♛ අග්නි ♛

By Bulbz_D

169K 34.2K 29K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 23

1.7K 409 342
By Bulbz_D

අග්නි විශාල පළු ගසෙහි අත්ත මත සිටගත්තේ ය. ඔහුගේ නාසයෙන් පහළ තද පැහැ රෙදි කඩකින් වැසී තිබුණි . ඔහුගේ තියුණු දෑස් , තමාට පහළින් වූ කුඩා අඩිපාර වෙත ඍජුව එල්ල වී තිබුණි . වමතෙහි වූ අසිපත හරහා ඔහුගේ දෑගිලි නොඉවසිල්ලෙන් ඔබමොබ චලනය වූ අතර , සිය අනෙක් හස්තයෙහි ආබාධය නොපෙනන පරිදි අග්නි එය ද ආවරණ කරගෙන සිටියේ ය.

තරමක් දුරින් අැසුණු හඩට ඔහු ඉක්මනින් සිය අවධානය යොමු කලේ ය. සුදු සහ හරිත වර්ණ වස්ත්‍රයන් ඔහු පළමු බැල්මෙන්ම හැදන්නේ ය.
අග්නිගේ අනෙක් පස තිබූ විශාල පුස් වැලද ඔහුගේ දෑසට හසු විය. එය ඔහුගේ සම්පුර්ණ බර දරාගැනීමට ප්‍රමාණවත් වග අග්නිට හොදින්ම විශ්වාස විය.

හරිත වර්ණ වස්ත්‍රවලින් සැරසි මුනි ශිෂ්‍යයන් දෙදෙනා තමා සිටි ගසට පහළින් ගිමන් හැරීම පිණිස නවතිනු අග්නි දුටුවේ ය. ඔවුන් කව්රුන් හෝ පැමිණෙන තුරු බලා සිටින වග අග්නිට පැවසිය හැකි විය . නිසැකවම ඔහු මේ සිටි පළු ගස වනයෙහි එක් සලකුණු සහගත ස්ථානයක් විය .

ඔවුන් කිසිවක්ම සිතාගැනීමටත් පෙර අග්නි අසුරු සැනින් පුස්වැල ආධාරයෙන් බිමට පැන එක් ශිෂ්‍යයෙකුගේ ගෙලට අසිපත තබා ඔහුව පසෙකට කරගත්තේ ය. අනෙක් සිසුවා අැසිපිය සලන විටත් , අග්නි සිය ගරිල්ලා ප්‍රහාරය හමාර කර විය. ඔහුගේ අසිපත පිටතට ඇද නොතිබුණද ඉහල තලයේ ලෝහයෙන් සකස් කොට තිබූ අසිපත් මිට මුනි ශිෂ්‍යයාගේ ගෙලට තරයේ තදව තිබුණේ ය.

'' තමුන් පලායාමට තැත් කලහොත් , මොහුව මෙහිම අපායට යවනවා '' අග්නි රෞද්‍ර ලෙස පැවසුවේ ය. ඔහුගේ ස්වරයෙහි පෙර වූ  සැහැල්ලු  බව මෙවර නොවී ය. එය රළු හා භයානක වූ අතර , පැහැදිලි අනතුරු ඇගවීමක්ද ගැබ්ව තිබුණි . අග්නිගේ ග්‍රහණයේ සිටි ශිෂ්‍යයා දෙස බියමුසු ලෙස බැලූ අනෙක් ශිෂ්‍යයා ද ඉක්මනින් යටත් වූවේ ය.
අග්නි කිසිවක් පැවසීමට පෙර ඔහු බියෙන් අනෙක් පස හැරී දිවීමට විය. අග්නිද ඔහුව නොතැකුවේ ය. දැනටමත් ඔහුට අවශ්‍ය පුද්ගලයා ඔහුගේ ග්‍රහණයෙහි විය.

'' නිවටයා.. '' පලාගිය ශිෂ්‍යයා දෙස බලමින් අග්නි මිමිණුවේ ය.

'' කව්රුන්ද තමුන් ? '' තමාගේ ග්‍රහණයේ සිටි , තරුණයාගේ ස්වරය වෙව්ලුම් කෑ අයුරු අග්නිට හොදින්ම ඇසිණ.

අග්නි කිසිවක් නොපැවසුවේ ය. නමුත් ඔහුගේ දෑස් සිහින් වූ ආකාරයෙන් ඔහු උපහාසාත්මකව සිනාසෙන වග මෙකී මුනි ශිෂ්‍යයාට පැවසිය හැකි විය.

