහෝ දේ සිහිපත් කළේ ය.
.
.
.
.
.

ඒ ධීර ප්‍රථමයෙන් වෛශව අසපුව වෙත පැමිණි දිනය විය. ධීර , සිය අබාධිත වැලමිට වෙත ප්‍රහාර එල්ල කිරීම මිධුනාථ දැඩිව කෝපගැන්වූයේ ය. ඔහු ධීර වෙත මානසික බලයෙන් පහර නුදුන්නේ ඔහු පැහැදිලිව ගිරි අසපු ශිෂ්‍යයෙකු ලෙස පෙනීමට තිබූ නිසා විය. ඔහු සිය හස්තයෙහි වූ චක්‍ර ප්‍රතිඥා වළල්ල මදකුදු නොතැකුව ද මෙවර ඔහු මානසික ප්‍රහාරයන් එල්ල නොකළේ ය.

මීට සතියකට පමණ ඇසළ අංගනයෙහි සේවය සදහා පැමිණි අග්නි නම් තරුණයාගේ කුමක් හෝ ගැටලුවක් ඇති බව මිධුනාථ ප්‍රථම වරින්ම හදුනා ගත්තේ ය. ඔහු එල්ල කළ මානසික ප්‍රහාරය අනුකම්පා විරහිත වූ අතර , ඉන් ඔහු නිරුපද්‍රිත ගැළවීම මිධුනාථගේ සැකයට හේතුව විය. දැන් මෙකී , ධීර නැමැති තරුණයා නිසැකවම ස්තාල සේවකයා හොදින් හදුනන වගත් එමගින් ඔහුට ගිරි අසපුව අතර ඇති සම්බන්ධයත් මිධුනාථ සූක්ෂමව වටහා ගත්තේ ය.

ඔහු නීච අශ්ශීල දාසයා එහි තනිකර වනය තුළට කෝපයෙන් කඩා වැදුනේ සිය වේදනා දෙමින් තිබූ වැලමිට වෙත ප්‍රතිකාර කර ගැනීම සදහායි. ඔහු අලුයම සතරේ හෝරාව උදාවන විට නැවතත් වනයෙන් පිටතට පැමිණි අතර එකී නීච අශ්ශීල දාසයා තවමත් එහි ගසට හේත්තු සුවසේ සැතපී සිටිනු දුටුවේ ය. ඔහුගේ අලස ස්වභාවයට මිධුනාථ කිපුණේ ය.

'' අශ්ශීල දාසයා.. නැගී සිටිනවා... '' මිධුනාථ කෝපයෙන් විමසුවේ ගස අසල නිදා සිටි තරුණයාට පා පහරක් ද එල්ල කරමිනි. නමුත් ඔහු ප්‍රතිචාර නොදක්වා නැවතත් අනෙක් පසට හැරී දෑස් වසා ගැනීම මිධුනාථ තවත් කෝප ගැන්වූයේ ය. ඔහු සිය අසිපත පිටතට ඇදීමට ද සැරසී අනතුරුව නැවතත් පාදයෙන් පහරක් එල්ල කළේ ය. එය පෙරට ද වඩා දරුණු විය. එය මිධුනාථගේ දරුණු මෙන්ම සැබෑ ස්වභාවය විය. නමුත් තරුණයා නැගී සිටියේ නැත.

'' මෑ-ණියනි....ක-රුණාකර... එපා.. '' ඔහු මුමුණනු මිධුනාථ බලා සිටියේ ය. තමාගේ ඉවසීම නැත්තටම නැතිවීමට තව සුළු මොහොතක් තිබිය දී මිධුනාථ දැඩිව කෝපාන්විතව දාසයා දෙස රෞද්‍ර බැල්මක් හෙළුවේ ය. ඔහු එතනින් පිටව යාමට සැරසුණේ කෝපයෙනි . ඔහුට අනුව මෙවැනි අශ්ශීල දාසයෙකු වෙනුවෙන් සිය කාලය කැපකිරීම අපරාදයක් විය.

'' ගුරුතුමනි... මෑණියනි... '' ඔහු එවර නැවතත් දුර්වලව කෙදිරිලි නගනු මිධුනාථට ඇසුණි . වනගත මාර්ගය අතිශයින් පාළු ස්වභාවයක් ඉසිලූ අතර කිසිවෙකුත් දින කිහිපයක් ගත වුවද මෙම මාර්ගයෙන් ගමන් නොකරන වග මිධුනාථට විශ්වාස විය.  එවර ඔහු අසිපතට දැඩිව අල්ලාගෙන ආපසු හැරී නොරිස්සීමෙන් දාසයා දෙසට ඇවිද ගියේ ය.

