♛ අග්නි ♛

By Bulbz_D

167K 33.9K 28.9K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 53

1.6K 395 345
By Bulbz_D

අග්නි , ඇදිරි වැටීමට ළංව වෛශව අසපුවේ ඇසළ අංගනයෙහි ද්වරයෙන් ඇතුළු විය.

'' අග්නි.. '' මහීධගේ ක්ෂණික සතුටට පත් කටහඩ ඔහුට ඇසුණි .

ඔහු අග්නිගේ පිටුපසට සිය දෑස් යොමු කළ අතර මිධුනාථ අග්නි සමගින් නොවූ වග දැකීමෙන් ඔහුගේ මුහුණෙහි සිනහව ක්ෂනිකයෙන් අතුරුදහන්ව මුහුණ ද මැලවී ගියේ ය. ඔහු වේගයෙන් දුව ආ පියවර ද මදක් මන්දගාමී වූ මුත් ඔහු නොනැවතීම පැමිණ නැවතත් අග්නි වැළද ගත්තේ ය.

'' කම් නොවේ.. ඔබ හෝ පැමිණියානේ... '' මහීධ සෑහීමකට පත් වූ අයුරින් පැවසුවේ අග්නි වෙත තුරුළු වෙමිනි  .මහීධ අග්නිගේ උස මෙන් අඩක් පමණ වූ අතර අග්නි සිනාසී ඔහුගේ හිසට මෘදු පහරක් ද එල්ල කළේ ය.

'' අඥාන අනුරුව.. කොහි ද ඛාදී මෑණියන් ? තනිව නොසිටින ලෙස පවසා තිබෙනවා නොවේ ද ඔබට ? '' අග්නි තරමක් දැඩිව විමසුවේ ය.

'' ඛාදී මෑණියන් මදක් අසනීප වී,. ඇය කුටියේ..විවේකගනිමින් ... '' මහීධ පැවසුවේ අග්නි ටොකුවක් ඇනි සිය හිස අතගාමිනි.

'' අසනීප වී ? '' අග්නි කලබලයෙන් විමසුවේ ය.

'' ආහ් ආහ්.. එතරම් විශාල අසනීපයක් නොවේ.. ඇය සුවෙන්.. '' මහීධ පැවසුවේ තවත් අග්නිව වැළද ගනිමිනි.

'' අඥාන අනුරුව , නුඹ සැබවින්ම මෙලෙස ද ? ම්ම් ? '' අග්නි පැවසුවේ මහීධගේ කනින් මෘදු ලෙස අදිමිනි.

'' අශ්ශීල දාසයා... මගේ කන අතහරිනු.. '' මහීධ ගිගිරුවේ ය. අග්නි සිනාසුණේ ය.

'' අනුරුවක්ම තමා.. '' ඔහු මිමිණුවේ සිනාසී මහීධගේ හිස අතගාමිනි.

ඇසළ අංගනයෙහි ඛාදී දේවියගේ හැර අන් කිසිදු දේවියකගේ කුටි පරිශ්‍රයන් වෙත යාම අග්නිට මෙන්ම අනෙක් සියලුම සේවකයන්ට තහනම් විය. ඇසළ අංගනයෙහි ස්තාලය ආසන්නයේම පිහිටි කුඩා කුටිය ඛාදී දේවියගේ වූ අතර , එය අනෙක් දේවියන්ගේ කුටිවලින් තරමක් වෙන්ව වනය පෙදෙසට වන්ට පිහිටා තිබීම නිසාත් එහි නිතර ගැවසීමට අග්නිට අවසර හිමි විය.

අග්නි අැසළ අංගනයෙහි ඛාදී දේවියගේ කුටිය තිබූ පරිශ්‍රයෙහි වූ ශිලා අසුන මත අසුන්ගෙන මහීධ සිය උකුලට ගත්තේ ය.

'' අශ්ශීල දාසයා.. මා උකුලට නොගන්න .. මා කුඩා දරුවෙකු නොවේ... '' මහීධ ගැඹුරු හඩින්  පැවසුවේ ය. නමුත් ඔහු විරෝධ්යක් නොපෙන්වා අග්නිගේ උකුල මත සුවපහසු ලෙස අසුන් ගත්තේ ය.

'' හෑ හෑ හෑ ... මුවින් නම් කුඩා නොවේ තමා.. '' අග්නි එක් කළේ ය.

'' මහීධ... '' අග්නි තරමක් මෘදුව ඇමතුවේ ය.

'' එවර කුමක් ද අශ්ශීල දාසයා.. '' මහීධ විමසුවේ ය.

'' ඉදිරියට කුමක් සිදු වුවත් ඔබ බිය නොවී සිටින්න වැටහුණා ද ? '' අග්නි පැවසුවේ ය.

'' මා කොහොමත් කිසිවකට බිය නැහැ... '' මහීධ නොරිස්සීමෙන් පැවසුවේ ය.

'' ආ.. එසේ ද ? එබැවින් තමා එසේ නම් දිවා කාලයේ.... ම්හ් ම්හ්... මා හට අය්යණ්ඩි නොමැතිව සිටීමට නොහැකියි.. ම්හ් ම්හ්... ඔහු හරි හොදයි.. ම්හ් ම්හ්.. ඔහු සමග උරණ වන්න එපා.... යනුවෙන් පැවසුවේ... '' අග්නි මහීධව ඒ අයුරින්ම අනුකරණය කර පෙන්වූවේ ය.

'' තමුන් අශ්ශීල අඥාන දාසයා... !! '' මහීධ කෝපයෙන් අග්නිගේ කොණ්ඩයෙන් ඇද්දේ ය.

