♛ අග්නි ♛

By Bulbz_D

163K 33.8K 28.9K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 35

1.7K 398 574
By Bulbz_D

'' දෑස් විවර කරන්න... '' මිධුනාථගේ හඩට අග්නි දෑස් සෙමින් විවර කලේ ය. ඔහුගේ සිත අතිශයින් සැහැල්ලු විය. ඔහු කිසිවක් කල්පනා කිරීමට උත්සහ නොකළ අතර , මිධුනාථ මානසික අභ්‍යාස යනුවෙන් පැවසුව ද එය හුදෙක් සැහැල්ලු භාවනාවක් පමණක් විය .

අග්නි නැගී සිටියේ ය. ඔහු දැඩි කුසගින්නෙන් සිටි නමුත් , දිවා ආහාර වේලාව පසුව ගොසින් තිබුණි . නිසැකවම තවත් හෝරාවකින් හෝ දෙකකින් ඔවුන් ප්‍රිය සම්භාෂණය වෙත පිටව යාමට සූදානම් විය යුතු විය. එහි දී සියලු මුනි ශිෂ්‍යයන් එකිනෙකා හමුවන අතර , එම හමුව පෙර දිනෙක සිලිලාර ශාලාව මෙන් නොවනු ඇති වග අග්නි අපේක්ෂා කළේ ය. මුනි ශිෂ්‍යයන් පමණක් නොව , රද්කොළ කුලීන කුමාරිකාවන් හා තරුණියන් ද මෙකී ප්‍රියසම්භාෂණයට සහභාගී වනු ඇත . අග්නි, මිගාර හා එක්ව දැනට ද බොහෝ දේ සැලසුම් කර තිබුණේ වෙයි.

'' ආ.. ගන්නවා.. '' අග්නි පියවි සිහියට පැමිණියේ මිධුනාථගේ හඩිනි .

ඔහුගේ හස්තයෙහි පිටත පොත්ත ඉවත් කරන ලද ඇඹුල් දොඩම් ගෙඩියක් විය. ඔහු එහි පොත්ත ඉවත් කරන විට දැනුණු පැගිරි සුවදද තමාට නොදැනෙන තරම් අග්නි දැඩි කල්පනාවක වූයේ වෙයි. අග්නි සිනාසී දොඩම් ගෙඩිය සියතට ගත්තේ ය. මිධුනාථ , ඇඹුල් දොඩම් ගසක් යැයි සැකයක් ද අග්නි තුළ වූ නමුත් ඔහු කිසිවක් නොපැවසුවේ ය. ඇතැම් අවස්ථාවල තමාගේ සිතිවිලි එතරම් බොළද වන්නේ මන්දැයි අග්නි දැන සිටියේ නැත .

'' මිධුනාථ.. ඔබ කුමන වර්ණය ද පළදින්නේ ? ප්‍රිය සම්භාෂණයට ? මා නම් හරිත වර්ණයමයි.. එය  මා හට හොදින් ගැළපෙනවා.. නොවේ ද ? '' අග්නි විමසුවේ තමා අද සිටි වස්ත්‍ර පෙන්වමිනි. ඔහු මිධුනාථට පෙනෙන පරිදි වටයක් ද කැරකුණේ ය. මිධුනාථ රවා හැරී බැලුවේ ය.

'' අතිශයින් අවලස්සනයි.. '' ඔහු හැගීම්විරහිතව පැවසුවේ පහව නොගිය කෝපයෙනි . අග්නි සිය දොතොල් උල් කර මිධුනාථ වෙත පෙරළා රැව්වේ ය.

'' පැහැදිලි ඊර්ෂියාව.. '' අග්නි මිමිණුවේ ය.

'' හහ් ? නිහඩවනවා.. තමුන්ටයි මා පිළිබද ඊර්ෂියාව.. '' මිධුනාථ ද කඩාපැන්නේ ය.

'' මට ? මේ මට ? '' අග්නි උපහාසයෙන් විමසුවේ සිය හස්තයින් නළලට වැටී තිබූ කෙස් ගස් රිද්මයකට සකස් කරමිනි.

'' දුම්දමන පැතලි වළදකට වඩා , වළගැසෙන කම්මුල් සහිත මා කොපමණ ප්‍රියමනාපයි දැයි ඔබම මදක් සිතා බලන්න.. මිධුනාථ '' අග්නි පැවසුවේ මිධුනාථ වෙත ඉගිමරමිනි. මිධුනාථගේ නාසය පිම්බෙනු අග්නිට පෙනුණි . ඔහු කිසිවක් නොපවසා අග්නිව පසෙකට තල්ලු කලේ සිය කුටිය පිහිටි දිශාව වෙත ගමන් කරමිනි.