තමාගේ ග්‍රහණයේ සිටි ශිෂ්‍යයා නිශ්ශබ්දවම එල්ල කිරීමට ගිය නිල ප්‍රහාරය ද අග්නි සාර්ථක ලෙස වැළැක්වූ අතර , එවර නම් ඔහු සිය අසිපත පිටතට ඇද්දේ ය. අගින් සිය සුරතෙහි බාහුව ආධාරයෙන් ශිෂ්‍යයාගේ ගෙල සිර කලේ නිරුපද්‍රිත හස්තයෙන් අසිපත ද ඔහුගේ ගෙල අසලට තද කරමිනි  . මුනි ශිෂ්‍යයාගේ ගෙල අසල සුළු කැපුමක්ද ඇති වී තිබූ අතර ඉන් සියුම් රුධිර ධාරාවක්ද ගලා යනු අග්නිට පෙනුණි .

නමුත් මුනි ශිෂ්‍යයා සිය පාදයෙන් සාර්ථක ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කල අතර , අග්නි ඔහුගේ හස්තයෙන් කරකවා ඔහුව පිටුපස හැරෙව්වේ අනුකම්පා විරහිතව යි.  අග්නිගේ චලනයන් හීසර මෙන් වේගවත් හා සැහැල්ලු විය.

මුනි ශිෂ්‍යයාගේ පාදයට පිටුපසින් පා පහරක් එල්ල කල අග්නි ඔහුව බිම දණගැස්වූයේ ඔහුගේ කෙස් වැටියෙන් තරයේ අල්ලා ගනිමිනි.

'' තමුන් හැප්පෙන්නේ වැරදි කෙනා එක්ක '' අග්නි භයානක ලෙස පැවසුවේ මුනි ශිෂ්‍යයා වේදනාවෙන් මිරිකී යන පරිදි සිය ග්‍රහණය තවත් දැඩි කරමිනි. 

'' කව්රුන්ද තමුන්.. කුමන අසපුවේ ද ?  ''  මුනි ශිෂ්‍යයා වේදනාවෙන් විමසුවේ ය .

'' මා කව්රුන්ද දැයි දැනගත හොත් ඔබ මෙහිම මියයාවි.. '' අග්නි ද උපහාසයෙන් පැවසුවේ ය.

'' නුඹ ගිරි අසපුවේ ද ? ජඨිල ද නුඹව මෙහි එව්වේ ? ... මදක් මා පවසන දෙය අසාසිටින්න.. '' මුනි ශිෂ්‍යයා පැවසුවේ කලබලයෙනි.

අග්නි ඔහුගේ කෙස් වැටියෙන් තවත් තද කර අල්ලා ගෙන ඔහුට පා පහරක්ද එල්ල කලේ ය. අග්නිගේ දෑස් අනුකම්පාවිරහිත විය . අතිශයින්ම රෞද්‍ර විය.

'' මා පවසන දේ අසාසිටින්න ප්‍රථමයෙන්...
.. මා මිධුනාථට එය ලබා දුන්නා. . නමුත්.. ඔහු එය ලබාගෙන නැහැ.. එයයි හේතුව ඔහු නිරුපද්‍රිත වීමට..එය මගේ වරද නොවේ.. කමා කරන්න... . '' දීඝ මුනි ශිෂ්‍යයා පවසාගෙන ගියේ අග්නිගේන් අනුකම්පාවක් බලාපොරොත්තුවෙනි . නමුත් , ඔහුගේ වදන්වලින් පසු අග්නිගේ දෑස් තවත් රෞද්‍ර විය. අග්නි සිය බරැති අසිපත් මිටෙන් වැරෙන් පහරක් දීඝ ශිෂ්‍යයාගේ බද වෙතට එල්ල කලේ ය. ඔහුගේ ප්‍රහාරය සැබවින්ම දැඩි විය . මුනි ශිෂ්‍යයා වේදනාවෙන් නැගූ හඩ ද අග්නිගේ සවනෙහි වැකුණු වගක් පෙනෙන්නට නොතිබුණි .

'' තමුන් සිතුවේ ජඨිල විසින් මා මෙහි එවූ වග ද ? .. ආා ?? '' විමසුවේ මුනි සිසුවාව වැරෙන් බිම අතහරිමිනි. මුනි ශිෂ්‍යයාගේ හිසින් ඒ වනවිටද රුධිරය වහනය වෙමින් පැවතුණි .
මුනි ශිෂ්‍යයා කිසිවක්ම නොපැවසුවේ ය. ඔහු වේදනාවෙන් මුසපත්ව සිටියේ ය.

