♛ අග්නි ♛

By Bulbz_D

164K 33.8K 28.9K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 39

1.8K 404 349
By Bulbz_D

'' සැබවින්ම විටෙක සිතෙනවා මේ , තරගාවලියෙහි අරමුණ කුමක් දැයි කියා... '' සුග්‍රීව පැවසුවේ කළකිරීම මුසු වූ ස්වරයෙනි .

වෛශව අසපුවෙහි ඇතුළු අනෙක් සියලු අසපුවල මුනි ශිෂ්‍යයෝ  ඒ වන සප්තකන්‍යා තරග භූමිය වෙත රැස්ව සිටියෝ ය.

'' වෙන කුමක්ද අර සියුමැලි කුමාරයාගේ සිත දිනාගෙන තීර්ථයේ අනුග්‍රහය ලබන අසපුව බවට පත් වීම මිස.... '' භීෂ පැවසුවේ දීඝ අසපු මණ්ඩපය අසල කුඩා දරුවෙකු හැසිරෙමින් සිටි භාසු දෙස ඉගිකරමිනි.

'' ඔහු , වනාහී රත්නද්වීප ඉතිහාසයේ දුර්වලම පාලකයා වනු නිසැකයි.. '' අභය ද කතාවට එක් විය .

'' මා හට තිබෙන බිය නම් , ප්‍රධාන මුනිවරුන් එක්ව ඔහුගේ දෙපා  , දෑත් ගැටගසා ඔහුව රූකඩයක් ලෙස පාලනය කරනු අපට බලා සිටීමට සිදු වේදැයි යන්නයි.. '' ථීත ද පැවසුවේ ය.

'' සියුමැලි කුසුම සුලෝධජ.. '' අභය උපහාසයෙන් පැවසුවේ ය. අභයගේ වදන්වලට රවා අග්නි අනෙක් පස බලාගත්තේ කිසිවක් නෑසුණු විලාසයෙනි. කව්රුන් කුමක් කීවත් සුලෝධජ නාමය තවමත් ඔහුගේ විය. ඔහු තවමත් ඒ නාමය ප්‍රිය කළේ ය. ඔහුගේ සුරත මිට මොලවා ගෙන ඉවසී ය.

'' අග්නිඊඊඊ... '' කොහිදෝ සිට දිව ආ මිගාර අග්නිගේ දෑතේ එල්ලුණේ සුපුරුදු පරිදියි. අග්නි මිගාරගේ දෑතගසා දැමුවේ මදක් කෝපයෙනි . මිගාර පසෙකට තල්ලු වී ගියේ ය. මිගාරගේ මුහුණෙහි විස්මය පිරි ශෝකාන්විත බැල්මක් විය.
අග්නි මද මොහොතකට පසුව සන්සුන් විය. මිගාර මෙකී කිසිවකට වග කිව යුතු නොවන වග ඔහුට සිහිපත් විය.

'' ආා.. මිගාර.. මගේ හස්තය තරමක් ආබාධිතයි.. '' අග්නි සිනාසෙමින් පැවසුවේ ය. . මිගාර ද පෙරළා සිනාසුණේ ය. අනතුරුව දෙතොල් උල් කළේ ය.

'' කමා කරන්න අග්නි.. මා නැවත එසේ සිදු කරන්නේ නැහැ.. පොරොන්දු වනවා.. '' මිගාර පැවසුවේ සිය කුඩා සුළැගිල්ල ඔසවා පොරොන්දුව සපථ කරමිනි.

'' දැන් ඉදින් කුමක්ද පැවසීමට ගියේ ? මිධුනාථ කොහි ද ? '' අග්නි විමසුවේ ය. සුග්‍රීව පැවසූ පරිදි , මිගාර හා මිධුනාථ දෙදෙනාට ඖෂධ මිළදී ගැනීමට නුරුපුර වෙත යාමට සිදු වූ අතර මිගාර නැවත පැමිණිය මුත් මිධුනාථ තවමත් නොපැමිණියේ ය.

'' ආාා. අග්නිඊඊ..  මිධුනාථ.. මිධුනාථ.. මිධුනාථ... !!! මිධුනාථ අය්යණ්ඩි ඇඹුල් දොඩම් සෙවීමට ගියා..... '' මිගාර පැවසුවේ දෙතොල් උල් කරමිනි.

'' ඇඹුල් දොඩම් ??? '' අග්නි පෙරළා ප්‍රශ්න කළේ ය. මිගාර හිස සැලුවේ ය.

'' ආා.. මිධුනාථ අය්යණ්ඩිට කුමක් සිදු වීලා ද යන්න මට වැටහෙන්නේ නැහැ.. ඔහු ළගදී සිට ඇඹුල් දොඩම් සොයනවා.....කුමකට ද කියලා සැකයි.. මැණියන් පැවසූ පරිදි නම් කෙනෙක් එක්වරම ඇඹුල් සහිත ආහාර ගැනීමට ප්‍රිය කරනවා නම්.. එහි අරුත..... '' මිගාර මදකට නැවතුවේ ය. ඔහු රහස්‍ය කරුණක් පැවසීමට යන ලෙස අග්නිට තවත් අසලට පැමිණෙන ලෙස සංඥා කළේ ය.

'' මෙයයි කරුණ... ඇඹුල් ආහාර හදිසියේම අනුභව කරන්නේ..... අයෙක් පිළිසිද ගත් විටලු... '' මිගාර හඩ බාල කරමින් පැවසී ය.

'' නමුත් මා කල්පනා කළේ... මිධුනාථ අය්යණ්ඩි තරුණයෙක් ... ඔහු කෙලෙස ද.... ආව්..ඌය්යා...  ... අග්නිඊඊඊඊඊඊඊ ......... කිම ද ඔබ මගේ හිසට පහර දුන්නේ ? '' මිගාර දෙතොල් උල් කරමින් විමසුවේ අග්නි විශ්වයේ සියලු තාරකා පෙනන ලෙස ටොකුවක් ඇනි සිය හිස අතගාමිනි.

'' කුඩා දරුවෙක් නොවේ ද මේ ? ආ ?  සිටින්න .. මා තාලිට මේ සියල්ල පවසනවා... '' අග්නි රළුව පැවසුවේ ය.

'' හෑ හෑ හෑ,... මා ඇයට බිය නොවෙයි.. '' මිගාර දෙතොල් උල් කරමින් පැවසුවේ ය.

'' බ්ලෑ බ්ලෑ බ්ලෑ .. නුඹ ඇයට බියයි..'' අග්නි පෙරළා පැවසුවේ ය.

