♛ අග්නි ♛

By Bulbz_D

165K 33.9K 28.9K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 43

1.7K 437 464
By Bulbz_D

'' බිත්තරයා.. ඉස්ගෙඩිය... ගස් ගෙම්බා.. '' අග්නි මෙවර ද එකේ සිට තුන දක්වා ගණන් කළද ද්වාරය විවර නොවී ය. මිධුනාථ දැන් අඩහෝරාවකට වඩා ස්නානය කරනවා විය යුතු විය.

'' මා සැතපෙනවා.. '' අග්නි සිතා නිමකිරීමට පෙර මිධුනාථ ද්වාරය විවර කර කුටිය තුළට පැමිණියේ ය. ඔහු ස්නානය කර අනතුරුව තෙත සහිත කොණ්ඩය උර තෙක් ලිහා දමා තිබූ අතර , ඔහුගේ උඩුකයෙහි ජල බිදු තවමත් සම්පූර්ණයෙන්ම වියළී ගොසින් නොතිබුණි.  ඔහුගේ එක් හස්තයක අසිපත ද අනෙක් හස්තයෙහි රිදී බන්දේසි දෙකක් සහිත ලෝහ තැටියක් ද විය . 

'' මිධුනාථ.. අවසානයේ ඔබ පැමිණියා ද ? මා සිතුවා සම්පූර්ණ පොකුණෙහිම ජලය පානය කරනවා කියා.... '' අග්නි සිනාසෙමින් පැවසුවේ ය.

මිධුනාථ සුපුරුදු ලෙස රවා බැලුවේ ය. ඔහු අතිශයින් නිශ්ශබ්ද ජීවිතයකට හුරුව සිටි අතර අග්නිගේ මෙකී ඝෝෂාකාරීබව ඔහුට සැබවින්ම හිස රදයක් මෙන් වූ වග අග්නිට හොදින්ම විශ්වාස විය. නමුත් ඔහු එය මදකුදු තැකුවා ද ? කිසිසේත්ම නැත .

එක් අතිකින් අග්නි තීර්ථයේ සිටියා නම් ඔහු මෙකී ඝෝෂාකාරී බව සම්පූර්ණයෙන්ම බැහැර කරනු ඇත. ඔහුට ධීර හා භාසු සිහිපත් විය. ඔවුන් තමා මුණ ගැසීමට වෛශව අසපුවට පැමිණියා දැයි හෝ නැතිදැයි කියලා අග්නි දැන සිටියේ නැත. මිධුනාථ ඔහුට කුටියෙන් පිටතට යාමට තබා සයනයෙන් බැසීමට ඉඩ නුදුන්නේ ය. ජලය , ආහාර , සියල්ලක්ම සමීපයට ගෙනවිත් ලබාදුන්නේ ය. හෝරා දෙකින් දෙකට , තුවාලය පිරික්සමින් වෙළුම් අලුත් කරමින් එය ආසාදනය නොවීමට වග බලාගත්තේ ය.

මිධුනාථ , බොජුන් සහිත බන්දේසිය පසෙකින් තැබුවේ ය. අනතුරුව අග්නි වෙත එය ලබා දී සිය බන්දේසිය රැගෙන නැවතත් කුටියෙහි අනෙක් පසට ගියේ ය. ඔහු ශිලා අසුන මත සන්සුන්ව අසුන් ගනු අග්නි බලා සිටියේ ය.  අග්නි දෙතොල් උල් කර තම පලගුව වෙත අවධානය යොමු කළේ ය. අනතුරුව ඔහු නැවතත් සන්සුන්ව ආහාර ගනිමින් සිටි මිධුනාථ දෙස බැලුවේ ය.

'' මිධුනාථ... '' අග්නි නැවතත් නිහඩතාවය බිද දැමුවේ ය. ඔහුගේ මුව පුරා ආහාර විය . මිධුනාථ රවා බැලුවේ ය. ආහාර අනුභවයේ දී අන් ක්‍රියාවක නිරත වීම අකැප වූ අතර , මුවෙහි ආහාර සහිතව කතා කිරීම ද  බෙහෙවින් අශ්ශීල වූ නමුදු අග්නි එය නොතැකුවේ ය. මිධුනාථගේ රැවීමෙහි වූ දරුණු අනතුරු ඇගවීම වටහා ගත් අග්නි නිහඩව කටට දෙකට සම්පූර්ණ පලගුවම අනුභව කර අවසන් කළේ ය. ඔහු මිධුනාථට බාධා නොකරම මැටි බදුනෙහි වූ ජලයෙන් දෑත් ද සෝදාගෙන ගුරුලේත්තුවෙහි වූ සිසිල් ජලය ද පානය කළේ ය .

මිධුනාථගේ ආහාර අනුභවය අතිශයින් මන්දගාමී විය. ඔහු ආහාර අනුභව කර අවසන් කරන තුරු අග්නි ඔහු දෙස ඉවසීමෙන් බලා සිටියේ ය . අග්නිට අනුව මිධුනාථ ආහාර අනුභව කළේ , '' ආහාරයට රිදෙයි දෝ '' සැකයෙන් විය. නැතහොත් ඔහු එතරම්ම සෙමින් අනුභව කළේ ය .

