JUST FRIENDS 🤷 [ COMPLETED ]

By JinNu97

13.1K 3.6K 2K

"කවදාවත් හිතෙන් ආදරේ කරන්න එපා .. ඒක ආදරේ කරලා අහිමිවෙනවට වඩා වේදනාවක්... "🥀 මං මින් යුංගි.. යාලුකමයි ආදරෙය... More

Intro ✌️
1st Chapter ✌️
2nd Chapter ✌️
3rd Chapter ✌️
4th Chapter ✌️
5th Chapter ✌️
6th Chapter ✌️
8th Chapter ✌️
9th Chapter ✌️
10th Chapter ✌️
11th Chapter ✌️
12th Chapter ✌️
13th Chapter ✌️
14th Chapter ✌️
15th Chapter ✌️
16th Chapter✌️
17th Chapter ✌️
18th Chapter ✌️
19th Chapter ✌️
20th Chapter ✌️
21th Chapter ✌️
22th Chapter ✌️
Final Chapter ✌️
Postscript ✌️

7 th Chapter ✌️

476 154 44
By JinNu97


🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

Time Passed ....

" යුංගියා.."

" ම්ම් "

" ඔයා හිතුවේ නැහැ නේද කවදාවත් කොලේජ් එන්න ලැබෙයි කියලා.. "

" ම්ම්ම්.. මට එහෙම උවමනාවක් තිබුනේ නැහෑ මින්හා . මට ඔනේ වුනේ නිදහසේ ඉන්න.. "

" ඉතින් ඇයි ඔයා එක පාරට වෙනස් වුනේ? "

" ඔයා නිසා. "

" 😳 "

" අහ් නෑ නෑ.. එහෙම නෙවේ.. එදා ඔයා මට කතා කල විදිහෙන් මං ගොඩක් දේවල් තේරුම් ගත්තා මින්හා.. කවදා හරි මට ඉන්නේ මං විතරයි කියලා.. ඉතින් මට ඕන වුනා ජීවිතේ වෙනස් කර ගන්න.. "

" ම්ම්ම්ම් මියන්හේ .. මං එදා ඔයාට කතා කල විදිහ ගැන... "

" අනියෝ.. ක්වෙන්චනායෝ... කොහොමත් එකේ වැරැද්දක් වුනේ නැහෑනේ... "

" ඔයා දැන් වැඩ කරන්නේ කොහෙද? "

" ම්ම් මං ජොබ් කීපයක් කරනවා.. කොෆි ශොප් එකක වැඩ කරනවා හවසට.. රෑට 24 hr ශොප් එකක.. දවස් දෙකක්.. වීක් එන්ඩ් එකේ බාර් එකක.. "

" අමාරු ඇති ඔයාට.. ඔයා නිදහසේ හිටිය කෙනෙක්නේ... "

" ම්ම්ම් ටිකක්..☺️ ඒත් ජීවිතේ කිසි දෙයක් ලේසි නැහෑ මින්හා.. අපි අමාරුවෙන් හරි ඒ දේ මහන්සි වෙලා ලබා ගන්න ඕනේ.. "

" ඔයා ගොඩක් වෙනස් වෙලා සුගා.. "

" ම්ම්ම්.. දැන් අපි පොඩි ළමයි නෙවෙනේ.. ඒක නෙවේ ලෙක්චර්ස් නැත්ද? "

" තියෙනවා.. තව වෙලා තියෙනවා.. "

" එහෙනම් සිංදුවක් අහමුද? "

" ම්ම්ම් ☺️ "

යුංගී බෑග් එකට අත දාලා earbuds දෙක අරන් එකක් මින්හාගේ කනේ රැද්වුවේ ඇගිල්ලකින් මින්හාගේ මූණට වැටිලා තිබ්බ කෙස් ටික කන පිටිපස්සට කරන ගමන් ටික වෙලාවක් මින්හා දිහා බලාගෙන..

" යුංගී...? "

යුංගී කිසි සද්දයක් නොකර සිංදුවවත් නොදා මින්හා දිහා බලන් හිටිය නිසා මින්හා යුංගිගේ මූණ ලගින් අතක් ගෙනිච්චා..

" ආ ආ. මියාන්.. "

" මොන ලෝකේද හිටියේ? "

" නෑ මේ මොන සිංදුවද දාන්නේ කියලා කල්පනා කලේ.. "

යුංගී phone එක අරන් බොරුවට කලබලෙන් සිංදුවක් හොයන්න ගත්තා.... ටික වෙලාවක් අමාරුවෙන් ලිස්ට් එකේ සිංදු අතර ගිය යුංගිගෙ ඇගිල්ල නැවතුනේ යුංගි වැඩියෙන්ම ආස කරන සිංදුව ලග... ඒ Big Bang Taeyung ගේ Eyes , Nose ,Lips ( නුන්, කෝ, ඉප් )සිංදුව ලග..