මිගාර තවත් කිසිවක් පැවසීමට ගිය ද ඔහු මුව වසාගත්තේ මිධුනාථ ඒ දෙසට පැමිණෙනු දැකීමෙනි . අග්නි ද ඒ දෙස බලා මිධුනාථ වෙත සිය දුර්ලභ  සිනහාව පෑවේ ය. අනතුරව මිධුනාථ වෙත හස්තය පෑවේ ය.

මිධුනාථගේ ඇහිබැම රළු වූ අතර , ඔහු අග්නි දෙසත් ඔහු දිගු කල හස්තය දෙසත් රෞද්‍ර ලෙස රවා බැලුවේ ය.

'' එය දෙන්න.. '' අග්නි සිනාසෙමින් පැවසුවේ ය.

'' උමතුවෙන් ද ? ආහ්.. නොවෙයි..උමතුව යනු තමුන්ගේ සාමාන්‍ය ස්වරූපයනේ... '' මිධුනාථ රවමින් පැවසුවේ ය .

'' හා හා.. ! කතා නුවුමනායි... මගේ ඇඹුල් දොඩම ලබා දීමෙන් පසු අවශ්‍ය ඕනෑම දෙයක්.. '' අග්නි නැවතත් පැවසුවේ ය . එවර මිධුනාථ හැරී බලා රැව්වේ ය. නමුත් කිසිවක් නොපැවසුවේ ය.

'' අග්නිඊඊ...  ඇඹුල් දොඩම් ඔබට ද එවිට ?   '' මිගාර එවර හැරෙමින් විමසුවේ ය.

'' ඇඹුල් දොඩම් .... වනාහී මගේ ප්‍රියතම ආහාරය... '' අග්නි ද පැවසුවේ දෑස් වසාගෙන ඇඹුල් දොඩමක රස සිහිපත් කරමිනි.

'' ආාා... එ් නිසා තමා එසේ නම් ලගේල නගරයේ අවන්හලේදී මිධුනාථ අය්යණ්ඩි මා හට පැ - ව- සු............ '' මිගාර පැවසීමට ගිය දෙය ගිලගත්තේ තමා දෙසට එල්ල වී ඇති මිධුනාථගේ රෞද්‍ර බැල්ම නිසාවෙනි .

'' මිගාර කටවහනවා.. !!!! '' මිධුනාථ ගිගිරුවේ ය. මිගාර බියවී පසෙකට විය.

'' ආා..හාා.. මිධුනාථ.. කෝප නොගන්න.. මිගාර කිසිදු වැරදි දෙයක් පැවසුවේ නැහැනේ.. '' අග්නි පැවසුවේ මිගාරව සනසවමිනි.

'' මිගාර ... ඔය ඉස්ගෙඩියා පවසන දේවල් එතරම් නොතකන්න.. '' අග්නි මිගාර වෙත හැරී පැවසුවේ සිනාසෙමිණි . මිධුනාථ රවා අනෙක් පස බලාගත්තේ ය.

අග්නි ධීර වෙත ද භාසු වෙතද අත වැනීමට අමතක නොකළේ ය. භාසුගේ මුහුණ තරමක් වෙහෙසකර වූ මුත් ඔහු අග්නි වෙත සිනාසී ඉගිමැරුවේ ය. ධීර ද ඔහුට අත වැනීමට අමතක නොකළේ ය. ජඨිල හා ගීම දෙස බලා රෞද්‍ර බැල්මක් හෙලූ අග්නි නැවතත් ප්‍රධාන පීඨිකාව දෙසට සිය අවධානය යොමු කළේ ය.

සප්තකන්‍යාව සිසාරා පැතිරුණු ඝන්ඨාර නාදය සියලුම මුනි ශිෂ්‍යයන් නිහඩ කළෝ ය. වෙනුරාධ මුනිතුමන් ගාම්භීර විලාසයෙන් පීඨිකාව මතට ඇවිද ආවේ ය. ඔහු සුපුරුදු පරිදි සිය උඩුරැවුල පිරිමැද සිය කතාව ආරම්භ කළේ ය.

'' මෙවර තරග වටය , ගවේෂණ වටයක් වග ඔබලා සියලු දෙනා දැනුවත් නොවේ ද ? ''  වෙනුරාධ මුනි ඔහුගේ තරමක් වියපත් එහෙත් ගාම්භීර හඩින් විමසී ය. සියලුම මුනි ශිෂ්‍යයෝ එකාවන්ව හඩ නැගුවෝ ය.

'' සියලුම තරගකරුවන් පීඨිකාව අසලට පැමිණෙන්න... '' ගිරි අසපුවෙහි තරමක් වැඩිමහල් මුනිවරයෙකු හඩ නගා පැවසී ය. සුග්‍රීව , මිධුනාථ , භීෂ සහා ථිත ද අනෙක් අසපුවල ප්‍රධාන තරගකරුවන් ද පීඨිකාව අසලට එක්රැස්වනු අග්නි දුටුවේ ය. ඔවුන් අතරින් මුහුණෙහි සුහද හැගීම් සටහන්ව තිබුණේ  සුග්‍රීව , භාසු හා ධීර තිදෙනාගේ මුහුණුවල පමණක් වග අග්නිට නිශ්චිතවම පැවසිය හැකි විය. මිධුනාථගේ බැල්ම බවා අතිශයින් රෞද්‍ර විය. කෙසේ වුවත් එය ඔහුගේ සාමාන්‍ය ස්වභාවය විය .

'' දැන් නුඹලා වෙත පිළිගැන්වෙන මංජුසාවෙහි ඇති වර්ණ රෙදි පටිය ආධාරයෙන් තමා අයත් කණ්ඩායම පිළිබද දැනගත හැකි යි. '' වෙනුරාධ මුනි පැවසුවේ මංජුසා රැගත් දාසයන් හට සංඥා කරමිනි.

වෛශව අසපුවෙහි පමණක් නොව අනෙක් අසපුවල අය ද ඔවුන් වෙතට පිළිගැන්වුන මංජුසාවල වූ රෙදිකඩ සුතරට ගත්තේ ය. අග්නි මිධුනාථ දෙස විමසිල්ලෙන් බැලුවේ ය ඔහුගේ වම් හස්තයෙහි රත්ක වර්ණ පටියක් ගුලිව තිබෙනු අග්නිට දැකගත හැකි විය.

අග්නි මීළගට භාසු වෙත සිය දෑස් යොමු කලේ ය. භාසුගේ හස්තයෙහි ද කහ පැහැති පටියක් විය . එලෙසම ධීර ද සිය හරිත පැහැති පටිය අග්නිට ඔසවා පෙන්වුයේ ය. අග්නි එය අනුමත කරමින් හිසින් සන් කළේ ය.