'' ආ.. ආ... අඥාන අනුරුව අතහරිනවා .. '' අග්නි ද පෙරළා කෑගැසුවේ ය. මහීධ එවර කෙස් වැටිය අතහැර දැමුවේ ය.

'' වදන් ප්‍රවේසමින්.... කපා දමනවා තගේ දිව.. '' කුඩා දරුවා පැවසුවේ අග්නිගේ මුහුණට සිනා නංවමිනි. ඔහු මිධුනාථ මෙන් කතා කිරීම අග්නිට ඉබේටම සිනහාවක් රැගෙන ආවේ ය.

'' හෑ හෑ හෑ.. '' අග්නි සුපුරුදු ලෙස මහීධ කෝපගැන්වූයේ ය. මිධුනාථ හා මහීධ කෝපගැන්වීම ... එය අග්නිට නම් වෙනමම විනෝදාස්වාදයක් විය. මහීධ නිහඩ විය.

'' මා ඉක්මනින් එහි යනවා.. '' මහීධ පැවසුවේ අහසෙහි වූ චන්ද්‍රයා දෙසට ඇගිල්ල දිගු කරමිනි. අඩ සද අඩුවෙමින් යමින් තිබෙනු අග්නිට ද දැකගත හැකි විය.

'' කොහි ද ? '' අග්නි පෙරළා විමසුවේ නොවැටහුණු අයුරිනි.

'' මෑණියන් අසලට... '' ඔහු පැවසුවේ ය.

'' ආහ් ? '' අග්නි වටහා ගත නොහැකි බැල්මක් හෙළුවේ ය.

'' අඥානයා..මිය යනවගයි පැවසුවේ... '' මහීධ පැවසුවේ ය.

අග්නි ඔහු දෙසට විස්මයජනක බැල්මක් හෙළුවේ ය. මහීධගේ හඩ සන්සුන් විය . ඔහුගේ ස්වරයෙහි කිසිදු පැකිළීමක් ද නොවී ය. තමාට ද මහීධ මෙන් සැහැල්ලුවෙන් එය පැවසිය නොහැකි මන්දැයි අග්නි සිතා බැලුවේ ය.

'' අඥානයා.. තමුන් කොහි ද එහි යන්නේ... ? කව්රුන් ද ඔවැනි ප්‍රලාප පැවසුවේ නුඹට... '' අග්නි නොරිස්සීමෙන් විමසුවේ ය.

'' අය්යණ්ඩි පැවසුවේ.. ඔහු මුසා පවසන්නේ නැහැ... ඔහු පැවසුවා මා ශිල්ප පුහුණු කරන ආකාරයට ළගදීම මා මිය යන වග.... '' මහීධ සන්සුන්ව පැවසුවේ ය.

'' අය්යණ්ඩි ද ? හහ්.. ඒ උද්ධච්ඡ ඉස්ගෙඩියා..... ඔහු පවසන උමතු වදන් පිළිබද සිතීම අනවශ්‍යයි.. වැටහුණා ද ? '' අග්නි දැඩිව පැවසුවේ ය . මිධුනාථ , කුඩා දරුවාට එවැනි කුරිරු වදන් පැවසීම සම්බන්ධව ඔහු දැඩි කෝපයෙන් විය .

ඔහු මිධුනාථට බැන වැදුණේ ය.

පෙර තරගාවලිය සමයෙහි , මහීධ පිළිබදව පැවසීමේ දී මිධුනාථගේ හඩ බිදී ගිය අයුරුද අග්නිට සිහිපත් විය. මිධුනාථ කෙතරම් සිත දැඩි කරගෙන සිටිය යුතු දැයි අග්නි කල්පනා කළේ ය. කොහොමත් ඔහු ශිලා පර්වතයක් මෙන් බැවින් එහි විස්මයක් නැතැයි ද අග්නි සිතුවේ ය. '' හැගීම් දැනීම් නැති ශිලා පර්වතය !!! අග්නි මිමිණුවේ ය.

'' මා ගිය පසු , ඔහුට ඔබ පමණයි.. එබැවින් උරණ වන්න එපා ඔහු සමග.... '' මහීධ අග්නිගේ සිතිවිලි බිද දැමුවේ ය.

'' ආහ් ? '' 

ඔහු එය මින් පෙර සිතා නොතිබුණේ ය. මිධුනාථට අන් මිතුරන් නොවූ වග ඔහු පෙර සිටම අසා තිබුණේ ය. නමුත් මිධුනාථ තමා මිතුරෙකු ලෙස සැලකුවා දැයි ඔහු නොදැනුවත් විය. මිධුනාථ කිසිදු විටෙක එවැනි සංකීර්ණ වදන් නොපවසන්නෙකු විය. ඔහු වදන් සම්බන්ධව දුර්වල වූ අතර , අග්නි සෑම විටම ඔහුව කියෙව්වේ කැඩපතක් බදු මුහුණින් හා ඔහුගේ ඉරියව්වලින් විය. අවම වශයෙන් මිධුනාථ තමාට අන් අයට වඩා හොදින් සැලකු වග අග්නිට විශ්වාස විය . මිධුනාථ පිටින් පෙනෙනා තරමින් රෞද්‍ර හා දුෂ්ඨ නොවූ වග ද අග්නි දැන සිටියේ ය.

