♛ අග්නි ♛

By Bulbz_D

165K 33.9K 28.9K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 31

1.7K 384 225
By Bulbz_D

සිය මුහුණට වැටුනු හිරු එළියෙන් සහ , වටපිටාවෙහි වූ පක්ෂී නාදයෙන් හිරු උදාවී ඇති වග අග්නි වටහා ගත්තේ ය. තමාගේ දෑසට ප්‍රථමයෙන්ම හසුවූ ස්වේත පැහැ වස්ත්‍ර දෙස අග්නි දෑස් කුඩා කර බැලුවේ ය. තමා පෙරදින රාත්‍රීයේ සැතපීමට පෙර ඇද සිටියේ හරිත වර්ණය වග අග්නිට හොදින්ම විශ්වාස විය.

'' ආහ්.. මිධුනාථ.. '' අග්නි තමාටම පවසාගත්තේ අපහසුවෙන් හා අලසකමින් දෑස් මදක් විවර කරමිනි. මිධුනාථ පිළිමයක් මෙන් නිසොල්මන් නමුත් ඔහු පසුවූයේ නින්දෙහි නම් නොවී ය . ඔහුගේ දෑස් ද සන්සුන්ව අහස දෙසට එල්ල වී තිබුණි . අග්නිට අනුව මිධුනාථ සැතපුනා නම් විය නොහැකි විය. ඔහු පෙරදින රාත්‍රියේ අග්නි අවසන් වරට දෑස් පියාගන්නා විට සිටි ඉරියව්වෙන්ම විය. ඔහුගේ හිසකෙස් ද මදකුදු අවුල්ව නොතිබූ අතර , අලස පෙනුමක් හෝ මුහුණෙහි තැවරී නොතිබිණ . ‍

'' එවර අවදිවූවා ද ? '' මිධුනාථ අග්නි දෙස වරක් හෝ නොබැලූ නමුත් ඔහුගේ හඩ ගැඹුරු මෙන්ම රළු විය.

'' ඔබ සැතපුනේ නැති ද ?.  '' අග්නි අලසකමින් ම විමසී ය. ඔහු ලොව විශාලතම ඈනුම පිට කිරීමටද උත්සහ කලේ ය.

'' නැහැ '' මිධුනාථගේ පිළිතුර ඍජු, රළු එකක් විය.

අග්නි එවර සිය දෑස් සම්පූර්ණයෙන්ම විවර කර බැලුවේ ය. පෙර දිනවලදී මෙන් අශ්ව ස්තාලයෙහි රළු පොළොව නිසාවෙන් හිසට දැනෙන වේදනාව මෙවර නොදැනීමට හේතුව අග්නිට පැහැදිලි විය. ඔහුගේ හිසට පහළින් මිධුනාථගේ වම් හස්තය වූ අතර අග්නි ද සුවසේ එය මත සිය හිස තබාගෙන සිටියේ ය . තමාගේ හිසින් දැනුණු සනීපය හා සැසදීමේදි මිධුනාථගේ හස්තය සම්පූර්ණයෙන්ම පාහේ හිරිවැටී අඩපණ වී ඇතිවග අග්නිට නිසැකවම පැවසිය හැකි විය. ඔහු ඉවත්වන ලෙස පැවසුවේ නැතිනම් තමා ද ඉවත්වීම අනවශ්‍ය වග අග්නි තමාටම පවසා ගත්තේ ය. කෙසේ නමුත් රළු පොළොවට සහ පිදුරු ගොඩට වඩා මිධුනාථගේ හස්තය සැබවින්ම උණුසුම් හා සුවපහසු විය. අග්නි සන්සුන්ව නැවතත් දෑස් පියාගත්තේ ය.

'' අග්නිඊඊඊඊඊඊඊ '' එවර අග්නිගේ දැහැන බිදී ගියේ මිගාරගේ හඩගෑමෙනි .

අග්නි දෑස් යන්තමින් විවර කර අශ්ව ස්තාලයෙන් එපිට නැවතී මුවත් විවර කරගෙන සිටි මිගාර දෙස බැලුවේ ය. '' මදක් සන්සුන්ව සුවපහසුවේ සැතපීමට අවස්ථාව නැහැනේ..චහ්. වෛශව අසපුවෙහි සියල්ලන්ම එකයි.. පෙරදින මිධුනාථ... දැන් මිගාර.. '' අග්නි නොරිස්සීමෙන් සිතුවේ ය.

'' තමුන් දැන්වත් ඉවත්වනවා ද නැති ද  ? '' අග්නි යමක් පැවසීමට පෙර සිය දකුණු පසින් ඇසුණු මිධුනාථගේ කෝපාන්විත ස්වරය ඔහුගේ සවන් හරහා ගියේ ය. මෙතරම් වෙලාවක් කිසිවක් නොපවසා සිට දැන් ඉවත්වන ලෙස පැවසීම අග්නිගේ ඇසින් අසාධාරණ විය. නමුත් මිධුනාථගේ පෙනුම එවර සැබවින්ම කෝපාන්විත විය.

