𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇ...

By MissYoongi351

25.7K 5.1K 571

ජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙව... More

Episode 1 💜️
Episode 2 💜️
Episode 3 💜️
Episode 4 💜️
Episode 5 💜️
Episode 6 💜️
Episode 7 💜️
Episode 8 💜️
Episode 9 💜️
Episode 10 💜️
Episode 11 💜️
Episode 12 💜️
Episode 13 💜️
Episode 14 💜️
Sorry ☹️❤️
Episode 15 💜️
Episode 16 💜️
Episode 17 💜️
Episode 18 💜️
Episode 19 💜️
Episode 21 💜️
Episode 22 💜️
💖 NEW STORY 💖
💜️ Episode 23 💜️
💜️ Episode 24 ( End ) 💜️
💠 Author Note 💠
💘 New story 💘

Episode 20 💜️

719 173 15
By MissYoongi351

මං පිටිපස්ස හැරිලා බලද්දි හිටියේ වෙන කවුරුත් නෙවෙයි... යුන්ගි ඔප්පා...
මට තේරෙන්නෙ නෑ යුන්ගි කියන්නද සුගා කියන්නද කියලා... මොකද දැං මේ ඉන්නෙ මගෙ යුන්ගිට හාත්පසින්ම වෙනස් කෙනෙක් කියලා තේරුම් ගත්තේ අඟල් දෙකක්වත් නැති ගවුම් කෑල්ලක් ඇදගත්ත කෙල්ලෙක් සුගාගෙ අතේ එල්ලිලා ඉන්නවා දැක්කාමයි..

මං ඇස්වලට පිරෙන කදුලු පාලනයකින් තොරව වැටෙද්දි මං Table එකෙන් නැගිටලා ඒ තැනට ගියේ ඇත්තටම මේ ඉන්නෙ මගෙ යුන්ගිද ඒම නැත්නම් වෙන කෙනෙක්ද කියලා හිතන ගමන් ....

ඉස්සර මං දනිස්සෙන් ටිකක් උඩට ඇන්දාම රවන කොල්ලා... කොටට ඇඳන් ඉන්න කෙල්ලෙක් දැක්කාම පිළිකුල් කරන කොල්ලා... වැඩිය කාවවත් ගණන් ගන්නෙ නැති මගේ අහංකාරයා ... දැං මේ කොහෙවත් යන ගෑණියක් අතේ එල්ලගෙන ඉන්නවා කියන එක මට විශ්වාස කරන්නම බැරි උනා.. 😟

ඇස් වලින් වැටෙන කදුලුත් පිහාගෙන මං ඒ දෙන්නා ඉන්න තැනට යනකන්ම දෙන්නගෙන් එක්කෙනෙක්වත් මාව දැක්කෙ නෑ...
ඒත් මං ලගට යද්දි සුගා මං දිහේ ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉදලා..

🐱 " යූරා... 😲😲.. "

ඔව් ... ඔව් .. එයා මාව අදුනගත්තා... මේ ඉන්නෙ මගෙ යුන්ගි කියන්න මට තවත් සාක්ශි ඕන උනේ නෑ.. 😫😫

🐱 " යූරා.... ඔයා මොකද මෙහෙ කරන්නේ..   ???? ... "

අර කෙල්ලගෙ අත අතෑරපු යුන්ගි මං දිහේ බලන් හිටියෙ හරියට යකෙක් දැකලා වගේ...

මම දෙපාරක් නොහිත Hotel එකෙන් එළියට ගියේ .. එතන අපිට අමතරව තව මිනිස්සු හිටපු නිසා..
අර කෙල්ලත් ඩිම් වෙලා බලාගෙන හිටියා.. 😏

🐱 " යූරා...... මොනාද කරන්නේ..... ඇයි මෙහෙ ආවෙ.. ?"

මගේ දුක පරද්දලා තරහා එළියට ආවෙ මේකා මේ කතා කරන විදියට.. මේ මිනිහා කිසිම දෙයක් නොකියා මාව අතෑරලා ඇවිත්.. මෙහෙ ගෑණු එක්ක නටනවා.. මම අරෙහෙ දුක් විදින්ව.. 😫😫

🥀 " ඇයි ආවෙ කියල අහන්නෙ මොනාද... ආ... ඇයි හිතුවද මම කාත් එක්ක හරි හනිමූන් ආවා කියලා... කාලෙකට කලින් මාව කිසිම දෙයක් නොකියා දාලා ආපු යුන්ගි කියන කෙනාව හොයාගෙන මං ආවෙ...... මං හිතුවෙ නෑ එයා වෙන ගෑනු එක්ක නට නට ඇති කියලා... "

මගේ හිතේ තිබුන වේදනාවටයි, තරහටයි,, මං කියාගෙන කියාගෙන ගියා..
එයාට තාමත් හිතා ගන්න බැරුව වගේ බලාගෙන ඉද්දි... ආයෙම අර කෙල්ල දුවගෙන ඇවිත් සුගාගෙ අතේ එල්ලුනා.. 😠 ..

