♛ අග්නි ♛

By Bulbz_D

172K 34.6K 29K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 25

1.8K 413 582
By Bulbz_D

අග්නිගේ ඇමතීමට මිධුනාථ ක්ෂණයෙන් හැරී බැලු නමුත් කිසිවක් නොපැවසුවේ ය. මිධුනාථ  සන්සුන්ව දෑස් වසාගත්තේ ය. තත්පර කිහිපයක්ම ඔහු නැවත දෑස් විවර කරන තුරු අග්නි ඉවසීමෙන් බලා සිටියේ ය.

'' පවසන්න.. '' මිධුනාථ මද වෙලාවකින් පැවසුවේ දෑස් නැවතත් විවර කරමිනි . ඔහුගේ හඩෙහි අග්නි අපේක්ෂා කල කෝපය නොවී ය.  එපමණක් නොව ඔහු රෞද්‍ර ලෙස හෝ ඍජුව ද අග්නි දෙස නොබැලුවේ ය. 
මිධුනාථගේ ඇසිපිය පොළොව වෙත ලම්භකව පිහිටන මෙන් අර්ධ ලෙස පියවී තිබුණේ ය. ඔහු දෑස් අඩවන් වූ ශිලා පිළිමයක් මෙන් විය.

'' ආම්.. '' අග්නි ගොත ගැසුවේ ය. තමා පැවසීමට ගිය දෙය ඔහුට සැබවින්ම සිහිපත් නොවී ය.

'' නැවත එවැන්නක් සිදු නොවේවි.. '' අග්නි තවත් යමක් පැවසීමට පෙර මිධුනාථ පැවසුවේ ය. මිධුනාථගේ හඩ සුපුරුදු පරිදි රළු වූ නමුත් එහි කෝපයක් නොවී ය. ඔහු හිස එසෙව්වේ ද නැත.

අග්නි , මිධුනාථ පැවසූ දෙය වටහා ගැනීමට උත්සහ කලේ ය. අවසානයේ ඔහුට එය වැටහී යන්නට විය. '' නැවත එවැන්නක් සිදු නොවේවි..'' යනු මිධුනාථ '' සමාවෙන්න '' යන වදන වෙනුවට පවසන වදන විය යුතු විය. අග්නිගේ මුවින් සිනහාවක් නික්මුණි . මිධුනාථ කිසිදිනෙක මෙලස  තමාගෙන් සමාව ගනු අතැයි ඔහු සිහිනයෙන් හෝ කෙලෙසකවත් අපේක්ෂා නොකළේ ය. එලෙසම ඔහුට වරදකාරී හැගීමක් දැනුණු විට ඔහු අදාළ පුද්ගලයා දෙස ඍජුව නොබලයි. ඇහි පිහාටු ද පොළොවට ලම්භක වන සේ දෑස් අඩවන් වෙයි.. '' ඔහෝ.. වරදකාරී මිධුනාථ..''  අග්නි තමාටම මුමුණාගත්තේ සිනාසෙමිනි.

  මිධුනාථට සැබවින්ම යමක් ප්‍රකාශ කිරීමට වදන් අනවශ්‍ය විය. ඔහු සිදුකරන්නේ කුමක්ද , පැවසීමට යන්නේ කුමක්ද සියල්ලම ඔහුගේ මුහුණින් සියුම් ලෙස ප්‍රකාශයට පත් වනු අයුරු අග්නිට අනුව විස්මය සහගත විය.
අග්නි නැවතත් තරමක් හඩින් සිනාසුණි .

එවර මිධුනාථ හිස ඔසවා බලා අග්නි වෙත රැව්වේ ය. අග්නි කිසිවක් සිදුනොවන සේ සිය නිරුපද්‍රිත හස්තයෙන් මුව වසාගත්තේ ය.

'' කුමක්ද නුඹ පැවසීමට ගියේ ඉදින් ? '' අග්නි සිනාසුණේ තමාට වග වැටහුණු මිධුනාථ නොරිස්සීමෙන් විමසුවේ ය.

'' ඔබට ද සිතෙන්නේ මා හට සිතෙන දෙයම ද ? '' අග්නි විමසුවේ බැරෑරුම් හඩිනි. නිසැකවම දැන් ආගන්තුක පුද්ගලයාගේ සැලසුම් පිළිබද සැක කරනු විය යුතු ය .
මිධුනාථගේ නළල රැලි විය.

'' මා කෙසේද නුඹට සිතෙන දෙය දැනගන්නේ ? '' මිධුනාථ ගිගිරුවේ ය. 

'' මිධුනාථ, ප්‍රථමයෙන් පවසන්න..දැන්වත් ඔබ මා විශ්වාස කරනවාද ? '' අග්නි විමසුවේ අවිනිශ්චිත අයුරිනි.