අග්නි සිනාසී අනෙක් පස හැරුනේ ය. සිය ඇදුමින් ඔහු සෑහිමකට පත් විය යුතු විය. දීප්තිමත් හරිත පැහැ වස්ත්‍රයන් හා වම් හස්තයෙහි බාහුවෙහි ඇති රිදී වළල්ල හැරුනු විට අග්නි සතු අන් ආභරණයක් ද නොවී ය.  ඔහු සැහැල්ලුවෙන් සිනාසී සිය හිස කෙස් සකස් කලේ ය.

අනතුරුව ඔහුගේ දෑස් අනිච්ඡානුගවම වම් හස්තයෙහි වූ නව චක්‍ර සලකුණ වෙත යොමුවිය . එය පිටුපස සැගවුණු අර්ථයක් තිබෙන වග ඔහු දැන සිටිය ද එය ඔහුට තවමත් රහසක් විය. ඔහු කුඩා සලකුණ සෙමින් පිරිමැද්දේ ය. එහි කිසිදු වේදනාවක් නොවී ය.

අවසානයේ අග්නි යමක් නිරීක්ෂණය කළේ ය. එහි විශාල අවසන් රවුම සම්පූර්ණයෙන්ම පාහේ සම්පූර්ණවී නොතිබුණි . එහි කුඩා හිදැසක් විය. නමුත් තමා පෙරදින , අනුර්ධ අසපුවෙහි දී එය දුටු විට එය සම්පූර්ණ රවුමක් වූ වග අග්නිට විශ්වාස විය. ඔහු නැවතත් සිය දෑස් ලංකර එය හොදින් පරීක්ෂා කර බැලුවේ ය.

ඇතැම් විට එය තමන් අතින් සිදුවූ අත්වැරදීමක් වන්නට හැකි විය. නැති නම් තමා පිරිමැදි අවස්ථාවේදි එය මදක් මැකී යන්නට ඇතැයි අග්නි සැක කළේ ය. ඔහු නැවතත් සලකුණ මත තරමක් දැඩිව පිරි මැද්දේ එය මැකීයනවා දැයි සෙවීම පිණිසයි. සිය මැණික් කටුව අසල මදක් රත් පැහැ ගත් මුත් සලකුණෙහි කිසිදු වෙනසක් සිදු නොවී ය. අවසානයේ අග්නි සැහැල්ලුවෙන් සිනාසී එම කාර්යය අත හැර දැමුවේ ය.

ඔහු , ලැගුම්හල දෙසට ගමන් කළේ සන්සුන්වයි. ඔහුට එහිදී ප්‍රථමයෙන් භීෂ හමුවූ අතර ඔහු කාලවර්ණ සහ ධවල වර්ණ මුසුවූ වස්ත්‍රයන්ගෙන් සැරසී සිටියේ ය . අග්නි තිගැස්සුණු මුත් කිසිවක් නොපැසුවේ ය. භීෂ,  අග්නි දෙස බලා අපහසුවෙන් සිනාසී අනෙක් දෙසට ගමන් කළේ ඔහුව සම්පූර්ණයෙන්ම මගහරිමිනි . අග්නි මදක් විස්මයට පත්ව බලා සිටි මුත් කිසිවක් නොපැවසුවේ ය. ඔහු දන්නා භීෂගේ ස්වභාවය එය නොවී ය.

'' අග්නිඊඊ '' අග්නිගේ සිතිවිලි බිදී ගියේ තමා අසලට දිව එමින් කෑගැසූ මිගාර නිසාවෙනි. ඔහු ප්‍රිය සම්භාෂණය වෙත යාම සදහා සූදානම්ව සිටි අතර , ඔහු අලංකාර පටියකින් සිය කෙස් වැටිය බැද දමා තිබුණේ ය. ඔහුගේ වස්ත්‍රයන් ස්වේත සහ රත්‍රන් විය. එලෙසම රුද්‍රගේ වස්ත්‍රයන් තඹර පුෂ්පයක පැහැය ගත්තේ ය. ථිථ සුපුරුදු ධවල - ලෝහිත වස්ත්‍රවලින් සහ සුග්‍රීව වෛශව අසපුවෙහි නිල වර්ණයන් වූ ධවල , උත්පල පැහැ වස්ත්‍රවලින් ද සැරසී සිටියේ ය. අභය ද භීෂ මෙන්ම කාල වර්ණ සහ රජත වර්ණ වස්ත්‍රයන්ගෙන් සැරසී සිටියේ ය.

අග්නි සිතූ පරිදිම මිධුනාථගේ වස්ත්‍රයන්වල කිසිදු වෙනසක් නොවුණි . ඔහුගේ වස්ත්‍ර උත්පල පැහැයම වූ අතර , මිධුනාථගේ පෙනුමෙහි යම් කිසි වෙනසක් වූයේ නම් ඒ ඔහුගේ කොණ්ඩය ඉහළට කර බැද තිබීම පමණක් විය . එමගින් ඔහුගේ රෞද්‍ර විලාසය තවත් ඉස්මතු වී පෙනිණ . ඔහුගේ අභරණ ද ඊට දෙවෙනි නොවූ රළු විලාසයක් ගත්තේ ය. නිසැකවම , ඔහු නම් මේ අයුරින් කිසිදු දිනෙක විවාහ නොවීම මහළු ව ගුහාවකට වී ධ්‍යාන වඩනු ඇති වග අග්නිට විශ්වාසයෙන් පැවසිය හැකි විය.