" කවුද මේ ඔප්පා.. ඔයාගෙ යාලුවෙක්ද ?....
ආ.. හායි.. මම ජෙරී.. සුගා Marry කරන්න ඉන්න කෙනා..  "

ඒම කියලා ඒ කෙල්ල මට අතට අත දෙන්න වගේ අත දික් කරා...

මටනම් තවත් බෑ... මොනාද දෙයියනේ මේ වෙන්නේ...... මට පිස්සු වගේ... 😫😫

මම ඇස් වල කදුලු පුරවගෙන එයා දිහේ බලන් හිටියේ මේක බොරු කියලා එයාගෙ කටින් අහන්න ඕන උන නිසා...  ඇත්තටම මට පිලිගන්න ඕන උනේ නෑ මේක..

🐱 " ජෙරී ඔයා යන්න මං ටිකකින් එන්නම්.. "

" හ්රි Baby ..... මං ගිහින් ඉන්න.. ඉක්මනට එන්න.. "

ඒම කියලා ඒ කෙල්ල මටත්  හිනා වෙලා එතනින් ගියා. .  . .

🥀 " මො.. මොනාද.. මේ .. වෙන්නේ .. 😭😭😭😭😭😭 "

මට තවත් ඉවසන්ම බැරි තැන ඒම කියන ගමන් මං බිමින් ඉදගත්තේ හිටන් ඉන්නවත් පණක් නැති නිසා...

🐱 " යූරා ඔයාට මෙහෙ නෑවිත් ඉන්න තිබුනේ...... ඇත්තටම මට සමාවෙන්න... 😖 ම්. .. මට... "

🥀 " ඔ.. ඔප්පා . මට කියන්න.. එයා කිව්වෙ බොරු නේද..  ? ඔයා එයාව Marry කරන්නෙ නෑ නේද .  ? මට කියන්න අනේ .. Please .. 😭😭😭 "

🐱 " නෑ.. මිස් යුරායා එයාව තමයි මම Marry කරන්න ඉන්නේ.. "

ස්ථීර කරහඩකින් ඒ කියපු ඒ මට ඇහුනෙ හීනෙන් වගේ...
එයා කෝමද මට ඒම කරන්නෙ.. මට ආවෙ ලොකුම ලොකු තරහක්.. .. ඒ තරහත් එක්කම මම දැක්කේ එතන තිබුණු වීදුරු මල් පෝච්චිය...
දෙපාරක් නොහිත ඒක අරං බිත්තියට අතින් තද කරේ හිතේ තිබුන වේදනාව දෙගුණ තෙගුණ වෙද්දි... තද කරපු පාරට වීදුරුව අතේම කුඩු වෙලා ලේ පෙරෙන්න ගත්තත් මට ඒක ගාණක් තිබුනෙ නෑ... මොකද අතේ වේදනාවට වඩා හිතේ වේදනාව ගොඩක් වැඩී...

🐱 " යූරා...... මොනාද මේ කරන්නෙ පිස්සු හැදිලද ආ... "

යුන්ගි කෑ ගහගෙන මගේ අතින් අල්ලන්න හැදුවත් ...