මිධුනාථ මිනිත්තුවකට එක් වතාවක් පමණක් මුව සොලවන වග අග්නි අනුමාන කළේ ය. ඔහු සැපීමේ දී මුව වසාගෙන පිළිවෙලකට ආහාර අනුභව කළේ ය. අනතුරුව මිධුනාථ  ගිලීම සදහා පමණක් තවත් මිනිත්තු දෙකක් පමණ වැය කරන වග ඔහුගේ කණ්ඨජාස්ථිය* චලනය වන අයුරින් අග්නි සිතා ගත්තේ ය. එසේ කිරීමෙන් අනතුරුව ඔහු නැවතත් දිගු ඇගිලි තුඩුවලින් හා අඩවන් වූ දෑසින් සිය පලගුව වෙත අවධානය යොමු කරයි . අනතුරුව පෙර පරිදිම ඉතා සෙමින් අනුභව කරයි .

අග්නි සිය නිකට වෙත හස්තය ද තබාගෙන මිධුනාථ දෙස බලා සිටියේ ඔහු ආහාර ගෙන අවසන් කරන තුරු විය. අවසානයේ මිධුනාථ නැගී සිටියේ ය.

'' ආා.. අවසානයේ දී.. '' අග්නි විශාල ජයග්‍රහණයක් ලැබූ සේ ප්‍රීතිඝෝෂා නගමින් තමාටම පවසා ගත්තේ ය.

'' උද්ධච්ඡ ඉස්ගෙඩියෝ. කුමක් හෝ පවසන්න ඉදින්.. ආහාර ගෙන අවසන් නොවේද ? ආා. මගේ කතා පුවත.. දැන් පවසන්න.. එකගයි ???? '' අග්නි විරාමයකින් තොරවම පැවසුවේ ය .

'' තමුන්ට කුමක් ද ඇසීමට අවශ්‍ය..? '' එවර මිධුනාථ තරමක් ඉවසීමෙන් විමසුවේ ය.

'' ඔය ලෙසින් නොහැකියි.. මෙහි පැමිණෙන්න.. මේ සම්පූර්ණ සයනයහිම ඉඩ තිබෙනවා.. '' අග්නි පැවසුවේ කුඩා දරුවෙකු මෙනි . මිධුනාථ අග්නි වෙත රළු බැල්මක් හෙළුවේ ය. අනතුරුව සිය අසිපත පසෙකින් තබාපහන් නිවා දැමුවේ ය. ඔහු නිහඩවම පැමිණ සයනයෙහි වැතිරෙන තුරු අග්නි බලා සිටියේ ය.

'' දැන් පවසන්න ඉදින්.. '' අග්නි සිවිලිම දෙස නෙත් යොමමින් පැවසුවේ ය. නමුත් මිධුනාථ නිහඩ විය.

'' මිධුනාථ... පවසන්නකෝ.. '' අග්නි නොඉවසිල්ලෙන් පැවසුවේ ය.

'' කටවහනවා.. මා මේ සිතනවා.. '' මිධුනාථ රළුව පැවසුවේ ය.

'' ආ. .ඔබ සිතනවා ද ? හොදින් සිතන්න.. සන්සුන්ව සිතන්න.... අලංකාර කතා පුවතක් සිහිපත් කරන්න......  උපකාරයක් අවශ්‍ය ද ? '' අග්නි නොනවත්වාම විමසුවේ ය.

'' මදක් . නිහඩව . සිටිනවා !!!!! එය තමා ලොකුම උපකාරය !! '' මිධුනාථ වලසෙකු මෙන් කඩා පැන්නේ ය.

'' ආ.. හොදයි. වැටහුනා.. ෂ් ෂ්.. '' අග්නි පැවසුවේ සිය දබරගිල්ල දෙතොල් මත තබාගෙන ස්වයංව නිහඩ වෙමිනි.

'' යහපත් රජ කෙනෙක් සිටියා.. '' මිධුනාථ ආරම්භ කළේ ය. ඔහුගේ ස්වරය අවිනිශ්චිත විය .

'' ම්ම්.. ඉන් පසු ? '' අග්නි උද්යෝගයෙන් විමසුවේ ය.

'' කෘෘර රජ කෙනෙකුන් සිටියා.. '' මිධුනාථ ඉවසීමෙන් පැවසුවේ ය.

'' දැන් යහපත් රජ කෙනෙකුන් කියා නොවේද ප්‍රථමයෙන් පැවසුවේ  ?? '' අග්නි කුතුහලයෙන් විමසී ය.

'' යහපත් සහා කෲර රජවරුන් දෙදෙනෙකු සිටියා !!!!!!! '' මිධුනාථ ගිගිරුවේ ය.

'' ම්ම්... වැටහුණා..'' අග්නි පැවසුවේ ය.