මිධුනාථ පුපුරා යාමට පෙර අග්නි ඉක්මනින්ම නැගී සිටියේ ය. තමාගේ හිසකෙස් සීසිකඩ වග ඔහුට කිසිදු අවබෝධයක් නොවුණි . ඔහු සිය හිස කෙස් එකතු කර පලදින පළදනාව පිදුරු ගොඩ අස්සෙහි තිබී සොයාත්තේ ය. ඔහු එය සුරතට ගන්නා විට ද මිධුනාථ ස්තාලයෙන් පිටව ගොසින් හමාර විය. මිධුනාථ පිටතට ගොසින් සිය අත දිගහැරි අකාරයෙන්ම ඔහුගේ හස්තය නිසැකවම හිරි වැටී ඇති වග අග්නිට සනාථ විය. මිධුනාථ පිටව යන තුරු සිටි මිගාර නැවතත් ස්තාලය තුලට දිව ආවේ අග්නිගේ හිස දෙස දෙපතුල දක්වාම බැල්මක් හෙලමිනි .

'' ඔහු ඔබට පහර දුන්නා ද ? හිරිහැර කලා ද ? මානසික ප්‍රහාරයක් හෝ එල්ල කලා ද ? '' මිගාර විමසුවේ අග්නි වටා කුඩා දරුවෙකු මෙන් කැරකැවෙමිනි.

'' නොවේ.. මා සුවෙන්.. '' අග්නි  සිනාසෙමින් පැවසුවේ නැගී සිටිමිනි.

'' ඔබ ඔහුව කෝපගන්වන තරමට ඔහු ළගදීම කෝපයෙන්ම පුපුරා යාවි දැයි සැකයි මා හට.. '' මිගාරද පැවසුවේ පෙරළා සිනාසෙමිනි.

''   මිගාර..ඔබට මෙය සැකසිය හැකි ද ? '' අග්නි විමසුවේ පිළිවෙලක් නොමැති පිදුරු ගොඩක් සේම අවුල් වියවුල්ව ඇති සිය හිස කෙස් පෙන්වමිනි.

'' මා හට හැකියි....මා හට හැකියි.... අසුන් ගන්නකෝ අග්නිඊඊඊ.. ඔබ උසින් වැඩියි .... '' මිගාර කලබලෙන් පැවසුවේ අග්නිගේ උරහිසෙහි එල්ලී ඔහුව පහත් කිරීමට උත්සහ කරමිනි.  මිගාර තමාගේ සියලුම හිස්කෙස් අල්ලා උඩට කර බදින තුරු අග්නි නිහඩව බලා සිටියේ ය. ඔහුගේ නළලට වැටී තිබූ අපිළිවෙල කොණ්ඩය ද මිගාර අසීරුවෙන් ඉහළට කර බැද තිබුණි . දැන් තවදුරටත් නළලට වැටෙන අකීකරු හිස් කෙස්වලින් අග්නිට බාධාවක් නොවී ය.

'' ඉරිසියයි.. අර්ර්..  '' මිගාර පැවසුවේ අග්නිගේ ඉහළට කර බැද ඇති කොණ්ඩය දෙස දෙතොල් උල් කර බලමිනි. මිගාර  තවමත් ලාබාල වූ බැවින් හිස කෙස් ඉහළට කර බැදීමට අවසර හිමි නොවුණි . ඔහුගේ දහඅට විය එළඹෙන තුරු ඔහු ඉවසා සිටිය යුතු විය.

'' හා හා... නිහඩවනු කුඩා දරුවා... නුඹ වැඩිහිටියන්ට අමතන්නේ මෙලෙස ද ? '' අග්නි විමසුවේ සිය හඩ ද ගැඹුරු කරමිනි.

'' අග්නිඊඊ... තවත් සති කිහිපයකින් මා ද වැඩිහිටියෙක්.. හුම්.. '' මිගාර පැවසුවේ සිය දෙතොල් උල් කරමිනි. අග්නිද පෙරළා දෙතොල් උල් කලේ ය.

'' මා එවිට මේ අයුරින් සම්පූර්ණයෙන්ම කොණ්ඩය ඉහළට කර බදිනවා.. හූ... '' මිගාර පැවසුවේ දිව ද අදිමිනි. අග්නි ද පෙරළා සිය දිව ඇද්දේ ය.

'' නමුත් එතෙක් ඔබ මට ගරු සරු ඇතිව ඇමතිය යුතුයි.. '' අග්නි පැවසුවේ ය.

'' අග්නිඊඊ ... ඔබ අග්නිඊ.. අග්නි අග්නි පමණයි...අග්නි අශ්ශීලයා..  '' මිගාර පැවසුවේ තමා පසුපසින් ලුහු බැද ආ අග්නිව මග හැරීමට අශ්ව ස්තාලයෙන් පිටතට දිවයමිනි.

