♛ අග්නි ♛

By Bulbz_D

173K 34.7K 29K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 48

1.8K 413 312
By Bulbz_D

අග්නිගේ ප්‍රහාරයන් අතිශයින් තියුණු වූ අතර , ඔහුට අනුව ඔහු කලකට පසුව සැබෑ සටනක විය . සිය ගෙල අසලින් වජ්‍රයක් සේ ගමන් කළ අසිපත මගහැරි අග්නි  සිය අසිපතින් පෙරළා ආගන්තුක පුද්ගලයා වෙත ප්‍රහාරයක් එල්ල කළේ ය. ඔහුගේ සටන් ශිල්පය ගිරි අසපුවේ වග අග්නි එවකටත් හදුනා ගෙන හමාර විය.

ආගන්තුක පුද්ගලයා සිය මුහුණ ආවරණ කරගෙන නොසිටිය ද අග්නි එකී පුද්ගලයා කිසිදු දිනෙක දැක තිබුණේ ද නැත . නිසැකවම ඔහු වනාහී ගිරි අසපුවෙහි ශිෂ්‍යයෙකු වග හදුනා ගැනීම ඔහුට අපහසු කාර්යයක් නොවී ය.  අග්නි සිය අසිපත සැඩපහරක් සේ වේගයෙන් මෙහෙය වූවේ ය. අග්නිගේ කායික සටන් හැකියා සියල්ලන්ටම වඩා ඉස්තරම්ම මට්ටමෙහි වූ අතර ඔහුගේ ප්‍රහාරයන් ද අනුකම්පා විරහිත විය. අග්නිගේ තියුණු දෑස ආගන්තුක පුද්ගලයාගේ අසිපත ලුහුබැන්දේ , අග්නිගේ අසිපතින් ඔහුට ප්‍රතිචාර දක්වන අතුරතුරේදී මය .

අග්නි සිය පාදය ආධාරයෙන් ඔහුගේ කලව වෙතට පහරක් එල්ල කළේ රෞද්‍රවයි . සතුරාව අඩ හෝරාවකට එක්තැන් කරන එය වාගිෂ්ඨ මුනි ඉගැන් වූ ඔහුට ආවේණික පහරක් වූ අතර , අනුර්ධ අසපුවෙහි මිධුනාථ අඩපණ කිරීමට අග්නි යොදාගත්තේ එකී නිල ප්‍රහාරය විය. නමුත් අවාසනාවකට මෙවර ඔහුගේ ප්‍රහාරය සාර්ථක නොවුණි . තමාගේ ප්‍රහාරය සාර්ථකව මගහැරි ආගන්තුක පුද්ගලයා මින් පසු සිය ප්‍රහාරය මග හැරීමට විශේෂ සැලකිල්ලක් දක්වන වග වැටහුණු අග්නි එකී ප්‍රහාරය නවතා දමා දිගින් දිගටම අසිපතින් ප්‍රහාර එල්ල කළේ ය. ඔහුගේ අසිපත් පහරකින් ආගන්තුක පුද්ගලයාගේ බදෙහි ගැඹුර කැපුමක් ඇති කළ අග්නි දෙවරක් නොසීතා ඔහුගේ මුහුණට සිය වැලමිට ආධාරයෙන් පහරක් ද එල්ල කළේ ය.

නමුත් ගිරි අසපුවෙහි සියල්ලන්ගේම දරාගැනීම සැබෑ ශිලා පර්වත මෙන් විය. ඔහු දත්මිට කාගනිමින් අග්නිගේ උරහිස වෙත සිය අසිපත් මිටින් පහරක් එල්ල කළේ ය. අග්නි සිය අසිපත ක්ෂණිකයෙන් අනෙක් හස්තයට මාරු කළේ අසිපත ගිලිහී යාම වැළැක්වීම සදහායි . අග්නි සිය දෑතම අසිපත සදහා හුරු කර ඇති වග ඉක්මනින්ම වටහා ගත් ආගන්තුක පුද්ගලයා අග්නි පසෙකට විසිව යන පරිදි අග්නිගේ පාදයේ යට කොටසට පා පහරක් එල්ල කළේ ය. අග්නි සිය සිරුරෙහි සමබරතාව සාර්ථකව රැක ගනිමින් පෙරළා පහර එල්ල කළේ ගිරි අසපු ශිෂ්‍යයා හට සිතීමට හෝ කාලය ලබා නොදෙමිනි .  අාගන්තුක පුද්ගලයාගේ දෑස් තමාට පිටුපසින් ඇති කුමකට හෝ යොමුවනු අග්නි දුටුව ද ඔහු ඒ පිළිබද අවධානයක් යොමු නොකර ඔහුව පසෙකට තල්ල කර දැමී ය.

අග්නි එකී අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ක්ෂණිකයෙන් පිටුපස හැරී බැලුවේ ය . ඔහු රජත - උත්පල පැහැ වස්ත්‍රයන් හා රෞද්‍ර දෑස් හැදින්නේ ය. මිධුනාථගේ හස්තය අසිපත් මිටෙහි රැදී තිබූ අතර දෑස් ද දැඩි දෙස විමර්ශනශීලී ලෙස එදෙසට එල්ල වී තිබුණ ද ඔහු සටනට බාධා නොකළේ ය. මිධුනාථගේ මෙකී තේරුම් ගැනීම අග්නි සැබවින්ම අගය කළේ ය. ඔහු කිසිවිටෙක අග්නිගේ හැකියාවන් අවතක්සේරු නොකළ අතර , අග්නිට අවශ්‍ය වුවහොත් පමණක් උපකාර කීරීමට සූදානම්ව දෑස් රළු කර බලා සිටියා පමණි.