'' තමුන්ට කුමකටද එය ? ..............'' මිධුනාථ ගුගුලේ ය. නමුත් ඔහු ඉක්මනින් සිය කේන්තිය පාලනය කරගත්තේ ය.

'' .....  විශ්වාස කරනවා.. පවසන්න.. '' මිධුනාථ පසුව එක් කලේ ය . 

'' සැබෑ ද ? '' අග්නි විස්මයෙන් මෙන් විමසුවේ සිය සිනහව අසීරුවෙන් තද කරගනිමිනි.

'' සැබෑවටම තමා පැවසුවේ ! දැන් ඉදින් බොළද ලෙස සිනාසුණොත් නුඹව මෙහිම අවසන් කරනවා.. '' මිධුනාථ ගිගිරුවේ ය.

අග්නි හුදෙක් සිනාසුණේ නැත . ඔහු භයානක ලෙස මහ හඩින් සිනාසුනේ අන් සියලු දෙනාගේ අවධානය ද ලබා ගනිමිනි. ඔහුට සිටින තැන කෙලෙසකවත් අදාළ නොවී ය. ඔහු දෑසින් කදුළු පනින තුරු මිධුනාථ දෙස බලා සිනාසුණේ ය. සුග්‍රීව හැරී බලා සිනාසී , නැවතත් ඉදිරිපස බලනු ද අග්නිට කෙලෙසකවත් අදාළ නොවූ කරුණක් විය.

මිධුනාථ නාසය පුප්පමින් , හා රවමින් අග්නි දෙස බලා සිටියා මිස කිසිවක් පැවසුවේ නැත.

'' කාල වෙනුවෙන් අවසන් කටයුතු , ගිරි අසපුව පෞද්ගලිකවම සිදු කිරීම සැකකටයුතු නොවේද ? ඔවුන් අපට අැතුළු වීමට හෝ ඉඩ ලබා දුන්නේ නැහැ.. '' අග්නි පැවසුවේ සැබෑවටම අනුකම්පාවෙනි. තමාගේ අනන්‍යතාවය දැනගැනීමෙන් පසුව කාල තමාට පක්ෂපාතී විය.

'' නුඹ කුමක් පැවසුවත් , ඔහුගේ මරණයට නුඹේ පහර දීමත් එක් හේතුවක්...  '' මිධුනාථ පැවසුවේ අනුකම්පා විරහිත ලෙසයි.
ඔහු නිවැරදි විය. අග්නිගේ අනුකම්පා විරහිත පහර දීම් හේතුවෙන් දීඝ මුනි ශිෂ්‍යයාට ප්‍රතිප්‍රහාර එල්ල කරගැනීම අපහසු වන්නට ඇත . අග්නි විශාල සුසුමක් හෙළුවේ ය.

'' දැන් ඉදින් ඒ පිළිබද සිතීමෙන් පළක් නොවේ.. '' මිධුනාථ එක් කලේ ය.

'' ඔවුන් සිටින්නේ සුලෝධජ කුමරුන් පසුපස... මා සිතන ආකාරයට ... '' අග්නි පැවසුවේ සන්සුන් වෙමිනි. ඔහුගේ ස්වරද බැරෑරුම් විය.

'' භාසුර පිටුපස.. '' මිධුනාථ ඉක්මනින් නිවැරදි කලේ ය.

'' ආ.. එසේයි.. භාසුර.. ඔවුන් භාසු පසුපසයි ලුහු බදින්නේ... '' අග්නි නැවතත් පැවසුවේ බැරෑරුම් ලෙසයි. මිධුනාථ කිසිවක් නොපැවසුවේ ය. ඔහු අග්නිට කතා කිරීමට ඉඩ දී නිහඩ විය.

'' සුලෝධජ කුමරුන්ව ඝාතනය කිරීමයි , ඔවුන්ගේ සැලසුම. '' අග්නි පැවසුවේ ය.

'' ඔවුන් කුමරුන් යැයි සිතාසිටින තැනැත්තා ඝාතනය.. '' මිධුනාථ මෙවරද අග්නිව නිවැරදි කලේ ය.

'' ආ.. ඔහු තමා... '' අග්නි මෙවර පැවසුවේ දෙතොල් උල් කරමිනි. මිධුනාථට සියල්ල නිවැරදිවම පැවසිය යුතු විය.

'' ඔබ දැනුවත් ද  , අප දුටු මුහුණ ආවරණය කර සිටි පුද්ගලයා කව්රුන්ද යනවග ? ''  මෙවර මිධුනාථ විමසුවේ අග්නිගෙනි. ඔහුගේ ස්වරය අවිනිශ්චිත වූ අතර , තමා එකී පුද්ගලයා දැකීමෙන් වියරු වැටුනු අයුරු මිධුනාථ නිසැකවම දකින්නට ඇති වග අග්නිට වැටහී යන්නට විය.

අග්නි මද නිශ්ශබ්දතාවයකින් පසුව හිස සැලුවේ ය. ඔහුගේ දෑස්හි වෛරය විය.