  සුග්‍රීව සතුව ස්වේත පැහැ පටියකුත් , භීෂ සතුව හරිත වර්ණ පටියකුත් , ථිත සතුව කාලවර්ණ පටියකුත් විය. අග්නි බලාපොරොත්තු නොවූ පරිදි ජඨිල හා ගීම දෙදෙනා සතුවම මිධුනාථ මෙන්ම ලෝහිත වර්ණ රෙදිපටි විය. නිසැකවම , ජඨිල මිධුනාථගෙන් සිය කෝපය පිටගැනීමට අවස්ථාවක් සොයනු ඇතිවග අග්නිට මෙවර සක්සුදක් සේ විශ්වාස විය.

'' මෙවර වටයෙහි අපි විශේෂත්වයක් එක් කළා.. '' වෙනුරාධ මුනි පැවසුවේ ය. සියලු මුනි ශිෂ්‍යයන් අතර කුසු කුසුවක් පැතර ගියේ ය.

'' ඔබට සහකයා ලෙස තෝරාගැනීමට අවසර ලබාදුන්නේ ඔබ විශ්වාස කරන අයෙකුයි.. නමුත් , ජීවිතයේදි අප විශ්වාස කරන අයවලුන් මෙන්ම විශ්වාස කළ නොහැකි අය ද බොහෝ හමුවනවා.. ඔවුන් සියලු දෙනා සමග ගනුදෙනු කිරීමේ හැකියාව මේ තරග වටයෙන් අප පිරික්සා බලනවා... '' වෙනුරාධ මුනි පැවසුවේ ය. අනතුරුව ඔහු නැවතත් දාසයන් වෙත සන් කළේ ය.

තමා ඉදිරියේ පිළිගැන්වුණු මංජුසාව දෙස බැලූ අග්නිත් මිගාරත් රුද්‍රත් තිදෙනාම මුහුණට මුහුණ බලාගත්තෝ ය. අභය ද තමා වෙත පිළිගැන්වූ මංජුසාවෙන් රෙදි කඩ සුරතට ගනු දුටු අග්නි , මිගාර හා රුද්‍ර තිදෙනාත් රෙදි පටිය සුරතට ගත්තෝ ය. අනෙක් සියලු අසපුවල සහයක ශිෂ්‍යයෝ ද එලෙස සිදු කරනු ඔවුහු දුටුවෝ ය.

මිගාරට , මෙන්ම අග්නිගේ අතට ලැබුන මංජුසාවෙහි ද වූයේ කහ වර්ණ රෙදි පටියක් විය. ඒ අනුව අග්නි සහ මිගාර දෙදෙනාම එකම කණ්ඩායමෙහි විය.  මිධුනාථ , තමාගේ අතෙහි වූ කහ පැහැති රෙදි පටිය දෙස දෑසගින් බලා නැවතත් ඉදිරිපස බලාගනු අග්නි දුටුවේ ය.

රුද්‍ර සතුව ද ස්වේත වර්ණ පටියක් වූ අතර ඔහු හා සුග්‍රීව එක කණ්ඩායමක විය. අභය සතුව ථිත මෙන්ම කාලවර්ණ පටියක් වූ අතර ඔවුන් දෙදෙනා ද එක් කණ්ඩායමක විය.

අග්නි සිය හස්තයෙහි වූ කහ පැහැති පටිය සුරතට ගුලි කලේ ය. නිසැකවම මෙය වෙනුරාධ මුනිගේ නැතහොත් අග්නිට අනුව වෙනුරාධ මහල්ලාගේ කූඨ සැලසුමක් විය . පැහැදිලිව ඔවුන් මිධුනාථව වෛශව අසපුවෙහි අන් අයගෙන් වෙන් කර ඇති වග අග්නිට පැවසීම අපහසු නොවුණි . භීෂ ද වෛශව අසපුවෙහි අන් අයගෙන් වෙන් වු මුත් ඔහුගේ හරිත වර්ණ පිල එතරම් භයානක අයුරක් දිස් නොවූ අතර එහි බොහෝ අයවලුන් කුවල්‍ය හා දීඝ අසපුවෙහි අය විය. නමුත් මිධුනාථට පැහැදිලිවම එසේ නොවී ය. ජඨිල හා ගීම යන ගිරි අසපු කෲරතම ශිෂ්‍යයන් දෙදෙනා හැරුනු විට සමස්ත ගිරි අසපු මුනි ශිෂ්‍යයන්ගෙන් තුන් කාලක්ම මිධුනාථ සිටි පිලෙහි විය. අන් අයුරකින් පැවසුවහොත් මිධුනාථ හා තවත් එක් කුවල්‍ය හා දීඝ ශිෂ්‍යයෙකු හැර ඉතිරි සියල්ලොම ගිරි අසපුවෙහි ශිෂ්‍යයන් විය.

'' එවිට , ඔවුන්ගේ ඉලක්කය... මිධුනාථ ද ? '' අග්නි කලබලයෙන් සිතුවේ ය. වෙනුරාධ මුනිගේ සැලසුම් , ඔහු තක්සේරු කළාට වඩා පහත මට්ටමක විය. ඔවුන් ලේසියෙන් මිධුනාථ හා ගැටිය නොහැකි වග අග්නිට හොදින්ම විශ්වාස විය.

'' අඩහෝරාවකින් තරගය ආරම්භ කෙරෙනු ඇති .... '' වෙනුරාධ මුනි පැවසුවේ ය.

'' නමුත් අප සෙවිය යුත්තේ කුමක් දැයි අප නොදැනුවත්... '' කුවල්‍ය අසපුවෙහි එක් ශිෂ්‍යයෙකු පැවසුවේ ය. සියලු දෙනාම ඔහුට එකගව හිස වැනුවේ ය.

'' එය සොයාගත යුත්තේ ද ඔබලා විසින්මයි.. කුඩා සලකුණු ඔස්සේ ලුහුබදින්න... '' වෙනුරාධ මුනි වෙනුවට කුවල්‍ය අසපුවෙහි ප්‍රධාන මුනි වූ ශීෂ මුනි රළුව පිළිතුරු දුන්නේ ය. සිය ප්‍රධාන මුනිගේ පිළිතුර හමුවේ මුනි ශිෂ්‍යයා හිස නමා ආචාර කරමින් නිහඩ විය.

'' මිධුනාථ.. ඔබට එය ගැටලුවක් නොමැති ද ? '' ඔවුන් සියලු දෙනා ගවේෂණ වටය වෙත සූදානම් වීමට ලබාදුන් කාලයේ සුග්‍රීව මිධුනාථගෙන් විමසුවේ ය. මිධුනාථ පිළිතුරු ලබා නොදුන්නේ ය. ඔහු හිස සැලුවේ ය.