මිගාර පියවර කිහිපයක් දිව ගොසින් ආපසු හැරී අනෙක් පසට පැන්නේ අග්නිව ක්ෂණිකයෙන් මගහරිමිනි. මිගාරගේ ක්ෂණික නොමග යෑවීම අග්නි බලාපොරොත්තු නොවූවක් විය . මිගාර වයසින් ලාබාල වුවද ඔහුගේ හැකියාවන් තරමක් ප්‍රශංසනාත්මක විය. ඔහු සිනාසී අග්නිට දිව ඇද්දේ ය.

'' අග්නි..ඔබ කොහි හෝ යනවාද ? කුමක් හෝ නැරඹීමට හෝ ? තීර්ථයේ සිංහාසගිර මාළිගය ? මණිමාප ජලාශය ? අනුර්ධ ආරාම ප්‍රසාදය ? සිලිලාර ශාලාව ? ..... නුරු පුරු නැරඹීමට බොහෝ දේ තිබේනේ.. '' මිගාර පැවසුවේ ඒ දෙසට පැමිණි රුද්‍ර දෙස ද බලමිනි.

'' කදිම අදහස.. එවිට ද්විමාන ශිලා පොකුණ  ? '' රුද්‍ර ද විමසුවේ උද්යෝගය පිරි හඩකිනි..

'' හොදයි... මාද පැමිණෙනවා..... . '' අග්නි ද පැවසුවේ සිය අසිපත වෙත හස්තය යවමිනි. එය බදපටියෙහි එල්ලෙමින් සුරක්ෂිත විය. ඔහු මීට පෙර සියලුම ස්ථානයන් පාහේ නරඹා තිබුන ද , නැවතත් එකී ස්ථානයන් නැරඹීමෙන් දෑසට හානි නොවන වග අග්නිගේ සිත පැවසී ය.

මිගාර සහ රුද්‍ර නැවතත් තමන්ගේ කුටි තුලට පිටව ගියේ ගමනට සූදානම් වීම සදහා යි. අග්නිට නම් කිසිදු විශේෂ සූදානම් අවශ්‍ය නොවී ය. ඔහුට තැන තැන රැගෙන යාමට විශේෂ කිසිවක් වූයේ නම් ඒ ඔහුගේ අසිපත පමණක් විය. ඔහු වෛශව අසපුව සදහා වෙන් කර තිබූ ලැගුම් හලෙහි පවුරට පාදයක් ද තබා හේත්තු වී නිදහසේ මිගාර සහ රුද්‍ර එනතුරු බලා සිටියේ ය.

අග්නි හුදෙක් ගමනට එක් වීමට හේතුව , අනුරධ ආරාම ප්‍රාසාදය ඔවුන්ගේ ගමනාන්ත ලැයිස්තුවට ඇතුලත් ව තිබීමයි. අනුර්ධ ආරාම අසපුව වනාහී වාගිෂ්ඨ මුනි වාසය කල කුඩා අසපුව විය. නුරු පුරයෙන් තරමක් බැහැර , වනගත පරිසරයක නිස්කලංකව පිහිටි අනුර්ධ ආරාම පරිශ්‍රය ආගන්තුකයන් තොරවූ , ස්ථානයක් වග අග්නිට හොදින්ම මතකයේ තිබුණි . දෑස් පියාගත් විගස ඔහු කුඩා දරුවෙකු ලෙස ආරාමය තුල එහා මෙහා දුවන අයුරු ඔහුට මැවී පෙනෙන්ට විය. වාගිෂ්ඨ මුනි වනාහී ගිරි අසපුවෙන් සටන් ශිල්පයත් , වෛශව අසපුවෙන් ධ්‍යාන ශිල්පයත් , දීඝ අසපුවෙහි වෙද ශිල්පයත් යන ශිල්ප ත්‍රිත්වයම හැදෑරු මුනිවරයෙකු වූ නමුත් , එකී සියල්ලෙන්ම ඈත්ව අනුර්ධ ආරාම පරිශ්‍රයේ අතිශය සාමාන්‍ය ලෙස දිවි ගත කලේ ය.

කොතරම් ප්‍රචලිත වුවද , ප්‍රතිපත්තියක් වශයෙන් ඔහු ශිල්ප ලබා දීම නොකල ද , අග්නි , ධීර මෙන්ම භාසු තිදෙනාම වාගිෂ්ඨ මුනිගේ ප්‍රථම මෙන්ම අවසන් ශිෂ්‍යයන් වූහ. වාගිෂ්ඨ මුනිගෙන් වසර කිහිපයක් පමණක් ශිල්ප හැදෑරුව ද ඔවුන්ගේ ශිල්ප තවමත් ඉහළ තලයේ විය. අග්නි , සටන් ශිල්ප පමණක් නොව කුණ්ඩලේණි ශක්තියෙහි මූලික අවධිය වුවද සම්පූර්ණ කර තීබිමට හේතුව එය විය. භාසු , සටන් ශිල්පය සහ වෙදකම උගත් අතර , ධීර ද අග්නි මෙන්ම සටන් ශිල්පය සහා ධ්‍යාන ශක්තිය පිළිබද උගත්තේ ය.

