༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱...

By Hello_Honey_Bunny

80.5K 11.4K 5K

ලංකාවේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිදු වූ සත්‍ය කතා වස්තුවක් පාදක කොටගෙන ගෙතූ ප්‍රබන්ධ කතාවක්.... 20+ BL True bea... More

01
02
03
04
05
06
07
08
unknown chapter
10
11
12
13
14
15
16
17
18
19
20
21
ඔයා තනිවෙලා නෑ...
කතෘ සටහන (bunny)

09

3K 488 188
By Hello_Honey_Bunny

වර්තමානයට👣

"අයියා බීම එකක් හැදුවා"

"ආහ් thankz. ඉදගන්න"

මට බීම බොන්න තරම් මානසිකත්වයක් තිබුනේ නෑ. මේ දේවල් කියලා ඉක්මනින්ම පිට වෙලා යන්නයි මට ඕනෙ වුනේ. මට මාවම පාලනය නොවුනොත්.... මාව නිකන් පුපුරයි වගේ දැනුනා. ඒත් මං ඒ කිසි දෙයක් නොහගවා සාමාන්‍ය විදිහට හැසිරුනා

" ඊට පස්සෙ තමයි මල්ලි අපි ඔයාව bathroom එකේ හිර වෙලා ඉදලා හොයා ගත්තේ. ඔයා දන්නවා ඉන් පස්සෙ ඔය දෙන්නා කොච්චර ලං උනාද කියලා. ඒ හැම දවසකම ඔයා ගියාට පස්සෙ ඌ පැය ගනං මාත් එක්ක ඔයා ගැන දෙඩෙව්වා. මං හිතන්නේ ඔය club room එක ඇතුලෙ වැඩි පුරම කියවුනු නම 'ඉඳුවර'....

අපිට සැකයක් තිබුනා ස්නූපි මොකක් හරි දෙයක් කරයි කියලා. මොකද මං දෙතුන් වතාවක් එයා room එක පැත්තෙ සක්මන් කරනවා දැක්කා. අපි හිතුවා වගේම ඒක වෙලා කියලයි මට දැන් හිතෙන්නෙ.... ඔව් නේද??

" ඔව් ඒක හරි. ඒත් ස්නූපි කියන දේ අහගෙන ඒක විශ්වාස කරලා මෙහෙම වෙනස් වෙන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි. මම ඇස්දෙකෙන් දැකපු දේවල් බොරුවක් වෙන්නේ කොහොමද?"

"හරි මල්ලී ඔයාගෙ පැත්තෙන් දැක්කොත් ඒ දේවල් හරි. ඒත් දකින හැමදේම ඇතීත නෙවෙයි... ඔයා මොනවද දැක්ඈඒ කියන්නෝකෝ... ඔයාට මොනවද ඇහුනේ... ඔයා දැක්කද ඒ දෙන්නා ඒක ඇතුලෙ sex කරනවා. කියනවකෝ... ඔයා දැක්කද? මෝඩයෙක් වෙන්න එපා ඉඳුවර. මම මේ දේවල් කියන්නේ මගේ යාලුවාව බේරන්න නෙවෙයි. මං මේ ඇත්ත කතාකරන්නේ. මං ටැක්සිට වගේම උබටත් ආදරෙයි. උබලා දෙන්නාගෙන් එක්කෙනෙක්ටවත් වරදිනවට මම කැමති නෑ. ඒ නිසා බූරුවෙක් වගේ නොහිතා මනුස්සයෙක් වගේ මේ ප්‍රශ්නේ ගැන දැකපං"

"මම දැක්කානො අයියා yoyo ව බදාගෙන ඉන්නවා... එරා හරි ආදරෙන් ඔලුව අතගෑවා..."