'' නිසැකවම මෙය කුමක් හෝ කූඨ සැලැස්මක්.. '' භීෂ ද එවර පැවසී ය.

'' මා හටත් එය විශ්වාසයි.. '' රුද්‍ර ද හිස සලමින් අනුමත කළේ ය.

'' නමුත් අප කුමක් ද සෙවිය යුත්තේ ? අපව වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් ලෙස ඇතුළත් කිරීමට හේතුව කුමක් ද ? '' අභය ද විමසුවේ ය. කෙතරම් ආරවුල් පැවතිය ද අවශ්‍යම මොහොතේ වෛශව අසපු ශිෂ්‍යයන් තුළ වූ මෙකී සමගිය අග්නි සිතින් අගය කළේ ය.

'' කුමක් වුවත් කම් නොවේ.. අග්නි මා හා එක කණ්ඩායමේ... '' මිගාර කුඩා දරුවෙකු මෙන් පැවසුවේ සිය අලංකාර ධනුර්ධය පිටෙහි එල්ලාගනිමිනි. මිගාර අසිපත හැසිරවීමට වඩා ධනුර්ධ ශිල්පයෙහි නිපුණයෙකු විය.

'' සුලෝධජ කුමරුන් පවා ඒ කණ්ඩායමෙහි නොවේ ද ? '' ථිත ද විමසුවේ ය.

'' ඔහු , එකී කණ්ඩායමේ  ද ? '' මෙතෙක් වෙලා නිහඩව සිටි මිධුනාථ විමසුවේ සිය පිටෙහි අසිපත එල්ලූ හම්පටිය පපුවට තර කරගැනීම පසෙකලා යි . ඔහුගේ නළල රැලි ගැන්වී තිබූ අතර දෑස් කුඩාව තිබුණි . අග්නි හිස සැලුවේ ය.

'' එසේයි. මාද දුටුවා... ඔහු සතුව වූයේත් කහ වර්ණය.. '' රුද්‍ර විශ්වාසයෙන් පැවසුවේ ය.

ඔවුන් තවත් කිසිවක් පැවසීමට පෙර , ඝන්ඨාරය නාද විය. සුග්‍රීව සිය අසිපත සුරතට ගනිමින් නැගී සිටියේ ය.

'' සියලු දෙනා ප්‍රවේසම් වන්න... මිධුනාථ.. ඔබ විශේෂයෙන්... '' සුග්‍රීව පැවසුවේ මිධුනාථ දෙස හැරෙමිනි. මිධුනාථ කිසිවක් නොපැවසු මුත් ඔහුගේ දෑස් රළු විය.

'' නුඹ ප්‍රවේසම් නොවුන හොත් , වෛශව අසපුවට සියලු දේ අහිමිව යාවි..'' ථිත පැවසුවේ ය . ථිතගේ වදන්වලට මිධුනාථගේ ඇහිබැම රැලි ගැන්වුන ද ඔහු කිසිවක් නොපැවසුවේ ය. ඔහුගේ දෑත මිට මෙලවී තිබෙනු අග්නිට පෙනුණි .

'' නුඹ කුමක් දැයි මතක තබාගන්න මිධුනාථ... '' භීෂ ද තරමක් දැඩිව පැවසුවේ ය.

'' කටවහනවා  ! මට වැටහුණා !!!! '' මිධුනාථ පැවසුවේ මණ්ඩපය තුල වූ මේසයට ද පා පහරක් එල්ල කරමිනි. ඔහු කෝපයෙන් මණ්ඩපයෙන් පිටතට ගියේ සියලු දෙනා දෙසට නුරුස්සන සුළු බැල්මක් හෙළමිනි.

'' ඒයි. මිධුනාථ...මදක් සිටින්න.. '' අග්නි ද ඔහු පිටුපසින් දිව ගියේ ය.

'' එවර කුමක් ද ? '' මිධුනාථ කඩාපැන්නේ ය.

'' ප්‍රවේසම් වන්න.. '' අග්නි සන්සුන්ව පැවසී ය . මිධුනාථගේ මුහුණෙහි වූ කෝපාන්විත බව මදකුදු පහව ගියේ නැත .

'' තමුන් පවසන්නෙත් මට සක්වල චක්‍රයේ යතුරක් නිසා ප්‍රවේසම් වන්න කියා ද ? තමුන්ටත් එයනේ අවශ්‍ය ..!!!!  '' මිධුනාථ අග්නි දෙස බලා ගිගිරුවේ ය. ඔහුගේ කෝපයට හේතුව අග්නි ඒ වන විටත් හොදින් වටහා ගෙන සිටියේ ය.

'' නොවේ... ඔබ මේ ලොව සිටින එකම මිධුනාථ බැවින් ප්‍රවේසම් වන්න... '' අග්නි සිනාසෙමින් සන්සුන්ව පැවසුවේ ය . මිධුනාථගේ මිට මෙලවී තිබූ දෑත් ලිහිල් විය . ඔහු සන්සුන් විය. රළුව තිබූ ඇහි බැම ද ලිහිල් විය.

'' හ්ම්.. '' මිධුනාථ පැවසුවේ එපමණකි. ඔහු නිහඩවම ගිරි අසපු මණ්ඩපය දෙසට සෙමින් පියවර තැබුවේ ය.

'' ප්‍රවේසම් වනවා ඉස්ගෙඩියෝ.. මා හට අන් මිධුනාථ කෙනෙකුන් මිලදී ගැනීමට ස්ථානයක් නොවේනේ..... වැටහුණා දෝ  ? '' අග්නි පිටව යන මිධුනාථ වෙත කෑගැසුවේ ය.

'' කටවහනවා අඥානයා.. '' මිධුනාථ පිටුපස නොබලාම පැවසුවේ ය. පියවර කිහියක්ම ගමන් කිරීමෙන් අනතුරුව එක් වරම යමක් සිහිපත් වූවෙකු සේ නැවතත් අග්නි දෙස හැරුණේ ය.

'' ආ .. මෙය තබාගන්නවා.. '' මිධුනාථ රළුව පැවසුවේ යමක් අග්නි වෙත විසි කරමිනි. මිධුනාථගේ ඇත් දළ කිණිස්ස අග්නි සාර්ථක ලෙස දෑතින් අල්ලා ගත්තේ ය. ඔහු එදෙස බලා සිනාසුණි . සිය අසිපත ඇති විටදී කිණිස්සකින් කල හැකි කිසිවක් නොවූ වග අග්නිට සහතික විය. නමුත් ඔහු කිණිස්ස තමා සතුවම තබාගත්තේ ය.