'' ජඨිල ද පැවසුවේ මිධුනාථට එය ලබා දෙන ලෙස ? '' අග්නි විමසුවේ , මුනි ශිෂ්‍යයාට නැගී සිටීමට නොහැකි ලෙස සිය පාදයෙන් ඔහුව පොළොවට තද කරමිනි.

'' පිළිතුරු දෙනු.. '' අග්නි ගිගිරුවේ ය.

'' මා ඍ-ඍජුව..මරාදමනු.. '' දීඝ සිසුවා වේදනාවෙන් පැවසුවේ අඩපණවයි.. 

'' තමුන් හරි දුර්වලයිනේ. මිධුනාථ තමුන්ව පරාජය කල එක පුදුමයක් නොවේ.. '' අග්නි පැවසුවේ නැවතත් දීඝ ශිෂ්‍යයාට සිය පාදය ආධාරයෙන් ප්‍රහාරයක් එල්ල කරමිනි.

'' කව්රුන්ද තමුන් ? '' ඔහු නැවතත් විමසුවේ අඩපණ අයුරිනි.

අග්නි සිනාසුණේ ය. ඔහුගේ හඩ තීව්‍ර විය.

'' තමුන් කාටද , තමා හා සමාන ලෙස ආමාන්ත්‍රණය කරන්නේ ? නීචයා.. '' අග්නි පැවසුවේ ගාම්භීර හා රෞද්‍ර ස්වරයකිනි. ඔහුගේ ස්වරය ඔහුගේ රෞද්‍ර විලාසයක් ගත් දෑස් හා හොදින්ම ගැළපුණේ ය. මුහුණ ආවරණය වී තිබූ රෙද් කඩට අග්නිගේ වල ගැසෙන සුළු කම්මුල් ද ආවරණ වී තිබූ නිසාවෙන් ඔහුගේ පෙනුම වඩාත් භයානක විය.

අග්නි සිය අසිපත , වම් පසින් පිටතට ඇද්දේ ය. ඒ ඔහු සති ගණනාවකින් පසු වම් පස අසිපත පිටතට ගත් අවස්ථාව විය. ඔහු එය ඍජුව දීඝ සිසුවාගේ ගෙල වෙතට එල්ල කලේ කෙස් වැටියෙන් අල්ලා ඔහුව නැගී සිටුවමිනි .

දීඝ සිසුවාගේ දෑස් කෙලින්ම අසිපත වෙත එල්ල විය. රසදිය කේශික නළය ඔස්සේ දෑස් ගෙන ගිය දීඝ සිසුවාගේ දෑස් නතර වූයේ අසිපත් මිට අසල වූ සිංහයෙකු හා සූර්යයාගේ හැඩරුව මුසු වූ ලාංඡනය අසලයි. ඔහුගේ දෑස්වල විස්මයක් සටහන් වූයේ ක්ෂණිකයෙනි .

'' ඔබතුමන්... .ඔබ... '' ඔහු වදන් ඇමිණුවේ ය.

'' නුඹ මා හට පිළිතුරු ලබා දෙන්නේ ද නැති ද ? '' අග්නි විමසුවේ අඩපණව සිටි මුනි ශිෂ්‍යයාගෙනි.

'' කමාකරන්න ස්වාමිනි.. මා ... '' මුනි ශිෂ්‍යයා අපහසුවෙන් ගොත ගැසුවේ ය.

'' පිළිතුරු දෙනු .. '' අග්නි පැවසුවේ ඉක්මනින් කැපෙන සුළු අසිපත තවත් ආගන්තුක ශිෂ්‍යයාගේ ගෙල අසලට ලං කරමිනි . රිදී තලයෙන් දෙවෙනි වරට ද මුනි ශීෂ්‍යයාගේ ගෙලෙහි කැපුමක් ඇති කර තිබුණි.

'' කමාකරන්න...උතුමාණෙනි...  සැබවින්ම කිසිවක් නොදැනුවත්... මා සත්‍යයි පවසන්නේ... ඔබතුමන්ට මා මරාදැමිය හැකියි.. නමුත් මා සත්‍යයි පවසන්නේ..... මා විශ්වාස කර සිටින්න.... ජඨිලයි ඒ පිළිබදව දැනුවත්... මා සිදු කලේ ඔහු පැවසූ දෙය පමණයි...  '' දීඝ සිසුවා අපහසුවෙන් ශ්වසනය කරමින් පැවසුවේ ය. ඔහු මෙවන් මරණය අභියෙස සිටින මොහොතක මුසා නොපවසන වග අග්නිට පැවසිය හැකි විය.