'' ඔවුන් දෙදෙනා එකි නෙකා හා සටන් කළා... '' මිධුනාථ පැවසුවේ ය.

'' සටන් කළා ? හේතුවක් නොමැති ව ? අසිපතින් ද ? ධනුර්ධයෙන් ද ? හෙල්ල අධාරයෙන් ද ? '' අග්නි විමසුවේ ය.

'' නිහඩව අසා සිටිනු !!.. ''

'' ආා.. හොදයි ඉදින්... ඔබ පවසන්න... '' අග්නි දෙතොල් උල් කරමින් පැවසුවේ ය.

'' යහපත් රජු කෲර රජුව මරා දැමුවා.. '' මිධුනාථ කතාව අවසන් කළේ ය.

'' මදක් සිටින්න.. කතාව අවසාන ද ? '' අග්නි විස්මයෙන් විමසුවේ ය. ඔහු මිධුනාථ දෙසට හැරුණේ ය.

'' නැතිව අන් කුමක් ද ? '' මිධුනාථ නොරිස්සීමෙන් පැවසී ය .

'' මිධුනාථ.. ආා.. එය කතාවක් ද ? යහපත් , කෲර රජවරු දෙදෙනෙක් සිටියා , යහපත් රජු කෲර රජු හා සටන් කර ඔහුව මරා දැමුවා.. කතාව අවසානයි ????? '' අග්නි විශ්වාස නොකරන පරිදි විමසුවේ ය. මිධුනාථ නිහඩ විය .

'' අනෙක් කරුණ ,සැබවින්ම ඔබ කී හැවිරිදි ද  ? මා සිතුවේ ඔබ අතිශයින් අලංකාර ප්‍රේම වෘත්තයක් මෙහි අලංකාර ලෙස දිග හරීවි කියා. චහ්.... '' අග්නි බලාපොරොත්තු කඩ වූ මිමිණුවේ ය.

'' උමතුවෙන් ද ? '' මිධුනාථ ගිගිරුවේ ය.

'' මා පවසන්නම්..එසේ නම්.. අසාසිටින්න.. ඒ චන්ද්‍ර කුසුමෙහි කතා පුවත......  එය වනාහී ඇහැළ කුසුම් මදනලින් තාලයට වැටෙන සුන්දර රාත්‍රී සමයක් වූවා... '' අග්නි ආරම්භ කළේ ය. මිධුනාථ නිහඩව අසා සිටි මුත් කිසිවක් නොපැවසුවේ ය.

'' ඇසළ කුසුම් හා මුසු වුණු සදුන් සුවද අතරින් ඇය ඇවිද ආවා සද මඩුල්ලේ සාවියක මෙන්... ඇයගේ කළු දෙනෙත් අහිංසක බව කැටිවුණු සිනිදු වලා තීරයක් මෙන් පැහැදිලි වූවා... සිහින් ඉග , පුළුල් උකුල , පිරිපුන් ළැම හා නිතඹ...... ඇය අංගසම්පූරණ ලලනාවක් කළා....  ඇයගේ දිගු නයනග ගැවසුණු අදුන් වනයහි අදුර පැදරවූවා...ඇගේ ඇසිපිය වනයෙහි වෘක්ෂ ලතා මෙන් චංචල වූවා....
ඇය බලා සිටියේ සිය පෙම්වතා ඇයව මුණ ගැසෙන තුරු.... ඒයි.. මිධුනාථ ඔබ අසාගෙන ද සිටින්නේ ? '' අග්නි විරාමයක් ගනිමින් විමසුවේ ය.

'' හ්ම්.. '' මිධුනාථ පිළිතුරු දුන්නේ ය.

'' ඇයගේ තැවීම නිමා කරමින් ඇයගේ පෙම්වතා සදුන් වනය අතරින් මතු වෙනවා... චන්ද්‍රයා පායා සද රැස් ගලමින් තිබුණා.. ඇය දිස්වූයේ සද කිරණින් පහස ලැබූ සුර දූතියක මෙන්...ඔහු ඇයව සිප ගත්තා..... පර්ජන්‍ය පරයන සුළු මෘදු බවකින්.... සෙමින්.. සෙමින්.... ආංගුලයෙන් ආංගුලය.... ඇගේ දෙතොලෙහී වූ තෙත් ගතිය උරාගනිමින්.....ඔහු සිය රළු දෑත් ඇයගේ නිතඹ ඔස්සේ ඔබ මොබ ගෙන ගියා..... ඇය ප්‍රහර්ෂයෙන් හඩ නැගුවා... ..'' අග්නි අදුරු සිවිලිම දෙස බලාගෙනම විස්තර කළේ ය.

'' ප්‍රමාණවත් !! '' මිධුනාථ දැඩිව පැවසුවේ ය. අග්නිගේ මුහුණෙහි සියුම් සිනහාවක් ඇදිණ. ඔහු දිගටම කතාව පැවසුවේ ය.