'' ආා... මිධුනාථ... ඔබ '' ප්‍රවේසම් වන්න '' යැයි පවසන ආකාරය ද මේ ? '' අග්නි සිනාසෙමින් කෑ ගසා විමසුවේ ය. ඔහු බලාපොරොත්තු වූ පරිදිම මිධුනාථ ඔහුව සම්පූර්ණයෙන්ම නොසලකා හැර ජඨිල සිටි ඉසව්ව වෙත ගමන් කළේ ය.

'' අගිනිඊඊ.. පිට වන්නේ නැති ද ? '' මිධුනාථ පිටව ගිය දෙස බලා සිටි අග්නි පියවි සිහියට පැමිණියේ මිගාරගේ ශබ්දයටයි. ඔහුගේ හස්තයෙහි කහ පැහැති රෙදි පටිය ගැටගසා තිබූ අතර ඔහුගේ අග්නිගේ මැණික් කටුව අසල ද එය ගැටගැසුවේ ය.

'' ඔබ මෙය මකා දැමුව ද ? කෙලෙස ද  ? '' මිගාර විස්මයෙන් විමසුවේ අග්නිගේ මැණික් කටුව දෙස බලමිනි.

'' කුමක් ද ? '' අග්නි ද පෙරළා විමසුවේ ය. ඔහු තමාගේ හස්තයෙහි මැණික් කටුව දෙස බැලුවේ ය. තමාට මෙවැනි සලකුණක් තිබෙනවග ද අග්නිට සම්පූර්ණයෙන්ම පාහේ අමතකව ගොසින් තිබුණි . පැහැදිලිව එහි පිටතින්ම පිහිටි චක්‍රයෙහි වළල්ල සම්පූරණ නොවූ අතර එහි එහි පරතරය ද ආංගුල අඩක් පමණ වැඩිව තිබුණි .

'' ආහ්.. දැන් මේ පිළිබද සිතීමට කාලය නොවේ.....  '' අග්නි කලබලයෙන් මිගාරට පැවසුවේ ය.

සියලු දෙනා කණ්ඩායම් වශයෙන් රැස්ව සිටි අතර අග්නි මිගාරද කැටිව පීත පැහැ ධජය ලෙලදෙමින් තිබූ කාණ්ඩය දෙසට ගියේ ය. භාසු තමා දෙස බලා දෑස්වලින් සිනාසෙනු දුටු අග්නි ද ඔහු වෙත පෙරළා ඉගි මැරුවේ ය. කුවල්‍ය අසපුවෙහි කෛශාල නම් ශිෂ්‍යයා ද ඔවුන් දෙස බලා තරමක සුහද සිනහාවක් පෑ මුත් , මයුර අසපුවෙහි ප්‍රධාන තරග කරුවෙකු වූ ඉරුධ අග්නි වෙත රෞද්‍ර බැල්මක් හෙලා ඉවත බලාගත්තේ ය. ඉතිරි ප්‍රධාන තරග කරග කරුවා ද මයුර අසපුවෙහි වූ අතර ඔහු කායික ශක්ති තරග වටයේදි භීෂ හා ගැටුනු යුගේන්ද්‍ර නම් ශිෂ්‍යයා විය.  අනෙක් කුවල්‍ය අසපු සහයක ශිෂ්‍යයා , දීඝ අසපු සහයක ශිෂ්‍යයා ද අග්නි හා මිගාර දෙස බලා , නැවතත් අනෙක් පස බැලුවෝ ය.

අග්නි හා මිගාර දෙදෙනාම දෙතොල් උල්කරමින් එකිනෙකා දෙස බලාගත්තේ ය.

'' අග්නිඊඊ..'' මිගාර සිය හඩ බාල කර අග්නි ඇමතුවේ ය.

'' පවසන්න.. ''

'' අප කුමක් ද සැබවින්ම සෙවිය යුත්තේ ? '' මිගාර කුතුහලයෙන් විමසුවේ ය.

'' සෙවිය යුත්තේ ඔවුන්.....  අපට ඇත්තේ සහය දීම පමණයි.. '' අග්නි සිනාසෙමින් පැවසුවේ ය. ඔහුගේ ශබ්දයට මයුර අසපුවෙහි යුගේන්ද්‍ර ශිෂ්‍යයා හැරී බැලුවේ ය.

'' තමුන් කව්රුන් කියාද සිතා සිටින්නේ ? පහත් දාසයෙකුට හැකි ද මෙලෙස හැසිරීමට ? '' ඔහු උපහාසයෙන් විමසුවේ ය. ඉරුධ ද ඔහු දෙස රෞද්‍ර බැල්මක් හෙළුවේ ය.

අග්නිගේ මුවෙහි සියුම් උපහාසාත්මක සිනහාවක් මතු විය . ඔහු එකී උපහාසාත්මක බැල්ම පැහැදිලිව පෙනෙන පරිදි යුගේන්ද්‍ර දෙස ඍජුව බැලුවේ ය.

'' ඔබතුමන්ගේ සම්පූර්ණ අවධානය ගවේෂණය වෙත යොමූ වූවා නම් සුදුසුයි යනවගයි මාගේ අදහස...... ...'' ........................ '' ස්වාමිනි.. '' අග්නි එක් කළේ ය. ඔහුගේ ස්වරය පැහැදිලිවම කිසිදු ගරුවත්වයක් තැවරී හෝ නොතිබුණු තියුණු ස්වරයක් විය .

'' ආා.. ඔබ නම් විනාේදකාමී පුද්ගලයෙකු සේයි මට පෙනී යන්නේ... '' භාසුර , යුගේන්ද්‍ර හා අග්නි මධ්‍යට පනිමින් බයාදු ලෙස පැවසුවේ යුගේන්ද්‍රගේ සුරත ඔහුගේ යගදාව වෙත ළගාවනු ඔහුට පෙනුණු බැවිනි. භාසුරට එරෙහිව යුගේන්ද්‍ර කිසිවක් සිදු නොකළේ ය.

'' හදුනා ගැනීම සතුටුක්.. '' භාසු නැවතත් පැවසුවේ ය.

'' හදුනා ගැනීම සතුටක් කුමරුනි.... මා වෛශව අසපුවෙහි මිගාර.. මොහු අග්නි..'' අග්නි වෙනුවට පිළිතුරු දුන්නේ මිගාර විසිනි.

'' මා කෛශාල.. කුවල්‍ය අසපුවෙහි.. '' සුදුමැලි පැහැයක් ගත් ශිෂ්‍යයා ද සන්සුන්ව පැවසී ය.

