අම්මලා එද්දි ගොඩක් රෑ වෙයි කියපු නිසා දෙයියනේ කියලා මට රෑට උයන්නත් වුණා. උයනවා කිව්වට මගෙ එව්රිඩේ ස්පෙෂල් මෙනු එකක් තිබුණා. ඒ වෙන මොකුත් නෙවෙයි බතුයි පරිප්පුයි ඔම්ලටුයි. ඉතින් මං උයන කෑමක් කනවනම් ඕන කෙනෙක්ට කන්න වෙන්නේ ඔය රාජකීය කෑම තමයි.
මං ඉතින් හවස පහට විතර කැති පොලු පිහි හැලි වලං ඔක්කොම අරගෙන උයන්න පටන් ගත්තේ මනාලස්ට තේ හදන්න දීලා. ගෙදරට ආපු එකා කියලා නිකන්ම ඉන්න දෙන්න පුලුවන්යෑ. මොකක්හරි වැඩක් ගන්න එපැයි. තේ හදන විදිහ කියලා දීලා මං ගියා හාල් ගරන්න. ආච්චිට නෙවෙයි හොඳේ. අපේ ආච්චි පරලෝ සැපත් වෙලා දැන් ගොඩක් කල්.
"ඔෂී... ඔෂී..." ඒ පාර මොන මල යකෙක් වැහිලද බෙරිහන් දෙන්නේ...
"මොකද?"
"මේ තේ කුඩු දැම්මට පාට එන්නෙ නෑනෙ." පොර පෙන්නුවෙ උණු වතුරෙ යට ගිලිලා තියෙන තේ කුඩු ටික.
"හෑ.... ඔව්මයි. පොඩ්ඩක් ඉන්න...." මොනවද යකෝ මේ ඇට ඇට වගේ අමුතු තේ කුඩු.... අලුත් ජාතියක්ද... මං කලින් දැකලා නෑනෙ.
මං මනාලස් අතේ තිබුණ තේ කුඩු බෝතලේ අරන් බැලුවෙ මොකක්ද මේ අලුත් තේ කුඩු ජාතිය කියලා බලන්න.
හුටා.... කාලා වරෙන්කො. මේ අබනෙ. අනේ අම්මපා ඇත්තමයි. මට තත්පරේකට විතර ලලිතා ඇන්ටිගෙ අම්මත් මතක් වුනා.
තේ එකත් මංම හදලා ඉතුරු වැඩ ටිකත් මංම කලා. නැත්නම් මේ මනුස්සයා කරන විනාස වල හැටියට අපේ අම්මගෙන් බැනුම් අහන්න වෙන්නෙ මට.
.............
හම්මෝ.... තවත් නම් බෑ... කඳුළු මදිවට හොටුත් පෙරෙනවා. අත් දෙක හෝදගෙන ටිෂූස් ලොට් එකක්ම අරගෙන කඳුළුයි හොටුයි පිහදාලා මං ආයෙත් ලූණු ගෙඩිය කපන්න පටන් ගත්තා.
"ආව්.... අම්මියෝ... ඇඟිල්ල...."
"ඇයි ඇයි... මොකද වුණේ.... අයිගෝ... අත කැපිලා නේද... කෝ දෙන්න..."
මෙන්න මේකා මගෙ ඇඟිල්ල අරන් කටේ ඔබාගත්තා.
"ඒයි... මෙහෙ දෙනවා... ඩ්‍රැකියුලගෙ ආච්චි වැහිලද මගෙ ලේ ටික උරාගෙන බොන්න හදන්නේ..."
"ඒත් ඔයාගෙ අතින් ලේ එනවා..."
"ඒක ඉතින් මටත් පේනවා. අත කැපුනම ලේ එන්නෙ නැතුව ජූස් එන්නයෑ. ඒකට මොකද මගෙ ලේ ටික උරාගෙන බොන්න හදන්නේ. තියෙන ලේ ඇබින්දත් ඔහේ බීවම මං කොහොමද ජීවත් වෙන්නෙ....."
මෙන්න ඒ පාර මූ හිනාවෙනවා. අමුවෙන් කඩල ඇට කැවිලද මේ හිනාවෙන්නේ...
"කෝ එන්න ඕකට බෙහෙත් දාමු."