'' තමුන් මුසා පැවසීමට සිතුවහොත්.. තා දැනුවත් නොවේද තගේ දඩුවම. ? . '' අග්නි ඔහු වෙත අනතුරු අගවන සුළු බැල්මක් හෙළුවේ ය.

'' නොවේ....එසේ නොවෙයි...ස්වාමිනි.. ජඨිල මා හට මෙම ස්ථානයේදි ඔහුව මුණ ගැසෙන ලෙස පැවසුවා.. එයයි මා මෙහි පැමිණයේ.. '' දීඝ සිසුවා පැවසුවේ අපහසුවෙනි.

ඈතින් ඇසුණු , අශ්ව හේෂාරාවය අග්නිගේ දැහැන් බිද දැමුවේ ය. ඒ නිසැකවම ජඨිල විය යුතු විය.

අග්නි දීඝ සිසුවාද රැගෙන වන ලැහැබෙහි මුවා වූයේ ඔහුව මදකුදු ග්‍රහණයෙන් මුදා නොහරිමිනි. අග්නිගේ අසිපත ඔහුගේ ගෙල අසලම විය.

දුඹුරු පැහැ අසු වේගයෙන් හසුරමින් පැමිණි තරුණයා අසුනැවතීමත් පෙර බිමට පැන්නේ සිරුරේ සමබරතාවය සාර්ථක ලෙස රදවා පවත්වාගනිමිනි .
නමුත් , හේ ජඨිල නම් නොවීය. ජඨිල මෙන් රතු බද පටියක් මෙකී පුද්ගලයා සතුව නොවී ය. ඔහු හැදසිටි , දීප්තිමත් උත්පල පැහැ වස්ත්‍රයන් හා බාහුව වටා වූ රජත වළල්ල අග්නි සැණින් හැදින්නේ ය.

'' මිධුනාථ ?? මිධුනාථ නොවේ ද එ් ?? '' අග්නි යමක් පැවසීමට පෙර , දීඝ මුනි ශිෂ්‍යයා කෙදිරුවේ ය. අග්නි ඔහුව නිහඩ කලේ ඔහු වෙත තර්ජනාත්මක බැල්මක් හෙලමිනි.

'' මිධුනාථ කුමක්ද මෙහි සිදු කරන්නේ ? '' මේ උද්ධච්ච ඉස්ගෙඩියාගෙන් සැගව කිසිවක් සිදු කිරීමට නොහැකිනේ... '' අග්නි නොරිස්සීමෙන් සිතුවේ ය.

මිධුනාථ සිය අසු ඉක්මනින් වනයෙහි සැගවූවේ ය. ඔහුගේ දෑස් අග්නි මින් පෙර සැගව සිටි ගස වෙත යෙමු විය. මිධුනාථ පුස් වැල ආධාරයෙන් ඉක්මනින්ම ගස වෙත නැගුනේ ඉතාමත් දක්ෂ අයුරිනි . ඔහුගේ හැකියාවන් අග්නි තක්සේරු කලාටත් වඩා ඉස්තරම් විය. නොහොත් , ඔහු සෑම විටම මිධුනාථ අවතක්සේරු කලේ ය .

'' එවිට ඔහුත් ජඨිල පිටුපස ද ? 'නමුත් කුමකට ද ? ඔහු ජඨිල මෙහි පැමිණෙනවග දැනගත්තේ කෙසේ ද ?  '
අග්නිගේ සිතෙහි පැනයන් රාශියක් විය. නමුත් ඔහු කිසිවක් නොපැවසුවේ ය. මෙහි සිදුවන කිසිවක් ඔහුට වැටහී නොයාම ඔහු නොරිස්සුවේ ය.
අග්නිට අනුව , මෙහි සිදුවන සියල්ල ඔහුගේ අනුදැනුම යටතේ සිදු විය යුතු විය.

ඔහු තවත් කුමක් හෝ සිතීමට පෙර මිධුනාථ ආපසු ඉක්මනින්ම ගසෙන් බිමට පැන්නේ ය. නිසැකවම ගස පාමුල ඇවිස්සී තිබූ කොළ රොඩු ඔහුගේ දෑසට හසුවන්නට ඇත . ඔහු එක් දණක් නවා බිමට පහත්ව කුමක් හෝ පිරික්සනු අග්නි දුටුවේ ය. මිධුනාථගේ දෑස් ඍජුවම අග්නි හා මුනි ශිෂ්‍යයා සැගව සිටි පදුරු ගාල වෙත යොමු විය. මිධුනාථ ඍජුව එදෙසට ඇවිද ආවේ ය .