අග්නි අනෙක් පස හැරී ක්ෂණිකයෙන් තමා වෙත එල්ල වූ ප්‍රහාරය වැළැක්වූවේ ය. ඔහු ප්‍රථමයෙන් ඇති කළ ගැඹුරු කැපුමෙන් වූ රුධිර වහනය මෙකී ආගන්තුක ගිරි ශිෂ්‍යයාව අඩපණ කිරීම ආරම්භ කර තිබූ වග අග්නිට පැහැදිලි විය . අග්නි සිය අසිපත අනුකම්පාවකින් තොරව ආගන්තුක පුද්ගලයාගේ පපුව හරහා යැව්වේ ය. සිය අසිපත දිගේ ගලා ආ එකී පුද්ගලයාගේ උණුසුම් රුධිරය තම අත්ලෙහි තැවරෙනු ද අග්නි බලා සිටියේ ය. ආගන්තුක තරුණයා අපහසුවෙන් හුස්ම ගනිමින් අගිනිගේ අසිපත් තලය සිය දෑතින් අල්ලා ගත්තේ ය. ඔහුගේ දෑත ද කැපී රුධිරය ගලා යනු අග්නි කිසිදු අනුකම්පාවකින් තොරව බලා සිටියේ ය. තරුණයා වේදනාවෙන් නැගූ හඩ ද අග්නිට නෑසුණ තරම් විය.  ඔහුගේ දෑස් තවත් රෞද්‍ර වූ අතර ඔහු ඍජු බැලමක් ඔහු දෙස එව්වේ ය.

'' තමුන් කව්රුන් වුවත් , තමුන් මෙහි එවන ලද්දේ  කව්රුන් වුවත් , තමුන්ට නිරයේ තනි රැකීමට ඔහුවත් මම හැකි ඉක්මනින් තමුන් වෙතට එවීමට වගබලාගන්නම්.... '' අග්නි රෞද්‍රව පැවසුවේ සිය අසිපත අනුකම්පා විරහිතව තරුණයාගේ සිරුරෙහි තවත් ගැඹුරට කාවද්දවමිනි .

ගිරි ශිෂ්‍යයා අඩපණව දණින් ඇද වැටුණ ද අග්නි ඒ පිළිබ ද තැකීමක් නොකළේ ය. ඔහු අනුකම්පා විරහිත සිය අසිපත තරුණයාගේ සිරුරෙන් පිටතට ඇද ගත්තේ ය . අනතුරුව රුධිරය තැවුරුනු අසිපත දෙස අවඥා සහගත හා ජුගුප්සාජනක බැල්මක් හෙළුවේ ය. අග්නි දණින් ඇද වැටී සිටි ගිරි ශිෂ්‍යයාගේ උරහිසට පාපහරක් එල්ල කළේ ඔහු බොරළු පොළවේ ඇද වැටෙන පරිදියි . ආගන්තුක තරුණයාගේ සිරුර තග් හඩින් පොළොවෙහි ඇද වැටෙනු අග්නි බලා සිටියේ ය.

මිධුනාථ සිය අසිපත කොපුව තුළට දමාගන්නා හඩට අග්නි තිගැස්සී ගියේ ය. මෙතෙක් වෙලා මිධුනාථ මේ සියලු දේ බලා සිටිවග ඔහුගේ සිහියෙහි නොවී ය. අග්නිගේ මුහුණෙහි වූ රෞද්‍ර බැල්ම අතුරුදන්ව ගියේ ය. ඔහු මිධුනාථ දෙසට අවිනිශ්චිත බැල්මක් හෙළුවේ ය. මිධුනාථ කිසිවක් නොපවසා ඒ දෙසට ඇවිද ආවේ දැනට ද අවසන් සුසුම් හෙළා ඇති පුද්ගලා දෙස සීතල බැල්මක් හෙලමිනි. .

'' ඔහු ගිරි අසපුවේ ද ? ''  මිධුනාථ සන්සුන්ව විමසුවේ ය.

'' සටන් ශිල්පය ගිරි අසපුවේ... ''' අග්නි විශ්වාසී ලෙස පැවසුවේ ය. ඔහුගේ මුහුණෙහි පෙනුම සැහැල්ලු විය. මිධුනාථ සති තුනකට පෙර සිදුවීම අමතක කර දමා තමාට පෙර පරිදි මිතුරෙකු ලෙස සැලකීම අග්නිට එක් සහනයක් වූ අතර තමා කෲර ලෙස මෙකී පුද්ගලයා මරාදැමීම පිළිබද ඔහු ගැටලු නොනැගීම අනෙක් සහනය විය . මිධුනාථ '' මනෝකාය සිදුවීම '' සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඇතිවග අග්නිට හොදින්ම පැහැදිලි විය. නමුත් අග්නි නම් එය කෙලෙසකවත් අමතක කර නොදැමූ අතර , අමතක කර දැමුවාක් සේ හැසිරිමට තීරණය කළේ ය. ඔහු මිධුනාථ වෙත සිය වල ගැසෙන කොපුල් සහිත සිනහාව පිරිනැමුවේ ය.

'' ඔහු සතුව ,  ඔහු මෙහි එවූ පුද්ගලයා පිළිබද කුමක් හෝ තොරතුරක් තිබිය හැකියි.. '' මිධුනාථ පැවසුවේ විමසිලිමත් බැලමකිනි .

අග්නි සිය අසිපත පසෙකින් තබා මියගිය ගිරි අසපු ශිෂ්‍යයා අසලින් දණ ගසා ගත්තේ ය. ඔහුගේ උඩුකය සටන් වස්ත්‍ර අග්නි අතරින් ඔහු සිය දෑත් ගෙනගියේ කුමක් හෝ සලකුණක් තිබේදැයි සොයමිනි . සිය දෑත්වල  ද රුධිරය තැවරුණු මුත් අග්නි කිසිදු තැකීමක් නොකළේ ය.  ඔහු එකී රුධිරය මියගිය පුද්ගලයාගේම වස්ත්‍රවලින් පිස දැමුවේ ය. අවසානයේ ඔහු සිය දෑත් බද පටිය අසල ඉණ වෙත රැගෙන ආවේය . නිසැකවම බද පටිය අසළ පණිවිඩ සැගවීම ආරක්ෂිත වූ බැවින් ඔහු එහි කුමක් හෝ සගවන්නට ඇතැයි අග්නි අනුමාන කළේ ය. ඔහු බද පටිය ද අල්ලා බැලූමුත් කිසිවක් හසු නොවූ බැවින් ඉණ අසල පිරික්සා බැලීමට තීරණය කළේ ය .