"මෝඩයෝ... ඔව් එහෙම දෙයක් උනා තමයි. ඒත් ඒකෙ තේරුම ඌ yoyo ට උබේ තැන දුන්නා කියන එකද? Yoyo එදා දුවගෙන ඇවිත් එයාගෙ ප්‍රශ්නයක් අපිට කියලා ඇඩුවා. ඉඳුවර ඔයා කොයි තරම් ස්නූපිගෙ වචන වලට වහල් වෙලාද කියනවනං ඔයා දැක්කේ නෑ ඒ කාමරේ ඇතුලේ මම ඉන්නවා....

"අ...අයි....

"දැක්කද නැද්ද කියනවා.... ඒකනේ නෑනෙ. ඒත් මම එතන හිටියා. ඒ වෙලාවෙ ඔයා මං දිහා බැලුවෙවත් නෑ ඔයා කෙලින්ම ඒ දෙන්නා දිහා බලාගෙන හිටියො. ඔයාගෙ ඔලුවෙ දුවන්න ඇතීතෙ එකම එක දෙයයි... ඒ දේට අනුව ඔයා ඔයාගෙ මනෝ ලෝකෙ ගොඩනගාගෙන හිටියා. ඒ වෙලාවෙ අපි ඔයා පිස්සෙන් ආවෙ නෑ.මොකද ඒ වෙලුවෙ yoyo ව තනි කරන්න බැරි නිසා.

ඒත් අන්තිමේදි ඒ උනු සිද්දිය ගැන අපි දෙන්නා රෑ වෙනකන් කතා කරා. අපි ඔයාගෙ ගෙදර ලගට ඇවිත් පැය ගානක් බලන් හිටියා. මොකක්ද උනේකියලා අපිට තේරුනේනෑ. අපි හිතුවේ ඒක හරි යයි කියලා.

ඒත් ඔයා එදායින් පස්සෙ අඩුම තරමින් ඉස්කෝලෙවත් ආවෙ නෑ. කතා කරේ නෑ...මූණ දුන්නේ නෑ... අපි හොදටම බය වුනා. ඒත් අන්තිමේදි අපිට තේරුනා ඔයා ඇති කරගත්තෙ වැරදි වැටහීමක් කියන එක. අනික ස්නූපිගේ හැසීරීමෙන් තේරුනා එයා මේවට වග කියන්න ඕනෙ එක. ඒත් මම සම්පූර්ණ වැරැද්ද ස්නූපි පිට දාන්නෑ. ඔයත් වැරදයි...

ඔයා එයාව මග අරිනවා කියලා දැනෙද්දි තීක්ෂට පිස්සෙක් වගේ හැසිරුනේ. හරිම කලබලයි. උගේ අත් පවා වෙව්ලුවා ඒ ගැන මතක් කරද්දී. උබ උට ඒ විදිහේ ආදරයක් දීලා තිබුනා. ඒ හැමදේමත් කරලා එක පාරටම අතුරුදන් උනා. මට බයය මේ.දේවල් නේසා තීක්ශන මානසිකව ඇදං වැටෙයි කියලා.

මම දැකලා තිබුනු ශක්තිමත්ම හිතක් තිබුනු කෙනෙක් තමයි තීක්ෂන. උගේ දෙමව්පියෝ සහෝදරයා සේරම එක වැර ඕකාට නැති උනා. ඌ ඒත් ගහක් ගලක් වගේ හිටියා. ඒත් මේ සබ්ජෙක්ට් එකේදි ඌ දුර්වලයි. අඩුම ඌ කන්නෙ බොන්නෙවත් නෑ.

මට උබලා අතර මොන දේ උනත් වැඩක් නෑ. ඒත් මගේ සහෝදරයා මේ විදිහට නොකල වරදකට දවසින් දවස මැරි මැරී ජීවත් වෙනවා බලන් ඉන්න මට බෑ. උබට මොලයක් තිය......."

"ආහ් කව්ද මේ ඉලන්දාරියා...."

"....අංකල්.... ආහ්...ම්...මං මේ... තීක්ෂන ඉන්න club එකේ senior කෙනෙක්. මම ෂොනාල්... ෂොනාල් වීරසේකර..."