'' ඇයගේ සිරුරම වජ්‍රයක් පුපුරු ගසනවාක් වැනී හැගීමකින් වෙළී ගියා.. නොවේ.. ඒ රාගය නොවේ... පිවිතුරු ප්‍රේමාන්විත හැගීමකින් ඇය ඔහුව සිපගත්තේ.... ''

'' නිහඩවනවා..... '' මිධුනාථ පැවසුවේ ය.

'' නමුත් ඔහුගේ ආලය.... හුදෙක්... රාගය පමණයි... ඇයගේ ශෘංගාරාත්මක සුසුම් ඔහුගේ සිතිවිලි නග්න කර දැමුවා... ඔහු ඇයව අසල වූ ඇසළ ගසට කර තර කළා....ඔහු සිප ගැනීම රළු කළා.. ඇයගේ ගෙල වටා සියුම් සලකුණු ඉතිරි කරමින්... ''

'' ප්‍රමාණවත්.. නවත්වනවා! '' එවර මිධුනාථ රළුව පැවසුවේ ය.

'' ඈ ? ප්‍රමාණවත්.. තවමත් හොදම කොටස මා විස්තර කළේ නැහැ ? '' අග්නි දෙතොල් උල් කිරීමෙන් පැවසුවේ ය.

'' තමුන් , මහා අශ්ශීලයෙක්.. මෙවැනි කතා !!!!!... ''  මිධුනාථට කෝපයට වදන් පැටළෙන අයුරු අග්නිට අනුව අතිශයින් හාස්‍යජනක විය. ඔහු සිනාසුණි. මිගාරගේ මරණයෙන් පසුව ඔහු එලෙස හදවත පත්ලෙන්ම සිනාසුණු ප්‍රථම අවස්ථාව එය විය. මිධුනාථ තමා දෙස හැරෙනු අග්නිට දැනුණි .
අග්නි ද සිනාසෙමින් ඔහු දෙස බැලුවේ ය .

මිධුනාථගේ මුහුණෙහි සෑහිමකට පත් පෙනුමක් වූ අතර , ඔහු සිය හස්තය අග්නිගේ කම්මුල අසලට රැගෙන ආවේ ය. ඔහු සිය දබර ඇගිල්ලෙන් අග්නිගේ කොපුල වල ගැසෙන ස්ථානය මෘදුව ස්පර්ශ කළේ ය.

'' මිධුනාථ.. ඔබ එය කවදා හෝ ගලවා ගන්නවා මට විශ්වාසයි... '' අග්නි දෙතොල් උල් කරමින් පැවසුවේ ය. මිධුනාථ පෙරළා කිසිවක් නොපැවසුවේ ය. ඔහුගේ කාල වර්ණ ගැඹුරු දෑස් අදුරේම වුව ද තමා දෙසට එල්ල වී ඇති වග පැවසීම අග්නිට අපහසු නොවී ය.

අග්නි මිධුනාථගේ ගෙල දෙසට නැඹුරු වී ඔහුගේ තියුණු උරහිස් දාර අසල දැනෙන නොදැනෙන සේ සියුම්ව සිපගත්තේ ය. ඔහුගේ සිරුරෙහි වූ ශීතල සිය දෙතොල් ගල් කරනු අග්නිට දැනුණි . නමුත් ඉන් පසුව මද වේලාවකින් දැනුණු උණුසුම ඔහු ප්‍රිය කළේ ය. අග්නි දෑස් වසා ගෙන එලෙසම මද වේලාවක් සිට සෙමින් පසෙකට විය. 

'' මදුරුවෙකු පලවා හැරියා.. '' තමා දෙස දෑස් කුඩා කර බැලූ මිධුනාථට අග්නි පිළිතුරු දුන්නේ ය.

'' සැබවින්ම ? '' මිධුනාථගේ හඩේ ගැබ් වූ පැහැදිලි උපහාසය අග්නි නොසලකා හැරියේ ය . මිධුනාථගේ නිදහස් දෑත් සිය බද වටා එතෙනු අග්නිට දැනුණි .

'' කුමක්ද ඔබ සිදු කරන්නේ ? '' එවර අග්නි අවිනිශ්චිතව  විමසුවේ ය. නමුත් ඔහු මිධුනාථයන් පසෙකට තල්ලු නොකළේ ය.

'' සයනයෙන් ඇද වැටුනොත් කියා... '' මිධුනාථ උපහාසයෙන් හා සන්සුන්ව පිළිතුරු ලබා දුන්නේ ය.

අග්නි ද සිනාසී සිය පාදයක් මිධුනාථගේ සිරුර මතින් දැමුවේ ය.

'' පාදය අබාධිත බැවින්..උස් ස්ථානයක තිබීම යහපත්..... '' අග්නි සරලව පිළිතුරු දුන්නේ ය. මිධුනාථ එක් ඇහි බැමක් ඉහළ යවනු අග්නිට අදුරේම වුවද හොදින් ම පෙනුණි.

මිධුනාථ තමාව තවත් අසලට ගනු අග්නිට දැනුණි . මිධුනාථගේ සිය නාසයෙන් තමාගේ නාසය මෘදුව ස්පර්ශ කරනු අග්නිට දැනුණි .