'' ඉවත් වනවා.. !!! '' එවර මිධුනාථ පැවසුවේ අග්නිව සිය වැලමිට ආධාරයෙන් පසෙකට තල්ලු කරමිනි . මිධුනාථගේ තල්ලු කිරීමට අග්නි  සමබරතාවය ගිලිහී යාමෙන් බොරළු පොළොව ඉන්දුණේ ය.

'' එ්යි උද්ධච්ඡ ඉස්ගෙඩියෝ. දැන් තමුන්ම නොවේ ද පැවසුවේ පරීක්ෂා කර බලන ලෙස ? '' අග්නි නොරිස්සීමෙන් විමසුවේ ය .

'' තමුන් පැත්තකට වෙනවා.. මා එය සිදු කරන්නම්.. '' මිධුනාථ ගිගිරුවේ මිය ගිය පුද්ගලයා අසළ දණ ගසාගනිමිනි .  අග්නි දෙතොල් උල් කර නිහඩ වෙමින් සිරුරෙහි වූ වැලි ගසාදමමින් නැගී සිටියේ ය.

මිධුනාථ ඔහුගේ බදපටිය අසළ පිරික්සීමෙන් අනතුරුව නැගී සිටියේ බලාපොරොත්තු කඩ වූ බැල්මකිනි.

'' කිසිවක් නැහැ.'' ඔහු රෞද්‍රව පැවසුවේ ය.

'' එසේ ද ? ඔහුගේ සිරුරට කුමක් ද සිදු කරන්නේ ? '' අග්නි හිස කසමින් විමසුවේ ය.

'' තමුන් කුමකට ද එය මගෙන් විමසන්නේ  ? තමුන් මරා දැමුවා නම් තමුන් කුමක් හෝ සිදු කරනවා.. '' මිධුනාථ රෞද්‍රව පැවසුවේ ය. අග්නි දෙතොල් උල් කළේ ය. ඔහු සිය රුධිරයෙන් තෙමී ගොසින් තිබූ අසිපත සුරතට ගත්තේ ය.

'' ඔහු ආදාහනය කළ නොහැකියි... භූමදානය කිරීමටයි සිදු වන්නේ... '' අග්නි පැවසුවේ නිහඩව වනය දෙසට යමිනි. නමුත් , භූමදානය කරදර සහිත කාර්යයක් විය. වැරදීමකින් හෝ ඔහුගේ සිරුර කැලෑ සතුන් ඇද දැමුවහොත් සියල්ල අවසන්ව යනු ඇත.

'' කදම්භ නදියට අතහැර දමමු '' අග්නි එවර මද වේලාවකින් යෝජනා කළේ ය.

'' උමතුවෙන් ද !!! ? '' මිධුනාථ කඩා පැන්නේ ය.

'' එය තමා සිදු කළ යුතු.. ...එවිට , හෙට දින වනවිට ඔහු මෙහි එවූ තැනැත්තා දැනගනීවී........ඔහු දණ්ඩෙන් පහර දී අවදි කරවාගත්තේ නිදාගෙන සිටි නාගයා වග...... '' අග්නි ස්ථිරව රෞද්‍රව පැවසුවේ ය. මිධුනාථ නැවතත් මිය ගිය පුද්ගලයා දෙසට ශිතල බැල්මක් හෙළුවා විනා අන් කිසිවක් නොපැවසුවේ ය.

'' අග්නි මළසිරුර අසලට ගියේ ය. ඒ වන විටත් සැලකිය යුතු රුධිර ප්‍රමාණයක් ගලා ගොසින් තිබූ අතර වාසනාවකට එය වනගත මාර්ගය වූ බැවින් කිසිවෙකු එහි නොවී ය. අග්නි සිය ශක්තිමත් දෑතින් ගිරි අසපුවේ ශිෂ්‍යයාව ඔසවා ගත්තේ ය. ඔහුගේ දෙපා බිම දිගේ ස්පර්ශ වීම අග්නි නොතැකුවේ ය . ඔහු කොතරම් බරින් යුතු වුවත් අග්නිට එය නොදැනුණු තරම් විය. මිධුනාථ ද රවමින් පැමිණ මියගිය ආගන්තුක ශිෂ්‍යයාගේ සිරුරෙහි අනෙක් පසින් අල්ලා ගත්තේ ය.

මිධුනාථගේ ස්වේද පැහැ වස්ත්‍රවලද රුධිරය තැවරී ගොසින් තිබූ මුත් ඔහු ඒ පිළිබදව පැමිණිලි නොකළේ ය.

'' ඔහුගේ ශරීරය හොදින් වැඩුණු ශක්තිමත් ශරීරයක් ... නොවේ ද ? ඔහුගේ මාංශපේෂින් සවිමත්...... ''  අග්නි අලසකම යවා ගැනීම පිණිස සිය මතය ඉතිරිපත් කළේ ය . අග්නි සිය හස්තයට මිට මොලවා ආගන්තුක තරුණයාගේ පපුවට තට්ටු කළේ ය.

'' දුටුවානේ මා පැවසුවේ... සාහිත්‍ය පුස්තකයන්ට අනුව උත්තුංග දේහදාරී තරුණයෙක්.....  '' අග්නි සිනාසෙමින් පැවසුවේ ය .  ඊලග මොහොතේ මිධුනාථ ඔහුව පසෙකට තල්ලු කර දැමුවේ ය. ඔහුගේ දෑස් රෞද්‍ර වූ අතර , දෙතොල් රේඛීයව තිර වී තිබුණි .

'' තමුන් පැත්තකට වෙලා ඉන්නවා.. මා රැගෙන යන්නම්... '' ඔහු ගිගිරුවේ සම්පූර්ණ මළසිරුරෙහිම බර තමා වෙතට ගනිමිනි.