'' නුඹලා නාමයන් සමග ක්‍රීඩාකරමින් සිටින්න.. අනෙක් සියලු කණ්ඩායම් ජයග්‍රහණය කරන තුරු.. '' එවර යුගේන්ද්‍ර රළුව පැවසුවේ සියලු දෙනා සෝදිසිය සදහා යොදවමිනි.

'' ඒත් අපි සෙවිය යුත්තේ කුමක් දැයි නොදැනුවත් ව කුමක් සොයන්න ද ? '' අග්නි විමසුවේ ය. ඔහු සෙවිය යුත්තේ කුමක් දැයි නිසැකවම දැන සිටියේ ය.

'' මුද්‍රාවක්.. '' ඉරූධ කෙටියෙන් පැවසුවේ ය. යුගේන්ද්‍ර ඔහු දෙස රවා බැලුවේ ය. නිසැකවම මුද්‍රාව සොයාගැනීම කුමන අසපුවේ ශිෂ්‍යයා සිදු කරන්නේ ද යනවග එකී අසපුවට විශාල වැදගත්කමක් විය. සක්වල චක්‍රය විවර කිරීම සියලු අසපුවල වැදගත්කම විය.

සප්ත කන්‍යා වනය බෙහෙවින් ශාක ගහනය දැඩි වූ වනයක් විය. එහි ජනාවාසයෙන් තොර ප්‍රදේශයන්හි වන වදුල මිස අන් කිසිවක් දක්නට නොවූ තරම් විය. විශාල ගස්වලින් වටවූ පෙදෙස් බෙහෙවින් අදුරු වූ අතර අන් කිසිදු කණ්ඩායමක සේයාවකදු දක්නට නොවී ය. අග්නි , කුමන මොහොතක හෝ සිය අසිපතින් සුරත නොගත් අතර මිගාර පවා සිය ධනුර්ධය මත ඊතලය හොවාගෙන විමසිල්ලෙන් පසුවිය. කණ්ඩායම තුලින් හා පිටතින් යන දෙකෙන් ම ඔවුන්ට පහර එල්ල වීමේ හැකියාව ඉහළ මට්ටමක විය.

අග්නිගේ අරමුණ නම් අතිශයින් දැඩි විය. සියල්ලට ප්‍රථම ඔහු සක්වල මුද්‍රාව තමා යටතට ගත යුතු වූ අතර එවිට සියලු ගැටලු විසදී යනු ඇත . ඔහු භාසුට ද ඒ පිළිබදව සන් කළේ ය.

රූං යන අනුකරණයෙන් පැමිණි හීයක් , ඔවුන් අතරට පතිතවන ශබ්දය අග්නිට ඇසිණ . කුවල්‍ය අසපුවෙහි සහයක මුනි ශිෂ්‍යයා වේදනාවෙන් හඩ නගමින් පොළොව මත ඇද වැටුණි . ඔහුගේ බාහුව පසාරු කරගෙන හීය කා වැදී තිබූ අතර එකී හීයෙහි පැහැදිලි ලෙස රක්ත වර්ණ රෙදි පටියක් ගැට ගසා තිබුණි . දීඝ අසපු ශිෂ්‍යයා ඔහුගේ බාහුවට ප්‍රතිකාර කිරීමට සැරසෙන අතරේ , අග්නි හීය පැමිණි දිශාව දෙස බැලුවේ ය. එහි කුඩා ඉලුක් පදුරු ගාලක් තිබූ අතර එහි මධ්‍යයේ චලනයන් සුළගින් වෙන්ව අන් දිශාවකට වූ වග අග්නි ක්ෂණිකයෙන් හදුනා ගත්තේ ය. සිය අසිපත කොපුවෙන් නිදහස් කල අග්නි ඒ දෙසට දිවගියේ ය . ඔහුගේ ලුහුබැදීම අකුණු පහරක් සේ වේගවත් විය . 

පදුරු ගාල පසු කළ සැතපුම් කාලක් පමණ පසු කළ ද අග්නිට හීය එවූ තැනැත්තාගේ කිසිදු සලකුණක්  සොයාගත නොහැකි විය. ඔහුගේ දෑතහි අසිපත තිරව තිබූ අතර මනස නොසන්සුන් විය. ඔහු මනස එක්තැන් කරගැනීමට වෙර දරමින් සියුම් ශබ්දයන්වලට සිය අවධානය යොමු කළේ ය.

'' නිර්භය නම් පිටතට පැමිණෙනවා.. '' අග්නි කෑගැසුවේ ය. ඔහු සිටි ස්ථානයෙහි විශාල ගල් තලාවක් වූ අතර තරමක උස් ගස්වලින් සැදි එළිමහන් ස්ථානයක් විය. තමාගේ වම් කන අසලින් දැනුණු සියුම් සංවේදනයට ප්‍රතිචාර දක්වමින් අග්නි ක්ෂණිකයෙන් පහත් විය.

'' ඉදිකටු ප්‍රහාර.. '' අග්නි තමන් වෙතම මුමුණා ගත්තේ ය. එකී විෂ කැවූ ඉදිකටුව කුමන දිශාවෙන් පැමිණියා ද කුමන දිශාවෙහි පතිත වූවා දැයි කිසිදු අදහසක් අග්නිට නොවී ය. ඔහු සිය අසිපත තවත් දැඩිව අල්ලාගත්තේ ය. අනතුරුව දෑස් වසාගත්තේ පරිසරයේ සියලු සියුම් සංවේදනයන්වලට පවා අවධානය යොමු කරමිනි. මෙවර වාත කලම්බනය පෙර ද වඩා දැඩි වූ අතර නිසැකවම තමාගේ ගිනිකොණ දෙසින් වූ වාතයේ කැලඹීම හදුනාගත් අග්නි පියවර දෙකක්ම පසෙකට විය. තමා පෙර සිටි ස්ථානය පසු කර ගිය හීය අග්නි සාර්ථකව මග හැරියේ ය.

කුමක් හෝ පැටලී ගොසින් ඇතිවග අග්නි දැන් තහවුරු විය. ඔවුන්ට තමා වැනි සේවකයෙකු පිටුපස ලුහු බැදීමට කිසිදු හේතුවක් නොවී ය. තමාගේ අනන්‍යතාවය දැනට ද සියලු දෙනාට රහසක් වූ වග අග්නි සිතා සිටියේ ය. නමුත් නිසැකවම එසේ නොවී ය.

තමාගේ පිටුපසින් ඇසුණු හඩට අග්නි ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීය. ඔහුගේ අසිතෙහි වැදී දෙපළු වූ හීයක් දෙපා අසල බිම ඇද වැටුණි .

'' තමුන් දැනුදු යටත් වූවා නම් යහපත් නොවේ ද ? '' අග්නි රෞද්‍රව විමසුවේ ය.