ඒක පාරට නොහිතූ මොහොතක දොර ඇරගෙන ඉඳුවර මලීලිගෙ තාත්තා ආවා. අනේ ඇතීතමයි මේ මිනිහට බෙල් එක ගහගෙන එන්න තිබ්බනේ. ඒ වෙනකොටත් මල්ලී හොදටම අඩනවා...

"ආහ් හොදයි... පුතා මොකද අවේලාවේ මේ පැත්තේ?"
මනුස්සයා හිතුවට වඩා අමාරුකාරයා කියන එක නං මට තේරුනා. මේ මනුස්සයා දොර පිටිපස්සෙ ඉදන් කතාව අහං හිටියාවත්ද.....නෑ...නෑ...නියමයි.මිනිහට වෙරි... කොච්චර එකක්ද. හෙට උදේ නැගිටිද්දි මනුස්සයාට මේවා මතක තියන එකක් නෑ.... කියලා හිතාගෙන මම උත්තර බැන්දා

"නෑ අංකල් මං මේ මල්ලිට කියන්න ආවෙ ලබන සතියේ අපි පොඩි trip එකක් දාගෙන තියනවා. ඒක ගැන කියලා යන්න ආවෙ. දවසක් දෙකක් නවතිතන්නත් තියනවා"

"ලොකු වියදමක් යයි වගේ..."
ඉදකින් මූ වගේ කුනු ලෝබයෙක්. ඇත්තටම ලබන සතියේ trip එකක් නම් organise කරලු තිබුනා. ඒත් juniors ලා ට නං නෙවෙයි. ඒක මොකක් හරි කර ගන්න පුලුවන් මේ මිනිහාගෙන් ගැලවුනොත්.

"නෑ අංකල් හැමදේම අපෙ ගානෙ. මල්ලිට තියන්නේ එන්න විතරයි. අපේ සර් පවා එනවා"

"ආහ් හොදයි නේ... ඇයි මූ මේ වැලහින්නක් වගේ අඩන්නේ...ඕයි... පිස්සුද?"

"නෑ මේ එයා තනියෙන් ඉන්න කැමති නෑ වගේ.අංකල්ව දාලා යන්නත් බෑ ලු" මං හෙන මොන්ඩිසෝරි උත්තරයක් ද ඒ දුන්නේ...ඔව් එහෙම තමා. මොනවා කරන්නද මෙහෙම දේකට ලෑස්ති පිට ගියේ නෑනෙ.

"මෝඩයෙක්.... මූ එයි පුතා. ඔයා දැං යන්න... මටත් මාර මහන්සියි"

"හරි අංකල්....

එහෙනං මල්ලි මං කියපු දේ ගැන හිතලා බලන්න. ලබන අගහරුවාදා උදේ අටට එන්න. Seniors ලා වෙනම යන්නේ. ඔයාලයි අපියි hotel එකේදි තමා හම්බ වෙන්නේ. එහෙනම් හිතලා බලන්න"

"බල බල ඉන්න දෙයක් නෑ මං එවන්නං. මටත් එන්න පුලුවන් නං හොදයි.හා හා හා..... විහිලුවට කිව්වේ"

හොද විහිලුව. තව ඩිංගෙන් හාට් ඇටෑක් එනවා. පිස්සු බඩ ගෙඩියා. මං කියපු දේ මල්ලිට තේරෙන්න ඇති කියලා මම හිතනවා. මොන දේ උනත් ඌ හිත හදා ගන්නවනං මට ඒ ඇති.

***************************

"කොහෙද බං ගියේ. මං රස්තියාදු වුනා"

"හරි යකෝ විනාඩි පහකට පොඩි ගමනක් ගියා"

"විනාඩි පහ... ගුලි ගහලද ඉන්නේ. පැත දෙකකටත් වැඩී... ඇත්තටම උබ කොහෙ..."