මිධුනාථගේ අභිමතය යැයි සිතමින් දෙතොල් උල් කර නිහඩවනු හැර අග්නිට සිදු කිරීමට අන් කිසිවක් නොවී ය. ඔහු ගතවුණු සති කිහිපයට මිධුනාථගේ වෙනස අධ්‍යනය කළේ ය. ඔහුගේ දෑස් මදක් රත් පැහැ ගැන්වී තිබෙනු ඇරුනු කොට අන් වෙනසක් නම් අග්නිට දිස් නොවී ය. ඔහු පිළිවෙල ලෙස රැවුල ද මුඩු ගා තිබූ අතර හිසකේ ද තරකර ඉහළට කර බැද තිබුණි . අග්නි සිය අපිළිවෙල දැලි රැවුලත් , හැඩපළු ගෙතී තිබූ අපිළිවෙල කොණ්ඩයත් දෑතින් පිරිමැද්දේ ය .

මිධුනාථ , මළසිරුර කදම්භ නදියෙහි ඉවුරින් තබා පසෙකට විය. ඔහු එදෙස  ශීතල බැල්මක් හෙලූ මුත් කිසිවක් නොපැවසුවේ ය. ඔහු අග්නිට ඉඩ දී පසෙකට විය .

අග්නි මද වෙලාවක් මළ සිරුර දෙස බලා සිටියේ ය. ඔහුගේ දෑස් අනුකම්පාවෙන් තොර විය. ඔහු සිය පාදය ආදරයෙන් මළසිරුර කදම්භ නදිය වෙත තල්ලු කර දැමුවේ රෞද්‍ර ලෙසිනි. මළ සිරුර ජබොස් හඩින් ජලයට ඇද වැටෙනු ඔහු අනුකම්පාවිරහිතව බලා සිටියේ ය. අග්නි අනුකම්පාව නොහැදින්නේ ය. එය වනාහී ඔහුගේ සෑබෑ ස්වරූපය විය. ඔහු තීර්ථයේ සිටියා නම් , මෙකී පුද්ගලයා අංගඡේදනය කර බලු කපුටු දානයක් පවත්වන වගද අග්නිට නිසැක විය.

ඔහු මද වේලාවක් නිහඩව සිට යළි මිධුනාථ දෙස හැරුණේ සැහැල්ලු බැල්මක් හෙලමිනි . මිධුනාථගේ දෑස් හී සර මෙන් ඍජුව අග්නි වෙත එල්ල වී තිබුණ ද ඔහු කිසිවක් නොපැවසුවේ ය. ඔහු අනෙක් පස හැරුනේ නැවතත් සටන සිදුවූ ස්ථානය පිරිසිදු කිරීමට යාම සදහා විය. අග්නි ද දිවගොස් ඔහුගේ වේගය හා සමවිය . මද දුරක් යනතුරුම අග්නි කිසිවක් නොපැවසුවේ ය. ඔහුගේ සිතිවිලි සංකීර්ණ විය.

මිධුනාථ සිය හස්තයෙහි වූ ඇඹුල් දොඩම් ගෙඩියක් ඉහළ දමා අල්ලනු අග්නි බලා සිටියේ ය. අග්නිගේ මුහුණෙහි ක්ෂණක සිනහාවක් මතු විය.

'' ඇඹුල් දෙඩම්..............කෝ ඉදින් එය දෙන්න... ලබා දෙන්න.........  මිධුනාථ... දෙනවාාාාා.... '' අග්නි පැවසුවේ මිධුනාථ උඩ දමමින් අල්ලමින් සිටි ඇඹුල් දොඩම් ගෙඩිය ඩැහැ ගැනීමට වෑයම් කරමිනි. මිධුනාථ , වේගයෙන් ඇඹුල් දොඩම් ගෙඩිය ඉහළ දමා ඇල්ලූ අතර එය ඩැහැගැනීම අග්නිට පහසු කාර්යයක් නොවී ය.

'' එය මට.....  ක්‍රීඩා කිරීම පිණිස... '' මිධුනාථ රවා බලා පැවසුවේ නැවතත් ඇඹුල් දොඩම් ගෙඩිය ඉහළ දමා අනෙක් සාර්ථක ලෙස රැකගනිමිනි.

'' ඒයි මිද්දෝ... තමුන් මාගේ ඇඹුල් දොඩම් සමග ක්‍රීඩා කිරිමට කව්රුන් කියා ද සිතා සිටින්නේ ? මෙහේ දීමටයි පැවසුවේ..'' අග්නි පැවසුවේ මිධුනාථගේ හස්තයෙන් අල්ලා අදිමිනි .

.
.
.
.

'' ස්-ලොධජ.. 'ආ.. මෙය ඔබට...... '

'' අදත් ඇඹුල් දොඩම් ? නුඹ මා ලවා කුමක් හෝ කරවා ගැනීමට නොවේ ද සැරසෙන්නේ ? ආ..??  සත්‍ය පවසනු.... මුග්ධයා... ''

'' ආ ආ.. මගේ කන... ඌය්යා.. ස්ලො-ධජ.. අතහරින්නකෝ...ඌහ්.  ''

'' නුඹ දැන් කුමකට ද මා හට ඇඹුල් දොඩම් ගෙනවිත් දෙන්නේ ? වහාම පවසනු.. කන සැපීමට පෙර.. ''

'' ඌහ්..කන සපන්න එ -එපා.... ස්ලෝ-ධජ.... පවසන්නම්..... ඇඹුල් දොඩම් කන විට ඔබේ මුව සද පළුව අනෙක් පස ගැසුවා වගේ... හී.... මුහුණත් ඇඹුල් වෙනවා..... පසුව කණාමැදිරි යාළුවෙක් වගේ දෑස් දිලිසෙනවා......එය හාස්‍යජනකයි...හී හී....... එය ක්‍රීඩා කරනවාට වඩා විනෝදයි.....හිකි....හිකි.... ''

'' කුමක් ද පැවසුවේ ? මාගේ මුහුණ බලා සිනාසෙනවා ද ඔබ ? නැවත පවසනවා බලන්න.. අද නුඹේ කනේ අවසානය..... ''

'' ඌහ්.... ස්ලෝ-ධජ... ක-ක-කන.... ස්-ස-පන්න එපා... කිතියි.... ආහ්.. හි හි...... මෑණියනි...බේරාගන්නකෝ.......මේ ස්ලෝ-ධජ... මගේ කන සපනවා..... කිතියි.....කිතියි..... ස්ලෝ-ධජ... හිකි හි.... කිතියි....  අතහරන්නකූ,.. '' 

.
.
.
.
.
.