'' ඔහු තමා , මගේ මෑණියන්ගේ ඝාතනයට වගකිව යුතු.. '' අග්නි පැවසුවේ සිය වෛරය උපරිම ලෙස පාලනය කරගනිමිනි. සිය වමත ද නොදැනුවත්වම අසිපතට තද වී ඇතිවග අග්නිට දැනුණි .
මිධුනාථ මදකට නැවතුණේ ය.

'' ඒ ඔහු ද ? අසුර අසිපත දරන්නා ? '' මිධුනාථ විමසුවේ විස්මයෙනි. ඔහුගේ මුහුණෙහි අනෙක් හැගීම් කියවාගත නොහැකි තරම් සංකීර්ණ විය . නමුත් , අග්නි ඔහු වෙත පෙරළා හෙළු බැල්ම ඊටද වඩා සංකීර්ණ විය.

'' නුඹ කෙසේද එය දැනුවත් වූයේ ? '' අග්නි ක්ෂණිකයෙන් පෙරළා විමසුවේ ය.

'' අසුර අසිපත දරන්නා , සහ ඔහුගේ ක්‍රියාවන් පිළිබද නොදැනුවත් කව්රුන් හෝ සිටී ද ? '' මිධුනාථ පෙරලා ගිගිරුවේ ය.

'' නොවේ මා අදහස් කලේ , මා නුඹට පැවසුවේ නැහැ මගේ මෑණියන් කව්රුන්ද යනවග... අනෙක මා කව්රුන්ද යනවග හෝ ඔබ.... '' අග්නි තමා පවසමින් සිටි දෙය මදකට නතර කලේ ය. ‍ඔහු මිධුනාථ වෙත සංකීර්ණ බැල්මක් හෙළුවේ ය. තමා මිධුනාථට සිය මෑණියන් පිළිබදව කිසිවක් පවසා නොමැති නමුත් , මෑණියන්ගේ මරණය පිළිබද කී සැනින් එයට වගකිව යුතු තැනැත්තා මෙකී අසුර අසිපත දරන්නා වග මිධුනාථ දැනගැනීම අග්නිට සැබවින්ම ගැටලු සහගත විය . මිධුනාථද  මද නිශ්ශබ්දතාවයකින් පසු සිය හඩ අවධි කලේ ය.

'' ආහ්.. නුඹගේ ගුරුවරයා වාගිෂ්ඨ මුනි වග පැවසුවා නොවේද ? ඉදින් ? ඔය කී අසුර අසිපත දරන්නා වාගිෂ්ඨ මුනිගේ කුඩා අසපුව විනාශ කල වග ප්‍රසිද්ධ කරුණක්නේ..ඉදින්... මා අනුමාන කලා නුඹේ මෑණියන් ද එහි සිටින්නට ඇති වග... '' මිධුනාථ විරාමයකින් තොරවම පවසාගෙන ගියේ ය. අග්නිට අනුව මිධුනාථ වැඩිපුරම වදන් පැවසූ අවස්ථාව එය විය . ඔහු තමා පවසන දෙය තහවුරු කිරීමට බෙහෙවින් උත්සහ ගත් අතර ඔහුගේ වදන් බෙහෙවින් වේගවත් හා ආවේගශීලී විය.

'' ආහ්.. '' අග්නි සෑහිමකට පත් විය. ඔහු සන්සුන් විය. මිධුනාථ කෙලෙසවක් තමාගේ අනන්‍යතාවය දැන ගත නොහැක. එසේ දැනගත හොත් ඔහු මෙලෙස සාමාන්‍ය ලෙස කතා නොකරන වගද අග්නිට ස්ථිර විය.

'' ඔහු සක්වල චක්‍රය පිටුපස මා සිතන ආකාරයට.. '' අග්නි මද වේලාවකින් පැවසුවේ ය. මිධුනාථ සිය දෑස් කණිකා ඉහළ යවා අග්නි දෙස රෞද්‍රව බැලුවේ ය.

'' නුඹත් එසේනම් දැනුවත් සක්වල චක්‍රය පිළිබද ? '' මිධුනාථ විමසුවේ සිය එක් ඇහි බැමක් ඉහළ දැමමිනි. 

'' කව්රුන්ද නොදැනුවත් ඒ පිළිබදව.. එයද අසුර අසිපත දරන්නා සේම ප්‍රසිද්ධ පුවතක්නේ.. '' අග්නි මිධුනාථගේ වදන්වලින් ඔහුටම දමා ගැසුවේ ය.

'' සැබවින්ම ? මා දැන් එයත් විශ්වාස කල යුතුද ? '' මිධුනාථ ගිගිරුවේ ය.

'' දැන් ඔබ පැවසුවේ මා විශ්වාස කරනවග '' අග්නි ද පෙරළා පැවසුවේ දෙතොල් උල් කරමිනි.