"උබ order කරාද මොනවා හරි. මගෙ නං බඩත් පිරිලා"

"යකෝ කමු කමු ගගා වැලලෙන්න හදලා... මම මෙතන රස්තියාදු කරලා... දැං කන්න බෑ කියනවා... යමං නැගිටලා එහෙනං. අපිට ආයෙ මෙතන පස් පාගන්න වෙන්නෑ"

"හරි හරි හුස්මක් ගත්තම බඩේ ඉඩ හැදෙනවා. මොනවද යකෝ ඔච්චර කේන්තිගන්නේ ගිණිපුක්කාරයෙක් වගේ🤣"

"කට වහං හිටපං. කොහෙද ගියේ"

ඇත්තටම මම තීක්ෂනට හොරෙන් කිසි දෙයක් කරන්න කැමති නෑ. ඒත් මේ වෙලාවෙදි මම නිහඩයි. උගේම හොදට මම මේ දේවල් කරන්නේ කියලා උට කියන්න තිබ්බා නම් මගේ හිතට සහනයක්. ඒත්...

" ඇයි උබ කන්නැත්තෙ?"

"මට කන්න බෑ බං"

"එහෙනං කන්න යමු කියද්දි හා කිව්වෙ අහවල් එකටද"

"උබට කන්න.... මට කන්න නෙවෙයි"
මගේ යාලුවා මෙච්චර මානසිකව වැටිලා ඉන්නවා මට බලන් ඉන්න බෑ. ඉදුවර මල්ලි මම කියපු දේවල් තේරුම්ගෙන නම්... මට එයින් එහාට කිසි දෙයක් ඕනෙ නෑ.

"යං"

"කාලා යං"

"උබට කන්න බැරි නං මං කාලා වැඩක් තියනවද? බූරුවා"

"පිස්සු නොකර කාපං"

"මට බෑ. යමං... උබ හැදෙනකං මං මම උබ කියන දේ අහයි කියලා හිතන්නත් එපා! මිනිහෙක් වගේ හැසිරියංකෝ"

මගේ බඩගින්න ඉහ වහා ගිහින් තිබුනත් ටැක්සි ඉන්න තත්වෙ දැක්කම උගුරෙන් පහලට කන දෙයක් තියා වතුර උගුරක්වත් ගියේ නම් නෑ. මං ඌව ගෙදරින් දාලා මගේ ගෙදරට ආවා. ඒත් හිතේ තිබුනු එකම දෙයයි....

'ඉදුවර එයිද'

'පොඩි එකාට මොලේ පෑදිලාද දන්නෑ '

'දැං තීක්ෂන මොනවා කරනවද දන්නෑ '

'මොකුත් මෝඩ වැඩක් එහෙම කරගන්න එපා කොල්ලෝ...ඉවසපං.'

____________________________________________________________

යකුනේ🤣

අම්මේ බනින තරං. බයේ බෑ සිවිල් යුද්ධයක් වගේ එකක් එන සීන් එකක් තියන්නේ. මගේ clz teacherගෙන් බැනුම් ඇහුවට පස්සේ ඇහුවමයි🤣😗

ඔන්න දැම්මා.... දැන්වත් phone එකට කෝල් ගන්න එක නවත්තපියව්🤣😂 ගෙදර මිනිස්සු නිදි. තව ඩිංගෙන් හාට් ඇටෑක් එනවා මට

දැන් ෂැපද....... ෂැප නේදෝ..... 💔😅

-bunny🐰

Continue Reading

You'll Also Like

302K 11.2K 78
"Leave, you're free. Don't ever come back here again." She said, hoping he wouldn't return and she'll get to live Hael was shocked, "Are you abandon...
2.7M 60.5K 81
Diana is an 18 year old girl about to start her senior year until she bumps into a woman at the bookstore who has quite the personality. The woman ta...
192K 24.4K 15
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
478K 39.9K 48
For as long as Niharika could remember, she led a simple life overshadowed by her own misery. Despite belonging to a well-established family and bein...