( ළමයි මේ සිංදුව ඔයාලා අහලා නැත්නම් අහලා එන්න.. 😌 ඒක ඇත්තටම ලස්සන සිංදුවක් .. )

සිංදුව ප්ලේ වෙන්න ගද්දිම මින්හාගේ මූනේ රිඇක්ශන් ටික ටික වෙනස් වෙන්න ගද්දී යුංගී ඇස් පිල්ලමක්වත් නොගහා මින්හාගේ මූන දිහා බලන් හිටියේ සිංදුවේ වචනෙන් වචනේ වෙනස් වන ඒ මූණේ තිබ්බ ලස්සන.. යුංගී මේ සිංදුව කොච්චර අහලා තිබ්බත් මේ වගේ ලස්සන හැගීමක් යුංගිට කවදාවත් දැනිලා තිබුනේ නැහෑ... යුංගී මින්හා වාඩි වෙලා හිටිය බෙන්ච් එක තිබ්බේ කොලේජ් එකේ වෙනම පැත්තක.. ඒ හරියේ හිටියේ නිදහසේ පාඩම් කරන්න එන ළමයි කීප දෙනෙක් විතරයි.. ලාවට වැටුන ඉර එළිය මින්හාගේ මූණට වැටෙද්දී මින්හා ඇස් දෙක පියන් මූන ඒ පැත්තට හරවන් සිංදුව අහන් හිටියේ පොඩි ළමයෙක් වගේ.. හුලගේ තාලෙට පැද්දෙන මින්හාගේ කොන්ඩේ සැරින් සැරේ මීන්හාගේ කම්මුල් සිපගද්දී යුංගීගේ අත ගියේ මින්හාගේ මූණට.. සිංදුව කොච්චර හැගිම් බර වුනත් ඒ වෙලාවෙ ඒ හැගීම වීන්දේ යුංගී විතරයි.. මොකද මේ වෙලාවේ යුංගිගේ ඇස් තිබ්බේ මින්හා ගාව... පොඩි කාලේ ඉදන් යුංගී මින්හා ලග හිටියත් ලග නැති වුන මේ ටික කාලෙට යුංගිට එයාට වටිනම දේ කියලා තේරුනේ මින්හාව...

දෙන්නගෙම වදානේ එක පාරට බිදුනේ මින්හාගේ phone එකට ආව මැසේජ් එක නිසයි..මින්හා මැසේජ් එක බලලා එක පාරට කලබලෙන් නැගිට්ටා.....

" වෙහ්හ්? "

" අනී මට දැන් පොඩි වැඩක් තියෙනවා යුංගී.. මං යනවා....
.
.
.
.
.
.
(ඈතට දුවගෙන ගිහින්) හෙට හම්බෙමූ ... "

මින්හාට මැසේජ් එක ආවේ හෝබිගෙන්.. මින්හා යුංගී එක්ක ඉන්නව දැක්ක හෝබී හිතලම මින්හාව ගෙන්න ගන්න ඕනේ නිසා බොරු හේතුවක් කියලා මින්හාට මැසෙජ් කලා..

" සොම්බේ ..."

" ආ මින්හා ආවද.. මට උදව් වෙන්නකෝ.. මේ ටික අස් කරන්න.. "

" අනිත් සොම්බෙලා? "

" ආ එයාලා එක එක වැඩ වලට ගිහින් කොලේජ් ෆෙස්ටිවල් එක ලගයිනේ.. ඒවගේ වැඩ වලට.. "

" ඕ... ඉන්න සොම්බේ මං උදව් කරන්නම්.. "

හෝබී එයාලගේ ක්ලබ් එකේ රූම් එක අස්කරන්න උදව් වෙන්න පුලුවන්ද කියලා මින්හාට මැසෙජ් කල නිසා මින්හා හෝබීට උදව් වෙන්න ආවේ මේ කිසි දෙයක් නොදැන.. තමන් කීව ගමන් කෙල්ල ඕන වැඩක් කරනවා කියලා හෝබි දැනගෙන හිටියා.. මේ ටික කාලෙට හෝබී මින්හාට ගොඩක් කිට්ටු වුනේ හරියට මින්හාගේම ඔප්පා වගේ. හෝබීට මින්හා ගැන පොඩි කැමැත්තක් තිබ්බත් ඊට වඩා හෝබීට ඕනේ වුනේ මින්හා මාර්ගෙන් යුංගීට රිද්දන්න...

" මින්හා.. "

" දේ සොම්බේ .."