'' සැගවීමේ ක්‍රීඩාව අවසන්.... ! පිටතට පැමිණෙනු.. '' මිධුනාථ ගිගිරුවේ ය. මිධුනාථ මුනිවරයෙක්ද නැතහොත් ඍෂිවරයෙක් ද යන සාධාරණ සැකය අග්නිට මතුවිය . නමුත් අග්නි කිසිවක් නොපැවසුවේ ය. මිධුනාථ තවමත් තමාව නොදුටු වග අග්නිට තහවුරු කර පැවසිය හැකි විය . ඔහු දීඝ සිසුවාද ඇදගෙන නිහඩවම පිටුපසට වූයේ පලායාමට තැත් කරමිනි .

නමුත් තවත් කිසිවක් සිතාගැනීමටත් පෙර අග්නි දණින් ඇදවැටුණේ ය. ඔහුගේ හිස පුපුරා යන තරම් වේදනාව දැඩි විය. ඔහු පමණක් නොව දීඝ ශිෂ්‍යයාද බිම පතිත වී සිටියේ ය. මිධුනාථගේ ප්‍රබල මානසික ප්‍රහාරය මින් පෙර අත්විද ඇත් අග්නිට එය වටහා ගැනීමට අපහසු නොවුණි . ඔහු කෙලෙසකවත් මානසික ප්‍රහාරයක් සදහා සූදානම් සිටියේ නැත. සෑම විටම මිධුනාථගේ මානසික ප්‍රහාරයන් අනතුරු ඇගවීමකින් තොර විය.

අවසානයේ අග්නි අපහසුවෙන් දීඝ සිසුවාද ඇදගෙන පදුරු ගාල අතරින් පිටතට පැමිණියේ ය. මිධුනාථ ඍජුව තමාගේ දෑස් දෙස බලනු අග්නිට පෙනුණි . ඔහුගේ මුහුණෙහි හැගීම් කාළගුණය මෙන් වෙනස් වනු අග්නිට පෙනුණි . ඒවා කියවාගැනීමටත් අපහසු තරම් වේගයෙන් පිටු පෙරළුණු සංකීර්ණ පුස්තකයක මෙන් විය.

'' තමුන් ? ''

සිය හිසින් දැනුණු දරාගත නොහැකි වේදනාව අඩුව යනු අග්නිට දැනුණි . ඔහු අපහසුවෙන් හුස්මක් ගත්තේ ය. නිසැකවම මිධුනාථ තමාව හදුනාගන්නට ඇත.  '' මිධුනාථට ඒසේ නම් දෑස් දෙක පමණක් බැලීමෙන්ද ඕනෑම අයෙකු හදුනාගත හැකියි.. ''  අග්නි තමාටම පවසාගත්තේ ය. නමුත් ඔහු සිය මුහුණු ආවරණ වී තිබූ රෙදි කඩ ඉවත් කිරීමට ද උත්සහ නොකළේ ය. ඔහු සිය මනස සන්සුන් කරගැනීමට හා විසිරී ගිය සිතිවිලි පාලනය කිරීමට සිය පූර්ණ අවධානය යෙදවී ය. මද වෙලාවකින් තමා යථා තත්වයට පත්වනු ඔහුට දැනුණි .

'' මිධුනාථ ?? මේ ඔබ ද ? අතිශයින් දෛවාේපගතයි.. '' අග්නි පැවසුවේ සන්සුන් ලෙස සිනාසීමට තැත් කරමිනි. මිධුනාථ සිය එක් ඇහි බැමක් ඉහළ දැමුවේ ය. ඉන් පසු ඔහු ඉහළ ගත් හුස්ම සන්සුන්ව පහත හෙළනු ද අග්නිට පෙනුණි .

''  තමුන් කුමක්ද මෙහි සිදු කරන්නේ ?  '' මිධුනාථ කෝපයෙන් හා රළුව විමසුවේ අග්නිගේ පහරදීම්වලින් අඩපණ මළසිරුරක් මෙන් පෙනුණු දීඝ ශිෂ්‍යයා දෙස ද බලමිනි .

'' නිහඩවනු මිධුනාථ.. ඔබේ වදන් ප්‍රවේසමින්.. ඔබ දැනුවත් ද ඔබ ඔය ලෙස ආමාන්ත්‍රණය කරන්නේ කා හට ද යනවග ? '' දීඝ ශිෂ්‍යයා බිම වැතිරීව අපහසුවෙන් පැවසුවේ ය.