නමුත් , මිධුනාථ හා මහීධ මේ සියල්ලක්ම තවත් එක් මසක් ඇතුළත අතුරුදන්ව යන වග අග්නිගේ සිත යළිත් සිහිපත් කර දුන්නේ ය. තමාත් , මහීධත් හැර මිධුනාථට මදක් හෝ සමීප අන් කව්රුන් හෝ වූයේ නම් ඒ මිධුනාථගේම කෝපය පමණක් විය. දිගින් දිගටම වෛශව අසපුවෙහි මානසික අභ්‍යාසයන් පුහුණු කළහොත් මහීධගේ ඉරණම ද සිතාගැනීම අග්නිට අපහසු නොවී ය. මරණය මෙතරම් සුලබ දෙයක් යනවග අග්නි මින් පෙර නොසිතුවේ ය. මිධුනාථ තනි වනු ඇතැයි ඔහු පෙර සිතා නොතිබුණේ ය.

ඔහු මහීධව දෑතින්ම තමාගේ සමීපයට ගෙන තුරුළු කරගත්තේ ය. මහීධ දැනටම සුව නින්දක වූ අතර අග්නි ඔහු වෙත බාධා නොකළේ ය. ඔහු මෘදුව මහීධගේ හිස පිරි මැද්දේ ය.

.
.
.
.
.

සතියක් ගත වුව ද මිධුනාථ නැවත නොපැමිණිම අග්නි තරමක් කලබලයට පත් කළේ ය . මහීධ ද අග්නි අසලම දැවෙටෙමින් කාලය ගත කළ අතර ඔහු මිධුනාථ නැවත පැමිණෙනු ඇතැයි දැඩිව විශ්වාස කළේ ය.

අග්නි නෙඉවසිල්ලෙන් වනය අසල බලා සිටියේ  භාසුර ඔහුව මුණ ගැසීමට පැමිණෙන තුරු විය . භාසුර වනය දෙසින් මතු වනු දැකීමෙන් අග්නි ඍජුව සිට ගත්තේ ය.

'' කමා කරන්න උතුමාණෙනි.. ප්‍රමාද වූවා .. '' භාසුර හා ධීර පැවසුවේ ය.

'' භාසුර... කුමක් හෝ තොරතුරක් ලැබුනා ද ඔබට ? '' අග්නි කලබලයෙන් විමසුවේ ය. භාසුර බලාපොරොත්තු කඩවීමෙන් හිස සැලුවේ ය. අග්නි ද සුසුමක් හෙළුවේ ය.

'' කම් නොවේ.. තවත් සොයන්න.. '' අග්නි සැහැල්ලුවෙන් පැවසුවේ ය.

'' සුලෝධජ කුමරුනි... මිධුනාථ කුමරුන් තවමත් පැමිණියේ නැති ද ? '' ධීර විමසුවේ ය.

'' නැහැ.. ඔහු තවමත් නැහැ.. ඔහු කොහිදැයි නුඹලා දැනුවත් ද ? '' අග්නි විමසුවේ ය.

'' කමා කරන්න කුමරුනි... න-නමුත්.. '' ධීර වදන් ඇමිණුවේ ය.

'' කුමක් ද ගැටලුව ? '' අග්නි බැරෑරුම් ලෙස විමසුවේ ය.

'' මිධුනාථ කුමරුන්දැයි නිසැකවම පැවසිය නොහැකියි න-නමුත්.... '' ධීර තැතනුවේ ය.

'' කුමක් ද ? පවසන්න.. '' අග්නි අණ කළේ ය .

'' ඔහු වැනි අයෙක් පස් දිනකට පෙර අනුර්ධ අසපුව අසළ නෙත ගැටී තිබෙනවා.. '' ධීර පැවසුවේ ය.

'' අනුර්ධ අසපුව අසළ ? නුරුපුර ??? '' අග්නි විස්මයෙන් විමසුවේ ය.

'' ඒ මිධුනාථ කුමරුන් විය නොහැකියි... '' භාසු පැවසුවේ ය.

'' එකගයි .. ඔහු කොහි පිටව ගියත් කිසිදු පුද්ගලයෙකුගේ ඇස නොගැටීමට තරම් සූක්ෂමයි.. '' අග්නි විශ්වාසයෙන් පැවසුවේ ය. ධීර හා භාසු ද එකගවෙමින් හිස සැලුවේ ය.

'' තව සතියක් ඉක්ම ගිය පසු.. මා පැවරූ කාර්යය ඉටු කරන්න.. '' අග්නි මද නිහඩතාවයකින් අනතුරුව පැවසුවේ ය.

'' හොදමයි , සුලෝධජ.. '' භාසු හිස සැලුවේ ය.

'' සක්වල චක්‍රය විවර කිරීමෙන් පසු , නුඹලා මහීධව නිසැකවම මිධුනාථ වෙත භාරදිය යුතුයි වැටහුණා ද ? '' අග්නි දැඩිව පැවසුවේ ය. ධීර හා භාසු හිස සැලුවේ ය.

'' එහි කුමක් සිදුවේ දැයි අප දැනුවත් නැහැ... සක්වල චක්‍ර ද්වාරය සියවසකින් විවෘත කර නැහැ.. එහි ප්‍රතිඵලයත් අප නොදැනුවත්... '' අග්නි විරාමයකින් තොරවම පැවසුවේ ය.

'' සක්වල චක්‍රය , අන් සක්වල හා ද්වාරයක් ද වේවි.. එහි ශක්තිය සිතාගත නොහැකි තරම් වග අප හොදින්ම දැනුවත් ...'' අග්නි එක් කළේ ය.

'' කුමක් වුවත් මගේ තීරණය තවමත් එලෙසමයි.. අවම වශයෙන් මා හට ඉටු කළ හැකි අවසන් වගකීම එය පමණයි.. '' අග්නි තිර හඩින් පැවසුවේ ය.