"ඕන්නෑ. ලොකුවට කැපිලා නෑනෙ."
"බය වෙන්න එපා. අමතක වුනාද මං ඩොක්ට කෙනෙක්."
"ඩොක්ට ඉස්සරහට සත්තු කියලා වචනෙකුත් එනවා. එතකොට සත්තු දොස්තර. ඒ කියන්නේ සත්තුන්ට බෙහෙත් කරන ඩොක්ට කෙනෙක්. මං සතෙක් නෙවෙයි මනුස්සයෙක්නෙ."
"එහෙමත් එකක්ද.." අන්න අන්න... මං දිහා මහ කැත බැල්මක් දාලා කට කොනකින් හිනා වෙනවා.
.............
"ආව්.... අම්මියෝ.... මෙන්න මිනී මරනෝ... ආව් ආව්... රිදෙනවා...."
"අයිගෝ... ටිකක් සද්ද නැතුව ඉන්නකෝ. සත්තුත් ඔයාට වැඩිය හොඳට ඉන්නවා බෙහෙත් දානකොට."
"ඒ සත්තුනෙ. මේ මං. ආව්... හෙමීට... රිදෙනවා.."
නියමයි. පොඩි ප්ලාස්ටර් කෑල්ලක් ගහන්න ඕන තුවාලෙට මේ මනුස්සයා ඔපරේෂන් එකක්ම කලා. දැන් ඇඟිල්ල තිබුනටත් වඩා රිදෙනවා.
ඒකත් ඔන්න ඔහෙ කමක් නෑ. ඇඟිල්ල පිටින් දාලා මං ගෙදර වැඩ ටික සේරම මනාලස්ට කියලා කරවගත්තා. ඔව් ඔව්... ඉව්වෙත් එයා තමයි. අවුලක් නෑ කෑම ටික නම්. කද්දි පොඩ්ඩක් විතර හම්බන්තොට වරාය එහෙමත් මතක් වුනා. ඒ ඇරෙන්න වෙන පස්නයක් තිබුනෙ නෑ.
..........
කෝ අප්පා.... මේ අම්මලා තාම නෑනෙ. දහයටත් ලඟයි. නැකැත් බලන්න යනවා කියලා කට්ටියත් එක්ක ට්‍රිප් එකක්වත් ගිහින්ද... ඒවා අසාධාරණයි අප්පා. මං ට්‍රිප් එකක් යනවා කියලා යන්නේ අවුරුද්දකට සැරයක් අර ඉස්කෝලෙන් යන අධ්‍යාපන චාරිකාව විතරයි. හහ්... ආපුදෙන්කො කට්ටිය. මට හොරෙන් ට්‍රිප් යන්න.... ඒව කොහෙද මේ ඔෂිනි අබේරත්න ඉන්නකල්. හුහ්...
.........
මේ මොකද මේ පාවෙනවා වගේ ෆීලිං එකක් දැනෙන්නේ. ඈ... මට පුටුව උඩම නින්ද ගියාද.... කීයටද දෙයියනේ මට නින්ද ගියේ.... කවුද මේ මාව උස්සගෙන ඉන්නේ..... සුදුහූනාද... මං ඇස් දෙක වහගෙන නිදි වගේ හිටියා. ඒ පාර කොහෙන්ද මාව තිබ්බේ.... ඇඳෙන් නේද....
මලා.... මූ මට අතවර කරන්නද මේ හදන්නේ.... හපොයි.... බෑ බෑ... මගෙ තරුණ ජීවිතේ මෙහෙම විනාස වෙන්න දෙන්න බෑ....
ටිකක් ඇඳ අතපත ගානකොට අහුවුනා අතට කොට්ටයක්. ඇස් දෙක වහගෙනම දීලා ඇරියා කොට්ටෙ මනාලස්ගෙ මූනෙ වැදෙන්නම.
පේන්නෙ නැතුව ගැහුවෙ කොහොමද කියලද අහන්නේ..... පුරුද්ද පුරුද්ද... අපේ මලයා අනවසරයෙන් මගෙ කාමරේට කඩා පනිද්දි මං ඔය සටන් ක්‍රමය තමයි අනුගමනය කරන්නේ... ඉඳලා හිටලා අපේ අම්මත් මගෙන් කොට්ට ප්‍රහාරයක් දෙකක් කාලා තියෙනවා මං ඇස් වහගෙන ෂොට් එක දෙන නිසා. ඊට පස්සේ ඒකට හරියන්න මටත් ප්‍රතිප්‍රහාර හම්බවෙනවා. ඒක ඉතින් වෙනම කතාවක්. කෙසේ වෙතත් පලපුරුද්ද හින්දම මම ඔය සටන් ක්‍රමයට හරි දස්සයි.