එදින.. අග්නිගේ ඡන්ම දිනය විය.. සිය මෑණියන් හා වාගිෂ්ඨ මුනි ඝාතනයෙන් පසු අසුර අසිපත දරන්නා අනුර්ධ අසපුව ද දවා අළු කලේ ය. ගිනි දැල්වලට බිය වී පලා යාමට නොහැකි වූ තැන අනුර්ධ ආරාමය පිහිටා තිබූ පර්වතයෙන් පහළට පැන තමා සහ ධීර දිවි ගලවාගත් අයුරු අග්නිගේ මතකයට නැගුනේ සැනෙකිනි. එලෙස බිමට පැනීමේදි අග්නි සිය පාදය බිදී යාමෙනුත් , ධීරගේ හස්තය බිදී යාමෙනුත් පීඩා විදි අයුරු අග්නිගේ මතකයේ විය. නිසැකවම ඔවුන් එකී පර්වතයෙන් පැන දිවි ගලවා ගැනීම ද ඔවුන්ගේම විස්මයට හේතු විය. භාසු පිළිබද කිසිදු තොරතුරක් නොවූ අතර , භාසු මියයන්නට ඇතැයි සිතා ඔවුන් දෙදෙනාද පර්වතය පාමුල අඩපණව වැතිරී හැඩූ අයුරු ද අග්නිට සිහිපත් විය. නමුත් භාසු ද කෙසේ හෝ දිවි ගලවාගෙන තිබුණි .

ගිනිදැල්වල රශ්මිය තමා හා ධීර ගිල ගැනීමට ලුහු බැදි අයුරුත් , අදුරේම පර්වතයෙන් පහළට පැනි ආකරයක් සිහිපත් වීමෙන් අග්නිගේ දෑත් වෙව්ලීමට විය .

ළගන්ම ඇසුණු පියවර ශබ්දයට අග්නි හිස ඔසවා බැලුවේ මිගාර සහ රුද්‍රව දැකීමේ අපේක්ෂාවෙනි . නමුත් , ඒ වෙනුවට මිධුනාථව දැකීමෙන් ඔහු මදක් තිගැස්සුණ මුත් කිසිවක් නොපැවසුවේ ය. මිධුනාථගේ වලස් සමින් නිම කරන ලද බෑගයත් , ඔහුගේ අසිපතත් පිටෙහි එල්ලෙමින් තිබුණි .

'' මිධුනාථ..ඔබ කොහි හෝ පිටත් වෙනවා ද ? '' එවර අග්නි විමසුවේ ය.

'' කිමද නුඹ ඖෂධ ලබාගන්නේ නැති ද ? '' මිධුනාථ එවර විමසුවේ නළල රැලි කරමිනි.
මද වෙලාවක් නිහඩ සිටි අග්නි සියලු දසන් පෙන්වා සිනාසුනේ ය. සැබවින්ම මිධුනාථ පෙර දින රාත්‍රියේ භාසු හමුවී ප්‍රතිකාර ලබාගමු යැයි පැවසූ වග අග්නිට සම්පූර්ණයෙන්ම අමතකව ගොස් තිබුණි .

'' පිටවෙමු.. '' මිධුනාථ රළුව පැවසුවේ අග්නිගේ සිනහව නොසලකමිනි.

'' අහ්ම්.. මේ.. මිධුනාථ.. මෙයයි කරුණ... ඖෂධ එතරම් වැදගත් නොවේනේ.. ඉදින්.... '' අග්නි පැහැදිලි කිරීමට උත්සහ කලේ ය. මිධුනාථ මදක් නැවතී අග්නි දෙස රළුව හැරී බැලුවේ ය.

'' එවර කුමක්ද තමුන් පවසන්නේ ? '' මිධුනාථ ගිගිරුවේ ය.

'' අග්නිඊඊඊඊඊ...... '' අග්නි තවත් යමක් පැවසීමට මුව විවර කිරීමට පෙර මිගාර සහ රුද්‍ර එදෙසට දිව ආවේ ය. මිගාරගේ පසෙකින් දුඹුරු පැහැ ගෝණ සමින් කල බෑගයක් වූ අතර ඔහුගේ දුන්න ද පිටෙහි එල්ලෙමින් තිබුණි . රුද්‍රගේ ද අසිපත ඔහුගේ පිටෙහි එල්ලෙමින් තිබුණි . මිධුනාථ එක් ඇහි බැමක් ඉහළ යවා ඔවුන් දෙස රවා බලනු අග්නි දුටුවේ ය.  මිගාර හා රුද්‍රද මිධුනාථ දැකීමෙන් මදක් නැවතුනේ ය. ඔවුන් අග්නි දෙස බැලුවේ අවිනිශ්චිත අයුරිනි.