'' විශ්වාස කරනවා යැයි පැවසුවේ ඔබව මිස , ඔබේ මුසා පර්වතය නොවේ.. '' මිධුනාථ කෝපයෙන් පැවසුවේ සුග්‍රීව හා අන් අය ගමන් කරමින් සිටි දෙසට සිය ගමන ඉක්මන් කරමිනි. .

'' උද්ධච්ඡ ඉස්ගෙඩියා.. '' අග්නි මිමණුවේය.

'' නිහඩවනවා.. මගේ සවන් හොදින් ඇසෙනවා.. '' මිධුනාථ ගෙරෙව්වේය.

'' එය නොවෙයි කරුණ මිධුනාථ... ඔබ සැබවින්ම හෙට දින කුමක්ද සිදු කරන්නේ ? '' අග්නි විමසුවේ දුවගොස් මිධුනාථගේ වේගය හා සමවෙමිනි.

'' හෙට දින තරගයට ඉදිරිපත් වෙන්නේ , සුග්‍රීව අය්යණ්ඩි හා ථිත අය්යණ්ඩි... '' මිධුනාථ කෙටියෙන් පැවසුවේ ය.

'' ආහ්... එසේද ? එසේ නම් අප දෙදෙනාටම එකටම පැමිණෙන කාන්තාවන් දෙස බැලිය හැකියි.. නොවේ ද ? '' අග්නි විමසුවේ උද්යෝගයෙනි.

'' තමුන්ට ඔතරම් ඇවැසිනම් , අන්තපුරයක් දමාගන්නවා.. '' මිධුනාථ පැවසුවේ ය. ඔහුගේ ස්වරය කෝපන්විත නොවී ය. ඔහුගේ දෑස් උපහාසාත්මක විය . අග්නි මිධුනාථ දෙස බැලුවේ ප්‍රශ්නාර්ථ බැල්මකිනි. ඔහු පැවසූ දෙය අග්නිට නොවැටහුණි .

.'' නුඹ සිනාසෙන්නේ නැති ද ? '' මද වෙලාවකින් මිධුනාථ විමසුවේ නළල රැලි ගන්වමිනි.

'' එය විහිළුවක් ද ? '' අග්නි විමසුවේ විස්මයෙනි . මිධුනාථ මීට සුළු මොහොතකට පෙර විහිළුවක් කලවග ඔහුට විශ්වාස කල නොහැකි වූ අතර , එය කෙලෙසකවත් මදකුදු හාස්‍යජනක විහිළුවක් නොවී ය.

'' අන් කුමක් කියා ද සිතුවේ ? '' එවර මිධුනාථ විමසුවේ කෝපයෙනි.

'' මිධුනාථ මා යමක් පවසන්න ද ? '' අග්නි විමසුවේ මිධුනාථ දෙස අනුකම්පා සහගත බැල්මක් හෙළමිනි.

'' එවර කුමක්ද ? '' මිධුනාථ කඩාපැන්නේ ය.

'' ඔබේ විහිළු , සුදුසු අවමංගල්‍ය උත්සව සදහා පමණයි.. '' අග්නි පැවසුවේ සිය බැල්මෙහි වූ අනුකම්පා සහගත බව දෙගුණ කරමිනි.

මිධුනාථ නැවතුණි . ඔහු අග්නි දෙස රවා බැලුවේ ය. ඔහුගේ නළල රැළි ගැසී ඇහිබැම එක්ව තිබූ අතර , මුහුණ ද සුපුරුදු පරිදි රත් පැහැ ගැන්වී තිබුණි .

'' නිහඩවනවා.. '' මිධුනාථ රැව්වේ ය.

අග්නි මෙවර ද සාර්ථක ලෙස මිධුනාථගෙ කෝපය ඇවිස්සුවේ ය. මිධුනාථ කලාතුරකින් කරන නොගැළපෙන විහිළු හා ඉක්මන් කෝපය දෙස සංසන්දනාත්මකව බැලූ  , කෝපාන්විත මිධුනාථ නිසාවෙන් අග්නිට දහස් ගුණයක් වැඩියෙන් විනෝද විය හැකි විය.

'' අග්නිඊඊඊඊඊඊඊඊඊ..... '' මිගාර දුවවිත් නැවතත් අග්නිගේ හස්තයෙහි එල්ලුණේ ඔහුගේ අවධානය බිදිමිනි..

'' ඕ... මිගාර... '' අග්නි සිනාසෙමින් පැවසුවේ මිගාරගේ කෙස් අවුල් කරමිනි. තවමත් දහඅට වියැති වූ බැවින් මිගාර , මිධුනාථ හා අන් මුනි ශිෂ්‍යයන් මෙන් කොණ්ඩය මුදුනට කර නොබැන්දේ ය. ඔහුගේ හිස වටා කුඩා උත්පල පැහැ පටියකින් සිටින පරිදි ගැට ගසා තිබූ අතර , අග්නි මෙකී පටියෙන් අැදීමට ද අතිශයින් කැමැත්තක් දැක්වී ය.