'' තමුන් නිහඩවනු ! මා හොදින් දැනුවත්..'' මිධුනාථ ගිගිරුවේ දීඝ ශිෂ්‍යයා දෙස බලමිනි .

'' ඔහෝ.. මිධුනාථ ,.. එසේ නම් ඔබ මා හට නොපවසා පැමිණයේ මෙහි ද ? පැවසුවානම් අප දෙදෙනාටම එකටම පැමිණීමට තිබුණානේ.. නමුත් නුඹ කුමක් සදහා ද පැමිණියේ ? '' අග්නි විමසුවේ සරල අයුරින් වුවද , එය හුදෙක් මිධුනාථ මෙහි පැමිණි හේතුව දැනගැනීම පිණිස සිදු කල ප්‍රශ්න කිරීමක් විය.

මිධුනාථ පිළිතුරු දීමට ප්‍රථම ළගින්ම ඇසුණු අශ්ව කුර ගැටෙන ශබ්දය ඔහුව නිහඩ කලේ ය. අග්නිගේ ඉණෙන් දැඩිව අල්ලාගත් මිධුනාථ දීඝ සිසුවාගේද හස්තයෙන් ඇදගෙනම පදුරු ගාල තුල මුවා වූයේ සැනෙකිනි . ඔහු සැඩ සුළගක් මෙන් වේගවත් විය. නමුත් , රාත්‍රීය මෙන් නිසොල්මන් විය.

නිසැකවම මෙවර පැමිණි තැනැත්තා ජඨිල විය. ඔහුගේ පසුපසින් ගීම හා අනෙක් ගිරි ශිෂ්‍යයන් කිහිප දෙනෙකුම විය . ජඨිල හා ගීම සිය මුහුණ ආවරණ කරගෙන සිටියද මිධුනාථ විසින් බිද දැමූ ඔහුගේ හස්තය නිසාවෙන් ඔහුව හදුනාගැනීම අග්නිට අපහසු නොවුණි .

එලෙසම , මද වෙලාවකින් , තද දුඹුරු හා ස්වේත මිශ්‍ර පැහැ අසු පිට නැගුණු පුද්ගලයෙකු සිය අසු ජඨිල ඉදිරියේ නවත්වනු අග්නිට පෙනුණි . ඔහු අසුපිටින් බිමට පැනි ආකාරයට ඔහුත් නිසැකවම සටන් ශිල්පය මැනවින් ප්‍රගුණ කල අයෙකු වග අග්නිට පැවසිය හැකි විය.

''  කව්රුන්ද ඔහු  ? '' අග්නි මිධුනාථ දෙස හැරී විමසුවේ ය.

මිධුනාථ අග්නි දෙසට තර්ජනාත්මක බැල්මක් හෙළුවේ ය. ඔහු තමාට නිහඩවීමට පැවසූ වග හදුනාගැනීමට අග්නිට අපහසු නොවුණි .

මිධුනාථගේ නිදහස් හස්තය තවමත් අග්නිගේ බද වටා එතී තිබුණි . දැන් ඔහු එය මිධුනාථට සිහිපත් කර දීමට  හෝ මුව විවර කලහොත් මිධුනාථ යක්ෂාවේෂ වනු ඇත..

'' කොහි ද කාල ? '' අසුපිටින් බැසි ආගන්තුක පුද්ගලයා විමසුවේ ජඨිලගෙනි. කාල දැන් අග්නිගේ ග්‍රහණයේ සිටින දීඝ අසපු ශිෂ්‍යයා විය.  අග්නි නිහඩව දීඝ ශිෂ්‍යයාට කිසිදු හඩක් නැගිය නොහැකි පරිදි ඔහුගේ ග්‍රහණය දැඩි කලේ ය

'' ඔහු අවැසි නොවේ... ඔහු පිළිබද පසුව වගකිව හැකියි ... '' ජඨිල පැවසුවේ ඔහුගේ නොඉවසිලිවන්ත ස්වරයෙනි.

'' ඔබ රැගෙන ආවාද එය ? '' ආගන්තුක තරුණයා විමසුවේ ජඨිල දෙස රළුව බලමිනි .

'' නොවේ.. වෙනුරාධ මුනි පැවසුවා සියල්ල සූදානම් වග..  තරගාවලියෙහි අවසාන වටය වන විට සිදුවිය යුතු සියල්ල අවසන්ව තිබේවි... අවසන් වටය , ගවේෂණ වටයක්.. '' ජඨිල පැවසුවේ ය.