'' සෙම්ප්‍රතිශ්‍යාව වැළදීමට වගෙයි මා හට... '' මිධුනාථ සන්සුන්ව පැවසුවේ ය. ඔහුගේ මුවෙහි කුඩා මුත් පැහැදිලි සිනහවක් විය.
අග්නි ද පෙරළා සිනාසී සන්සුන්ව දෑස් පියාගත්තේ ය. රාත්‍රියෙහි ශීතල ඔහුට නොදැනුණු තරම් විය.

.
.
.
.
.

'' ශීත-ලයි.. කුඩා දරුවෙකු හඩමින් පැවසුවේ ය. ඔහු සීතලට ගැහෙමින් ගුලිවී සිටියේ ය.

'' ඔබගේ වරද.. ගුරුතුමන් දැනගත් විට නුඹගේ දෙපා කඩා දමාවි..... මා පිටවනවා.. '' 

'' ස්-ලෝධ්ජ.... ය් යන්න ඒඑපා.. මට බ්බ-යයි... ''  අනෙක් දරුවාගේ හස්තය දෑතින්ම අල්ලා ගනිමින් ඔහු වෙව්ලමින් පැවසුවේ ය. 

'' සෑම විටම නහයෙන් හඩනවා... ඔබ.. ආ..  ''  අනෙක් දරුවා නැවතත් බිමින් අසුන් ගනිමින් පැවසුවේ ය.

'' ස්-ලෝධ් ජ.. ඔබ ....හෝදයි... '' ඔහු නැවතත් වෙව්ලමින් පැවසුවේ ය.

'' ස්-ලෝ-ධ්ජ නොවේ මගේ නාමය... සුලෝධජ... !!!

'' ස් ලෝධජ... '' ඔහු නැවතත් ගොත ගසමින් පැවසුවේ ය.

'' සුලෝධජ !!!! ''

'' ඒ එය තමා ප්පැවසුවේ.. ස්ලෝධ්ජ...හාචූහ්... ''  කුඩා දරුවා කිවිසුවක් හැරියේ ය.

'' ඔය ලෙස සිදු වෙලා මදි ඔබට..... සෙම්ප්‍රතිශ්‍යාව .... දැන් නුඹට මගේ මෑණියන්ගේ තිත්ත කසාය බීමට සිදුවේවි... හාහ්හාහහා හා ......හාචුහ්... '' අනෙක් දරුවා ද විශාල කිවිසුමක් හැරියේ ය .

'' හී.. හිහ් හිහ්.. ස්ලෝ-ධ්ජ... ඔබටත් සෙම්ප්‍රතිශ්‍යාව..මට පමණක් නොවේ තිත්ත කසාය බීමට සිදු වන්නේ.... . හාචූහ්.. හාචූහ්...'' 

'' එය සුලෝධජ !!!!!!!  හාචුහ්.... හාචුහ්.....'' අනෙක් දරුවා කෝපයෙන් කෑගැසුවේ ය.

.
.
.
.
.
.

අග්නි දෑස් විවර කළේ ය. ඔහු මදක් වෙලා හුස්ම ගත්තේ ය. ඔහුට කිසිවක් සිතීමට අවශ්‍ය නොවී ය. දැන් නම් ඒ ධීර නොවන වග ඔහුට හොදින්ම විශ්වාස විය.. ධීර කුඩා කල එතරම් හුරුබුහුටි නැත. තමා සත් හැවිරිදි වියේ දී භාසු පහළොස් හැවිරිදි වියේ බැවින් ඒ භාසු ද විය නොහැකි විය. ඊයේ තමාට එක්වරම සිහිපත් වූ ආමන්ත්‍රණය කාගේ මුත් , මේ කුඩා දරුවා ඔහුම වග අග්නිට විශ්වාස විය. ඔහුට සහෝදරයෙකු නොසිටි වග අග්නිට හොදින්ම විශ්වාස විය. අනතුරුව ඔහු ඒ පිළිබද සිතීම අතහැර දැමුවේ ය. ඒ කව්රුන් නමුත් අනුර්ධ අසපුව දැවී යාමේ දී ඔහු ද මිය යන්නට ඇත. අග්නි සිත දැඩි කරගත්තේ ය.

කවුළුව අතරින් හිරු එළිය කුටිය තුළට පතිත වී තිබුණි . මිධුනාථ සිය උත්පල පැහැ වස්ත්‍රවලින් සැරසී සිටියේ ය .

මිධුනාථ.. කොහිද යන්නේ ? '' අග්නි විමසුවේ ය. මිධුනාථ නිහඩ විය.

'' මිධුනාථ.. ඒකාකාරීයි මෙලෙස රැදී සිටීම.. ''

'' කෲර මිදි ගෙඩිය.. මාව ඔසවාගෙන හෝ පිටතට රැගෙන යන්න... ''

'' ඉස්ගෙඩියෝ.. ''

'' ලුණු මිරිසෝ.. ''

'' නිහඩවනවා!!!!!! ''  අවසානයේ මිධුනාථ ගිගිරුවේ ය.