ඔවුන් සියලු දෙනා , ප්‍රියසම්භාෂණ ශාලාව වෙත යනතුරු වදනකුදු නොපැවසුවෝ ය. අග්නි , මිගාර හා රුද්‍ර තිදෙනා රහසින් කෙදිරූ මුත් කිසිවක් ශබ්ද නගා නොපැවසුවෝ ය.

'' ප්‍රධාන මුනිවරුන් කිසිවෙකු , ප්‍රිය සම්භාෂණය වෙත නොපැමිණෙන වග පෙරදින සාක්ඡාවෙහි දී සදහන් කලා.. එබැවින් ප්‍රවේසමින් සිටින්න.. නුඹලා සියලු දෙනා නිරුපද්‍රිව නැවතත් වෛශව අසපුව වෙත යා යුතුයි.. අග්නි , මිගාර ඔබලා දෙදෙනා හැකි පමණ ගිරි අසපු ශිෂ්‍යයන්ගෙන් ඈත්ව සිටින්න... භීෂ ඔබ මයුර අසපුවෙන්.. ඔවුන් ද විශ්වාස කල නොහැකි යි... ඔවුන් පමණ ඉක්මවමින් ප්‍රහාර එල්ල කලහොත් , මානසික ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන්න.. ගැටලුවක් වුවහොත් මා එ් පිළිබද බලාගන්නම්... '' සුග්‍රීව සන්සුන්ව එහෙත් දැඩිව පැවසුවේ ය. ඔහු සෑම විටම අසාධාරණය දැඩිව අප්‍රිය කළේ ය.

'' සාදය අතරමග පිටවනවා නම් අසපුවෙහි කිසිවෙකුට හෝ දන්වා පිටවන්න.. කුමන අාකාරයේ උගුල් කොහි තිබේදැයි අප නොදැනුවත් ... '' ථිත ද එක් කලේ සුග්‍රීවව අනුමත කරමිනි.

'' ඔවුන් අපට පහර දේවි ද ? '' අභය විමසුවේ තරමක් අවිනිශ්චිතව ය.

'' නිශ්චිතවම පැවසිය නොහැකියි.. '' සුග්‍රීව සන්සුන්ව පිළිතුරු දුන්නේ ය.

'' කාන්තාවන් හා සමීප වූවාට කම් නොවේ සෑම විටම සීමාවෙහි කටයුතු කරන්න.. '' එවර සුග්‍රීවගේ සන්සුන් බැල්ම අග්නි වෙත යොමු විය. අග්නි අහිංසක සිනහාවකින් සුග්‍රීව වෙත පෙරළා සංග්‍රහ කළේ ය.

'' එසේ නම්.. විනෝද විය හැකියි නුඹලා සියලු දෙනාට.. '' සුග්‍රීව පැවසුවේ ද්වාරය තුළින් ගමන් කරමිනි. ථිත ද සෑම විටම මෙන් ඔහුගේ පසුපසින් විය .

සැබවින්ම ප්‍රියසම්භාෂණ ශාලාව තුළ, දැනට රත්නද්වීපයේ තමා දැක ඇති අලංකාරතම උත්සවය පවත්වනු ඇතැයි අග්නි අනුමාන නොකළේ ය. මෙකී ශාලාව මහල් දෙකකින් යුතු වූ අතර , ලගේල නගරයේ සම්භාෂණ ශාලාව මෙන්ම උසස් තාක්ෂණික නිමාවකින් යුතු විය. සියලුම , දැව කණුවකම පාහේ අලංකාර ලී කැටයම් විය. එහි උස් සිවිලිම '' පක්ෂි ආර '' යනුවෙන් හැදින්වෙන නැතහොත් මොනර පිලක් පිහිටන ආකාරයට සකස් කර තිබුණි . එහි සියලු අසුන් , අගනා දැවයෙන් නිම කොට තිබූ අතර , එ් තුල වූ සුගන්ධවත් ශාක තෙල් පහන්හි ආලෝකයෙන් දිලිසෙමින් තිබුණි .

ඔවුන් ශාලාව වෙත ඇතුළු වූ සැනින් , කාන්තාවන්ගේ සුවද විලවුන් සුවද මුසුවූ ප්‍රණීත භෝජනයන්හි සුගන්ධයෙන් නැහැවී ගියෝ ය. පිළිස්සූ ඉරිගු කරල් , ගෝන මස් දෙකින්ම නැගුණු ප්‍රණීක සුවද අග්නිගේ මුව ඛේටයෙන් පුරවා දැමුවේ ය.