'' තමුන්ට යටත් වෙන්න ? මා ?  ? හහ්..  ''

අග්නි ඒ හඩ හැදින්නේ ය. ඔහු තිගැස්සී ගිය මුත් කිසිවක් පෙරළා නොපැවසුවේ ය. ඔහුගේ දෑත අසිපතට සිරව තිබූ අතර , මිට මෙලවුණු අනෙක් හස්තය ද කෝපයෙන් වෙව්ලනු අග්නිට දැනුණි .

'' මීනීමරුවා !!! !!!! කොහි ද  තා !!! පැමිණෙනවා.. !!!!! '' අග්නි කෝපයෙන් කෑගැසුවේ ය. තමාගේම හඩ වනය පුරා දෝංකාර දෙනු අග්නිට ඇසුණි .

'' හහ්හා.. තමුන් දැනටමත් බිය වීලා ද ? ''

'' මා නොවෙයි.. තමුනුයි බියවී ඇත්තේ... හැකියාවක් තිබේ නම් පිටතට පැමිණෙනු !!!!! නීච මිනීමරුවා !!!!! '' අග්නි කෝපාන්විතව පැවසුවේ ය. ඔහුගේ කෝපය හා වෛරය ඔහුට පාලනය කර ගැනීමට නොහැකි තරම් විය.

'' ඔබගේ කැමැත්තක්.... ප්‍රිය සුලෝධජ කුමරුනි... '' ඔහුගේ ස්වරය උපහාසාත්මක විය. ඊලග තත්පර කිහිපයේ දී තමා දෙසට එල්ල වූ ධනුර්ධයන්ගෙන් හා අසිපත්වලින් අග්නි වටව ගියේ ය. ඔහු අසිපත මදකුදු ලිහිල් නොකළේ ය. කොටින්ම තමා දෙසට එල්ල වූ පනහක් පමණ වූ හීයන් නොසලකා හැරියේ ය.

'' නුඹ සිතුවේ මා තනිව වග ද ? සුලෝධජ කුමරුනි ? ''

'' නිහඩවනවා !! නීච මිනීමරුවා !!!! '' අග්නි පැවසුවේ කෝපාන්විතව යි. ඔහුගේ දෑස් කෝපයෙන් හා වෛරයෙන් රත් පැහැ ගැන්වී තිබූ අතර , දෑත ද දැඩිව මිට මෙලවී තිබුණේ සියලු නහරයන් ඉලිප්පී පෙනෙන පරිදි විය.

අසුර අසිපත දරන්නා පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේ ය. ඔහුගේ හස්තයෙහි අසිපත වූ මුත් ඔහු පහර නුදුන්නේ ය. ඔහුගේ මුහුණ ආවරණය වී තිබූ රෙදි කඩ අතින් තියුණු දෑස් අග්නි වෙතම එල්ල වී තිබුණි .

'' ඉදින්..  පසු ගිය දස වසර පුරාවට සුවෙන් පසු වූවා ද සුලෝධජ ? ''

අග්නි ඔහුගේ පැනයට පිළිතුරු දීමට මදකුදු කාලය කැප නොකළේ ය. ඔහු අසිපත අමෝරා අසුර අසිපත දරන්නා වෙත පහර දුන්නේ ය. ඔහු පියවර කෙතරම් වේගවත් වු මුත් තමා දෙසට එල්ල වූ හී සර වර්ෂාවෙන් එක් හීයක් සිය පාදයෙහි කලවා ප්‍රදේශයේ වැදෙනු දැනුන ද අග්නි මොහොතකට හෝ නතර නොවී ය. ප්‍රථම ප්‍රහාරය අසුර අසිපත දරන්නා සාර්ථකව මග හැරියේ ය. සිය කලවා අසල පසාරු කොටගෙන ගොස් තිබූ හීය අග්නි පිටතට ඇද දැමුවේ ය. ඉන් වහනය වන රුධිරය ඔහුට කිසිදු බාධාවක් නොවී ය.

එවර අසුර අසිපත දරන්නා ද පෙරළා ප්‍රහාර එල්ල කළේ ය. සිය අසිපත නැවතත් කොපුවට දමා වම්පසින් ඇදීමට අග්නිට කාලයක් නොවී ය. ඔහු සිය සාමාන්‍ය අසිපත ආධාරයෙන්ම පහර දීමට විය . ඔහුගේ ප්‍රහාරයන්හි කැටිව තිබූ කෝපය හා වෛරය එකී ප්‍රහාරයන් තවත් දරුණු කළේ ය. ඔහුගේ අසිපත , අසුර අසිපත දරන්නාගේ අසිපත හමුවේ සිරව තිබූ අතර , ඔහු සිය ග්‍රහණය දැඩි කළේ ය. අග්නි සියල්ලකටම වඩා ඔහුගේ තවමත් ආබාධිතව තිබූ හස්තයට වෛර කළේ ය. එසේ නොවුණි නම් නිසැකවම ඔහු අසුර අසිපත දරන්නාව මෙහිම අවසන් කරන වග අග්නිට නිශ්චිත විය.

තමාගේ ශක්තිය තවත් අඩුවෙමින් යනු ද අග්නිට දැනුණි . නිසැකවම අසුර අසිපත දරන්නා තමාගේ සුරතෙහි වූ දුර්වලතාවය හොදින් දැනුවත් අයෙකු වූ වග අග්නිට වැටහී ගියේ ඔහු තමාගේ සුරතට බර කර අසිපත තවත් තෙරපූ විටදී යි. දණින් නොවැටීමට අග්නි අසාර්ථක උත්සහයක් ගත්තේ ය. අසුර අසිපත දරන්නා අග්නිව පටුපසට තල්ලු කර දැමී ය.

'' තමුන් කුමක් සිදු කළත් පලක් නොවෙයි සුලෝධජ... සක්වල චක්‍රයේ යතුර... දැන් මා සතුයි.. '' අසුර අසිපත දරන්නා උපහාසයෙන් පැවසී ය.

'' තමුන් දන්නා #%^ !!! '' අග්නිද කෝපයෙන් හා උපහාසයෙන් පැවසී ය.

අසුර අසිපත සරන්නා උපහාසයෙන් සිනාසුණේ ය. ඔහු සිය බදෙහි වූ රෙදි කඩක් පිටතට ගත්තේ ය. රුධිරයෙන් පෙගී ගොසින් තිබූ උත්පල පැහැ දාරයන් සහිත වස්ත්‍ර කොටස අග්නි ක්ෂණිකයෙන් හැදින්නේ ය.

.
.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

A/N -

* බුහාහහාා..