'' ඔබලා කොහි හෝ පිටවනවා ද ? '' සුග්‍රීව ද එදෙසට පැමිණෙමින් විමසුවේ අග්නි සහ මිගාර දෙස බලමිනි.

'' ඖෂධ ලබා ගැනීමට .... '' මිගාර මුව විවර කිරීමට සැරසෙද්දී මිධුනාථ රළුව, ඉක්මනින් පැවසුවේ ය.

'' නුරුපුර සංචාරයට.... '' මිගාර ද පැවසුවේ ය .  සුග්‍රීව ප්‍රශ්නාර්ථ බැල්මෙන් මිගාර දෙසත් , මිධුනාථ දෙසත් බැලුවේ ය. අනතුරුව සන්සුන්ව සිනාසුණේ ය.

''ආ. හොදයි. මිධුනාථ ඔබ එසේනම් ඖෂධ ලබා ගන්න...
අග්නි , ඔබට හැකියි නොවේ ද රුද්‍ර සහ මිගාර පිළිබද අවධානයෙන් සීටීමට  ? '' සුග්‍රීව විමසුවේ විශ්වාසවන්ත ලෙස අග්නි දෙස බලමිනි.

'' හැකියි.. සුග්‍රීව කුමරුනි.. '' අග්නි ඉක්මනින්ම පැවසුවේ ය. නිසැකවම තිත්ත , කටුක ඖෂධ ලබා ගැනීමට වඩා , නුරු පුර සංචාරය ඔහු දහස් ගුණයකින් ප්‍රිය කරනු ඇත. ඔහු මිධුනාථ දෙස නොබැලීමට ප්‍රවේසම් විය. නිසැකවම ඔහු මේ මොහොතේ ගිනි ගනිමින් දැවෙමින් සිටිනු ඇත . අග්නි තවත් කුමක් හෝ පැවසීමට පෙර වෛශව අසපුවෙහි ලැගුම් හලෙහි ද්වාරය දඩාස් හඩින් වැසී ගියේ ය. නිසැකවම ඒ මිධුනාථ විය යුතු විය. සුග්‍රීව වැසී ගිය ද්වාරය දෙස බලා සන්සුන්ව සිනාසුණා විනා අන් කිසිවක්ම පැවසුවේ නැත .

'' ඔබලාට පිටව යාමට හැකි යි. අනෙක් අසපු ශිෂ්‍යයන්ගෙන් ප්‍රවේසම් වන්න.. විශේෂයෙන්ම ගිරි අසපුවේ.. '' සුග්‍රීව නැවතත් සිය සන්සුන් හඩින් පැවසුවේ මිගාර දෙසත් අග්නි දෙසත් බලමිනි. අග්නි හිස සැලුවේ ය. නිසැකවම ජඨිල සහ ගීම ඔවුන් දෙදෙනාගෙන් පළිගැනීමට අවස්ථාවක් එළඹෙන තුරු බලා සිටිනවා විය යුතු විය.

ඔවුන් මණිමාප ජලාශය අසලට එනතුරුම අග්නි සහා මිගාර අමු අඹ ගැටයක් බැවින් අනුභව කරමින් පැමිණියෝ ය. රුද්‍ර සතුව ඉදුණු අඹයක් විය.

'' අග්නි, සැබවින්ම ඔබේ අසු හැසිරවීමේ හැකියාවන් විශිෂ්ටයි.. '' රුද්‍ර අගය කරන සුළු ස්වරයකින් පැවසුවේ සිය වමත ආධාරයෙන් පමණක් තෝන් ලණුව අල්ලාගෙන අසු හසුරවන අග්නි දෙස බලමිනි. මිගාර ද රුද්‍රව අනුමත කරමින් හිස සැලුවේ ය.

'' ඔබ දෙදෙනාටම යමක් පෙන්වන්න ද ? '' එවර අග්නි එවර විමසුවේ උද්යෝගයෙනි.
මිගාර , රුද්‍ර දෙදෙනාම එකවිට හිස වනා අවසන් විය.

'' හොදයි එසේ නම් බලාගන්න.. '' අග්නි පැවසුවේ ඔවුන් දෙදෙනා දෙස බලා ඉගිමරමිනි.

අග්නි අශ්වයාගේ වම්පසින් තොන් ලණුව මදක් වැරෙන් ගස්සා ඇද්දේ ය. ඒ සමගින්ම වාගේ ඔහු අශ්වයාව වම් පසට හැරෙව්වේ ය. ඔහු සිතූ පරිදිම අශ්වයා පසුපස පාද දෙකින් වටයක් කරකවා නැවත පාද සතරින් සිට ගැනීමට සැලස්වීමට අග්නිට හැකි විය.