පහත මහලෙහි ගිරි අසපුවේ ශිෂ්‍යයන් සාර්ථකව මග හරිමින් මිගාර විසින් අග්නිව ඇදගෙන ගියේ ඔවුන් දෙදෙනාගේ ප්‍රධාන ඉලක්කය වූ ඉහළ මාලයේ දකුණු පස කෙළවරේම පිහිටි මේසය වෙතටයි . එම ස්ථානයට පහත මාලය ද හොදින් පෙනුණු අතර , එම ස්ථානය ද තරමක් අදුරු විය. අග්නිගේ හා මිගාරගේ අරමුණ එහි සිට සියලුම කාන්තාවන් හොදින් නැරඹීම හා අධ්‍යයනය කිරීම විය. කෙසේ නමුත් අග්නි මිධුනාථව එම ස්ථානයටම ඇදගෙන යාමට අමතක නොකළේ ය. ඔහු ශාලාව මැද සිටිය හොත් මිනිත්තු කිහියකින් කාන්තාවන් ඔහුව වට කර ගන්නා වග අග්නිට හොදින්ම විශ්වාස විය.

'' අග්නිඊඊ... ඇය නොවේ ද අශාලා ? '' මිගාර සිය හඩ පහත් කර විමසුවේ ජඨිල සමග පිළිසදරෙහි යෙදෙමින් සිටි අශාලා හා ඇගේ මිතුරියන් පෙන්වමිනි.

'' ඇය සැබවින්ම දිනෙන් දින සුන්දර වෙනවා.. '' අග්නි ද පැවසුවේ සිය නිකටට හස්තය තබාගනිමිනි. බොහෝ දෙනාගේ නෙත් අවිවාදයෙන් අශාලා වෙත යොමුව ඇති වග අමුතුවෙන් පැවසීමට යමක් නොවී ය.

'' ඇය සුන්දර නිසාද නුඹ ඇයට පහර දීමට ගියේ ? '' මිධුනාථ උපහාසයෙන් විමසුවේ අග්නිව නිහඩකර දමමිනි. අනතුරුව ඔහු කිසිවක් සිදු නොකළ ලෙස සියතෙහි වූ දෙළුම් යුෂ බදුන ද පානය කළේ ය. ඔහු සාදයට කිසිදු ප්‍රියතාවයක් නොදැක් වූ අතර , ඔහු සෑම විටම දෑස් වසාගෙනම පසු විය .

'' අග්නිඊඊ. ඔබ ඇයට පහර දුන්නා ද ? ඈ ? නමුත්.. '' මිගාර හා රුද්‍ර දෙදෙනාම කලබලයෙන් විමසුවේ අග්නි දෙස හැරෙමිනි. අග්නි මිධුනාථ දෙස දෙතොල් උල් කර බැලුවේ ය. දැන් මිගාරගේ හා රුද්‍රගේ නොනැවතෙන පැනයන් හමුවේ පිළිතුරු දීමට අග්නිට සිදුවනු ඇත.

'' ඇයට පහරදුන්න ද ? ''

'' අග්නි ඔබට ඇයව හමුවූවා ද ? ''

'' අැය සමීපයෙන් බැලූ විට සුන්දර ඇති නොවේ ද බෙහෙවින් ? ''

'' ඇය කුමක් ද සිදු කලේ ? '' 

අග්නි කළකිරීමෙන් යුතුව රුද්‍ර හා මිගාර දෙස බැලුවේ ය.

'' අග්නිඊඊ.. ඔබ කෙසේද ඇයට පහර දීමට සිතුවේවත්.. ඇය මා දුටු සුන්දරම කාන්තාව... '' මිගාර පැවසුවේ දෙතොල් උල් කරමිනි.

'' සුන්දරම කාන්තාව ? සිටින්න මිගාර නැවත වෛශව අසපුව වෙත යනතුරු.. මා තාලිට සියල්ල අක්ෂරයක් නෑර පවසනවා... '' අග්නි එවර පැවසුවේ නොරිස්සීමෙනි .

'' අග්නිඊඊඊ...., සිටින්න ඔබට තරුණියක් සමුවන තුරු.. මා එවිට සියල්ලම පවසනවා.. ''
මිගාර ද පෙරළා පැවසුවේ දෙතොල් උල් කරමිනි.

'' මා... නැතහොත්.. අග්නි... මා කිසිදිනෙක කාන්තා මායම්වලට හසු වන්නේ නැහැ... '' අග්නි පැවසුවේ සාඩම්බර සිනහාවක් මුවෙහි රදවාගනිමිනි.

'' චහ්.. '' මිධුනාථ උපහාසයෙන් හඩක් නැගුවේ ය. 

'' මන්ද පැවසුවහොත්.... මා ඔවුන්ගේ සියලු මායාවන් හොදින් අධ්‍යනය කොට සිටින්නේ... '' අග්නි එක් කළේ ය.

'' ඔවුන් සතුව මායාවන් තිබෙනවා ද ? '' මිගාර විස්මයෙන් විමසුවේ ය. අග්නි ඔහු දෙස විශ්වාස නොකරන ආකාරයේ බැල්මක් හෙළුවේ ය.