අග්නි මිධුනාථගේ හස්තය අතහැර දැමුවේ ය. අග්නිගේ දිලිසෙන දෑස් දුර නිශ්චිත නොවූ ගමනාන්තයක නැවතී තිබූ අතර , මුහුණෙහි මුවග සිනහවක් විය. එතරම් උණුසුම් මතකයන් ඔහුට අමතකව ගියේ කෙසේ දැයි අග්නි දැන සිටියේ නැත. කුඩා දරුවා කව්රුන් ද යන වග හෝ ඔහු නොදැනුවත් විය.  ඔහු මද වෙලාවකින් හිස ඔසවා යළිත් මිධුනාථ දෙස බැලුවේ ය . මිධූනාථ රළු බැල්මකින් අග්නි දෙස බලා සිටියේ ය.

'' තමුන්ට එවර කුමක් සිදුවීලා ද තනිව සිනාසෙන්නේ ? '' මිධුනාථ ගිගිරුවේ ය. ඔහුගේ බැල්ම ශීතල හා රෞද්‍ර විය. දෙතොල් ද ජ්‍යාමිතික ලෙසම සරල රේඛීය විය.

'' අයෙක් සිහිපත් වූවා... ඔබට අදාළ නොවෙයි එය... දැන්වත් එය ලබාදෙන්න....කෝ ඉදින් ? '' අග්නි සැහැල්ලුවෙන් පැවසුවේ ය.

'' ආ.. ගන්නවා.. '' මිධුනාථ නොරිස්සීමෙන් පැවසුවේ දොඩම් ගෙඩිය අග්නිගේ දෑතින් තබමිනි. අග්නිට අනුව ඔහු දොඩම් ගෙඩිය තැබුවේ නැත ගසා දැමුවේ ය. මිධුනාථට ඇඹුල් දොඩම් ගෙඩිය සමග හදිසියේම කුමක් හෝ තරහක් හටගෙන ඇති වග අග්නිට පැහැදිලි විය.

'' ඔහු රැව්වාට දුක් නොවන්න.. මා ප්‍රිය ඇඹුල් දොඩම... .මා සිටනවානේ ඔබට.... '' අග්නි පැවසුවේ ඇඹුල් දොඩම දෙස සිත් ඇදගන්න සුළු සිනහාවක් පුදකරමිනි. ඔහු ඉක්මනින්ම එහි පොත්ත ඉවත් කර ඇඹුල් දොඩම් කැබැල්ලක් මුව තුළට ඔබා ගත්තේ ය. ඇඹුල් රසය අග්නි බෙහෙවින් ප්‍රිය කළේ ය. එහි ප්‍රථමයෙන් ඇඹුල් රසයක් දැනුනු අතර , එය සියලුම අමිහිරි රසයන් සිහිපත් කළේ ය. අනතුරුව දැනුණු සැහැල්ලු අග්නි ප්‍රිය කළේ ය.

මිධුනාථ විමසිල්ලෙන් සටන සිදුවූ ස්ථානය පිරික්සනු අග්නි බලා සිටියේ ය. සිය අසිපතෙන් බේරුනු ලේ බිදු කිහිපයක් හැරුනු කොට අන් කිසිදු සාක්ෂියක් එම ස්ථානයෙන් හමු නොවන වග අග්නිට විශ්වාස විය. මිධුනාථ සිය පාදයෙන් ලේ සහිත පස් පෙරළා දමනු ද අග්නි බලා සිටියේ ය. මොහොතකට පසු ඔහු දුටු දර්ශනය තමා මෙතෙක් දුටු භයානකම දර්ශනය වග අග්නිට සපථ කළ හැකි විය. ඔහු උගුරෙන් හඩක් නැගුවේ ය.

ඔහු දිවා කාලයේ දැඩි වෙහෙසක් දරා සෝදා අවසන් කළ රෙදිපිළි අඩංගු වේවැල් බදුන බිම විසිරී තිබූ අතර එහි ධවල පැහැ රෙදි පිළිවල මඩ තැවරී තිබුණි . අග්නිගේ මුහුණ මෙවර සැබවින්ම ඇඹුල් වූ අතර ඔහු එදෙසට දිව ගියේ ය.

'' ආාාා.... ආාාා..... කෲර රෙදි පිළී.. නුඹ මට මෙලෙස කරන්නේ මන්ද ? ආාාා.. ''' අග්නි කෑගැසුවේ බිම වැටී තිබූ රෙදි පිළිවල තැවරී තිබූ පස් සහ වැළි ගසා දමමිනි . ඒවා තවමත් තෙත සහිත වූ බැවින් අග්නි පස් ගසා දැමීමේ දි ඒවා මඩ ලෙස සම්පූර්ණ ඇදුම් පුරා තැවරිණ .

'' ආා... ආාාා.... ආාාාා.... මට නොහැකියි.... නොහැකියි...... නොහැකියි... නොහැකියිඊඊඊඊඊඊඊඊ !!!!!........'' අග්නි නහයෙන් හඩමින් පැවසුවේ සියලු රෙදි පිළි ඔහුට නැවත වතාවක් සේදීමට සිදුවන වග වටහා ගනිමිනි. ඔහු බොරළු පොළව මතම කළකිරුණු ස්වභාවයෙන් අසුන් ගත්තේ ය. ඔහු මෙය අවසන් කිරීමෙන් පසු අශ්ව ස්තාලයෙහි පිදුරු ගොඩ මත වැතිරී සැතපීමට සිතාසිටිය ද කෲර රෙදිපිළි ඔහුගේ අවස්ථාව නැති කර දැමීමට අකාරුණික විය.