'' සුග්‍රීව අය්යණ්ඩි පැවසුවා දිවා ආහාරය ගැනීමට නොහැකි වූ බැවින් , ඉදිරියේ ඇති අවන්හල වෙත යන වග.. මෙවර ඔබට ද යා හැකිනේ.. මා සමගින් යමු ? '' මිගාර පැවසුවේ අග්නිගේ නිරුපද්‍රිත දෑතෙහි එල්ලෙමිනි .

'' සැබවින්ම ? '' අග්නි විමසුවේ විස්මයෙනි. නමුත් , මදක් ඉදිරියෙන් ගමන් කරිමින් සිටි සුග්‍රීව හා අන් අය ද ඉදිරිපස වූ අවන්හල වෙත ඇතුළු වූයේ මිධුනාථ හටද පැමිණෙන ලෙස ඉගිකරමිනි .

'' අග්නි යමු.. පැමිණෙන්න... '' මිගාර පැවසුවේ අග්නිව අවන්හලට තුලට ඇදගෙන යමිනි . ලගේල නකරයේ අවන්හල තරම් සුඛෝපභෝගී නොවූවද , මෙකී අවන්හල අතිශයින් සෞම්‍ය තානායමක් විය. එක් මහලකින් පමණක් සමත් වූ අවන්හලෙහි , මධ්‍යයෙහි කුඩා ශිලා පොකුණක් ස්වභාවිකවම පිහිටියේ ය.

'' අග්නි.. අපි මෙහි ස්නානය කරමු ? '' මිගාර විමසුවේ සිනාසෙමිනි . අග්නිද පෙරළා සිනාසුණි.

'' මෙහි ජලය , වළලු කර දක්වාවත් නොවේනේ... ''  අග්නි පැවසුවේ මිගාරට පාදයෙන් කුඩා පහරක් එල්ල කරමිනි.

'' ආව්... මා වෙතින් හස්තය අඹරා ගැනීමට අවැසි ද ? හුම්.. කුමක් කරන්න ද නුඹේ හස්තය බිදී ගොසින්නේ. . '' මිගාර පැවසුවේ සිය දෙතොල් උල් කරමිනි . වාසනාවකට හෝ අවසනාවකට අග්නිට එකී දෙතොල් උල් කිරීමේ ලක්ෂණය පිහිටියේ ය. ඉදින් අග්නි මිගාර හා තරගයක් ආරම්භ කලේ ය. වැඩියෙන්ම දෙතොල් උල් කිරීමට සමත් තැනැත්තා තරගයෙන් ජයග්‍රහණය කල යුතු විය. අග්නිට අනුව ඔහු මිගාරට වඩා දෙතොල් උල් කලේ ය. මිගාරට අනුව ඔහු අග්නිට වඩා දෙතොල් උල් කලේ ය. තරග තීරකවරයෙක් ද නොවී ය.

අසුන් ගැනීම පසෙකලා දෙතොල් උල් කරමින් , '' හොදින්ම දෙතොල් උල් කරන්නා" සෙවීමේ විශාල තරගාවලියක නිරත වන ඔවුන් දෙදෙනා දෙස බලා සුග්‍රීව සන්සුන්ව සිනාසෙනු ද අග්නිට පෙනුණි . භීෂ , අභය , ථිත තිදෙනාම '' මේ කුමන අවුල්ජාලයක් දැයි '' වැනි බැල්මකින් ඒ දෙස බලා සිටියේ ය. රුද්‍ර වරින් වර , අග්නිටත් , මිගාරවත් දිරිමත් කරමින් ඔල්වරසන් නැගුවේ ය. මිධුනාථ ද එදෙස බලා සිටියේ ය. නමුත් , ඒ අග්නි බලාපොරොත්තු වූ නළල රැලි ගැන්වුණු , දෑස් රෞද්‍ර වුනු , මුහුණ රතු වුනු කෝපාන්විත මිධුනාථ නොවී ය. ඔහුගේ දෙතොල් අග මදක් වක්‍රව තිබූ අතර , සෑම විටම සැගව තිබෙන ඉදිරි දසන් පෙළද යන්තමින් පිටතට නිරාවරණය විය .පෙර දින මණිමාප ජලාශයේදී තරම් පැහැදිලි නොවූවද එය ද එක්තරා අකාරයක සිනහාවක් විය.