'' දුෂ්ඨ මිද්දෝ.. තවත් නම් කුටියට වී සිටීමට නොහැකියි..ඔබ මා හට සලකන්නේ මල්වර වී ඇති ගැහැනු දරුවෙකු මෙන්... අසාධාරණයි... මා හට පිටතට යා යුතුයි.. '' අග්නි දෙතොල් උල් කරමින් පැවසුවේ ය.

'' මා ද හී තලයක් පාදයෙහි තබාගෙන සිව් දිනක් ගත කළේ ? දැන් සිව් දිනක් යනතුරු තමුන්ට පිටතට යාම තහනම් !!! '' මිධුනාථ ගිගිරුවේ සිය කෙස්වැටිය ඉහළට කර බැද ගනිමිනි.

'' සිව් දිනක් !!!,. ආා. තවත් දිනයක්ම රැදී සිටිය යුතු ද ? ආාා.. '' අග්නි නොරිස්සීමෙන් පැවසුවේ සයනයෙහි වැතිරෙමිනි.

'' මා කතා කරන්නේ නැහැ නුඹ සමග.... '' අග්නි එක් කළේ ය.

'' සාමකාමී දිනයක් එසේ නම්.. '' මිධුනාථ සන්සුන්ව පවසා අසිපත ද සුරතට ගත්තේ ය.

'' ආා.. මිධුනාථ.. මා වරක් හෝ එසවිය නොහැකි ද ? හුම්හ්.. මා සැහැල්ලුයි පිහාටුවක් වගේ.. ඔබට තිබෙන්නේ මා මා එසවීමට පමණයි.. ඉන්පසු අප පිටතට යනවා.. '' අග්නි පැහැදිලි කළේ ය.

'' දැන් ඇයි ද මා එසේ කළ යුතු ? '' මිධුනාථ කඩා පැන්නේ ය.

'' ඔබ මිධුනාථ නිසාවෙන්... !!! මට තවත් කුටියට වී සිටීමට නොහැකියි.. ආාා.. පාදය හොදින් තිබුණා නම් මා ඔබට පවසන්නේ නැහැනේ පිටතට රැගෙන යන ලෙස.. අනෙක මා හට පැවසීමට අන් අයෙක් නොවේනේ..  සිටනවා නම් ඔබට පවසන්නේ නැහැනේ මා.... භාසු හෝ ධීර සිටියානම් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.. '' අග්නි පැවසුවේ නාසයෙන් හඩමිනි.

'' මේ මොහොතේ නොහැකියි.. පියාණන් මා කැදවා තිබුණා... '' මද වේලාවක් නිහඩව සිටි මිධුනාථ රළුව පැවසුවේ ය.

''ආාාාා........ ඔබ තමා මෙලොව සිටින අයහපත්ම , දුෂ්ඨම , අවලස්සනම මිතුරා.. !!! '' අග්නි පැමිණිලි කළේ ය.

'' ඉදින් , යහපත් , පරාර්ථකාමී , සුන්දර මිතුරෙකු සොයාගන්නවා එසේ නම්.. '' මිධුනාථ රළුව පැවසුවේ ද්වාරය අග්නිට පෙනෙන පරිදිම දඩාස් හඩින් වසා දමමිනි.

'' සොයාගන්නවා තමා ඉදින්... කතාවක් නෑ තමුන් සමග....හෑෑෑ.... '' අග්නි මිධුනාථ පිටව ගිය දෙසට රවා කෑගසා පළිගු බදුන තුළ සිටි ගල් සියඹලා දෙස බැලුවේ ය. ගල් සියඹලා කෝෂය තුළ සිටියේ ය. අග්නිගේ මුවෙහි දගකාර සිනහාවක් පහළ විය.

ඔහු නැගී සිටියේ ය. පාදය හිරි වැටීම විනා අන් කිසිදු වේදනාවක් ඔහුට නොදැනුණි . හී තලයහි තුවාලය අසලින් දැනුණු වේදනාව ඔහු සම්පූර්ණයෙන්ම නොසලකා හැරියේ ය. ගල් සියඹලා සිටි පළිගු බදුන ද දෑතට ගත්තේ ය. ඔහු ද්වාරය වෙත නොගිය අතර , කවුළුව වෙත ගියේ ය. එහි තබා තිබූ ලී කැටයම මිධුනාථ ලබාදුන් දටික කිණිස්ස ආධාරයෙන් ඉවත් කළේ ය. ඔහු ලබාදුන් කිණිස්ස තමා උපහාසයට ලක් කළ ද මෙවන් අවස්ථාවන් හි එය කොතරම් ප්‍රයෝජනවත් දැයි අග්නිට වැටහී ගියේ ය.