ඔහුගේ දෑස් තමාට මදක් එපිටින් පොළොවෙහි තවත් රුධිර පැල්ලම් තිබේදැයි පිරික්සමින් සිටි මිධුනාථ වෙත යොමුවුණි . ඔහුගේ සිතෙහි ක්ෂණික අදහසක් පහළ විය.

'' මිධුනාථ......'' අග්නි හැකි තරම් කාරුණිකව ,  හැකි තරම් මෘදු ලෙස, හැකි තරම් දුක්ඛිත ලෙස මිධුනාථ ඇමතුවේ ය. මිධුනාථ හැරී බැලුවේ ය.

'' එවර කුමක් ද ? '' ඔහු ගිගිරුවේ ය. ඔහුගේ බැල්ම සුපුරුදු ලෙසම රෞද්‍ර විය. අග්නි දුක්ඛිත ලෙස දෙතොල් උල් කළේ ය. ඔහු අනතුරුව අනුකම්පා උපද්දවන සුළු ලෙස මඩ තැවරුණු රෙදි පිළි ඔසවා පෙන්වූවේ ය.

'' නොහැකියි... '' අග්නි යමක් ඇයැදීමටත් පෙර මිධුනාථ රෞද්‍රව පිළිතුරු ලබා දුන්නේ ය.

'' ආා... ආාා. ආා.. මිද්දෝ.... අනුකම්පාවක් නැති ද මේ අසරණයා පිළිබ ද ? ම්ම් ? '' අග්නි එවර විමසුවේ අහිංසක බැල්මක් පාමිනි.

'' නැහැ.. '' මිධුනාථ ඍජුව පිළිතුරු ලබා දුන්නේ අනික් පස හැරෙමිනි.

'' ඈෑෑ,.. හුවෑෑ,... මිධුනාථ.. ඔබ අතිශයින් කෲරයි... කෲරතරයා... පාපතර මිත්‍රයා... උද්ධච්ඡ ඉස්ගෙඩියා... ආාා.. ආාා... කොහි ද යන්නේ....විහිළුවටනේ පැවසුවේ......'' අග්නි එවර නැවතත් කරුණාවන්ත ලෙස මිධුනාථ ඇමතුවේ ය.

''  හොදයි.. එසේනම්.... යහපත් මිදිගෙඩිය....මධුර නැණවතා....දක්ෂ මිධුනාථ.... කරුණාවන්ත මිධුනාථ,...... ම්ම් ? එකග ද ? එකගාා යි ????? '' අග්නි විමසුවේ ය. මිධුනාථ නැවතී අග්නි දෙස හැරී බලා නොරිස්සුම් සහගත බැල්මක් හෙළුවේ ය. මීළගට ඔහුගේ මුවින් පිටවන වදන් ත්‍රිත්වය අග්නි හොදින්ම දැනුවත් විය  .

''  තමන් මහා හිසරදයක් !!!!! ''  අග්නි අනුමාන කළ පරිදිම මිධුනාථ ගිගිරුවේ ය. අග්නි පිළිතුරු ලෙස සිය සියලු දසන් පෙන්වා වළගැසෙන කම්මුල් සහිත සිනහාවෙන් සංග්‍රහා කළා විනා අන් කිසිවක් නොපැවසුවේ ය.
.
.
.
.
.
'' ආ.. මිද්දෝ... ගලට රිදෙන්නේ නැහැ... මදක් වේගයෙන් ගසන්න.... '' අග්නි ගල් තලාව මත නිදහසේ අසුන් ගෙන උපදෙස් දුන්නේ ය.

"ඉගිනි යුෂ ඔතරම් නොදමන්න.... හොදින් මඩ සේදී යන පරිදි...... හොදයි.... රවන්න එපා.. මා කිසිවක් පවසන්නේ නැහැ... ෂ් ෂ්.... ''  මිධුනාථගේ හෙළූ දවා අළු කරවන සුළු රළු බැල්ම හමුවේ අග්නි නිහඩ විය .

ඔහු සන්සුන්ව අවසන් ඇඹුල් දොඩම් කැබැල්ල මුවෙහි ඔබාගෙන දෑත් සිය ඇදුමෙහි පිස දමා ගත්තේ ය. ඔහු ගල් තලාව මත අසුන් ගෙන පහළ ජලයේ සිටි මිධුනාථ දෙස බැලුවේ ය.

මිධුනාථ දණහිස තෙක් දියෙහි බැස සිටි අතර , අග්නිට අනුව ඔහු රෙදි පිළි සෝදන ආකාරය දෙස බලා සිටීම අතිශයින් විනෝදජනක විය . මිධුනාථ සම්පූර්ණයෙන්ම තෙමී ගොසින් සිටි අතර , ඔහුගේ රුධිරය තැවරුණු උඩුකය සළු සෝදා දමා වියළීමට ගල මත එළා තිබුණි . ඔහු කෝපයෙන් රෙදි පිළි ගලෙහි ගසන අයුරුද , ඉන් මුහුණට විසිවන ජලය සමගින් ද ඔහු කෝපගන්නා ආකාරය අග්නිට අතිශයින් විනෝදජනක විය. ඔහු රෙදි පිළි සේදුවේ ඒවා මරාදමන අයුරිනි. ඔහු රෙදි පිළි සෝදන ආකාරය සමස්ත වෛශව අසපුවටම පෙන්වීමට නොහැකි වීම පිළිබද අග්නි අතිශයින් කම්පාවට පත් වූවේ ය.

'' මිධුනාථ.... ප්‍රවේසමින් ඔය රෙදිපිළි.. රිදේවි..'' අග්නි උසුළු විසුළු කළේ ය.

මිධුනාථ  එවර රෙදිපිළි දමා ගසමින් අග්නි දෙස රවා බැලුවේ ය.

'' තමුන්ට මා සේවකයෙකු ලෙසද පෙනෙන්නේ ? '' මිධූනාථ ගිගිරුවේ ය. අග්නි ඉක්මනින් හිස දෙපසට සැලුවේ ය.