" ඔයාට නම්ජා චින්ගු ඉන්නවද? "

" ආම්ම්ම්. අනීයෝ... "

" ම්ම්ම් කලින් ?

" ම්ම් හිතෙන් කෙනෙක්ට කැමැත්තෙන් හිටියා.. ඒත් ඒක එහෙම දෙයක් නෙවේ.. "

" එහෙම දෙයක් නෙවේ කීවේ? "

" අනී.... මට පොඩි කාලේ ඉදන් හිටියේ එයා විතරයි.. ඉතින් මං හිතන්නේ ඒ හින්දා වෙන්න ඇති ...අපි යාලුවෝ.. "

" ඒ කියන්නේ වන් සයිඩ් ලව් එකක්ද? "

" ම්ම් දේ.. ඒත් දැන් එහෙම දෙයක් නෑ.. අපි යාලුවෝ විතරයි ... "

" ම්ම්ම් දැන් කාට හරි මින්හා කැමැත්තක් තියෙනවද? "

" තවම නෑ.. ☺️ මුලින් ඉගෙන ගෙන හොද ජොබ් එකක් හොයා ගන්න ඕනේ.. "

" මින්හා කැමති මොන වගේ කෙනෙක්ටද? "

" ම්ම් එහෙම විශේශයක් නැ.. ( ලොකු හුස්මක් පිට කරන් ගමන්.) මාව ආදරෙන් බලා ගන්න කෙනෙක්නම් මං කැමතී..මට පොඩි කාලේ ඉදන් ඔම්මා අප්පා ඉදියේ නැති නිසා.. මං ආසයි එයාලගෙන් ලැබෙනවා වගේ ආදරයක් මට ලැබෙනවනවම්.. 😔 "

මින්හාගේ වචන එක්ක ඇස් වලට කදුලු එද්දී කෙල්ලට නොදැනීම පුංචි කදුලු බිංදුවක් මින්හාගේ රෝස පාට වෙච්ච කම්මුල දිගේ ගලාගෙන ගියා...

මින්හා දිහා බලාගෙන හිටිය හෝබී ටිකක් මින්හාට කිට්ටු වෙලා මින්හාගේ පැත්තට නැඹුරු වෙලා ඇගිල්ලකින් මින්හාගේ කම්මුලේ තිබ්බ කදුලු බිංදුව පිහිදුවේ හරිම සියුම්වයි...

" ක්වෙන්චනා .. ඒ ගැන හිතන්න එපා.. ම්ම්.. ඔයා හොයන ආදරේ දෙන්න පුලුවන් කෙනා කොහොම කෙනෙක් වුනත් ඔයා එයාට ආදරේ කරනවද? "

" සොම්බේ? ... "

" හරි දැන් ඕක අමතක කරන්න.. අපි යන් මොනා හරි කන්න. "

හොබී මින්හාගේ උරිස් වලින් අල්ලලා කියලා යන්න යද්දී මින්හාගේ අතක් ගියේ එයාගේ පපුවට...

" ( මින්හා... පිස්සු හැදීගෙන එනවද.. 😑 අහ්හ්.. ඒ පාර මොකද මේ සොම්බේ මට ලං වෙද්දී මගේ පපුව ගැහෙන්නේ.. ) "

" මොනවද හිතන්නේ.. එන්න යන්න.. "..

ටිකක් ඉස්සරහට ගිහින් මින්හා නැති නිසා හෝබී ආයෙත් හැරිලා බලද්දී කෙල්ල කල්පනා කර කර ඉන්නවා දැකලා හෝබී ආයෙත් මින්හා ලගට ඇවිත් කෙල්ලගේ අතින් අල්ලගෙනම දෙන්නා එක්ක කැෆටේරියා එක පැත්තට ගියා..

Meanwhile ....

" යුංගියා.... සිහියට එනවා.. එක පාරක් සල්ලි නිසා මින්හා තරහා වුනා. ඒ පාර ආද... ආආආ නෑ නෑ.. ඒක එහෙම එකක් නෙවේ.. 😑 ආහ් ඕන එකක්.. මං යනවා මගෙ වැඩේට.. "

මින්හා ගිය නිසා යුංගී ටික වෙලාවක් එතන තිබ්බ ගහා වටේ කැරක් කැරකි ඉදලා බෑග් එකත් අරන් යන්න ගියා... යුංගී යන ගමන් phone එක අතට ගත්තේ ජින්ට කෝල් කරන්න හිතාගෙන...

📞 "ඕ යුංගියා.."

📞" උබ වැඩක්ද? "

📞"ආ නෑ පොඩි ඩිසයින් එකක් ප්ලෑන් කලා.. කියපන්.."