'' සුලෝධජ.. '' ධීරගේ හඩ හැගීම්බර විය. භාසු ඍජුව මුහුණ නොදුන් අතර ඔහු වරදකාරී ලෙස බිම බලා ගනු අග්නි දුටුවේ ය. අග්නිගේ මුහුණ හැගීම්විරහිත විය. ඔහු කිසිදු හැගීමක සිර නොවී ය. ඔහු හැගීම් දැනීම් නොමැති දැඩි ස්වරූපයකින් පිටතට දිස් විය.නමුත් ඇතුළතින් ඔහුගේ ස්වභාවය හාත්පසින්ම වෙනස් විය.

'' එසේ නම් මා පිටවන්නම්... තවත් දෙදිනකින් හමුවෙමු.. '' අග්නි සැහැල්ලුවෙන් පැවසුවේ ය.

'' ඔහ්.. ඔබ එය නැවතත් සොයාගත්ත ද ? '' ධීර එක්වරම විමසුවේ ය. අග්නි ධීර වෙත ප්‍රශ්නාර්ථ බැල්මක් හෙළුවේ ය. ධීරගේ දෑස් ඍජුව අග්නිගේ බද පටියෙහි වූ කිණිස්ස වෙත එල්ල වී තිබුණි .

'' ආහ්.. මෙය.. '' අග්නි සිනාසී කිණිස්ස සුරතට ගත්තේ ය.

'' ඔබ අප දෙදෙනා නොමැතිව නැවතත් අනුර්ධ අසපුව වෙත ගියා නොවේ ද ? '' ධීර විස්මයෙන් විමසුවේ ය.

'' ආහ් ? '' අග්නි විමසුවේ වටහා ගත නොහැකි අයුරිනි.

'' නුඹ කුමක් ද පවසන්නේ ධීර ? '' එවර භාසු ද විමසුවේ ය.

'' හොදින් බලන්න ඒ කිණිස්ස භාසු... එහි සලකුණ දෙස .. '' ධීර මද සිනහාවෙන් පැවසුවේ ය. අග්නි ද තම සුරතෙහි වූ කිණිස්ස වෙත සිය අවධානය යොමු කළේ ය. ඔහු එහි කිණිසි මිට අග වූ හුරුපුරුදු සූර්යය සලකුණ ඔස්සේ ඇගිල්ල රැගෙන ගියේ ය.

'' කුමක් ද නුඹ අදහස් කළේ ධීර ? පැහැදිලිව පවසනු.. '' අග්නි අණ කළේ ය.

'' ඒ සූර්යය සලකුණ සහිත දටික කිණිස්ස ද ? නිර්මලා දේවියගේ නොවේ ද ඒ කිණිස්ස ?   '' භාසු ද අවිශ්වාසීව විමසුවේ ය.

'' ආහ් ? '' අග්නි විශ්වාස කළ නොහැකි බැල්මක් හෙළුවේ ය. ඔහුගේ දෑස් විස්මයෙන් පුළුල් විය.

'' නුඹට අමතක ද භාසු , සුලෝධජ සතුවයි එය කුඩා කල පටන් වූයේ... එය ඔබතුමන්ගේ මව් පසෙහි රාජ්‍ය උරුමය පිළිබද සලකුණ... ඔබතුමන් වාසනාවන්තයි එය නැවත එය සොයාගැනීමට තරම්.. '' ධීර මෘදුව පැවසුවේ ය.

අග්නි තවමත් විශ්වාස කරගත නොහැකි බැල්මක් හෙළුවේ ය. ඔහු මින් පෙර කිණිස්සෙහි වූ සූර්යය සලකුණ දැක ඇත්තේ කොහිදැයි දැන් ඔහුට නිශ්චිත විය. එ් වනාහී සිය මෑණියන්ගේ පෙළපතෙහි සූර්යය සලකුණ විය. දැන් තමා සතුව තිබෙන කිණිස්ස සිය මෑණියන්ගේ යනවග ද අග්නිට නිසැක විය . ඔහුගේ අපහැදිලි මතකයන් අතර ඔහු කිණිස්ස මෘදුව පිරිමදිනු ද ඔහුගේ මතකයේ විය. නමුත් මේ එය නොවී ය. සිය හස්තයේ දැන් පවතින කිණිස්ස මිධුනාථගේ විය. සියල්ල පැටළිලි සහගත විය. ඔහුගේ අපැහැදිලි මතකය අවධි විය.

.
.
.
.
'' බ්හැ.. බ්හැ.. ස්ලෝ-ධජ... එය බරින් වැඩියි.. එසවිය නොහැකියි.... ''  කුඩා දරුවෙකුගේ හඩ අග්නිගේ සිහියට නැගුණි.

'' අඥානයා... මෙලෙස තමුන් කෙලෙස ද අසිපත එසවීමට නොහැ-කිව සටන් වදින්නේ... ''  තමා පෙරළා බැන වදින හඩ ද ඔහුගේ මතකයෙහි විය.

'' බ්-හැනේ ඉදින්.. මා එසවූවානේ... ස්ලො-ධජ....ම්හ් ම්හි.. බැනව-දින්න ඒ-එපා.. ම්ම-ට දුකයි... ම්හ්.... ම්හි.. ''

'' ආාාාා.. නවත්වනවා ඔය හැඩීම.. ආ.. මෙය තබාගන්නවා.. එය එසවිය හැකිනේ.. ''

'' ඇ-ඇත් දළ කිණිස්-සක් ?  ම්-මට ද ?''  කුඩා දරුවා උද්යෝගයෙන් විමසුවේ ය. ඔහුගේ දෑස් දිලිසුණි.