'' වාහ්.. කදිමයි.. අග්නිඊඊ..  මා හට එය පුහුණු කරන්න නැවත වෛශව අසපුවට ගිය දිනෙක.. ''  මිගාර පැවසුවේ ඔල්වරසන් හඩ නගමිනි.

'' මා හටත් අවශ්‍යයි... '' රුද්‍රද කුඩා දරුවෙකු මෙන් පැවසුවේ නොඉවසිල්ලෙනි .

'' නැවත වරක් සිදු කරන්න ද ?'' එවර අග්නි විමසුවේ උද්දාමයෙනි. තමාගේ අසු හැසිරීම විශිෂ්ට වග ඔහු හොදින්ම දැනසිටියේ ය. සිය සුරත අබාධිත යනවග ඔහුට සිහිපත් නොවූ තරම් විය.

ඔහු එවර ද තෝන් ලණුව ගස්සා ඇදි මුත් ඔහුට වම් පසට හැරවීමට අමතක විය. අශ්වයා දෙපයින් සිට ගනිද්දි අග්නි තෝන් ලණුව දැඩිව අල්ලා සිටිය යුතු වුව ද ඔහුගේ දෑතින් එය ගිලිහී යනු අග්නිට දැනුණි. ඔහු ඉක්මනින්ම සුරතින් එය අල්ලා ගැනීමට තැත් කල ද , එය තවමත් වේදනා දුන් බැවින් ඔහුට සිදු කරගත හැකි කිසිවක් නොවී ය.

කොදු ඇට පෙල කැඩී යන්නාක් මෙන් වේදනාවක් සමග තමා කුඩා ගුරු පාර මත ඇද වැටෙනු අග්නිට දැනුණි . මිගාර සහ රුද්‍ර ද තමාගේ නමින් හඩගානු අග්නිට ඇසුණි . ගෙම්බෙකු ඇද බෑවාක් මෙන් පොළොවෙහි පතිත වූවා මිස අග්නිට අන් කිසිදු ආබාධයක් නොවී ය.

ඔහු හිස ඔසවා බැලුවේ දෙතොල් උල් කරමිනි . ඔහුගේ දෑසට හසුවූ ප්‍රථම දෙය දුඹුරු පැහැ අශ්වයෙකුගේ කුර සහිත පාදයන් විය.

'' තමුන්ට ඔය ලෙස සිදු වෙලා මදි. . '' අසු පිට සිටින්නාගේ මුහුණ නොදුටුව ද මිධුනාථගේ උපහාසාත්මක හඩ අග්නි හැදින්නේ ය. ඔහු නැවතත් ගුරු පාර මතම වැතිරුනේ නොරිස්සීමෙනි. අග්නිට කිසිදු ආබාධයක් නොවී ය. මේ දැන් කව්රුන් හෝ ඔහුට නර්තනයෙහි යෙදීමට යැයි පැවසුව හොත් අතපය සියල්ල දිග හැර නර්තනයෙහි යෙදීමට තරම් ඔහු නිරුපද්‍රිත විය. නමුත් ඔහු නැගී සිටියේ ද නැත. 

'' මිධුනාථ අය්යණ්ඩි ? ඔබ කුමක්ද මෙහි සිදු කරන්නේ ? '' මිගාර විමසුවේ මිධුනාථ දෙස අවිනිශ්චිතව බලමිනි.

'' සුග්‍රීව පැවසුවේ.... කිමද ඔබට කුමක් හෝ ගැටලුවක් ද ?  '' මිධුනාථ රළුව විමසුවේ මිගාර දෙස හැරෙමිනි.

'' න්නැහැ.. '' මිගාර ඉක්මනින්ම පැවසුවේ නිහඩ වෙමිනි.

'' අම්... අග්නිඊඊ.. ඔබට ආබාධයක් නොවේනේ ? '' රුද්‍ර අවිනිශ්චිතව විමසුවේ අග්නි තවමත් නැගී නොසිටි නිසාවෙනි . මිධුනාථ ද නැවත අසු අග්නි සිටි දිශාවට හැරෙව්වේ ය.

''දැන් නැගී සිටිනවා ඉදින්.. '' එවර මිධුනාථ අග්නි දෙස හැරෙමින් කෝපයෙන් ගුගුලේ ය.

'' ම්ම්.. '' අග්නි කෙදිරිගාමින් අලසකමේ වැතිර සිටියේ ය. ගුරු පාරෙහි වූ වැලි සහිත පස බෙහෙවින් සුමුදු විය. අනෙක් කරුණ, තමාගේ හැකියාවන් ප්‍රදර්ශනයට ගොස් මෙලෙස ඇද වැටීම සැබවින්ම නින්දා සහගත විය.