'' සූ සැට මායම් පිළිබද ඔබ කිසිවක්ද නොදැනුවත් ද ? '' අග්නි විමසුවේ සිය හස්තය නළලහි තබාගනිමිනි.

'' නොවේ.. අග්නි.. ඔබ පවසන්නකෝ.. '' රුද්‍ර ද ඇයැ ද සිටියේ ය. මිගාර ද ඉක්මනින්ම හිස සැලුවේ ය.

'' තමුන් මෙහි ප්‍රලාප දෙඩවීමට සිතුවොත් තගේ දිව කපා දමනවා... '' මෙතෙක් වෙලා නිහඩව සිටි මිධුනාථ ගිගිරුවේ ඔහුට මෙහි සිටිනා වග අග්නිට සිහිපත් කර දෙමිනි. . ඔහුගේ හස්තය දෙළුම් යුෂ බදුනට සිරව තිබුණි . ඔහුගේ ගිගිරුමට , මිගාර සහ රුද්‍ර දෙදෙනා ක්ෂණිකයෙන් නිහඩවිය.

'' හොදයි.. එසේනම්.. මා දොඩවන්නේ නැහැ.. '' අග්නි පැවසුවේ මිධුනාථ වෙත ඉගිමරමිනි.
අනතුරුව ඔහු මිගාර හා රුද්‍ර දෙස බැලුවේ ය. තමාගේ සැලසුම ඉහළ තලයේ වග අග්නිට හොදින්ම විශ්වාස විය. ඒකාකාරී සාදය ඔහුට ඒ වන විටත් අප්‍රසන්නව තිබුණේ ය.

'' කාන්තාවන් , තරුණයන් ආකර්ෂණය කර ගැනීමට සිදු කරන ක්‍රියාවන්..සූ සැටක්ම තිබෙනවා.. එමගින් හැකියි , කිසිදු දෙයක් කනකට හෝ නොගන්නා , නිතරම වලිගය පාගාගත් අයෙකු වුවද පහසුවෙන් , නම්මවා ගැනීමට.... '' අග්නි මිගාරට සහා රුද්‍රට පැහැදිලි කළේ ය. ඔහුගේ '' වළිගය පාගාගත් ''  වදන් කව්රුන් වෙත එල්ල වූයේ දැයි පැහැදිලිව වටහාගත් මිගාර හා රුද්‍ර මිධුනාථ දෙස බැලුවේ ලේ සිදී ගිය මුහුණිනි.

'' දඩාස්. '' සිය දෑත මිට මොලවාගත් මිධුනාථ නැවතත් සිය පූර්ණ අවධානය දෙළුම් යුෂ බදුන වෙත හෙළමිනි.

'' හොදයි එසේ නම් බලාගන්න...මා දොඩවන්නේ නැහැ.... වදනට වඩා ක්‍රියාව බලවත්.. නොවේ ද ... '' අග්නි පැවසුවේ කෙළිලොල් අයුරිනි .

'' අපට නිදර්ශකයක් අවශ්‍යයි.... '' අග්නි කිසිදු පැකීලීමෙන් තොරව පැවසුවේ ය.

'' අග්.. නි.. '' මිගාර අවිනිශ්චිතව පැවසුවේ ය. අග්නිගේ අදහස යහපත් නොවන වග මිගාර හා රුද්‍ර දෙදෙනාටම ඒ වන විටත් වැටහී ගොසින් තිබුණි . 

'' හාහා.. කලබල නොවන්න.. මා එය සිදු කර පෙන්වනවා.. එවිට ඔබට පහසුවෙන් වටහා ගත හැකි යි. අවැසි නම් දෙතුන් වතාවක් සිදු කර පෙන්විය හැකියි.. ''  අග්නි පැවසුවේ , සන්සුන් හා විනෝදකාමී අයුරිනි.

'' ඒ.. මිධුනාථ.. මෙහේ. මේ දෙස බලන්න.. කෝ.. '' අග්නි පැවසුවේ මිධුනාථගේ මුහුණ ඉදිරියෙන් අතවනමිනි. මිධුනාථ හිස එසවීමට මදකුදු වෙහෙස වූයේ නැත . ඔහුගේ මුහුණ දැඩි වූ අතර ඔහු සම්පූර්ණයෙන්ම පාහේ අග්නිව නොසලකා හැරියේ ය.

'' ආව්... උහ්.. . මගේ හස්තය... වේදනාකාරියි... '' අග්නි එකවරම වේදනාවෙන් හඩගෑවේ සිය හස්තයට අල්වා ගනිමිනි. එවර මිධුනාථ ක්ෂණිකයෙන් හිස එසෙව්වේ ය. ඔහුගේ නළල ද රැළි ගැන්වී තිබුණි . අග්නි සිනාසී මිගාර වෙත හැරුනේ ය.