🥀 " මාව අල්ලන්න එපා තමුන්... 😠 මාව අල්ලන්න අයිතිය තියෙන්නෙ මගෙ යුන්ගි ඔප්පට විතරයි ... නැතුව තමුසෙට නෙවෙයි මින් සුගා.. 😠 .. මගෙ ආදරේ...... මගෙ ආදරේ තමුසෙ අවතක්සේරු කරේ.... මං මොකද්ද ඔහේට කරපු වැරැද්ද.. අඩුවක් නැතුව මගේ පණ වගේ ආදරේ කරපු එකද.. ? ඒකද වෙන කෙනෙක්ගෙ ඇගේ ඇතිල්ලි ඇතිල්ලි ඉන්නේ...... 😂😂 මටයි වැරදුනේ...... පවුලෙ අයට ඇරෙන්න පිට කාටවත් ආදරේ නොකරපු මම ඔහේගෙ බොරු ආදරෙන් අන්ධ උනා... මට හිතන්න තිබුනා ආදරේ කියලා දෙයක් නෑ කියලා.. ප්‍රතිපත්ති කැඩුවට මට හොඳම වැඩේ...... අනුන්ට දුන්න දුක් තමයි මට මේ විදියට එන්නෙ . 😂😂
මං දැනන් හිටියෙ නෑනෙ සුගා කැමති කොටට අදින සෙක්සි කෙල්ලොන්ට කියලා.. 😂 මාව තියාගත්තෙ කිස් කරන්න විතරද .. ? 😂 හොද වෙලාවට මං වටිනම දේ දුන්නෙ නැත්තේ... ඒක පරිස්සමට තියාගත්තෙ කවදා හරි මට ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට දෙන්න ... 😂 දැං ඒම එවුන් නෑනෙ ... ඔය මොකෙක්ට හරි දීලා දානවා..  😂😂 ..
මාව මේම සතෙක් වගේ අතෑරියාට Thanks මිස්ට මින් යුන්ගි ... ඔහ් 😂😂 I am sorry සුගා.. 😂😂 ... තමුසෙට ඕනෙ වල් ගෑන්..........................................

කදුලු බේරෙන ඇස් එක්ක පිස්සෙක් වගේ හිනා වෙවී කියවන යූරා දිහේ බලාගෙන හිටපු යුන්ගි යූරගෙ කම්මුල්ට පාරක් ගැහුවෙ යූරා අවසිහියෙන් කියවන ඒවා එයාටවත් තේරුමක් නැතුව කියන ඒවා කියලා හොදටම දන්න නිසා....

යුන්ගිගෙ පාරෙන් කතාව නවත්තපු යූරා ආය වෙනම කතාවකට මුල පිරුවෙ ලේ පෙරෙන අත් වලින් යුන්ගිගෙ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලලා අදින ගමන්...

🥀 " මේක හොදට අහගන්නවා යුන්ගි .... තමුසෙව ආය මට දකින්න ඕනෙ නෑ... ඒ වගේම මාව ආය තමුසෙට දකින්න වෙන එකකුත් නෑ... තමුසෙ මගෙ Funeral එකටවත් එන්න හිතන්නවත් එපා තේරුනාද ?... 😠 "

ඒම කියලා යූරා දුවගෙන යන්න ගියා....
යුන්ගි තාම බලාගෙන හිටියේ එයාටවත් මේ වෙනදේවල් හිතාගන්න බැරුව...

ඒත් එකපාරටම එයාගෙ හිතට ආවෙ යූරා අන්තිමට කිව්ව එක..
* තමුසෙ මගෙ Funeral එකටවත් එන්න හිතන්නවත් එපා .. *
*ඒ වගේම මාව ආය තමුසෙට දකින්න වෙන එකකුත් නෑ .  ... *

යුන්ගි සැනකින් යූරගෙ පස්සෙන් දුවලා ගියේ එයා මොකක් හරි නරකක් කරගනී කියලා හොදාකාරවම දන්න නිසා..

මේ අතරෙ බෙකී සියුමින් තාම බලාගෙන ඉන්නෙ යූරා එනකන්..

එළියට ආපු යූරා.. කාර් එකත් අරගෙන ලේ පෙරෙන අත් වලින් වේගෙන් Drive කරන්න ගත්තෙ කිසිම දෙයක් නොහිත..

එයා දැනන් හිටියෙ නෑ එයාගෙ පස්සෙන් යුන්ගි එනවා කියලා...

යූරගේ හිතේ තිබුන වේදනාවටම යූරට ඕන උන් නෑ තවත් ජීවත් වෙන්න .  ... 
ඊටත් වඩා එයාගෙ යටපත් වෙලා තිබුන ඩිප්‍රෙශන් තත්වය නැවතත් යූරට බලපෑම් කරන්න පටන් අරන් තිබුනා..

තව මොහොතක්වත් නොහිතපු යූරා වාහනේ කැපුවෙ පාරෙන් එහා පැත්තෙ තිබුන කැලේට ..