හරි හරි. දැන් කතාවට එමුකො. කෝකටත් මම ඇස් ඇරලා බැලුවා හූනු පැටියා ප්‍රහාරය වලක්වලාද බලන්න. කියන්න බෑනෙ. මෙහෙම හිටියට බෲස් ලීගෙ නෑයෙක්ද කියලා කවුද දන්නෙ. නෑ නෑ... කොල්ලගෙ මූනෙන් කිව්වහැකි ප්‍රහාරය රිදෙන්නම වැදිලා වගේ.
දැන් තමයි හොඳම හරිය. බලන් ඉන්න වස්තුවේ...
"අම්මේ..... මූ මට අතවර කරනෝ..... මාව බේරගන්න කවුරුත් නැද්දෝ....." මං ඇඳ උඩ ඉඳගෙනම කෑ ගැහුවා පලාතම දෙවනත් වෙන්න.
තත්පරයක් විතර පොර අන්දබූත වෙලා බලාගෙන ඉඳලා පැනගෙන ඇවිත් මගෙ කට අතින් වැහුවා.
"පිස්සු හැදිලද කෑ ගහන්නේ....?"
"ම්ම්... ම්ම්... ම්ම්..." මේ යකා මගෙ කට වහලා හින්දා මේ ලෝකේ සංසාරයක් කියාගන්න බෑ. ඒ මදිවට මේකගෙ අතට මගෙ නහයත් හිර වෙලා.
"ෂ්ෂ්ෂ්..... calm down."
"ම්ම්ම්ම්....."
"Oshi... Just calm down." කාම් ඩවුන් නෙවෙයි මොන මලහත්තිලව්වක් කරන්නත් මේ යකා මගෙ කටින් අත ගන්න එපැයි.
"ම්ම්ම්ම්ම්....."
"වට්?"
"ම්ම්ම්...."
"අහ් සොරි." හම්මේ ඇති යන්තම් අත ඇරියා. සොරි... ඔව් තව ටිකක් වෙලා මෙහෙම හිටියනම් සොරි ඩොට් කොම් තමයි. මං හිතුවෙ හුස්ම හිරවෙලා මැරෙයි කියලා.
"යනවා එහාට... එන්න එපා ලඟට.... ලඟට ආවොත් 119 එකට කෝල් කරනවා මං... ෂූ... ෂූ....."
මෙන්න මේකා ආයෙ හිනා වෙනවා. සයිකොද මන්දා. කියන කියන හැම එකටම හිනාවෙන්නේ....? ෂුවර් එකටම ලලිතා ඇන්ටිත් මෙයාව හොයාගන්න ඇත්තේ අපේ අම්මා මල්ලිව ගෙනාපු තැනින් වෙන්න ඕන.
"I... have to tell you something...."
"ඈ..හ්... මොකක්ද..." සැක්.. ඒ අස්සෙ ඈනුමකුත් ගියා.
"I.... I... think... I love you..."
ඈ යකෝ... ඒ මොකක්ද ඒ වුනේ... කරන්ට් එකකුත් වැදුනා වගේ... මේකා මගෙ කම්මුලකට කිස් එකක් දුන්නා නේද... හීනයක්ද අප්පා ඒ... නෑ වෙන්න බෑ... මට කරන්ට් එකත් වැදුනනෙ. එහෙම වෙන්නෙ කොහොමද. බැරිවෙලාවත් මනාලස් විදුලි ආඳෙක් වත්ද...
"ම්ම්... මං යන්නම්... ඔයා නිදාගන්න. ආ... ඔය කට වහගන්න... මදුරුවො රිංගයි."
"ඈ..හ්...?"
"Good night..." ඩෑල් එක හිනාවෙලා මගෙ කාමරෙන් එලියට ගියා.
"හා..."
.
හිනා යන්නෙ නැද්ද මන්දා 😶