' එසෙනම්.. මා පිටවන්නම්....
වෛශව අසපුවෙහි , එකී මුනි ශිෂ්‍යයා තවමත් ජීවතුන් අතර නොවේ ද ? ... ඔහුව ජීවතුන් අතර තබාගන්න ...  '' ආගන්තුක තරුණයා පැවසුවේ නැවතත් අසුපිට නැගෙමිනි.

අග්නි මිධුනාථ දෙස විස්මයෙන් බැලූ නමුත් , මිධුනාථගේ දෑස් තවමත් ඍජුව ජඨිල හා අනෙක් තරුණයා දෙසට එල්ලව තිබුණි . ඔහුගේ නළල රැළි ගැන්වූ තිබූ අතර ඔහු කිසිවක්ම නොපැවසුවේ ය.

'' ඒ කුමකට ද ? ඔහුට නිසැකවම පාඩමක් උගන්වනවා මා.. '' ජඨිල කෝපයෙන් පැවසුවේ සිය බිදී ගිය හස්තය දෙස බලමිනි. 

ජඨිල සිය වාක්‍ය අවසන් කරනවාත් සමගින්ම ආගන්තුක තරුණයාගේ අසිපත ඔහුගේ ගෙල අසල විය . ජඨිල ඉක්මනින්ම නිහඩ විය .

අග්නි එකී අසිපත එක් ක්ෂනිකයෙන් හැදින්නේ ය. ඔහුගේ සිරුරම වෙව්ලා යනු අග්නිට දැනුණි . අදුරු රාත්‍රියක මෙකී අසිපත් තලයෙන් සිය මෑණියගේ රුධිරය ගලා යනු අග්නිට මැවී පෙනෙන්ට විය. අග්නිගේ අසිපත ඔහුගේ වමතෙහි තදව තිබුණි . තමා කෑගසා හඩද්දී මෙකී අසිපත තමාගේ ගෙල දෙසට පහත්වනු ද , තමා වෙනුවට සිය ගුරුවරයා වූ වාගිෂ්ඨ මුනි අසිපත් පහරින් මියයනු ද අග්නිගේ දෑස් ඉදිරියේ මැවෙන්නට විය . ඔහු වසර ගණනාවක් තිස්සේ සෙවූ පුද්ගලයා දැන් තමාගේ දෑස් ඉදිරියේ විය.

නමුත් ඔහුට සෙලවීමටවත් නොහැකි වන සේ තමාගේ බද වටා එතී ඇති මිධුනාථගේ හස්තය මෙකී ආගන්තුකයා වෙත පහර දීමට  බාධාවක් විය. නමුත් අග්නි මිදීමට උත්සහ කලේ ද නැත. අනෙක් අතට , එතරම් පහසු මරණයක් ඔහුට කෙලෙසකවත් හිමි නොවිය යුතුවග අග්නිගේ සිත පැවසුවේ ය.  ඔහුගේ දෑත් වෛරයෙන් මිට මෙලවුණ නමුත් ඔහු කිසිවක්ම නොපැවසුවේ ය.

තමාට අවශ්‍ය පුද්ගලයාගෙන් පළිගැනීමට නොහැකි තරම් ඔහු දුර්වලයෙකු යන හැගීම අග්නිගේ සිත පුරා පැතිර යන්නට විය.

'' කුමක්ද නුඹ පැවසුවේ ? '' ආගන්තුක තරුණයා රෞද්‍රව විමසනු අග්නිට ඇසුණි .

'' හො - හො- දයි.. ඔහුව ජීවතුන් අතර තබන්නම්... '' ජඨිල ඉක්මනින්ම පැවසුවේ අසිපත දෙසට බියජනක බැල්මක් හෙලමිනි .

'' එසේ නම්.. හෙට දින කලාත්මක වටයෙන් හමුවමු... ජඨිල වෙත පැවසූ තරුණයා අසු වනයෙහි අනෙක් පසට ධාවනය කලේ ය.

අග්නිගේ සිතිවිලි සංකීර්ණ විය. සක්වල චක්‍රය පිටුපසින් ලුහු බදින එකම පුද්ගලයා තමා පමණක් නොවන වග ඔහුට වැටහී යන්නට විය. නමුත් , එකී සියල්ලටම වඩා තමා වේගවත් විය යුතු විය.