'' දුටුවානේ.. එය තමා ප්‍රථම මායම.. කාන්තාවන් සාමාන්‍ය ලෙස අවධානය දිනාගැනීමට උත්සහ කරන්නේ නැහැ.. ඔවුන් තමා අනතුරකට පත් වූ බව පෙන්වීමට උත්සහ දරනවා... බලන්න මිධුනාථ වුවත් , ප්‍රථම වතාවේ හිස ඔසවා බැලුවේ නැහැ.. නමුත් දෙවන වර එසේ සිදු කලා.. ''අග්නි පැහැදිලි කලේ ය.

'' දඩාස්....'' මිධුනාථගේ හස්තයෙහි තිබූ දෙළුම් යුෂ බදුන ඔහු වේගයෙන් මේසය මත තැබුවේ ය . ඉන් කොටසක් පිටතට විසිරී ගියේ ය. එය රැදී තිබූ ඔහුගේ හස්තය ද කෝපයෙන් වෙව්ලනු අග්නිට පෙනුණි .

'' තමුන් !!! ''  ඔහු දත්මිටිකමින් මිමිණුවේ , මිගාරගේ හා රුද්‍රගේ මුහුණ තවත් සුදුමැලි ව යද්දීයි. නමුත් අග්නි නම් එය කිසිදු තැකීමක් නොකළේ ය.

'' දෙවනි කරුණ තමා.. දෑස්.. දෙස ඍජුව බලා ක්ෂණිකයෙන් අනෙක් පස බලා ගැනීම.. හොදින් නරඹන්න.. ''  මිගාර හා රුද්‍ර වෙත පැවසූ අග්නි මිධුනාථ වෙත ගියේ ය. අනතුරුව සිය මහපටගිල්ල සහ දබරගිල්ල භාවිතයෙන් මිධුනාථගේ නිකටින් අල්ලා ඔහුගේ හිස ඉහළට එසෙව්වේ ය.

මිගාර උගුරින් හඩක් නගමින් මදක් පසෙකට වනු අග්නිට පෙනුණ ද ඔහු එය මදකුදු නොතැකුවේ ය . ඔහු මිධුනාථගේ දෑස් දෙස ගැඹුරට ලෙස බැලුවේ ය. ඔහුගේ සැලසුම ක්ෂණිකයෙන් ඉවත බැලීම වුවද කළු කුහරයකට ඇදී යන්නාක් මෙන් මිධුනාථගේ කළු පැහැති රෞද්‍ර දෑස් දෙසට ඔහු ඈදි ගියේ ය. මිධුනාථගේ විස්මයෙන් විශාල වී ගිය තද කළු පැහැ දෑස්වලින් පෙනුණු තමාගේ පැහැදිලි ප්‍රතිබිම්බය දෙස මද වේලාවක් බලා සිටි අග්නි සිනාසෙමින් ඔහුව අත ඇර දැමුවේ ය.

'' දුටුවානේ.. ඔහු එයටත් සාර්ථක ලෙස හසු වූවා.. '' අග්නි පැවසුවේ නැවතත් , මිගාර හා රුද්‍ර දෙසට හැරෙමිනි.

'' දැන්....ප් ප්‍රමාණවත් නොවේ ද අග්නි ? '' රුද්‍රද අවිනිශ්චිත ලෙස විමසුවේ මිධුනාථ දෙස බලමිනි. මිධුනාථ කිසිවක්ම පවසාගත නොහැකි තරම් කෝපයෙන් විය. ඔහුගේ දෙතොල් වෙව්ලුව ද ඉන් කිසිදු වදනක් පිට නොවුණි .

අග්නි හිස දෙපසට සැලුවේ ය. මිධුනාථ එය නවත්වන ලෙස කෝපයෙන් කෑ ගසන තුරුම අග්නි සටන අත හරින්නේ නැත. ඔහුගේ තක්සේරු කිරීම්වලට අනුව මිධුනාථ මේ වන විට සිය කෝපයේ උපරිම මට්ටම වෙත ළගාව සිටිය යුතු විය. නමුත් මිධුනාථ වෙතින් එවැනි කෝපයක් දිස් නොවීම අග්නි නොරිස්සුවේ ය.

ඔහු එවර මිධුනාථගේ දෙපා මතින් පාද දමා ඔහුගේ එක් පාදයක් මත අසුන් ගත්තේ මිගාර හා රුද්‍රව තවත් භයානක ලෙස සුදුමැලි කරමිනි.  මිධුනාථ , අග්නි දෙසවත් නොබැලුවේ ය.  ඔහුගේ මුහුණෙහි බැල්ම සංකීර්ණ වග අග්නිට පෙනී ගිය  අතර සියතෙහි වූ දෙළුම් යුෂ බදුන ද මිධුනාථ තරයේ අල්ලාගෙන සිටියේ ය . ඔහුගේ අඩවන් වූ දෑස් ඒ දෙසටම යොමුව තිබූ අතර , නළලින් දා බිදු නැගෙනු ද අග්නිට පෙනුණි . අග්නි සිය සිනහව පාලනය කර ගැනීමට උත්සහ දැරුවේ ය. ඔහු මිධුනාථගේ පාදයේ කලවා මතට තවත් බරදී සුව පහසු ලෙස අසුන් ගත්තේ ය. මිධුනාථගේ මුහුණ දම් පැහැගැන්වී තිබූ අතර , ඔහුගේ කන් අග රත් පැහැ ගැන්වී තිබෙනු ද අග්නිට නිරීක්ෂණය විය . නමුත් ඔහුගේ දෑස් සන්සුන් ලෙස දෙළුම් යුෂ බදුන අසල නැවතී තිබුණේ ය.