'' නොවේ නොවේ... ඔබේ රෙදිපිළි සේදිමේ හැකියාවන් සැබවින්ම විස්මිතයි...නුඹට තීර්ථයේ නිළ වශයෙන් රෙදි පිළි සේදීමට හැකියි... මට සහතිකයි..... . '' අග්නි උපහාසයෙන් තාලයට පැවසුවේ ය.  මිධුනාථ කෝපයෙන් වෙව්ලනු අග්නිට පැහැදිලිවම පෙනුණි .

'' කටවහනවා !!! '' මිධුනාථ ගිගිරුවේ නැවත රෙදි පිළි වෙත සිය අවධානය යොමු කරමිනි. 

අග්නි සැහැල්ලුවෙන් සිනාසුණා මිස අන් කිසිවක් නොපැවසුවේ ය. ඔහු නිදහසේ ගල් තලාව මත අසුන් ගෙන සිය දෙපා ජලයේ ඔබා ගෙන සිටියා මිස අන් කිසිවක් නොකළේ ය. මිධුනාථ සෝදන්නේ තමා සේදිය යුතුව තිබූ රෙදි පිළි වග අග්නිගේ මතකයෙන් සම්පූර්ණයේන්ම බැහැරව ගොසින් විය . ඔහු ජලය විසිරී යන පරිදි  සිය දෙපා පැද්දුවේය . අතට හසුවූ ගල් දුරටම විසි කිරීමේ ක්‍රීඩාව සිදු කළේ ය. අනතුරුව කොස් කොළ බෝට්ටු ද පා කර හැරියේ ය.

මිධුනාථ අවසානයේ රෙදිපිළි සියල්ල සෝදා අවසන් කළේ ය. ඔහුගේ නළල සිටම ජලය බේරියමින් තිබූ අතර , ඔහු වස්ත්‍රයන්හි වූ ජලය මිරිකා දමා අග්නි වෙත රවමින් වේවැල් බදුන ගල් තලාව මත තැබුවේ ය. හිරු බැස යමින් තිබූ අතර රෙදි වියළීමට කාලයක් නොවූ වග අග්නිට වැටහුණි . ඔහු විශාල ගල් තලාව මත ධවල පැහැ සළු එලා දැමුවේ ය.

මිධුනාථ දිය බේරෙමින්ම ගල් තලාවට ගොඩවනු අග්නි බලා සිටියේ ය. ඔහුගේ මුහුණ කෝපයෙන් රත් පැහැ ගැන්වී තිබූ අතර , ඔහු අග්නි වෙත රවා රෞද්‍ර බැල්මක් හෙළුවේ ය.
ඔහු සිය සිරුරෙහි වූ ජලය වියළී යනතුරු ගල් තලාව මත අසුන් ගත්තේ එක් දණක් ඉහළට කර නවා එමතින් සිය හස්තය තබාගනිමිනි. මිධුනාථ සිය හිස කෙස්වල වූ ජලය විසිරී යන පරිදි හිස දෙපසට සලමින් හිස කෙස් ගසා දැමුවේ ය. අනතුරව සිය තෙත සහිත හිස කෙස් දෑතින් පිටුපසට කළේ ය.

අග්නි දෑස් වසාගෙන මදක් කල්පනා කළේ ය. තමා මිධුනාථ මෙලෙස තෙත හිස කෙස් ගසා දමන අයුරු මින් පෙර දැක ඇතිවග ඔහුට විශ්වාස විය . ඔහු කෙතරම් කල්පනා කළ ද ඒ කොහිදී ද යනවග අග්නිගේ මතකයෙහි නොවී ය. මිධුනාථ මණිමාප ජලාශයේදී මෙලෙස සිදු කරන්නට ඇති වග අග්නි තමාටම පවසා ගත්තේ ය.  නමුත් ඒ මිධුනාථ නොවන වග ද අග්නිම පවසාගත්තේ ය. ඔහු තවදුරටත් ඒ පිළිබද සිතීම නවතා දැමුවේ ය.

අග්නි කිසිවක් නොපැවසුවේ ය. මිධුනාථ ද නිහඩව ජලය දෙස බලා සිටියා විනා අන් කිසිවක් නොපැවසුවේ ය.

'' මිධුනාථ.. ''

'' ............... ''

'' ඉස්ගෙඩියෝ..... ''

'' එවර කුමක් ද ?? '' මිධුනාථ විමසුවේ රවා බලමිනි.

'' වැදගත් යමක් විමසිය හැකි ද ? '' අග්නි සිය හඩ අවධි කළේ ය.

'' පවසනවා ඉදින්.. '' මිධුනාථ නොරිස්සීමෙන් පිළිතුරු ලබාදුන්නේ ය.

'' සක්වල චක්‍රය විවිර කිරීමට සක්වල මුද්‍රාව අවශ්‍යම ද ? '' අග්නි බැරෑරුම් ලෙස විමසුවේ ය.
මිධුනාථගේ නළල රැලි ගැන්වෙනු අග්නි දුටුවේ ය. ඔහු අග්නි වෙත දෑස් සිහින් කර බැල්මක් හෙළුවේ ය.

'' හ්ම්.. චක්‍ර මුද්‍රාව ක්‍රියාත්මක වී පුර පොහොය සතකට පෙර එය විවර කළ යුතුයි... එසේ නැතොත් චක්‍ර මුදාව නැවතත් මුද්‍රා තැබෙනවා.. '' මිධුනාථ සන්සුන්ව පැවසුවේ ය.

'' මට වැටහුණේ නැහැ.. පැහැදිලි කර දිය හැකි ද ? මා මේ ..... ඉදින්... එවැනි දේ දැනගැනීමට රුචි බැවිනුයි විමසන්නේ.. '' අග්නි වදන් ඇමිණුවේ ය.

'' සක්වල චක්‍රය එක් පුද්ගලයෙකුගේ ධ්‍යාන ශක්තියෙන් විවර කළ නොහැකි තරම් එහි ද්වාර මුද්‍රාව බලවත්... චක්‍ර මුද්‍රාවෙන් සිදු කරන්නේ එයට අවශ්‍ය අතිරේක ශක්තිය සපයා ගැනීම... '' මිධුනාථ පැවසුවේ ය. ඔහුගේ දෙනෙත් ඈත ජලය වෙත ගැඹුරු ලෙස එල්ල වී තිබුණි .