මිධුනාථ සිනාසෙනු දුටු අග්නි තමා කරමින් සිටි විකාර රූපී ක්‍රියාව වහාම නවත්වා දැමුවේ ය. අග්නිගේ මුහුණෙහි  තිබූ සැහැල්ලු බව ද සැනින් අතුරුදහන් විය . ඔහු තැන්පත් වනු දුටු මිධුනාථගේ මුහුණෙහි වූ සියුම් සිනහව වහාම අතුරුදහන් විය. ඔහු එවර කෝපයෙන් රවා අනෙක් පස බලාගත්තේ මේ කුමන විකාරයක් ද අකාරයේ බැල්මක් හෙලමිනි . අග්නි හා මිගාර දෙදෙනාම , අන් සය දෙනා අසුන්ගෙන සිටි විශාල ශිලා මේසය වටා අසුන් ගත්තේ ය .

සියලු දෙනා නිහඩවම අහාර ගැනීමට වූවෝ ය. අග්නි සිය බිදී ගිය සුරත දෙස බැලුවේ කණස්සල්ලෙනි . ඔහු අනෙක් හස්තය අසිපත සදහා හුරු කර තිබුන ද ආහාර අනුභවයට හුරු කර තිබුණේ නැත . තමාගේ දකුණු පස සන්සුන්ව අහාර ගනිමින් සිටි මිධුනාථ අග්නිගේ දෑසට හසුවිය . අහාර අනුභවයේදි කතා කිරීම ද අකැප විය . ඉදින් අග්නි සිය වැලමිටින් මිධුනාථට තට්ටුවක් දැමුමේ ය. අග්නි සිතූ පරිදිම ඔහු අාහාර ගැනීම නවත්වා අග්නි දෙස බැලුවේ දවා අළු කරන සුළු බැල්මකිනි.  නමුත් , ඔහු කිසිවක් නොපැවසුවේ අාහාර අනුභවයේ දී, අන් කිසිදු ක්‍රියාවක් අකැප බැවිනි. ඔහු අග්නි දෙස හෙලූ බැල්මෙහි ප්‍රශ්නාර්ථයක් විය.

අග්නි සිය අබාධිත හස්තය ඔසවා පෙන්වූවේ ය. ඉන් පසු සිය පලගුව දෙසටත් , අනතුරුව තමාගේ මුව දෙසටත් දබර ඇගිල්ලෙන් ඉගි කලේ ය. නැතහොත් , තමාට අහාර ගැනීමට උපකාර කරන ලෙසට හැකි පමණ තේරෙන අයුරින් පැවසුවේ ය.
මිධුනාථ රැව්වේ ය. ඔහු අග්නිගේ වම් හස්තය වෙත ඉගි කලේ ඉන් ආහාර ගන්නා ලෙසට තර්ජනාත්මක බැල්මක් හෙලමිනි. අනතුරුව මිධුනාථ නැවතත් සිය පලගුව දෙසට අවධානය යොමු කලේ කිසිවක් නොවූ පරිදියි. නමුත් අග්නිගේ වැලමිටින් ඇනීම දෙවන වරටද ඔහුට බාධා කලේ ය. මෙවර ඔහු අතට ගත් ආහාර පිඩ ද පිගාන වෙත දමා ගසමින් අග්නි දෙස බැලුවේ කෝපයෙනි. වාසනාවකට මිධුනාථ සිදු කල දෙය සුග්‍රීව හෝ අන්කිසිවෙකු හෝ දුටුවේ නැත .

අග්නි සිය වම් අත පෙන්වූයේ ය. ඉන් කෑම සදාචාරයට හා සම්ප්‍රදායන්ට පටහැනි වග ද මිධුනාථට ඉගි කරමින් සිහිපත් කරදුන්නේ ය. මිධුනාථගේ නළලෙහි රැළි ගණන අග්නි බලා සිටියදී ගැණිය නොහැකි අයුරින් දෙගුණ තෙගුණ විය.

'' එසේනම් , කුසගින්නේ සිටිනවා.. '' මිධුනාථගේ තර්ජනාත්මක දෙතොල් සෙලවීම කියවා ගැනීමට අග්නිට අපහසු නොවුණි .

අග්නි දෙතොල් ද උල් කර ක්ෂණිකව මිධුනාථට ඔරවා තමාගේ අනෙක් පස සිටි මිගාර වෙත හැරුණේ ය. මිගාර කිසිදු සිහියක් නොමැතිව ආහාර අනුභවයේ විය. අග්නි ඔහුව රහසේ ඇමතීමට සිය මුව විවර කිරීමටත් පෙර , විශාල නෙළුම් අල දෙකකින් ඔහුගේ මුව පිරි ගියේ ය. නෙළුම් අල දෙක එබූ පසු ඔහුගේ මුව වසා ගැනීමටත් නොහැකි තරම් විය. ඔහු මිධුනාථ දෙස බලා දෑස්වලින් පමණක් කෘතඥපූරක සිනහාවක් හෙළුවේ සිය මුව පුරාම නෙළුම් අල තිබූ නිසාවෙනි. ඔහුට සැපීමට හෝ නොහැකි තරම් මිධුනාථ එබූ නෙළුම් අල දෙකම විශාල විය . ඔහු අපහසුවෙන් එය ගිල දැමුවේ ය. ඉන්පසු ඔහු මැටි බදුනෙහි වූ ජලය ද පානය කලේ ය.