'' හා හා.. දෙළුම් පසුව.. දැන් මේ ...මෙදෙස බලන්න.. ''  අග්නි එවර පැවසුවේ මිධුනාථගේ ගෙල ඔස්සේ දබර ඇගිල්ල මෘදුව ගෙනයමිනි. මිධුනාථ තිගැස්සෙනු අග්නි පැහැදිලිව දුටුවේ ය. අග්නි පිටතට පැනීමට ගිය සිනහව අසීරුවෙන් නවත්වා ගත්තේ ය.

'' එය තෙවන මායිම.. '' ඔහු මිගාර දෙසට හැරී පැවසුවේ ය. මිගාර හා රුද්‍ර ගල් පිළිම මෙන් හිස සැලුවා විනා අන් කිසිවක් නොපැවසුවෝ ය.

'' සිව්වන මායම .... '' අග්නි පැවසුවේ මිධුනාථගේ ගෙල වටා සෙමින් දෑත් යවමිනි. තමාගේ නිරුපද්‍රිත දෑතෙහි ඇගිලි පැහැදිලි ලෙසම මිධුනාථගේ ගෙල පසුපස ස්පර්ශ වන පරිදි , ඔබ මොබ රැගෙන යාමට ද අග්නි අමතක නොකළේ ය. මිධුනාථගේ නළලෙහි නැගී තිබූ දාබිදු කන අසලින් බේරි ගියේ ය. ඔහුගේ මුහුණ , කෝපාන්විත වූ අතර , අග්නිගේ වාසනාවට මිධුනාථ කිසිවක්ම සිදු කරගැනීමට නොහැකි තරම් කෝපාන්විත විය.
අග්නිට , සිය ගෝලයන් දෙදෙනා වූ , මිගාර සහ රුද්‍ර පිළිබද කිසිද මතකයක් නොවූ අතර , දැන් ඔහුගේ එකම අරමුණ වනාහී '' මිධුනාථ කෝපගැන්වීම '' විය.

අග්නි මිධුනාථගේ උකුල මත සුවපහසු ලෙස අසුන්ගනිමින් , සිතාමතාම සිය සුසුම් මිධුනාථගේ ගෙලෙහි වැදීමට ඉඩ හැරියේ ය.
එවර මිධුනාථ , ක්ෂණිකයෙන් නැගී සිටියේ ය. නමුත් අග්නි සිය ග්‍රහණය ලිහිල් කලේ ද නැත . පොළොවෙහි සිටගනු වෙනුවට සිය දෙපා මිධුනාථගේ සිරුර වටා ඔතා ගත්තේ ය.

'' බහිනවා බිමට !!! වහාම !!!!!. '' මිධුනාථ කෝපයෙන් ගිගිරුවේ සමස්ත ප්‍රියසම්භාෂණ ශාලාවෙහිම අවධානය එදෙසට ලබාගනිමිනි. අවසානයේ අග්නි ජයග්‍රහණය කළේ ය. මිධුනාථගේ දෑස් අඩවන් වූ නමුත් , නළල කෝපයෙන් රැළි ගැන්වී තිබුණි . ඔහු වේගයෙන් හුස්ම ගත් අතර , ඔහුගේ රෞද්‍ර භාවයට බිය වූ මිගාර සහ රුද්‍ර දෙදෙනා ද අනෙක් පසට ගියේ ය.

'' නොහැකියි.. '' අග්නි සිනාසෙමින් පැවසුවේ මිධුනාථව තවත් නොසන්සුන් කිරීමේ අරමුණිනි . මෙහි සිටි කිසිවෙකුත් කුමක් සිතුවද අග්නිට ඉන් කිසිදු පලක් නොවී ය. ඔහු සෑම විටම , '' අශ්ශීල දාසයා '' චරිතය රංගනයෙහි යෙදීමට බෙහෙවින් ප්‍රිය විය.

මිධුනාථ, සිය ගෙල වටා තිබූ අග්නිගේ වමතින් අල්ලාගෙන ඔහුව පසෙකට කලේ අනුකම්පා විරහිතවයි.. අග්නි බිම ඇද වැටුන ද මිධුනාථ ඒ පිළිබද කිසිදු තැකීමක් නොකළේ ය. එතනින් ද නොනැවතුණු ඔහු අනතුරුව අග්නිව ඇදගෙන පියගැට පෙළ බැස්සේ ද කෝපාන්විතවයි. අග්නි දෙවරක් පියගැට පෙළමත ඇදවැටීමට ගිය ද මිධුනාථ ඒ පිළිබද කිසිදු තැකීමක් නොකළේ ය.

