'සමනල් දෝණි යනවා අන්න!' තවත් ළමයෙක්ගේ හඬක් මට ඇහුණා.
ආයෙත් සැරයක් මේ වදේ... ඇයි මෙහෙම.
ඇයි මගේ අම්මට බැරි අනික් අම්මලා වගේ තාත්තෙක් ගේන්න?
කන් දෙක අතින් වහගත්තු මම පන්තියට ඇතුල් වුණා. තවත් එක මූසල දවසක්. හුසමක්වත් ගන්න නැති අඳුරු මූසල දවසක්.
ඒ මදිවට අද උදේම ගණිතය. ගණිතය උගන්නන සමන්මලී මිස්ට මාව පේන්න බැහැ. එයා මට පන්තිය මැද්දේ සමනලී කියලා විහිළු කරනවා.
සීනුව වදිනවත් එක්කම ඉස්කෝලේ පටන් ගත්තා. සමන්මලී මිස් පන්තියට ආවා.
'ආයුබෝවන් ගුරු මෑණියනි.'
වෙනදා වගේම මම පන්තියේ කොණකින් වාඩි වුණේ කටෙවත් ඇහැ නොගැටී ඉන්නයි. කියන වචන ගැන මට ලොකු තේරුමක් නොතිබුණත් වෙන දේවල් වලට මම කැමති නැති බව මට තේරුණා.
'කෝ නැද්ද අද අපේ සමනලී?' සමන්මලී මිස් ටික වෙලාවකින් ඇහුවේ මාව දැක්කේ නැති නිසා වෙන්න ඇති.
තවත් පන්තියේ මුල්ලට ගුලි වෙන එකනේ වුණේ හැමෝම මං දිහා බලපු එකයි.
___________________
'අම්මේ!' මම අඬන්න ගත්තා. 'ඇයි ඔයාට තාත්තා කෙනෙක් ගේන්න බැරි?'
අම්මා රැව්වා. 'මිනිස්සු කියන දේවල් ගණන් ගන්න එපා නෙහාරා. ආදරේ කියන්නේ ආදරේමයි.'
මම සද්ද නැතුව පැත්තකට වෙලා ඒක කල්පනා කළා. ඇත්ත තමයි.
අපි හැමෝටම ආදරේ කරන්න අයිතිය තියනවා. අපි කැමති කෙනෙක්ට. ඒත් ඇයි මිනිස්සුන්ට ඒක සරලව දකින්න බැරි.
ඇයි එයාලා ඒකට විරුද්ධ වෙන්නේ?
අවුරුදු දොළහක මට ඒක තේරුම් ගන්න හුඟක් අමාරු වුණා.
ඒත් අනික් අය කියන දේවල් ගණන් නොගෙන මම මගේ අම්මලා දෙන්නම එක්ක සතුටින් ඉන්න තීරණයක් ගත්තා. අම්මා එක්ක හිටපු අනික් අය ගියා වගේ මගේ කුඩම්මා යන එකක් නැති වෙයි කියලයි මම හිතුවේ.
ඇත්තටම මම කුඩම්මට හුඟක් කැමති වෙලා හිටියා. එයා හරි හොඳ කෙනෙක්. මට හුඟක් ආදරේ කළා.
ඒත් ඒ හැමදේම වෙනස් වෙන්න එක විනාඩි පහළවක් ඇති වුණා.