ඔහු අපහසුවෙන් කුඩා කවුළුවෙන් පිටතට පැන්නේ ය. තමා ඇවිදින විට සියුම්ව කොර ගසනු අග්නිට දැනුණ ද ඔහු එය නොතැකුවේ ය. ඔහුගේ ගමනාන්තය වනාහී සිය සුපුරුදු ඇසළ අංගනයෙහි අශ්ව ස්තාලය විය.

'' අග්නි ?  '' තමා අශ්ව ස්තාලය තුළට යාමට පෙර ඛාදී දේවියට හසුවනු ඇතැයි අග්නි අනුමාන නොකළක් විය. ඛාදී සන්සුන් සිනහාවකින් අග්නිගේ දෑතෙහි වූ පළිගු බදුන දෙස ද බැලුවා ය.

'' ඛාදී දේවියනි.. '' අග්නි ආචාර කළේ ය. ඔහු ස්වභාවයෙන්ම ඛාදී දේවියට ගරු කළේ ය. අන් කාන්තාවන් හා මෙන් ඛාදී දේවිය උපහාසයට ලක් නොකළේ ය.

'' සිර ගෙයින් මිදුනා ද ? '' ඛාදී සන්සුන්ව සිනාසෙමින් විමසුවේ විශාල ඇසළ ගස අභියෙස වූ ශිලා අසුනෙහි අසුන් ගනිමිනි. ඇය අග්නිට ද අසුන් ගන්නා ලෙස සන් කළා ය. අග්නි වටපිට බැලූ මුත් අසුන් ගැනීම ප්‍රතික්ෂේප කළේ ය.

'' අසුන් ගන්න අග්නි... මා පවසනවානේ.. '' ඛාදී පැවසුවා ය. අග්නි ඇයගේ එහා පසින් විනීතව අසුන් ගත්තේ ය.

'' ඔය ගල් සියඹලා නොවේද ? '' ඛාදී විමසුවා ය. අග්නි හිස සැලුවේ ය.

'' ගල් සියඹලාට පිරිසිදු වාතය අවශ්‍යයි.. '' අග්නි සිය නිදහසට හේතුව ඉදිරිපත් කළේ ය.

'' අඥාන තරුණයා. ඔබ එයද  මිධුනාථ කුමරුන්ට පැවසීමට යන මුසාව ? ඔබේ අවසානය එසේ නම්... '' ඛාදී සන්සුන්ව පැවසුවා ය. ඇය සිනාසුණු මුත් එකවරම වරදක් කළ සේ සිනහව නවත්වා ගත්තා ය. තුරුණු වියේ දගකාරකම ඇයගෙන් තවමත් පහව ගොස් නොතිබූ අතර ඇය මෙලෙස මැදි වියේ කාන්තාවක් ලෙස හැසිරීම කෙතරම් අපහසු දැයි අග්නි කල්පනා කළේ ය.

'' ඔබ ගිරි අසපුවෙහි ලු නොවේ ද? '' ඛාදී එවර විමසුවා ය. අග්නි හිස සැලුවේ ය.

'' මා දැනසිටියා ඔබ සාමාන්‍ය නොවන වග.. '' ඛාදී පැවසුවා ය.

'' ඔබතුමියට තමා ප්‍රථමයෙන්ම හසුවූයේ මා.. '' අග්නි ද මද සිනහාවකින් යුතුව පැවසුවේ ය.

'' ඔබතුමිය ලෙස නොඅමතන්න අග්නි... ඛාදී ප්‍රමාණවත්.. '' ඛාදී සන්සුන් ලෙස පැවසුවා ය. අග්නි හිස සැලුවේ ය.

'' ඛාදී,. ඔබ මෙහි සිටින්නේ සතුටින් ද ? '' අග්නි විමසුවේ ය. ඔහු පිළිතුර දැන සිටියේ ය. ඛාදී දේවිය සන්සුන් ලෙස සිනහාවක් නැගුවා ය .

'' අප ප්‍රිය කරන දේම සෑම විටම සිදු කිරීමට අපට අවස්ථාව අහිමියි අග්නි... '' ඇය මෘදුව පැවසුවාය . අග්නි දෙතොල් උල් කළේ ය. ඔහු ඛාදී දේවිය හා එකගව හිස සැලුවේ ය. ඔහු කිරුළ හිමි කුමරුන් නොවූවා නම් සෑම විටම අග්නි ලෙස මිධුනාථ කෝපගන්මින් , තරුණියන් හා උසුළු විසුළු කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරනු ඇත.

'' කොපමණ අදුරු ස්ථානයක අප තනිවී සිටියත් , එ් අදුර වෙනුවට අපට ආලෝකය පමණක් දැකිය හැකි නම්.... බලාපොරොත්තුව යනු එයයි අග්නි...'' ඛාදී සන්සුන්ව පැවසුවා ය. අග්නි ඛාදී දේවිය දෙස ගෞරවය මුසු බැල්මක් හෙළුවේ ය. ඇය හැසිරීමෙන් පමණක් නොව සිතිවිලිවලින් පවා පරිණත විය.