* අද වීරයා වගේ ලියන්න ගත්තාට හිතුවට වඩා දික්වුනා.. 3000 පැන්නා කියලා දැක්කම නැවැත්තුවා.. ඊලග එකේ ඔන්න ඔහේ බෙඩ් ෂීට් එකක්වත් ලෑස්ති කරගෙන සිටින්න ඉතින්.. හැබැයි මට ඔය ඇඩෙන සීන් ලියන්න නම්.. බෑ,. .

* මේක ඊයේ චැප්ටර් එක.. අද එක පුළුවන් උනොත් රෑ වෙලා..නැත්තන් හෙට දෙල්ලම්.. හී,..

* අසුර අසිපත දරන්නා... ළගම කෙනෙක් වග වැටහී යයි... කව්රුන් කියාද නුඹලා සිතන්නේ ? ජයග්‍රාහකයෙකු මම අනාගතයේදි තෝරා ගන්නම්..

* මේ දෙක පොතට දාන්න කියලා ඉල්ලීමක් තිබුනා.. ඔන්න ඔහේ දානවා ඒමනම්...

ඇඹුල් දොඩමක් කතා කරයි .

රෞද්‍ර දෑසක් මා සොයා පැමිණියා..
මා සොයාගත් පසු ඔහු සැනසුනා..
මා ඔහුගේ හස්තයට ගත්තා...

ඔහුගේ හස්තයේ සිට ඔබේ හස්තයට පැමිණියෙමි මා..
ඔබ දන්නවාද ඔහු මට රහසක් මිමිණුවා..
වල ගැසෙන කොපුල්වල කිමිදීමට ඇවැසි වග පැවසුවා...
ඔබේ දෑස් දිලිසෙනවා , නොව දිලිසවන වග මිමිණුවා.. .

ඔහු මා ඔබට දුන්නේ , ඔබව සැනසීමට නොදත් නිසා යැයි ඔබට නොවැටහේවි යැයි ඔහු පැතුවා..
'' හැඩීමට අවශ්‍ය නම් මා වෙතට පැමිණෙන්න '' වදනින් නොපැවසුවත් ඔහුගේ හදවත කෑගසා පැවසුවා..
'' අඥානයා '' වනාහී ඔහුගේ '' පෙම්වත '' වදන වූවා..
ඔබේ කැටපෝලය තුරුළු කොට , මැදියම් රෑ නිදි වැරුවා..

ඔහුගේ හස්තය හිරු වැටෙන තුරු ඔබගේ හිස තබා ගැනීමට ඉඩ දුන්නා..
උස් තැන්වලට බිය වුවත් ඔබ වැටෙයි කියා බියෙන් ගස මතට නැගුනා..
ඔහු ඉදහිට පවසන නපුරු වදන් පිළිබද හැකරැල්ලන් වෙත දුක කීවා...
තවමත්...

ඔබට ඔහුව සිහිපත් වන තුරු ඔහු නිහඩව බලා සිටිනවා....
එතෙක් , මම ඔබගේ අතට පැමිණ ඔබ සනසන්නම්....

මා, ඔහුගේ අතේ එක් ඇඹුල් දොඩමක්...

~ =... කැටපෝලය.. = ~

කදුරු කරුවකි මා...  කිණිස්සකින් ඔප දැමුණු....
එදා අනුර්ධ අසපුවේ...
වර්ෂාවේ තෙමෙමින් මා ඔබ දමමින්...
කෙනෙක් මිමිණුවා මට කතාවක්....

දිගු නයන , රත් දොතොල් ළග....
ඔහුගෙ දෑස් මදකට ගිමන් හැරි මුත් ......
ඔබේ රත් පැහැ රෞද්‍ර දෑසයි ....
වෙහෙස නිවන පැන් පොද ඔහුට තාමත්...
රැලි නැගුන නලල් තලය  , රේඛීය දෙතොල් දෙස....
බලා ඔහු සැනසේවි...
ඔහුට නොදැනීම සෑමදාමත්......

කොපුල් ඔස්සේ ගලන ...
අකීකරු කදුළු බිදු
ඔබේ දෑගිලිවල ගැටී..
වියැකී යනතුරුත්..
ලොවම ගිනි තබා විත් ,
නුඹ ලග දැවෙටමින්..
එකී ගිනිවලට වැඩි සුවපහසු උණුසුමක් ‍...
ඔහු සොයාවි පුරුදු විලසින්....

ඔබ විශ්වාස කරන වග ...
මුලින් නොපිළිගත් මුත් ,
නුඹ වෙනුවෙන්ම ඔට්ටු ඇල්ලුවා ...
අසිපත , තමාට ද වඩා විශ්වාස වූ..
එයම ප්‍රමාණවත් නොවේද නුඹට පැවසීමට..
ඔහුටද රහසින් ඔහුගේ හදවත නුඹටයි යනවග.....

ඔහු මා ඔබ අතට විසිකළ කල විටදී......
කෝපයෙන් නුඹ පයින් ගැසුවේ ...
ඔහුගේම සිතිවිලිවලටයි........
රිදුම් දුන්නා වේදනාවෙන්......
මා නොවේ.... ඔහුගේ සිතයි.......
ඔබේ දෑස්වල වර්ණවත් සිතුවම පෙනුන ද, 
අරමුණත් , බැදීමත් අතර ....
අසරණයි ඔහු තවමත්..

ඔහුගේ සිතිවිලි අරන් සැමදාම මා නුඹ ළග ඉන්නම්...
සදා ඔබ ළග තබාගැනීමට... ඔහුට සැමදා වුවමනා මුත්...
තමාගෙම මුත් හැගීම් රවටන අඥානයෙකි ඔහු තවමත්...

මීට ,  ඔබ ළග දැවෙටෙමින් නිදිමරන ....
කැටපෝලය..

Continue Reading

You'll Also Like

1.9K 295 16
මේ කතාව ප්‍රසිද්ධ තායි BL couple එකක් වෙන offgun ගේ ff එකක්.මේකට මේ නම දාන්න හේතුව තමයි මේක බලන අයට සමහර වෙලාවට lgbt comunity එකේ ඉන්න එක එයාලා බලන b...
29.4K 6.6K 70
"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගට...
907 161 13
ආදරේකට භයානක බලවේග වලින් බේරගන්න පුළුවන් ද? කට කතාවල එන හැම අවතාරයක්ම හොල්මනක් ම ඇත්තටම කරදර කළත් ඒකත් සමාජෙකින් ගරහන ආදරයක් වුණොත් ඒ දෙන්නගෙ ආදරේ...
77.8K 10.5K 56
මලකට දෙතොල් පටලන් කදුළු බොන්නට අවසරයක් කුමට !