📞" නෑ උබ ෆ්‍රී නම් මාත් එක්ක පොඩි ගමනක් යන්න එනවද? "

📞 " හරි මට පැය භාගයක් දියන් මං කොලේජ් එක ගාවට එන්නම්"

📞 " ඉක්මනට වරෙන්.. උබෙ පැය භාගේ මංනේ දන්නේ "

------------------------------

🔊🔊🔊

යුංගී කොලේජ් පාර දිගේ ඇවිදගෙන යද්දී එක පාරට ඇවිත් නැවැත්තුව කාර් එකක් මහා හයියෙන් හෝන් කරද්දී යුංගී උඩ විසිවෙලා ගිහින් ඇස් දෙකත් පුංචි කරන් කාර් එක ලගට ආවේ ඒ ආව එකාගේ මුලු පරම්පරාවම මතක් කරන ගමන්...

" යාහ්හ්හ්හ් යුංගියා.. 😎 "

යුංගි ළගට එනවත් එක්කම කාර් එකේ ශටර් එක පාත් කරලා ඔලුව නවලා ජින් කාර් එක ඇතුලේ ඉදන් කෑගැහුවා...

" ජිනා..? උබ..? මේ කාර් එක? "

" අප්පා දුන්නේ... වරෙන්.. මගෙ තමයි කොල්ලෝ... 😌 "

යුංගී හිනා වෙවීම ඇවිත් කාර් එකට නගිද්දි ජින් ඇගිල්ලකින් දාන් හිටිය කූලින් ග්ලාස් එකත් උස්සලා දාගෙන වාහනේ රේස් කරන්න ගත්තා .

" සල්ලී තියෙන පවුලක ඉපදුනාම සැප නේද ?"

" අමුතු සැපැක් නෑ.. වාහනේට හීරීමක් හරි වුනොත් මාව රෙදි ටිකත් එක්කම එළියට දානවා කීවා අප්පා.. 🙂 "

" 😂😂😂😂 "

" කාර් එක තියෙන්නෙ අප්පාගෙ නමට.. මට තවම නටන බෑ බන්.. මොකද මං බිස්නස් නොකරන්න තීරණේ කල නිසා අප්පා මයේ දීමනා කපා හැරලා තියෙන්නේ.. 🙂 ඔම්මාගේ කටේ බලේට මේක හම්බුනේ.. "

" උබ ඉතින් බබා වගේනේ... මං උබේ අප්පාගේ ළමයෙක් උනානම් අප්පට ආඩම්බර වෙන්න පුලුවන් එල කොල්ලෙක් වෙනවා 😌 "

" 🙂 මාව විහිලුවක්ද?.. අහපන්කෝ.. කොහෙද යන්නේ? "

" අහ්හ් ඉදපන්.. "

යුංගී කාර් එකට යන්න ඕන තැන ඇඩ්‍රස් එක දුන්නම ජින්ගේ ඇස් දෙක ලොකු වුනේ බලාගෙන ඉද්දිමයි..

" jh ලගේ ගෙදරට? "

" උබ දන්නවද එහේ? "

" ඔව්.. ඒත් ඇයි උබ එහෙ යන්නේ? "

" යමන්කෝ.. මං කියන්නම්.. "

ජින් ආයෙත් මුකුත් අහන් නැතුවම කාර් එක අරන් ගියේ JH Company CEOගේ ගේ ගාවට...ගෙට ටිකක් මෙහාට වෙන්න අයිනෙන් කාර් එක නතර කල ජින් යුංගිගේ පැත්තට හැරුනේ යුංගී තවමත් නොකීව හේතුව අහගන්න හිතාගෙනයි..

" ඇයි උබ මෙහෙට ආවේ.. "

" මං ගැන හොයා ගන්න.."

" උබ ගැන? "

" ඔව් මං කවුද කොහෙන් ආව එකෙක්ද...මගේ ඔම්මා අප්පා කවුද , එයාලා ඉන්නවද , නැති වෙලාද , නැති වෙලානම් ඒ ඇයි කියලා මට හොයා ගන්න ඕනේ.. "

" ඉතින් උබ කියන්නේ උබ JH එකේ නැති වුන පුතෙක් කියලද? "

" 😒 උපතින්ම මෝඩයෙක්ද උබ? "

" හරි කියපකෝ එහෙනම්.. 🙂"

" මේකයි මාව ළමා නිවාසෙට ගිහින් දුන්න කෙනා ඉදලා තියෙන්නෙ මෙහේ.. එයා දැන් ඉනවද දන් නෑ.. ඒත් මට හිතෙනවා මෙහෙට ගියොත් මොනා හරි හොයා ගන්න ලැබෙයි කියලා.. "

" හරි යමන්.. "

ජින් කීවේ කාර් එකෙන් බහින්න ලෑස්ති වෙන ගමන්...