''එලෙසම... අපට සියලු දේ අහිමි වුවත් ,  අහිමිවන අවසන් දෙයත් බලාපොරොත්තුවයි.. අග්නි.. '' ඇය එක් කළා ය.

'' ඔබතුමිය බලාපොරොත්තුව පිළිබද දැඩි විශ්වාසයකින් ? '' අග්නි විමසුවේ ය. ඛාදී හිස සැලුවේ ය.

'' ජීවිතය වටහා ගැනීම අපට සිදු කළ හැක්කේ , ආපස්සට පමණයි අග්නි... නමුත් අප ජීවිත් විය යුත්තේ ඉදිරියටයි .... '' ඇය පැවසුවා ය. ඇය එක්වරම සිය මුවට හස්තය තබා මුව වසා ගත්තා ය.

'' ඔබතුමිය අසනීපයෙන් ද ? '' අග්නි කලබලයෙන් විමසුවේ ය. ඛාදී දේවිය කලබලයෙන් හිස දෙපසට සැලුවේ ය. ඇය කිසිවක් නොපැවසුවා ය. ඇයගේ මුහුණ තරමක් සුදුමැලි විය.

'' මා වෙදුදුරුතුමන් කැදවන්න ද ? '' අග්නි එවර කලබලයෙන් විමසුවේ ය. 

'' ඒ කුමකට ද අග්නි.. ? මා සුවෙන්.. '' ඇය සාමාන්‍ය ලෙස සිනාසුණා ය. අග්නි ද ඇය වෙත සැහැල්ලු බැල්මක් හෙළුවේ ය.

'' හදවත අතිශයන් බොළදයි.. මෘදුයි.. හදවතින් ගන්නා තීරණ කිසිදු දිනෙක අප රිදවන්නේ නැහැ.. නමුත් අතිශයින් මුග්ධ විය හැකියි... මනස තියුණුයි.. අනුකම්පා විරහිතයි... මනසින් ගන්නා තීරණ වඩාත් නිවැරදි විය හැකියි... නමුත් , හදවතේ පසුතැවීමෙන් ඔබ මුළු කාලයම ගෙවා දමාවි...ඉදින් ....හදවතින් හා මනසින් දෙකින්ම සිතා තීරණ ගන්න අග්නි.. ...'' ඛාදී දේවිය සන්සුන්ව පැවසුවා ය.

'' ඔබතුමිය ඇයි මා හට මෙලෙස පවසන්නේ ? '' අග්නි එවර විමසුවේ ය.

'' ඔබ දන්නවා මා මෙලෙස පැවසීමට හේතුව... '' ඛාදී දේවිය සන්සුන්ව පැවසුවා ය.

'' හදවතින් , මනසින් දෙකින්ම සිතීම කල නොහැක්කක්.. '' අග්නි එවර තරමක් රළුව පැවසුවේ ය.

'' ඔබ හොදින් සිතා බැලුවහොත් , හදවතත් මනසත් දෙකම අවසානයේ ඔබ පවසන දෙයට එකග වේවි.. අග්නි... . ''  ඛාදී දේවිය සන්සුන්ව සිනාසෙමින් පැවසුවා ය.

.
.
.
.

~ මතු සම්බන්ධයි ~

A/N -

* Smirk ! Smirk ! Smirk !

* බුහාහහාා..

* මේ .. ළමයි.. Author's Note එක සදහා අදහස් නැත. එබැවින් නිහඩ වන්නම්..

* කව්රුත් කියන පළියට , හදවතින් හිතලාවත් , බුද්ධියෙන් හිතලාවත් තීරණ ගන්න යන්න එපා... ඒ දෙකම අපිට ඕන.. නැත්තන් එක එක විදිවලින් අපිට පසුතැවෙන්න වෙයි.. ඛාදී කියපු දේ අග්නි තේරුම් ගත්තා ද කියලා බලමු...

* මම දන්නවා.. මේ කතාව ඉවර වෙද්දි රීඩර්ස්ලා ටිකට , CID එකේ පත්වීම් දෙන්න පුළුවන් වෙයි වගේ.. ෂර්ලොක් හොම්ස් වගේ හොයනවා හොයනවා.. ආාා.. පම් කියලාත් හිතෙනවා සමහර විට.. ඉවසා සිටින්න දරුවනි..

* වෝට්ස්,  කමෙන්ට්ස් හලාගෙන යන අයට නම් පැලෙන්න ආදරෙයි. බලන්න.. රීඩස්වලට වඩා කතාවේ කමෙන්ට්ස් තියන කොට මට දැනෙන සතුට... ආව්ස්...

Continue Reading

You'll Also Like

374K 55.7K 41
ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!....
9.1K 1.1K 17
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර...
79K 10.6K 57
මලකට දෙතොල් පටලන් කදුළු බොන්නට අවසරයක් කුමට !
14.4K 2.8K 11
සත්‍ය සිදුවීමක් ඇසුරිනි ( requested) හිමි නැති නම් කිම නුඹගේ උණුහුම දැනුනේ .... 💔 boyXboy Started date - 26 June 2022 Completed - 03 Aug 2022