'' දටික කිණිස්ස කියායි පවසන්න අඥානයා..  ඉන් ඕනෑම දෙයක් සිදු කළ හැකියි.. තබාගන්න.. '' 

'' ඌවූ... ඔබ හො-හොදයි.. ස්ලෝ-ධජ.. ''  කුඩා දරුවා පැවසුවේ සිය මිතුරාව වැළද ගනිමිනි.

'' අස්ථානගත කරහොත් තගේ අවසානය.. ''

'' න්හැ.. න්හැ... නැති කරගන්න නැහැ කෙදිනකවත්.. පොරොන්දු වනවා.. මේ... ''

.
.
.

'' නාථ...නාථ.... !!! මිධුනාථ.... මිධු - නාථ.... '' අග්නි විශ්වාස කළ නොහැකි අයුරින් තමා වෙතම පවසා ගත්තේ ය . ඔහුගේ මුවින් විස්මයට පත් හඩක් නික්මුණු අතර ඔහු අවිශ්වාසයෙන් නැවතත් සූර්යය සලකුණ ඔස්සේ දෑගිලි යැවුවේ ය. නිසැකවම මේ එකී කිණිස්ස විය.

අග්නි සිය මුව හස්තයෙන් තරයේ වසාගත්තේ මුවින් පිටවූ හැඩීම වළක්වා ගැනීමට යි. කෙලෙසකවත් ධීර හෝ භාසු ඉදිරියේ හැඩීමට ඔහුට අවශ්‍ය නොවී ය. තවදුරටත් අග්නිට කිසිවක් පැහැදිලිව දිස් නොවූ අතර ඔහු කිණිස්ස තරයේ මිට මොලවා ගත්තේ ය.

'' සුලෝධජ කුමරුනි කුමක් ද සිදුවූයේ ? '' භාසු කලබලයෙන් විමසන හඩ ඔහුට ඇසුණි .

'' නුඹලා දෙදෙනා පිටවන්න.. '' අග්නි අවසිහියෙන් මෙන් පැවසුවේ ය. ඔහු කිණිස්ස වෙතින් මොහොතක දු දෑස් පිටතට නොගත්තේ ය.

'' න-මුත්.. ''

'' පිටවන ලෙස නොවේ ද පැවසුවේ !!!!!!!!!!! '' ඔහු ගිගිරුවේ ය. ඔහු ධීර හෝ භාසු පිටව යනතුරු සිටියේ නැත . ඔහු ඔවුන්ව මග හැර වෛශව අසපුව වෙත කලබලයෙන් ගමන් කළේ ය.

ඔහු කිණිස්ස දැඩිව මිට මොළවා ගෙනම ඍජුව ඇසළ අංගනය වෙතම ගියේ ය. ඔහු බලාපොරොත්තු වූ පරිදි මහීධ එහි විය . ඔහු ඍජුව මහීධ වෙත දිව ගොස් ඔහුගේ උරහිසින් අල්ලාගත්තේ ය.

'' අග්නි.. කිමද මේ ? '' මහීධ කලබලයට පත්ව විමසුවේ ය.

'' මට පවසන්න... මට පවසන්න... '' අග්නි නොඉවසිල්ලෙන් මිමිණුවේ ය. ඔහු සිහිය ඵලවා ගැනීමටත් , සිය මුවින් නික්මෙන වේගවත් සුසුම් ද අතරින් සිය හඩ අවධි කිරිමට උත්සහ කළේ ය.

'' ආහ්.. කුමක් ද සිදු වූයේ ?  '' මහීධ නැවතත් විමසුවේ ය.

'' මට පවසන්න....මට පවසන්න ඔබේ මෑණියන්ගේ නාමය........කිතා නොව..... ඇයගේ සම්පූර්ණ නාමය.. අනුකිතා වූ වග ... ''  අග්නි අවසිහියෙන් මෙන් මහීධගෙන් ඇයැද සිටියේ ය.

මහීධගේ දෑස් විස්මයෙන් පුළුල් විය. ඔහු අග්නි දෙස බැලුවේ ය.

'' නුඹ කෙසේද එය දැනුවත් වූයේ ? එය දැනුවත් අය්යණ්ඩි හා මා පමණයි.. මා හටත් අය්යණ්ඩි එය පැවසුවේ පස් වසර ඉක්මවූ පසු..... '' මහීධ අග්නි වෙත අවිශ්වාසී බැල්මක් හෙළුවේ ය.

''  එවිට... එවිට එය සැබෑවක් ද ? '' අග්නිට මහීධ අතහැරී ගියේ ය. ඔහුගේ මුවින් සැනසුම් සිනාහවක් නික්මෙණුත් දෑසින් ද කදුළු ගලායනුත් අග්නිට දැනුණි . ඔහු නිදහසේ එහිම වැලි පොළව මත වැතිරුණි .

'' අශ්ශීල දාසයා.... කිම ද මේ ? කුමක් ද සිදු වූයේ.. '' මහීධ කලබලයෙන් විමසුවේ අග්නි අසලින් දණ ගසා ගනිමිනි.

'' මා හට මතකයි... .. '' අග්නි අවසිහියෙන් මෙන් මිමිණුවේ ය. ඔහුගේ දෑස්වලින් නොනවත්වා කදුළු ගලා ගිය ද ඔහු සිනාසුණේ ය.

'' මා සොයාගත්තා.... '' ඔහු අහස දෙස බලාගෙන නිදහසේ සිනහාවක් නැගුවේ ය .