මිධුනාථගේ පියවර අසුපිටින් බිමත පතිත වන ශබ්දය ද ඉන් සුළු මොහොතකට පසු මිගාර ද අසු පිටින් බිමට බසින ශබ්දය ද අග්නිට ඇසුණි . ඔහුගේ පියවර ඉතාමත් වේගවත් වූ අතර , එවර අග්නි සිය හිස ඔසවා බැලුවේ ය.

මිධුනාථ දිවවිත් , අග්නිගේ පසෙකින් දණගසා ගත්තේ කලබලයෙනි. ඔහුගේ මුහුණ කෝපාන්විත වූ අතර ඇසිපිය සැලීම ද වේගවත් විය . අග්නි යමක් සිතීමටත් පෙර මිධුනාථ ප්‍රථමයෙන් ම අග්නිගේ දෑස් අසල වූ වැලි සහා පස්  , දෑස්තුලට නොයන පරිදි මෘදුව පිසදා ඉවත් කලේ ය. ඉන්පසු මුහුණත් , දෙසවන් අසලත් තැවරී තිබූ , දුහුවිලි සහිත පස් ද පිස දැම්මේ ය.

'' තමුන් , අඥානයා.. අනවශ්‍ය වැඩ සිදු කර අවසානයේ මෙවැනි දෙයකින්මයි නවතින්නේ... සැබවින්ම මෙතරම් අඥාන විය හැකි ද නුඹට  ? මෙලෙස සිදු වෙලා ප්‍රමාණවත් නොවේ මෙවැනි අඥාන ක්‍රියාවන් සිදු කරනවාට...  '' මිධුනාථ කෝපයෙන් ගුගුලේ ය.

අග්නි සිය දෑස් ද විශාල කර ඔහු දෙස බැලුවේ ය. දැන් ඔහුට කෝපයෙන් කෑගැසීමට යමක් තමා සිදු නොකළ වග අග්නිට සහතික විය . 

'' මිධුනාථ.. '' අග්නි අවසානයේ සිතා බැලීමෙන් ඔහුව ඇමතුවේ ය.

'' කට වහනවා... !!!!  නැගී සිටිනවා.. පවසනවා.. කොහි ද රිදුම් දෙන්නේ ? නැගී සිටිය හැකි ද ? තමුන් මහ අඥානයෙක්... වමතින් අසු පදවද්දී ප්‍රවේසම් විය යුතු වග තමුන්ට අමතක වුනා ද ? අඥාන අශ්ශීලයා..කෝ.. දැන් නැගී සිටිනවා ඉදින්... . '' මිධුනාථ ගිගිරුවේ අග්නිට නැගී සිටීමට උපකාර ලෙස සිය බාහුව ඔහුගේ උරහිස වටා යවමිනි.

'' මා සුවෙන්... මා හට නැගී සිටිය හැකියි.. '' අග්නි එවරද පැවසුවේ ය. නමුත් මිධුනාථට එය ඇසුණු වගක් නම් නොපෙනුණි.

'' කටවහනවා... !!!!  තව වදනක් හෝ පැවසුව හොත් තගේ අවසානය...'' මිධුනාථ එවරද ගිගිරුවේ ය. ඔහුගේ මුහුණ කෝපයෙන්ම දම් පැහැ ගැන්වී තිබුණි . ඇහිබැම රෞද්‍ර විලාසයක් ගත්තේ ය.

'' මේ අහනවා....මා සුවෙන් .. මා මදක් වැතිර සිටියා පමණයි.. '' .. අග්නි එවර පැවසුවේ මිධුනාථගේ හස්තය ද ගසා දමමින් තනිව නැගී සිටිමිනි. එවර මිධුනාථගේ මුහුණෙහි පැහැය ද පැහැදිලි ලෙසම වෙනස්වනු අග්නිට පෙනුණි . ඔහු එවර අග්නිව පසෙකට තල්ලු කර දැමුවේ ද අනුකම්පා විරහිතවයි . අග්නි කිසිදු විටෙක එවැනි කෲර තල්ලු කිරීමක් අපේක්ෂා නොකල අතර ඔහු නැවතත් ගුරු පාර මත නැවතත් ඇද වැටුනේ පෙර පරිදිමයි... මිධුනාථ අග්නි වෙත දවා අළු වෙන සුළු බැල්මක් හෙලා නැවත අසපිට නගිනු බලා සිටි මිගාර අග්නිට නැගී සිටීමට උපකාර කළේ ය.

'' ඔහු නැවත වළිගය පාගගෙන අග්නි.. ඔබ එය එතරම් සිතන්න එපා.. '' මිගාර රහසේ පැවසුවේ එය මිධුනාථට නොඇසෙන ලෙස ප්‍රවේසම් වෙමිනි.