" ඒ ඒ ඉදපන් පාබෝ.. "

යුංගී ජින්ගේ අතින් අල්ලලා ආයෙත් වාහනේට ඇදලා ගත්තා..

" එහෙම යන්න බෑ ඕයි.. "

" වේහ්... ඉතින් උබව ගෙනාවේ එහෙන්නම් අපි කෙලින්ම ගිහින් අහමු.. "

" අහපන්.. අපේ මේට්‍රන් ඔම්මා කීවා මේකෙන් මට අනතුරක් වෙන්න පුලුවන් කියලා.. ඒ කියන්නේ මොනා හරි ලොකු හේතුවක් නිසයි මාව ළමා නිවාසෙට දීලා තියෙන්නේ.. ඒකයි මං කියන්නේ.. නැත්නම් උබ කියනකම් ඉන්නවද මේ ගේ ඇතුලට යන්න.. "

" හරි හරි ඉතින්.. උබට ප්ලෑන් එකක් තියේද.. ? "

" තවම නැහෑ.. 🙂 "

" 😑😑 ප්ලෑන් එකක් නැතුවද ආවේ උබ.. "

" නෑ .. කලින් මට මෙහේ වැඩ කරන ආජුස්සී කෙනෙක් හම්බුනා.. එයාව ආයේ හම්බෙයිද බලන්න මං ආවේ.. "

" ඉතින් ඒකටද මාව එක්ක ආවේ? "

" ඔව් එතකම් මට තනියට 🙂උබ මයේ ලව් එකනේ... "

" 😗😗😗 "

" යහ් 😒 උබේ දත් ටික ඔහොමම තියෙන්න ආසනම් පස්සට පලයන්.. "

" 😂😂😂 ( වීදුරු පිහින හිනාව) අරස්ස්සෝ අරස්ස්සෝ .. උබව අවුස්සද්දී ආතල් බන්.. "

" 😒😒😒 "

Few Moments Later ...

" ඒ කෝ බන්.. මැස්සෙක්වත් එන් නෑනේ එළියට.. "

" ඉදපන්කෝ.. ඒ ආජුස්සී මේ වෙලාවට එනවා.... ඒ අන්න වාහනයක්.. "

" පාත් වෙයන්.. පාත් වෙයන්...

" ඒ වහනේ ඇතුලට ගන්නවත් එක්කම අපි එතනින් යන් ගේට් එක වැහෙන්න කලින්.. පල්ලි පල්ලී... "

යුංගී කිව විදිහටම ජින් ගේට් එක වැහෙන්න කලින් එතනින් වාහනේ අරන් ගියේ ගේ දිහා බලාගෙන...

" ඇතුලට යන එක ලේසි නෑ බන්.. මොනා හරි ක්‍රමයක් හොයා ගන්න වෙනවා.. "

" උබ හැමදාම ඒ ගේ ගාව කැරකුනොත් cctv වල වදී... ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන්... JH Company කියන්නෙ ඉන්ලීගල් බිස්නස් බර ගානක් තියෙන වුන්.. උන් එක්ක හැප්පෙන එක ලේසි නෑ.. "

" එහෙමද.. අර ආජුස්සී ව අල්ල ගන්න තිබ්බනම්... "

" උබ බලපන්කෝ .. බැරි වුනොත් අපි මොනා හරි ක්‍රමයක් හොයා ගමු...."

-------------------------------

Time Passed .....

Few Days Later ....

" ආජුස්සී .. ඔය හැමදාම මෙහෙම බඩු උස්සන් යන එක අපහසු නැත්ද?.. අදත් මං නොහිටියනම් ආජුස්සී තනියෙන්නේ මේවා අරන් යන්නේ..."

යුංගි දවස් ගානක් ගේ ලග රැකගෙන ඉදලා කොහොම හරි අන්තිමට ආජුස්සී ව අල්ල ගත්තා ...

" මොනවා කරන්නද පුතා.. ගෙදරට බඩු ගන්න ඕනේ මං ම තමයි.. මොකද අනිත් අයව විශ්වාස කරන බෑනේ.. "

" ම්ම්ම් .. ඉතින් ආජුස්සීට උදව්වට කෙනෙක් ගන්න බැරිද? විශ්වාසවන්ත කෙනෙක්.. "

යුංගී ගානට බෝලේ බස්සන කොට ආජුස්සී ඒ එක්කම බැලුවේ යුංගී දිහා...