වේගෙන් ගිය වාහනේ නැවතුනේ ගහක හැප්පිලා ..
පිටින් යූරගෙ වාහනේ දිහේ බලන කෙනෙක්ටනම් හිතන්න බෑ ඒකෙ ඉන්න මනුස්සයා ජීවත් වෙනවා ඇති කියලා..
ඒ තරමටම වාහනේට Damage වෙලා තිබුනා...

මේක දැක්ක යුන්ගි එකපාරටම බ්‍රේක් කරේ උනේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව  . 

වාහනේ නවත්තලා දඩිබිඩි ගාලා බැස්සත්.. යූරගේ වාහනේ ලගට යන්න තරම් යුන්ගිගේ කකුල් වලට වගේම හිතටත් ශක්තියක් නෑ...

මේ හැමදේම උනේ එයා නිසා කියලා එයාගෙ හිත කෑ ගහන්න ගත්තා...

💜️ Yoongi Pov 💜️

අනේ මගෙ මැනික මොකද්ද මේ කරගත්තේ .. මේ පව්කාරයා නිසා ඇයි මැනික ඔයාගෙ ජීවිතේ නැති කරගන්න හදන්නේ.........

මට කකුල් වලට පණ නෑ එතනට යන්න...

ඒත් කෝමහරි පණ අරන් එතනට යන්න හැදුවෙ මගෙ මැනිකට මොකුත් වෙලා නෑ කියලා හිතන ගමන්..

ඒත් එතනට ගියාම දැක්ක දෙයින් මගෙ මුලු ඇගම වෙව්ලලා ගියා..

මගෙ පුංචි කෙල්ල .. ලේ ගොඩක් මැද ඉන්නවා ... 😭😭 තවත් මට කදුලු හංගන් ඉන්න බැරි උනා...

" අනේ මගෙ මැනික... නැගිටින්නකෝ..... මගෙ රෝස මල.. මං නිසා ඔයා ඕම දේවල් කරගන්න එපා... ඇයි ... ඇයි යූරා....... අනේ ........ මට සමාවෙන්න මගෙ රත්තරං ... 😭😭😭 නගිටින්න... අනේ ...  "

මම පුළුවන් තරම් කෑ ගැහුවත් එයා හෙලවෙන්නෙවට්ග් නෑ ..

ඒ එක්කම එයාගෙ Phone එක Ring උනේ car එකේ පිටිපස්සෙ ශීට් එකෙන්..
මං ඒක අරගෙන ඉක්මනට Cut කරලා .  Ambulance එකකට call කරලා.. විනාඩි 10ක් විතර ඇතුලත Hospital එකට ගෙනාවා......

ඒ අතරත් යූරගෙ Phone එකට Call ආව නිසා මං Answer කරාම කතා ක්රේ කොල්ලෙක්..

කල්බලෙන් වගේ කතා කරපු කොල්ලට මං අඩ අඩම විස්තරේ කිව්වට පස්සෙ එයාලා එනවා කියලා Phone එක Cut කරා.....

මං දැං මොනාද කරන්න ඕනෙ... නම්ජුන්ට කියන්නද ?... කාට හරි කතා කරන්න ඕනේ.... 😭😭😭
අනේ මං මොකද්ද මේ කරේ....... 😭 අනේ......... 😭😭😭😭





-----------------------------------------------------------------------

😉 ඔන්න දුන්නා...
මොකුත් කියන්නෙ නෑ අදහස් ප්‍රකාශ කරන්න .. 😘😘

Vote ,Comment කරන ❤️😊                                                               

Continue Reading

You'll Also Like

4.1M 259K 100
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
344K 4.7K 32
Rajveer is not in love with Prachi and wants to take revenge from her . He knows she is a virgin and is very peculiar that nobody touches her. Prachi...
10.9K 2.2K 16
A craZy Girl how build her life enjoyable ❤️ හිනා වෙන්න ඕන අය කියෝලා බලන්න.... 😂💔 මෙය ෆෑන්ෆික්ෂන් එකක් නොවන ෆෑන් ෆික්ෂන් එකක් බව ඔබට කියවා අවබෝධ කර...
1.7K 446 11
ඉමක් කොනක් නොපෙනෙන ජීවිතේ අපි හැමෝටම නොකියපූ කතාවක් තියෙනවා. ? ඒ හැම කතාවකම අවසානය ලස්සනද. ඒක පාර්ශවීකව ආදරය කරන්න හැමෝටම බෑ. ? මේ ඇයගේ ඒක පාර්ශ්ව...