'' ආාාා  '' අග්නි සිය මුව මෙවර හොදින් විවර කලේ ය. මිධුනාථ සිය කෝපය පාලනය කරගැනීමට දැඩි උත්සහයක යෙදෙනු අග්නිට හොදින්ම පෙනුණි . විශාල සුසුමක් හෙළු මිධුනාථ එවර , සුවදැල් සහල් හා තිත්තයන් මැල්ලුම සහිත බත් පතින් කටක් අග්නිගේ මුව තුලට එබී ය. එහිද වෙනසක් නොවී ය.  එය ද අග්නිට ගිල ගැනීමට නොහැකි තරම් විශාල කටක් විය. මෙලෙස ආහාර ලබාගත හොත් තෙවෙනි වර තමා ශ්වසනය කිරීමට නොහැකිව මියයනු ඇති වග අග්නිගේ සිත පැවසී ය. ඔහු විශාල බත් පිඩ ගිලීමට උත්සහ කලේ ය. ඔහු මෙවර ජලය බදුන් දෙකක්ම පානය කලේ අපහසුවෙනි . හුස්ම හිරවීමෙන් ඔහුගේ දෑස්වල කදුළු වූ නමුත් ඔහු පැමිණිලි නොකලේ ය. ඔහු දැන් නිහඩව ආහාර ගන්නවා විනා තවත් වදනකුදු පැවසුවහොත් මිධුනාථ නිසැකවම යක්ෂාවේෂ වනු ඇත.

'' මිධුනාථ,  ඔබ සැබවින්ම අග්නිව මරා දැමීමට ද සැරසෙන්නේ ? '' සිය ආහාරය අවසන් කර සිටි ථිත විමසුවේ මිධුනාථ දෙස බලමිනි .

'' ඔව් '' මිධුනාථ රෞද්‍රව අනුකම්පා විරහිතව පැවසුවේ ය. අග්නි විස්මයට පත් නොවී ය.මෙවර ද ඔහු මිධුනාථ අවතක්සේරු කලේ ය.  නිසැකවම මිධුනාථ තමාව මෙලෙස කෲර ලෙස ආහාර ලබාදීමෙන් මරා දමන වග ඔහු පෙර අනුමාන කර නොතිබුණි .

'' අග්නි , මා ඔබට ආහාරය සදහා උපකාර කරන්නම්. '' මිගාර පැවසුවේ අග්නිගේ පලගුව සියතට ගනිමිනි . නමුත් , තමා දෙසට එල්ල වී ඇති මිධුනාථගේ රෞද්‍ර බැල්ම දුටු මිගාර නැවතත් , පලගුව ඉක්මනින්ම අග්නි ඉදිරියෙන්ම තැබුවේ කිසිවක් සිදු නොවූ පරිදියි . භීෂ , රුද්‍ර හා අභය තිදෙනාම ඒ වන විටත් ආහාර ගැනීම අවසන් කර විය . භීෂ හා අභය දෙදෙනා අතුරුපස ලෙස , තිල සංගුලිකා අනුභව කරමින් සිටියේ ය.

අග්නි සිය මුව උපරිමයෙන් විවර කලේ මිධුනාථගේ විශාල බත් පිඩ සදහා සැරසෙමිනි. නමුත් මෙවර එය පෙරට වඩා කුඩා විය. සැපීමට හැකි තරම් කුඩා විය . මෙවර ඔහු එය අග්නිගේ මුවතුලට දමා ගැසුවේ ද නැත. මිධුනාථ තමා කෲර ලෙස මරා දැමීමේ අදහස අත්හල වග අග්නිට වැටහී යන්නට විය .

'' අහෝ මිධුනාථ... ඔබ ඔය සියලු දේ පසෙකලා , ඇසළ අංගනයට වී මුනි දරුවන් බලාගත්තා නම් සෑහෙන්න දියුණුවක් ලැබීමට තිබුණා.. '' භීෂ උපහාසයෙන් පැවසුවේ අග්නිට කවමින් මිධුනාථ දෙස සිනාසෙමින් බලමිනි.

'' ඔබ ඔතරම් උනන්දු නම් , ඉදින් ඔබටම ඇසළ අංගනයට යා හැකියි.. මතක ඇතිව , වස්ත්‍රයන්ද මාරු කරගන්න. දිගු කණකර ආභරණ හා මුතුවැලකුත් දමාගන්න.. . '' මිධුනාථ ද පෙරළා පැවසුවේ උපහාසයෙනි .

'' කුමක්ද පැවසුවේ ? හහ්.. නුඹ ඉදින් දස හැවිරිදි වනතුරුම මවගේ තනයේ එල්ලී සිටි වහු පැටවානේ..  '' භීෂ පැවසුවේ උපහාසයෙනි.