" අහ්හ් අන්ද්වේයෝ..... මං කොහොමද ආජුස්සී එහේ වැඩට එන්නේ.. මං වගේ කෙනෙක්ව ගනිද? "

" බය වෙන්න එපා.. මං ඉන්නවනේ..පුතාත් තැන තැන රස්සාවල් කරන නිසා හොද නැත්ද මට උදව්වක් කරන් හිටියනම්.. "

" කොලේජ් එකේ වැඩත් එක්ක....."

" කොලෙජ් ගිහින් ඇවිත්? "

" ම්ම්ම් ආජුස්සී ඔච්චර ඉල්ලන නිසා බෑ නොකියත් බෑ...අනික මං ගොඩක්ම කැමති වෙන්නේ ආජුස්සී මගේ අප්පා වගේ නිසා.. මොකද මගේ අප්පා හිටියනම් එයත් ඔයා වගේ ඉදී... "

" කරදර වෙන්න එපා.. ඔයා හෙට මේ වෙලාවට එන්නකෝ... මං අපේ ලොකු මහත්තයාට කියලා අහලා ඉන්නම්.. "

" හරි ආජුස්සී ... මං එහෙනම් හෙට එන්නම්කො.. "

යුංගී ගෙනාව බෑග් ටික ගේ ලගදී ආජුස්සී අතට දීලා ගියේ අන්තිමට කොහොම හරි ඒ ගේ ඇතුලට පැන ගන්න චාන්ස් එකක් හොයා ගත්ත එකේ සතුටෙන්...

-------------------------------

" මහත්තයා ... "

" ඔව් දොන්ග් මින් ... කියන්න. "

" මට මහත්තයගෙන් ඉල්ලීමක් කරන්න පුලුවන්ද? "

" ඔව් කියන්න.. "

" මහත්තයා ... මාත් දැන් වයස නිසා මට වැඩ වලට උදව් වෙන්න කෙනෙක් ගෙන්න ගන්න පුලුවන් වෙයිද? "

" ඇයි දොන්ග් මින්.. අසනීපයක්ද? "

" අනේ නැහෑ මහත්තයා .. ඒත් වැඩ ටික කර ගන්න පොඩි කොල්ලෙක් හිටියනම් මට ලේසී වෙයි.. "

" ම්ම්ම් ඒත් දොන්ග් මින් කැමති නෑනේ කවුරුත් වැඩ වලට උදව් වෙනවට.. ඒකයි මමත් නිකන් හිටියේ.. "

" ඔව් .. ඒ මට පිට කෙනෙක් විශ්වාස කරන්න බැරි නිසයි මහත්තයා ... "

" ඉතින් දැන් විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවද? "

" ම්ම් ඔව් මහත්තයා .. මගේ නංගිගෙ පුතා.. කොල්ලා තවම ඉගෙන ගන්නවා.. මෙහෙ නැවතිලා ඉන්නේ ඉගෙන ගන්න නිසා ඉන්නේ තනියම.. කොල්ලා වැඩට කම්මැලි නැහෑ.. "

" ම්ම් දොන්ග් මින් ට කැමති දෙයක් කරන්න... හැබැයි ප්‍රශ්නය වෙන්න බැහෑ.. පොඩි මහත්තයා එක්ක වැඩිය මුහු වෙන්න තියන්න එපා.. දන්නවනේ.. එයාගේ හැටි.. ගෙදර රූල්ස් කලින්ම එයාට තේරුම් කරලා දෙන්න.. "

" කම්සාහාම්නිදා ... මං මහත්තයා කිව්ව විදිහටම කරන්නම්.. "

-----------------------------------

දොන්ග් මින් කීව විදිහටම යුංගී පහුවදා කොලේජ් ගිහින් කෙලින්ම ගියේ JH ගෙදරට..

📞 " අවුලක් නැහෑ බන්.. මං ශේප් එකේ ගෙදරට ගිහින් හිමින් සැරේ විස්තර හොයා ගන්නම්.. "

📞 " උබට ශුවර්ද අවුලක් වෙන එකක් නැහෑ කියලා.. ? "

📞 " බලමුකෝ... ඇතුලට ගිහින්ම තමයි බලන්න වෙන්නේ. මං දැන් ඉන්නේ ගේ ලග ජිනා.. මං උබට පස්සේ ගන්නම්.. "

📞 " පරිස්සමෙන් ... "

📞 " දේ... "

යුංගී ජින් ගේ කෝල් එක කට් කරලා ගේ ගාවට ගිහින් වටපිට බලලා බෙල් එක ගහන්න අත දික් කරනවත් එක්කම ගේට් එක නිකන්ම ඇරුනා...

" ඔහ්.. බය වුනා.. මේක නිකන්ම ඇරෙනවද.. "

යුංගී බය වෙලා වගේ වට පිට බැලුවේ ගේට් එක නිකන්ම ඇරුන එකට වඩා ඇතුලෙන් කවුරු හරි එයිද කියන බයටයි...