'' තමුන් මහ හිස රදයක්.. නැගීසිටිනවා.. '' මිධුනාථ ගිගිරුවේ ය. නමුත් ඔහු කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම මිධුනාථව තවත් කෝපගැන්වූයේ ය. ඔහු තවත් පාපහරක් එල්ල කිරීමට සැරසෙද්දී දාසයාගේ මුහුණ සුදුමැලිව , දෙතොල් ද වෙව්ලමින් තිබෙනු දුටුවේ ය. එවර එක් දණක් නමා බිමට පහත්ව ඔහුගේ නළල මත ඇගිලි දෙකක් පමණක් තබා බැලුවේ ය. මිධුනාථ කිසිවෙකු ස්පර්ශ කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් නොකළ අතර ඔහු ඇගිලි දෙකක් පමණක් භාවිත කළේ ය.

'' තමුන් අසනීපයෙන්.. ඖෂධ ලබා ගන්නවා.. '' මිධුනාථ රළුව පවසා නැගී සිටියේ ය. ඔහු දාසයාගේ නළල මත තැබූ සිය හස්තය ද සිය වස්ත්‍රයන්වල පිස දමා ගත්තේ ය.

ඔහු නැගී සිටීමට ප්‍රථම තරුණයා ඔහුගේ හස්තයෙන් දැඩිව අල්ලාගනු මිධුනාථට දැනුණි .ඔහුගේ ඇහි බැමි කෝපයෙන් රළු විය.

'' අශ්ශීල දාසයා.. අතහරිනවා.. '' මිධුනාථ කෝපාන්විතව ගිගිරුවේ සිත අත මුදවා ගනිමිනි. නමුත් තරුණයාගේ ග්‍රහණය බෙහෙවින් දැඩිවි ය. ඔහු දැඩිව දෑතින්ම මිධුනාථගේ හස්තය අල්ලා ගත්තේ කුඩා දරුවෙකු පරිද්දෙනි . මිධුනාථ කෝපයෙන් රත් පැහැ ගැන්වී සිටි අතර ඔහුගේ අනෙක් හස්තය ද කෝපයෙන් වෙව්ලුම් කෑවේ ය.

'' අත-හැරිය නොහැ-කියි.. '' ඔහු දුර්වලව මිමිණුවේ ය.

එවර ඔහුගේ වදන්වලට මිධුනාථ අකුණු පහරක් ගැසුවා සේ ඍජුවිය . ඔහු දෑස් විශාල කර දාසයා වෙත බැල්මක් හෙළුවේ ය.

'' අත් හ-රින්න එ-පා.. '' ඔහු නැවතත් වෙව්ලමින් පැවසුවේ ය. ඔහු මිධුනාථගේ හස්තය දැඩිව අල්ලාගනිමින් සීතලට ගුලි විය. ඔහුගේ පියවී තිබූ දෙනෙතින් කදුළුද ගලා ගිය බව මිධුනාථ දුටුවේ ය.

මිධුනාථ මිනිත්තු කිහිපයක් බලා සිටියේ විශ්වාස නොකරන බැල්මකිනි . ඔහු වේගයෙන් හුස්ම ගත්තේ ය. ඔහුට ද නොදැනීම ඔහු පෙරළා දැඩිව තරුණයාගේ හස්තයෙන් අල්ලාගෙන තිබුණේ ය. ඔහු එවර කලබලයෙන් සිය නිදහස් අත්ලම දාසයාගේ නළල මතින් තබා බැලුවේ සිය අසිපත ද පසෙකින් තබමිනි.

ඔහුගේ නළල ගිනි ගෙන දැවෙන සේ උණුසුම් විය. ඔහු භයානක ලෙස වෙව්ලූ බව ද මිධුනාථ දුටුවේ එවිට විය.

මිධුනාථ එවර ඉක්මනින්ම සිය දෑතට ඔහුව ඔසවා ගත්තේ දෙවරක් නොසිතමිනි. සිය වැලමිට අසළ වේදනා දුන්න ද ඔහු ඒ පිළිබද පැමිණිලි නොකළේ ය. ඔහු සිය නිරුපද්‍රිත හස්තයට බර දෙමින් ඔහුව ඔසවා ගත්තේ ය. ඔහු කෙතරම් බරින් යුතු වුව ද මිධුනාථ සැහැල්ලුවෙන් ඔහුව ඔසවා ගත්තේ ය. ඔහු අසලම වූ ඇසළ අංගනය වෙත දෑස් යොමු කළේ ය.

ඔහු , දාසයාව ඔසවාගෙන පැමිණෙනු දැකීමෙන් ඛාදී දේවීය , තිගැස්සී යනු මිධුනාථ පැහැදිලිවම දුටුව ද ඇය ප්‍රශ්න නැගීමට පෙර මිධුනාථ ඇය වෙතට රෞද්‍ර බැල්මක් හෙළුවේ ය. ඇය ද ඉක්මනින්ම නිහඩ විය.

ඔහුව ඛාදී දේවියට භාර දී මිධුනාථ ඇසළ ස්තාලයෙන් පිටතට පැමිණියේ ය. ඔහු සිය හස්තය මුදවා ගැනීමට විශාල වෑයමක් දැරූ අතර තරුණයාගේ ග්‍රහණයෙන් සිය මැණික් කටුව අසල රත් පැහැ ගැන්වූ තිබෙනු ද මිධුනාථ දුටුවේ ය.