'' භීෂ ! '' සුග්‍රීව හා ථිත දෙදෙනාම භීෂ දෙසට දැඩි බැල්මක් හෙළුවේ ය. 

සුග්‍රීවගේ මුහුණ මෙවරද අදුරුවනු අග්නිට පෙනුණි. අසරණ සුග්‍රීව...මිධුනාථ හා භීෂගේ ගැටුම් නැවැත්වීමට යාමෙන්ම , වයොවෘද්ධ වනු ඇත . මිගාරගේ මුහුණ ද අදුරු විය . රුද්‍ර තරමක් පසෙකට වූයේ ගැටුමක් අපේක්ෂාවනි.

මිධුනාථගේ මුහුණෙහි ලේ සිදී යනු අග්නිට පෙනුණි .  මිධුනාථ සිය සුරතෙහි වූ බත්පිඩ ආපසු පලගුවට දමා ගසමින් නැගිට්ටේ දත්මිටි කමිනි .  මිධුනාථ භීෂගේ උඩු සළුවෙන් අල්ලා ඔහුව මේසය උඩින් තමා සිටි දිශාවට ඇද්දේ කෝපයෙන් නමුත් මිධුනාථගේ මුහුණ කෝපාන්විත නොවී ය. එය කිසිදු හැගීමක් පිටතට නොපෙන්වන ශිලා පිළිමයක් බදු විය . අග්නිට අනුව , කෝපාන්විත මිධුනාථට වඩා මෙකී මිධුනාථ බෙහෙවින් රෞද්‍ර විය.  භීෂ ද කිසිවක් සිදු නොකර බලා සිටියේ නැත . මිධුනාථ ඔහුට පහර දීමටත් ප්‍රථම භීෂ මිධුනාථගේ මුහුණට කෝපයෙන් ප්‍රහාරයක් එල්ල කලේ ය.

'' කුමක්ද සිදු කරන්නේ ? ආහ්.. මේ සිටින ස්ථානය කොහි ද යනවග අමතක  වූවා ද නුඹලා දෙදෙනාට ? '' ස්‍රගීව පැවසුවේ මිධුනාථ හා භීෂ දෙදනාවම දෙපසට තල්ලු කරමිනි. ප්‍රථම වතාවට සුග්‍රීව දැඩි ලෙස කෝපාන්විත විය . 

සුග්‍රීව හා රුද්‍ර මිධුනාථවත් , ථිත හා මිගාර භීෂවත් තරයේ අල්ලාගත්තේ ඔවුන් දෙදෙනාට සටන් කිරීමට නොහැකි වන පරිද්දෙනි . අග්නි , අභය දෙස බැලු මුත් , අභය කිසිවක් නොකළ නිසා ඔහුද කිසිවක් නොකළේ ය.

සුග්‍රීවගේ අත ගසා දැමු මිධුනාථ , සිය අසිපත ද සුරතට ගමින් අවන්හලෙන් පිටව ගියේ පහව නොගිය කෝපයෙනි . ඔහු භීෂ දෙස දවා අළු කරන සුළු බැල්මක් හෙලූ අතර අතර භීෂ මිධුනාථ වෙත හෙලූ බැල්ම ශිත ජලය මෙන් හැගීම්විරහිත විය.

~ මතු සම්බන්ධයි ~

.
.
.
.

* තිල සංගුලිකා - තලවලින් සදාගන්නා අතුරුපසක්..
* උත්පල පැහැ - නිල්මානෙල්වල තියන තද දම් පාට.. නැත්තන් වයලට් වගේ..
රජත - රිදී...

Continue Reading

You'll Also Like

51.3K 6.5K 43
❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය...!! මන් කිව්වනේ මට තියෙන සේසතම විකුණලා...
18.7K 5.4K 31
අඩ වශයෙන් පියවුණු දෑසින් යුතු නග්න නිරූපණ ශිල්පියෙකුගේ සහ ඔහුගේ සිත්තමක් කිරීමට පැමිණි සිතුවම් ශිල්පියාගේ වෙළුණු දෑඟිලි වල කතාව. Nudity Is An Art පර...
1.5K 273 19
"තමුසෙට කතා කරන විදිහ කවුරුත් උගන්වලා නෑ වගේ." "තමුසේ ඔය හන්ගගත්ත එකාගෙන් අහපන්! අවුරුදු හතකට කලිනුත් ඔහොම හැංගුනේ නැත්තම් මට කතා කරන විදිහ උගන්වන්න...
473K 49.1K 170
ဘာသာပြန်သူ- ညိမ်းမြတ် ဇာတ်လမ်းအကျဉ်း "ယွမ်ယွမ် မင်းက ကမ္ဘာကြီးကို မုန်းရင် ကိုယ် မင်းနဲ့အတူ နယ်မြေတွေကို သိမ်းပိုက်မယ်။" "ကျွန်မက ကမ္ဘာကြီးကို ချစ်တယ...