" යුංගි පුතා... "

" ඔහ් ආජුස්සී ... "

" පුතා වෙලාවටම ඇවිත්.. මං මේ ආවේ මාර්කට් එකට යන්න.. මාත් එක්කම යන්කෝ.. මට කියන්න වැදගත් දෙයක් තියෙනවා.. "

දොන්ග් මින් යුංගිවත් එක්කන්ම මාර්කට් එක පැත්තට ගියේ ගේ ලගින් වටපිට බලන ගමන්...

" ඇයි ආජුස්සී ... මොනා හරි ප්‍රශ්නයක් ද? වැඩේ හරි ගියේ නැත්ද? "

" වැඩේ හරි... "

" වහ් චින්චා ....😀 (ආ යුංගියා මාට්ටු වෙන්නද යන්නේ.. ඔය කට වහා ගන්නවා.. ) අහ් නෑ මං කීවේ.. අවුලක් වුනේ නැත්ද ආජුස්සී .. "

" දේ.. හැබැයි මට මහත්තයාට පොඩි බොරුවක් කියන්න වුනා.. "

" ඒ මොකද්ද ? "

" මං කීවේ යුංගී මගේ නංගිගේ පුතා කියලා.. මගෙ නංගිට ඇත්තටම පුතෙක් හිටියා.හැබැයි එයා මීට අවුරුදු ගානකට කලින් නැති වුනා... ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන් නෑ... අනික අපේ මහත්තයා ඕක හොයන් නෑ.. පොඩි මහත්තයා තමයි ප්‍රශ්නයක් වුනොත් වෙන්නේ.. ඒ නිසා එයාට පේන්න ඉන්න එපා... අනික යුංගි ඔයාට ගේ හැමතැනම ඇවිදින්න බැහෑ... ඔයාට ඉන්න පුලුවන් කිචන් එක තියෙන ඒරියා එකේ විතරයි.. මං කිවොත් ඇරෙන්න වෙන කොහෙවත් ඇවිදින්න එපා... රෑට කෑම හදන්න මට උදව් කරාට පස්සේ යුංගිට යන්න පුලුවන්.. ඒ ගෙදර රෑ කෑම විතරයි ඔක්කොම එකට කන්නේ.. ඒකත් සමහර දවසට නැහෑ. ඒ නිසා වැඩි වැඩක් නැහෑ. ඒත් පුතා හිටියොත් ලේසි නිසයි මං පුතාව ගන්නේ.. "

" මට තේරුනා ආජුස්සී ... "

" හරි එහෙනම් මට දැන් මේ බඩු ලිස්ට් එක ගන්න උදව් කරන්න "

දොන්ග් මින් යුංගිගේ අතේ එළවලු ලිස්ට් එකක් තියලා එළවලු තෝරන්න ගත්තේ හරි උනන්දුවෙන් ...

" ආජුස්සී ඇයි ඔච්චර හොයන්නේ..මේවා හොදයිනේ.. "

යුංගී ගස් ගෝවා එකක් අරන් cart එකට දා ගද්දී ආජුස්සී යුංගිගේ අතට එකක් ගහලා ආයෙත් ගස් ගෝවා එක ගත්ත තැනින් තිබ්බා...

" බලන්න කොල්ලෝ මේ ගස් අස්සේ සිදුරු තියෙනවා.. මං එළවලු ගන්නේ හොදම අලුත්ම ඒවාගෙන්.. නැත්නම් කෑම වල ගුණ අඩු වෙනවා.. මේ නිසයි මං වෙන අයව උදව්වට ගන් නැත්තේ.. ඒ නිසා මං වගේ කරන්න.. "

යුංගී ආජුස්සී ගෙන් දෙතුන් පාරක් ටොකුත් කකාම මූණත් ඇබුල් කරන් එළවලු තොරලා ඉවර වෙලා අනිත් බඩු ටිකත් අරන් ගෙදරට ආවේ හොදටම එපා වෙලා.. කොල්ලා ඉතින් කවදා කාපු කටුද.. දාඩියත් පෙරන් බඩු බෑග් ටිකත් උස්සන් යුංගී හති දදාම එද්දී ආජුස්සී හිනා වෙවෙවී ආවේ කොල්ලාට දවසෙන්ම එපා වෙලා කියලා තේරුන නිසයි..

ගේ ඇතුලට යද්දී යුංගි ඇස් දෙකත් ලොකු කරන් ගේ වටේම බැලුවා...