තමා ඔහුව සොයාගැනීම පිළිබද ඔහු සතුටු විය. ඒ අන්කවරෙකුත් නොව මිධුනාථම වීම පිළිබද ඔහු වඩාත් සතුටු විය. තමා එතරම් අඥානයෙකු වීම පිළිබද තමා වෙතම සිනහ විය. ඔහු දටික කිණීස්ස සිය පපුවට තද කර තුරුළු කර ගත්තේ ය. අනතුරුව සැනසීමට පත් සුසුමක් හෙළුවේ ය.

'' නුඹ සුවෙන් ද ? '' මහීධ අවිශ්වාසයෙන් විමසුවේ ය.

'' මා ද ? සුවෙන් සුවෙන්... රහමෙර ගැලුමක් පානය කර මෙන්ම සුවෙන්......... ආා.ආාා...පුංචි පුංචි , හුරුබුහුටි , සුරතල්,  අඥාන අනුරුව දැන් කිම ද මාගෙන් එලෙස විමසන්නේ ? නැළවිලි ගීයක් පවසන්න ද ඔබට ? අාහ් ? නැතිනම් දිවා ආහාරය දෑතින්ම කවන්නම්... එකගයි ද ?  '' අග්නි සිනාසෙමින් විමසුවේ මහීධගේ කම්මුල් ද මිරිකමිනි . 

'' තමුන් නම් අද සැබවින්ම රහමෙර පානය කරලා.... '' මහීධ නොරිස්සීමෙන් පැවසුවේ අග්නිගේ කම්මුල් ගසා දමමිනි.

ඔහු මහීධ වෙත සිය කොපුල් වල ගැසෙන සිනහාවෙන් සංග්‍රහ කර අහස වෙතත් , තමාගේ හිසට ඉහළින් වූ ඇසළ මල් දෙසත් බලා සිනා නැගුවේ ය. ඔහු විවිධාකාරයේ සිනහාවන් අත්හදා බැලී ය . ප්‍රථමයෙන් කුඩා දරුවෙකු ලෙස සිනාසුණේ ය. අනතුරුව අපායේ යම රජුන් මෙන් සිනහාවක් නැගුවේ ය. 

ඔහු සිය වන වතාව ද ඉක්මවා කිණිස්ස සිප ගත්තේ ය.

මහීධ ,  තමාට උමතුවෙන් පසුවන වග පවසා පිටව ගිය වග ද ඔහු නොතැකුවේ ය.

ඔහු සම්පූර්ණයෙන් වැලිවලින් නැහැවී ගොසින් තිබුණි . ඔහු බිම වැතිරී දෙපයින් වැලි  ඔබ මොබ කළේ කුඩා දරුවෙකු පරිද්දෙනි .

'' ආාාාාාාාාාාාාා '' අග්නි නැවතත් සන්තොෂයන් හා සැහැල්ලුවෙන් කෑගැසුවේ ය.

ඔහු සිනාසෙමින් එවකට නාථ හා දැන් මිධුනාථ හා වෙනස කෙතරම් දැයි සන්සන්දනය කර බැලී ය. නාථ පිළිබද ඔහුට පැහැදිලි මතකයක් නොවූව ද ඔහු දිගින් දිගටම විවිධ දේ සිහිපත් කළේ ය. මිධුනාථ ඇඹුල් දොඩම් ගෙනවිත් දීම පිළිබද දැන් ඔහුට පුදුමයක් නොවී ය. සුරතල් සිනහාව , නාසයෙන් හැඩීම , සුදුමැලි කම්මුල් අතුරුදන්ව ගොසින් තිබුන ද නිසැකවම මිධුනාථ කුඩා කළ නාථම වග අග්නිට හොදින්ම විශ්වාස විය. මිධුනාථ තමා පිළිබදව දැනසිටීම තවදුරටත් අග්නිට විස්මයක් නොවී ය . අසුර අසිපත දරන්නා ද , වාගිෂ්ඨ මුනි පිළිබදව ද ඔහු දැන සිටීමට සියලු හේතුන් අග්නිට පැහැදිලි විය. ඔහු නිසැකවම තමා හදුනා ගන්නට ඇත.

මිධුනාථ දැන් අසපුව තුළ වූයේ නම් ඔහු මේ වන විට මිධුනාථගේ කනට පහරක් ගසා අවසන් වග අග්නිට නිශ්චිත විය. මෙතරම් කල් සියල්ල දැන සිට එය සැගවීම පිළිබද ඔහු අමනාපයෙන් මිධුනාථට බැන වැදුණේ ය. ඔහුගේ හිස් ගෙඩියෙහි තවත් කුමන ආකාරයේ දේවල් සැගව ඇත්දැයි අග්නිට සිතා ගැනීමට හෝ නොහැකි විය.

අග්නි ඇදිරි වැටෙන තුරුම අහසෙහි වළාකුළුවල පාවෙමින් සිටියේ ය.

මිධුනාථ හැකි ඉක්මනින් නැවතත් පැමිණෙනු ඇතැයි ඔහු අපේක්ෂා කළේ ය.

එවිට ඔහුගේ ඔහුගේ රත් පැහැ ගැන්වෙන කන් ද මෘදුව සැපීමට සිතා ගත්තේ ය.

අනතුරුව ඔහු දම්පැහැ ගැන් වෙන තුරුම ඇති පමණ කෝපගැන්විය හැකි විය.

ඉන් පසු ඔහුගේ ඉණ වටා දෙපා දමා ඔහුව තරයේ සිරගත හැකි ආකාරයක් ද අග්නි සිතා බැලුවේ ය.