අවසානයේ මෙකී අසුපිටින් ඇද වැටීමේ සිදුවීමට ගත වූ කාලයට හිලව් වශයෙන්  සැලසුම් කල සංචාරයෙන් අඩක්ම කප්පාදු කිරීමට ද ඔවුන්ට සිදු විය. කෙසේ නමුත් , අග්නි නම් එහි කිසිදු ගැටළුවක් නොවී ය. අනුර්ධ අසපුව වෙත යාම සදහා , මිගාර සහ රුද්‍ර දෙදෙනාම එකහෙළාම ඔවුන්ගේ එකගත්වය පලකළෝ ය. ඔවුන් මිධුනාථගෙන් ද ඒ පිළිබද විමසූ නමුදු ඔහුගේ රැවීම හැර අන් කිසිදු පිළිතුරක් ඔවුන්ට නොලැබුණි.
කෙසේ නමුත් අග්නිට අනුව තුනට එකක් වශයෙන් මිධුනාථ පරාජය වූ බැවින් , ඔවුහු අනුර්ධ අසපුව වෙත යාමට තීරණය කළෝය.

.
.
.
~ මතු සම්බන්ධයි~

A/N _

* අසරණ මිධුවා.. අග්නිගෙන් හා හා පුරා කියලා දීඝ අසපුවට Date එකකට යන්න ඇහුවා.. මදැයි කොල්ලා ලස්සනට ඇද පැළදගෙන එහෙම එද්දි.. අග්නි කොල්ලෝ දෙන්නෙක් එක්කලා TRIP එකක් දාගෙනනේ.. අහෝ අසරණ මිධුනාථ...

* දැන් කියාම් බලන්න මිධුවා කෙයාරින් නැහැ කියලා.. ඕකා කෙයාරින් වෙන විදිය තමා ඔය...සෝමැන්ටික් නේහ් ? ආව්ස්.. ආව්ස්...

* මේ මෝඩ [ dumbass ] අග්නිට ඕවා තේරෙන්නේ නැහැ දෙවියනේ.. අග්නිත් ඉතිම්, සුට්ටං සුට්ටං ටිලිං ටිලිං එකක් තියේ.. නැද්ද ...

* අද දෙන්න බැරි වෙයි කියලා හිතුවේ..  මල කෙහෙම්මල් ටෙස්ට් එකක්.. හුවෑෂ්.. මේ පාඩම් කරනවා.. හුවෑෂ්..

* ඔක්කොමත් හරි.. ඊලග චැපියනම් සීරියස් එකක්...
මම කිව්වේ Story line එක අදාළව.. මතකනේ.. මිධුනාථ සක්වල චක්‍රයේ යතුරක්.. මේකේ ෆයිටින් සීන්ස් දෙක තුනක් දැම්මට ඒවා එයාලා ඇත්තම බලයන් පාවිච්චි කලේ නැහැ.. මතකනේ මනෝකාය ගැනත් තිබුනා ? එතකොට චක්‍ර ? මේ දවස් ටිකට නැති උනාට ඉක්මනට ආයේ ඒවා ඒවි.. බලා සිටිමු..

* එසේනම් දැවී අළුව ගිය අනුර්ධ අසපුවෙහි නටබුන් බැලීමට සූදානම් සිටින්න..

කොටාගෙන යනවා මොනවාහරි... හුම්.. වැරදි අඩුපාඩු තිබුනොත් මම පස්සේ හදනවා.. මගඇරලා කියවන්න.. අනිත් චැප්ටර්ස්වලට තරම් වෙලාවක් වෙන් කලේ නැහැ මේකට... සමාවෙන්න..




ආයේ දවසක පිළිවෙලකට ඇන්දොත් දාන්නම්. මේ දරුවාට පේන්ටින් බැහැ නෙව.. ඔය සාර්ථක ලෙස කාලා තියෙන්නේ.. ekkekek

Continue Reading

You'll Also Like

9.9K 1.6K 36
මේ යනු..නුවර වැස්සේ තෙමුණු, කොළඹ පහන් එළි වලින් නැහැවුණු, පොත් සුවඳ අතරින් ගලා හැලෙන ඔවුන්ගේ ආදරයයි.... Started: 11/03/2024 කිසිම පාසලක් හෝ සත්‍ය සිද...
9.1K 1.1K 17
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර...
1.5M 183K 123
အေဒီ ၇၉ ခုနှစ် .. ပုံပေမြို့.. ရောမအင်ပါယာ ဒဏ္ဏာရီမဟုတ်တဲ့ ရာဇဝင်ထဲက အဖြစ်အပျက်လေးတစ်ခုလား ဒါမှမဟုတ်.. ရာဇဝင်တွင်မကျန်ခဲ့တဲ့ ဒဏ္ဏာရီဇာတ်လမ်းလေးပဲလာ...
1.9K 295 16
මේ කතාව ප්‍රසිද්ධ තායි BL couple එකක් වෙන offgun ගේ ff එකක්.මේකට මේ නම දාන්න හේතුව තමයි මේක බලන අයට සමහර වෙලාවට lgbt comunity එකේ ඉන්න එක එයාලා බලන b...