'' හෝව්.. මිධුනාථ... හොදයි කමා කරන්න.. සැබවින්ම.. කුඩා විහිළුවක් සිදු කලේ.. ආා.. ඔතරම්ම කෝපගනීවි යැයි සිතුවේ නැහැ... ආව්... හස්තය.. මගේ... ඌහ්...  .''
මිධුනාථ කිසිවක්ම නොපැවසුවේ ය. අවම වශයෙන් ඔහු රැවීමටවත් අග්නි දෙස නොබැලුවේ ය.  තමා මෙවර නම් , මිධුනාථව සැබවින්ම පුපුරවා දමා ඇති වග අග්නිට වැටහී ගොසින් තිබුණි .

'' අද අර දාසයාගේ අවසානය.. '' ප්‍රිය සම්භාෂණ ශාලාව සිටිය අයවලුන්ගේ මිමිණීම සත්‍ය වීමට තවත් වැඩි කාලයක් ගත නොවනු ඇති වග අග්නිගේ සිත අනතුරු ඇගවීම. අවාසනාවකට ඔහු සතුව සිය අසිපත හෝ නොවී ය.

.
.
.
.

~ මතු සම්බන්ධයි ~

A.N -
* අග්නි අද නම් කනවා හොද කෑමක් , මතක හිටින්නම... ඇවිදගන්නත් බැරි වෙන්නම කන පාටක් තමා තියෙන්නේ...
[ දැන් මම දන්නවා බොලාලා මොනවද හිතුවේ කියලා.. -_- ]

* අග්නි මායම්...VS සූසැට මායම්.. බුහාහාහා.. මිධුට වැඩ කරන්නේ මොකක්ද දන්නේ නැහැනේ ?

* අපි දැනට මේ හොද දේවල් ගැන කතා කරලා සැනසෙමු.. බුහාහා..

* කලින් චැප්ටර් එකේ ගොඩක් වැරදි තිබුනා.. මේකේ කියලාත් එහෙම තියෙන්න පුළුවන්.. මම ඒවා එඩිට් කරනවා.. වෙලාවක් ලද සැනින්.. වැඩ 1000ක් විතර අස්සේ මේක ලියන්නේ... ඒ මදිවම wattpad ආවොත් දවසට දෙතුන් දෙනෙක් එනවා මරාලයක් වෙන්න.. මට දැන් ප්‍රයිවෙට් ලයිෆ් ගැන පොතක් ලියන්න වෙන පොටක් තමා තියෙන්නේ.. සමාවෙන්න ... මියානේ. සොරි.. දුබුජි... ගෝමෙන් නාසායි.. මාෆ් කරානා..ඩෙස්කල්ප්.. සිග්නෝමි...ඉයෝ සියෙන්තෝ.... මණික්කාවුම්.. [ sorry ]

දුබුජි හ' ෂිෂී.. ටටා.

* ආහ්.. කතාවේ මිධුගේ පොයින්ට් ඔෆ් වීව් එකක් තියෙනවා.. අග්නිගේ එක ඉවර වුනාම.. එතන ඉදන් මිධුගේ පොයින්ට් එකින්.. පොයින්ට් කීවාට POV මත් නෙවේ.. නිකන් දැන් අග්නිට බර කරලා ලියනවා වගේ.. ඒ යම් තැන ඉදන් මිධුට බර කරලා ලියන්නේ..
එතකන් ඔය ඉස්ගෙඩිය හිතන ඒවා රහසක් වෙලාම තිබුන දෙන්..
[ මට හිතෙනවා එහෙම කතාව වඩාත් සාර්ථක වෙයි කියලා..]

Continue Reading

You'll Also Like

8.5K 1.4K 33
මේ යනු..නුවර වැස්සේ තෙමුණු, කොළඹ පහන් එළි වලින් නැහැවුණු, පොත් සුවඳ අතරින් ගලා හැලෙන ඔවුන්ගේ ආදරයයි.... Started: 11/03/2024 කිසිම පාසලක් හෝ සත්‍ය සිද...
366K 55.1K 41
ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!....
3.1K 594 24
"මම මටවත් ආදරේ නැතුව ඔයාට ආදරෙයි කියන්නේ කොහොමද සහීන්? මට ඔයාගේ ආදරේ ඕන. ඒත් මම ඔයාට ආදරෙයිද නැද්ද කියලා මම දන්නේ නෑ." - නිහාරා. "මම හිතන්නේ මම එයා ග...
27.7K 4.1K 22
ඔයා ද වැරදි මම ද වැරදි කියලා හිතනවට වඩා ලේසී ආදරේ කියන්නේ ආදරේ කියලා තේරුම් අරන් ඉන්න එක..හිතට වහල් වුනු සැබෑ ආදරයක ඔයත් මමත් කොටස්කරුවන් වූයෙමු..🦋