ඔහු පිළිවෙලින් සිදු වූයේ කුමක් දැයි සිතා බැලුවේ ය. ඔහු තමාගේ සිතිවිලි සත්‍ය නොවන වග තමා වෙතම පවසා ගත්තේ ය. එය හුදෙක් සිතළුවක් පමණක් විය. ඔහුට කිසිදු සාක්ෂියක් නොවී ය. නමුත් ඔහු හුදෙක් එක් දාසයෙකු පමණක් නොවන වග මිධුනාථ දැන සිටියේ ය. ඔහුගේ බැල්ම සංකීර්ණ වූ අතර ඔහු සිය ඉණ බද පටියෙහි සගවා තිබූ දටික කිණිස්සක් සුරතට ගත්තේ ය. එය තවමත් සුරක්ෂිත විය.

ඔහු සිය දිගු ඇගිලි එහි කැටයම් ඔස්සේ ගෙන ගිය අතර ඔහුගේ මුහුණ ප්‍රසන්න විය. ඔහු තමා වටා සැරි සරමින් සිටි කණාමැදිරයන් දෙසත් , සුළගට නැළවුණු ඉපල් පදුරු දෙසත් සිය දිලිසෙන දෑස් යොමු කළේ ය. ඔහුට තවමත් නිශ්චිත නොවූ බලාපොරොත්තුවක් තිබිණ .

.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

.
.
.
.

* හම්නේ .. ඉතින් පාඨකයන් පුල පුලා බලා සිටි මිධුනාථගේ කෝණයෙන් දැකීම ...
මිධුගේ POV එක කියවලා , දරාගත නොහැකිව බිම ඉන්දුනු අය එහෙම නෑනේ ? 😅😅

පොර ටිකක් වෙනස් ඩයල් එකක් කියලා මම කලින්ම කිවානේ.. දැන් පේනවානේ.. හැකරැල්ලෝ එක්ක කතා කරන එක ගණන් ගන්න එපා😅😅

[ පේනවානේ ඩයල් එක අග්නි නිදාගෙන ඉන්න වෙලාවේ කරලා තියන කුප්ප වැඩ ටික..තව මොනවා කලා ද මන්දා... මිධුනාථට නින්ද යන්නේ නැහැ කියන එක ගෙස් කළේ එකම කෙනයි.. කවදාවත් මිධුනාථ නිදාගන්නවා ඔයාලා දැකලා නැහැනේ... හී හී.. මොකද එයා නිදාගන්නේ නෑ..  ]

* මේ අන්තිමට තියන සිදුවීම අමතක අය ගිහිල්ලා , Chapter 8 , Italic වලින් තියන ටික කියවන්න.. එතකොට තේරේවි කොතනට ද සම්බන්ධ වෙන්නේ කියලා😁 .. කාටවත් ප්‍රශ්නයක් තිබුනේ නැහැ කැලේ මැද ඉදපු අග්නි කොහොම ද අසපුවට අායේ ආවේ කියලා.. බුහාා..

* අග්නි කියන නම ආයේ පාවිච්චි වෙන එකක් නැහැ.. මොකද ඉතින් මිධුට කවදාවත් අග්නියෙක් ඉදියේ නෑනේ.. එයාට හැමදාම ඒ සුලෝධජ නෙව.. අනික සුලෝධජ නම ගැම්මක්.. 😏

* ඒත් තාම සුලෝධජ හම්බුනේ නෑනේ.. ඔය කියන කතා ටික ඇති ද කොල්ලාගේ දරුණුකම හිතාගන්න .. බුහාහහාා.. 😏

* මහීධත් ගියා එහෙනම්... එයා යන්නම ගිහින්.. අනේ හුරතල් කොල්ලා.. හුවෑෑෑෑ 😭😭😭😭 ඒක.. මිධුග්නි අතර ලොකු වෙනසක් කරාවි...දන්නවානේ සමහර තුවාල හොද වෙන්නේ නැහැ කියලා😈

* බායි..අහිංසක ඕතර් ගියා.. 😈

Continue Reading

You'll Also Like

3.9K 1K 23
කියවලම බලන්න *සමහර දේවල් ඉදිරියේ මිනිස්සු ගොඩක් අසරණයි . *ජීවිතය ආදරය ගැන කියන්න වෙන්වෙච්ච තැනක් #උපුටාගැනීම්
44.4K 2.9K 43
ရှေးခေတ် မျိုးနွယ်စု ပုံစံရေးမှာပါ။ ဟိုဖက်မျိုးနွယ် ဒီဖက်မျိုးနွယ် တွေအကြောင်းပါ။စိတ်ကူးယဥ်ဇာတ်လမ်းဖြစ်လို​့ တချို့ဟာတွေက လက်တွေ့နဲ့ကွဲပြားမှာပါ။.
9.3K 1.1K 17
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර...
4.4K 967 8
අග්නි පසුබිම් කතාංගයකි. ( එය නොකියවීම මෙය කියවීමට බාධාවක් නොවන වග සලකන්න )