මිධුනාථ පැමිණි විගස මහීධ ඔහුව දැකීමට පෙර ඔහුව අන් කොහි හෝ කැදවාගෙන යාමට අග්නි ඉටා ගත්තේ ය. මහීධ , මිධුනාථ දුටුවහොත් තමාට මිධුනාථ හා ගත කළ හැකි කාලය අඩුවන වග අග්නිට වැටහී ගියේ ය. එය කෙතරම් ආර්ත්මාර්ථකාමී වුව ද මහීධට මෙන් නොව ඔහුට තවත් දෙසතියක් පමණක් ඉතිරි විය . ගත වී යන මොහොතට අග්නි වෛර කළේ ය. මිධුනාථ මෙහි නොවීමට අග්නි වෛර කළේ ය.

'' දෙසතියක්... '' අග්නිගේ මුහුණෙහි වූ සිනහව මදක් වියැකී ගියේ ය.

ඔහුගේ මුහුණෙහි සැනසීමට පත් පෙනුම එලෙසම වුව ද එවර ඔහුගේ දෙනෙතින් කදුළු ගලා ගියේ ය. මිධුනාථ නොමැතිව ද ඔහු දැනට දෙසතියකට ආසන්න කාලයක් ගත කර තිබුණේ ය. දෙසතියක් කොපමණ කුඩා කලයක් දැයි ඔහු මීට පෙර සිතා තිබුණේ නැත . දෙසතියකින් , දස අවුරුද්දක සියලු දේ මිධූනාථ වෙත පවසා අවසන් කරන්නේ කෙසේ දැයි අග්නි නොදැන සිටියේ ය.

'' ඇයි සියල්ල මෙලෙස සිදු වූයේ ? '' අග්නි තමා වෙතම මුමුණා ගත්තේ ය.

එක්වරම විශාල දෙයක් ලබා දී එය සදහටම උදුරා ගැනීමට තරම් කව්රුන් කෲර වන්නේ දැයි සිතාගැනීමට ඔහුට නොහැකි විය. සියල්ල තමාගේම වරද වග අග්නි පවසා ගත්තේ ය. තමාගේ සක්වල චක්‍රය විවර කිරීමේ මුග්ධ තීරණයට ස්වභාවයෙන් ලැබූ දඩුවම විය .

වාගිෂ්ඨ මුනිගේ අවසන් වදන් වූ '' දේශය ගොඩනැගීම හා  අනුර්ධ අසපුවේ උරුමය සොයාගන්න '' යන්නෙහි '' අනුර්ධ අසපුවේ උරුමය ''  තමා සක්වල චක්‍රය ලෙසින් දුටුවේ මන්දැයි අග්නි උපහාසයෙන් විමසුවේ ය. මෙතරම් කලක් මිරිගුවක් පසුපස ලුහුබැද ඔහු හති වැටී සිටියේ ය. ඔහුට දැන් මේ මොහොතෙහි ඒ කිසිදු දෙයකින් පලක් නොවී ය.

ඔහුට දැන් අවශ්‍ය වූයේ එකම එක් දෙයක් පමණක් විය.. දෙසතිය ඉක්ම යාමට පෙර මිධුනාථ එක්වරක් හෝ නැවත වෛශව අසපුව වෙත පැමිණේවායි අග්නි දැඩිව පැතුවේ ය . එක්වරක්...... අවසන් වරට පමණක්..... 

ඔහුට මිධුනාථ දැකගැනීමට අවැසි විය.

ඔහුගේ කනින් ඇද පහරක් එල්ල කර තරවටු කිරීමට අවැසි විය. ඔහුව දම් පැහැ වන තුරු කෝපගැන්වීමට ඇවැසි විය.

ඉන්පසු , ඔහුගේ රැළි ගැන්වෙන නළල , පිම්බෙන නාසය හා රත් පැහැ දෙකොපුල් හා රේඛීය දෙතොල් දෙස ඇසිපිය නොහෙළා බලා සිටීමට ඇවිසි විය.

කාන්තාවන් පිළිබද පවසමින් ඔහුට හිස රදයක් වීමට අග්නිට දැඩිව ඇවැසි විය.

'' තමුන් මහ හිස රදයක් , නීච අශ්ශීල දාසයා , එවර කුමක් ද ? නිහඩවනු.... '' නැතිනම් මිධුනාථගේ නොරිස්සුම් සහගත වදන් සමූහය නැවත ඇසීමට ද ඔහුට නරක ලෙස අවැසි විය.

ඔහුගේ දෙසවන් රත් පැහැ ගැන්වෙන පරිදි කුමක් හෝ අශ්ශීල විහිළුවක් සිදු කර අනතුරුව ඔහුගේ දෙසවන් මෘදුව සැපීමට ද අවැසි විය.

ඔහු සිය දිගු ඇගිලි අධාරයෙන් ඇඹුල් දොඩම් පොතු ඉවසීමෙන් ලෙලි ගසනු නොනවත්වා බලා සිටීමට අග්නි නරක ලෙස අවශ්‍ය විය.

තමාගේ දෑස් ඔස්සේ දැන් ගලා යන අකීකරු කදුළු මිධුනාථගේ මහපටගිල්ල හා යුධ වැදී පරාජය වනු දැකීමට අග්නිට අවශ්‍ය විය.

තමා හිතුවක්කාර ලෙස කුමක් හෝ මගහරිද්දී මිධුනාථ නොරිස්සීමෙන් එය සිදු කර දෙන අයුරු බලා සිටීමට අග්නිට අවැසි විය.