'' අමතර ශක්තිය ? නමුත්.. සක්වල චක්‍ර මුද්‍රාව අනිච්ඡානුගවම මුද්‍රා තැබිලා නම් ? එය කෙසේ ද විවර කරන්නේ ? '' අග්නි විමසුවේ ය.

'' සක්වල චක්‍ර මුද්‍රාව එලෙස මුද්‍රා තැබීමේ අරුත , දැනටත් එයට අවශ්‍ය ශක්තිය සොයාගෙන අවසන් යනවග.. '' මිධුනාථ පැවසුවේ ය. ඔහුගේ මුහුණෙහි වූ බැල්ම හැගීම්විරහිත වූ අතර ඔහු අග්නි දෙස එක් වරකුදු නොබැලුවේ ය .

'' අවසන් ? නමුත්... කොහි ද ඒ ශක්තිය ? කුමන ස්වරූපයෙන් ද තිබෙන්නේ ? '' අග්නි කලබලයෙන් විමසුවේ ය. එය ඔහු මින් නොදැන සිටය කරුණක් විය.

'' ශක්තිය යනු , සක්වල චක්‍රය විවර කිරීමේ දී අධික ශක්තිය දරාගැනීම සදහා අවශ්‍ය තවත් එක් බිල්ලක් පමණයි.. '' මිධුනාථ රෞද්‍රව පැවසුවේ ය.

'' එවිට , එකී ශක්තිය දැන් තීරණය වී අවසන් ද ? එවිට තවත් සමසක් ඇතුළත ඕනෑම අවස්ථාවක සක්වල චක්‍රය විවර කිරීමට හැකි ද ? '' අග්නි කලබලයෙන් විමසුවේ ය.

'' යතුර , තිබේ නම් හැකියි.... '' මිධුනාථ හැගීම් විරහිතව පැවසුවේ ය.

'' ඉදින්.. ඔබ නොවේ ද යතුර ? එහි අරුත ඉදිරි සයමස තුළ නුඹට  සක්වල චක්‍රය ඕනෑම මොහොතක විවර කළ හැකි බව ද ? '' අග්නිගේ හඩ ගැඹුරුව ගියේ ය. මිධුනාථ එවර අග්නි දෙස බැලුවේ ය . ඔහුගේ කාල වර්ණ ගැඹුරු දෑස් අග්නි වෙත ඍජුවම එල්ල වී තිබුණි .

'' නොහැකියි... '' මිධුනාථ ගිගිරුවේ ය.

'' නොහැකියි  ? කිම ද නොහැකි ? අමතර ශක්තිය දරාගැනීමට සක්වල මුද්‍රාවෙහි ශක්තිය තිබේ නම් ඔබට කිසිවක් සිදුවන්නේ නැහැ නොවේ ද  ? ඉදින් කිම ද විවර කළ නොහැකි  ? '' අග්නි කලබලයෙන් විමසුවේ ය. ඔහුගේ හඩ කෝපාන්විත විය.

'' මා. එය. විවර. කරන්නේ. නැහැ !!!!!!!!!!!! ''  මිධුනාථ වදනින් වදනට කෝපයෙන් කෑගැසුවේ ය. ඔහු කෑගසන විට ඔහුගේ නහර ඉලිප්පී පෙනුණු අතර දෑස් රෞද්‍රව මුහුණ කෝපයෙන් රත් පැහැ ගත්තේ ය. අග්නි මුළුමනින්ම පාහේ නිහඩ වූ අතර ඔහු කිසිවක් නොපැවසුවේ ය.

ඔහු ද නිහඩවවම ගැඹුරු ජලය දෙස දෑස් යොමු කළේ ය.

.
.
.

~ මතු සම්බන්ධයි ~

* A/N -

+=   Happy 8K !!!!!!!!! මේ මගේ උපරිම බලාපොරොත්තුව විය... හුවෑෂ්..

Thank you Thank you

දෙළුම් , දොඩම් ඕන එකක් මම ගානේ..

* NEXT එක දෙන්නම් ඒකට තැන්ක්ස් කරන්න. හුවෑෂ්.. මේකේ බාගයක් ලියලා ඉවර කරාම දැක්කේ 8K .... ආාාාාාාාාා

* මොනවා වෙයි ද මන්දා ඉස්සරට.. මම දල්ලෑ, බලාන ඉමු.. 

* වජ්‍ර = අකුණූ..
* ජුගුප්සාජනක = අප්‍රසන්න.

* ඔය අමාරු වචන තියනවා නම් අහන්න .. මම දන්න වචනවලත් සරලම ඒවා ටික දාලා ලියන්නේ.. කොච්චර සිංහල උනත් , සමහර වෙලාවට කතාව නොතේරුනාම අවුල්.. මම දන්නවා..  Knowledge එක පෙන්නන්න ලියන රචනාවක් නෙවේනේ මේක... කතාවක් නෙව. හී හී,...

* දෙළුම් රහමෙර බොමුඊඊඊ...

* චීකෙය්යා මිද්දා... ඔයා මළසිරුරටත් ජෙලනේ.. අනික , බලන්න අන්තිමට රෙදි සෝදන්නත් උනානේ.. කාට කියන්න ද මේවා.. අසරණයා...

* අග්නිට දිඨ්ටදම්මවේදනියව පටිසම් දෙයි ඔව්වා.. මම දල්ලෑ,..

Continue Reading

You'll Also Like

13.6K 1.5K 43
ආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියන...
441K 86.3K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
4.3K 575 10
ප්‍රේමයේ කොන්ඩිස් වීදුරුව, මන්දගාමීව කලතමි......✨
29.3K 4.8K 33
"ඒ නූනා...මං කැමතී වන්ග් යීබොට...මට එයා ළඟ ඉන්න තිබුණනම්..."❤️😃 "පිස්සු නැතුව ඉන්නවා ශානයෝ..ජොබ් එකක් හොයාගන්න බලනවා...ඉගෙන ගනත් ජොබ් එකක් කරන්නෙ නෑ...