" වහ්. 😲 මේක ගෙයක්ද?.. සල්ලි නාන්න තියෙන මිනිස්සුන්ට මේවා මොනාද 😒.. සැප ජීවිත... "

ගේ එළියෙන් ටික වෙලාවක් පුදුමෙන් බලන් හිටියත් ගේ ඇතුලට ගිය ගමන් යුංගිට දැනුනේ මහා මූසල පාලු හැගීමක්.. එච්චර ලොකු ගෙදර එක මිනිස් පුලුටක්වත් පේන්න තිබුන් නෑ...

" මෙහෙන් තියන්න පුතා... හරි දැන් මට මේ ටික අස් කරන්න උදව් වෙන්නකෝ.. "

යුංගී ආජුස්සී එක්ක බඩු ටික අස්කරන්න උදව් වෙලා කෑම ටිකත් ලෑස්ති කරන්න උදව් කලා... පළවෙනි දවස නිසා යුංගී කිසි දෙයක් අහන්න කරන්න නොගියේ පොඩි හරි සැකයක් ආවොත් හැම දේම වතුරේ යන නිසයි..

ටික වෙලාවක් යද්දී වාහනයක් එන සද්දෙත් එක්කම දොන්ග් මින් දුවලා ගියේ ගෙදර living room එකට.. යුංගිත් හිමිට හිමීට පොඩ්ඩක් ඒ පැත්තට අඩිය තියලා කණුවකට යන්තම් මුවා වුනා..

"මහත්තයා අද කලින්ම "

" ඔව් මින්... අද වැඩ ටික පුතා බලා ගන්නවා.."

------------

" (ඔහ් එහෙනම් මෙයයි මෙහේ ලොකු තැන.. ආජුස්සී කීව මිස්ට ජොන්ග් මෙයා වෙන්න ඕනේ ඒ කියන්නේ.. ඔහ් මිනිහා මාව දැක්කා.. යුංගියා ශේප් එකේ යනවා ඇතුලට.. )"

" අර කෙනාද දොන්ග් මින්ගේ ඥාති පුතා? "

" අහ් දේ... යුංගියා.. මෙහේ එන්න. "

මිස්ට.ජොන්ග් යුංගිව යන්තම් දැකලා අහන්වත් එක්කම මින් යුංගිට කතා කල නිසා යුංගී බයෙන් බයෙන් ඒ දිහාට ගියේ බිම බලාගෙන...

" ඔහ්.. ඔයාගේ නම? "

" මං... මින්... යුං..ගී.. "

යුංගී හිමීට ඔලුව උස්සන ගමන් නම කියද්දී බැලුවේ මිස්ට.ජොන්ග් ගේ ඇස් දිහා.. යුංගිට ඒ ඇස් වල අමුත්තක් පේන්න තිබ්බත් ඒක වැඩිය නොහිතා පොඩි හිනාවක් දැම්මේ ලොක්කගේ හිත ගන්න හිතාගෙනයි...

" ඔයා... 😲 "

මිස්ට.ජොන්ග් බය වෙලා වගේ එක පාරට යුංගී දිහා බලද්දී යුංගී මුකුත් හිතා ගන්න බැරුව බැලුවේ දොන්ග් මින් දිහා...

.
.
.
.
.
.
.
.

___________________________________________

අන්න්‍යොන්ග් චින්ගුලා 🤫❤️

මොකද හිතන්නේ ඔයාලා?.. කතාව යන විදිහ කම්මැලීද?.. 🙄

දවස් දෙකකට පස්සේ ආවේ ළමයි.. 😌 ඔයාලා හොදින් ද?..එහෙනම් මං ගියා... ආයේ දවස් දෙකකට පස්සේ එන්නම්...බායි..

Borahae 💜️


Continue Reading

You'll Also Like

30.3K 4.7K 21
වත්මන් රඡපවුලේ කිරුල හිමි කුමරුට ගෙන එන යෝඡිත විවාහය........ මේ ඔවුන්ගේ කතාවයි.....
24.5K 5.9K 22
"එයා කව්ද මට එහෙම කරන්න...? එයා කවුරු උනත් එයාට බෑ මගෙ ජීවිතේ තීරණේ කරන්න.. මගේ දෛවය ලියන්නෙ මමයි.. මම විතරමයි..." Fanfiction only ❤️ ⚠️️කොපි කරන්න එ...
592K 37.6K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
10.4K 1.5K 16
ආදරේ කියන්නේ ලොකු ප්‍රෙහේලිකාවක් . ඒ ප්‍රෙහේලිකාව විසඳගන්න හැමෝටම බැහැ . ඒ නිසයි ලෝකේ හුඟාක් මිනිස්සු ආදරේ කොයිතරම් ලස්සන උනත් ඒකේ නියම රසය දන්නෙ නැත...