ඔහුගේ දිගු ඇගිලිවල ප්‍රතිකර්මවලින් විනා කිසිදු තුවාලයක් සුව නොවන වග අග්නිට විශ්වාස විය.

ඔහු තමාට අඥානයා යනුවෙන් බැනවදිනු ඇසීමට අග්නිට අවශ්‍ය විය .

නිදහසට හේතු පවසමින් ඔහුව වැළද ගැනීමට අවශ්‍ය විය.

මිධුනාථ තමාව සිය උණුසුම් දෑත් අතරට ගෙන නළල සිප ගැනීම මෘදුව විදීමට අග්නිට අවශ්‍ය විය.

මිධුනාථගේ දිගු නාසය , සිය නාසයගේ ස්පර්ශවනු දැකීමට ඔහුට අවශ්‍ය විය .

ඔහුගේ කාලවර්ණ දෑස්වල අවධානය වෙන කිසිදු කරුණකට හිමිකර ගැනීමට නොදී තමා වෙතම ගැඹුරුව හැරී තිබෙනු දැකීමට අග්නිට දැඩිව දැඩිව , තීව්‍රව අවශ්‍ය විය .

ඔහුට කළු කුහරයක් මෙන් මිධුනාථගේ දෑස්වල අතරමංව සැරි සරමින් සිටීමට පමණක් අවැසි විය.

සියල්ල අමතක කර සීතල ජලයේ බැස මිධුනාථගේ සිපගැනීමට අවනතව නිසොල්මනේ බලා සිටීමට ඔහුට දැඩිව , නරක ලෙස , තීව්‍ර ලෙස අවශ්‍ය විය.

'' පිටවනවා !!!!! මට තමුන්ව කිසිදු දිනෙක නැවත දැකීමට අවැසි නොවේ.. !!!! ''

තමා මිධුනාථ වෙත පැවසූ අවසන් වදන් අග්නිගේ සිහියට නැගුණි . තමා එලෙස පැවසීම පිළිබද ඔහු තමාටම වරද පටවා ගනිමින් බැන වැදුණේ ය. ඔහුගේ හැඩීම එවර ඉකියක් ලෙස අකීකරුව පිට පනිනු අග්නිට දැනුණි ..

'' මිධුනාථ මා මුසා පැවසුවේ... එය මුසාවක්.... එය පැහැදිලිවම මුසාවක්........එය මා විහිළුවට පැවසුවේ... අඥානයා.. කිම ද තමුන් එය එතරම් තැකුවේ ?? ..... ''' අග්නි හඩමින් අහස දෙස බලමින් විමසුවේ ය.

'' දෙසතියයි මිධුනාථ...... දෙසතියක් පමණයි.... කරුණාකර ඉක්මනින්...... පැමිණෙන්න......  ''

අග්නි සිය බිදී ගිය හඩින් මිමිණුවේ ය. ඔහුට කාලයට නවතින ලෙස අණ කිරීමට අවැසි විය. තමා කුමන නිළයක් දැරුව ද කාලය ඔහුට අවනත නොවී ය. ඔහු දටික කිණිස්ස තවත් තදින් සිය පපුවට තුරුළු කරගත්තේ සීතලට ගුලි වෙමිනි. ඔහුට මිධුනාථ මතින් පාදයක් දැමීටම නපුරු ලෙස අවශ්‍ය විය. නමුත් ඔහු ඒ වෙනුවට සිය දෙපා ගුලි කරගනිමින් වකුටු විය. ඔහු ඇති පමණ ඉකිගසමින් හැඩුවේ ය.

බලාපොරොත්තුව..... මිධුනාථ අවසන් වරට දැකගැනීමේ බලාපොරොත්තුව අග්නිව ජීවත් කරවීය....
.
.
.

~ මතු සම්බන්ධයි ~

A/N -

* හලෝ.. කැති පොළු උස්සන්න එපා .. ඕතර් අහිංසකයි..

* අලේ.. සුබ ජන්ම දිනයක් වේවා..... TaeDilki - මිදි ගෙඩියෝ..  ( ප්‍රසන්ට් එක වෙන දවසක.. )

* මග ඇරුනු කොටස් ගැන හිතන්න එපා.. මිද්දාගේ POV එකක් කියලා එකකුත් තියේනේ.. කාලය වේගයෙන් යනවා තමා ඉතින්..අග්නිව මරන්නේ නෑ කියලා පොරොන්දු උනා.. අනිත් දේවල් ගැන වග කියන්නේ නෑ ඉතින්.. බුහාහාහහා...

* ම්න්.. අද මම මොනවත් කියන එක ඇගට ගුණ නැ වගේ.. හී හී.. මාරුවෙන්නම්..

* පසුව ලියමි - ඔයාලා ඇඩුවේ එහෙම නෑනේ ? ආ.. නැත්තන් කමක් නෑ ඉතින්..

Continue Reading

You'll Also Like

14.5K 2.8K 11
සත්‍ය සිදුවීමක් ඇසුරිනි ( requested) හිමි නැති නම් කිම නුඹගේ උණුහුම දැනුනේ .... 💔 boyXboy Started date - 26 June 2022 Completed - 03 Aug 2022
406K 82.7K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
4.4K 967 8
අග්නි පසුබිම් කතාංගයකි. ( එය නොකියවීම මෙය කියවීමට බාධාවක් නොවන වග සලකන්න )
3.9K 1K 23
කියවලම බලන්න *සමහර දේවල් ඉදිරියේ මිනිස්සු ගොඩක් අසරණයි . *ජීවිතය ආදරය ගැන කියන්න වෙන්වෙච්ච තැනක් #උපුටාගැනීම්