අග්නිගේ ප්‍රහාරයන්වලින් හෙම්බත් වූ මුනි සිසුවා ඔහේ බිම වැතිර සිටියේ ය. ගිරි ශිෂ්‍යයන්ද පිටව යනතුරු මිධුනාථගේ පූර්ණ අවධානය ඔවුන් වෙත විය. තමාගේ වමත තවමත් අග්නිගේ බද වටා වග දුටු මිධුනාථගේ නළල රැළිගැන්වෙනු අග්නිට පෙනුණි . ඔහුගේ දෑස් ද විස්මයෙන් ඉහළ ගියේ ය . ඔහු අග්නිව පසෙකට තල්ලු කලේ අනුකම්පා විරහිත හා පිළිකුල් සහගත කෝපය මුසුවූ බැල්මකිනි. මෙවර මිධුනාථගේ කන් පෙති ද රත් පැහැ ගැන්වී තිබෙනු අග්නිට පෙනුණි .
නමුත් අග්නි කිසිවක් නොපැවසුවේ ය. ඔහුගේ ද බැල්ම රෞද්‍ර විය . ඔහු සිය අසිපත ද රැගෙන නැගී සිටියේ මිධුනාථ හා දීඝ ශිෂ්‍යයාව නොසලකා හරිමිනි .

සිය නිරුපද්‍රිත හස්තයට අසිපත ගත් අග්නි අසල තිබූ විශාල අරළු ගසෙහි කදට ප්‍රහාරයක් එල්ල කලේ කෝපයෙනි . සිය සුරත ආබාධයට ලක්ව ඇතිවග මදකුදු නොතැකූ අග්නි අසිපත දෑතින්ම අල්ලා දෙවෙනි පහර ද අරළු ගසෙහි කද වෙතට එල්ල කලේ ය. සිය සුරතින් නැගුනු දැඩි වේදනාව ඔහුට මද සැනසීමක් එක් කලේ ය. නමුත් ඔහු නැවතත් පහර දීමට පෙර මිධුනාථ සිය සුරතෙහි වැලමිට අසලින් අල්ලාගනු අග්නිට දැනුණි .

'' අනෙක් හස්තයෙන් පමණක් වැරෙන් පහර දෙන්න.. '' මිධුනාථ පැවසුවේ අග්නිගේ වමත සිය දෑස් ආධරයෙන් පෙන්වමිනි.

අග්නි අසීරුවෙන් සිනාසුණේ ය. මිධුනාථ තමාව වැළැක්වීමට උත්සහ කලේ නැත.
අග්නි නැවතත් වමතින් පහර දුන්නේ ය . ඔහුගේ කෝපය නිවී යනතුරුම පහර දුන්නේ ය. ගසෙහි කදෙහි තියුණු කැපුම් පහරවල් රැසක් නිර්මාණය වන තුරුම පහර දුන්නේ ය. අඩ හෝරාවක් පමණ සියලු කෝපය පිට කලේ ය .

අග්නි පහර දීම අවසන් වන තුරුම මිධුනාථ ඔහුට සුරත භාවිත කිරීමට නොහැකි වන අයුරින් වැලමිට අසලින් මෘදුව අල්ලාගෙන සිටියා මිස කිසිවක්ම නොපැවසුවේ ය.

තමා නිර්මාණය කල , කැපුම් රැසක් පිරි අරළු කද දෙස අග්නි බලා සිටියේ ය. නිසැකවම , තමාගේ මවගේ හා ගුරුවරයාගේ මරණයට වගකිව යුතු පුද්ගලයා මෙයට වඩා දරුණු අකාරයෙන් මිය යා යුතු විය .

.
.
.
.

~ මතු සම්බන්ධයි ~

'


Continue Reading

You'll Also Like

4.5K 967 8
අග්නි පසුබිම් කතාංගයකි. ( එය නොකියවීම මෙය කියවීමට බාධාවක් නොවන වග සලකන්න )
463K 48.5K 169
ဘာသာပြန်သူ- ညိမ်းမြတ် ဇာတ်လမ်းအကျဉ်း "ယွမ်ယွမ် မင်းက ကမ္ဘာကြီးကို မုန်းရင် ကိုယ် မင်းနဲ့အတူ နယ်မြေတွေကို သိမ်းပိုက်မယ်။" "ကျွန်မက ကမ္ဘာကြီးကို ချစ်တယ...
547K 64K 183
Divine doctor : Daughter of the first wife [ မြန်မာ ဘာသာပြန် ] Author : 杨十六 (Yang Shi Liu) English Translator : Spring Rain Translations Group Discla...
18.7K 5.4K 31
අඩ වශයෙන් පියවුණු දෑසින් යුතු නග්න නිරූපණ ශිල්පියෙකුගේ සහ ඔහුගේ සිත්තමක් කිරීමට පැමිණි සිතුවම් ශිල්පියාගේ වෙළුණු දෑඟිලි වල කතාව. Nudity Is An Art පර...